පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-06-03

මිනිස්සුන්ව අදුරගන්නේ කොහොම ද ? .




මිනිස්සුන්ව අඳුර ගන්න එක ලේසි නෑනේ,
හැබැයි මේ කියන දේවල් ටික ටිකක්,
ඔළුවට ගත්තොත් කාගේ කාගේත් ඇතුළාන්තය, ලේසියෙන්ම කියවගන්න පුළුවන් වේවි.
01....
ඊර්ෂ්‍යාකාරයෝ හැමතිස්සෙම,
රිංගන්නේ යටින්.
කෙනෙක් දිනනකොට දියුණු වෙනකොට, ඇත්තටම සතුටු වෙන්න මු#න්ට බෑ.
උඩින් හිනා වුණාට,
ඕක මොකක්ද අනේ ගාලා,
අනුන්ගේ ජයග්‍රහණ,
බාල කරන්නමයි බලන්නේ.
ඒ තමන්ගේ හිතේ තියෙන,
කුහකකම වහගන්න.
02....
කපටියෝ කතා කරන්නේ මීපැණි වගේ.
හැමතිස්සෙම ඔයාව,
ඕනවට වඩා වර්ණනාව කරන,
වන්දනාමාන කරන අය ගැන,
පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න.
මොකද හැම,
පැනි කතාවක් පිටිපස්සෙම අවංකකමක් නෑ.
ඒ නිසා චාටුවට රැවටෙන්නේ නැතුව, මිනිස්සුන්ගේ හැසිරීම් දිහා බලන්න.
03....
නියම ගතිගුණ තියෙන මිනිස්සු,
වැඩ කරන්නේ සද්ද නැතුව.
කාට හරි උදව්වක් කරලා ඒක ලෝකෙටම,
ඩෝල ගහලා පේන්නන්න මු#න් යන්නේ නෑ.
ඇත්තටම හොඳ හිත් තියෙන මිනිස්සු,
කාටවත් නොදැනෙන්න,
නිහඬවම උදව් කරලා අයින් වෙනවා.
04....
ඇත්තම වීරයෝ තමන්ගේ බය පිළිගන්නවා.
හිත හයිය මිනිස්සු කියන්නේ,
කිසිම බයක් දැනෙන්නේ නැති,
රොබෝලා නෙවෙයි.
බය දැනෙද්දිත්,
ඒ බයට මූණ දීලා ඉස්සරහටම,
යන එකයි නියම වීරකම.
05....
හිතේ සතුටක් නැති උ#න් හැමතිස්සෙම,
කරන්නේ අනුන්ට ඇඟිල්ල දික් කරන එක.
තමන්ගේ ජීවිතේ අසාර්ථක,
කිසිම සැනසීමක් නැති මිනිස්සුන්ට තියෙන, ලොකුම අමාරුව අනුන්ගේ වැරදි හොයන එක.
උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ,
අනුන්ට දොස් කිය කියා ඉන්න එක විතරයි.
06....
වටිනා මිනිස්සු කතා කරන්නේ
අලුත් අදහස් ගැන.
පරිණත මොළයක් තියෙන මිනිස්සු,
කතා කරන්නේ තමන්ගේ දියුණුව,
අලුත් දේවල් සහ වටිනා අදහස් ගැන විතරයි.
උ#න් කවදාවත්,
හන්දියක් හන්දියක් ගානේ ගිහින්,
අනුන්ගේ පවුල් ජීවිත ගැන,
ඕපදූප හොයන්නේ නෑ.
07....
දුර්වල මිනිස්සු හැමතිස්සෙම බලන්නේ,
පලිහක් කරගන්න කෙනෙක්ව.
තමන් අතින් වැරැද්දක් වුණාම,
ඒක පිළිගන්න මු#න්ට පපුවක් නෑ.
ඒ වෙනුවට කරන්නේ,
මේ#කා නිසා තමයි ඕක වුණේ කියලා,
වෙන කෙනෙක් පිට වරද පටවලා,
ඇඟ බේරගන්න එක.
08....
ශක්තිමත් මිනිස්සුන්ට පුළුවන් සමාව දෙන්න.
ඒ අය සමාව දෙන්නේ,
තමන් බයගුල්ලෝ නිසා නෙවෙයි.
තමන්ගේ හිතේ තියෙන සාමය සහ සැනසීම, අනුන්ගේ වැරදි නිසා පලිගැනීමේ ක්‍රෝධයකින්, නාස්ති කරගන්න අකමැති නිසයි.
09....
මෝ#ඩයෝ හිතාගෙන ඉන්නේ,
උ#න් ඔක්කොම දන්නවා කියලා.
දැනුම අඩු, මොළය පා#දඩ මිනිස්සුන්ගේ,
ලොකුම ලෙඩේ තමයි,
තමන් තරම් වැඩ්ඩෙක් තවත් නෑ,
කියලා හිතන එක.
හැම දේටම පණ්ඩිත කතා කියන්න,
උන් දුවගෙන එනවා.
10....
බුද්ධිමත් අය දන්නවා,
නිහඬව ඉන්න ඕන වෙලාව.
හැම දේටම කට දාන්න යන්නේ නෑ.
සමහර වෙලාවට දහසක් වචන වලට වඩා, නිහඬව ඉන්න එකෙන් ලොකු,
බුද්ධිමත්කමක් පේනවා කියලා උ#න් දන්නවා.
11....
හො#රු හැම තිස්සෙම දෙන්නේ පොරොන්දු.
විශ්වාසවන්තකමක් නැති මිනිස්සු කරන්නේ, ලොකු ලොකු ටෝක්ස් දෙන එක.
මං ඒක කරලා දෙන්නම්,
මේක කරලා දෙන්නම් කියලා,
අහස උසට පොරොන්දු දීලා,
ලේසියෙන්ම මිනිස්සුන්ව රවට්ටනවා.
12....
සතුටින් ඉන්න මිනිස්සු,
අනුන්ගේ ජීවිත වලට හොට දාන්නේ නෑ.
තමන්ගේ පාඩුවේ,
තමන්ගේ සතුටු ලෝකයක් හදාගෙන ඉන්න අය, කවදාවත් අනුන් කරන කියන,
දේවල් පස්සේ එළවන්නේ නෑ.
උ#න් උ#න්ගේ ගමන නිදහසේ යනවා.
13....
ආත්ම විශ්වාසයක් නැති උ#න්,
හැමතිස්සෙම බලන්නේ අනුන්ගේ සහතික.
තමන් ගැන තමන්ටම ෂුවර් නැති වුණාම,
මං හොඳයි නේද..?,
මං කරපු දේ ලස්සනයි නේද..? කියලා හැමෝගෙන්ම අහ අහ වැඳ වැටෙනවා.
උ#න්ට අනුන්ගේ ප්‍රශංසාව නැතුව,
ජීවත් වෙන්න බෑ.
14....
පරිණත මිනිස්සු ප්‍රශ්න වලදී,
කලබල වෙන්නේ නෑ.
ඕනෑම කෙනෙක්ට ජීවිතේ,
ලේසි කාලෙදි හොඳට ඉන්න පුළුවන්.
හැබැයි නියම මනුස්සකම සහ,
පෞරුෂය පේන්නේ,
ප්‍රශ්න වැලක් පිටින් කඩාගෙන වැටෙද්දිත්,
ඒවට නොසැලී මූණ දෙන විදිහෙන්.
15....
අවංක මිනිස්සු හැමදාම එක වගේ.
කවුරු බලන් හිටියත් නැතත්,
උ#න්ගේ වැඩ සහ කතාව එකම විදිහයි.
මිනිස්සු ඉස්සරහා,
රඟපාන නාට්‍ය උ#න් ගාව නෑ.
16....
උපක්‍රමශීලී මිනිස්සු හැමතිස්සෙම කරන්නේ, ඔයාව වංකගිරියක අතරමං කරන එක.
උ#න් කතා කරන්නේ,
ඔයාගේ ඔළුව අවුල් වෙන විදිහට.
තමන්ගේ වැරදි වහගන්න කතා මාරු කරලා, අන්තිමට වැරැද්ද කලේ ඔයාමයි කියලා,
ඔයාටම හිතෙන තැනට වැඩ සිද්ධ කරනවා.
17....
නුවණක්කාරයෝ කතා කරනවට වඩා,
අහන් ඉන්නවා.
වැඩිය කතා නොකර,
වටපිටාව දිහා බලාගෙන ඉන්න කෙනා තමයි, මිනිස්සුන්ව හොඳටම කියවන්නේ.
මොකද කතා කරනවට වඩා අහන් ඉන්නකොට, සත්‍යය ලේසියෙන්ම අහුවෙනවා.
18....
හොඳ මිනිස්සු ළඟ ඉන්නකොට,
හිතට මාර නිදහසක් දැනෙනවා.
ඒ වගේ අය ළඟ ඉන්නකොට බයක්, සැකයක්, රඟපෑමක් ඕන වෙන්නේ නෑ.
හරිම ගෞරවනීය, සරල, ආරක්ෂිත හැඟීමක්, විතරයි දැනෙන්නේ.
#අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ,
කාලයත් එක්ක හැම මනුස්සයෙක්ම තමන්,
කවුද කියලා ඔප්පු කරලා පෙන්වනවා.
ඒ නිසා මිනිස්සුන්ගේ රටාවන් දිහා බලන්න.
උ#න් දිගටම එක වගේ,
ඉන්නවද කියලා බලන්න.
කිසිම වාසියක් නැති වෙලාවට උන් අනිත් අයට, සලකන විදිහ දිහා බලන්න.
කෙනෙකුගේ නියම ගතිගුණය තියෙන්නේ,
කටින් කියවන වචන වල නෙවෙයි...
එයා දිනපතාම සද්ද නැතුව,
කරන ක්‍රියාවන් ඇතුළේ.

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-31

විශ්‍රාම වැටුපෙන් බාගයක්ම බේත්වලට යනවාද?



විශ්‍රාම වැටුපෙන් බාගයක්ම බේත්වලට යනවාද? 
ඉන්දියාවෙන් අපිට ඉගෙනගත හැකි පාඩම් සහ ලංකාවේ ඇති විසඳුම් මෙන්න.
මාසික විශ්‍රාම වැටුප හෝ ස්ථාවර ආදායම කළමනාකරණය කරගන්න අපේ වැඩිහිටි පරපුර අද වෙනදාටත් වඩා ලොකු සටනක් දෙනවා. ඒ අතරින් බහුතරයකට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දියවැඩියාව, අධික රුධිර පීඩනය, සහ කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන් සඳහා මාසිකව ගන්නා ඖෂධවලට යන අධික වියදම.
බොහෝ විට එකම නගරයේ ෆාමසි තුනකට ගියොත් එකම බෙහෙතට මිල ගණන් තුනක්. මිල දර්ශනයක් පෙනෙන්නට නැහැ. පෞද්ගලික සායනවලදී සමහරවිට වෛද්‍යවරුන් ලියා දෙන්නේ රසායනික නාමය (Generic Name) වෙනුවට මිල අධික වෙළඳ නාමයන් (Trade Names). මේ නිසා සාමාන්‍යයෙන් රුපියල් 20කට ගන්න පුළුවන් බෙහෙතට රුපියල් 60ක් 70ක් ගෙවන්න සිද්ධ වෙනවා.
අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මුදල් ඉතිරි කරගැනීම වෙනුවෙන් වෘත්තීය මට්ටමින් දැනුවත් විය යුතු කරුණු කිහිපයක් මෙන්න.
ඇස් අරවන ඉන්දීය ක්‍රමය: "ජනඖෂධි" (Janaushadhi) වැඩසටහන
අප මුහුණ දෙන මේ ගැටලුවට ඉන්දියාව ඉතා සාර්ථක සහ විනිවිදභාවයකින් යුත් විසඳුමක් ලබා දී තිබෙනවා. එය අපට හොඳ මාර්ගෝපදේශනයක්:
රසායනික නාමයෙන්ම ලියාදීම:
ඉන්දියාවේ වෛද්‍යවරුන්ට රෝගීන්ට බෙහෙත් ලියා දීමේදී වෙළඳ නාම වෙනුවට එහි අඩංගු මූලික රසායනික නාමය (Generic Name) ලිවීම අනිවාර්ය කර තිබෙනවා.
50% සිට 90% දක්වා මිල අඩු වීම:
රජය මැදිහත් වී "ජනඖෂධි කේන්ද්‍ර" නමින් ෆාමසි ජාලයක් පවත්වාගෙන යනවා. එහි විකුණන්නේ ප්‍රචාරණ පිරිවැය සහ අතරමැදි කොමිස් ඉවත් කළ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) තත්ත්ව සහතික ලත් ඖෂධයි. එම නිසා මිල සාමාන්‍ය වෙළඳපොළට වඩා බාගයකටත් වඩා අඩුයි.
ඩිජිටල් විනිවිදභාවය:
ඔවුන් සතුව සරල ජංගම දුරකථන යෙදවුමක් (App) තිබෙනවා. ඕනෑම කෙනෙකුට තමන්ගේ මිල අධික බෙහෙතේ නම එහි සෙවීමෙන්, ඊට සමාන රජයේ සහතික ලත් අඩු මිල ඖෂධය සහ එහි මිල බලාගත හැකියි.
ලංකාවේ සිටින ඔබට ඇති හොඳම සහ සහනදායී විකල්ප මොනවාද?
ලංකාවේ තවමත් ඉන්දියාවේ වැනි ජංගම යෙදවුම් පද්ධතියක් පුළුල්ව ක්‍රියාත්මක නොවුණත්, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට ගරු කරමින්, අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන ලබාගත හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා:
1. රාජ්‍ය ඔසුසල (SPC) ජාලය උපරිමයෙන් භාවිත කරන්න
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) මඟින් පවත්වාගෙන යන රාජ්‍ය ඔසුසල් (Rajya Osu Sala) මඟින් උසස් තත්ත්වයේ ඖෂධ සහ රසායනික (Generic) ඖෂධ ඉතා සාධාරණ පාලන මිල ගණන් යටතේ ලබාගත හැකියි.
ඔබ කළ යුතු දේ:
පෞද්ගලික වෛද්‍යවරයකු මිල අධික වෙළඳ නාමයකින් බෙහෙත් ලියා තිබුණත්, ඔසුසල් කවුන්ටරයේ සිටින සුදුසුකම් ලත් ඖෂධවේදියාගෙන් (Pharmacist), "මේ රසායනික සංයෝගයෙන්ම යුත් SPC අනුමත වඩාත් සහනදායී වෙනත් සන්නාමයක් හෝ Generic බෙහෙතක් තිබෙනවාද?" කියා විමසන්න.
2. ඔබේ අයිතිය හඳුනාගන්න (NMRA මිල පාලනය)
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මඟින් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වැනි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසකට උපරිම සිල්ලර මිලක් (MRP) නියම කර ගැසට් කර තිබෙනවා. කිසිදු පෞද්ගලික ෆාමසියකට එම මිල ඉක්මවා යා නොහැකියි.
ඔබ කළ යුතු දේ:
ඊළඟ වතාවේ වෛද්‍යවරයා හමුවූ විට ඉතා ගෞරවනීය ලෙස මෙසේ ඉල්ලා සිටින්න: "දොස්තර මහත්මයා, මම හැමදාම ගන්න මේ බේත්වල Generic (රසායනික) නම ඖෂධ වට්ටෝරුවේ ලියලා දෙන්න පුළුවන්ද? එතකොට මට ෆාමසියෙන් මගේ බජට් එකට ගැළපෙන එකක් තෝරගන්න පුළුවන්." බොහෝ වෛද්‍යවරුන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආර්ථික අපහසුතා තේරුම් ගෙන ඊට එකඟ වෙනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කෙටි මාර්ගෝපදේශයක්:
Generic නම ඉල්ලන්න:
වෛද්‍යවරයා ලියන බෙහෙතේ ප්‍රධාන රසායනික නාමය කුමක්දැයි අසා දැනගන්න.
ෆාමසියෙන් විමසන්න:
"මේ බෙහෙතේම මීට වඩා මිලෙන් අඩු, රජයේ ලියාපදිංචි වෙනත් වර්ග තිබෙනවාද?" යන්න ෆාමසිවලින් විමසීමට පැකිලෙන්න එපා. එය ඔබේ අයිතියක්.
එකම තැනකින් ගන්න:
මාසික ඖෂධ හැකිතාක් රාජ්‍ය ඔසුසලකින් හෝ මිල ගණන් නිවැරදිව ප්‍රදර්ශනය කරන විශ්වාසවන්ත ෆාමසියකින් පමණක් මිලදී ගන්න.
මාත්‍රාව වෙනස් නොකරන්න:
මිල අධිකයි කියා වෛද්‍ය උපදෙස් රහිතව බෙහෙත් පෙති දෙකට කපා බීම හෝ දින හැර දින බීමෙන් වළකින්න. එය ඔබේ සෞඛ්‍යයට අනතුරුදායකයි.
සුවපත්, නිරෝගී මෙන්ම ආර්ථික වශයෙන් සුරක්ෂිත ජ්‍යෙෂ්ඨ කාලසීමාවකට අප සැමගේ ප්‍රාර්ථනා!








(මෙම තොරතුරු ඔබේ හිතවතුන්, දෙමාපියන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැනුවත් කිරීම සඳහා Share කරන්න.)A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-30

වෙසක් පුන් පොහෝ දිනය අදයි



වෙසක් පුන් පොහෝ දිනය අදයි
වෙසක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය යි. බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මෙහිදී සමරනු ලැබේ. එම අවස්ථා නම් සිද්ධාර්ථකුමාරෝත්පත්තිය,ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම,පරිනිර්වාණය යන අවස්ථා ත්‍රිත්වය යි.
01.බුදුන් වහන්සේගේ උපත සිදුවීම
02.බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම
03.බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම
04.කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම
05.බුදුන් වහන්සේ තුනවැනි වරට ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම
06.ආනන්ද හිමියන් පිරිනිවන් පෑම
07.සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම
08.බොහෝ සිංහල බෞද්ධ රජවරු සිය අභිෂේක මංගල්‍ය සිදු කිරීම
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූයේ කිතු උපතට වසර 624 කට පෙර (ක්‍රි.පූ.624 දී) උත්තර භාරතයේ (උතුරු ඉන්දියාවේ) ලුම්බිණි ග්‍රාමයේ සල් උයනක දී යැයි පිළිගැනේ. ඒ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී ය. ශාක්‍ය වංශික සුද්ධෝදන රජතුමා හා මහාමායා දේවිය උන්වහන්සේ ගේ මව්පියෝ වූ හ. උපතින් සත් දිනකට පසු මහාමායා දේවිය මිය ගිය නිසා එතැන් සිට ළදරු කුමරා පෝෂණය කර,හදාවඩා රැකබලා ගත්තේ මහා ප්‍රජාපතී ගෝතමිය යි. ඇය මහාමායා දේවියගේ සහෝදරිය යි. නාමකරණ මංගල්‍යයට ආ බ්‍රාහ්මණයෝ දේහ ලක්ෂණ හා තත්කාල හෝරා ආදී දේ අනුව බලා මේ කුමරා දිනෙක ලෝකයට අර්ථයක් සිද්ධ කරන බව දැක සිද්ධාර්ථ යන නාමය සුදුසු යැයි ප්‍රකාශ කළහ. එතැන් සිට මේ පින්වත් කුමරා සිද්ධාර්ථ කුමාරයා යැයි ප්‍රකට විය. ගෝත්‍රයෙන් ගෝතම නම් වූ නිසා සිද්ධාර්ථ ගෞතමයෝ යැයි ද ප්‍රකට වූහ.
නෛමිත්ත පාඨකයන්ට අනුව මේ කුමරා යම් දිනක ගිහිගෙය හැර ගොස් ආධ්‍යාත්මික දිවියක් ගත කරන්නේ යැයි රජතුමා විශ්වාස කළ නිසා කෙසේ හෝ කුමාරයා ගිහිගෙයි නතර කරවා ගැනීමට අවශ්‍ය සියල්ල සූදානම් කළේ ය. අවට ලෝකය දැකීමට කුමරාට අවස්ථාවක් නො දීම පිණිස මාළිගා භූමිය තුළ සියල්ල සම්පාදනය කළේ ය. එවක උත්තර භාරතයේ සිටි උසස් ම බමුණු ගුරුවරයෙකු වූ සර්වමිත්‍ර නම් බමුණා මාළිගයට ගෙන්වා කුමරාට ශිල්ප ලබා දුන්නේ ය. පුරාණ භාරතීය සිරිතට අනුව වයස අවුරුදු 16 පිරුණු සැනින් සරණ මංගල්‍යය ද සිදු කළේ ය. ඇය කෝලිය කුලයේ යශෝධරා නම් කුමාරිය යි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ සරණ මංගල්‍යය දිනයේ ම නව මාළිගයකට පිවිසීමත්, රාජාභිෂේකයත් යන අවස්ථා ත්‍රිත්වය ම උදා කර දීමට සුද්ධෝදන රජු කටයුතු කළ බවයි. දහසය දහසක් ස්ත්‍රියන් සහිත අන්තඃපුරයක් ද කුමරු උදෙසා වූ බව ද පැවසේ. කෙසේ වුව ද දිනක් උද්‍යාන ක්‍රීඩා පිණිස යන අතරතුර දී දුටු සතර පූර්ව නිමිත්තයන් නිසා ගිහි ගෙය කළකිරුණු කුමරාට මේ ජීවිතයේ සත්‍ය සොයා යෑමේ බලවත් ආශාවක් ඇති විය.
මේ සත්‍යය නො දකින මිනිසා සසර සැරිසරමින් අනන්ත දුක් පීඩා විඳිමින් සිටින වග දුටුව හ.මිනිසත් බව ලැබීමේ මුඛ්‍ය පරමාර්ථය නොදැක කා බී සතුටු වීමෙන් පමණක් සෑහී නිස්සාර දිවියක් ගත කරන ආකාරයත් අවසානයේ දුකට පත්ව පසුතැවෙන ආකාරයත් දුටුව හ. මේ සියල්ලන් වෙනුවෙන් සත්‍ය සොයා ගොස් ඒ සත්‍යය මේ සසරේ දැවෙන,තැවෙන මිනිසුන්ට ද අවබෝධ කොට දීමේ අවශ්‍යතාවයක් උන්වහන්සේ තුළ ඇති විය. එහෙත් මේ සියල්ල සැලසුම් කරන අතරේ උන්වහන්සේට තවත් පණිවිඩයක් ලැබුණි. සිය බිරිඳ කුලුඳුල් දරුවා ප්‍රසූත කළ බවයි. මේ වනාහි සිය අරමුණ වෙත යාමේ දී යළි යළිත් සිතා බැලිය යුතු කාරණාවකි. දරුවා සමග බිරිඳ තනිකොට දමා යෑම උත්තම මිනිස් ක්‍රියාවක් නො වේ. එහෙත් තමා මේ ගමන නො ගොස් සිටීමෙන් සෙත සැලසෙන්නේ සිය පවුලේ සාමාජිකයන්ට ම පමණි. ඒ ද තාවකාලික සතුටක් පමණි.
එහෙත් තමා මේ ගමන ගියහොත් සකල ලෝ වැස්සන්ට ම සදාකාලික සුවයක් අත් වන වග වග ද දුටහ. ඒ අනුව පියෙකුට, ස්වාමි පුරුෂයෙකුට ගත හැකි ඉතා ම අපහසු තීරණයට උන්වහන්සේ පිළිපන් හ. සකල ලෝ වැස්සන් වෙනුවෙන් සිය පෞද්ගලික සුව පහසුව,සතුට,තනතුරු ඇතුළු සියල්ල අත්හැර අභිනිෂ්ක්‍රමණය කිරීමට තීරණය කළහ. හිසකෙස් මුඩු කොට කසාවතින් සැරසී ආරණ්‍යගත වුණු උන්වහන්සේ ජීවිතයේ,සංසාරයේ සත්‍යය සොයා භාර්ගව,ආලාරකාලාම,උද්දකාරාම පුත්ත ආදී නොයෙක් ගුරුවරුන් වෙත ගිය හ. එහෙත් ඒ කිසිවෙකුත් මේ පිළිබඳ සත්‍ය අවබෝධයකින් පසු නො වන බව අවබෝධ කරගත් උන්වහන්සේ තනිව ම සිය ගමන යෑමට තීරණය කළ හ. ඊට අනුව ශරීරයට අධික දුක් දෙමින් අත්තකිලමථානුයෝගය අත්හදා බලන්නට තීරණය කළ හ. නිසි අහරක් නො ගෙන, සියලු සුඛ විහරණයන්ගෙන් ඈත් වී පුරා සය වසරක් මේ මගෙහි ගිය උන්වහන්සේ ඉන් පලක් නො වන වග දැන පසුව නව මගක් පිළිබඳ අවධානය යොමු කළ හ. පුරා නව විසි වසක් උපරිම සුඛ විහරණය කර අවබෝධ කර ගත නොහැකි වූ සත්‍යය, පුරා සය වසක් දුක්විඳ අවබෝධ කර ගැනීමට නො හැකි වූ සත්‍යය මැදි මගෙහි ගොස් අවබෝධ කර ගන්නට උන් වහන්ස් තීරණය කළ හ. ඊට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ උන් වහන්සේ නේරංජනා නදී තීරයේ ගයා ශීර්ෂයේ ඇසතු බෝ රුකක් සෙවණේ දී උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කර ගත්හ.
බෞද්ධ ජනයා සිතන පරිදි ඒ වනාහි මිනිසෙකුට අත්කරගත හැකි උත්තරීතරම බුද්ධි තත්ත්වය යි. ඒ සිදුවන්නේ කිතු උපතට වසර 588කට පමණ පෙර වෙසක් පුන් පොහෝ දිනක ය. එතැන් පටන් පුරා වසර 45ක් ලෝ වැස්සන් උදෙසා සිය කාලය, ශ්‍රමය කැප කළ ගෞතම බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80 දී ආයු සංස්කාරය කර පිරිණිවන් පා වදාළ සේක. ඒ මල්ල රට කුසිනාරා නම් නුවර උපවත්තන නම් සල් වනයේ දී ය. ඒ කිතු උපතින් වසර 423කට පූර්වයෙනි. වෙසක් උත්සවය සේ බෞද්ධයන් ස්මරණය කරන්නේ මේ තෙමඟුල යි. මේ උත්සවය බුදු තෙ මගුල ලෙස ද, බුදු මගුල ලෙස ද, බෞද්ධ මංගල්‍යය ලෙස ද විශාඛ මහෝත්සවය ලෙස ද, වෛශාක්‍ය මංගල්‍යය ලෙස ද හැඳින්වේ.
වෙසක් උත්සවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය පැරණි භාරතයේ පවා සැමරූ බව පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවෙන් පෙනෙයි. ලංකාවේ ද ක්‍රි. පූ. දෙ වන ශතකයේ දී පමණ පවා මේ උත්සවය සැමරූ බව මහාවංසයේ සඳහන් වේ. ලංකාවට විවිධ කාලවල දී පෙර අපර දෙ දිගින් එල්ල වූ විදේශ ආක්‍රමණ අවස්ථාවලදී රාජ්‍ය මට්ටමේ උත්සවයක් ලෙස පැවත්වීමට නොහැකි වුව ද ලක් වැසි බෞද්ධයන් හැකි අයුරින් වෙසක් උළෙල සැමරූ හ.
ක්‍රි.පූ.දෙවන ශතකයේ ලංකාව පාලනය කළ දුට්ඨගාමිණී මහ රජතුමා වෙසක් උත්සව 24ක් ද, භාතිය රජු වෙසක් උත්සව 28ක් ද, වසභ රජු වෙසක් උත්සව 44ක් ද, පවත්වා ඇත. මීට අමතරව වෝහාරතිස්ස රජු, ජෙට්ඨතිස්ස රජු, දළමුගලන් රජු, දෙවන සේන රජු ආදීහූ වෙසක් උත්සව පැවත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රසිද්ධ වූහ. පොළොන්නරු යුගයේ විසූ මහා පරාක්‍රමබාහු රජු වෙසක් උත්සවයට විශේෂ රාජකීය අනුග්‍රහයක් ලබා දුන්හ. දඹදෙණි යුගයේ විසූ පණ්ඩිත පරාක්‍රමබාහු රජු පැවත්වූ වෙසක් උත්සවයක් පිළිබඳව පූජාවලියේ විස්තර වේ.
බටහිර ජාතීන් ලංකාව පාලනය කළ කාලයේ වෙසක් උත්සවයට මහත් බාධා පැමිනුණි. ක්‍රි.ව.1770 දී විශේෂ පනතක් මගින් ලන්දේසීන් වෙසක් උත්සවය මෙරට රජයේ නිවාඩු දිනයක් නො වන බව ප්‍රකාශයට පත් කළ හ. එකල ආණ්ඩුකාර විලියම් ෆැල්ක් මේ සමයේ බුදුසමය තදින් ම මර්දනය කිරීමේ නිරත විය. 1815 දී උඩරට ගිවිසුමෙන් බුදුදහම ආරක්ෂා කරන බවට සුදු පාලකයන් එකඟ වුවත් එය හුදු වැකියක් පමණක් ම විය. 1848 නිදහස් අරගලයට පසු ඔවුන් ඒ මත දමා බුදු සසුන පිළිබඳ වගකීමෙන් ක්‍රමයෙන් නිදහස් වී කිතු දහම ප්‍රචාරය කිරීමේ නිරත වූ හ. 1873 ජුනි 12 දින පානදුර වෙස්ලියන් දේවස්ථානයේ එවක දේවගැතිවරයා වූ දාවිත් සිල්වා විසින් බුදුදහම අසත්‍ය මිථ්‍ය ආගමක් සේ හැඳින්වීමේ සිද්ධියෙන් ඇරඹි වාද මාලාවෙන් බෞද්ධයන් ජය ගැනීමෙන් පසු එහි වාර්තා කියවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය මෙරටට පැමිණිය හ. ඕල්කට් තුමා එවක යටත්විජිත භාර ලේකම් වරයා වූ ඩර්බිසාමිවරයා හා සාකච්ඡා කර වෙසක් පොහොය දිනය ලංකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කළේ ය. ඊට අනුව 1885 මාර්තු 27 දින ගෝඩ්න් ආණ්ඩුකරු විසින් වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේ ය. 1886 අංක 4 දරන ආඥා පනතින් මේ නිවාඩු දිනය නීතිමය වශයෙන් තහවුරු කරන ලදී. වෙසක් දිනය යළි නිවාඩු දිනයක් බවට පත් කරන්නට ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කටයුතු කළ සේ 1999 වර්ෂයේ දී දමිළ ජාතික ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළේ ය. ඒ මහතාගේ කැපවීම අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 වසරේ සිට වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කළ හ.
ලෝ වැසි බෞද්ධයන් වෙසක් උත්සවය සමරන්නේ අරුත්සුන් ප්‍රීති උත්සවයක් ලෙස නො වේ. ඔවුන් ප්‍රීති වන්නේ දානය තුළිනි. හින්දු,කිතුණු හා ඉස්ලාමීය උත්සව වලදී ද මේ තත්ත්වය දකින්නට ලැබේ. දන්සල් පැවත්වීම, බෝධි පූජා, පහන් පූජා, අභය දාන පූජා, ලේ දන්දීම්,පොදු ස්ථාන පිරිසිඳු කිරීමේ ශ්‍රමදාන,රුක් රෝපණ ආදිය මේ යුගයේ බහුල වශයෙන් සිදු කෙරේ.ඊට අමතරව තොරණ ඉදිකිරිම,පහන්කූඩු දැල්වීම ධජ ප්‍රදර්ශනය කිරීම ආදියෙන් සැරසිලි කටයුතු ද කරති.පෙහෙවස් සමාදන් වීමෙන් ආගමික වතාවත්හි ද නිරත වෙති.












A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-29

සෝයා මීට් .



දැනගෙන හිටියද සෝයා මීට් කියනේ ලංකාවෙ අපේ පාරිභෝගිකයන් රවට්ටන්න දාගත්ත වැරදි නමක් කියලා , ඔවු ඒක තමයි ඇත්ත
1970 ගණන්වල ලංකාවට ප්‍රෝටීන් බහුල ආහාරයක් විදිහට මේ සෝයා නිෂ්පාදනය හඳුන්වා දුන්නා . මුල් කාලයේ මිනිස්සු මේවා කන්න ලොකු කැමැත්තක් දැක්වූයේ නෑ, මොකද මේ කෑම වර්ගය මිනිස්සුන්ට ආගන්තුකයි වගේම කෑමක් විදිහට ආකර්ෂණයක් තිබුණේ නැහැ.
පසුව ලංකාවේ සමාගම් විසින් මේවා කුකුළු මස්, මාළු, ඉස්සන් වගේ මස් වර්ගවල රසයන් (Flavors) සහ කුළුබඩු පැකට් ඇතුළත් කරලා වෙළඳපොළට දැම්මා. මස් මිලදී ගන්න අමාරු මිනිස්සුන්ට "මස් වෙනුවට කන්න පුළුවන් සෝයා" කියන පණිවිඩය දෙන්න මේකට Soya Meat (සෝයා මස්) කියන නම භාවිතා කරා ඒකට තමයි මාකටින් කියන්නෙ . මස් වගේ රසයක් දෙන රසකාරක නිසා වගේම හපන්න පුළුවන් ව්‍යූහයක් (Fleshy texture) තියෙන නිසා ඒ නම ජනතාව අතර ඉතාම වේගයෙන් ජනප්‍රිය වුණා.
ඇමරිකාව සහ යුරෝපය: බටහිර රටවල මේකට පොදුවේ කියන්නේ TVP (Textured Vegetable Protein) හෝ Textured Soy Protein (TSP) කියලා.
ඉන්දියාව: ඉන්දියාවේ බහුලවම කියන්නේ Soy Chunks කියල
ඒ අනුව ලංකාව: අපි විතරයි මේකට "Soya Meat" කියලා පාවිච්චි කරන්නේ.
හරි දැන් ලිපියෙන් බලමු මේ සෝයා නිශ්පාදනයෙ ඇත්තටම මොනවද තියෙන්නෙ ඒකෙන් අපේ ශර්‍රිරයට මොකද වෙන්නෙ කියලා
ගොඩක් අය හිතන්නේ මේක කෘත්‍රිම, වස විස පිරුණු කෑමක් කියලා. තවත් අය හිතන්නේ මේක මස් කන්නේ නැති අයට තියෙන හොඳම විකල්පය කියලා. ඇත්තටම මොකක්ද මේ TVP කියන්නේ? මේක අපේ සෞඛ්‍යයට හොඳද, නරකද? අද අපි මේ ලිපියෙන් එකෙන් කතා කරමු . රැදෙන්න මේ වටිනා ලිපියෙ අන්තිම තෙක්
"මුලින්ම බලමු මේක හදන්නේ කොහොමද කියලා. ගොඩක් අය හිතන්නේ මේක රසායනික ද්‍රව්‍ය දාලා ෆැක්ටරි ඇතුළේ හදන ප්ලාස්ටික් වගේ කෑමක් කියලා. නෑ, ඒක සම්පූර්ණ වැරදි මතයක්!
TVP හදන්නේ සෝයා බෝංචි (Soybeans) වලින්. සෝයා බෝංචි අරගෙන, ඒකෙන් සෝයා තෙල් (Soy oil) ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඊට පස්සේ ඉතිරි වන ප්‍රෝටීන් බහුල කොටස අධික උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ විශේෂ මැෂින් එකකින් (Extrusion process) එක එක හැඩතල වලට සකස් කරලා වියළා ගන්නවා. ඒ කියන්නේ මේක සෝයා බෝංචි වල තියෙන ප්‍රෝටීන් නිස්සාරණය කරලා හදන ස්වාභාවික ශාකමය ආහාරයක්."
ඒත් අද වෙනකොට අපි මේක කන විදියේ ගැටලුවක් තියෙනවා , ඒක විසදගන්නෙ කොහොමද කියල අපි කතා කරමු , ඊට් කලින් අපි බලමූ ඇත්තටම මේකෙ ප්‍රෝටීන් තියෙනවද කියලා
අපි මේක සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ගන්න කන කුකුළු මස් සහ බිත්තර එක්ක සංසන්දනය කරල බලමු
(ග්‍රෑම් 100 කට) TVP (වියළි) කුකුළු මස් (පිසූ) බිත්තර (තැම්බූ)
ප්‍රෝටීන් (Protein) ~ 50g ~ 27g ~ 13g.
මේදය (Fat) ~ 1g ට අඩුයි ~ 7g - ~ 11g
තන්තු (Fiber) ~ 17g ~ 0g - 0g
දැන් ඔයාට හිතෙන්න පුලුවන් වැඩිම ප්‍රෝටීන ප්‍රමාණයක් තියෙන්නෙ TVP වල කියලා , ඔවු ඒක ඇත්ත ප්‍රමාණාත්මකව බැලුවම ඒක ඇත්ත . හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ: බිත්තර සහ මස් වල තියෙන ප්‍රෝටීන් අපේ ඇඟට උරාගන්න ඇති හැකියාව (Bioavailability) වැඩියි ඒ නිසා වැඩිපුරම හොද කියල අපට කියන්න බෑ….
ඒ වගේම තවත් දෙයක් සත්ව ප්‍රෝටීන වලින් අපේ ඇගට තෙල් යම් ප්‍රමාණයක් එකතු උනත් , TVP වලින් එහෙම වෙන්නෙ නෑ… ඒ විතරක් නෙවෙයි කිසිම සත්ව ප්‍රෝටීනයකින් අපට තන්තු ලැබෙන්නෙ නැති උනාට මේ TVP වලින් අපට තන්තු ලැබෙන එක අමතර වාසිය
මෙන්න මේ හේතු නිසා දියවැඩියාව , හෘද , කොලෙස්ටෙර්ල් වැඩි වීම වගේ ලෙඩ වලින් බේරෙන්නත් පුලුවන් , ඒ විතරක් නෙවෙයි තන්තු ගොඩක් තියෙන කෑමක් නිසා ඉක්මනින් බඩ පිරිලා කෑම කන ප්‍රමාණ්‍ය අඩු වෙන නිසා ඉක්මනින්ම බර අඩු කරගන්නත් පුලුවන්
හෘද රෝග අවදානම අඩු කිරීම: මේකේ සත්ව මේදය සහ කොලෙස්ටරෝල් නැති නිසා ලේවල තියෙන අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න උදව් වෙනවා.
"හැබැයි ඉතින් ඕනෑම දෙයක හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා නේද? TVP වලත් අපි සැලකිලිමත් විය යුතු පැති කිහිපයක්ම තියෙනවා:
1.ජීර්ණය වීමේ අපහසුතා: සමහර අයට සෝයා ප්‍රෝටීන් නිසා බඩ පිපුම, ගෑස් හැදීම හෝ බඩේ කැක්කුම ඇතිවෙන්න පුළුවන්.ඒ කට හේතුව ප්‍රෝටීන ජීරනය වලක්න ඇතැම් එන්සයිම මේ TVP වල තියෙන එක
2.ඇලජික් (Allergies) වීම: සෝයා කියන්නේ ලෝකයේ ගොඩක් අයට තියෙන මේජ ඇලජන් වලින් එකක්. ඔබට සෝයා ඇලජික් නම් TVP කන්නම බෑ.
3.තයිරොයිඩ් ගැටලු: තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ තියෙන අය සෝයා නිෂ්පාදන අධික ලෙස ගැනීමෙන් වැළකී සිටිය යුතුයි, මොකද ඒකෙන් ඖෂධ ශරීරයට උරාගැනීම අඩු වෙන්න පුළුවන්.
4.ඇමයිනෝ අම්ල ඌනතාවය: සෝයා වල සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල තිබුණත්, 'මෙතියොනින්' (Methionine) කියන ඇමයිනෝ අම්ලය තියෙන්නේ ඉතා අඩුවෙන්. ඒ නිසා ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණයෙනම් TVP වලින් ගන්න එපා නිතරම වෙනත් ධාන්‍ය වර්ග හෝ සත්ව ප්‍රෝන කෑමට ගන්න අමතක කරන්න එපා"
"දැන් අපි කතා කරමු වැදගත්ම කොටස ඒ තමයි අද වෙනකොට වෙළඳපොළේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක
අපි කඩෙන් ගන්න සෝයා මීට් පැකට් එකක් ගත්තොත්, ඒකේ තියෙන්නේ නියම TVP විතරක් නෙවෙයි. ඒවට කෘත්‍රිම රසකාරක (MSG), අධික ලෙස ලුණු, පාට වර්ග සහ සුවඳකාරක එකතු කරලා තියෙනවා. අන්න ඒ නිසයි සෝයා මීට් නරකයි කියන මතය සමාජයේ හැදිලා තියෙන්නේ. ලුණු සහ රසායනික ද්‍රව්‍ය වැඩියෙන් කෑම තමයි ඇඟට නරක!
එතකොට කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නෙ?
1 .හොඳින් සෝදන්න: TVP හෝ සෝයා මීට් පිසීමට පෙර උණු වතුරෙන් තම්බා, ඒ වතුර පෙරා, නැවත සාමාන්‍ය වතුරෙන් දෙතුන් පාරක් හොඳින් මිරිකා සෝදා හරින්න. එවිට එහි ඇති අහිතකර රසායනිකයන් සහ බඩ පිපුම ඇති කරන සංයෝග ඉවත් වෙනවා.
2.රසකාරක පැකට් එක අයින් කරන්න: පැකට් එක ඇතුළේ එන කෙමිකල් රසකාරක පැකට් එක පාවිච්චි කරන්නේ නැතුව, අපේ ගෙදර තියෙන තුනපහ, අමුමිරිස්, සුදුලූනු, ගෝරකා වගේ ස්වාභාවික දේ දාලා උයාගන්න.
3.පිරිසිදු TVP (Unflavored) ගන්න: පුළුවන් නම් කිසිම රසකාරකයක් නැති, තොග කඩවල තියෙන සුදු පාට TVP (Soy chunks) මිලදී ගන්න."
"විශේෂයෙන්ම ලංකාවේ නිර්මාංශ (Vegetarian) හෝ වේගන් (Vegan) අයට තමන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න තියෙන ලෙහෙසිම සහ ලාභම ක්‍රමයක් තමයි TVP.
හැබැයි මතක තියාගන්න, හැමදාම තුන්වේලටම TVP කන්න එපා. සමබර ආහාර වේලක් සඳහා TVP කන ගමන් පරිප්පු, මුංඇට, කඩල, කව්පි වගේ ඇට වර්ග සහ නිවිති, කංකුං වගේ පලා වර්ග මාරුවෙන් මාරුවට ඔබේ ආහාර වේලට එකතු කරගන්න. එතකොට සිරුරට අවශ්‍ය සියලුම පෝෂක කොටස් නොඅඩුව ලැබෙනවා."
"ඉතින් අද ඉඳන් සෝයා මීට් එහෙමත් නැත්නම් TVP දිහා වස විසක් විදිහට බලන්න එපා. නිවැරදි ක්‍රමයට සෝදලා, ගෙදර කුළුබඩු දාලා රසට වගේම ගුණයට උයාගෙන කන්න බය වෙන්න ඕන නෑ…
මේ ලිපියෙන් එකෙන් ඔයා දෙයක් දැනගත්තනම් තවත් කෙනෙක්ට දැනගන්න මේක ෂෙයාර් කරන ඒ වගේම ඔයා සෝය වලට කැමති කෙනෙක්ද? නැති කෙනෙද? ඔයාගෙ අද්දැකීම් මොනවද කමෙන්ට කරන්නත් අමතක කරන්න එපා .






හැමදාමත් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරන අපි නියුට්‍රි ඉන්ෆෝ!
A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-28

ඩොලරය රජ ගමනේ - 04



ඩොලරය එක දවසින් 344 ඉඳලා 333 ට කඩා වැටෙද්දී ඇත්තටම වෙන්නේ මොකක්ද?
අද අනිල් ජයන්ත කියන රටේ නියෝජ්‍ය මුදල් ඇමති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මාර උජාරුවට “රුපියල ශක්තිමත් වුණා” කියන සිඟිති ආතල් එක දෙනවා.
හැබැයි ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ ඒකට යටින්.
රුපියල ශක්තිමත් වුණා කියලා chart එකක් පෙන්නන්න පුළුවන්.
මාධ්‍ය සාකච්ඡාවල ලස්සන කතා කියන්න පුළුවන්.
හැබැයි රටක මුදල් පද්ධතිය කියන්නේ Facebook post එකක් නෙවෙයි.
වෙළඳපොළ කියන්නේ විශ්වාසය මත දුවන යන්ත්‍රයක්.
අද Friday market close වෙන්න ටිකකට කලින් එකපාරටම ඩොලරය 344 ඉඳලා 333 range එකට කඩා දානවා කියන්නේ සාමාන්‍ය ස්වභාවික විනිමය චලනයක් නෙවෙයි කියන සැකය market එකට එනවා.
විශේෂයෙන් usable foreign reserves ඩොලර් බිලියන 6ක් වගේ කුඩා ප්‍රමාණයක් තියෙන රටකට මේ වගේ දැවැන්ත මැදිහත්වීමක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
මහ බැංකුව සංචිත වලින් ඩොලර් වෙළඳපොළට විසි කරලා rate එක කෘතිමව පහළට තල්ලු කරනවා නම්, කෙටි කාලයකට chart එක ලස්සන වෙයි.
හැබැයි ඊට පස්සේ වෙන්නේ මොකක්ද?
වෙළඳපොළ official rate එක විශ්වාස කරන එක නවත්වනවා.
ඒක තමයි මුල්ම අනතුර.
එතනින් පස්සේ:
• උණ්ඩියල් ජාල නැවත ශක්තිමත් වෙනවා
• කළු කඩ ඩොලර් වෙළඳපොළ උණුසුම් වෙනවා
• විදේශ රැකියා කරන මිනිස්සු බැංකු මග හැර යනවා
• අපනයනකරුවන් ඩොලර් රඳවාගෙන ඉන්නවා
• බැංකු පද්ධතියට එන ඩොලර් අඩුවෙනවා

ඒක තමයි 2022 අර්බුදයට කලින් වෙන්න පටන් ගත්තෙත්.
කෘතිම rate control → කළු වෙළඳපොළ → remittance collapse → reserve depletion → currency crash.
අද Friday artificially rate එක push කරලා market close කළා කියලා හිතමු.
එතකොට Monday වෙනකන් unofficial market එකේ panic expectation build වෙනවා.
Banks වහලා.
Official market එක නවතිලා.
හැබැයි කළු market එක නවතින්නේ නෑ.
දැන් unofficial market එක හිතනවා:
“333 ඇත්ත rate එක නෙවෙයි.”
“Reserves burn කරනවා.”
“මේක දිගටම කරන්න බෑ.”
එතකොට Monday වෙනකොට official rate එක 333 තිබුණත් black market එකේ 350-360 යන තත්ත්වයක් එන්න පුළුවන්.
එතනින් පස්සේ banking channel එකට dollars එන එක තවත් කඩා වැටෙනවා.
පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෙක් ඩොලර් 1000ක් එවනවා නම් bank එකෙන් රුපියල් 333,000යි.
හැබැයි unofficial market එකේ 360,000ක් ලැබෙනවා නම් මිනිස්සු මොන පාරද තෝරන්නේ?
ආර්ථිකය හැමවෙලේම වැඩ කරන්නේ incentive එකට.
ඒ නිසා artificial currency strength කියන්නේ ඇත්ත ශක්තියක් නෙවෙයි.
ඒක බොහෝ වෙලාවට cosmetic stability එකක්.
Steroid ගහලා marathon දුවනවා වගේ වැඩක්.
ටික දවසක් හොඳට පේනවා.
හැබැයි collapse එක එද්දී brutal.
Sri Lanka වගේ:
• ආනයන මත ජීවත් වෙන
• ණය බර වැඩි
• විදේශ විනිමය හිඟ ඉතිහාසයක් තියෙන
• informal dollar economy එක ශක්තිමත්
රටකට මේ වගේ sudden exchange rate manipulation කියන්නේ ඉතාම high risk game එකක්.
Stable currency එකක් කියන්නේ artificially strong currency එකක් නෙවෙයි.
ඇත්ත stability එක එන්නේ:
• සැබෑ ඩොලර් ආදායම් වලින්
• ශක්තිමත් අපනයන වලින්
• වෙළඳපොළේ විශ්වාසයෙන්
• විශ්වාසදායක මුදල් ප්‍රතිපත්තියෙන්
• sustainable reserves වලින්
මිසක් press conference වලින් නෙවෙයි.
Chart එක green කරලා economy එක recover වෙන්නේ නෑ.
Market එකට බොරු කරන්න පුළුවන් ටික කාලයයි.නන්දලාල් අනිල් අයිසේ කෝටි ගණන් පඩි ගන්න ගමන් මිනිස්සු අමාරුවෙන් ගොඩදාපු ආර්ථිකය ආයේ කුඩු පට්ටම් කරන්න එපා මනුස්සයො.දන්නෙ නැත්නම් ඉල්ලලා අස්වෙලා දන්න මිනිහෙක්ට ඕක දෙනවා.




මෙහෙම කියන්නේ 

විවාහක රූ රැජිනන් බිහිකරන්නන්ගේ සන්සදය 


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-27

ඩොරලය රජ ගමනේ - 03





මෑතකදී දේශීය මුදල් ඒකකය දරුණු ලෙස කඩා වැටීමට බලපෑ ආසන්නතම සාධකය වන්නේ වාහන ගෙන්වීමේ සීමාවන් ලිහිල් කිරීම නිසා ඩොලර් විශාල වශයෙන් රටින් පිටවීම බව පොදු මතය වී තිබේ.
මේ හේතුවෙන් පවතින විදේශ විනිමය ඉතිරි කරගැනීමේ අරමුණින්, වාහන ආනයනය අධෛර්යමත් කෙරෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුගියදා පෙළඹුණි.
කෙසේ වෙතත්, මෙරට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හුදෙක් වාහන ආනයනය නිසාම හටගත්තක් නොවන බව HNB Stockbrokers ආයතනය පෙන්වා දෙයි.
ඔවුන්ගේ විග්‍රහයට අනුව, ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් විදේශ මුදල් සංචිතයක් නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධානතම හේතුවයි. මේ වසරේ මාර්තු මාසය වන විට මෙරට ජංගම ගිණුමේ පැවති ඩොලර් මිලියන 479 ක අතිරික්තය ඩොලර් මිලියන 45 ක් දක්වා සීඝ්‍රයෙන් පහත වැටී ඇත.
මීට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 612 ක් දක්වා ඉහළ යාම, පෙර වසරට සාපේක්ෂව සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම සියයට 37 කින් කඩා වැටීමය.
සංචාරකයන්ගේ පැමිණීම අවම වූ මෙම කාලසීමාව තුළ ඉන්ධන මිල ඉහළ යාම නිසා මාර්තු මාසයේ සිට ජංගම ගිණුමේ පරතරය තවදුරටත් සීමා විය. එබැවින් රටට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණයෙන් වැඩි කොටසක් සංචිත ශක්තිමත් කිරීමට හෝ විදේශ ණය ගෙවීමට යෙදවීමට ප්‍රථම, අධික ඉන්ධන බිල පියවීම සඳහා වැය කිරීමට සිදු විය. කෙසේ වුවද, 2025 අගෝස්තු මාසයෙන් පසු අවම වාහන ආනයන වියදම වාර්තා වූයේ මෙම මාර්තු මාසයේ බැවින්, වාහන ගෙන්වීම මේ සඳහා බලපා නැත.
ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3.6 ක් පමණ වන අතර , එය මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය වැනි ආසියානු රටවලට වඩා අඩු අගයකි. එසේ වුවත්, ගැටලුව නිර්මාණය වී ඇත්තේ ඉන්ධන නොවන ආනයන-අපනයන අතර පවතින පරතරය හේතුවෙනි.
අනෙක් රටවල් ඉන්ධන නොවන වෙළෙඳාමෙන් අතිරික්තයක් පවත්වා ගනිද්දී ශ්‍රී ලංකාව පවත්වාගෙන යන්නේ වෙළෙඳ හිඟයකි. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය සහ තායිවානය වැනි රටවල්ද ඉන්ධන ආනයනය කළත්, ඔවුන් අගය එකතු කළ විදුලි උපාංග, යන්ත්‍රෝපකරණ සහ සේවා අපනයනය මඟින් විශාල විදේශ විනිමයක් උපයයි.
එමඟින් ඇති වන ශක්තිමත් සංචිතය නිසා ඔවුන්ට ඉන්ධන මිල කම්පන දරාගත හැකිය. නමුත් ලංකාව සතුව ඉන්ධන නොවන වෙළෙඳාමේ හිඟයක් පැවතීම නිසා එවැනි ආරක්ෂිත සංචිතයක් ගොඩනැඟී නොතිබුණි. මේ අනුව, රුපියල දුර්වල වීම හුදෙක් ඉන්ධන නිසාම නොව, මුදල් ඒකකයේ ව්‍යුහාත්මක සැකැස්ම නිසාම සිදුවන්නකි.
මීට ඇති එකම තිරසාර සහ දිගුකාලීන විසඳුම වන්නේ අගය එකතු කළ අපනයන ප්‍රවර්ධනය කර ඉහළ ආනයන අධිහාරයන් පවත්වා ගැනීමයි. සලාක ක්‍රම හෝ ඉහළ බදු පැනවීම් මඟින් මෙම පීඩනය තාවකාලිකව අඩු වුවද, ඉන් ජංගම ගිණුම යථාවත් නොවන අතර ජීවන වියදම ඉහළ ගොස් රජයේ ප්‍රතිපත්ති බිඳ වැටීමටද එය හේතු වේ.
මිල දර්ශකයේ ආචරණයන් (පිරිවැය බලපෑම) හරහා මෙවැනි බලශක්ති කම්පනයකදී ඉල්ලුම පාලනය කරගත හැකි වුවත් , සහනාධාර ලබාදීම වැනි ක්‍රම නිසා පිරිවැය පිළිබිඹු වන බලශක්ති මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොවන විට, පවතින පීඩනය ලිහිල් වීමට නම් රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය විය යුතුය.
HNB Stockbrokers ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉදිරියේදී ලැබීමට නියමිත ඩොලර් මිලියන 700 ක මුදල නිසා රුපියල මත ඇති පීඩනය යම් තරමකින් සැහැල්ලු වනු ඇති බවයි.
Lanka face book.
A day in the life 
ජීවිතයෙන් දවසක් .