බේකර්ස් බෙන්ඩ් - බෙලිහුල්ඔය

නොන්පෙරියල්

හුණු ගල් පොකුණ - කල්තොට

හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ.



යාපහුව

දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. මේ දළදා මැදුරට යන පියගැට පෙළයි.


සමනලවැව

වලවෙිි ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජලයෙන් පෝෂිත වන සමනල වැව.



කළුදිය පොකුණ

මිහින්තලේ.

2013-07-20

කළියුග කාලේ - රෝහන බැද්දගේ සමග බන්දුල විජේවීර





කළියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ
එකෙක්  රයිගම පැත්තේ
අනිකා ගම්පොල පැත්තේ
එකෙක්  රයිගම පැත්තේ
අනිකා ගම්පොල පැත්තේ

කොහොමද ඒ පැත්තේ තොරතුරු
-හරි ග්‍රීෂ්මේ - ඒ පැත්තේ ?.
එහෙට තදින් වැස්ස වහිනවා
අපේ පැත්‍තේ  මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
මොකක්ද කිව්වේ
අපේ පැත්‍තේ  මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
ඒ කිව්වේ ..............
මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා
නෑ .......නෑ ..........
එහෙනම් ?
පොඩි එවුන්ට යන්න කියනවා
කොහොම උනත් පහුවෙන කොට  පොඩි එවුන්ට පුළුවන් වෙනවා
මොන පිස්සුද ?
උන් ඔක්කොම හරහට යනවා.

කළියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ
එකෙක්  රයිගම පැත්තේ
අනිකා ගම්පොල පැත්තේ
එකෙක්  රයිගම පැත්තේ
අනිකා ගම්පොල පැත්තේ
කොහොමද ඒ පැත්තේ තොරතුරු ?
එහෙට ....වැස්ස  ඒ පැත්තේ ?
එහෙ ගිණි රස්නෙට පායනවා
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
මොකක් කිව්වා ?
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
ඒ කිව්වේ ..............
සැඩ පහරින් බයක් නැතිව ඔරුව පදිනවා.
නෑ.. නෑ.
පුරුදු නිසා ඔරුවෙන් යනවා
ඈ........... බලාගෙනයි

පාරුව පෙරළුනොතින් .............කරදර වෙනවා'
notes of imaginary