මතුගම සෙනෙවිරුවන් ගේ වියමනක්.
රජයේ ජන සංගණන වාර්තා නිරීක්ෂණය කරන කල්හි මේ බැව් දත හැකිය. කෙසේ වෙතත් සේරුවිල ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ ප‍්‍රතිසංස්කරණය කිරීමේ අදිටනින් දකුණේ සිට නැගෙනහිරට ගිය සිංහල වාණිජයන් නිසා මේ පෙදෙස් යළි පිබිදෙන්නට වූයේය. ඒ පිබිදීම අඩපණ කරමින් නැගී සිටි දෙමළ ත‍්‍රස්තවාදය නිසා වාණිජ ආධිපත්‍ය දැරූ සිංහලයන්ට අවතැන් වීමට සිදු විය. මුහුදු මහා විහාරය පමණක් නොව නැගෙනහිර සියලූ ඓතිහාසික සිද්ධස්ථානයන් අවදානමකට ලක් වන්නේ එතැන් සිටය.
ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් පිරිස මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍යය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්ත්වය තුළ රජයට තවත් කරබාගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැඳුරක් ද එයට ප‍්‍රවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ. මෙයට හේතු වූයේ මුහුදු මහා විහාරයට ප‍්‍රවිශ්ඨ වීමට තිබූ පැරණි මාවත දෙපස ඉඩම් අල්ලා ගෙන යන එන වාහන වලට කරදර පැමිණවීමට කටයුතු කිරීමයි. අලූතෙන් මාවතක් ඉදිවී විහාරස්ථානය සංවර්ධන වීම නිසා කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.
යහපාලන රජය සමයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් නියෝගයක් නිසා උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ කටයුතුද ගැසට් කිරීමේ කටයුතු ද අත්හිටුවින. ඒ යුගයේ දී සාම්පූර් දාගැබ තිරුකෝවිල් සහ සාගම දාගැබ් ඩෝසරයට යට කරන ලද්දේ අන්තවාදීන්ගේ ඉඩම් තණ්හාවට ඉලක්කයක් වෙමිනි. මේවායින් ලැබුණු ඇතැම් පුරාවස්තු අදටත් උසාවි වල නඩු භාණ්ඩ වශයෙන් පවතින බව මතක් කළ යුතුය.
වත්මන් රජය පත් කිරීමට මූලික හේතුවක් වූයේ මෙරට ජාතික උරුමය සංරක්ෂණයට ආරක්ෂාවට ලැබෙන අනුග‍්‍රහය පිළිබඳ විශ්වාසයකිනි. කූරගල සහ මුහුඳු මහා විහාරය වැනි තැන් සංවර්ධනය වන්නේ ඒ අනුග‍්‍රහය නිසා බව බහුතරයකගේ අදහසයි. එහෙත් ඒ තත්ත්වය සැම තැනකම දක්නට නැත. පුරාවිද්‍යා කටයුතු පිළිබඳ නැගෙනහිර කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙන්නේද පෙර කී අරමුණු සාක්ෂ්‍යාත් කර ලීම පිණිසමය. වත්මන් රජය යටතේ මුහුදු මහා විහාර භූමිය නැවත ගවේෂණය කරන ලද අතර එහි වාර්තාව 2020 ජූලි මස 21 දින නිකුත් වී ඇත. එම වාර්තාව ප‍්‍රකාරව මුසල්මානුවන් වෙත ලබා දී තිබූ ඉඩම්වල භූ අභ්‍යන්තර ගවේෂණයක් නවීන තාක්ෂණය යොදා කිරීමට යෝජනා වී තිබුණි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත යළිත් මුස්ලිම් බලවතුන්ගේ දේශපාලන කප්පම් වලට වත්මන් ආණ්ඩුව යටවීමේ ප‍්‍රවනතාවක් ඇති වී තිබේ යැයි සැකයක් මතු වී ඇත.
මතුගම සෙනෙවිරුවන්
මුහුදු මහා විහාරය දේශපාලනික වෙලා.
වපසරිය පිලිබදව වචනෙන් දෙකෙන් පලකරන අදහස් මුණු පොතේ
එහාට මෙහාට යනවා.
පුන්නක්කු සාඩින් වහල්ලු මේ කී නොකී හැම දෙනාම කර්කෂක
වාක්‍ය පොල්ලෙන් ගැහුවා වගේ අත හරිනවා.
මගේ උගත් මිත්‍රයෝ සහෝදරයෝ කීප දෙනෙකුත් මේකට
හවුල් වෙලා ඉන්නවා මම කියෙව්වා.
මට දුක හිතුනා අපේ උරුමය ගැන මේ ඇත්තෝ
ඇයි දේශපාලන පිල් බෙදා ගෙන පිලිකුල් ලෙස මරා ගන්නේ කියලා
මම 2011 ඔක්තෝම්බර් මාසේ කරන ලද සංචාරකයින්
පස්සේ
මීදුම බ්ලොග් අඩවිය https://www.blogger.com/blogger.g?blogID=8239596016458743030#editor/target=post;postID=5284353654966504710;onPublishedMenu=publishedposts;onClosedMenu=publishedposts;postNum=316;src=postname වෙත ලියන ලද සටහනක්
මේ තියෙන්නේ.
“පොතුවිල් මුහුදු මහා විහාරය. නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ .
පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ. අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.
කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත.
මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත.
මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.
1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි.
මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.
මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.
මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.
ශ්‍රී ලාංකිකයෝ ලෙස මෙවැනි ඓතිහාසික ස්ථානයන් සුරකීමට ආගම් ජාති පටලවා ගත යුතු නැති බව
මිදුම අදහස් කරයි.””
අන්තර් ජාලයට පිවිසෙන්න මීට වඩා තොරතුරු දැන් තියෙනවා.
notes of imaginary
.jpg)

















