යාපහුව - දළදා මාලිගයට පිවිසුම
අනුරාධපුරයෙන් පොළොන්නරුවටත්, එතැනින් දඹදෙනියටත් මාරු වූ අගනුවර ඊට පසු පිහිටවූයේ යාපහුවෙයි. මේ පර්වතය මුලින්ම රටේ අගනුවර බවට පත්කර ගත්තේ පළමුවැනි බුවනෙකබාහු (1272-1284) රජු යි. මුලින්ම දඹදෙණියේ රජ වූ ඔහු වැඩි ආරක්ෂාව පතා යාපහුවට රාජධානිය අරන් යනවා. දළදා වහන්සේ අවුරුදු 11ක් යාපහුවේ වැඩ හිඳි බවත් වංශකතාවල සඳහන් වෙනවා.
හුණු ගල් පොකුණ - කල්තොට
හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්‍රිත්වයකි. එනම් ආග්නේය පාෂාණ (Igneous Rocks), අවසාධිත පාෂාණ (Sendimentary Rocks) සහ විපරීත පාෂාණ (Metamorphic Rocks) වේ.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2014-08-29
ජීවිතය
2014-08-27
නොදන්නා දෙමලේ .
![]() |
| එළ හරකයි - මී හරකයි. |
සෞඛ්‍ය ඇමැතිතුමා පසුගිය සතියේ (22 වැනිදා) ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පැවැති උත්සවයකට ගිහිල්ලා.
ඇමතිතුමා යන කොට සහ පිරිවරත් එතුමන්ලා පටිපස්සෙන් යන්න එපාය. වතුර........... කියනකොට වීදුරුව අතට දෙන්නත් සර්ව්යට් පේපරය අතට වඩම්ම්මන්නත්. ටොයිලට් පේපරය දික්කරන්නත් පිරිවර ඉන්න එපාය .නැත්නම් පුළුවන්ද රාජකාරි කරන්න ?. ඒත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී ඒ පිලිවෙල බිදවැටිලා. එතුමාගේ අදෝනාව පිටවුනේ මේ විදියටයි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෙනරාල්ලා අට දෙනෙක් ඉන්නවා. නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු ගාණක් ඉන්නවා. නමුත් අද මේ උත්සවයට ජෙනරාල්ලා, නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු නෙමෙයි, සෝල්ජර් කෙනෙක්‌වත් ඇවිත් නැහැ. එහෙම අයත් එක්‌ක තමයි, අපට වැඩ කිරීමට වෙලා තියෙන්නේ.
"ඇත්තටම මට තියෙන්නේ කනගාටුවක්. මම තනිවෙලා වගේ කියලා තමයි හිතෙන්නේ. මම ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහෙක්. මේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. මට සාකච්ඡාවක් දෙන්න පුළුවන්. නමුත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කවුද ඇවිත් ඉන්නේ. මම දන්න දේවල්වලට උත්තර දෙන්න පුළුවන්. නමුත් මම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් නෙවෙයි නේ. මේ වගේ අයත් එක්‌ක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ.
ඇමතිතුමා කනගාටුවෙන් වුනත් තමන්ගේ නොදන්න කමත් පිලිගත්තා. මොන දේශපාලනඥයාද තමන් දන්නා විෂයය පථයක ඇමති තනතුරක් දරන්නේ. අපිට වැරදිලා තියෙන තවත් තැනක් එලියට පැන්නට මට නම් හිතේ ඇතිවුනේ සතුටක්. විදුලිය ගැන දන්න කෙනා ට යන්න කියලා නීතිය ගැන දන්න කෙනෙකුට විදුලිය භාර දුන්න රටක් මේක.
මේ ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහාට දොස්තර වැඩේ භාරදීලා පාලනය කරගන්න බැහැ කියලයි මේ මැසවිල්ල.ඉතින් ලෙඩ්ඩුන්ට ලඩ්ඩු හමුවුනාට පුදුම වෙන්න දෙයක් නැහැ.
අමාත්‍යාංශයේ ඉන්න ජනරාල්ලා අටදෙනා වගේම නියෝජ්‍ය ජනරාල්ලා පඳුරම කියන්නේ මේ වගේ කතාවක්.
සෞඛ්‍ය ඇමැතිතුමා - ඇමැති තනතුර ගත් දා පටන් අමාත්‍යාංශ නිලධාරීන්ට එරෙහිව කරන ප්‍රකාශ නිසා තමන්ට පාරේ බැස යැමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා. අප කලින් යොදාගත් වැඩසටහන් තිබුණා. අනෙක එදා ගාල්ල කරාපිටිය රෝහලේ තිබුණේ මුල්ගල් තැබීමේ උත්සවයක් .
අපිට දේශපාලකයන්ගේ පසුපස යන්න වුවමනාවක් නෑ.
අපි වෛද්‍යවරු. වෘත්තියෙන් හොරකම් කරන පිං බතාලා ලෙසයි ඇමැතිවරයා අපව හඳුන්වන්නේ. ඇමැතිවරයා සෞඛ්‍ය විෂය භාර අරගෙන වසර හතරයි. මේ අවුරුදු හතර තිස්‌සෙම නිලධාරීන් හොරු කියමින් ඇමැතිවරයා චෝදනා කරනවා. ඒත් කාටද දඬුවම් දුන්නේ? වෛද්‍ය සැපයීම් අංශයේ ලිපිකරුවකු විතරක් ගෙදර යෑව්වා. මේ අවුරුදු හතරටම කළේ එපමණයි වෛද්‍යවරු කියන හැටියට සද්දේ විතරයි තිබිලා තියෙන්නේ . වැඩක් වෙලා නෑ මේ අවුරුදු හතරටම.
වැරද්ද කොතනද කියලා හිතා ගන්න පුළුවන්නේ. හුණුවටයේ කතාවේ මෙහෙම තියෙනවා. “ දෙයක් වේ නම් හිමිවිය යුත්තේ සුදුස්සාටමැයි “ කියලා. දැන් කාලේ සුදුස්සනට හිමි වෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. පුස්සෝ සියල්ලම ඩැහැගෙන.වෛද්‍යවරුත් දේශපාලනඥ යනට එරෙහිව මෙහෙම කතා කරන එක ආදර්ශයට අරගෙන අනෙක් ක්‍ෂේත්‍රවල අයත් කෙලින් කතා කලොත් දේශපාලකඤයෝ නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නසා නොගන්න කටයුතු කරාවි.
notes of imaginary
2014-08-26
ඉවසන්න බැරිම තැන
පසුගියදාක බිරිදක විසින් බීමත්ව නිදා ගත් තම සැමියා සමග නිදා සිට් ඇඳටත් ගිනි තබන ලද ප්‍රවෘත්තියක් පලවිය. මත්පැන් නොබොන යහ සිහියෙන් සිටින බිරිදකට දිනපතාම බීමත්ව නිවසට එන සැමියෙකු ඉවසිය නොහැක. ඒ පීඩනය හැමදාමත් දරාගත නොහැකිවු විට මේ බිරිද සැමියාත් සිරි යහනත් ගිණි තැබීය.
ඈ මේ බිහිසුණු කටයුත්තට ක්‍ෂණිකව පෙලබුනා විය නොහැක. මෙැවැනි කටයුත්තකදී අවසානයේ අත්වන ප්‍රතිපලය වන මිනීමැරුම් චෝදනාවට වරදකාරිය වී හිරේ තැපීමට සිදුවන බව දැන දැනත් “ ඉවසන්න බැරිම තැන ඈ සැමියා ගිණි තැබීය.“ යන්න සාධාණියකරනය කරන්නට අපට හැකිය.
ඈ මේ අවධානමට ලක් වන්නේ විද දරා ගත නොහැකි ආතතියකින් පෙළුන නිසාවෙන් විය හැක.
පසුගියදාක බඩල්කුඹුර අලුපොත බලකොටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු හයක් වයසැති දැරියක ඇයගේ එකොළොස් හැවිරිදි සහෝදරිය විසින් පිහියෙන් ඇනීම නිසා මියගියාය. මෙයත් පසුගිය සතියේ අසන්න ලැබුන “ඉවසන්න බැරිම තැන“ ප්‍රවෘත්තියක් විය.
මියගිය දැරියගේ පියාත් මවත් දෙදෙනාම දෙවන වරට විවාහ කර ගත් අය වුහ. පළමු විවාහයෙන් දෙදෙනාටම දරුවෝ සිටියේය. දෙවැනි විවාහයෙන්ද ඔවුන්ට දියණියන් දෙදෙනකු සිටින අතර දහතුන් හැවිරිදි හා සය හැවිරිදි එම දියණියෝ දෙදෙනා ගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට මීට මාස තුනකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත.
ලබන සතියේ නැවත වරක් ඇය මැදපෙරදිග සේවයට යැමට සූදානම්ව සිට ඇත.වැඩිමහල් දැරියගේ පාසල් ගමන ද ඇනහිට ඇත්තේ මව විදේශගත වීම නිසාවෙනි. තම නැඟනිය කුඩා කාලයේ සිටම රැකබලාගෙන ඇත්තේ අක්‌කා විසිනි. එපමණක් ද නොව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ සියලු කටයුතු කර ඇත්තේ ද ඇය විසිනි. ඇය අම්මා නැවත විදේශගතවීම පිළිබඳව කැමැත්තක් දක්‌වා ද නැත.ඇය නංගීව නිවස පිටුපසට කැඳවාගෙන ගොස් පිහියෙන් යටි බඩට ඇන්නේ මේ දුක් කන්දරාව උහුලා ගෙන තවත් දවස ගෙවන්නට බැරි නිසා වෙන් විය යුතුය.
අවුරුදු එකොළහ යනු තුන් වේලට උයමින්, ළමයින් බලා ගනිමින් ගෙදරක වැඩිහිටි භූමිකාවක් රගපාන වයසක් නොව සෙල්ලම් වයසකි. ඇය නංගිට පිහියෙන් අනින්නට ඇත්තේ අම්මා නැවත පිටරට යැමට එරෙහිව ඇය තුළ හටගත් විරෝධාකල්පය හෙළිදරව් කිරීම සඳහා විය යුතුය.
ඈ පීඩනයට පත් කල ආතතිය අසරණ නංගී හරහා මුදා හැරියේය. ඒ සිගිත්තිය අකාලයේ මියගියාය. මෙහි වැරද්ද කර ඇත්තේ දෙමාපියන් මිස නංගී ට පිහියෙන් ඇන්න අක්කා නොවන බව ඇත්ත වුවත් නීතිය හමුවේ දඩුකදේ වැටෙන්නේ අසරන අක්කාය.
සමාජයේ පැවත්ම ඉතා සංකීර්ණය. සියලුම දෙනාගේම හිත් පීඩනයට පත්ව දූෂණයවී ඇත. පීඩාවට පත්ව ඇත. අප රටේ අතලොස්සකට හැරෙන්න බහුතරයකගේ ආර්ථිකය දිළිදුය. මේ දිළදු බව තිබෙන තුරු අපට මෙවැනි සිද්ධීන දිනෙන් දින වැඩියෙන් අසන්නට සිදුවනු ඇත. මෙයට පිළියම් සොයන්නට නම් අපි පලමුව අපේ ආර්ථික විමුක්තිය සොයා යායුතුය. ඒ ගමන් අපේ අතීතයේ අපේ පැවතුම් රටා සොයා යා යුතුය.
ආර්ථික විමුක්තිය සොයා වැලි කතරක සිට දැලි වලං සෝදන “ රට විරුවන් “ නොවී මේ රටේ ජීවත් වෙමින් මේ රටේ නිෂ්පාදනය තර කරමින් නැගී සිටින විරුවන් බිහි විය යුතුය.
notes of imaginary
2014-08-25
සිත් පාලනය කරගත නොහැකිද ?
හිරු නැගෙන පැය ගෙවී පෑ දෙක තුනක සිට අදුර තුල ගිලි ඝණ අදුර ගලා එන පැය තෙක් ප්‍රශ්න හා ගැටළු වලින් පිරී ඇති පරිසරයක මා කල් ගෙවන බව මට සිතෙන්නට විය.
notes of imaginary
2014-08-16
රැකගන්න ජීවිතය.
මේ මරණය නොයෙක් රූපලාවන්‍ය පිලිබදව මතවාදයන් ගොඩනැගෙන්න පරිසරයක් ඇතිවී ඇත. කෙනෙක් රෑපලාවන්‍ය කිරීම හොදයි කියති. තවත් කෙනෙකුට නම් නොකටයුත්තකි.
බුදුන් වහන්සේට අනුව සියළු සංස්කාරයෝ අනිත්‍යයය.
උන්වහන්සේට අනුව “ මේ ශරීරය ජරාවත් මරණයත් මානයත් ගුණමකු බවත් ඔබ්බා (තුන්සියයක් ඇටකටු පිහිටුවා නවසීයයක් නහර මැදින් වෙළා) මස් හා ලේ ගල්වා කරන ලද නගරයකි“.
අට්ඨිනං නගරං කතං - මංසලෝහිත ලෙපනං
යත්ථ ජරා ච මච්චු ච - මානො මක්ඛො ච ඔහිතො
ධම්ම පදය ජරා වග්ගය.
සදාකාලික නොවු පංචස්කන්ධය දිරා යන විට මළකඩ කනවිට රූපලාවන්‍යාගාර වලට දිව යන අපේ ඇත්තෝ රසායණිකයන් උලා ගෙන එන්නත් කරගෙන දිරාපත් වෙන කොටස් මළ කෑ කොටස් පිලියම් කරන්නට වෙර දරති.
තරුණකලට දිලිසී දිලිසී ඇති පිටත ස්වරූපය මහළු වන්නට වන්නට හැකිලෙන්නටත් වියකෙන්නටත් පටන්ගනී. එය ස්‌වභාවධර්මයයි.
සිදුහත් කුමරා සතර පෙර නිමිති දැක ස්වභාව ධර්මය අවබෝධ කර ගැණීමෙන් ජීවිතය ජය ගත්තේ ය. එහෙත් එමග අවබෝධකර නොගැනිමෙන් අපි තවමත් සංසාරෙ අතරමංව සැරිසරමින් තවමත් දුක් විදින්නෝය.
අපි ස්වභාවධර්මයා ජය ගන්නට උත්සහා දරමින් සිටිමු . අපි අපේ මනස රවටා ගනිමින් සිටිමු. අප මේ කරන්නේ විගඩමයක් යයි අවබෝධ කරගැන්මට අකමැත්තෙන් සිටිමු. ජීවිතයේ දශක හතර පහ වන විට කොණ්ඩය සුදුවේ. එයට එරෙහිව කොණ්‌ඩය ඩයි කරන්නට පටන් ගනී. පොඩ්ඩ බැරිවුවහොත් අසාත්මිකතා ඇති වී මරණයට පත්වීමට සිදු වෙයි. දීර්ඝකාලීන ව පිලිකාකාරක හිසේ ගලවා ගනිමින් සිටි.
හමේ රැලි හැකිලෙන්නට රැලි වැටෙන්නට පටන් ගනී දිරන්නට පටන් ගනී එවිට, විවිධාකාර ආලේපන යොදයි. ප්ලාස්ටික් සැත්කම්වලට යොමුවෙයි. ඩිංග එහාමෙහා වන විට 'ඇන්ටිබයිටික්' විස වී මිය යන්නට සිදු වෙයි. බඩ මහත්වී නෙරා එනවිට උදරය වටා තිබෙන තෙල් තට්‌ටුව ඉවත් කරන Lipo Suction වැනි සැත්කම් කර ගැණිමට යොමුවෙයි.තම පරම්පරාවේ පසුබිමේ මෙවැනි ස්වරූපයේ අය සිටියේදැයි නොවිමසයි. එවැනි සැත්කමක් කරනවිට දරන්නට සිදුවන වේදනාව කොයිතරම් අමිහිරිදැයි දන්නේ කරගත්තෝ පමනි.
ජීවිතයත් වානිජ කරණය වී තිබේ. මරණයද තීරණය කරනුයේ වෙළදපලින් ගලා එන ප්‍රචාරණයෙනි. ප්‍රචාරණය අපේ ජීවණරටාවම ගිලගෙන ඇත්තේ මකරෙකු පරිද්දෙනි. අප ගිල ගෙන ගිණිදැල් පිට කරමින් මකරා ඉදිරියට ඇදේ.
ඉඩ දෙන්න ස්‌වභාව ධර්මයට - රැකගන්න ජීවිතය.
notes of imaginary
2014-07-23
සදාකාලික නොවු ලෝකයේ...........
notes of imaginary
2014-07-16
මාතෘකාවක් නැත.
notes of imaginary
2014-07-10
ජාත්‍යන්තර පාසල් .
එදාට එකට එකතු වෙන දහයක දොලහක සෙට් එකක් ඉන්නවා. මේ කට්ටිය රජයේ විවිධ තනතුරු දරාපු උදවිය. එයාලටත් ලගපාතින් විශ්‍රාම වැටුප ගන්න පුළුවන් උනත් නගරයට එක් දිනකදී එකතුවන්න සම්මුතියක් අරගෙන තියෙනවා.
විශ්‍රාම වැටුප අරගෙන දරු මුණුපුරන්ට අඩුම කුඩුම පොදි ගහගෙන මේ සෙට් එක දවසේ අවසාන ප්‍රෝග්‍රෑම් එකට විවේක තැනක් තෝරා ගෙන තියෙනවා. පස්වරු එකට විතර සෙට් වෙන මේ කන්ඩායම හතරට පහට ගන්න ලන්ච් එකෙන් දවස එවර කරලා විසිර යනවා.
මේ වැදගත් තලතුනා මහත්තුරු කණ්ඩායම මේ මාසේ මුල් අගහරුවාදා මට මුණගැහුනා.
මෙයාලා නිත්‍යවම මාසිකව එක් රැස්වන සංගමයක සාමාජිකයෝ පිරිසක් නිසා බිස්නස් ප්‍රොමෝෂන් එකක් විදියට දීමනාවක් දීලා තියෙනවා !.. මෙතුමන්ලා vat එකෙන් සහ service charge එකෙන් නිදහස් කරලා ආහාර පාන සදහා පමනක් බිල් පත ගණනය කරගන්න විශේෂ පහසුකම් ඇති කරලා තියෙන්නේ වෙනත් තැනකට සෙට් වෙන එක වලක්වා ගන්න .
දිසානායක මහත්තයාගේ බුද්ධි මණ්ඩලයේ අද සාකච්ඡාවට යොමු වෙලා තියෙන්නේ ජාත්‍යාන්තර පාසල් .
දිසානායක මහත්තයා වාමාංශික අදහස් තදින්ම වැලදගත් දේශපාලන පක්‍ෂයක් බදා නොගත් චරිතයක්. දිසානායක මහත්තයාගේ කෝණයෙන් වාමාංශික පක්‍ෂවුනත් තදින්ම විවේචණය කරනවා. 1970 -1977 සංවෟත ආර්ථිකය කුඩු පට්ටම් කරලා 1977 විවෘත ආර්ථිකය උපදිනවා. 1977 විවෘත ආර්ථිකයෙන් හැම රෙද්දම විවෘත වෙනවා. දිසානායක මහත්තයාගේ උස් හඩ දේශපාලන වේදිකාවක වගේ නැගිලා ඇහෙනවා.
මම එහාට මෙහාට දුවන තිලකසිරිගෙන් “පටන් ගත්ත ගමන්ම වැදිලාද කියලා අහනවා” . “නෑ සර් ගැම්ම ගන්නවා “ වේටර් තිලකසිරි හිනහා වෙනවා.
“ඔව් ! ඔව් !! අධ්‍යාපනයත් විවෘත වුනා. ජාත්‍යන්තර පාසල් ඇරිලා.” කන්ඩායමේ කෙනෙක් විවෘත ආර්ථික මාතෘකාව - මාතෘකාවේ එක් කොටසක්වන අධ්‍යාපනය පැත්තට හැරෙව්වා.
බලන්න මාතුපාල මහත්තයා, අපේ කාලේ ඉදන් රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ක්‍රිස්‌තියානි පාසල්, ඉස්‌ලාමීය පාසල්, හින්දු පාසල් කියලා පාසල් තිබුනා. මේවා ව්‍යාපාර නෙමෙයි.
ජාත්‍යන්තර පාසල් කියන්නේ කඩනේ !. සිරිපාල මහත්තයාගේ හඩට
“මේවයේ කිසිම කිසිම ප්‍රමිතියක් නැහැ සිරිපාල මහත්තයෝ “පිලිතුර මාතුපාල මහත්තයාගෙන්ය.
මේ පාසල්වලට ප්‍රමිතියක් හඳුන්වා දීමට කාටවත් උනන්දුවක් නැහැනේ . තවත් හඩකි.
ප්‍රාදේශීය ලේකම් කාර්යලයෙන් විශ්‍රාමික එදිරිසිංහ මහත්තයා කියන්නේ ‘ පුංචි වැඩක්නේ ජාත්‍යන්තර පාසලක් ලියාපදිංචි කරන එක කඩ කාමරයක් කුලියට ගන්නවා. ඒකට ඩෙස් බංකු විසිපහක් තිහක් දානවා සමාගම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ "අධ්‍යාපන සේවාවක්" ලෙස ලියාපදිංචි කරනවා ඔන්න ජාත්‍යන්තර පාසලක් !.
මේ නීතිය යටතේ අපේ රටේ පවතින සියළුම ලොකු කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන බව මගේ මතකයට එයි.
ජාත්‍යන්තර පාසල් වැඩි හරියක සුදුසුකම් ලත් ගුරුවරුන් නැත. රජයේ පාසල්වල මෙන් ගුරුවරුන් පුහුණුකිරීමේ ක්‍රමවේදයක් නැත . ජාත්‍යන්තර පාසල් මේ රටේ විවෘත කර දශක හතරකට ආසන්න වුවත් රජයේ අවධානය අධ්‍යාපන කෝනයකින් ජාත්‍යන්තර පාසල් දෙස යොමු වී නැත .ඒ
වා ව්‍යාපාරය.
මේ කතාබහට අහමින් සිටින විට මට සිහිපත් විය.
මේ වියපත් සංගමය ලබන මාසේත් විශ්‍රාම දිනයට එක්වනු ඇත පුංචි සාදයක් සමග කාලීන ප්‍රශ්නයක් විසදන්න උත්සහා කර සතුටින් විසිර යනු ඇත . ඒකාකාරී ජීවිතයට විශ්‍රාම වැටුප් දා සිසිලක් පවනක් වෙන්න සෙවනක් වීම මටද සතුටක් වනු ඇත.
notes of imaginary
ආදරයට දේශ සීමා , ජාති බේද නෑ
සාජන්ට් මහත්තයා කුකුලත් කිහිල්ලේ ගහගෙනම ..............?. මම පාන්දරින්ම ආපු කාරනේ ගොඩ ගන්න ප්‍රශ්නයක් ඇහුවා
මහත්තයා...................................... අපේ ලොකු මහත්තෙක් එනවා. අපි ඔබතුමා ගෙන් එතුමාට නවාතැන් බලාපොරොත්තු වෙනවා. මේවා ඉතින් පොලිස් පොඩ්ඩන්ට අයිති රාජකාරිනේ .
රාජකාරි දුක්ගැනවිල්ලකුත් අමුනන ගමන් මාතෘකාවට බහින සාජ් අපිට බිලක් දානවා.
ව්‍යාපාරික සිතිවිල්ල දිය කර අරින මම අන්‍යනෝන්‍ය සහයෝගය සිහිපත් කරලා නවාතැන් පහසුකම් වෙන් කරන්න එකග වෙනවා.
සාජ්ට ආපහු රාජකාරියට යන්න ඒ තරම් හදිස්සියක් නැහැ වගේ . ලොකු මහත්තෙකුගේ පහසුකම් සපයන්න නේ ඇවිත් තියෙන්නේ . පාන්දර නිසා මම තේ එකක් බොන්න ආරධනා කරනවා. දෙන්නාත් එක්ක තේ බොන අතර අවුරුදු දෙක තුනකට ඉස්සර පරණ සිද්ධියක්. සාජ්ට මතක් වෙනවා
මහත්තයට මතකද අර බදුල්ලේ ජෝඩුවකට කාමරයක් දීලා ඔළුවට කඩාගත්ත මරාලේ ?. අපොයි ඔව්.
සර්වන්ට් ගර්ල් කෙනෙක් ගෙදර එක්කර ගෙන යන කොට ....................
ආන්න හරි.
සාජන්ට් මහත්තයා අතීත සිදුවීම තහවුරු කරනවා.
මතක තිබුනට විතරක් බැහැනේ සාජන්ට් මහත්තයාට මතක තියෙන විදියට කතාව අළුත් කරමුකෝ මම යෝජනා කරනවා.
කාරයක් වාහන අංගනයේ නතර කරලා පිලිගැණිමේ කවුන්ටරයට ජෝඩුවක් එනවා. නවාතැන් පහසුකම් ඉල්ලා ගෙන .
පිලිගැණිමේ කවුන්ටරයේ හිටියේ ගුණපාල හැදුනුම් පත් දෙක ඉල්ලා ගෙන, අමුත්තන්ගේ පොතේ අත්සන අරගෙන නවාතැන් පහසුකම් සලස්සනවා. එයා අවධාණය යොමු කරලා තිබුනේ ජෝඩුවගේ වයස ගැන විතරයි.
මහත්තයා සිංහල - නෝනා වතු ද්‍රවිඩ !.
කිසියම් සැකයක් මේ විශේෂත්‍වය ගැන ඇතිවන ගුණපාල හැදුනුම් පත් දෙක මට යොමු කරනවා.
ආදරයට දේශ සීමා , ජාති බේද නෑනේ ගුනේ ............................මේකත් ජනවාර්ගික ප්‍රශ්ණයට හොද විසදුමක් ..........සැහැල්ලු උත්තරයකින් සනසලා හැදුනුම් පත් දෙක යලිත් ගුණපාල අතට දෙනවා.
පැයක්විතර ගතවෙන්න ඇති කාමරේ බාර අසේල දුවගෙන එනවා.
හරි වැඩේ නේ මහත්තයා ....... අර කාමරේ ඉන්න නෝනා දොර ගාවට වෙලා විලාප දෙනවා මොන ලෙඩක්ද දන්නේ නෑ...............මහත්තයා පොඩ්ඩක් බලන්නකෝ . අසේල කියනවා.
කාමරේ ලගට ගිය මම මහත්තයා ගැන විපරම් කරනවා. මහත්තයා කාමරයෙන් බැහැර වෙලා උද්‍යානයේ ටිකක් ඈතට ගිහින් එහාට මෙහාට සක්මන් කරනවා. එකක් හැරෙන්න තව එකක් සිගරට් දල්වනවා.
අසේල මේක ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති . ඒ ගොල්ල විසදා ගනියි. අපි මොනාවටද ඇගිලි ගහන්නේ ?
නෑ නෑ මහත්තයා මේක එහෙම එකක් නම් නෙවෙයි . මට නම් ෂුවර් මේක නම් එහෙම එකක් නම් නෙවෙයි අසේලගේ ඉව වචනයට නගනවා.
හරි අපි එහෙනම් කතා කරලා බලමු.
මම කාමරය දොර ලග ඉකි බිදින නෝනා හා කතා කරන්න එකග වෙනවා.
නෝනා ගේ කතාව මේ වගේ එකක්.
ඈ මේ මහත්තයාගේ ගෙදර අත් උදව්වට කොළඹ එක්කර ගෙන යනවා ඒ යන ගමන් තේ එකක් බොන්න හෝටලයට යමු කියලා ගොඩ වෙනවා.
ඉන් පස්සේ මහත්තයා යෝජනා කරලා හවස් වුන නිසා වාහනේ දුර පදවන්න අකමැතියි අපි මෙහෙ නතර වෙලා උදේ යමු කියලා.
වෙලාව පස්වරු අටට ඇති.
මම තීරණයක් ගත යුතුයි අසරන වෙලා ඉන්න මේ යුවතිය ගැන.
කාර්යාලයට ගිය මම සාජ් කැදවලා පණිවිඩයක් දෙනවා. හරි මහත්තයා විනාඩි දහයෙන් මම එනවා. මට හිතට අස්වැසිල්ලක් සපයනවා. කාන්තා පොලිස් නිළදාරිණියක් එක්ක එන සාජ්ට ප්‍රශ්නේ බාර දීලා මම අහගෙන ඉන්නවා.
මගේ වාසනාවට සාජ් එනතුරුත් මහත්තයා උද්‍යාන කෙලවරක එහාට මෙහාට සක්මන් කරනවා.
සාජ් මහත්තයා කැදවාගෙන විත් ප්‍රශ්න කරනවා. මහත්තයා එකග වෙනවා වැරද්දක් කරන්න සැලසුම් කලා කියලා . යුවතිය සියල්ල වමාරා තමන්ට හිරිහැරයක් නොවු බව තහවුරු කරනවා. ඈ රැකවරණයක් ඇති බව දැනී සැනසුම් සුසුමක් හෙලනවා.
දැන් සාජ්ගේ නීතිය හා මනුෂ්‍යත්‍වය දෙපැත්තට දෝලනය වනවා.
මහත්තයා අත් අත්අඩංගුවට පත්කර අධිකරණයට ඉදිරිපත් කලොත් දෙදරු මවක් සහ පියෙකුගේ අනාගතය ? විමසිල්ලට ලක්වෙනවා.
යුවතිය තම ආරක්‍ෂාව සැලසුන බැවින් මේ සිද්ධිය අමතක කිරීමට එකග වෙනවා.
දැන් වෙලාව පස්වරු දහයට ඇති.
අපේ දෛණික සේවා අවසන් කරන සේවක මහත්වරු විදුලි පහන් විසංදි කරගෙන ඇවිත් අපි රැදී ඉන්නා කොටස පමනක් ඉතිරි කරගෙන බලා ඉන්නවා. උදේ ඉදන් බැදි බැමි වලින් නිදහස් වෙලා දවසේ විඩාව නිමා ලන්න.
සාජ් මට ප්‍රශ්ණයක් ඉතිරි කරලා ?
මේ යුවතියගේ නවාතැන් පහසුකම් හෙට උදේ වනතුරු සැපයීම පිලිබදව. දැනටමත් ඇගේ පියා හා ඈ සම්බන්‍ධ වෙලා පසුදා උදේ කැදවා ගෙන යාමට පැමිණෙන බවට.
අපේ බිල්පත් පියවා දැමු හදිසියේ ප්‍රේමයක් හට ගත් මහත්මයාව සාජ් පොලිසියට කැදවා ගෙන ගියේ එතුමගේම වාහනයෙන්.පොලිස් වාහනය ආරක්‍ෂාව ට වගේ පිටුපසින් යනවා. මම ආලින්දයේ ඉදන් බලා හිටියා.
නීතියත් මනුෂ්‍යත්‍වයත් දෙකම බේරා ගන්න සාජ් උනන්දු වෙන්න ඇති.
notes of imaginary
2014-07-01
ලන්ච් ටයිම් කතාවක්.
සමහර විවේක කාලයේදී එයාගේ කතාවලට ඇහුම්කන් දෙන එකත් පුරුද්දක් වෙලා. ඒකට එක් හේතුවක් වෙන්නේ සාජ් පැමිනෙන “ ලන්ච් ටයිම් “ එක බොහෝ වෙලාවල් මටත් ටිකක් විවේක වෙලාවක්. සාජ් එක එක කතා කියනවා.
ඊයෙත් අදත් කතා දෙක ගම්මිරිස් හොරු තුන්දෙනෙක් අල්ලා ගත්ත හැටිත්. අනවසර මත්පැන් වැටලීමක් ගැනත් ඒ ගමන් කීවා.
අනවසර මත්පැන් වැටලීම් සුරා බදු දෙපාර්තමේන්තුවත් කරනවා. පොලිසියත් කරනවා. ආයාතන කාර්ය මණ්ඩල වෙනස් වීමත් සමගම කරන මේ වැටලීම් මාසයක් දෙකක් යන කොට අධිකරණ දඩ වෙනුවට මාස්පතා බදු මුදල් ගෙවීමක් බවට පත්වෙලා සාමාන්‍යකයකරණය වෙනවා. දෙපාර්ශවය හදුනා ගත්තම වැටලීම් ඕන වෙන්නේ නෑ. අනවසර මත්පැන් ස්කාගාර වලටත් තම නිෂ්පාදන අවහිරයකින් තොරව නිෂ්පාදනය කරගෙන යා හැකි තත්වයක් ඇතිවනවා. මේ දෙගොල්ල ගැනම මට අවබෝධයක් තිබෙන නිසා අමුත්තක් ඇති වික්‍රමයක් නැහැ.
මේ දිනවල ගම්මිරිස් වෙළදපලේ කිලොව රු 1180/= විතරත් අමු ගම්මිරිස් කිලෝව රු. 360/= විතර තොග වෙළද පලේ අලවි වෙනවා. ඉතින් අමු ගම්මිරිස් වතුවලින් හොරෙන් නෙලා ගැණීමත් පලදායි කාර්යයක්. සාජ්ගේ පොලිස් පොතේ සටහන් වෙනවා හොරෙන් ගම්මිරිස් නෙලා ගෙන ගියා කියන පැමිණිලි කිහිපයක්. කතාව ආරම්භ වන්නේ එහෙමයි.
අද කෑම විවේකයට පොඩ්ඩක් රත්වෙලා යන්න හුටු හුටු දඩුකජ්ජට නගින සාජ්ට මෙට්ට විකුණන්න යන බට්ටෙක් ( කුඩා ලොරියක් ) මුණ ගැහෙනවා . අහම්බෙන් මුණ ගැහෙන බට්ට ලොරිය පරීක්ෂා කරන්න ඕනි කියලා සාජ්ජට අදහසක් පහලවෙනවා. සාජ් කෑමට පෙර එන කාරෙනටත් පොඩි වියදමක් යනවනේ.
සාජ්ට අමු ගම්මිරිස් ගෝණි කිහිපයක් මෙට්ට ලොරිය තුලදී හමුවෙනවා. පොලිස් පොතේ තියෙන පැමිණිලි කිහිපයත් මතකයට එනවා. ලොරියේ හිටපු තුන් දෙනා පොලිස් භාරයට අරගෙන සාජ් බට්ටා ලොරිය පොලිසියට ගෙනියනවා. සාජ්ගේ අරමුන කෑමට පෙර රාජකාරිය නිම කරන්න. දෙපැත්තෙන් කොයිපැත්තකින් හරි සාජ් ගොඩ යනවා කියලා දන්නවා.
පැමිණිලි දාලා හිටපු කිහිපදෙනා කැන්දා ගෙන එන්න වහාම රාජකාරි ගමනක් පිටත් වුන සාජ් මුණ ගැහෙන්නේ පැමිණිලි කාරයනුත් සමග පොලිසියට යන අතරමගදී පැමිණිලිකාරයෝ කෑමට ගන්න ගමන්.
නිවසියන් හට මෙට්ට විකුනන්න කතා කරලා අලවි කරගන්න කැමැත්ත ගන්න බැරිවුනාට වත්ත පිටිය ගැන ඔත්තු බලලා දෙන්නෙක් එක්ක ගම්මිරිස් වත්තට බැහැලා ගම්මිරිස් නෙලා ගෙන ලොරියේ බෑග් පුරවගෙන .මේ විධියට වතු කිහිපයක හොරට ගම්මිරිස් නෙලලා. අන්තිමට පොලිසියේදී පැමිණිලිකාරයෝ හොරු අදුනා ගෙන. මේ මේට්ට විකුනන්න තමන්ගේ ගෙවල් වලට ගිය තුන් දෙනානේ ! ගම්මිරිස් නෙලා ගෙනත් තියෙන්නෙත් කියලා .
අන්තිමේදී ගම්මිරිස් බට්ටයි අර තුන්දෙනාටයි අධිකරනයට යන්න වුනා කියලා.සාජ් වාර්තා කලා.
notes of imaginary
.jpg)


















