
Monday, December 24, 2018
මාව කාපිය .....
“ඉස්සන් පිසාපිය
රා කලයක්ම බීපිය
මෝ ව තම්බාපිය
මෙ තුන කරලා මාව කාපිය”
තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන්
කුරුට්ටන් එකතුව සෙල්ලම් කරන විට කිවු පද හතරක් මට යලි සිහිපත්වුයේ දේශපාලකයින්
අපේ රටට කරන විනාශය දුටු විටය. මොවුන්ට රට ගැන කිසිම හාං හූ වුවක් නැත. තම බලය සහ
බඩ තරකර ගැණීමේ උපාය මාර්ගයන් ගෙන් එපිට කිසිදු හැගීමක් මවු බිම වෙනුවෙන් නැත. බලය
හා තන්හාවෙන් ඇතිවු - තන්හාවෙන් නොකරනා දෙයක්
නැත. මේ හේතුවෙන් අවුරුදු හැත්තෑවක්වු ස්වදේශීය පාලනයෙන් දිනෙන් දින අප රට වල
පල්ලට ගියා මිස ගොඩ ගියේ නැත.
කෙනෙක් පටන් ගත් දේ අනෙකාට වැරදිය. ඒ දේ
විනාශ කර එතනම අළුතින් එයම කරනවා හැර වෙන යමක් කිරීමට දැනුමක් ද නැත.දශක හතම
ගතවුයේ මෙලෙසින් රට ගොඩ ගැනීමය.
අවසන තියන දේත් නොරටුනට විකුනා බඩ පුරවා
ගන්නේය.
අන්තිමට නටපු නැටුමකුත් බෙරේ පළුවකුත්
ඉතිරිව නැත.
පසු ගිය දිනවල එහාට මෙහාට පැන්නවුන්ගේ
තක්සේරුව සොයා බැළුවිට මුන්ට රට ගැන නොව බඩ ගැන කැක්කුමක් ඇතිවී ඇති බව නම්
පැහැදිලිය. ප්‍රධාන පක්ෂ දෙකෙන් එහාට මෙහාට මැරුවු අයට තමා නියෝජනය කරන පක්ෂයෙන්
තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් යලි ගොඩ ඒමට බැරි බව දන්නා මොවුන් පක්ෂය මාරු
කරමින් ගොඩ එන්න උත්සහා දරන බවක් නම් පැහැදිලිය. පරාමාධිපත්‍ය නම් වු විකාරය ඔළු
ගෙඩි 225 කට සහ එක් නායක ඔළුවකට බාරදී කැමැත්තෙන් සිර ගතවු පරාමාධිපත්‍ය හිමි ජනතාවකට
කවදා හෝ දිනක එක් දිනකට පමනක් පරමාධිපත්‍යයේ හිමි කම ලැබෙනු ඇත.

යලි කවදා හෝ පරමාධිපත්‍ය හිමි වුදාට - යලි සිර ගත නොවන්නට එකමුතුව සිතන්නේ නම්
කොයිතරම් පලදායිවේද ?.
මේ අතුරු කතාව මුල් කවි පද හතරට වැදගත්
නොවු වත් ඉන් කියවෙන ගැඹුරු අරුත පැහැදිලි කරමි.
“ඉස්සන් - ඊර්ෂ්‍යාව
රා -
රාගය
මෝ ව -මෝහය
මාව -
මම මමත්වය
මාව කාපිය - මමත්වය විනාශ කර ගැණීම.”
.
Friday, December 21, 2018
ජීවිතය අරුමයක්.
මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව
වෙනිදා.
ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප්
දවස. සතුට , විශ්‍රාමය නොයෙක් අයුරින්
බෙදා ගන්නා මේ උදවිය ආගමික කටයුතු වලට
පන්සලට පල්ලියට නිදහසේ යනවා . තවත් රසකාමීන් කොටසක් නිදහසේ නිදහස් තැන් වලට
එක්වෙනවා. මෙසේ සතුට බෙදා ගන්නා මිතුරන්
කිහිප පොලක් මට මුන ගැහෙනවා හැම මාසෙම. මට මේ හමුවීම අමුත්තක් නෙමෙයි.
අති විශේෂ, සෝඩා ඇතිව නැතිව හත් අට දෙනෙක්
වට වෙන්න පුළුවන් මේසයක අහගෙන ඉන්න තරම් වාද විවාද ඇති වෙනවා මම පුරුද්දෙන්
දන්නවා. අනුන්ගේ කතා බහට කන්දීම හොද පුරුද්දක් නූනත් මේ වියත් සභාව පදම් වෙන කොට
කියන කතා අහන එක මට පුරුද්දක්.විදුහල්පතිවරු ගුරුවරු, මාණ්ඩලිකයන් ලිපිකාර මහත්වරුන්
අද එකම තලයක විශ්‍රාමිකයන් වෙලා.
මේ කණ්ඩායමේ ඇත්තන් ගෙන් කෙනෙක් හිටපු හැටියේ සමුගන්නා අවස්ථාවන් ,රෝහල් ගතවෙන
අවස්ථාවන් ඉද හිට සෞඛ්‍ය හේතුන් මත විවේක ගන්නා අවස්ථාවන් නිසා තාවකාලිකව හෝ
සදාකාලිකව ගණපුරණය වෙනස් වෙන අවස්ථා මම පහුගිය අවුරුදු ගනනාව තුල අත් දැක්කා.
මේ හමුවීමත් සමාජිකයෙකුගේ සදාකාලික
වෙන්වීමත් සමග එකට සනිටුහන් වු දවසක්.
“...............
කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති
බොලන්නේ...........,”
විදුහල්පති වරයෙක්වු විශ්‍රාමිකයෙක්ගේ හඩ
මට ඇසේ රැල් බුරුල් හැර කන්දේ ගෙදර නයිදේට කවියක් කියයි. පිරිස සාවධානව අසා සිටී.
දේශපාලන කථා බහකින් හෙම්බත්වු මේ පිරිස යහමගට පිවිසි බවක් මට හැගේ. මම වඩාත් ඕනා
කමකින් සංවාදයට දෙසවන් යොමු කලෙමි.
විදුහල්පතිවරයා පැහැදිලි කරයි.
කන්දේ ගෙදර - රුප. වේදනා සඤ්ඤා, සංඛාර,
විඤ්ඤාණ
නයිදේ - තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
ගන් ගිය දා - මියගියපසු
ගෙට ගිණි තියති - මළවුන්ගේ සිරුර පුළුස්සති.
අපි තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර තවත්
ගෙයක් සදන්න කරුණු කාරනා එකතු කරමින්
සීටී.
පිරිස තවත් කතා බහක පැටලී සිටි. මගේ
අවධානය බිදිමින් වෙනත් කාරියක් පැවරෙයි.
notes of imaginary
Thursday, September 20, 2018
අනුරාධපුර රාජ වංශය.
විජය රජතුමා ක්‍රි.පු 544
උපතිස්සපණ්ඩුවස්දෙව්අභයපණ්ඩුකාභයමුඨසිවදේවානම්පියතිස්ස ක්‍රි.පු 250-210
උත්තියමහාසිවසුරතිස්සසේන සහ ගුත්තිකඅසේලඑළාල (එළාර)දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු)
ක්‍රි.පු.161-137
සද්ධාතිස්ස
ක්‍රි.පු.137-119
තුලත්ථන
ක්‍රි.පු. 119
ලංජතිස්ස(ලැමිණිතිස් )
ක්‍රි.පු. 119 –
109
බල්ලාඨනාග
ක්‍රි.පු. 109 – 103
වලගම් අබා (වට්ට ගාමිණි)
ක්‍රි.පු. 103
පුලහත්තබාගියපනයමාරපිලයමාරධාතික
ක්‍රි.පු.103 – 89
වලගම් අබා ( වට්ට ගාමිණි)
ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.මහාචුලි මහාතිස්ස
ක්‍රි.පු77-63
චොරනාග
ක්‍රි.පු 63 - 51
තිස්ස (කුඩා තිස්ස )
ක්‍රි.පු 51 – 48
සිවවටුකදාරුභාතික තිස්සනිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)අනුලා රැජින
ක්‍රි.පු 48 – 44
කූඨකණ්ණ තිස්සභාතික අභය ( භාතික අභය තිස්ස , හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ) ක්‍රි.ප්‍ර
22 – ක්‍රි.ව 07
මහාදාඨික
මහානාග
07-19
ආමන්ද
– ගාමිණි අභය
19
– 29
කණිරජාණු
තිස්ස
29
-32
චූලාභය
32-33-
ඉලනාග 33-43
චණ්ඩමුඛ ශිව
43-52
යසලාලක තිස්ස
52-60
යසලාලක තිස්ස සහ සුභ
60-67
වසභ
67-111
වංකානාසික තිස්ස
111-114
ගජබාහුක – ගාමිණි ( ගජබාහු I ,ගජබා ) 114
-136
මහල්ලක නාග
136 – 143
භාතික තිස්ස (බාතිය)
143 – 167
කණිට්ඨ තිස්ස
167 -186
බුජ්ජ නාග
186 –
කුංචනාග
187 – 189
සිරිනාග I
189 – 209
වොහාරික තිස්ස (වේර තිස්ස ) 209 – 231
අභය නාග
231 - 240
සිරිනාග II
240
– 242
විජය කුමාර
242 – 243
සංඝතිස්ස II 243
-247
සිරිසංඝබෝධි ( දැහැමි සිරිසගබෝ)
247 -249
ඝොඨාභය හෙවත් මේඝවන්න අභය ( ගොළු
අබා) 249
-262
ජෙට්ඨ තිස්ස I
263 -273
මහාසේන (මහසෙන්) 274 – 301
ආමන්ද
– ගාමිණි අභය
19
– 29
301 -328
|
||
ජෙට්ඨතිස්ස II
|
328-337
|
|
බුද්ධදාස
|
337 -365
|
|
උපතිස්ස I
|
365 – 406
|
|
මහානාම
|
406 – 428
|
|
වට්ටගාහක ජන්තු
|
428
|
|
මිත්තසේන ( මිත්සෙන් )
|
428 -429
|
|
පණ්ඩු
|
429 – 434
|
|
පාරින්ද
|
434 – 437
|
|
බුද්ද පාරින්ද
|
437 – 452
|
|
තිරිතර
|
452
|
|
දාඨිය
|
452 -455
|
|
පීඨිය
|
455
|
|
ධාතුසේන
|
455 – 473
|
|
කස්සප ( සීගිරි කසුබු)
|
473 – 491
|
|
මොග්ගලාන ( මුගලන්)
|
491 – 508
|
|
කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස )
|
508 -516
|
|
කිත්තිසේන
|
516 – 517
|
|
සිව
|
517
|
|
උපතිස්ස II
|
517 – 518
|
|
සීලකාල ,අම්බසාමනේර
|
518 -531
|
|
දාඨපභූත (දාපලු සෙන්)
|
531 -
|
|
මොග්ගලාන ( දල මුගලන් )
|
531 -551
|
|
කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් )
|
551 -569
|
|
මහානාග
|
569 – 571
|
|
අග්බෝධි I ( අක්බෝ )
|
571 – 604
|
|
අග්බෝධි II ( තුඩා අක්බෝ)
|
604 – 614
|
|
සංඝතිස්ස II
|
614
|
|
මොග්ගලාන III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්)
|
614 – 619
|
|
සීලාඝමේඝවන්න
|
619 – 628
|
|
අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ )
|
628
|
|
ජෙට්ඨතිස්ස
|
628
|
|
අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) යලි රජ පැමිනේ
|
629 – 639
|
|
දාඨෝපතිස්ස
|
629 -650
|
|
කස්සප I
|
650 -659
|
|
දප්පුළු I
|
659
|
|
හත්ථදාඨ
|
659 -667
|
|
අග්ගබෝධි IV (සිරිසංඝබෝධි ,සිරිසගබෝ )
|
667 – 683
|
|
දට්ට
|
683 -4
|
|
හත්ථදාඨ II
|
684
|
|
මානවම්ම
|
684 – 718
|
|
අග්ගබෝධි V ( අක්බෝ )
|
718 – 724
|
|
කස්සප III (කසුබු,සුළු කසුබු )
|
724 -730
|
|
මහින්ද I
|
730 – 733
|
|
අග්ගබෝධි VI (සීලාමේඝ)
|
733 – 772
|
|
අග්ගබෝධි VII
|
772 -777
|
|
මහින්ද II (සීලාමේඝ)
|
777 – 797
|
|
උදය I
|
797 -801
|
|
මහින්ද III
|
801 – 804
|
|
අග්ගබෝධි VII
|
804 – 815
|
|
දප්පුල II
|
815 -831
|
|
අග්ගබෝධි IX
|
831 – 833
|
|
සේන I
|
833 – 853
|
|
සේන II
|
853 – 887
|
|
උදය II
|
887 – 898
|
|
කස්සප IV
|
898 – 914
|
|
කස්සප V
|
914 – 923
|
|
දප්පුල III
|
923 – 924
|
|
දප්පුල IV
|
924 – 935
|
|
උදය III
|
935 – 938
|
|
සේන III
|
938 – 946
|
|
උදය IV
|
946 – 954
|
|
සේන IV
|
954 – 956
|
|
මහින්ද I
|
956 – 972
|
|
සේන V
|
972 – 982
|
|
මහින්ද V (මිහිදු )
|
982 – 1029
|
|
මහින්ද V
රජතුමා ක්‍රිව
1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන්
අදහසක්ද තිබේ.
ක්‍රිව 1029 දී අනුරාධපුර රාජධාණිය බිද වැටී පොලන්නරුව
අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.
notes of imaginary
Subscribe to:
Posts (Atom)