Saturday, March 08, 2025

අනවසරයෙන් ඇතුලු නොවන්න - පෞද්ගලික දේපලකි


නිධාන කථා අපිට අලුත් නැත. කලක් අපේ රාජ්‍ය නායකයෙක් නිධන් කල වස්තුක් සොයා පෞරාණික බිම්වලකැණිම් කරන ලද බව පතල රහසක් විය. පැරණි පුදබිම් සංවර්ධණය කරන මුවාවෙන්
නිධන් ගොඩ ගත් බවට කතාද අපේ කතාබහට එක්වී ඇත.
සමහරුන්ට සංවර්ධනය කරන පුදබිම් ධන බවට පත්ව ද ඇත.
අද කතාව මේ ඕපාදූප වලට අදාල නැතත් නිධානයක් , නිධානයක් කර ගත් සහෝදරයින් දෙදෙනෙකු ගේ කතාවකි.💁💁💁💁

Friday, March 07, 2025

ඉවසීමේ මානසිකත්වය රටක ජාතීන් ගොඩනංවන්න හේතු වෙනවා...- මැන්ඩෙලා


මම ජනාධිපති උනාට පස්සේ දවසක් මම මගේ ළගම හිතවත් ආරක්ෂකයින් කීපදෙනෙක් එක්ක නගරයේ ඇවිදින්න ගියා. උදේ වරුවේ ඉදන් ටිකක් වැඩිපුර නගරයේ ඇවිදලා හිටපු නිසා මහන්සිය නිවාගන්නත් එක්ක කොහේහරි අවන්හලකින් දහවල් ආහාරය ගමු කියලා මම මගේ ආරක්ෂකයින්ට යෝජනා කළා. අපි නගරය මධ්‍යයේ තිබුණු එක්තරා අවන්හලකට ගොඩවෙලා අපට අවශ්‍ය කරන ආහාර ඇණවුම් කලා. ටික වෙලාවක් යනකොට වේටර්වරයා විසින් අපගේ ඇණවුම ගෙන එනු ලැබුවා...
අපි අපේ කෑම කන්න ලෑස්ති වෙනකොටම මම දැක්කා මගේ ඉදිරිපස මේසයේ මා ඉදිරියෙන්ම මිනිසෙක් තමා ඇණවුම් කළ ආහාර එනකම් බලාගෙන ඉන්නවා. මම මගේ ආරක්ෂකයෙක් ගෙන්නලා අර මනුස්සයාව පෙන්නලා එයාගේ කෑම එක ආවාම ඒක අරගෙන ඇවිත් අපිත් එක්ක කෑමට සම්බන්ධ වන්න කියලා ඔහුට ආරාධනා කරන ලෙස ඉල්ලා සිටියා. ආරක්ෂකයා ගොස් ඔහුගෙන් එම ඉල්ලීම කළා...
ටික වේලාවකින් ඔහු ඇණවුම් කරන ලද කෑම එක ඔහුට ලැබුණා. ඔහු එයත් රැගෙන ඇවිත් මා ඉදිරි පිටින් අසුන්ගත්තා. කිසිම කතාවක් නොමැතිව අපි සැමදෙනාම එකට ආහාර ගත්තා. ආහාර ගැනීමෙන් පසු අර මනුස්සයා මුකුත්ම නොකියා එතනින් පිටවෙලා ගියා... හැමදෙනාම එකට ආහාර ගන්නා වෙලාවේ ඒ මනුස්සයාගේ එක දෙයක් ගැන අපි සැළකිලිමත් උනා. ඔහු කෑම එක රැගෙන මා ඉදිරියේ වාඩිවුනු වේලාවේ ඉදලා කෑම කාලා අවසන්වී මෙතනින් පිටවෙන තෙක්ම ඔහුගේ දෙඅත් වෙව්ලමින් තිබුණා...
ඔහු පිටවගිය පසු මගේ ප්‍රධාන ආරක්ෂකයා මගෙන් මෙහෙම අහනවා...
" සර්... ඒ මනුස්සයා මොකක් හරි අසනීපයකින් ඉන්නවා වගේ නේද..? කෑම කන මුළු වෙලාවෙම එයාගේ අත්දෙක වෙව්ලනවා අපි දැක්කා..."
" නෑ... ඒ මනුස්සයට කිසිම අසනීපයක් නෑ... ඒ මනුස්සයා කවුද කියලා දන්නවද..?
ඒ මනුස්සයා තමයි මම බන්ධනාගාර ගතවෙලා ඉන්නකොට මාව බලාගන්න බාරවෙලා හිටිය ආරක්ෂකයා... මාව හැමදාම වගේ වධකාගාරයට අරන් ගිහිල්ලා ගහලා, වද දීලා ආපහු හිර කුටියට ගෙනත් දැම්මාම මම වේදනාවෙන් කෑගහනවා... වේදනාවන් ඉවසගෙනම මම හැමදාම මෙයාගෙන් වතුර ටිකක් ඉල්ලනවා බොන්න... මම වතුර ඉල්ලුවම මෙයා හිනා වෙවී අවිත් වැටිලා ඉන්න මගේ ඔළුවට මුත්‍රා කරනවා..."
" ඔහු දන්නවා මම දැන් මේ රටේ ජනාධිපති කියලා... මම මෙතනට ඔහුට එන්න කිව්වාම ඔහු බයවෙන්න ඇති... මට ඔහු සලකපු ආකාරයටම මමත් ඔහුට සළකයි කියලා ඔහු හිතන්න ඇති... මගේ බලය පාවිච්චි කරලා ඔහුව සිරගත කරලා මට කළා වගේම ඔහුටත් වධහිංසා කරයි කියලා ඔහු හිතන්න ඇති... ඒකයි ඔහු බයෙන් වෙව්ලන්න පටන් ගත්තේ..."
" නමුත් මම ඒ වගේ මිනිහෙක් නෙවෙයි... පළිගැනීම මගේ අචාර ධර්මවලට අයත් කොටසක් නෙවෙයි..."
" පළිගැනීමේ මානසිකත්වය රාජ්‍යයන් විනාශ කරනවා..."
" ඉවසීමේ මානසිකත්වය රටක ජාතීන් ගොඩනංවන්න හේතු වෙනවා..."
නෙල්සන් මැන්ඩෙලා...
හිටපු ප්‍රථම කළු ජාතික දකුණු අප්‍රිකානු ජනාධිපති
(1994 - 1999)
උපුටා ගැනීමකි..
බලය තියෙන්නේ මිතුරාට සේම හතුරාට ද යපහත පිණිස යොදවන්න
A day in the life

Thursday, March 06, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙලෙන්සික්.


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් එලවා දමයි…..
ලෝකයේ රාජ්‍යතාන්ත්‍ර  යට ඉතාමත් අදුරු දිනයක් ඊයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයෙන් වාර්ථා උනා. ඇමරිකානු ජනාධිපති‍ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවක් මත එරට සංචාරයක නිරතවන යුක්රේන ජනාධිපති සෙලෙන්සික් සමග ප්‍රබල වචන හරඹයක නිරත වූ ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡාව අතර මග නවතා දමා යුක්රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් පිටත් කර යවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එය ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්වයක් බවයි සදහන් වෙන්නේ.
රාජ්‍ය නායකයෙකුට ලැබිය යුතු නියමිත රාජ්‍ය ගෞරව සහිතව ධවල මන්දිරයේ දොරටුව ලගදී යුක්රේන ජනාධිපතිවරයා පිළිගත් ජනාධිපති ට්‍රම්ප් ඔහුව සුප්‍රසිද්ධ ඕවල් කාර්යාලයට කැදවාගෙන යනු ලැබුවා. සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඇද සිටි ඇදුම ද ට්‍රම්ප් විසින් අගය කල අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ට්‍රම්ප් වෙත සිහිවටන තිලිණයක්ද ප්‍රධානය කර තිබුනා. මාධ්‍යවේදීන් රැසක් ඉදිරිපිට ආරම්භ වූ සාකච්ඡාව මුලදී ඉතා සුහදව ආරම්භ වී ගලාගෙන ගොස් තිබූ අතර රැස්ව සිටි සියළු දෙනාම පුදුමයට පත්කරමින් දෙදෙනා අතර සාකච්ඡාව උනුසුම් වී තිබුනා.
ට්‍රම්ප් සමග එක්වූ ඇමරිකානු උප ජනාධිපති වැන්ස් සෙලෙන්ස්කි ජනාධිපතිවරයාට බැණවැදුනු අතර යුක්රේන ජනාධිපතිවරයාද අඛණ්ඩව වාදයට පැටලීමට උත්සාහ කරා. අවම වශයෙන් යුද්ධයට සහයෝගය දැක්වීම වෙනුවෙන් ඇමරිකාවට ස්තූති කිරීමට හෝ සෙලෙන්ස්කි කටයුතු නොකිරීම ඇමරිකානු උප ජනාධිපතිවරයාගේ අප්‍රසාදයට හේතුවී තිබුනා. එමෙන්ම ඕවල් කාර්යාලය තුල ඇමරිකානු මාධ්‍ය ඉදිරියේ සෙලෙන්ස්කිගේ හැසිරීම ඇමරිකාවට අගෞරවයක් බවයි වැන්ස් උප ජනාධිපතිවරයා කියා සිටියේ. (https://www.facebook.com/share/v/15EyEywcWC/?mibextid=wwXIfr)
ඉතාමත් තද ස්වරූපයෙන් සෙලෙන්ස්කිව ඇමතූ ට්‍රම්ප් ජනාධිපතිවරයා “ ඔබ දැන් ගොඩක් කතා කලා, ඔබ මේ යුද්ධය දිනන්නේ නෑ, අපේ ආයුධ වල සහයෝගය නොතිබුනා නම් සති දෙකකින් මේ යුද්ධය ඉවරයි, ඔබට යුද්ධ කරන්න මිනිස්සුත් නෑ, අපේ මෝඩ ජනාධිපතිවරයා (හිටපු ජනාධිපති බයිඩන් මෝඩයෙකු බව ට්‍රම්ප් සදහන් කරා) ඩොලර් බිලියන 350 ක් යුක්රේනයට ලබා දුන්නා, ඔබ තුන්වන ලෝක යුද්ධයත් සමග සෙල්ලම් කරනවා, බොහෝ අය ඔබට ඕනවටත් වඩා සහයෝගය ලබා දුන්නා, ඔබ යුක්රේනයට අගෞරවයක්” ආදී වශයෙන් ඉතා තදින් සෙලෙස්න්සිකට බැන වැදුනා.
ජනාධිපතිවරුන් දෙපළ අතර සාකච්ඡාවෙන් පසු පැවැත්වීමට තිබූ ඒකාබද්ධ මාධ්‍ය හමුව හා ගිවිසිම් අත්සන් කිරීම යන අවස්ථා දෙකම වහාම අවලංගු කල ට්‍රම්ප් ජනාධිපතිවරයා සෙලෙන්ස්කිට ධවල මන්ධිරයෙන් පිටව යන්නයැයි කියා තිබුනා. සාකච්චාව සදහා සහභාගී වී සිටි ඇමරිකාවේ යුක්රේන තානාපතිවරිය පමනක් සිය ජනාධිපතිවරයා සමග දොරටුව ලගට පෙරගමන් පැමිණි අතර සෙලෙන්ස්කි සිය රථයේ නැගී නිහඩවම ධවල මන්දිරයෙන් පිටව ගියා. 
සිදුවූ දෙය පිලිබදව සමාජ මාධ්‍ය සටහනක් තැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුනේ “සාමය සදහා එකගවන ඕනෑම වෙලාවක ඔහුට නැවත ධවල මන්දිරයට පැමිණිය හැක” යනුවෙනි.

 

2025 මාර්තු 01.
-----තිලාන් ජයසේකර.
A day in the life

Wednesday, March 05, 2025

හැට්ට කට්ට Safety pln



Walter Hunt created the safety pin in 1849. Today, it still looks almost exactly same as when he invented it.

Sadly, Hunt, needing to settle a $15 debt, sold the patent rights for just $400 — far less than the fortune it later generated.

Other companies made millions of dollars off the product.

Crafted from a single piece of wire with a coiled spring and protective clasp, his design was both simple and effective.

Beyond the safety pin, Hunt developed early sewing machines, repeating rifles, a streetcar bell, and even a precursor to the Winchester rifle. Though his inventive mind greatly influenced various industries, he rarely profited from his creations. Yet, his legacy lives on, with the safety pin remaining a staple in households worldwide.

The next time you use one, think of Hunt.


safety pin අපේ වහරෙදි " හැට්ට කට්ට ,ආයා කට්ට , යතුරු කට්ට යන විදියට එක් එක් ප්‍රදේශ වලදී හැදින්වෙනවා .

1849 දී වොල්ටර් හන්ට් නිර්මාණය කල අද වන විට හැට්ට කට්ටේ උපතට අවුරුදු 176 ක් !.

නොවෙනස් නිර්මාණයක්ව අදත් භාවිතයේ පවතිනවා. එයත් පුදුමයි.

හන්ට් ආර්ථික අර්බුදයකට ලක්ව ඩොලර් 15 ක ණයක් ගෙවා ගැණීමට නොහැකිව හැට්ට කට්ටේ පේටන්ට් අයිතිය  ඩොලර් 400 කට විකුණනවා. දගරයක්  උල් කෙළවරක් සහ ආරක්ෂිත ගාංචුවක් සහිත තනි කම්බියකින් නිර්මාණය කල සරල උපකරණයක්වු යතුරු කට්ට පසුව ධන උල්පතක් බවට පත්වෙනවා.

හන්ට් ගේ ප්‍රකට නිර්මාණ අතර මහණ මැසිම , පුනාරාවර්ථන රයිපලය , වීදී කාර් සදහා සීණුව,වින්චෙස්ටර් රයිපලය වැඩි දියුණු කිරීම සදහන් වනවා.

හන්ට් විවිධ කර්මාන්ත වල ප්‍රගතියට දායක වුනත් ඔහු ලැබු ප්‍රතිලාභය ප්‍රමානවත් වුනේ නැහැ.

යතුරු කට්ට ලොවපුරා ප්‍රචලිතව හැම නිවසක 1849 යේ උපත ලද විදියටම භාවිතා වෙනවා.

අඩුම තරමේ හන්ට් සිහිපත් කරන්නේ වත් නැතිව.


A day in the life

Tuesday, March 04, 2025

Back to home'



 

සැලසුම වෙනස් කරන්න සිදුවුනා.
12 වෙනිදා වෙනකම් නන්නාතර වෙන්න හිතාගෙන හිටපු මට ආපසු ගෙදර එන්න සිදුවුනා.
කාලෙකින් නොලැබුන අත්දැකීමක් එක්ක.
පුදුම නිදහසක්.
බලංගොඩ ඩිපෝවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් එකක ලස්සන සිංදු ටිකක් පැය හයක් එක දිගට වාදනය වුනා.
ඒක වෙනමම අත්දැකීමක්.. හිත නිවන සිංදු. දඩාං බඩාං නැති සංගීත රාවය
කාර්ය මණ්ඩලයට ස්තුතිය.
පස්වරු එකයි විසිපහට ගාල්ලෙන් පිටත් වුන බසය වෙරළ තීරය දිගේ හතයි විනාඩි පහලව ට බලන්ගොඩ. මම පුංචි කාලේ ගාල්ලට ගිය පාර දිගේ ...ගාල්ල - පාණදුර -රත්නපුර- බලංගොඩ.
මීට අවුරුදු හැටකට පමණ පෙර පැය දාසයක් දාහතක් ගිය ගමනක් ....
සැළසුම වෙනස් වීමත් සහෘද සමාගමෙන් හිටිහැටියේ සමුගන්න සිදුවීමත් වේදනාවක්. ඒක වෙනම කතාවක්.
අසුනේ තනියට පාණදුර - කුරුස හන්දියෙන් සමුගත් ගමන් සගයා ගැන වචනයක්.
අපි කතා කර කර ආවා.බසයේ වාදනය වු සිංදු ගැන.මමයි ඔහුයි අතර අවුරුදු හතලිහක් විතර වයස පරතෙරය තිබුනත් රසිකත්වය මගේ මට්ටමේ. සිංදු අගය කරගෙන ඇවිත් පස්සේ දේශපාලනයට බැස්සා. රට දියුණු වෙනවා නම කවුරු කලත් මොකද ? .එහෙම හිතන්න පුලුවන් නම් කොයිතරම් හොදද ??.
දැන් පාණදුරේට කිට්ටුයි. එයාගේ විසිටිං කාඩ් එකක් මට දුන්නා. බස් එකේ නිසා මම කිව්වා , "මම මේ නම්බර් එකට කෝල් කරන්නම් .එතකොට මගේ නම් එක සේව් කරගන්න , මම ලයනල් ලියනගමගේ "කියලා
පොඩ්ඩක් ඉන්න .....පොඩ්ඩක් ඉන්න.....
ඔහු ප්‍රතිවාදනය කලා.
මොබයිලය ඇදගෙන මෙටාවට ගිහින් ලයනල් ලියනගමගේ හොයා ගෙන පෙන්නනවා. අපි මෙටාවේ යාලුවෝ කාලෙක ඉදන්. පුංචි පුංචි සංවාදත් කරමින් ඉන්නවා.
මටනම් සතුටුයි. පුදුමයි අහම්බෙන් හමුවීම.......
සමාන අදහස් තියෙන අය නොදැක වුනත් සහසම්බධන්තා පවත්වාගෙන යනවා. කිසිම වාසියක් ප්‍රතිලාභයක් නොතකා. කොයිතරම් සුන්දරද ?. මම එතන ඉදන් සහෘද ලෝකයේ සැරිසරමින් බලංගොඩට ආවා.
පොදු ප්‍රවාහන සේවයත් මිනිස්සු තනි කරන්නේ නැහැ.

හෙටටත් මොනවා හරි කතා කරන්න එපැයි. ලේබලය " ජීවිතය "යෙන්ම හමුවෙමු. 

A day in the life

Sunday, March 02, 2025

අහංගම.....





අහංගම කෙනෙක් අහංගම වෙනස දකින්නේ නැහැ.
අද ප්‍රදේශයේ හැමතැනම විදේශික සංචාරකයින්ගෙන් පිරිලා.
වෙරළ තීරයේ ,ප්‍රධාන මාවත දෙපස හෝටල් වල විතරක් නෙමෙයි ඇතුලත ගම්වලත් නිවාසවල , නිවාස කොටස්වල .විලාවල සංචාරකයෝ.
මීට අවුරුදු හැටකට විතර ඉස්සර තාත්තත් ඒක්ක මම අහංගම ඒනවා.
තාත්තගේ උපන් ගම , තාත්තගේ ඥාතීන් බලන්න මුණගැහෙන්න.
අපි මේ ගමන ඒන්නේ මධ්‍යම කදුකරයේ නැගණහිර බෑවුමේ පිහිටි බෙලිහුල්ඔය ඉදන්.
උදේ පාන්දර පාණදුර බස්සෙකක නැගිලා පාණදුරෙන් ගාල්ල හෝ මාතර බස්
ඒකක මේ ඒන ගමනට අඩුමතරමේ පැය දහතරක් පහලොවක් ගතවෙනවා.
රෑ නවයට දහයට බස් ඒකෙන් බහින තාත්තයි මමයි, කරුවල මකාගන්න අහංගම - ඉමදුව පාරේ තියෙන වෙළදසැලකින් ඉටිපන්දම් දෙකක් සමග පොල්කට්ටක් ඉල්ලාගෙන හැතැම්ම දෙකක් විතර දුර පයින් ඇවිත් තාත්තගේ මහගෙවල් තිබුන නාකන්දට ආපු ඒ ගමන් බිමන් මතක් වෙන කොට හරිම රසවත්.
මහ රෑ ගෙට ගොඩවෙන කොට ආත්තම්මා අපිව පිලිගන්නේ විස්සසෝප වෙමින්.
ඔලගන්දුවේ හණ්දියේ අරුන් හිටියැයි.
උන් උඹලා අදුරගත්තැයි.......හැමදාම අහන ප්‍රශ්නවැලට මුලට ඒකතු වුනා
බීමත්ව ඉන්න මංපහරන නැඩයෝ පිරිසක් ගැනයි මේ අහන්නේ.
මට අද ඉමදුව පාරේ ඔලගන්දුව පහුකරන කොට අර බෝක්කු කනු කිහිපය ඒදා වගේම පහුකරන්න සිද්ධ වුනා.
ඒතකොටත්  ආත්තම්මා ඒදා කියපු කතාව මතක්වුනා.
දැන් පාර වැඩි දියුණු වෙලා , බෝක්කු කණු අළුතින් ඉදිිිිවෙලා.‍
බෝක්කු කණු උඩ රෑට ඉන්න නැඩයෝ දැන් නැහැ.
ඒදා අදුරේ ගිලිලා තිබුන ගම්මාන කළඒළිවෙලා.
අපි දැන් අහංගමට ඒන්නේ කලාතුරකින්.
තාත්තා වියෝ වෙලත් අවුරුදු විසිහතක්.
නෑදෑ සබද කම් වියෙකිමින් යනවා
අපිත් වයසට ගිහින්.
ඒදා පැය දාහතරක් පහලොවක් ගිය ගමනට දැන් පැයහතරක් විතරයි යන්නේ බරවකුඹුකෙන් කිරිපැණි -ඇඹුල්තියල් අරගෙන ඒන මාවතට ගොඩවුනාම විනාඩි ඒකසියපහක් දවලාන විට ඉමදුව හුවමාරු වෙන් අහංගමට ඒනවා.බරවකුඹුකට ඒන්න බලංගොඩ -වැලිගෙපොල -පල්ලේබැද්ද හරහා ඇඹිලිපිටිය ,බරවකුඹුක හුවමාරුවට ගොඩ වෙනවා.
මට තාත්තා හිටියනම් කියලා මතක් වෙනවා.
ඒහෙනම් හැම නිවාඩුවකටම තාත්තා ගමේ ඒයි.
වියකිලා යන ඥාති හිතවත් කම් සුරැකිලා තියෙයි.

Aay in the life

Saturday, March 01, 2025

සනුහරය



සනුහරයක් සොයා ගිය ගමනක් අද කතාව බවට පත්වෙනවා.
ඒකවගේ කතා කියවා කියවා ඉන්න අතරට මේකත් ඒක කතාවක්. අපි ලියනගමගේ වාසගමට යෙදුන පරම්පරා කිහිපයක් පැවත ඒන පරපුරක සාමාජිකයෝ.
ලියනතමගේලා කොළඹ දී හමුවෙනවා. නුවර ,මාතර ,ගාල්ල ,රත්නපුර ,තංගල්ල ,ගල්නෑව , අනුරාධපුරය පොලොන්නරුව වගේ ලංකාවේ හැම තැනකදීම ලියනගමගේ කෙනෙක් හමුවෙන්න පුළුවන්.
අපි අදුරන්නේ නැහැ.
ඒ්ත් ලියනගමගේ ලා.
මේ කතාව ඇහුවෙත් ලියනගමගේ කෙනෙක්ගෙන්. නමින් සුමිත් ලියනගමගේ.
පදිංචිය ගාල්ල නගරයේ.
අවාසනාවට මෙයාට ඉන්නේ දූ වරු දෙදෙනෙක්.
සුමිත් ලියනගමගේ ගෙන පස්සේ ලියනගමගේ සනුහර නාමය ඒයාට නැතිවෙනවා.
හරිම වේදනාවක් තියෙන්නේ ඒයාට ඒ් ගැන.
තවත් අහම්බයෙන් මුණ ගැසුන ලියනගමගේ කෙනෙක් ඉන්නවා. මගේ ලැයිස්තුවේ.
ඒයා පදිංචි වෙලා හිටියේ ගල්නෑවේ.
පසුකාලයක කොළඹට ආසන්නව පදිංචි වෙනවා.
ඒයාටත් ඉන්නේ දූ වරු හතර දෙනෙක්.
ඒතනින් ඒහාටත් ලියනගමගේ යන්නේ නෑ.
මේ ලියන මටත් මගෙන් ඒහාට ලියනගමගේ අරගන යන්න කෙනෙක් නැහැ.
ඔහොම බලන කොට වදවී යන පරපුරක්.
මගේ මුණුපොතේ ඉන්නවා මුණු පොතෙන් හමුවුන කවදාවත් මුණනොගැසුනු ලියනගමගේ ලා.
මම කතාවක් අහලා තියෙනවා.
ලියනගමගේ ලාට සම්බන්ධ.

මෙයාලගේ මුල් වාස භුමිය වෙලා තියෙන්නේ අහංගම - නාකන්ද කියන ගම් පියස.
ක්‍රි. ව 1818 කැරැල්ල අවස්ථාවේ අහංගම හරහා ගිය සුදු බල ඇනියකට අහංගම කන්ද කියන ප්‍රදේශයේදී පහර දීලා පලවා හැරලා තියෙනවා.
මේ පහර දීීීම මෙහෙයවලා තියෙන්නේ ලියනගමගේ සහෝදර පිරිසක්.
මේ සහෝදරයෝ දාහතක් ඉදලා තියෙනවා.
සුද්දන්ට පහර දීම හේතුවෙන් මේ පිරිස ලංකාවේ විවිධ ප්‍රදේශවලට පැනලා ගිහින් සැගවුන ජීවිත ගත කරලා.
ඒ් ප්‍රදේශවලින් අවාහ විවාහ කර‌ගෙන පැලපදියම් වෙලා.
ඉතින් ලංකාවේ තැනින් තැන ලියනගමගේ ලා හමුවීම අරුමයක් නෙමෙයි.
නාකන්දේ ඉතිරිවුන මුත්තාගෙන් පැවත ඒන්නෝ අපි.
අපේ තාත්තා නාකත්ද අත්හැරලා බෙලිහුල්ඔයට ඒනවා.
අපි මේ පැත්තේ ඉන්න ලියනගමගේ ලා වෙනවා.







A day in the life

Friday, February 28, 2025

මේ මළ ඉළව්වත් පරණ ඉළව්ව වගෙයි.




පාර්ලිමේන්තුවේ කතා  ගැන අහගෙන ඉන්න කොට යමක් ලියන්න හිතුනා.
පරණ පාර්ලිමේන්තුව දූෂිතයි
225 ම වැඩකට නැති මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනා.
වර්තමාණයේ බලයට පත් පිරිස අපිට කිව්වා 
මහා ශ්‍රමදානයක් කරන්න - තියෙනවා.මේ කුණු කන්දල් සියල්ලම අතුගාලා දාන්න ඔ්න කියලා.
අපි ඒකග වුනා
තුනෙන් දෙකක්ම අළුත් කලා.
අළුත් අය ඇවිත් කියන්නේ කරන්නේ මොනවද කියලා අහගෙන ඉන්න කොට දුක හිතෙනවා.
මඩ හැරෙන්න කිසිම අළුත් දෙයක් නැහැ.
පරණ බයියෝ කරපු කියපු දේවල් හරි නැති නිසානේ අළුත් අය පත් කරගත්තේ කියලා නිනව්වක් නැහැ. 
පරණ බයිලමේ දිග අරිනවා 
ඒ කියෝ කියෝ ඉන්න නැතිව වැරදි පාරේ ගිය ඒවුවොන්ට ආයෙත් නොකරන්න පුළුවන් දෙයක් කරන්නේ නැතිව.
මඩ ගහලාම වැඩක් නැහැ.
අහලා අහලා ඒපා වෙලා. දැන් ඒ්වා ඇත්ත කියලා පිලිගන්න ප්‍රමාණය දවසින් දවස අඩුවෙනවා.
ඒ්ක ආණ්ඩුවේ සෞඛ්‍යටත් හොද නැහැනෙ.
දැන් ඔ්ක නතර කරලා ඉස්සරහට තියෙන අවුරුදු තුන හතරේ කරන්නේ මොනවද කියලා කතා කරමු.
අපි හීන දකින්න හරිම කැමතියි.
කැළණි වැලි දුම්රිය ගැන , කිමි ලක්ෂයක මාර්ග සංවර්ධණය ගැන........අර ලොකුවට තියෙන අයවැය පරතෙරය පියවන ඒක ගැන.......කොච්චර හීන ගැන කතා කරන්න පුළුවන්ද ?.
අයවැය පරතෙරය පියවන්න නම් වැය නතරකරලා දැම්මම ඒවරයි.ඒහෙම තමයි වෙනවා ඇත්තෙත්.
ණය අරන් පරතෙරය පියවන්න ආණ්ඩු ඔ්න නැහැනේ.
ඒදා කරපු දේ අදත් වෙනවා නම්
මේ මළඉලව්වෙනුත් වැඩක් වෙන ඒකක් නැහැ 
කියාලා හිතෙනවා.


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon