This is default featured slide 1 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 2 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2022-08-12
ධනෝපායන හැකියාව සහිත රාජ්‍යයක් උදෙසා...
💞💞💞💞(රසික ජයකොඩිගේ - Rasika Jayakody-සටහනකි)
09 - 08 - 2022.💢💢💢💢💢💢💢💢
ලංකාවේ ජන සමාජයේ ඉතා ගැඹුරට කිඳා බැස ඇති විශාල පිළිලයක් වන්නේ පොදුවේ මිනිසුන් තුළ තිබෙන 'ධන විරෝධී' ආකල්පයයි.
ඒ කියන්නේ, ධනය උත්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කරගෙන එන බියක් සහ සැකයක් තියෙනවා.
ධනය උත්පාදනය කිරීම සහ ඒකරාශී කිරීම (wealth creation and accumulation) යනු අපරාධයක් හෝ අයහපත් දෙයක් ය යන මතය සමාජය තුළ ඉතා ම සියුම්ව මුල් බැසගෙන තියෙනවා.
ධනය ඉපැයීමට දක්ෂ පුද්ගලයා "නරක මිනිසෙකු" හෝ "සූරා කන අදමිටු මිනිසෙකු" ලෙසට චිත්‍රයක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා.
සරල උදාහරණයක් ගැන හිතුවොත් බොහෝ ගැමි කතන්දරවල, සාහිත්‍ය පොත්වල, ටෙලිනාට්‍ය හා චිත්‍රපටිවල අන්තර්ගතය අධ්‍යයනය කොට බැලුවොත් 'කඩේ මුදලාලි' බොහෝ විට චිත්‍රණය කොට තිබෙන්නේ අයුතු ලාබ උපයන කළු චරිතයක් ලෙසයි. මුදලාලිට එළිපිට මිනිසුන් ගරුසරු ඇතිව කතාකළත් යටින් ඔහු පිළිබඳ තරහවක් ඔවුන් ගේ සිතේ දිවෙනවා.
සාධාරණ මිනිසා සැමදාම දුප්පතෙකු ලෙස සිටින බවත්, දුප්පතා ගේ හිත හොඳ බවත්, ධනවතා අසාධාරණ සහ අධර්මිෂ්ඨ මිනිසෙකු බවත් මේ හුඟක් කතාවල යටිපෙළෙන් කියනවා. මෙය හුදෙක් අහම්බයක් නොවෙයි.
මෙය ආගමික බලපෑමක් නිසා සිදුවන දෙයක් ද, එසේත් නැත්නම් 1930 ගණන්වල සිට ලංකාවේ මුල්බැස ගත් වාමාංශික අදහස්වල බලපෑම නිසා ඇතිවූවක් ද, එහෙම නැත්නම් ඒ දෙකේ ම සංකලනයක් ද යන්න වෙන ම අධ්‍යයනය කොට බැලිය යුතුයි.
ඒ කෙසේ වෙතත්, මේ ධනය උත්පාදනය කෙරෙහි දක්වන අනියත සහ අතාර්කික බිය ශ්‍රී ලංකාවට දිගුකාලීනව විශාල අගතියක් සිදුකොට තිබෙනවා.
මේ නිසා ලංකාවේ ජන සමාජය තුළ බොහෝ විට සිදුවන්නේ ධනය උත්පාදනය කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා වෙනුවට එය පිළිකෙව් කොට දුර්මුඛ කිරීමයි.
මධ්‍යම පංතියේ දෙමව්පියන් බොහෝ විට තම දරුවන් පොළඹවන්නේ ටයි පටියකින් ගෙල සිර කරගෙන, සීතල කාමරයක කාර්‍යාල රැකියාව කිරීමට මිස ව්‍යවසායකත්වය පැත්තට නෙවෙයි. පාසල් අධ්‍යාපනය බොහෝ සෙයින් නැඹුරු වී ඇත්තේ සේවා අංශයට ගැලපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට මිස ව්‍යවසායකයන් බිහිකිරීමට නෙවෙයි.
ලංකාවේ නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ ද ව්‍යවසායකයන් දිරි ගන්වන ආකාරයට නොව දුර්මුඛ වන ආකාරයටයි.
ආයෝජකයන් සම්බන්ධයෙන් අප දක්වන්නේ ද එවැනි ම ප්‍රතිපත්තියක්. ආයෝජකයන් සම්බන්ධ නීති රීති සහ ක්‍රමවේද සකස් වී ඇත්තේ ද ආයෝජකයන් යනු ලංකාවේ සාරය උරාගෙන යන්නට පැමිණි සූරාකන්නන් පිරිසක් ය යන ස්ථාවරයේ සිටයි.
එවැනි රටකට සෘජු විදේශ ආයෝජන අහිමි වීම ගැන කිසිවෙකුත් පුදුම විය යුතු නැහැ.
මා මේ කියන්නේ ව්‍යවසායකයන්ට සහ ආයෝජකයන්ට කිසිදු නියාමනයක් නැතුව ක්‍රියාත්මක වීමට සහ බදු නොගෙවා සිටීමට ඉඩ දිය යුතුයි කියන අදහස නෙවෙයි. ඒත් අපේ රටේ නියාමනයකට වඩා සිදුවන්නේ දුර්මුඛ කිරීමක්. එම ව්‍යාපෘති කෙරෙන තැනට නොව නොකෙරෙන තැනට කටයුතු කිරීමක්.
ආයෝජකයන් යනු රටේ සම්පත් සූරාගෙන යන්නට පැමිණෙන පිරිසක් ය යන මනෝභාවය නිසා අප ගනුදෙනුව පටන් ගන්නත් කලින් ඔවුන්ට වැට බැඳ සිරකොට දමනවා.
මේ ව්‍යවසායකත්ව සංස්කෘතිය මරා දැමීම නිසා ලංකාවේ සැබෑ ව්‍යවසායකයන් කියන පිරිස වඳ වෙලා ගිහින් තියෙනවා. ඒ වෙනුවට ලංකාවේ ව්‍යාපාර ලෝකයේ ආධිපත්‍යය දරන්නේ manipulators ලා පිරිසක්. ඔවුන් තමන් ගේ දේශපාලන සම්බන්ධතා හරහා නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති අස්සෙන් රිංගා ගොස්, බදු දැලෙන් රිංගා ගොස්, 'ක්‍රමය' manipulate කොට අති විශාල ධනස්කන්ධයක් උපයනවා. ඔවුන් ගේ පැවැත්මට ප්‍රබල හේතුවක් වන්නේත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් නැතිකමයි.
පාලකයන් ගේ ගජමිතුරන් වන මේ පිරිස බලයට එන ඕනෑම ආණ්ඩුවක් වටා දූෂිත ජාවාරම්කාර වළල්ලක් සේ සිටිමින් ධනය මංකොල්ල කනවා. මොවුන් ඇත්තෙන් ම හැඳින්විය යුත්තේ ව්‍යාපරිකයන් ලෙස නොව ගිලාබත් වෙන රාජ්‍යයක් මංකොල්ල කන මුහුදු මංකොල්ලකාරයන් ලෙසයි.
මේ 'ධන විරෝධී' මානසිකත්වයේ තවත් විශාල අහිතකර බලපෑමක් වන්නේ පොදු ජනතාව ඉතා ම දැඩි ලෙස සහනාධාරවලට හුරු වී තිබීමයි.
ව්‍යවසායකත්ව සංස්කෘතියක් වෙනුවට සහනාධාර සංස්කෘතියක් මේ රටේ ඉතා ම ගැඹුරින් ස්ථාපිත වී තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් කළ යුතු යැයි ද, රජයේ පරම යුතුකම ජනතාවට සහනාධාර දීම යැයි ද රටේ ජනතාවගෙන් සැළකිය යුතු පිරිසක් සිතා සිටිනවා.
මේ සහනාධාර නම් කැරට් අලය පෙන්වා බලයට පැමිණි බොහෝ ආණ්ඩු ඉතා ම අතාර්කික, අස්ථාවර සහ තිරසර නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට රට විශාල ප්‍රපාතයකට ඇද දැමුවා.
එහෙත් සහනාධාර මත ම යැපෙන්නට හුරු වී ඇති ජනතාව තවමත් තමන් වැටී ඇති ප්‍රපාතයේ ගැඹුර දන්නේ නැහැ.
කවුරුන් ආණ්ඩු කළත් ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් ඉතා දීර්ඝ කාලයක සිට මොළ ශෝධනයකට ලක්ව තිබෙනවා. මේ නිසා ඇතිවුණු විකෘතියෙන් අප තවත් සෑහෙන කාලයකට නිදහස් වන බවක් මට පෙනෙන්නේ නැහැ.
ඒ වගේ ම, ඒ විකෘතියෙන් කවදා හෝ නිදහස් වන තුරු අපට කිසි දිනක ආර්ථික සමෘද්ධිය පිළිබඳ සියුම් බලාපොරොත්තුවක්වත් දල්වා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
2022-08-10
fish oil ගැන දැනගමු. Omega 3.
1.මොනවද fish oil කියන්නේ.
2. fish oil ගැනීමේ වැදගත් කම.
3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම.
4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව.
5.ස්වභාවික ආහාර මුලාශ්‍ර සහ supplements.
fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ.
omega-3 PUFAs වර්ග තුනකි.එනම්,
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)
මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.
මෙහි වැදගත්කම කතාකිරීමේදී ඉතා වැදගත් පර්යේෂණයක් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර තිබෙනවා.එනම් omega3 ඌනථාව ඇමරිකාව තුල සිදුවන මරණ වලට හයවන හේතුව බවට පත්ව තිබෙනවා.සාමාන්යෙන් අපි ගන්නා ආහාර වල omega6 : omega3 අගය 20:1 පමණ අනුපාතයක් වෙනවා.මෙම අගය නිර්මාංශ ආහාර වේලක් ගන්න කෙනුකුගේ මිට වඩා වැඩිවන්නත් පුළුවන්. ඉතින් මෙය ඉතා අධික පරතරයක් වෙනවා.සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු මෙම අනුපාතය 2:1 දක්වා අගයකින් පාලනය කරගත යුතුයි.මක්නිසාද යත් omega6 වැඩිපුර ගැනීම ශරීරයේ ප්‍රධාහ නැතිනම් ඉදිමුම් ඇතිකරවන( inflammation) අතර omega3 එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර(anti- inflammatory) එම ප්‍රධාහ නැති කරයි.තවදුරටත් fish oil ලබාගැනීමේ වැදගත් කම සාකච්චා කරමු,
1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.සමස්තයක් ලෙස Triglycerides ප්‍රමාණය 15%-30% දක්වා අගයකින් අඩු කරයි. තවද අධික රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. හදවතේ රිද්මය ක්‍රමානුකුලව පවත්වාගැනීම සඳහා මෙය වැදගත් වෙනවා.
2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් භහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.
3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.
4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.
5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.
6.දියවැඩියාව පාලනය කරයි.
7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.
8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.
9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.
10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
මෙය සිදුවන්නේ omega3 මගින් mTOR(Mechanistic target of rapamycin) ක්‍රියාකාරිත්වය වැඩිකිරීම මගිනි.මෙහි අවසාන ප්‍රතිඵලය මාංශ වර්ධනයෙහිලා ඉතා වැදගත් වීමයි.
11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.
Omega-3 මුලාශ්‍රයක් ලෙස fish oil විශේෂයෙන් වැදගත් වෙන්නේ අනෙකුත් මුලාශ්‍ර වලට සාපේක්ෂව fish oilතුල ඉතා වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වීමයි.අනික් කාරණය තමයි ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමත් මහාපරිමාණයෙන් නිෂ්පාදනයකිරීමේ හැකියවත්ය.
ගතයුතු මාත්‍රාවන් ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක නොයෙදෙන්නේකුනම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA අගයන්ගේ එකතුව 500 mg පමණක් සෑහේ.නමුත් ඔබ කායවර්ධනය වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500mg සිට1g දක්වාද DHA අගය 200mg -500mg දක්වාද ගත යුතුයි.ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පහුව සුදුසු වනවා.
දැන් අපි බලමු Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක.
Thushara De Silva - Fb
Chemistry වෙතින් උපුටාගැනිමකි .පසු සටහන.💙💙💙💙
දිය වැඩියාව පාලනය සහ ඇසේ ක්‍රියාකාරිත්‍වය සදහා Omega-3 යොදා ගැනීමෙන් ප්‍රතිපල ලබා තියෙනවා.
Note of imaginary
2022-08-09
දුක හිතෙනවා
සුන්දර ඇමෙරිකන් ජිව්තය ..
ටිකක් දිග කතාවක්,හැබැයි ගොඩක් වැදගත්
මේ කතාව මගේ නෙමෙ ..ඒත් එය අතිශයින්ම සංවේදියි...ඇමෙරිකාවට යන්න සුන්දර සිහින මවන අයට මෙය සුවිශේෂීයි..
මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත.
මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක්
සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී
වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා.
දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන
ආපහු යනවා.
මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන්
කියන්නේ පැට්‍රල් ෂෙඩ්.
පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි
කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක්
දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක්
තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප
10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස්
ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්
ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය ව්වෘත කරන එකයි. ඊට
අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු
විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි
රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.
වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක්
අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල
පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට්
තමයි.
ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය
වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ
නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්”
කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න
වැසිකිළියක්. ඒවාට කියන්නේ “රෙස්ට් රූම් ” නැත්නම් “වොෂ් රූම්” කියලා.
ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ- ලෝකෙට පරකාසෙ කරන රටක්.
මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස්
පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.
අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව ඉංග්‍රීසි
භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා
මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා
කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි.
ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවා මුරයයි.
දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් ” may I use
your rest room ” කියල මගෙන් ඇහුවා.
“rest room only for customers” කියලා මම මිනිහව එළවා
ගත්තා. මගෙ තාත්තගේ වයසේ මිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූන
අමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත් නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි.
බැල්ම තියුණුයි.
පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මම පයින්ම මගේ
නවාතැනට ගාටමින් හිටියා. වෙලාව උදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක්
උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහා මොනවද තාලෙට කියනව මට ඇහුනා.
” ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්. ඒ අර මම
එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටු කළා.
හලෝ.. are you singing ?
මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a
coffee ? මිනිහගේ කකුල් දෙකම වන වෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින්
සාරෙ ගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
” are you sick?”
“I am having cold and fever”
මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා.
ඉන් දෙකක් මම මිනිහට දුන්නා.
” Panadol ? are you sri lankan ?”
” my god ! are you sri lankan too ?
දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්න ලෑස්ති උනා.
මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල , රෑ
ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට
ගියා.
රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්ද ගියේ නැහැ.
කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදා ගන්න එක.
ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහව දැක්කෙ නෑ.
එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ” අරයා”
ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත් වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන
හිටියා. ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා. වැඩි හරියක් සුදු
කෙස්.
ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපි එකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.
” Are you speaking Sinhala ?” මිනිහා මගෙන් අහනව.
” මම හිතුවේ සෑම් මහත්තයා ඉන්දියන් හරි මෙක්සිකන් හරි
කියල. ලංකාවෙ කොහේද ?”
මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මං ගැන අහනව.
මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.
මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.
ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කීදෙනාටද සෑම්
මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25 කට
ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි
ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක්
අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ සෑම් මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා.
අපිට ළමයි තුන් දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට
පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.
මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට
මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න
අමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම
නිතර නිතර ලෙඩ වුනා.
විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.
පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල
දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙන ගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක
විවාහ උනා.
ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ” drive
through ” කසාද බඳින්න තැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට.
ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.
පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රථ හදන
කොම්පැනියකට බැඳුනා. මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි
උනා. ඉතිරියක් , අනාගතයක් ගැන හිතුවෙ නැහැ.
පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා
එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩ තිබුනා.
ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක. කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්.
සුදු පාට හමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙ වයිෆ් පද්මිනිත් වගෙයි.
සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි
මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට ” කිරි සුදු හාවා” ඉගැන්නුවා.
දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what
the hell that old man doing here කියල.
Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.
But this is my house– ඒ බෑණා.
OK I will ask them to leave. You can hire a baby
sitter for 600 dollars for a week.
මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේ හිටියොත් ඒක
මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේ කරදරයක් නැහැනෙ.”
අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන් වෙලා ඉඳල නෑ. එයා
කඳුලු පුරවා ගෙන මා දිහා බලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”
පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට් එකක. මිනිහ
මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩි විස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.
මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතා කැම බීම කරල
තියෙන්නෙ පිටින්.
” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ
තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව.
මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.
මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තු තීරණ නිසා අද
අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්ධයක් නැහැ. දරුවො හිත්
පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.
මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්, තේ හදන්න
අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.
” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අද ඉඳල මම උයනව”
“ඉතින් කොහොමද මේ තත්වෙට වැටුනේ ?” මම එයාගෙ කතාවට බාධා කලා.
” අනේ සෑම් මහත්තයෝ, මං ගැන කාටවත් කියන්න එපා. ඒක අපේ
රටට කරන අගෞරවයක්.”
පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා. පස්සෙ පස්සෙ
අහන දේට විතරක් උත්තර දුන්න. සුමානයක් දෙකක් යනකොට මට එයාගෙ වෙනසක්
තේරුනා. මිනිහ මාව නොරුස්සන ගතියක් මට දැනුන.
එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත්
ඉව්වා. පුතා කිරිබත් කන්න හරි ආසයි.
” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්ති කරනව.”
මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල,
පරිප්පු වේලෙන්න උයල, ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මම රෑ 11
වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.
තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි
පුටුවෙම නින්ද ගියා. පුතා තව කට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතර
ඇති. සේරටම හොඳටම වෙරි.
උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල. සාලෙ ලයිට් පත්තු
උනා. එකෙක් අහනව “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?” ඒ තව එකෙක්.
මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්න එක කරදරයක්ද ?” කියල.
” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්න ගන්න විදිහක්
නෑ. “I too have a life තාත්තෙ”
මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම
පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එක
ඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටද ගිහිල්ල.
පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.
” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට . ට්‍රේනින් එකකට. සති දෙකකට.”
එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා.
එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදා ගත්ත.
කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.
නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.
“Your son didn’t pay the rent. You have to pay or leave the
apartment”
” Can’t you wait? He will be back in two weeks”
” No he is not coming back. He moved to NewYork”
මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.
පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මට පනිවිඩේ ලැබෙන කොට හවස
3.00 ට විතර ඇති. සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේ නැහැ
පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මම ඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට
කම්මුල් ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද
තාත්ත අඳුර ගත්තු හැටි කීවා. මට අද වගේ මතකයි.
සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල් ජීවිතය ගැන තිබූ
ආසාවන් සේරම වෙනස් වුනා වගේ කියල මට හිතුනා. මම නවාතැනට ගිය ගමන්ම අම්මට
කෝල් කළා. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. ෆෝන් එක ගත්තෙ අම්ම.
මම “හලෝ” කිව්වම” ආ මගෙ පුතේ.. දැන් කාල බීලද ඉන්නෙ?
දැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුව. මට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයි
පුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටිය ඇති පුතේ ඉක්මණට ආපහු එන්න”
ෆෝන් කාඩ් එක ඩොලර් පහයි. ඒක ඉවරවෙන තුරුම මම අම්මත්
එක්ක කතා කළා. ඒත් මගේ හිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ.”
ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්න තිබුණනේ?” බුද්ධාගමේ නේද ?
ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙ නැද්ද?”
ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි. ඒවයින් කෙරෙන්නේ
බාස්කට් බෝල් ටූනමන්ට්/ ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.
හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේ කොයි වෙලාවෙද ඇඳට
වැටෙන්නෙ කියල බලා ගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රය කරන්නවත්, පංසලකට
පල්ලියකට යන්නවත් බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ
මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.
මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව. ඒ කඨින දවස්
වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ.
මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක්
එක්ක කතා කරනව නෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.
මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත්
වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිත හදා ගන්නව ඇරෙන්න
මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරි සපරමාදුට දුන්න.
” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බ වෙනව නේද?”
මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන් මට ඉන්න තැනක්
නෑ. ඇඩ්‍රස් එකක් නෑ.
මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන් හිඟමන් දෙන්නෙත් පාට බලල.
” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”
දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම් ගානක් නැහැ.
වැටිච්ච තැන නින්ද යනව. වින්ටර් එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊට පස්සෙ?”
ඇයි නැත්තෙ ?
දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ
රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ
පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.
මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා. මම එයා ළඟට ගියා.
එයා ඇස් උඩ තියා ගත්තා.
” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැම තැනම හෙව්වා”
” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේද ඉන්නේ?”
“පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මං හිතන්නෙ ෆ්ලොරිඩා වලට…
බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීල ගියා.. මම දැන්
ගෙදරක බබෙක් බලාගන්නවා.. ඔයා කොහේද ඉන්නේ ?”
” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට
තමයි නිදා ගන්නෙ”
” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න”
ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී.
මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස්
වෙලා.
” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”
මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන් වෙලා යනව. අපි
ආයෙ කවදා හමුවෙයිද ?
දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට
දුන්න පොලිතින් වලින් ඔතාපු පාර්සලයක්
” සෑම් මහත්තයා මට පොඩි උදව්වක් කරන්න. මේ අපේ ෆොටෝ
ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට
දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”
ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ? යන්න…… මේක හොඳ රටක් නෙවි.”
සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන් වගේ.
‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින්
මහත්තයගෙ අම්මට මොනව හරි අරන් යන්න..”
පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ්
බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.
ඒ සපරමාදු. මම 911 කෝල් කළා.
ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මම වීදුරු කවුලුවෙන්
බලා හිටියා.
සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන්
කොහාටද අරන් ගියා.
සපරමාදු මැරිලා.
මූනූ පොතෙන් උපුටා ගැනිමකි.
--------------------------------------
notes of imaginary
2022-08-07
මුන් ට පිස්සු ආනන්ද .
මුන්ට පිස්සු...ආනන්ද..
ආනන්ද මම හැමදේම අතහැරපු බෝ ගහ යට ඇයි මේ මිනිස්සු වැඳ වැටිලා හැමදේම ඉල්ලන්නේ?
ආනන්ද මේ තරම් පළතුරු වලින් ඇයි මේ චෛත්‍යය පුරවන්නේ?
ආනන්ද ඇයි හංදියක් හංදියක් ගානේ
මගෙ රුව තැන්පත් කරලා?
කරන්න තියෙන පව් වැඩ
මිනිස්සු හංදියක් ගානෙම කරද්දී
මගේ රුව වුනත් දුක්වෙනවා ආනන්ද
ඇස් පනාපිට මිනිස්සු තිරිසන් වෙද්දි.....
ආනන්ද ඇයි මිනිස්සු මගෙ රුව ගාවට ඇවිදින් යාන වාහන
ඉල්ලා වැඳ වැටෙන්නෙ?
මිනිස්සු පව් ආනන්ද කවුද ඒ බොරු මත
මිනිස්සු අතරට යැව්වේ....
ආනන්ද ඇයි අර බෝ ගහේ සුදු පටි වලින් සරසලා අපල දුරු
වේවා කියලා බැඳලා තියෙන්නේ?
කියා දෙන්න ආනන්ද හිත දියුණු කරලා
තමන් තුළ හටගන්නා ප්‍රාර්ථනා
ඉටු වෙනකල් මහන්සි වෙලා වැඩ කරන්න කියලා.....
බලන්න ආනන්ද ලෝකය දිහා
කොච්චරනම් සැබෑ ආදරවන්තයන්
අද මිථ්‍යාවෙන් වැහුණු වෙලාවල්
කඩදාසි කොල නිසා වෙන්වෙලාද කියලා....
කවදද ආනන්ද මම කිව්වේ වෙලාවල් විශ්වාස කරන්න කියලා....
ආනන්ද ඇයි මේ භික්ෂුව සුර සැප මහල් වල වැඩ සිටින්නේ?
ආනන්ද ඇයි මේ භික්ෂුව බීමතින් පන්සල් වල වැඩි සිටින්නේ?
මතකද, ආනන්ද මම දේශනා කලා
කොසොල් රජතුමාට එදා
මගෙ ශාසනය විනාශ කරන්න,
ධර්මය යට ගහන්න
මිත්‍යාවන්ගෙන් වැහුනු මිනිස්සු
කසාවත දරාගෙන මගෙ ශාසනය තුලම බිහිවෙනවා කියලා.....
අද ඒ හැමදේම මහ පොළොවේ සිද්ධ වෙනවා ආනන්ද...
ආනන්ද පාලකයාට බෞද්ධ ධර්මය රකින්න පුලුවන් කියලා මුසා කියව්වේ කවුද
ශාසනේ රැකෙන්නේ ධර්මය ,විනය විතරයි කියලයි මං කීවේ.
කවද්ද ආනන්ද මම දේශනා කලේ
උපතින්ම දෙමව්පියන්ගේ ආගමින් බෞද්ධ වෙනවා කියලා....
බෞද්ධ යා කියන්නේ,
ධර්ම මාර්ගයේ යන කෙනාටයි
පින්බර ආනන්ද....
ආනන්ද ඇයි බිලි පූජා කරන කෝවිල් වල දේවාල අඩවි වල
"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" කියන්නේ?
සත්තු මරන තැන්වල
මිනිස්සුන්ට දෙස් තියන තැන්වල
"නමෝතස්ස" කියන්න තරම්
මිනිස්සු එච්චරම පහත් වුනා නේද ආනන්ද...
ආනන්ද ඇයි පන්සල් වල මේ තරම්
පිං කැටයට අගුළු දාලා හිර කරන්නේ?
කවද්ද ආනන්ද මම දේශනා කලේ
පිංවතුන් දෙන දානය හිරකරන්
පන්සල් දියුණු කරන්න කියලා
හිත් ගඳ ගහන්න දීලා....
මිනිස්සු හැමදේම ඉල්ලා හඬා වැටෙන
බෝ ගස යට තමයි ආනන්ද,
මම එදා හැමදේම අතහැරියේ....
🙏🙏🙏
_copied_ කතුවරයා නොදනිමි....
notes of imaginary
2022-08-06
දියව් ! දියව් !!.
ජීවත් වීම අසීරුය.රටේ ආර්ථිකය ලත්වු පීඩනය අපේ
බත් පතටත් එල්ලවී තිබේ.
පසුගිය අවුරුදු දෙක අපිට වුන දේ හිතාගන්නටවත්
නොහැකිය. පොහොර ගෙන්වා ගැණිමට මුදල් නොමැතිව එම වියදම් කපා හැරීමට අපට යෝජනා කලේ
වස විසෙන් තොර ආහාර වේලක් සදහා කොම්පෝස්ට් පොහොර භාවිතා කළ යුතු බවය. මෙයට උඩ ගෙඩි
දෙන්න වියත්තුන් ,සංඝරත්නය ආදී සමාජ ප්‍රමුඛයෝ
බොහෝ සිටියේය. පොහොර නොමැති වීම නිසා කෘෂිකර්මය බින්දුවට බැස්සේය. ගොවියෝ පාරට
බැස්සා ද පාරට රැගෙන අවාද දන්නේ දේශපාලන පක්‍ෂ කාරකාදීන්ය.
කොවිඩ් රට වසා තබා විදේශීය සංචාරක ව්‍යාපාරය
,දේශිය කර්මාන්ත අඩපන කලේය.ඒ මදිවාට වැඩ
වර්ජන රැල්ලක්ද වෘත්තීය සමිති විසින් ඇති කලේය. ලෙඩා පන අදින්නට පටන් ගත්තේය.
ආහාර .ගෑස්, ඉන්ධන සහ ඖෂධ අහස උසට මිළ ඉහල ගියේය. හිග විය.
ඒ අතරට අරගලය පැමිණියේය. අරගලයට වැඩෙන්න සරු
බිමක් ඇතිව තිබු බැවින් එය පලබර විය. බීජ වැපුරුවෝත් සහ ඵල නෙලා ගන්නට බලා සිටි පිරිසත් අන්දමන්ද
කරමින් ජනතා වරමක්වද නැතිව සිටි උකුස්සෙකු
ගොදුර ඩැහැගත්තාය.
ඒ වර්තමානය තෙක් අතීත කතාවයි.
අද වර්තමාන ජනාධිපති රණිල් ගේ ආවේනික ක්‍රමයට රටේ පාලනය අවතීර්න වෙමින් පවතී. ඔහුගේ ආර්ථික න්‍යායන්ට
අනුව රාජ්‍ය ව්‍යවසාය පැවතීම යල් පැනගිය කටයුත්තකි. අද සමාජවාදී රටවල් පවා මේ න්‍යායෙන්
මිදී පෞද්ගලීකරණයට පිවිසී තිබේ. පෞද්ගලිකකරණය වු පසු රජයට බරක් නොමැතිව බදු ආදායම
ලැබේ. අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් දූෂණයෙන් මෙන්ම අකාරයක්‍ෂමතාවයෙන් බෙලහීනවී
තිබේ.ඒවායේ පාලකයන් මෙන්ම සේවකයින්ද ආයාතනයේ පැවත්ම නොසලකා තමන්ගේ පැවත්ම ගරන
පමනක් සොයා යයි. ආයතනය පැවතුනහොත් පමනක් තමන් පවතින බව නොසිතයි. රාජ්‍ය භාණ්ඩාගාරය
මැදිහත් නොවන්නේ නම් අවසානයේ තමන්ගේ පැවත්මත් අහිමිවන බව නොසලකයි.
මිළදී ගෙන අලවි කරණ සතොස වැනි ආයාතන පාඩු ලබද්දී
පූඩ් සිටි කීල්ස් වැනි ආයාතන ලාභ ලබයි. මෑතක අරඹන ලද වෙළද ව්‍යාපෘතියක් සහිපත් වේ.
මේවා හදුන්වන්නේ කුළු බඩු මණ්දීර නමිනි. ඒවායේ දේශීය කුළුබඩු වර්ග අළවිය සදහා තබා
තිබේ. නළමනාකරුවෙකු ඇතුළුව සේවකයින් කිහිප දෙනෙකු සේවය කරයි. මෙම සේවකයින්ට වැටුප්
ලබා දිය හැකි තරම්වත් ආදායමක් ඇත්දැයි මීදුමට සැක සිතේ. මෙම භාණ්ඩ සතොස මලින්ද
බෙදා හැරිය හැකියාවක් තිබියදී මෙම ව්‍යාපෘතියේ අරමුණ එක් දේශපාලකයෙකුගේ
සංකල්පනාවකි.
මෙවැනි බාල කටයුතු නිසා අපේ ආර්ථිකය තව තවත්
පිරිහේ.
අපි අද දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේ එදිනෙදා ජීවිතය
ගැට ගසා ගන්නට ප්‍රයත්න දරන පිරිසක් බවට පත්ව ඇත.මේ වෙනස ගලපා බලන විට පෞද්ගලික
මට්ටමෙන් දැඩි වේදනාකාරීය. සුළු ,මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයෝ මෙන්ම මහා පරිමාන ව්‍යාපාරිකයෝද
තමන්ගේ ව්‍යාපාර මුදල් සංසරනය අවම වීමෙන් කඩාහැලෙන තත්වයකට පත්ව ඇතැයි මැසිවිලි නගති.
ජනතාවගේ දෛණික ආදායම අඩුවීම සහ භාණ්ඩ මිළ කෘතිම ලෙස ඉහලයාමත් මිළදී ගැණිමේ
හැකියාව අඩුවීමත් වෙළදපල මුදල් සංසරණයට විශාල බලපෑමක් කර ඇත. ආර්ථිකය ගැන
දැනමිත්තන්ගේ ප්‍රකාශයන් කියවන විට මේ තත්වය තවදුරටත් ඉහල යනු ඇතැයි බියක් දැනේ.
රටකරවන පාලකයෝ අසීමාන්තික ලෙස වරප්‍රාසාද භුක්ති
විදිමින් සිටී.ඔවුනට වගවීමක් කැති තරම්ය.
ගෙවී යන 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ රාජ්‍ය අයවැයෙන් වර්ෂයේ සමස්ත අයවැය හිඟය
රුපියල් බිලියන 1628ක් ලෙස ඇස්තමේන්තු කර තිබිනි.මේ අනුව මේ වසරට (2021) සාපේක්‍ෂව
අයවැය හිඟය රු.බිලියන 1826 සිට රු.බිලියන 1628 දක්වා රුපියල් බිලියන 198කින් මෙම
වසරේ (2022) දී අඩුකර
ගැනීමට මෙවර අයවැයෙන් ඉලක්ක කර තිබිනි.මේ අනුව සමස්ත අයවැය හිඟය දළ දේශීය
නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මේ වසරේ (2021) සියයට 11.1 සිට ලබන
වසරේ (2022) දී සියයට 8.8 දක්වා අඩුකර ගැනීමට අපේක්‍ෂාව
විය.
අයවැය හිඟය පියවන අයුරු
§ සමස්ත
අයවැය හිඟය රු. බිලියන 1628
§ මුළු
විදේශ මුල්‍යනය (179)
§ මුළු
දේශීය මුල්‍යනය 1807
§ මුළු
මුල්‍යනය 1628
ලෙස
සටහන් විනි. මේවා පාර්ලිමේන්තුවේ සිටින අපේ ජනතා නියෝජිතයෝ නොදන්නා කරුණු විය නොහැකියි.
මේ
අපේක්‍ෂාවන් බොද කරමින් එක් කණ්ඩායමක් විසිර ගිය අතර නව නායකත්‍වය ශිල්ප දක්වන්න
පටන් අරගෙන තිබේ. බංකොලොත් රටක ජනතාව වන අපිටත්” දියව් දියව් “ සටන් පාඨයෙන් බැහැරව
අඩුම තරමේ තමන්ගේ දිවිපැවත්ම ආරක්‍ෂා කර ගැණිමට වත් දේශීය නිෂ්පාදන කාර්යයකට යොමු
වන්නේ නම් සුරක්‍ෂිතවේ යයි මීදුම සිතයි.
තමන්
හිසට තම අත සෙවනැල්ල මිස වෙනත් පිලිසරනක් නොමැති කාලයකට අප පැමිණ සිටින
බව මීදුම සිතයි.
2022-08-04
මහ දිග කතාවක් නෙවෙයි...විනාඩි 18යි
8/04/2022 02:38:00 pm
1 comment
notes of imaginary
😁😁😁මුනූ පොතට මේ කතාව යොමු කලේ රෝහිණී සිසිප්‍රිය. ඇයට ස්තුතියි .
ටිකක් නිවී හැනහිල්ලෙ ඉන්නකොට මට
හිතුණ, අපි මේ දුවන්නෙ රේස් එකක් නේද
කියල .අරයට වඩා පොඩ්ඩක් හරි උඩට යන්න,
නැත්නම් ,අපේ අයම විතරක් අරං දුවන්න.
එහෙමත් නෙවෙයි නම් ,මගෙ සතුට විතරක්
බලාගන්න.....
මග හැලෙන අය, වයසක අය ,ආබාධිත අය ,
රේස් යන්න හයියක් නැතිව,ස්ටාර්ටින්ග් පොයින්ට්
එකේම නතර වෙලා ,කඳුළු පුරෝගෙන බලා
ඉන්න අය ....කොයිතරම් මගෑරෙනවද?
ඔස්කාර් සම්මානය ගත්තු කෙටි චිත්‍රපටියක් බැලුව.
විනාඩි 18ක.
“A teen homeless meets a deaf-blind man
Who changes his life forever..”( වීදි ගැටවරයෙකුට
මුණගැසෙන අඳ -බිහිරි මිනිසා ,තරුණයාගේ ජීවිතය
වෙනස් කරයි.) මාතෘකාව, නම් කළේ එහෙමයි.
ඒ චිත්‍රපට යේ වචන ඇත්තෙම නැති තරම්.මුහුණේ
හැගීම් හා ඉරියව් තුළින් කතාව ගමන් කරන්නෙ.
රාත්‍රී අඳුර ..විසිතුරු බඩු සහිත වෙළඳ සැල් ...
උණුසුම් කබාවලින් සැරසුණු මගීන් නිවෙස් කරා යද්දී
කතානායක ගැටවරයා ටෙරෙක් (Tereek) වීදියේ
කඩපිලක නොසන්සුන් ඉරියව්වෙන් එහා,මෙහා ගමන්
කරන අය දිහා බලාගෙන ඔහේ ඉන්නවා. ආරම්භක දර්ශනය
ඒක .
දැඩි සීතල ,තනිකම ,කුසගින්න හා පීඩනය
රසිකයා ගේ සිතට දැනෙන්නෙ එයාගේ මූනෙ ඉරියව් වලින්.
යහළුවන් ගේ පිහිට ඉල්ලමින් ,සාක්කුවේ දුරකතනය
මගින් කෙටි පණිවිඩ යවනව..
යහළුවන් මග හරිනබව පේනව. යමක් මතක් වෙලා ,එයා
වීදිය දිගේ දුවල ඉස්සරහට යනකොට යාළුවො
දෙන්නෙක් මුණගැහෙනව.තුන් දෙනාම සාප්පු සංකීර්ණයකට
ගිහිං ක්‍රීඩාවක් කරල .ලබාගත්තු සල්ලි දාල නූඩ්ල්ස් අරගෙන
පාරෙ තියාගෙනම කනව.
යාළුවන්ට ගෙවල් වලින් ඇමතුම් එනව,
“අම්මල මාව හොයනවා” එක්කෙනෙක් ෆෝන් එක ඕෆ්කරන
ගමන් කියනව.
“ඒ ගොල්ලො මං එනකං බලාගෙන ඉන්නව”
“මටත් එහෙම තමයි”
මේ සංවාදෙ යනකොට ..ටෙරෙක් ගෙ සමීප රූප රාමුවක් තිරේ
වැටෙනව.
අසරණ බව,තනිකම ...වේදනාව ඒ ඇස්වල උතුරනවා.
එයා එනකං බලා ඉන්නෙ කවුද?
අඩුගානෙ වැටිල නිදාගන්න තැනක්..
හොඳටම වැටිල ඉන්න වෙලාවක ,ඔයාල හිතන්න අපේ මූනෙ
ඇස්වල තියෙන්නෙ ,හයියෙන් කෑගහල අඬන්න හිතෙන ගතියක්.
ටෙරෙක් ගෙ මූණ ත් අන්න ඒ වගේ .
ඔහු අරමුණක් නැතිව ඇවිදගෙන යනවා..පිටිපස්සෙන් රතුපාට
වීදි පහන් පේලියක් .....
ආවෙත් කෙටි පණිවිඩයකට ,උත්සාහයක්.කෙල්ලෙකුට ....
“ඔයාට කොහොමද”?
“ මං ආවොත් ඔයා බලන්න කමක් නැද්ද..”
තමන්ට රාත්තිරිය ගතකරන්න තැනක් නෑ කියනවට වඩා
කෙල්ලෙක් අන්දන්න ඕන විදිහ ,කොල්ල දන්නව.
මෙතෙන්ට කෝප්පයක් අරගෙන ,යාචකයෙක් එනව.
යමක් ඉල්ලනව ටෙරෙක් ගෙන්.
“මං ළඟ මුකුත්ම නෑ..” ෆෝන් එක ඔබන ගමන් ටෙරෙක් කියනව.
ඔහුගේ ස්වරයේ නොරුස්සන බවක්.
මොහොතක් ගැටවරය දිහා බලා ඉන්න දුගිය , ටිකක් ඈත ,
පදික වේදිකාවෙ හිටගෙන ඉන්න මිනිහෙක් ළඟ නවතිනව.
තරමක පුෂ්ටිමත් සිරුරක් හිමි අයෙක්. ඔහු අත සුදු සැරයටියක්.
යාචකය ඒ මනුස්සය ඉස්සරහට ගිහිං යමක් ඉල්ලනව. සැරයටිකරු
ට ඇසුණු බවක් හෝ පෙනුණු බවක් දකින්නෙ නෑ.ටෙරෙක්
ඔළුව උස්සල ඒ දෙන්න දිහා බලනව.සැරයටිකරු ගෙ
ප්‍රතිචාරය බොල් නිසා ,යාචකය ඔහු ඉදිරියෙන් තමන්ගෙ
අතක් උඩට පහළට යවනවා.
සැරයටිකරු පඹයෙක් වගෙ ඔහේ ඉන්නව.
ටෙරෙක් ගෙ කුතුහලය ඇවිස්සෙනව.....යාචකය එතැනින්
ඉවත්වෙනකොටම ටෙරෙක් අර මනුස්සය ඉස්සරහට යනව.
සැරයටිකරු ගෙ අතේ තියෙන බෝඩ් එකට ,කැමරාව
එල්ලවෙනව.ටෙරෙක් ඒක කියවනව.
Iam DEAf AND BLIND
Tap Me
If You can help me
To cross the street.
(මට පාර පනින්න උදවු කරන්න පුලුවන්ද ? මම අන්ධ
බිහිරි කෙනෙක් .කැමති නම් ,මාව අල්ලන්න .)
ඒ දර්ශනය මගෙ හිතට කම්පාවක් ඇතිකළා .මේ
අසරණ මනුස්සය බෝඩ් එකත් එල්ලගෙන පාර
පැනගන්න බැරුව කොච්චර වෙලාවක් එතන
හිටගෙන ඉන්න ඇද්ද?
ඒ බෝඩ් එකේ රූප සටහනකුත් තියෙනවා.
නිකං සංකේත වගෙ මිනිස් රූප දෙකක් .එක අයෙක් .
අනිකාගේ වැළමිට ළඟින් අල්ලාගෙන යනව.
මොන තරම් ලොකු කතාවක්ද?
අපිට එහෙම වෙන කෙනෙක් වෙනුවෙන් කැපවෙන්න
සුළු මොහොතක් ..පුලුවන්ද?
ඔයාල තනියම හිතයි ,අපිට වෙලාවක් නෑ..
මේ වැඩටික කරගන්න බැරුව අපි දඟලන්නෙ..කියල.
අහල තියෙනවද ,මේ සිංදුව ..
“මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම් හතර අතේ
පාවෙනවා සුළඟ වගේ....”
අපිට කාගෙ හරි දුකක් පෙනුණද?දැනුණද?
රේස් අස්සයො වගෙ දුවන කොට ,කරුණාව
දයාව ,මනුස්සකම පෑගෙනව අපි දකිනවද?
දන් අපි බලමු ටෙරෙක් දිහා.එයා මොහොතකට
දෙගිඩියාවෙන් බව අපි දකිනව.ඇයි ..
අර කෙල්ල ඉන්න තැනට යන්න ඕනි ,තව රෑ වෙන්න කලින්.
නැත්නම්,පාරෙ තමයි .අනික් අතට මේ අන්ධ මනුස්සය
තනියෙම මෙතැන දාල පනින එකත් හරි නෑ.මූනෙන්
ඒ වගෙ හැඟීම් පෙන්නන්න දක්ෂයි ,අපේ ශ්‍රේෂ්ට නළු
ජෝ අබේවික්‍රම ත්. ටෙරෙක් ගෙ මූණ පෙන්වන්නෙ
තරහක් නෙමෙයි ,නො ඉවසිල්ලක්. වටපිට බැලුවට පාර හිස් .
කවුරුවත් නෑ.අන්ධ මිනිහ ගෙ මුහුණෙ හරි ශාන්ත මඳ
සිනාවක් ඇඳෙනව. ඒ ආලෝකය ටෙරෙක් ගෙ හදවතට
වදිනව.
“ මේ .....” ටෙරෙක් අර මනුස්සයගෙ එක උරයකින්
අල්ලනවා.එතකොටම අනිත් උරයෙ තිබුණු බෑගය බිම
තියල අර බෝඩ් එකටම පෑනකින් සම්බන්ධ කරපු
සටහන් පොතක් අරගෙන ,යමක් කුරුටු ගාල .,ටෙරෙක් ට
පෙන්වනව.
“I need M 15 ” ( මට එම් 15 බස් එක ගන්න ඕනි.)
“ හරි” “තව පොඩ්ඩ දුරයි.” පාර දිහා බලල ,ටෙරෙක්
බිම තිබුණු බෑගයත් .අන්ධ මනුස්සයගෙ උරහිසෙන් දාල ,
එයාව උරහිසෙන් අල්ලල,හෙමින් හරවනවා
“දැන් ඔහොම ඉස්සරහට යන්න,..”
එහකොටම ඉතා වේගයෙන් ලොකු කන්ටේනර් එකක් ගමන්
කරනව විශාල ශබ්දයකින්. ඒ එක්කම ,මෝටර් සයිකලයක්.
ටෙරෙක් පාර දිහා බලනව,නැවත අන්ධ මිනිසා දිහාත් බලනවා.
අන්ධයා නැවතිලා ,ගල් ගැහිල වගෙ ඉන්නව.
පසුබිමින් ඉතා ශෝකාකුල සංගීත රාවයක් ඇහෙනව.දැන්, ටෙරෙක්
දෙලොවක් අතර .මේ මනුස්සය ට උදව් කරනවද? කෙල්ල ගෙ ගෙදර
යනවද?
තව රෑ බෝ උනොත් ඒ නවාතැනත් නැතිවෙනව...මොකද කරන්නෙ .....
ටෙරෙක්ගෙ සමීප රූපයක්.තීරණයක් ගත නොහැකිව ,ලතැවෙන
දෑසක්. අන්ධ මිනි සාගේ නවා ගත් අතක චායාරුපයක් !
නිහඩවම කෙරෙන ආයාචනයක් ....
ටෙරෙක් මිනිසා වෙතට ගමන් කරල,අර එයා නවා ගෙන හිටපු අත .
අල්ලනවත් එක්කම ,අත දිගාරින අන්ධයා ටෙරෙක් ගෙ උරහිස
හොයල ග්‍රහණය කරගන්නව.
අන්ධ මනුස්සයගෙ මූනෙ බොහොමප්‍රසන්න හිනාවක් මතුවෙනවා .
හරිම ශාන්ත සිනාවක්. සැනසීමක සේයාවක් .
මෙන්න මේ දර්ශනය හරිම දයාබරයි. අසරණයෙකුට මොහොතකට
හෝ ගමන් සගයෙකු මුණගැහෙනව . එකම අරමුණක් ගොඩනගා
ගෙන දෙදෙනා එක ළඟින් ,කැමරාවට පිටුපා ගමන් කරන අපුරුව...
තිරයේ දර්ශනය වෙනව.
ජීවිතේටම හමු නොවුණු දෙදෙනෙක් ......
වෙනස් අවශ්‍යතා ඉටු කර ගැනීමට බලා ඉන්න දෙන්නෙක්...
එකෙකුට ආරක්ෂා සහිතව ගෙදර යන්න ඕනි.
අනිකාට යන්න තැනක් නෑ .
අන්ධයා හැමවිටම උපශාන්ත සිනහවක් රඳවාගෙන ...
අනිකා නො ඉවසිලිවන්තයි..කලබලයි..සිනහවක සේයාවක් නැහැ.
කම්මැළි වගෙයිද?
ඇතිද .....?
පුළුවන් නම් තව ටිකක් බලමු....ආදර කතාවක් වගෙ නෙවෙයි,තමා.
ඒත්................
අපිත් මේ වගෙ තත්වයකට මූණ දුන්නොත්..දමල ගහල යනවද?
දැන් රෑ එකත් පහුවෙලා.ටෙරෙක් අන්ධ සගයව බස් නැවතුමට
ගෙනිහින් ,ප්‍රවේශමෙන් එතැන දිග බංකුවේ වාඩි කරවනව.
එතකොටම එයාගේ ෆෝන් එක රින්ග් වෙනවා.කෙටි පණිවිඩයක් .
වෙලාවත්,පණිවිඩයත් දෙකම තිරේ වැටෙනව .
1:27 යි .( ඒකෙනුයි වෙලාව දැන ගත්තේ)
“ඔයාට තව වෙලා යයිද?”...”දැන් හුඟක් රෑ වෙලා”
ටෙරෙක් පිළිතුරක් ටයිප් කරනවා.
“මේ එන ගමන්”
දැන් ,අන්ධ මිනිසා වෙතටයි කැමරාව. එයා බෑගයෙන් අර දිනපොත
වගෙ එක අරගන්න හැටි,දකින ටෙරෙක් විමසිලිමත් වෙනව.
යමක් සටහන් කරල ,ඒක හරවල පෙන්වනව.
“ඊළඟ බස් එකට හුඟක් වෙලා තියෙනවද?”
ටෙරෙක් බස් නැවතුමේ සවිකළ පුවරුවක් වෙත පා නගනව.
ටික වෙලාවක් ,ඒක දිහා බලන් ඉඳල ,නැවත අර මනුස්සය ළඟට එනව.
එවර ඔහුගෙ මුහුණ ටිකක් එලියවැටිල වගෙ .ඒ කියන්නෙ ,ඉක්මණින්
බස් එකක් ඇති. මෙයාගෙන් ඉක්මණට නිදහස් වෙන්න පුළුවන්
වෙයි වගෙ හැඟීමක් ...මට හිතුනෙ .
අන්ධ කෙනාගෙ සමීප රූපයක්..ඔහු හරිම ශාන්තව මඳ සිනාවකින්
ඉන්නව අපි දකිනව.
හරි ප්‍රශ්නෙ .!.ලඟට එද්දි ටෙරෙක් ගෙ මුහුනෙ ආවෙත් ගැටලුසහගත බවක්.
අන්ධ මනුස්සයව සන්නිවේදනය කරන්නෙ කොහොමද? අන්ධයි ..බිහිරියි.
ටෙරෙක් ළඟ ක්ෂණික විසඳුමක් තියෙනව වගේ .එයා ,අරයගෙ අත
ස්පර්ශකරන කොටම ,අන්ධ මනුස්සයත් ඒ අත ටෙරෙක් පැත්තට
දිගු කරනව.
බලන්න.....වචන ඕනි උණේ නෑ.ස්පර්ශයක් ඇති අවබෝධ කරගන්න.
එහෙම බලන කොට ,අපි මොන තරම් වචන නාස්ති කරනවද?
ටෙරෙක් යාළුවගේ අත්ල මත ,තමන්ගෙ ඇඟිල්ලෙන් සංඥා
දෙනව.
“එක ..දෙක ...දහය”
ඒ කිව්වේ ඊළඟ බස් එකට ,විනාඩි දහයයි.
අන්ධ මනුස්සය තේරුම් ගත්ත ,තමන් ගෙ අල්ල මතට දහ වතාවක්
සංඥා ලැබුණු බව. එයාගෙ දෙතොල් තදකරගෙනම ,අපූරු
සුන්දර සිනාවක් මූනෙ ඇඳෙනව. ඔහුට සතුටු ඇති . වැඩි වෙලා
නොගිහින් තමන්ට උණුසුමට වැටිල නිදාගන්න පුළුවන් .
ලෝකෙ කොහේ ගියත් ගෙදර වගෙ කොහෙද?
දැන් ටෙරෙක් ටත් හිතට හොඳ ඇති. එතකොටම ඔවුන් ළඟින් ම
බස් එකක් යනවා අනිත් පැත්තට.ඉන් පස්සෙ නැවත පාළු බවක්.
මේ එළිවෙන ජාමෙ ...නාඳුනන මිනිසුන් දෙදෙනෙක් ..එකෙක්
බොහොම තෘප්තිමත්. අනිකා , වීදියේ ඉන්න කාත් කවුරුත් නැති
ගැටවරයෙක්.ඔහුගෙ හිතේ බලාපොරොත්තුවක් .කෙල්ලෙක්
එක්ක යහන් ගත වෙලා,උණුහුමට පොඩ්ඩක් නිදාගන්න....
අනික ඉහට වහළක් නැති එකේ ,පැයකට හරි දිවිය ලෝකෙ
යන්න ආස ඇති. කවුද දන්නෙ ...ඒ රටවල මිනිස්සු රෑ ජාමෙන්
පස්සෙනෙ නිදාගන්නේ. .
අන්ධ මිනිහ පහසුවෙන් ඇඳි බංකුවෙ හේත්තුවෙලා වාඩිවෙලා ඉන්නව.
පාරදිහා බලල, ටෙරෙකුත් බංකුවෙ වාඩිවෙන්න හිතාගෙන ,යාළුව
බංකුව උඩ තියාගන උන්නු අත උස්සල ,ඒක අරයගෙ කකුල උඩ තියනව.
අන්ධය,ටෙරෙක් දිහාට මූණ හරවල ,නැවත ආදරණීය සිනාවක් පාකරනව.
මේ වෙලාවේ පසුබිමින් ළයාන්විත සංගීත ඛණ්ඩයක් වාදනය වෙනව.
ඒක මේ අවස්ථාවට හරියටම ගැලපෙනව.
තරුණය වාඩිවුණු ගමන් සගයගෙ ,කකුලක් මත තමන්ගෙ අත
තියල හෙමින් තට්ටු කරනව.
“බයවෙන්න එපා ,ඔක්කොම හරි” කියනව වගෙ.
අන්ධ මනුස්සයත් ,ඒ විදිහටම ,ටෙරෙක් ගෙ කකුලට තට්ටු කරන
රූප රාමුවක් තිරයෙ වැටෙනව. හරිම ලස්සණයි .ගමන් සගයින්ගෙ
තෘප්තිමත් මුහුණු ලං කරල අපිට පෙන්වනව.
ඔන්න දැන් තව ගැටළුවක් අපි ඉස්සරහට එවනව,ඩිරෙක්ටර් .
අන්ධ මනුස්සය තමන්ගෙ පෑන අරං මොනවද ලියනවා. ටෙරෙක් ඒක
බලනව.
“මේ ළඟ පාත කඩයක් නැද්ද?” ඔහු ලියල තිබුනෙ ඒක.
දැන් මොකද කරන්නෙ .........ඔයාලටත් තියෙන්නෙ මට ඇතිවෙච්ච
කුතුහලයමයි
ටෙරෙක් අනිකාගෙ අතේ ලියනවා...බොහොම හෙමින් ,එයාට තේරුම්
ගන්න පහසු වෙන්න.
“CAN IT WAIT” (පොඩ්ඩක් ඉවසන්න පුලුවන්ද?)
සගය පිළිතුර ලියද්දි ,දෑස් ලොකු කරගෙන ,ටෙරෙක් ඒ දිහා බලා ඉන්නව.
එයාගෙ බෙල්ල ඉස්සරහට දික් කරගෙන, කට උල් කරගෙන....
“I’M THIRSTY”(මට හරි තිබහයි)
ටෙරෙක් නැගිටිනව.ඊළඟට අපි දකින්නෙ ,එක අතක් ටෙරෙක් ගෙ
උරහිසේ තියාගෙන ,අනිත් අතින් සුදු සැරයටියෙන් මග සොයාගෙන
පේව්මන්ට් එකේ ඇවිදගෙන යන අන්ධ මනුස්සය .ටෙරෙක් යම්
කල්පනාවකින් ඔහේ යනව ,වගෙ පේන්නෙ.ඔහු චුට්ටක් විතර
ඈත් වෙනව. එතකොට ම යාලුව පය පැටලිල වැටෙන්න යනවා..
සැණින් ටෙරෙක් එයාව වැටෙන්න නොදී අල්ල ගන්නෙ ,
“Sorry!” කියමින් .එයාගෙ හිතට හරි නෑ .තමන්ගෙ නො සැළකිල්ල .
අන්ධ මිනිසා නතර වෙලා ,ආයෙත් වැළමිට නවා ගෙන ,ටෙරෙක්ට
පෙන්වනව.කොක්කක් වගෙ තමන්ගෙ අත නවල යාලුවගෙ වැලමිටෙන්
දාගන්නව. දැන් හරි ..........” I got you “.
පුංචිම වෙලාවක් ඇති ,හිතවත්කමක් ගොඩනගා ගන්න.
අනිත් එක්කෙනා ගැන හොයන්න ,බලන්න ..ටෙරෙක් ඉගෙන ගත්ත
වෙන්න බැරිද?
ඊළඟට ග්‍රොසරි එකක් පෙන්වනවා....තිරය මත.ගැටවරයා ,වීදුරු
දොර තල්ලු කරනව.දැන් දෙන්නම ඇතුලෙ... බීම බෝතල් අතරෙ
ටෙරෙක් අත යොමුකරද්දී ග්‍රොසරි යෙ හිමිකරු අන්ධ මිනිහ දිහා
ඇහිපිය නො හෙලා බලා ඉන්නවා.
රෙඩ් බුල් වගෙ බීම කෑන් එකක් අරගෙන ශබ්ද නගා කවුන්ටරය උඩින්
තියන ටෙරෙක් සගය දිහා බලනව .හරියටම ඒ ශබ්දයෙන් ,යමක් වටහගත්තු
අන්ධ මිනිහ ,තමන්ගෙ සාක්කුවෙන් මුදල් පසුම්බියක් (Purse) .අරං
ටෙරෙක්ගෙ පැත්තට දිගු කරනවා.ඔහු ගිජු දෑසින් ඇතුළත බලන්නෙ
එහි ඩොලර් නෝට්ටු කීපයක්ම ඇති නිසා.කවුන්ටරයේ තැනැත්තාගෙන්
තමාට ද චුවින්ගම් එකක් මිළ දීගෙන ,ඩොලර් 3ක් වූ ඒ වටිනාකමද ,අන්ධ
මිනිසාගේ මුදලින්ම ගෙවනවා.
කල දුටු කළ වල ඉහගන්නා ,කෙනෙක් කියල හිතුණත් ,මිනිහ වැටිල
ඉන්න අමාරුවෙ හැටියට කමක් නෑ කියලයි මට හිතුනෙ.
දැන් බැලන්ස් එක ,ආපහු ලැබුණම ,ඒ සල්ලිත් පර්ස් එකට දාන ටෙරෙක්
මුදල් පසුම්බිය දෙන්න හදල..නැවත ඒක ඇරල ඩොලර් 10 නෝට්ටුවක්
කලිසම් සාක්කුවට දාගන්නවා. ඔහු හොරකම කරන අතරෙ දෙපාරක්
අන්ධමනුස්සයගෙ මූණ දිහා බලනව..සමහරවිට බැරිවෙලාවත් පේනවද
කියල වෙන්න ඇති.
අන්ධය කිසි වෙනසක් නෑ .සුපුරුදු හිනා මූනෙන්ම පර්ස් එක අරගන්නව.
( ඒ මුහුණෙ හැඩය හරියට අපේ ජනප්‍රිය නළු ගිරිරාජ් ගෙ වගෙ)
පැත්තකට වෙලා ,බලාඉන්න ග්‍රොසරි යෙ හිමිකරු..මේ වංචාව දකිනවනෙ.
“වැඩේ වැරදියි ,යාළුවා”...එහෙම කියන ඇස් දෙකක් තිරයෙ වැටුණට
ඔහු නිහඬව ටෙරෙක් දිහා බලා ඉන්නව. ඇත්තටම සියුම් කෝපයක්
ටෙරෙක් ගෙ දෑස්වල. එයා ,අන්ධ මනුස්සයගෙ අතට කොක්ක ගහන ගමන් ;
“What”? ( ඇයි මොකද?) සැරෙන් අහනව. බීම කෑන් එක අතට
අරං ...”You’ ve never seen a blind and deaf guy before?”
( ඇයි ,මීට කලින් අන්ධ,බීරි කෙනෙක්ව දැකල නැද්ද?”)කියන්නෙ
ලැජ්ජාව නිසා කියලයි මට හිතුනෙ. ඔහු දොර අරින ගමනුත් .කැෂියර්
දිහා රවල බලනව. ඇත්තට ම මෙතෙන්දි නම් ,මට හිනාගියා .
වැරැද්දක් කළහම ,ඒක හංගන්න අපි මොන තරම් රඟ පානවද?
ටෙරෙක් හරිම ස්වභාවිකයි. මේතරම් සියුම් අභිනයන් කරන්න,මොනතරම්
පළපුරුද්දක් තියෙන්න ඕනිද?
දැන් යාළුවො දෙන්න ,කැමරාවට පිටු පාල ඉදිරියට යනව.
එතකොටම ටෙරෙක් යන්න තියෙන බස් එක වෙන්නැති ,වේගයෙන්
ගහගෙන යනව.ටෙරෙක්ට සගයවත් අමතක වෙලා ඉස්සරහට
දුවනව,කෑ ගහගෙන .ඒත් ,බස් එක ඉගිලිලාගිහින් ඉවරයි.
හිතාගන්න පුලුවන්ද ...මේ තරුණය ගෙ හිතට ඇති වෙච්ච සන්තාපය
දුක ...අන්තිම බලාපොරොත්තු වෙ තදින්ම එල්ලිල හිටිය කෙනෙක්
හදිසියෙම ඒකත් බිඳිල ගියහම .නිකං පිස්සුවෙන් වගෙ ඔළුව දෙපැත්තට
වනමින් තමන්ටම කියාගත්ත..
“අයියෝ ...මොන එහෙකටද මං මේ කෙහෙම්මලක
පැටලුණේ ”...වේදනාවෙන්..අපේක්ෂා භංගත්වයෙන් මොහොතක්
ලතැවිල්ලෙන් ඉන්න ටෙරෙක් ආපස්සට හැරිල බලනව.
අන්ධ මනුස්සය ,බොහොම නිස්කලංකව හිටිතැනම හිටගෙන
බීම එක බොනව. අර සුන්දර සිනහව එහෙම්මම යි.
මොහොතක් ගල් ගැහිල වගෙ බලා ඉඳල ,ටෙරෙක් නැවත නියම තත්වයට
එනව වගෙ.අන්ධ කරදරකාරය ළඟට ගමන් කරන ඔහුගෙ ,මුහුණෙ
උපේක්ෂාවක් වගෙ යමක් ,මම දැක්කෙ .
දැන් ,කතාවෙ ඊළඟ කොටස ...දෙන්නම බස් නැවතුමේ වාඩිවෙලා
ඉන්නව.එක්කෙනෙක් බීම එක හිස් කරනව...අනික ,චුවින්ගම් එක
හපනව.බීල ඉවරවුණු අන්ධයා හිස් කෑන් එක ..පහත් වෙලා බංකුව ගාව
බිමින් තියනව. බෑග් එකට අත දාල නිල් පාට මෆ්ලර් එකක් අරං ,කණ ත්
එක්ක වැහෙන්න දාගන්නව.දැන් හරි . මඳ සිනාවෙන්ම ,අර ඩයරිය වගෙ
පොත එළියට අරගෙන ,යමක් කුරුටු ගාල ටෙරෙක්ට පෙන්වනව.
“ඩ්‍රයිවර්ට කියන්න පුලුවන්ද ,මාව 129 වීදියෙන්
බස්සන්න ,පොඩ්ඩක් මට තට්ටු කරන්න කියල ...”
ටෙරෙක්ට තවත් වගකීමක්...!
එයා ,අන්ධ මනුස්සය දිහා බලනව.
“එක අතකට පව්. ...මේ මනුස්සයට මං උදව් කලේ
නැත්නම් මේ හීතලේ බස් හෝල්ට් එකේම තමයි
ඉන්න වෙන්නෙ .”
මලක් හෙමිහිට පෙති විහිදන්න හදනව වගෙ
දයාබර බවක් ඔහුගෙ මූණට එකතුවෙන්නෙ අරෙහෙම
හිතෙන්නැති එයාට නේද?
අන්ධය ගෙ අත්ල උඩ ,ටෙරෙක් ලියනව .
“YES”( හා ...හොඳයි)
ටෙරෙක් වැඩිහිටියගෙ අත ස්පර්ශ කරල “බය වෙන්න එපා”
වගෙ හැඟීමක් දෙනව. අන්ධ මනුස්සයත් ඒ අත උඩ තමන්ගෙ
අත තියල ,ඇඟිලිවලින් ග්‍රහණය කරගන්නව.
හරිම අනුවේදනීයයි .තව කෙනෙක් ගැන හොඳ චේතනාවෙන්ම
හොයල බලන කොට ඒ ආදරයේ ,දයාවේ ,කරුණාවේ
හෙවණැල්ල තමන්ටත් ආපහු ගලාගෙන එනව. පුදුම සැනසීමක්
එතැන තියෙනව. ඒක වචනවලට හරවන්න කවදාවත් බෑ.
ජීවිතේ විඳින්න ඒ වගෙ සතුටක් ,සැනසීමක් මදිද?
අන්ධ මනුස්සය ටෙරෙක් ගෙ අතැඟිලි වල ග්‍රහණය බුරුල් කරන
ගමන් ,හොඳ ජවසම්පන්න කට හඬකින් ,පළමු වතාවට
තරුණයට ආමන්ත්‍රණය කරනව .
“HEY ,Young Man”
ටෙරෙක් විමතියෙන් වගෙ වැඩිහිටිය දිහා බලා ඉන්නව.
ඇයි ...මෙච්චර වෙලා ගනු දෙනු කෙරුණෙ ස්පර්ශයෙන් සහ
පෑනෙන් නෙ .සිහින් සංගීත රාවයත් පසුබිමින් ඇහෙන නෑහෙන
ගානට යනව .ප්‍රීතිමත් මුහුණින් යමක් පොතේ ලියල තරුණය
ගෙ පැත්තට හරවනව .
“ඔයාගෙනම...”
මුලදී ,නමක් දැනගන්න අවශ්‍ය තාවක් දැනුනෙ නැහැ. නාඳුනන
දෙදෙනෙක් නෙ . දැන් හොඳ බැදීමක් ගොඩනැගිලා කියල
හිතුණද දන්නෙ නැහැ.ටෙරෙක් තමන් ගෙ නමේ අකුරු පහ
සගයගෙ අත්ලෙ ලියනව. ඒක තේරුම් ගත්තු අන්ධ යා ,බොහොම
ප්‍රීතිමත් මුහුණෙන් ,නැවත පොතේ සෙල්ලම පටන් ගන්නව.
. “ඔයාව අඳුනගත්ත එක සතුටක් ’’
ටෙරෙක් ගෙ ඇස් නිදිමතෙන් වගෙ ද කියල හිතෙනව.
එයා වැඩිහිටි සගය ගෙ අත්ල මත ලියනව.
“Name?” (ඔයාගෙ නම?)
පිළිතුර කෙටියි . “Artie” (ආර්ටි)
ඉන්පසු නැවත ගනුදෙනුව ...ටෙරෙක් ලියනව ..
“Why out late?” (මොකද මෙච්චර රෑ වෙලා ?”
නැවත ආර්ටි ගෙ පෙම්බර සිනහව.
පිළිතුර සරළයි .”Date” (යෙහෙළියක් එක්ක හිටිය”)
ටෙරෙක් දෙපාරක් ආර්ටි දිහා පුදුමෙන් වගෙ බලනව.
“මේ යකා ,මටත් බැරිවෙච්ච දෙයක් කරලද?”
ටෙරෙක් එහෙම හිතුවද දන්නෙ නෑ.ආර්ටිට තියෙනව
ඒ වගේම ප්‍රශ්නයක් ...
“ You”? (ඔයා මොකද රෑ උණේ “?) ඔන්න ටෙරෙක්
අමාරුවෙ වැටුණ .කොහොමද කොල්ලෙක් වෙලා කියන්නෙ
“මට ඉන්න තැනක් නෑ ,මං වීදි දරුවෙක්”..කියල .මොහොතක් ..
තත්පර පහක් විතර ආර්ටිගෙ අත්ල අල්ලගෙන කල්පනකරනව.
“Same” ( මාත් කෙල්ලෙක් බලන්න ගිහිං එන ගමන්.”)
ටෙරෙක්ගෙ දුක්බර මුහුණ ..තිරයේ මැවෙනව. ආර්ටි .මේ බොරුව
විශ්වාස කලාද? එයාගේ සුපුරුදු හසරැල්ල ආයෙ මතුවෙනව .
ටෙරෙක් අත්දෙක එකට එකතුකරල එකිනෙක ඇඟිලි අතුල්ලගන්නව
සීතලට ද? ...නැත්නම් ...හිතේ විපිළිසරබවටද...?
ඔය අතරෙ ආර්ටි පොත ,බෑග් එක ඇතුළට දාන්න උත්සාහ කරනව
පස්සේ ,මොකක් හරි අහුවෙලා ..වදෙන් පොරෙන් ඒක බෑග් එකෙන්
එලියට අරං ටෙරෙක්ට පෙන්වනව.
වතුර බෝතලයක් !
ආර්ටි හයියෙන් ශබ්ද නගා හිනාවෙනව.තිබහ නිවා ගන්න වතුර ටික
ළඟම තිබිලනෙ .අපෝ මං වගෙ මෝඩයෙක් කියල හිතෙන්න ඇති .
තත්පරයක් විතර ,බෝතලය දිහා බලා ඉඳල ටෙරෙක් ටත් හිනාවක්
මතු වෙනව.දෙන්න එක්කම මහා හයියෙන් හිනාවෙනව.
කොච්චර ශෝක්ද? අනුන්ට හිනාවෙනවට වඩා ,තමන්ටම
තමන් ගැන හිනාවෙන්න පුළුවන් නම්..
දැන් ඔක්කොම ඉවරවෙලා ඊළඟට අපිට පෙන්වන්නෙ ,හරිම ආදරණීය
දර්ශනයක්.! දෙන්නම ,බංකුව උඩ එකිනෙකාගෙ ඇඟට තුරුල්වෙලා
පොඩ්ඩක් නින්ද ගිහිං.හරි සාමකාමියි.
එක්වරම ෆෝන් එකක් වයිබ්‍රේට් වෙනව.ටෙරෙක් අවදිවෙනව.
ආර්ටි තවම ටෙරෙක් ගෙ උරහිසට හේත්තුවෙලා .බොහොම
සීරුවෙන් එයා ,ආර්ටිව පොඩ්ඩක් ඈත් කරනවා. එයා තවම නිදි.
කෙල්ලගෙන් මෙසේජ් එකක්.
“ පරක්කු වැඩියි. මම නිදා ගන්නවා”
ටෙරෙක් වැඩි ගානකට නැතුව ෆෝන් එක සාක්කුවට දාල ,යාලුව දිහා
බලනව.එයා නිදි. මොහොතකින් ඔහුට ,ආර්ටිගෙ බෑග් එක ඇතුළෙන්
අර දින පොතේ කොටසක් එළියට පේනව. පොඩි අදහසක් ගන්න
හිතුණද දන්නෙ නෑ .සීරුවෙන් පොත තමන් ළඟට ගන්නව.
ඒකෙ පෙරළපු ගමන් තිබුණේ ...
“Which way is 96th street?” ( 96 වීදිය මොනපාරෙ ද?)කියල .
සමහරවිට ආර්ටිගෙ යෙහෙළිය ගෙ ගෙදර එහේද ...කියල මම හිතුව.
ටෙරෙක්ටත් එහෙම හිතෙන්න ඇති. ඔහු ඊ ළඟ පිටු ව පෙරළුවා .
මේ පිටුවල කලින් ලියපු සටහන් ගොඩක් තියෙනව. එහෙනම්
අලුත් සටහන් අඳුර ගන්නෙ කොහොමද? දුඹුරු,සහ කොළ පාට
අකුරු පරණයි. ආර්ටි අද ලිව්වෙ නිල් පාට පෑනකින්. තව දෙයක්
කියන්නම්.මේ අකුරු පොතේ එක එක පැත්තට ...ඇදේට හරහට
පහලට ..ඔය හැම විදිහටම (අපිළිවෙලට) ලියල තිබුනෙ ..
එක පාටක පෑනක් එක දවසකට ගන්නව ඇති.
අපි බලමුකො ඊළඟ පිටුව...
“Please leave the room and close the door “ (අනේ දොර වහගෙන
එලියට යන්න,)
ඊ ළඟ පිටුවටත් ගියා .
“Can I kiss YOU?” (මං ඔයාව සිප ගන්නද?”)
ටෙරෙක් හෙමින් ආයෙ වතාවක් ආර්ටි දිහා බැලුව.හීන් සංගීත රාවයක්..
ආර්ටි ගෙ බෙල්ල කඩාගෙන පපුවට එයා සනීපෙට නිදි. .
තත්පරයක් ..දෙකක් .තුනක් ඒ දිහා බලාගෙන ඉඳල ,,දිග
හුස්මක් පිටකළා .ඊට පස්සෙ කන් දෙක ත් වැහෙන්න ,ඔළුව අල්ලගෙන
වේදනාවෙන් ටිකක් වෙලා හිටිය .සංගීතය නැවතුණා . නිශ්ශබ්ද තාවයක්.
තිරය මුළු මනින්ම කළු පාට උණා.
ටෙරෙක්ගෙ මනස සංකේතවත් කළාද ,නැත්නම් වෙන.....මං දන්නෙ නෑ.
හදිසියේම ධාවනය වෙන බස් එකක ශබ්දය ඇහුණා .
ටෙරෙක් පියවි ලෝකෙට ආවා. බසයක් ඔවුන් පාස් කරගෙන යනවා .
ආර්ටි නැවතුම් පලේ සිටින නිසාදෝ,ටෙරෙක් ගෙ හඬ නිසා හෝ බසය,
වේගය අඩු කළා.
විදුළියක් වගෙ දුවගෙන ගිය ඔහු ,බසය නවතා ගත්තා.
රියදුරු ගාවට ගිහිං ...තත්පරයක් නවතාගෙන ඉන්න පුළුවන්දැයි ඇසුවා.
(දැන් ඔයාලට එපා වෙලාත් ඇති. තව පොඩ්ඩයි).
අපි දැන් දකින්නෙ ,ආර්ටි බස් රියේ ඉදිරියෙන්ම වාඩිවෙලා ඉන්න ගමන්
ටෙරෙක්ට කාඩ් එකක් දෙනවා.එයා.ඒක දොරටුව ගාවින් ටච් කරලා ,
රියදුරා වෙතට එනව. දැන් ටෙරෙක් මොන තරම් වෙනස්වෙලාද
කිවුවොත් හරියට ,ආර්ටි තමන්ගෙම කෙනෙක් විදිහට හිතන බව පෙනුණ.
එයා වගකීම කරටම අරං.
ඒ දෙන්න අතර මෙහෙම සංවාදයක් යනව.
• Terek- “Excuse me Sir...This guy is blind and deaf.
You got to tap him and let him know when he gets to 129th
Street. His name is Artie.” (සමාවෙන්න.මෙයා අන්ධයි .කන් ඇහෙන්නෙත් නෑ
129 වෙනි වීදියට ආවම ,මෙයාට පොඩි තට්ටුවක් දාන්න පුලුවන්ද?
එයා එතකොට බහින තැන බව තේරුම් ගනීවි. එයාගෙ නම ආර්ටි.”)
රියදුරු නො ඉවසිල්ලෙන් එහා පැත්ත බලාගෙන අහගෙන ඉඳල හුස්මක් පිට කරනව.
එයාට මෙතනින් යාගන්නයි ඕනි .එයා නොරුස්නා බැල්මෙන් ටෙරෙක් දිහා බලනව.
ටෙරෙක් ,නැවත ඒ ප්‍රශ්නෙම අහනව.
• Terek- Excuse me Sir…Could you tap him and let him know when he gets to
129th street??”
• Driver- “ Sure” (හරි .කරන්නම් .)
• Terek –“No,Not Sure”(එහෙම කිව්වට මදි) ටෙරෙක් රියදුරු ළඟට
කිට්ටු වෙනව ,තව ටිකක් .ඊළඟට ටිකක් තදින් උස් ස්වරයෙන් කියනව .
“He just want to get home.” (එයාට ගෙදර යන්න ඕනි)
මෙවෙලෙ රියදුරු ත් උස් හඬින් පිළිතුරු දෙනව.
• I’m gonna take care of the MAN”(මං මිනිහ ගැන බලන්නම්)
මේ වචනෙ රියදුරාගෙ කටින් එළියට ආව විතරයි ..අපිට පේන්නෙ ටෙරෙක්ව
පිච්චෙනව වගෙ . කවුරු හරි තදින් කම්මුල් පාරක් ගැහුව වගෙ ...අඬන්න
ළඟයි වගෙ
තමන්ගෙ අහිංසක යාළුවට “මිනිහ ”.කිව්වෙ. හරියට හිඟන්නෙක් ගාණට දාල .
තව අඩියක් ලං වෙලා ..”ආර්ටි” කිය ල බර කරල කියනව. මිනිහ නෙමෙයි...
එයාට හොඳ නමක් තියෙනව ,කියන්න වගෙ.
රියදුරා ඒ පාර වරද හදාගන්න උත්සාහ කරනව.
‘මං ආර්ටි ගැන බලන්නම් .129 වීදියට ආවම එයාව බස්සන්නම්”
ටෙරෙක් ගෙ මූනෙ අමනාප ගතිය දියවෙලා ,සැනසිල්ලක් මතුවෙන අපූරුව
කැමරාවෙ සටහන් වෙනව.
මේක නම් පුදුමයක්! මේ වගෙ ඉතාම ස්වභාවික හැඟීම් අභිනයෙන් දක්වන
හැටි...අනික අපේ රටේ නම් ,ඩ්‍රයිවර් ..ගැටවරයව බෙල්ලෙන් අල්ලල
ඇදල දාල.
ටෙරෙක් රියදුරාට ස්තුතිය පිරි නමන්නෙ හදවතින්මයි.ඊ ළඟට ඔහු
සගය ළඟට ඇවිත් ,එයාගෙ අත අල්ලගෙන ;
U OK (බයවෙන්න එපා. ඔක්කොම හරි) කියල ලියනව .
ආර්ටි සීට් එකෙන් නැගිටල ,ටෙරෙක්ගෙ අතේ ලියනව ...ඔයත්
ඕ.කේ නේද? කියල . ….YOU LL B OK
ගැටවරයට මොන තරම් කම්පාවක් ඇතිවුනාද එහෙම ලියන කොට.
අන්තිම මොහොතෙත් තමන්ව සනසන්නයි ,මේ හදන්නෙ .
සමහර විට ආර්ටිට තේරෙන්නත් ඇති ,ටෙරෙක් ගෙ අසරණකම ගැන.
මගේ හිතත් අඬවමින් ආර්ටි ,තරුණයාව අදාල අරගෙන .ආදරෙන් වැළඳ
ගන්නව. පසුබිමින් නැවත සසල කරවන වාදනයක් ඇහෙනව.
මොහොතකින් ආර්ටි වාඩිවෙනව. ටෙරෙක් බසයෙන් බහින්න
හැරෙනවා අසරණ වීලාශයෙන්.
එතකොටයි දකින්නෙ ..කාන්තාවක් ඇතුළු බස් රිය තුළ වාඩිවෙලා
හිටපු අය ටෙරෙක් ගෙ වැඩේ අනුමත කරන ලීලාවෙන් ඔහු දෙස
ආදරය පිරුණු ඇස් වලින් බලා ඉන්නව .ඉතිං ටෙරෙක් ආවෙත්
“දාල යන්න බෑ වගෙ” ඉරියව්වකින් බස් එකෙන් බහිනව.ආර්ටි පුරුදු
ලස්සණ හිනා වෙන්ම ඉඳ ගෙන ඉඳිද්දි බස්රිය ඉදිරියට ඇදෙනව.
තරුණය ,තමන්ගෙන් ඈත්වෙලායන ආදරණීය සගය දිහා ,බස් එක යන
දිහාම බලා ඉඳල ,අත උස්සල වනනව.ඒත් ..බස් එක දුර ගිහිං.ආර්ටිට
නො පෙනුණත් ,එයාගෙ ම හිතට සැනසිල්ලක් වෙන්න ඇති .
ආපහු හැරෙනකොට ඔන්න මෙන්න වැටෙන්න ,කඳුළු ගුලි
දෙකක් ඇස් වල පුරෝගෙන පරාජිත යෙක් වගෙ දිග හුස්මක්
හෙලනවා ,හූල්ලනව කිවුවොත් හරි.
ඔහු ආයෙමත් තනිවෙනව.
ආවෙත් පයින්ම ඇවිදගෙන එනකොට යාචකයෙක් පදික වේදිකාවෙ
වකුටු වෙලා නිදා ඉන්නව දකිනව. ඔහු ඉදිරිපිට පුංචි කෝප්පයක්
තියෙනව .ටෙරෙක් ඒ දිහාට යනව. අඳුරු මුහුණෙ ,තවම ලොකු දුකක් .
ආර්ටිගෙන් හොරකම් කළ ,ඩොලර් දහයෙ නෝට්ටුව ඔහු අරගෙන
සාක්කුවෙන් ,යාචකයගෙ කෝප්පෙට දානව.
පසුබිමින් ඇහෙන දුක්බර සංගීතය එක්ක ,ටෙරෙක් පාළු පාරෙ
ඈතට තිතක් වෙලා නොපෙනී යනව.
**************
ඔයාලට ස්තුතියි,අවසානය වෙනකම්ම කියෙව්වනම් .
මට තනියම දරාගන්න අමාරු නිසා ..දිග වැඩි වුනත් ලිව්වේ.
මේක යූ .ටියුබ් .එකට දාල තිබුනෙ .2021 ජනවාරි වල.
කමෙන්ට්ස් දහදාහකට ආසන්නව අදට ,ලැබිල තියෙනවා අගය කරලා.
රෝ.සි.
Subscribe to:
Posts (Atom)


















