Wednesday, August 07, 2024

බංග්ලාදේශය සහ අගමැතිනි ෂෙයික් හසිනා









බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා ගේ පලායාම පිළිබඳව විවිධ අදහස් පවතී. මුලින්ම මම එයා ගැන කියන්නම්. එයා පියා තමයි 1971 දී බංග්ලදෙශය නම් රටක් හැදුවේ.
ඊට පෙර කිව්වේ නැගෙනහිර පකිස්ථානය කියලයි. ඔබ දන්නවා ඉන්දියාව ඉංග්‍රීසින් ගෙන් නිදහස ලබනාවත් සමගම පකිස්ථානය වෙනම රාජ්‍යයක් ඉල්ලා ඔවුන්ගේ රජයක් හදාගනු ලැබුවා. ඒ අතර නැගෙනහිර පකිස්ථානය ලෙස කොටසක් ද ඔවුන් වෙත පැවරුවා.
ඒ කාලේ නැගෙනහිර පාකිස්ථානයේ වැඩිහරියක් ජීවිතය ගෙව්වේ අඳගොවියන්ටත් වඩා පහල ජීවන තත්වයකි. ඔවුන් ගෙන් පිරිසක් හින්දු අයගේ කුඹුරු වල වැඩ කළා. සමහරු හන කම්හල් වල සේවය කලා. බහුතරයක් මැරෙන්නේ නැතිව කාලා ජීවත් වුනා කියලයි මම දකින්නේ.
මේ දෙක එකම රටක් කිව්වා වුවද ඒ දෙක අතර පරතරය කිලෝමීටර් 1200 ක් පමණ වෙනවා. ( ඒ කියන්නේ ඉන්දියාව මැද්දේ ඉන්නවා ) ඔර්ජිනල් පකිස්ථානය එක පැත්තක සහ නැගෙනහිර පකිස්ථානය හෙවත් බංග්ලාදේශය බොහොම දුරින් ඇත.
හැබැයි ඒ කාලේ 1971 පෙර සේරම පාලනය කලේ පකිස්ථානය විසිනුයි. නිවැරදිවම කියනවා නම් ප්‍රභූ පැලැන්ති විසින් දුප්පත් වගේම ජලගැලීම් සහ සුලිසුලන් වැනි පීඩාවට ලක්වෙන මේ ජන කොටස් නොසලකා හරිමින් එයාලගේ අභිමතය අනුව පාලනය ගෙන ගියා. කියන්න පුළුවනි.
ලංකාවේ නම් කොළඹ සිට ලයින් කාමර වල ජීවිත ගෙවන වතුකරයේ අහිංසක ජනතාව පාලනය කරනවා වගෙයි. කියලයි මම දකින්නේ. ඒ කියන්නේ ඔවුන් ගැන බලන්න අවංක නායකයෙක් ලැබී නැහැ.
තත්වය මෙසේ තිබියදී 1964 දී හෂීනාගෙ පියා අවාමි ලීගයේ නායකයා වුනා. 1969 දී ඔහු කරුණු 6 ක් සඳහන් කරමින් ඔවුන්ට ද පාලන බලය බෙදී යනසේ ඉල්ලීම් ඉදිරිපත් කළා. මේ කලේ පකිස්ථානය පාලනය කලේ අයුබ් ඛාන් විසිනි. ඔහු ජනතාවට බලය දෙනවා වෙනුවට හමුදාවේ යායි යා ඛාන් වෙත බලය දුන්නා.
මේ කාලයේ ( 1970 නොවැම්බර් ) මහ ජලගැල්මක් නිසා මියලන ගණනක් පීඩාවට පත්වුනා. පකිස්ථාන ආණ්ඩුව ඔවුන් ගැන කිසිඳු සොයා බැලීමක් කලේ නැහැ. මේ සියල්ල නිසා පකිස්ථානයේ පලනය පිළිබඳව බංග්ලාදේශ ජනතාව දැඩි අප්‍රසාදයෙන් පසුවුණා.
තත්වය මෙසේ තිබියදී පකිස්ථානයේ අසාධාරණ පාලනයට එරෙහිව 1970 පකිස්ථාන මහා මැතිවරණයෙන් නැගෙනහිර පකිස්ථානයේ ෂෙයික් මුජබර් රහුමාන්ගේ අවාමි ලීගයට ජනතාව විසින් බහුතර බලයක් දුන්නා.
ඒ කියන්නේ අවාමි ලීගය ආසන 167 ක් ලැබෙන වීට අලි භූතහෝගේ පකිස්ථාන ජනතා පක්ෂයට ලැබුනේ ආසන 87 ක් පමණයි. අනෙක් පක්ෂ වලට 10 ක් ගන්න නොහැකි වුනා.
ඒ කියන්නේ අලි භූතහෝ ගේ ( බෙනාසීර් ගේ පියා ) පක්ෂය පවා අභිබවමින් ඉහල ජයක් ලැබුවා. ඒ අනුව ඔවුන් පකිස්ථානයේ අගමැති දුරය ද අපේක්ෂා කළා හැබැයි අර ප්‍රභූ පැලැන්ති විසින් ඒ ජයග්‍රහණය මායිම් කලේ නැහැ. ජාතික සභාවේ වාර අවසන් කරමින් කල්දමනු ලැබූ බව ඔහු නිවේදනයක් කලා ( බහුතරය කියන්නේ හැමදේම නෙවෙයි කියලා. )
දැන් මේ බලය දුන්නේ නැති නිසා 1971 මාර්තු 2 වී.වී. ශිෂ්‍යයින් සමග ජනතාව පාරට බැස්සා. දිනෙන් දින වැඩේ උග්‍ර වුනා මුළු බන්ග්ලාදෙශයම නතර වුනා. පකිස්ථාන මිලිටරි නායකයාට බංගලි කුක්ලා උයන්නේ ද නැතුව ගියා. ලක්ෂ ගනන් පාරේ උද්ඝෝෂණ කලා.
ඉන්පසු ජනතාව කිව්වා මිජිබර්ව කිසිඳු දිනක පකිස්ථානයේ අගමැති කරන්නේ නැහැ. ඒනිසා ෂෙයික් මුජිබර් රහුමාන් ( ෂෙයික් හසීනා ගේ පියා ) නිදහස් බංග්ලාදේශයේ අගමැති ලෙස නම් කලා.
පකිස්ථානය එය පිළිගැනීමට සුදානම් වුනේ නැහැ. ඉන්පසු ඔහු ජනතාව සමග එක්වී තම රටෙහි ස්වාධීනත්වය ප්‍රකාශ කරමින් බන්ග්ලාදේශය වෙනුවෙන් සටන් ඇරඹුවා.
එහිදී 1971 මාර්තු 25 පකිස්ථානය විසින් ඔපරේෂන් සර්ච් ලියිට් නම් මෙහෙයුමක් ආරම්භ කළා. ඒ අනුව බංග්ලාදේශයද තම විමුක්ති සටන ආරම්භ කලා.මුජිබර් රහුමාන් අත් අඩංගුවට ගනු ලැබුවා. මිලියන ගණන් ජනතාවට මහා විශාල දුක ගැහැට වලට මුහුණ දෙන්න වුනා. සමහරුන්ට සැඟවී පලා යන්න වුනා.
එම යුද්ධයේදී පකිස්ථානුවන් විසින් බන්ගලාදේශ වැසියන් ලක්ෂ 30 ක් පමණ මරා දැමුවා. ගැහැණු දරුවන් සහ කාන්තවන් ලක්ෂ 30 ත් 40 ක් වගේ ප්‍රමාණයක් දුෂණය කළා. ගෙවල් ගිනි තිබ්බා. හැමෝම පන බේරා ගැනීම හිස්ලු අත දිවගියා. මිලියන 10 ක් පමණ වූ සරණාගතයින් ගෙන් ඉන්දියාවේ බටහිර බෙංගාලය පිරුනා. මෙය මහා ජන සංහාරයක් වුනා.
එහෙම වුනේ ඔවුන්ගේ අවි ආයුධ නවීන නැහැ වගේම ඔවුන්ගේ අත්දැකීම් මෙන්ම දක්ෂකම් ද ප්‍රමාණවත් නොවීම කියලයි මගේ කියවීම. මේ අනුව මුජිබර් රහුමාන් ඉන්දියාවේ සහය ඉල්ලුවා.
ඉන්දියාවද එයට නොමදව සහය ලබා දුන්න. සෝවියට් දේශයේ සහය ද යම් ප්‍රමාණයකින් ලබුනා. ඒ කාලේ ඉන්දිරා ගාන්ධි අගමැති, usa ජනාධිපති හෙන්රි කිසින්ජර් උන්නේ. අවසානෙදි ඉන්දු පකිස්ථාන යුද්ධයක් ලෙස මෙය ආරම්භ වුනා.
ඉන්පසු බංග්ලාදේශ වැසියන්ට ඉන්දීය නාවික හමුදාව විසින් අවි පුහුණුව ලබාදුන්නා. 1971 අගෝස්තු 15 තමයි උච්චම යුද්ධය ආරම්භ කලේ. ඊට සතියකට පෙරාතුව ජනතාව ගේ මොරල් එක ඉහල දැමීම පිණිස දේශාභිමානී ගීත දෙකක් බෙංගාලි භාෂාවෙන් ගයලා දිනපතා කිහිපවරක්ම ප්‍රචාරණය කලා. බෙන්ගාලි භාෂාවෙන් නිසා විරුද්ධ වාදීන්ට දැනුනේ නැහැ.
මෙය ඔවුන්ගේ චිත්ත ධෛරිය ඉහල ගිය බව අදත් සාකච්ජා වෙනවා. ඒවායේ තේරුම් ලියන්න ගියෝත් මේක දිග වැඩි වෙනවා. එක අදහසක් කියන්නම් අපි මේ යන්නේ මගුල් ගෙදරයි. හැබැයි ආයෙත් ගෙදර නොඑන මගුලක් සඳහා කියන අදහස එහි තිබුනා.
මාස 9 ක දරුණු සටන් වලින් පසුව 1971 දෙසැම්බර් 16 පකිස්ථාන හමුදාවේ 93000 ක් අවි ආයුධ භාරදීලා ඉන්දියන් හමුදාවට බන්ග්ලාදේශයේදී සරෙන්ඩර් වුනා. මේ සඳහා අත්සන් කලේ මොහොමඩ් ෂෙරීෆ් නම් රියර් අද්මිරාල් වරයායි.
මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදුවූ විශාලම යටත්වීමයි. එදා තමයි නව බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස ආරම්බය සනිටුහන් වුනේ.
ඉන්පසු මිලියන 10 ක් පමණ වූ සරණාගතයින් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිට ඇඳිවත හෝ සුළු බඩු පොදියක් සමග නැවත සිය ගම්බිම් බලා කරත්ත වලින් හෝ පයින් ගමන් කළා.
ඉන්පසු කොහේ හෝ ඉඩම් කැබැල්ලක පැල්පතක් අටවා ගෙන වගාවක් කරන්න හෝ කාගේ හෝ ඉඩමක කුලී කරුවන් වගේ වැඩ කරලා ජීවිතය ගැට ගහ ගන්න ජාතියක් වුනා.
කොහොම නමුත් මගේ දැනීමේ ප්‍රමාණය අනුව නම් එයාලගේ ජීවිත වලට කිසිදා ආලෝකයක් නම් ලඟා වුනේම නැහැ. ඒ ඔවුන්ගේ අඩු අධ්‍යාපනය සහ ජලගැලීම් ස්වභාවික විපත් වගේම දේශපාලන ගැටුම් ඔවුන්ව දසක ගණනාවක් තිස්සේ පීඩාවට පත්කළා අදත් එය අවසන්වී නැහැ.
කොහොම හරි යුද්ධයෙන් පස්සේ ආයේ මුජිබර් ආවා ඒ කියන්නේ ප්‍රංශයේ ඉඳලා කියලයි මගේ කල්පනාව එයා පලා ගියා කියලා සඳහන් වුනා. කිසියම් පිරිසක් ඔහුට එසේ පලායාමට උදව් කළා.
එසේ පැමිණ පාලනය ගෙන යාමට හ්කිවුනේ වසර 3 ක් සහ මාස 8 ක් වැනි කාලයක් පමණයි. 1975 අගෝස්තු 15 ඔහුගේ නිවසේදීම කුමන්ත්‍රණකාරී ලෙස ඔහුගේම හමුදාව විසින් වෙඩි තබ මාරා දමනු ලැබුවා. මගේ මතකය අනුව එදින 21 දෙනෙකු මරා දැමුවා. වයස 3 ක වගේ මුනුබුරෙක් හෝ පුතේක් ද මරා දැම්ම.



මේ කාලයේ ෂෙයික් හසීනා සහ එයාගේ නංගී ප්‍රංශයේ හෝ ජර්මනියේ අධ්‍යාපනය ලබමින් උන්නේ. ඉන්පසු එයාලා එංගලන්තයේ දේශපාලන රැකවරන ලැබුවා 1993 එයා uk ඉඳලා ආවේ.

1996 එයා බලයට ආවේ. 2001 දී පැරදිලා බෙගම් කලිදාසියා අගමැති වුනා නැවතත් 2009දී බලයට එනවා එදා සිට මේදක්වා වසර 15ක් අගමැති ලෙස වැඩ කළා.
එයා ආණ්ඩුව ගන්න වීටදී දල දේශීය නිෂ්පාදනය ඩොලර් බි. 102 යි. අද එය බි.455ක් දක්වා වැඩිකර ඇත. එහෙම කියලා නැහැ වැරදි තීන්දු තීරණ වලට ඔහොම වෙනවා.
මේ ගැන පැහැදිලි ලෙස කියනව නම් මිලියන 170 ක් ඒ කියන්නේ කෝටි 17 ක දිළිඳු ජනතාවක් එහි ඉන්නවා මේ දියුණුව ඔස්සේ මිලියන ගණනක් එයින් එළියට ආවා කියලා ද කිවයුතු වෙනවා.
එසේම කොවිඩ් 19 නිසා ලොකු පසුබෑමක් වුනා. ඉන් පසු කිසියම් කඩාවැටීමක් වුනා, ඉන්පසු සිදුවූ දේවල් අනුව මෙයා ගේ නරක කාලය ආව කියලයි මම දකින්නේ.
2020 මාර්තු 17 සිට 2021 මාර්තු 26 දක්වා මුජිබ් වසරක් ප්‍රකශයට පත්කලා. වසර 50ක් පිරීමේ නිදහස් උත්සවය මහ ඉහලින් සමරණු ලැබුවා. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර දාස් මෝදී 2021 මාර්තු 26 ඩකා අගනුවරට පැමිණියා.
එහිදී නාවික හමුදා නිධාරීන් වෙත බංග බන්දු නමින් පදක්කම් ප්‍රධානය කළා. එහිදී මෝදී විසින් ෂෙයික් හෂීනාට ෂෙයික් මුජිබර් රහුමාන් ජාතියේ පියා ලෙස සමරු සිහිගන්වමින් තිලිනයක්ද පිරිනැමුවා.
ජන්දේ පිළිබඳව පවා නොයෙක් අපවාද ආවා. අවසානේදී මෙයා 1971 බංග්ලාදේශය නිර්මාණය කරන්න දායක වූ පවුල් වල අය සඳහා රජයේ රැකියාවලින් 32%ක් දෙන්න සුදානම් වුනා ඉන්පසුව වැඩේ ලෙඩක් වුනා.
එසේම මෙයට ඇමරිකානු සැලසුමක් හෝ කිසියම් මැදිහත් වීමක් සිදුව ඇතයිද සඳහන් වෙනවා. ඒ කියන්නේ බංගලිදේශ විපක්ෂය වන BNP බංග්ලාදේශ ජාතික පක්ෂය සමග පසුගිය නොවැම්බර් වල කුමන්ත්‍රණ සිදු වුනා කියලා රුසියනු විදේශ අමාත්‍යාංශය සෘජුවම ප්‍රකාශයක් කළා.
මෙම කැරලි උද්ඝෝසණ සඳහා එහි ඇමරිකානු තානපති පීටර් හාස් ඔවුන් සමග එක්වී මෙම උද්ඝෝසණ කිරීමට කුමන්ත්‍රණ කළා කියලා 2023 දී චෝදනා එල්ලකළ. මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් ලෙස රුසියාව විසින් න්‍යෂ්ඨික බලාගාර 3 ක් ඉදිකිරීම සඳහා ආධාර දෙන්න ගිවිසුමක් හෂීනා සමග ඇති කර ගනු ලැබුවා.
මේවා ද ඇමරිකාවේ නොකැමැති දේවල්වීම මෙසේ ඉක්මනින් යන්න පාර සකස් වුනා කියලා කියන්න ද පුළුවනි. මෙහි මා දන්නා තවත් බොහෝ කරුණු ඇත. මේ වනවිට පැය 6 ක් ගියා. අනෙක් ඒවා ලියන්න ගියොත් 10 ක් පමණ යයි. ඔබට දැනගැනීමට යමක් වෙයි නම් අහන්න කියා දෙන්නම්.
මෙයින් ලියා අවසන් කරනවා. ඔබෙන් කරන එකම ඉල්ලීම නම් මෙය තවත් අයට කියවන්න බෙදා හරින්න පමණයි. කියවූ ඔබට මගේ ප්‍රණාමය. මෙය අපේ දේශපාලකයින්ට ද හොඳ පාඩමකි එක එක දේවල් කරලා බලයේ ඉන්න හැදුවොත් ජනතාව ගේ බලය හමුවේ සේරම ඉවර වෙලා පලා යන්නම වෙනවා මයි.




A day in the life

Tuesday, August 06, 2024

පාස්පෝර්ට් අළුත් කලා ද ?.







මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කලා.. Online appointment දාලා හැදුවේ.. පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට කියන්න දේවල් තියෙයි...
Online Appointment දාන්නෙ නැතුව යන්න එපා කවුරුත් .. දවස් ගනන් පෝලිමේ ඉන්න මිනිස්සු හිටියා.. ඒ නිසා හැමෝම online appointment දාලා යන්න.. හදිසිම කෙනෙක් ඉන්නවනං.. Appointment දාන්නෙ නැතුව ගිහිං පෝලිමේ ඉඳල ගන්න වෙන්නෙ.. ඊයේ සාමාන්‍ය විදිහට හා online appointment දාපු අය 30 000ක් විතර ඉන්න ඇති... සාමාන්‍ය විදිහට පෝලිමේ ඉන්න අයගෙන් දවසකට 450-500ක් අතර ගානක් ඇතුලට ගන්නවා.. ඉතුරු අයට තව දවසක් දෙනවා සීල් කරල එන්න කියලා... ඔයාලට හොඳම විදිහ තමයි.. Online Appointment දාල යන්න...
දැනට ආරංචි විදිහට online appointment ලබනමාසෙ අන්තිම වෙනකල් booking .... තව ඉස්සරහට අමාරුවෙයි ගන්න.. දැනටමත් print කරන passport පොත් එහෙම අඩුයිලු.. පුළුවන් තරම් oneday ම ගන්න.. Normal service එක ගොඩක් පරක්කු වෙනවා... ඉස්සර සති දෙකෙන් ආවට.. දැං මාස දෙකකට වඩා වැඩි කාලයක් යයි....
Online දාල යන අය... පුළුවන් තරම් උදෙන්ම යන්න..මම නම් ගියේ උදේ 5.30ට විතර එතනට.. එතකොටත් 500 M විතර දිගයි පෝලිම....
උදේ 7ට විතර ඇතුලට ගන්නවා... Appointment දැම්මාම එන pdf එක පෙන්නලා ඇතුලට යන්න ඕනි.. ඊට පස්සෙ online appointment Cheq කරනවා එයාලගෙ ලිස්ට් එකෙන්.. බොරු කරල එහෙම යන්න බැහැ හොඳේ....
ඊටපස්සේ.. One Day අය 2 Flour එකටත් normal 1st flour එකටත් ගිහිං ටෝකන් අරගන්න ඕන...
ඊලගට document cheq කරල... Finger Print අරගෙන සල්ලි ගෙවන්න තියෙන්නෙ.. ඇතුලට ගියාට පස්සෙ මේ වැඩ ටිකට පැය 1ක් 2ක් අතර වෙලාවක් යන්නෙ...
ඊට පස්සෙ 1 st flour එකේ D section එකෙන්... Onday අයට පාස්පොර්ට් එක ගන්න පුළුවන් ... හැබැයි දවල් 12න් පස්සෙ දෙන්න පටන් ගන්නෙ..
ඔයාලගෙ document ටික හරියට හදාගෙන යන්න.. නැත්තං ඔයාලට ටිකක් අපහසුවෙයි වැඩේ කරගන්න
මම ඊයේ document බාර දීලා සල්ලි ගෙව්වෙ උදේ 8.17ට... ඒත් මට පාස්පොර්ට් එක හම්බුනේ..4.45ට විතර..උදේම ගියා කියලා පාස්පොර්ට් එක ඉක්මනින් හම්බෙන්නෑ..chance එක තමයි ඉතිං...
Onday යන අය කෑමට මොනාහරි අරගෙන යන්න.. වතුර බෝතයක් අරං යන්න.. කුඩයක් විශේෂයෙන් .. මේ දවස්වල වහිනවානේ.... අවට කඩ එහෙම තියෙයි.. ගානනං වැඩියි...
හැමෝටම උදව්වක් වෙයි කියලා දැම්මේ... තෙරුවන් සරණයි හැමෝටම
පලි. ලබන මාසෙ ඉඳන් oneday service එක 15000 සිට 22500ට යනවලු.. ි
අවශ්‍ය Document
  1. Original උප්පැන්න සහතිකයයි...
  2. ID එකයි කොපියයි
  3. පරණ පාස්පෝට් තියෙයිනම්.. ඒකයි කොපියයි..
  4. Studio එකෙන් photo ගැහුවාම දෙන රිසිට් එකයි..
  5. Application එකයි..
  6. Application එක හරියට පුරවගෙන යන්න.. තව ඔයාගෙ උප්පැන්නනෙ නම සහ.. ID එකේ නම වෙනස් නම් දිවුරුම් සහතිකයක් ඕනි.. Online appointment එකේ PRINT එකක් හරි.. Pdf එක හරි අරගෙන යන්න.
.
(උපුටා ගැනිමකි)

A day in the life

Monday, August 05, 2024

දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම






~~ දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම බාව්තා කරනව.ඒ හදුනා ගැනීමේ පහසුවටයි.. බලන්න මේ පහත තියෙන සංකේත නාම සමහර ඒව ඔබ දැක තිබුනත් ඔබට ඒව මතකයි ද කියල..


1) FC - First Class - පලමු පන්තියෙ මැදිරි

2) SC - Second Class - දෙවන පන්තියේ මැදිරි
3) TC - Third Class - තෙවන පන්තියෙ මැදිරි
4) E - Economy Class - සැකසුරුවම් මැදිරි. මේකත් 3rd class ම තමයි
5) AFC , FCR - A/C First Class / First Class Reserved
6) SCR - Second Class Reserved - දෙවන පන්තියේ වෙන්කල මැදිරි
7)TCR - Third Class Reserved - තුන්වන පන්තියේ වෙන්කල මැදිරි
8)FCB - First Class Berth - පලමු පන්තිටේ නිදන මැදිරි
9) SCS - Second Class Sleepert - දෙවන පන්තියේ නිදන මැදිරි
10) TCS - Third Class Sleepert - තුන්වන පන්තියේ නිදන මැදිරි
11) OFV - Obeservation Saloon - තිරිංග සහිත නැරඹුම් මැදිරිය
12) EXR - Exporail Carriage Luxary - සුඛෝපභෝගී එක්ස්පෝ රේල් මැදිරි
13) NF/NS - Night First/Second Class Convertible Berths - පලමු පන්තියේ වෙනස් කල හැකි/ හැරවිය හැකි ආසන සහිත නිදන මැදිරි
14) RS - Restaurant Car - ‍බෝජන රථය
15) TCBU - Third Class Buffet - තුන්වන පන්තියේ බෝජන රතය
16) TV - Third Class With Break Van - තුන්වන පන්තියේ තිරිංග සහිත මැදිරිය ( මෙහිදී මැදිරියෙන් අඩක් මගීන්ට ද අනෙක් කොටසේ නියාමක මැදිරිය සහ ගමන් බඩු ගබඩා කල හැක
17) SV - Second Class With Break Van - දෙවනි පන්තියේ තිරිංග සහිත මැදිරිය
18)PBV - Parcel Break Van - පර්සල් පැටවිය හැකි තිරිංග සහිත මැදිරි
19) POV - Post Office Van - තැපල් මැදිරිය
20) BCGS - Boggie Covered Goods Wagon - රෝද 8 ගැල් රථ
21) CGS - Covered Goods Wagon - රෝද 4 කුඩා ගැල් රථ
22) KV - Kitchen Van - මුලුතැන්ගෙය සහිත මැදිරි
23) WWL - Way and Works Low side
24) ARS - A/C Reservation Saloon - වායුසමීකරණය සහිත වෙන්කලහැකි මැදිරි
25) BCW - Boggie Crocadile Wagon
26) BHO - Boggie Hopper Open
27) BMT - Boggie Motor Gasoline Tank
28) BOT - Boggie Oil Tank
29) CV - Carriage Van
30) DT - Diesel Tank 2 wheel
31) EV - Explosives Van ( පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ගැල් )
32) GBW - Goods Break Wagon
33) GV - Generator Van
34) HB - Horse Box
35) SBC - Suburban Boggie Coach
36) SBD - Suburban Boggie Dummy
37) EPV - Electronic Power Van
38) VV - Vegetable Van
39) KT - Kerosene Tanker
40) CW - Cattle Wagon


 

සමහර නම් අහල තිබ්බට සමහර ඒව දැක්කෙත් අදනෙ. මීට අමතර තව සංකේත නාම ඇත්නම් කොමෙන්ට් කරන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල හිතනව.ලයික් පාරක් දාල තවකෙනෙක්ට බලන්න ශෙයාර් පාරක් දාන්න. කොමෙන්ට් එකකුත් දාන්න. ඉස්සරහට මේ වගේ තව පෝස්ට් ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනව





Ceylon Government Railway Magazine



A day in the life

Sunday, August 04, 2024

ජීවිතේ සතුටින් ජීවත් වෙන්න.


ඇත්තටම ජීවිතේ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද 
සතුට කියලා කියන්නේ සැනසීමෙන් ජීවත් වීම.
සතුට කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ අවදානමකට හෙළලා මොහොතක සැපය විඳින එකනම් නෙමෙයි..
උදාහරණයක් විදිහට කවුරු හරි හිතනවා නම් ම.ත් ද්‍ර.ව්‍ය.ක් පාවිච්චි කරලා සතුටින් ඉන්න පුළුවන් කියලා එයා දන්නේ නෑ ඇත්තටම සතුට කියලා කියන්නේ මොකක්ද කියලා..
තමන්ගේ මානසික සුවය මානසික සැනසීම ඔයාට සතුට අරන් එනවා...
ඉතින් ජීවිතේ සතුටෙන් පිරෙන්න නම් මං පුංචි කාරණා ටිකක් කියාදෙන්නම්...
ඊට පෙර අවබෝධ කරගන්න ඔයාට මේ ලෝකේ හැමෝම සතුටු කරන්න බැහැ. ඒත් මුලින්ම ඔයා ඔයාව සතුටින් තිබ්බොත්, ඉබේම ඔයාගේ වටා ඉන්න හැමෝටමත් සතුට බෝ වෙනවා කියලා අමතක කරන්න එපා..
ඉතිං සතුටෙන් ඉන්න පුංචි කාරණා ටිකක් මේ...
 ලොකු ලොකු බලාපොරොත්තු සැබෑ වෙනකම් බලා නොසිට මේ වෙලාවෙ තියෙන පුංචි පුංචි දෙයින් පවා සතුටු වෙන්න. එහෙම සතුටු වෙන ගමන් තමන් සතු හීන සැබෑ කරගන්න උත්සාහ කරන්න.
 ඕපදූප කතා කරන එක අවම කරගන්න. පුළුවන් තරම් අනිත් අයගේ කුණු හොයන කතාවලට මැදිහත් නොවී ඉන්න.
 තමන් අකමැති දේවල් වලට අනිත් අයගේ හිත රිදෙයි කියලා එකඟ වීමෙන් වලකින්න. ඒ කියන්නේ නෑ , බෑ , මං අකමැතියි කියන තැන් වලට හා ,පුළුවන්, මං කැමතියි කියන එක නවත්වන්න.
 ටොක්සික් සබඳතා වලින් ඈත් වෙලා ඉන්න. ටොක්සික් කියල කියන්නෙ විෂ. ඉතිං විෂ සහිත සබඳතා වලින් ඈත් වෙන්න ඒ සබඳතාව කොයි විදියක එකක් වුණත්.
  •  අනිත් අය මොනවා හිතයිද කියලා හිතන එක නවත්වන්න. තැනට සුදුසු විදියට ඔයාට පහසු පරිදි ජීවත් වෙන්න.
  •  හයියෙන් හිනා වෙන්න, නටන්න, ජීවිතයේ හැම මොහොතකම තමන්ට ලැබිලා තියෙන දේ ගැන හිතලා තෘප්තිමත් වෙන්න උත්සාහ කරන්න.
  •  ඔයා ඔයාව අඩුවෙන් තක්සේරු කරන එක නවත්වා ගන්න. මේ ලෝකයේ හැම මනුස්සයෙක්ටම විශේෂයක් තියෙනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම එයාලගේ විදියට පරිපූර්ණයි...
  •  ඔයා ඔයාව සංසන්දනය කරන්න එපා. අපි හිතමු ඔයා හැම මොහොතකම ඔයාගේ රූපය ඔයා කරන රැකියාව අනිත් අයත් එක්ක සංසන්දනය කරනවා කියලා. එතකොට ඔයාට හැමතිස්සේම දැනෙන්නේ ඍණාත්මක හැඟීමක් නැත්නම් අනිත් අයව පරාජය කරලා තමන් විතරක් වැජඹෙනවා කියලා ආත්මාර්ථකාමී හැඟීමක්.. ඉතින් මේ හැඟීම් දෙකම ඔයාට අහිතකරයි. එනිසා තමන්ව සංසන්දනය කරන එක නවත්වන්න.
  •  ' මටත් තිබ්බනම්.. මටත් හිටියනම්..' කියලා හිතනවා කියනවා වෙනුවට දැනට තියෙන දේවල් සහ දැනට ඉන්න අය ගැන තෘප්තිමත් සහ සතුටු වෙන්න.
  •  නිල් චිත්‍රපටි බැලීමෙන් වලකින්න. මේක වැරදි ඇබ්බැහියක්. කවුරු හරි කියනවා නම් මෙතනින් සතුටෙන් ඉන්න පුළුවන් කියලා, ඒක සම්පූර්ණයෙන්ම රැවටීමක් පමණයි.
  •  මේ මොහොතේ ජීවත් වෙන්න !
  •  ව්‍යායාම කරන්න. ජිම් එකට යාමට අවකාශයක් නැත්නම් සින්දුවක් දාගෙන හොඳට නටන්න.
  •  වැරදි හිතේ තියාගෙන ඉන්නවා වෙනුවට සමාව දීලා අත්හැරීමේ පුරුද්ද තව තවත් ප්‍රගුණ කරන්න.
  •  අතීතයේ මතක අවුස්සන දේවල් ආයෙත් ආයෙත් බලන්න යන්න එපා.
  •  ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.
  •  පිරිසිදුව ඉන්න.
  •  යම්කිසි ස්ථානයක ඔයාට සතුටක් දැනෙන්නෙ නෑ වගේ දැනෙනවා නම්, එතනින් ඉවත් වෙන්න.
  • උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා මේ වෙලාවෙ ඉන්න නිවස මොනව කරත් කිසිම කලඑළියක් නෑ කියලා. ඔයාට හිතෙනවනම් ඒ නිවස තුළ ඔයා සාමකාමී හැඟීමක නෑ කියල. අලුත් තැනකට යන්න පුලුවන් නම්.
  • තවත් උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ටොක්සික් රැකියා ස්ථානයක ඉන්නවා. ඉතින් පුළුවන් තරම් උත්සහ කරන්න අලුත් තැනකට යන්නට.
  •  මිනිස්සුන්ගෙන් සියයට සීයක් යහපත් දේවල් බලාපොරොත්තු වෙන්න එපා . ඔයා වගේම අනිත් අයත් හොඳයි කියලා හිතන එක නවත්වන්න.
  •  ඔයාගේ කාලය අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයාට උරුම වේලාවට නියමිත දේ ඔයාට ලැබෙනවා කියලා විතරක් විශ්වාස කරන්න.
  •  නිතරම උත්සාහය පවත්වාගන්න ධනාත්මක මනසක් එක්ක. උත්සාහය කිරීමේදී විවිධ ක්‍රම අනුගමනය කරන්න.
  • උදාහරණයක් විදිහට ඔයා විභාගයකින් දිනන්න පාඩම් කරනවනම්, ඒ පාඩම් කිරීම අතරතුර ඩාක් චොක්ලට් කෑල්ලක් කන්න, ටිකක් එළියට ගිහිල්ලා ඇවිදල එන්න.
  •  ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා ටිකක් සතුටෙන් ඉන්න ඔයාගේ ජීවිතේ පාට පාටින් පාට කරන්න..
ඉතින් ජීවිතේ කියලා කියන්නේ දුක විතරක්ම නෙමෙයි.. චුට්ටක් හිතුවොත් ඔයාටත් පුළුවන් ජීවිතේ ගෙවෙන හැම තත්පරයකම සතුට හොයාගන්න..

 Liyanage chathu.

- Gumiho's Diary -
Credit goes to respective owner




A day in the life

ලෝලු හෙවත් පතරාජ / Cordia dichotoma


ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භාවිතා කරයි.
පතරාජ , පතරංග ආදී සිංහල නම් වලින්ද ඉංග්රීසියෙන් Indian Cherrry ලෙසට හඳුන්වනු ලබන ලෝලු 10m ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකයකි. ඉලිප්සාකර පත්ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. අංකුර දැඩි බූවක් සහිතය. අග්රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සුදු පැහැති මල් ද්වීලිංගික හෝ නිසරු පුෂ්ප සහිත විය හැකි ය. කහ සිට තැඹිලි දක්වා වර්ණයන්ගෙන් යුත් ඵලය අෂ්ඨිලයකි. ලංකාවේ ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක පළාත්වල ඉබේ වැවෙන ශාකයකි. ලෝලු Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි.
ලෝලු මල් සහ දළු රසවත් ව්යංජනයක් ලෙස සකසා ගත හැකි අතර ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඵලාවර්ණයට අතුලතින් නානුමය මැලියම් විශේෂයක් පිහිටා ඇති අතර පෙර පරම්පරාවේ උදවිය ඒවා කඩදාසි වැනි දෑ ඇලවීම සඳහා භාවිතා කර ඇත. ඉදුණු ලෝලු ගෙඩිවල පැහැදිලිව දැකි හැකි විශේෂත්වයක් වන්නේ එහි මදය ඇලෙන සුලු ජෙලටීනමය ස්වරූපයක් ගැනීමය. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ මියන්මාරය වැනි රටවවල සාම්ප්රදායික ජනතාව තවමත් ලෝලු ගසේ මල් , කොළ , ගෙඩි , සහ පොතු ආහාර වශයෙන් සහ ඖෂධ වශයෙන් භාවිතයට ගනිති. ශ්රී ලංකාවේ ද ඇතැම් පළාත්වල ජනතාව කලාතුරකින් මෙම ගසේ දලු සහ මල් ව්යාංජනයක් හා ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ගන්නා අතර ඇතැම් පාරම්පරික සිංහල වෛද්යවරු මෙම ගස ඖෂධයක් ලෙස ප්රයෝජනයට ගනු ලබති. මධ්යම තායිලන්ත ප්රාන්තයක් වන ප්රානෙක්හොන්සි අයුත්තායා හි ප්රාන්ත ගස ලෙස සැලකෙන්නේ ලෝලු ගසය. මියන්මාරයේ පාවෝ ජාතිකයන් අතර මෙම ගසේ දලු ව්යාංජනය බෙහෙවින්ම ප්රචලිතය. මෙම ශාකය සතු ඖෂධීය සහ පෝෂණ ගුණ පිළිබඳ නූතන පර්යේෂණ වලින් තහවුරු ව ඇත.

ලෝලු වටිනා ශාක රසායනික වර්ග රාශියක් අඩංගු ඉතාම පෝෂණීය ආහාරයක් වෙයි. විශේෂයෙන් මෙහි ඇටවල ඉතාම දුර්ලභ සහ වටිනා මේද අම්ල සහ ඇමයිනෝ අම්ල (ප්රොටීන) කිහිපයක්ම අඩංගු වෙයි. මෙම පලතුර සහ පත්ර ඛනිජ ලවණවලින් පොහොසත්ය. විශේෂයෙන් දුර්ලභ ඛනිජ ලවණයක් වන ක්රෝමියම් අඩංගු වන බැවින් දියවැඩියා රෝගීන්ට බෙහෙවින්ම හිතකරය. කෙසේ වෙතත් ඉදුණු ලෝලු ගෙඩිවල ප්රතිපෝෂක අඩංගු වන බැවින් ප්රධාන ආහාර වේලකට පැයකට පෙර හා පසුව ලෝලු පලතුරක් ලෙස ගැනීම සුදුසුය.

ප්රභල ප්රතිජීවකයක් හා වේදනා නාශකයකි ලෝලු ශාකය. ලෝලු සාරය සතු තුවාල සුව කිරීමේ ගුණය මෙන්ම , එය සතු පුළුල් පරාසයක පැතිරුණු රෝග කාරක ක්ෂුද්ර ජීවීන් විනාශ කිරීමේ ගුණයත්, වේදනා නාශක ගුණයත් මීයන් ඇසුරින් සිදු කෙරී ඇති පර්යේෂණ වලින් සනාථව ඇත. ආහාර මාර්ග පද්ධතිය තුළ හට ගන්නා තුවාල සහ කල් ගිය වන සුව කිරීමේ හැකියාවක් සහ අල්සර් සහ කොලික් පේන් (Ulcers and Colic pain) තත්ත්වයන් නිසාවෙන් ගර්භාෂයේ , පිත්තාශයේ සහ උදරයේ හට ගන්නා දරුණු වේදනාවන් සමනය කරන්නටත් ලෝලු හොඳ ප්රතිකාරයක් බව තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත. මෙහි අන්තර්ගත වන ඇපිජෙනින් (Apigenin) වැනි ශාක රසායන සංඝටකවල බලපෑමෙන් මෙය සිදු වන බව විද්යාඥයින් ප්රකාශ කරයි.තරුණ බව රැක දෙයි. ලිංගික ශක්තිය වැඩි කරයි. ලෝලු පත්ර සහ ඇටවල සාරයෙහි අඩංගු වන ප්රබල ස්වාභාවික ප්රතිඔක්සිකාරක සතුව ඇති නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමේ හැකියාව නිසාවෙන් තරුණ බව දිර්ඝ කාලයක් පවත්වා ගැනීමටත් වියපත්භාවය හා සම්බන්ධ ඔස්ටියෝ , ආතරයිටිස් , ඇල්සයිමර්ස් , හෘදයාබාධ , දියවැඩියාව , පෙනීමේ ආබාධ , පිළිකා රෝගාබාධවලින් වැළකී සිටින්නටත් ඉමහත් පිටිවහලක් ලැබෙන බව සොයාගෙන ඇත. ලෝලු පත්රවල මෙම හැකියාව සාපේක්ෂව වැඩි බව ද හෙළි වී තිබේ. එමෙන්ම ලෝලුවල ලිංගික ආශාව වැඩි කරන වාජීකරණ ගුණයක් ද තිබෙන බව තහවුරුව තිබේ.

රත්පිත්, ඇදුම, ප්රමේහ රෝග, බඩවැල්වල ඇති වන වේදනා, රක්ත අර්ශස්, ගෙඩි, වණ, මුඛ රෝග, අළුහම්, බිබිලි, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී රෝග අවස්ථාවන් සඳහා ප්රතිකාර කිරීමේදී ලෝලු ශාකයේ කොළ, දළු, ගෙඩි, ඇට, සුඹුලු ආදී කොටස් භාවිතා කරයි. ලොලු ශක්තිජනක, කෘමින් නසන, මුත්රකාරය, රුධිරය වර්ධනය කරන, අරුචිය, උගුර දැවිල්ල, මුත්ර දැවිල්ල ආදිය නසන, හෘදයට හිතකර ගුණ සහිතයි.

අම්ල පිත්තයට -
ගැස්ට්රයිටීස්‌ රෝගයට ලෝලු ගසේ පොත්ත ගලවා පිට සුඹුල හැර කෑලිවලට කපා වනේ දමා කොටා එහි යුෂ ලීටරයක් පමණ උදේ හවස අඬු කෝප්පයක් බැගින් පානය කිරීමයි.
හොරි දද කුෂ්ඨ වලට
සිරුරේ ඇති කල් ගිය ඔඩු දුවන ලද තුවාල , දද කුෂ්ට සුව කරන්නට හා ලේ වල විෂ නසන්නටත් සිරුරේ තැන්පත් මේදය දිය කර හරින්නටත් දියවැඩියා රෝගයටත් ලෝලු පොතු , කොළ , මල් , ගෙඩි මනා ගුණ දෙන බෙහෙතකි. එමෙන්ම ලෝලුවල වාජීකරණ ගුණයකුත් අන්තර්ගතය. ලෝලු ගසේ පොතු කැඩුම් බිඳුම් වෙදකමේ වෙලුම් පටි ලෙස කලකට ඉහත භාවිත කළේය.
මොළය රැක දෙයි...
දිර්ඝ කාලයක් තිස්සේ මොළයට සැපයෙන ඔක්සිජන් සහ පෝෂක කොටස් අඩු වීම නිසාවෙන් මොළයේ ඇති වන ආබාධ තත්ත්වයන් පාලනය කිරීමට ලෝලු සාරයට හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත. ඉගෙනීමේ හැකියාව වැඩි කරන්නටත්, මොළයේ මනා ක්රියාකාරිත්වය සඳහාත් ලෝලු ආහාරයට ගැනීම ඉවහල් විය හැකි බව ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් පාර්මසූටිකල් රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් වෙබ් අඩවියේ පළ වූ පර්යේෂණ පත්රිකාවක සඳහන්ය.
අහිතකර කොලෙස්ටරෝල් සදහා
අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා දේහ බර වැඩි වේ. රුධිරයේ ට්රයිග්ලිසරයිඩ් සහ අඩු ඝණත්ව ලිපො ප්රෝටීන් (අහිතකර කොටලෙස්ටරෝල්) වැඩි වී, හිතකර කොලෙස්ටරෝල් අඩු වෙයි. දරුණු හදවත් රෝගවලට හේතු වන, හයිපර්ලිපිඩීමිය (Hyperlipidemia) යන නමින් හඳුන්වනු ලබන මෙම තත්ත්වය ඇතැම් උදවියට ජානමය හේතු නිසාවෙන් ද හට ගනී. ලෝලුවල සුලභව තිබෙන දල තන්තු පොලිනොලික සංඝටක , ටැනින් වර්ග සහ විශේෂයෙන් ඉදුණු ලෝලු ගෙඩි වල තිබෙන ඇලෙන සුලු පදාර්ථ නිසාවෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නටත් සුවිශේෂී හැකියාවක් ලැබී තිබෙන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. තවද ලෝලු ආහාරයට ගත් මීයන්ගේ බර වැඩි වීම පාලනය වී තිබුණු බවද මෙම පර්යේෂණවලින් වැඩි දුරටත් හෙළි වී ඇත.
දරුණු අක්මා රෝගවලින් බේරෙන්නට...
ඇල්කොහොල් භාවිතය අක්මාව තුළ මේදය තැන්පත් වීම සහ දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගන්නා ඖෂධ සහ වස විස රසායනික ද්රව්යයන් නිසාවෙන් අක්මාවට හානි සිදු වීම නිසාවෙන් දරුණු අක්මා පිළිකා පවා ඇති විය හැකිය. හානි වූ අක්මාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් වන සිලිමරීන් ඖෂධයට සමාන අක්මාව රැක ගැනීමේ ලක්ෂණ ලෝලු සාරය සතුව ද තිබෙන බව සොයාගෙන ඇත.
ලෝලු ගෙඩි සහ පත්ර සාරය ලබා දීමෙන් ගැබ් ගැනීම වැළැක්විය හැකි බවට මීයන් ඇසුරෙන් කර ඇති පර්යේෂණ වලින් සනාථ වී ඇත. දැනට භාවිත කෙරෙන කෘත්රිම හෝර්මෝනමය උපත් පාලන ක්රම වල දී මෙන් නොව, ලෝලු පත්ර සාරය ලබාදීම අත්හිටුවීමෙන් පසු නැවත ස්වාභාවික ලෙස ගැබ් ගැනීම කිසිදු පමාවකින් තොරව සිදු වන බව බ්රසීලියන් ජර්නල් ඔෆ් පාර්මොකොග්නොසිස් වෙබ් අඩවියේ පළ කෙරී තිබෙන එකී පර්යේෂණ පත්රිකාවෙ සඳහන් ය. මෙකී කාරණාව නිසා ගර්භනී බව පතන ස්ත්රීන් සහ ගර්භනී සමයේ මුල් මාස තුනේ පසු වන ස්ත්රීන් ලෝලු අනුභවයෙන් වැළකී සිටීම මැනවි.
* ලොලු කොල චූර්ණය හෝ කෂාය ඇදුම රෝගයට ප්රතිකාරයකි.
* රක්ත අර්ශස් සඳහා ලෝලු කොළ, දළු පිරිසිදුව අඹරා වියළි පුවක් ගෙඩියක පමණ ප්රමාණයක් ගෙන ගිතෙල් සමඟ මුසු කොට දවසට දෙවරක් කෑමට නියම කර ඇත.
* මුඛයෙහි හට ගන්නා තුවාල සහ බිබිලිවලට ලොලු කොළ යුෂ ආලේප කරයි.
* ලොලු ගසේ පොත්තෙහි ඇති සුඹුලු කෂාය කර එයින් කට සේදීම මුඛ දුර්ගන්ධය ඇතුළු මුඛ රෝග සඳහා ප්රතිකාරයකි.
* ලොලු ඇට චූර්ණය තල තෙලින් අනා ආලේප කිරීමෙන් අළුහම්, බිබිලි ආදිය සුව වෙයි.
දියවැඩියා රෝගයට , කැස්ස , හතිය වැනි රෝග වලට දාහය සහ ඌෂ්ණ රෝගවලින් සහනයක් ලබන්නටත් ලෝලු උපකාර වන බව පැවසේ. සැඩ හිරු කිරණින් බේරෙන්නට ලෝලු මල් අඹරා මීකිරි සමග මිශ්ර කර සම මත දිනකට දෙවතාවක් ගැල්වීම ඉන්දියානුවන් අතර භාවිතයට ගැනෙන ප්රතිකාරයකි.
ලෝලු ව්‍යංජනය
ලෝලු දලු ඇඹුලට හදාගත් විට කදිම ව්යාංජනයකි. අලකොළ ව්යාංජනය පිළියෙළ කරන ආකාරයට සකසා ගත හැකිය. ලෝලු මල් ව්යාංජනයට සකසා ගත හැකිය. මුංඇට ව්යාංජනය සකසා ගන්නා ආකාරයට එය සකසා ගත හැකිය ....
පූජ්‍ය අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි ( පිළිකුත්තුව ඓතිහාසික රජමහා විහාරය ) විසින් සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියකින් හා අන්තර්ජාලයෙන් හා ඖෂධීය ශාක සංග්‍රහය ඇසුරින් සකසන ලදි ...
මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමටත් උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුමද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් හා පරිසරයේ ඇති ශාක ආරක්ෂා කරමින් යුතුකම ඉටුකරන්න අදිටන් ඇති මිනිසුන් වෙමු .

පණ පොදේ අයිතිකරුවන් ගහ කොළ වැලයි සොබාදහමමයි.


Sarana Himi


A day in the life

Saturday, August 03, 2024

මදැයි ඔයින් බේරුනා








ජනාධිපතිවරණය උනුුසුම් වෙමින් තිබේ. කකුළුවෝ එකා දෙන්නා උණු තෙල් තාච්චියට බසිමින් සිටී. පිච්චී විනාශ වන බව දැන දැනම මොවුන් පනින්නේ මැතිවරණ කොමිසම විසින් වියදම් කරන ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන්නට මිස වෙන මොන මගුලකටදැයි මම සිතමි.
මමත් මෝඩ වැඩ කරන බව තේරුම් ගියේ විශ්ලේෂකයින්ට පහසු වෙන්න කියා 2019 ජනාධිපතිවරණ ප්‍රතිපල මෙටාවේ පලකරන්න යාමෙනි.
මගේ පෝස්ට් එකේ

සමස්ත ඡන්ද ප්‍රතිපලය.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- ඡන්ද 6,924,255 (52.25%)
සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- ඡන්ද 5,564,239 (41,99%)
අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- ඡන්ද 418,553 (3.16)
තිබුනේ එපමනකි.

ලැබුන ප්‍රතිචාර නම් අපුරුය.
කියවන්නන්ගේ මනස විකාර වී ඇත්දැයි මට සිතිනි.
මේ ඒක් මෙටාවෙක් මා සමග කළ සංවාදයයි.. ඔහු මගේ පෝස්ට් ඒකේ ගියවර ජාතික බලවේගය ගත් ඡන්ද ප්‍රතිශතය පලවී තිබිම ගැන උරණ වී තිබිනි. මම ඒ්ටිකට අහගත් අවලාද බලන්න.
N
ඔබතුමා වයසට ගිහිල්ලා තියෙන්නේ ෂෝට් කට් එකකින්
මම
මාර නිගමනයක් නේ ...
N
ඔබතුමා මේ පෝස්ට් එකෙන් දෙන්න හදන නිගමනය වර්තමාන දේශපාලන තත්වයේ අවබෝධයෙන් ඉන්න කෙනෙකුට අමු මෝඩ නිගමනයක්
මම
මේ පෝස්ට් එකේ තියෙන්නේ ගියවර ජනාධිපති මැතිවරණ ප්‍රතිඵලය . ඒක මේ පාරට අදාල නැහැ .නමුත් ගෝඨාභය ගත් ඡන්ද යන තැන් ගැන හිතන්න මුලාශ්‍රයක් ඒ දත්ත තුල තියෙනවා
මම
"ඔබතුමා වයසට ගිහිල්ලා තියෙන්නේ ෂෝට් කට් එකකින් " මෙවැනි නිගමනයන්ට එන්න ඔබ ප්‍රමාණිකයෙක් කියලා ඔබම පසුව පල කරලා තිබුනා .මම කනගාටු වනවා නිසරු මතවාදයක් පල කලාට. ( ඔහු ඉහල අධ්‍යපනයක් ලත් ව්‍යාපාරිකයෙකු බවත පලකර තිබිනි. 
N
සජිත්ට මේ පාර ඔය ඡන්ද ටිකවත් ගන්න බෑ.
ඥාති පුතාට ලබන පාර විපක්ෂයටවත් පාර්ලිමේන්තු යන්න දරන උත්සාහය හොඳයි. 
මම
ඒ වෙන ගමනක් .මෙටාවේ අදහස් මතිමතාන්තර පලකරන්න මට බාදාවක් නැහැ .මගේ සිතැගියි මම ලියන්නේ .
N
ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබේ අදහස් හා ඔබේ ඡන්දය මත මගේ දරුවාගේ අනාගතය තීරණය වෙන හින්දා ඔබේ අදහස් හා ඔබේ දේශපාලන චින්තනය පැහැදිලිවම වැරදියි කියලා මගේ අදහස පල කරනවා.ඔබ ප්රභූ දේශපාලන පවුලක ඉහළම කෙනෙක් නිසා ඔබත් එක්ක විතරක් මේක තර්ක කරලා වැඩක් නෑ. ඔබේ මතය ඔබේ අදහස දරන ගොඩක් දේශපාලන නූගත් මිනිස්සු ගොඩක් ඕගොල්ලන්ගේ අදහස වටේ එකතුවෙලා ඒවට චන්දෙ දීලා කාලයක් මේ රට පාලනය කළා. ගෝඨාභය එනකොට එයාට සජිත්ට එනකොට එයාට විදිහට මේ රට ගොඩක් කල් ඔයගොල්ලෝ පාලනය කරානෙ අපි හැමදාම කියන්නේ ඔය ක්රමය වැරදි මහජන පාලනයකට මේ රට යන්න ඕන ඔයගොල්ලෝ වගේ තව පවුල් කීපයක් (සීයක් වගේ) ලංකාව පුරා එකතු වෙලා මේ රට මෙච්චර කල් පාලනය කරේ, ඒක වැරදියි. ගමේ පොඩි මිනිහට පාලනයට එන්න අවස්ථාවක් හැදෙන්න ඕන, ඒ අවස්ථාව මෙච්චර කල් තිබුනේ ඉතාම සුළුවෙන්, ජාතික ජන බලවේගය අපි වගේ පුංචි මිනිස්සුන්ටත් ඒගොල්ලන්ගේ පාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා ඒක නිසා අපි ඒකට කැමති. දේශපාලන පවුලක ඉපදුනා නම් මමත් ඔය මතය දරන්න ඉඩ තිබුණා. මොකද භුක්ති විඳින්න හම්බවෙන දේශපාලනික අත්දැකීම් මත දේශපාලන තීරණ ඒ වගේ වෙනවා, හැබැයි රටේ බහුතරයක් මිනිස්සු ඔබතුමාලා වගේ ප්රභූ දේශපාලන පවුල්වල අය නෙමෙයි අන්න ඒකයි මම ඔබතුමාගේ සජබලට හිතවත් පෝස්ට් වලට කමෙන්ට් කරන්න හැබැයි මම දන්නවා තමන්ගේ දේශපාලන පවුලේ අනාගතය වෙනුවෙන් කැපවෙන ඔබත් එක්ක තර්ක කරලා ඔබ වෙනස් කරන්න මට බෑ. හැබැයි ඔබ ජයග්රහණය කරන්න හදන දේශපාලන මතය වැරදි ඒක වෙනුවෙන් තව දේශපාලනය නොදන්න දේශපාලන නූගත් මිනිස්සු එකතු වුණොත් රටට ලොකු හානියක්.

මම

දැනුම්වත් කලාට ස්තුතියි .

 සටහන

 අපි 71 දැක ඇත්තෙමු .88 -89 දැක ඇත්තෙමු . යකඩෙන් ලෙයින් කදුුලින් නිමවු ඒ අතීතය යලිත් බිහි නොවනු ඇතැයි විශ්වාස කරමු. ඒ නටබුන් තුලින් මතුවන දෝංකාරයක් ඇත්නම් එයට බියවමු. ගිණි පෙනෙල්ලෙන් බැට කෑ විට කලාමැදිරියාටත් අප බියවමු.

බිමෙහි දේශපාලන හැසීරීම මගේ හැසිරීම නොවේ. අවුරුදු 76 ක පැවැත්ම එක් එක් අය තේරුම් ගෙන ඇති ආකාරය වෙනස් බැවින් ප්‍රතිචාර ද වෙනස් වේ. රටට යහපත් කළමනාකාරිත්වයක් තිබිය යුුතුවේ. උඩ සිට පහල මට්ටම දක්වාම විධිමත් පාලනයක් ඇතිවිය යුතුවේ. මේ බව හදුනා ගෙන ඇත්තෙක් රටට නායකත්වය දෙන විට රට සමෘද්ධිමත් වේ. නිතර වැරැද්ද නිවරදි කරනු පිණිස කෑ මොර දෙන පිරිස් වෙත බලය හුවමාරු වීමෙන් සංහිදියාවක් සහ සහයෝගීතාවයක් උපදින බව මගේ හැගීමයි.

 


A day in the life

Friday, August 02, 2024

විරුවාරදය හා පුනරුදාව





















උදන් ප්‍රනාන්දු

 ගිය සිකුරාදා, එනම් ජූලි 21 වැනිදා ලංකාවට විශේෂ දවසක් සිදු විය. ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශ කිරීම. වරක් ලේනෙක් ද තව වරක් දඬුලේනෙක් ද ඊටත් පසු විසි දෙකකින් ද ජනපතිවරණය පිළිබඳ ව යම් යම් බාධා පැමිණෙතැයි බොහෝ දෙනා සැක සංකා පළ කළ හ.

විරුද්ධ පාක්ෂික දනා, ලේනා ගසට ආවිට ඒ පිටුපස ද, දඬු ලේනා පැමිණි විට ඌ පිටුපස ද පන්න පන්නා සිටියහ. කෙටි දුර ධාවන පුහුණුකරුවෙකු සේ විරුද්ධ පාක්ෂික ධාවකයන්ට මඳකදු වෙහෙස නිවන්නට ඉඩ නොදී කපටි නරියා විසි දෙක මස් කට්ට ඈතට ඈතට විසි කළේ ය. හති හලමින් ඒ පිටුපසද විරුද්ධ පාක්ෂික ධාවක රෑන දිවී ය. මෙසේ ඒ අතට මේ අතට විරුද්ධ පාක්ෂිකයන් හතිලණ තුරු දුවන්නට සලස්වා, අවසානයේ ජනපතිවරණයේ දින වකවානු ඒ පිළිබඳව වගකීම දරන කොමිසමේ ලොක්කා ප්‍රකාශ කළේ ය.

එය දැනගෙන හෝ එසේ නොවී, ඊට අහවලා ඉදිරිපත් වන බවට හැඟවෙන පෝස්ටර කොළඹ පුරා ඇළ වී තිබිණ. මැතිවරණ ලොක්කා අදාළ ප්‍රකාශය කළ ගැටස් කොලේ මුද්‍රණය වී එහි තීන්ත වේලෙන්නත් කලින් අහවලා කුකුලත් අතේ අරන් ඇප මුදල් තැන්පත් කරන්නට ගියේ ය. මේ මුළු පරිච්ඡේදයේම තිබුණේ ක්‍රියාන්විතයක හැඩ රුව ය.

ඊට ටිකක් වෙනස් ක්‍රියාන්විතයකුත් සිකුරාදා දවල් වෙනකොට ම පටන් ගනු දක්නට ලැබිණ. ඒ බුකිය පුරා පුනරුදේ කියා පෝස්ටු ඇලවීම. ඇත්තටම මේ කෙරුවාව අදාළ පක්ෂයේ පරණ පුරුද්දකි. ඊට ඔවුන්ටලොකු දක්ෂතාවයක් තිබුණේ දන්න කියන කාලෙක සිටන් ය. මා කුඩාවෙකු කාලේ පාසැල් බසයේ ඉස්කෝලේට පානදුර ඉඳන් කොළඹට යන විට පාරේ දෙපැත්තෙ ගසා ඇති පෝස්ටර බැලීම මගේ විනෝදාංශයක්විය. අද බොහෝ දුරට කයිවාරුව තම පක්ෂයේ විශේෂ ප්‍රාගුණ්‍ය ලෙස සංවර්ධනය කරගෙන තිබුණත්, ඒ කාලේ ඔවුන්ගේ අද්විතීය කුසලතාවය තිබුණේ පෝස්ටර් ඇඳීම සහ ඇලවීම ලෙස ය.
හැත්තෑව දශකයේ අග හා අසූව දශකයේ මුල කාලයේ ජීවත් වූ අයට මතක ඇති, රත්මලානේ ගාලු පාරේ, වීදුරු ෆැක්ටරිය හා ජිල්-මයුරා හන්දිය ගාව තිබුණු ඉතාමත් උස හා දිග තාප්ප සම්පූර්ණයෙන්ම වැසෙන සේ ගැහෙන අතිවිශාල පෝස්ටරය. ඇත්තෙන්ම එය පූර්ව බිල්-බෝඩ් යුගය වූවත්, එම පෝස්ටර්වල දිග පළල හා ගුණරුව ගැන මතක් කිරීමේ දී සිහිවන්නේ අද කාලේ තිබෙන විශාල වියදමක් දරා හැදෙන බිල් බෝඩයකට වඩා එම යෝධ පෝස්ටර් ආකර්ෂණීය ඒවා වූ බව යි. අද කයියෙන් රට හදනවා වගේ එදා ඔවුන් උත්සාහ කළේ රට පුරා තාප්ප වැසෙන්නට පෝස්ටර අලවා රට වෙනස් කිරීම යි. සන්නිවේදන මාධ්‍යයක භාවිතාවක් ලෙස මෙම පෝස්ටර් කලාව දේශපාලන ව්‍යාපාරයක කේන්ද්‍රීය සංඝටකයක් ලෙස යොදා ගැනීම අප අගය කළ යුතු දෙයකි.

 පුනරුදේ පුනරුදේ යන්න පුනරුච්චාරණය කරමින් බුකිය පුරා ගැසුණු පෝස්ටු ද මා සළකන්නේ දශක කිහිපයකට පෙර තමන් විසින් භාවිතා වූ පෝස්ටර් කලාව තාක්ෂණයේ දියුණුවත් සමඟ යාවත්කාලීන කරගෙන ඩිජිටල් අවකාශයේ පාප්ප බාල්දි හා බුරුසු රැගෙන රාත්‍රී පමණක් නොව පැය විසි හතර පුරා ම එදා සිටි පෝස්ටර අඳින හා අළවන හමුදාව වෙනුවට පෝස්ටු උඩුගත කරන යතුරු පුවරු රණකාමීන් පිරිසක් ස්වේච්ඡා හෝ කුලී පදනම මත බඳවා ගැනීම යි.

මීට දශක කිහිපයකට පෙර, අඳින ලද පෝස්ටර් බන්ඩල, පාප්ප හා බුරුසු ඉතාමත් සැලසුම් සහගත ව සෑම පළාතක් ම ආවරණය වන පරිදි එක රැයින් බෙදා හැර, ඉන් අනතුරුව එළඹෙන උදයේ ඒවා තාප්පවල උණු උණු පාප්ප සමග අපගේ දෙනෙතට හසුවන පරිදි කරන සුවිසල් ක්‍රියාන්විතය මෙන් ම ය මේ කාලයේ ඩිජිටල් අවකාශයේ පෝස්ටු උඩුගත වන්නේ. උඩ සිට පහළට යන මිලිටරි අණ-දම හෙවත් චේන් ඔෆ් කමාන්ඩය මෙහි භාවිත වන කළමනාකරණ ක්‍රමය යි. මධ්‍යගත යාන්ත්‍රණයකින් පෝස්ටුවේ අන්තර්ගතය හා මෝස්තරය තීරණය වේ. ඩිජිටල් අවකාශයේ එය බෙදා හැරීම එදා මෙන් අපහසු දෙයක් නොවේ. කළ යුත්තේ යතුරු පුවරුවේ ඒක යතුරකට දබරැඟිල්ලේ කොනෙන් හෙමින් තට්ටුවක් දැමීම පමණි. ඉන්පසු යට කී යතුරු පුවරු සොල්දාදුවන් වගේ වගක් නොමැති ව උඩින් පාත් වූ පෝස්ටුව උඩුගත කරගෙන කරගෙන යන්නට පටන් ගනී.

මේ අනගි මෙහෙයුමට ඉරිසියා කරන පිරිසක් ද සිටින බව පේන්නට ගත්තේ යට කී පෝස්ටු උඩුගත වෙමින් පවතින අවස්ථාවේ ම ය. ඊරිසියාකාරයන් කියන්නේ පුනරුදේ ශත වර්ෂ ගණනාවකට ඉස්සර තිබුණු දෙයක් කියා ය. දා හතරේ සිට දා හත් වැනි සත වර්ෂය යන කාලවකවානුවේ ඉතාලිය සහ තවත් රටවල් කිහිපයක ඇති වූ යම් පරිවර්තන ක්‍රියාවලියකට පුනරුදය කියා යම් නිශ්චිත තේරුමක් ඇතිව කියන බවට අපට ඒ කතාබහෙන් ඇහෙන්නට ගත්තේ ය. ඒ ඉරිසියාකාරයන් කියන්නේ, අප ව දැන් ආයෙමත් සත වර්ෂ ගණනාවක් ආපස්සට ගෙන යන්නට හදන ක්‍රමයක් බවයි මාලිමීය පුනරුදේ.

ඇත්තෙන් ම එය වැරදි කතාවකි. මෙතැන දී අදාළ පක්ෂය පුනරුදේ වචනය කුලියට හෝ බද්දට ගත්තේ ඒ නිශ්චිත ඉතිහාසයීය තේරුමෙන් නොවේ. ඔවුන් ඉන් අදහස් කළේ මතුපිට හෙවත් සුපෆිශල මට්ටම පමණක් ස්පර්ශ වන වාච්‍ය අර්ථය යි.

අවුරුදු දහයක පහළොවක පමණ මතක ශක්තියක් ඇති අයෙකුට ලංකාවේ දේශපාලන ව්‍යාපාර තුළ පුනරුදේ අලුත් දෙයක් නොවන බව පසක් විය යුතු ය. පුනරුද ව්‍යාපාරය කියා රට පුරා දේශපාලන කතාවක් පටන් ගත්තේ එකල රාවය සතිපතා පුවත්පතේ කතෘ ව සිටි හෝ උපදේශ කර්තෘ ව සිටි වික්ටර් අයිවන් මහතා ය. මගේ මතකය විදියට, ඒ කාලයේ මේ තරම් සමාජ මාධ්‍ය ඇබ්බැහියක් තිබුණේ නැත. අයිවන් මහතා ඇතුළු කණ්ඩායම ලංකාවේ විවිධ ප්‍රදේශවලට යමින්, ඒ ප්‍රදේශවල සිටින දේශපාලන ක්‍රියාකාරිකයන් සමග රැස්වීම් හා සංවාද පැවැත් වූවා මතක ය. ඒ සාකච්ඡා පදනම් කරගෙන සමහර අවස්ථාවල රාවය පත්තරයේ දීර්ඝ ලිපිද පළ විය. වික්ටර් අයිවන් මහතා ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී සාමාජිකයෙක් වූ අතර ඔහු ඇතුළු එකල පිරිස සටන් කලේ යතුරු පූවරු තළමින් නොවේ.

 යම් යම් විවේචන තිබුනත්, තමාගේ ජීවිතයේ මුල් කාලය කැප කළ පක්ෂයේ අනුප්‍රාප්තික පරපුරට පුනරුද ව්‍යාපාර සංකල්පය හා සන්නාමය සමහර වෙලාවට අයිවන් මහතා පුංචි තෑග්ගක් ලෙස දුන්නා ද කියා මා දන්නේ නැත. එසේ නැත්නම් තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පුරෝගාමිකයෙකුගෙන් කොපි කිරීම වරදක් නොවේ කියා වත්මන් පරපුර සිතුවා ද විය හැක.

මීට වසර කිහිපයකට පෙර, නිශ්චිත ව කියතොත්, 2019 දී ද මෙවැනි පෝස්ටු රැල්ලක් නිර්මාණය වූයේ 'වැඩ කරන විරුවා' නමිනි. රටවැසියන් පමණක් නොව නොරටුන් ද හරි හරියට මේ රැල්ලේ පීනා යනු දක්නට ලැබිණ. කලක මෙරට සිටි පසු ව නොරටුන් වූ ඩයස්මීවරු ඔද තෙද වඩවා චාටර් පදනම මත ගුවන් යානා කුලියට ගෙන සාඩීන් සේ පැට වී මව්බිමට පෙරළා පැමිණියෝ ඡන්දය දමා විරුවා දිනවන්නට ය.

විරුවා උඩින් ම දිනූ අතර, වැඩි කලක් නොගොස් ඔහු වැඩ කරනවා වෙනුවට වැඩ අනා ගති. ලයිට්, වතුර පැට්‍රෝල්, පැට්‍රොල් නැතුව ජනතාව පෝලිම්වල දින ගණන් අව්වට වැස්සට තෙමින් සිටින විට 'විරුවාරදය' නමින් මෙතෙක් සොයා නොගත් රෝගයක් ජාතියටම වැළඳිණ. මේ වන විට,චාටර් ගුවන් යානාවලින් ආ අය ආ ගිය අතක් නැති වූ අතර රටේ ඉතුරු වූ අය නම් යහමින් චාටර් වූ හ.

විරුවාරාදයේ රෝග ලක්ෂණවලට බොහෝ සේ සමාන නව රෝගයක් අනාගතයේ යම් දිනෙක හට ගනී යයි සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ දිනවල දැඩි විමසල්ලෙන් සිටී.

තාවකාලිකව ඒ රෝගී තත්ත්වයට ඔවුන් දී ඇති නම 'පුනරුදාව' ය. විරුවාරදය සමාජ ඇනටොමියේ හිස්කබල ආශ්‍රිත කලාපයේ හටගන්නා අතර, අපේක්ෂිත පුනරුදාව රෝගී තත්ත්වය හිස්කබලෙන් කශේරුකාව හරහා පහළට ගමන් කොට පශ්චාත් භාගය හා ඊට තදාසන්න ප්‍රදේශයන් හී ස්ථානගත වීමට ඉඩකඩ ඇතැයි සමාජ වෛද්‍ය මතයක්මේ වන විට පුරෝකතනය වී ඇත.




A day in the life

Thursday, August 01, 2024

කිතුනුකමේ ගැඹුර



ඒ කාලයේ සෑම පල්ලියකම තිබූ ඉතා ගම්භීර හා පියතුමකු පමණක් අසුන් ගන්නා ආසනයකි කොමිසන් පුටුව. දැන් දැන් මේ ශුද්ධ වූ ආසනය බොහෝ දේවස්ථානවල පෙනෙන්නට නොමැති තරම්ය.

එහෙත් එය සමහර දේවස්ථානයන්හි විරාජමානව තිබෙනා අන්දම දුටුවිට අතීතය මෙනෙහිවීම නිතැතින්ම සිදුවේ. පියතුමා කොමිසන් පුටුවේ වාඩිගෙන කොමිසම අසනා විට, එළියේ සිට තමා කළ පාපක්‍රියා ප්‍රකාශ කරනා කිසිවකු හට වේවැල් දැල තුළින් පියතුමාව හරිහැටි නොපෙනේ. එහෙත් උන්වහන්සේගේ හඬ නිසල වුවද හොඳින් ශ්‍රවණයවේ.

මේ ක්‍රියාව අතිරහසිගත හා පෞද්ගලික වූ ක්‍රියාවකි. කොමිසන් පුටුව කොමිසන් ඇසීම සඳහා තැන්පත් කරන්නේ ද පල්ලියේ අයිනකය. ඒ හෙයින් පියතුමාගේ හා කොමිසම කරන්නාගේ හඬ කිසිවකු හට නෑසේ. එය ඒ තරමටම පෞද්ගලික දේව ක්‍රියාවකි.

කිතුනුකමේ ගැඹුර විදහා දැක්වීමට මේ වැනි ගාම්භීර භාණ්ඩ ද සභාව විසින් හඳුන්වා දී ඇත්තේ දේව තේජස ද විදහා දැක්වීමටය. මේ වන් පූජා භාණ්ඩ රැසක් ඕනෑම දෙව් මැඳුරක දේව සේවයට උපයෝගී කර ගනී. එය ආදියේ සිට පැවත එන සම්ප්‍රදායක් ද වේ.

කතෝලික සභාව තුළ මේ භාණ්ඩ ආශීර්වාදාත්මක භාණ්ඩය.

මේ පූජා භාණ්ඩ විශේෂයෙන්ම පරිහරණය කරනු ලබන්නේ පියතුමා ඇතුළු පූජා උදව් දරුවන් විසිනි.

ආසිරි පැන් ඉස බැතිමතුන් ආසිරි ගන්වන පැන් භාජනය, පියතුමා පමණක් පාවිච්චි කරනු ලබයි. ඒ අතර සීනුව, ආරක්ෂිත සත්ප්‍රසාද තැටිය, කුරුස සිරියස්, ඉටි පහන් කණු පූජා උදව් දරුවනගේ දෑතේ රැඳෙනා දේය.

දිව්‍ය පූජාව ඔප්පු කිරීම පිණිස පූජාසනය මත වැඩ රඳවන කාලිස් පාත්‍රය හා මිදි යුෂ කුසලානය පියතුමා විසින් දෙවිඳුනට ඔසවනා භාණ්ඩ අතර වේ.

දේව ස්තූතිය පිරිනමා දෙවිඳුන් හා ශුද්ධවරයන් නමදින ඉටි පහන ද දෙව්මැඳුරක ඕනෑම මොහොතක බැතිමතුනගේ පරිහරණයට තැබිය යුතුම තවත් පූජා භාණ්ඩයකි. ඕනෑම අයෙක් මෙම ඉටි පහන් තබා ඇති පෙට්ටියට මුදල් දමා ඉටි පහන් රැගෙන දෙව්මැඳුරේ යම් ආරක්ෂිත ස්ථානයක ඒවා දල්වා යැදීම පිණිස පහසුකම බැතිමතුනට සලසා දී ඇත. කතෝලික විශ්වාසයේ ගැඹුර දැල්වෙන ඉටි පහනේ දැල්ල තුළින් ද මනාව දැකිය හැකිය.

කතෝලික සභාව ගොඩනැඟෙන්නේ විශ්වාසය පෙරදැරිකොටගෙනය. එනම් ජේසු කල්වාරි ගමනින් පසුව තුන්වන දින උත්ථානවූ දිනයේ පටන්ය. කතෝලික සභාවේ ආරම්භය ජේසුගේ උත්ථානයය. කිතුනුවන්ගේ විශ්වාසය වසර දෙදහස් ගණනක් ගියද තවම නොනැසී පවතින්නේ මේ විශ්වාසය හේතුකොටගෙනය.

සීනු හඬ, ඉටිපහන් ආලෝකය, ගීතිකාව, යාඥාව, කතෝලික භාවයේ මහිමයය.

මේ අසිරිමත් කොටස් නොමැතිව කිතුනු කමක්ද නැත. එදා දෙව් මවුන් වන්දනාමාන සිදු කළේ හිස් පලඳනාවකින් හිස වසාගෙනය. එය ද කාන්තා පාර්ශ්වය විසින් පැලඳිය යුතු පූජා භාණ්ඩයක් බඳුය.

එහෙත් වත්මන් කාන්තා පරපුර මේ චාරිත්‍රයෙන් බැහැරව සිටිනා අන්දම දැකිය හැක. එහෙත් වැඩිහිටි කතුන් දෙව් මව් පිළිවෙත අනුගමනය කරනා අයුරු දෙව්මැඳුර තුළදී දකින්නට ලැබීම ද සතුටකි.

මේ වන් කුමක්හෝ පූජා භාණ්ඩයක් දිව්‍ය පූජාවට සහභාගි වන පිරිමි පාර්ශ්වයට ද යෝජනා කර පූජා වත්පිළිවෙතේ ගරු ගාම්භීර භාවය ඔප් නංවා ගැනීම සඳහා සභාව කටයුතු කළහොත් එයත් වටිනා පිළිවෙතක් වේ යැයි ලියුම්කරු සිතයි.

ලයනල් පී. පෙරේරා

දිවයින - ජුලි 31.


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon