ජීවිතය……..
අලුතින් කියවමු.
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
ජීවිතය……..
අලුතින් කියවමු.
94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලා...
මම ලොකු පුතා. වැදගත් නොවන චරිතය. හදහන කියන හැටියට කේතු මහා දසාවෙන් අවුරුදු හතරක් ඉදිරියට තියාගෙන ඉපදුන පින්වත් කුමාරයා. ඒ අවුරුදු හතර එවරවෙන්නේ සිකුරා ලබලා. තාත්තයි අම්මයි කියවන කොට හිතෙන්න ඇති කාලා බීලා,ජේත්තුවට ඇදලා, සුව පහසු කාලයක් ඇතුලේ ජීවිතේ නාස්තිකරගන්න ඇති කියලා මේ කාලේ. අධ්‍යාපනයට වඩා වෘත්තියට යොමුවුන අධ්‍යාපනය උසස් පෙලින් නිම කල ඒ කාලය මට අද නම් සංවේගයට කරුනක්. මම ඒ නරක ආදර්ශයට දරුවන් යොමු කරන්න කැමති වුනේ නැහැ. ඒ යුගයත් හැත්තෑවේ දශකයත් වෙනස්. ජීවිතය සමබිමක ගලාගෙන ගිය ,යන ගමනක් නෙමෙයි. රැලි හෙල් බෑවුම් කදු තරණය කරමින් ගිය දුර ගමනක්. දශක හතයි දශම හතකට දැනෙන්නේ විඩාවක්. කළකිරීමකට වඩා කිසිවක් කෙරෙහි ආසාවක් කැමැත්තක් නැති මහත් උදාසීන බවක්. විමුක්තිය නිදහස සොයාගෙන යන්න තියෙන්නේ එක් තැනයි. කියලා හිතෙන පාලුවක්. බෞද්ධයෙක් ලෙස හිතන්නත් කියවන්නත් පටන් ගත්තම , බෞද්ධ සාහිත්‍යය අත්හැර හිතන්න යොමු වුනාම අතීතය අත්හැර වර්මානය ගෙවීම පහසුවක්. තවත් මේ නිසරු කය නඩත්තු කිරීම නොවැදගත් කාර්යයක්. දවසින් දවස අක්‍රීයවන ඉන්ද්‍රීයයන් නොයෙක් ක්‍රම විදිවලින් යථාවත් කරන්න දරන උත්සහාය මට නම් කලකිරවන්නක්. එය පලරහිත කටයුත්තක් කියලා මගේ මනස මට කියවන්න පටන් අරන්…. මට හිතනා තරමින් මගේ වගකීම් වගවීම් බිංදුව වෙලා. මට වගකිම් වගවීම් කරන පිරිසකගේ උත්සහායක මැදිහත්වීමක මම ධන අගයක් බවට පත්වෙලා. මට නික්ම යන්න පුලුවන්නම් . මා නික්ම යනවා නම් ඔවුන්ගේ මැදිහත්වීම් සූන්‍යවී යනවා නේද මගේ මනස කියවන්න පටන් අරන්. මගේ විකාරත් සමග ආයෙත් ඉඩක් ලදොත් හමුවෙමු.
පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටයපණ ඇති මහා සමුදුර පවුරෙන් ව ටයහෙල දිවයින මගෙයි මා ඉපදුණ රටයමහවැලි කැළණි වළවේ කළු යන ගංගාසමනල කන්ද මුදුනේ සිට පැන නැංගාබෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගාමේවා ගලයි මිණි කැට දිය යට හංගාඋණුසුම සිසිල සහ අතරෙහි සම ගුණයඇති අන් රටක් නැත, මගෙ රට ඇති තැ නයමුව, මී,ගෝණ, ඇත් සේනා යුතු ව නයපවසන්නේය මට ඇති ජාතික ධ නයඅගනා දුලබ වන මල් ගොමු ඇත බැද්දේතුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි ස ද්දේමීදුම් පටල පෙර වූ නිල් කඳු මැ ද්දේසීතල රිදී දියවැල් පහළට ඇද්දේතෝපා, තඹලගම, මිණිපේ, මින්නේරිමහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේරිසරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේ රිමගෙ ලක් මෑණියන්දෑ හරි පින් කා රිඅඹ,දුඹ,පේර,වැළ,වරකා, අන්නා සීරඹුටන්, දිවුල්, බෙලි, මොර තුරු අග රා සීපලතුරු ඉදී සුවඳින් අමරස පෑ සීගෙන දෙන්නේය මගෙ ලක්මව වෙත ආ සීසැපසේ වැඩුණු නව දලු යුතු තුරු වැල්යමී මැසි බමර මිණි මැද වැජඹෙන මල්යබැලු බැලු පසින් හැම පැත්තෙන් ගණ නිල්යපස් පියුමෙන් පිරී බබලන දිය විල්යඅව්කණ ගල් වෙහෙර ඇත මහ පිළිම තැණුසුකිරි වගෙයි පුත්තලමේ මිදුණු ලු ණුසීගිරි ගලේ සිතුවම් ලොව පුදුම වුණුආඩම්බරයි ලෝවා මහ පහයෙ කණුවළවේ දෙනුන් හට කිරි හැම දිනම එරේවන්නියෙ බඳෙන මීවද පැනි බිමට පෙරේමුතුපර තිබේ සමුදුර රැළි අතර තුරේපොළවේ මැණික් උපදිනවා රත්නපුරේරුහුණේ කුඹුරු සරු සාරයි එක හීයයිමින්නේරියේ ජනපදයයි වෙල් යායයිරජරට පලාතේ පමණක් වැව් සීයයිමේවා බලන්නට මෙන් ඉර හඳ පායයිනටබුන් නගර අනුරාපුර පොළොන්නරුපේරාදෙණිය, හග්ගල මල් උයන් සරුදුම්හිඳ වගේ මහ දිය ඇලි කඳින් පරුමැද මහනුවර දළදා හිමි සඳුන් ගරුහරියට නියම කාලය තුළ වහින වැසීනව තඹ පාට වැල්ලක් හැම තැනම දිසීදිවයින මගේ මුළු ලෝකය කරන ව සීදණ බිම ඔබා නිතරම නැමදුමට නි සී