Monday, November 21, 2016

ඕපනායක පුංචි කෝච්චිය.

ඕපනායක පුංචි කෝච්චිය.


පුංචි කෝච්චිය මගේ මතකයට ආවේ පුංචි කෝච්චිය දැකලා නෙමෙයි.දැන් කාලේ පුංචි කෝච්චියක් දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගිති උයනක සිගිත්තන්ගේ සෙල්ලම් කෝච්චියක කතාවක්. තියෙන පාර කොන්ක්‍රිට් කරගන්නවත් බැරිව දුෂ්කර ආර්ථිකයක හීන දකින අපිට කෝච්චි පාරක් අළුතින් හදනවා කියන එකත් ලොකු ම ලොකු හීනයක්

ඕපනායක පොලිස් ස්ටේෂමේ තියෙනවා සංරක්‍ෂිත කරන ලද දුම්රිය මැදිරි වල බර කිරන තරාදියක් . මේ තරාදිය දැකපුවම ආයෙත් මට පුංචි කෝච්චිය මතක් වුනා කීවාම නිවරදියි. දැන් කාලේ ඕපනායක පොලිස් ස්ටේෂම පිහිටා තියෙන්නේ - ඒ කාලේ පුංචි කෝච්චියේ අවසාන ගමනාන්තය වු ඕපනායක කෝච්චි ස්ටේෂමේ. ඒ කාලේ ඕපනායක ස්ටේෂමේ ප්‍රධානියා “ ස්ටේෂන් මහත්තයා” - අද කාලේ නම් “ ඉනිස්පැට්ටර් මහත්තයා ! .”

1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන ‘රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ “ජෝර්ජ් ස්ටීවන්සන්ට” ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා . ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා.

සුද්දන්ගේ හිරු නොබසින යටත් විජිතයේ රටින් රට ඔවුන්ගේ ලාභාංශ තරකර ගැණිම පිණිස සංවර්ධණ කටයුතු සිදුවිය. මෙම සංවර්ධනයේ අතුරු පලයක් ලෙස දකුණු අප්‍රිකාවේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සුද්දො සැලසුම් කරනව.

මෙම සැලසුම අනුව ලන්ඩනයේ සමාගමකට කිලෝ මිටර් 100 ක පමණ දුම්රිය මගක් ඇතුළු දුම්රිය පද්ධතියක් සැදීම සදහා ඇනවුමක් ලැබෙනවා . මෙම ඇනවුම සම්පුර්ණ කර දකුණු අප්‍රිකාවේ ස්ථාන ගත කරන්නට ගිය විට අප්‍රිකාණුවෝ සහ එවකට සිටි යටත් විජිත ආණ්ඩුකාරයා එම දුම්රිය මග ස්ථාපනය කිරීමට විරුද්ධ වෙනවා. අප්‍රිකාණුවන් බලාපොරොත්තුවු යේ පුළුල් අමාන දුම්රිය ව්‍යාපෘතියක්. එහෙත් ඔවුන්ට ලැබුනේ පටු අමාන දුම්රිය ව්‍යාපෘතියක්. කර කියා ගත නොහැකිව අතරමංවු ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.


1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි රේල්පාර හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර් මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය ගමනාන්තය වෙන ඕපනායකටම ආවා. කැළණී වැලි ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට ක්‍රියාශිලි මගී ගමනාගමන සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.
1919 මැයි මාසේ 02 දා ඉදන් ඕපනායකට ආපු පුංචි කෝච්චිය 1997 පමණ වන විට අවට ගියාට එන ගමනක් වී වර්ෂ 1998 දිනක උදෑසන, සංචාරකයින් කණ්ඩායමක් සමග ඕපනායක ඉදන් ආපසු කොළඹ ගියාට පස්සේ තාමත් ආපසු ආවේ නැහැ.


පැරණි කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය ඕපනායක දුම්රිය ස්ථානයයි. වර්තමාණයේ ඕපනායක පොලිස් ස්ථානය මෙම ගොඩනැගිලි පරිශ්‍රයේ පිහිටා තිබේ. මෙම පින්තූර වලින් දැක්වෙන්නේ මෙම පරිශ්‍රය තුල පිහිටුවා සංරක්‍ෂණ කර ඇති 1901 වර්ෂයේ නිෂ්පාදිත බිම් තරාදියකි. එහි දර්ශක පුවරුව විනාශවී ඇති අතර අනෙක් රක්‍ෂිත කොටස් මෙම පොලිස් ස්ථාන බිමේදී ඔබට නැරඹීමට පහසුකම් සලස්වා ඇත.
ස්තුතිය - ඕපනායක පොලිසිය වෙත.
මම පුංචි කෝච්චිය දකින්නේ පැල්මඩුල්ලේ ගන්කන්දේ ඉගනා ගන්නා කාලයේ. ( එකල පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය ) සති අන්තයට ගෙදර යන එන අතර වාරයේ. තනියෙන් ගමනක් බිමනක් යන්න හිතේ වාරු නැති ඒ වයසේ පුංචි කෝච්චියේ සවාරියක් යන්න හේතුවාසනා තිබුනේ නෑ. බස් එකේ යන එන අතර වාරේ හුණුවල ඉදලා ඕපනායක දක්වා මහා මාර්ගයට සමාන්තරව පිහිටලා තියෙන කොටසේ මම ගිය බස් එකත් එක්ක ( ඒ කාලේ බසුත් දැන් වගේ කගවේනා පිම්මේ ගියේ නෑ ) ඉබි ගමනේ තරගයක ගියා මට මතකයි.
“දවස පත්‍රයේ සති අන්ත පත්‍රය වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙනවා. පසු කාලෙක මේ කවිය ඕපනායක කෝච්චියේ ගමන ගැන හොද උදාහරනයක් වුනා.



“පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්
කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්
කොළ හා රතු කොඩි ගාඩ් වනන්නේ - අනේ මුන්ට මොන දේශපාලනේ
ගනින් බෝතලේ යමන් මාතලේ - යකාට ගියදෙන් ටයිම් ටේබලේ....,...”

notes of imaginary

Friday, November 18, 2016

වැට් ගැහුවේ ඔය මගුලටද ?.




notes of imaginary

Wednesday, November 16, 2016

සජිත් තියරිය.





notes of imaginary

Tuesday, November 15, 2016

සවිය.



උදේ පාන්දර 5.57 යි . පොලිසියෙන් ඇමතුමක්.
ඔබට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා.එයට කට උත්තරයක් ගැණිම සදහා හවස 2.00ට .........පොලිසියට  ( පොලිස් ස්ථානයේ නම සදහන් කරමින් )  එන්න.
පොලිස් කොස්තාපල් මහත්තෙක් ගෙන්  මගේ ජංගම දුරකතනයට ඇමතුමක්.
මොකක්ද මේ පැමිණිල්ල ?.
 මම විමසනවා.

“පාරක් වසමින් කම්බි වැටක් ඉදිකරලා ඔබ” . උත්තරය ලැබෙනවා. මගේ මනසේ නැගෙන්නේ පැමිණිල්ලේ බරපතල තත්වය. පාන්දර 5.57ට මට දැනුම් දෙන්න තරම් ?.

පොලිස් සේවය කොයිතරම් කාර්යක්‍ෂමද ? . මම හිතනවා. “ඇත්තෙන්ම මම අද කාර්ය බහුලයි. යොදා ගත්ත වැඩ තියෙනවා . මට වෙන දවසක් දෙන්න බැරිද ?.” මගෙන් කාරුණික ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා. දුරකතනය අනිත් කෙළවර  කාරුණික නැහැ. පොලිස් සේවයේ බල පරාක්‍රමය විසිරෙන ගමන් දුරකතනය විසංධි වනවා.

මේ පොලිසිය මා පදිංචි පොලිස් කොට්ඨාශයට  අයත් නැහැ. පදිංචි ප්‍රදේශයේ සිට තවත් ප්‍රධාන පොලිස් ස්ථානයක්ද පසු කරමින්  කිලෝමීටර් 25 කට එහායින් පිහිටි පොලිස් ස්ථානයක්. එහෙත් පාරක් වසමින් කම්බි වැටක් ඉදිකලායයි පැවසෙන ඉඩම පිහිටා තිබුනේ මේ කියන පොලිස් වසමේ. මම හිතන විධියට නම් මෙවැනි අවස්ථාවකදී විය යුත්තේ මා පදිංචි පොලිස් වසම මගින් මෙම පණිවිඩය මට ලබා දීමයි. නමුත් සිදුවූයේ පැමිණිලිකරු ලබා දුන් මගේ ජංගම දුරකතනයට වහාම කැදවීමක් කිරීමයි.

මට මැවෙන්නේ  බරපතල තත්වයකට මා පත්වී  - බරපතල පැමිණිලි පාර්ශ්වයක් මට එරෙහිව ඇති බව .

ඇනවුම ලැබු සැණින් මට පොලිස් ස්ථානයට වාර්තා කරන්න බැරිවෙනවා. දිගටම මගේ ජංගම දුර කතනය අදාල නිළධාරිමහතා ගෙන් ඇමතුම් ලැබෙනවා. අදාල නිළධාරිමහතාගේ උනන්දුව මට නම් පුදුමයි.  අන්තිමට මම චකිතයකින් යුතුව පොලිස් ස්ථානයට යනවා.

පැමිණිල්ල මේ ඉඩමට  පසුකරගෙන යමින් ඊට යාව තිබුන ඉඩමට  මා සංවර්ධණය කරමින් ඉඩම මැදින් පාරක් ලබා ගැණිමේ අරමුණින් කරන ලද්දක්.මම මගේ ඉඩමේ එක් කෙළවරකින් ඒ සදහා ඉඩකඩ ලබා දී තිබෙනවා. එය ඔවුනට ප්‍රමානවත් නැහැ. මේ ඉඩම සංවර්ධණ කටයුතු සදහා  මම  මිනුම් සැලැස්මට අනුව මායිම් ඉදිකලත් පැමිණිල්ලේ සදහන් අයුරින් වසා දමන්නට පාරක් ඉඩම මැදින් තිබුනෙත් නැහැ.

පොලිසිය පැමිණිල්ල විභාග කරන්නේ පැමිණිලිකරුවන්ගේ අභිප්‍රාය ඉෂ්ඨ සිද්ද කරදෙන පුර්ව නිගමනයක් ඇතිව.  නිහඩ බව වැදගත් බව  නිසා  මම නිහඩව කතා කරන්නට ඉඩ හැර අසා සිටිනවා. මගේ වාරය එනතෙක්. මා පෙන්වන මිණුම් පිඹුරු ඔවුනට වැදගත් බවක් නැහැ. ඒවා පිළිගන්න සුදානම් නැහැ. මා කරන පැහැදිලි කිරීම් ඔවුන්ට තේරුම් ගන්න බැහැ. 
මම අන්තිමට තීරණය කලා  කිලෝමීටර් 25ක් ඈත පොලිසියේ නිළදාරි මහතාට මගේ පෞද්ගලික අනන්න්‍යතාවය දිගහරින්ට. මගේ සුදු කොණ්ඩය , උස , මහත . පෞරුෂත්‍වය   ඔවුන් දකින්නට පටන් ගත්තා . මගේ මිණුම් පිඹුර , ඉඩම මැදින් පාරක් නොතිබු බව . ඉදිකර ඇති වැට අයිනෙන් ඔවුන්ගේ ඉඩමට යා හැකි බව තේරුම් යන්න පටන් ගත්තා.

ඉඩම මැදින් තිබුන පාරේ  පැමිණිල්ල යාන්තම් සිවිල් නඩුවකට යොමු කරමින් පැමිණිලි පාර්ශවය සතුටට පත් කලා. යන්තම්  මාව නිදහස් වුනා කාර්යක්‍ෂම පොලිසියෙන්. තව පොඩ්ඩෙන්  මට සිද්ධවෙන්නේ ගහපු කම්බි වැට ගලවලා පැමිණිලි පාර්ශවයට පාර විවෘත කර දෙන්න. 

සිවිල් නඩුවක් කියන්නේ තව අවුරුදු පහලොවක් විතර නීතිඥයන්ට කැඹිරීමක්. ඒ යන වියදමින් මගේ ඉඩම මිළට අරන් කාෆට් පාරක් හදා ගන්න යා බද ඉඩමේ හිමිකරුවන්ට පුළුවන්. මම පැමිණිලි විභාගේ අතර යොජනා කලා ඔය ගොල්ල මගේ ඉඩම මිළට ගන්න එතකොට පාරේ ප්‍රශ්නෙත් ඉවරයි. ඉඩමේ ප්‍රශ්නෙත් මට  ඉවරයි. කියලා.

මම බොහෝම සුහදශිලීව  පැමිණිලි පාර්ශවයෙනුයි පොලිස් මහත්තුරුන්ගෙනුයි සමුගත්තා.මේ ශ්‍රී ලංකාවේ පොලිසි නන්නාදුන අයට කොයිතරම් කාරයක්‍ෂමද කියලා ආවර්ජණය කරමින්.






notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon