ක්‍රිස්තු පූර්ව 400 පමණ ජීවත් වූ අතීත මිනිස්සුත් "ශීතකරන" පාවිච්චි.කරලා තියෙනවා කියලා කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද?විදුලිය සොයා ගැනීමටත් බොහෝ කාලයකට පෙර සිටි පර්සියානු (වර්තමාන ඉරානය) ජනයා "ශීතකරන" භාවිතා කරලා තියෙනවා. පර්සියානු බසින් මේවා "යක්චාල්" ලෙස හැඳින්වෙනවා. යක්චාල් යන්නෙහි තේරුම 'අයිස් වළ' යන්නයි.වාෂ්පීකරණ සිසිලනකාරකයක් ලෙස ක්‍රියා කරන මේ ශීතකරණ ව්‍යුහය පොළවට ඉහළින් ගෝලාකාර හැඩයක් සහ භූගත ගබඩාවක් ලෙස කොටස් දෙකකින් සමන්විතයි. ඒ වගේම ඝන තාප ප්‍රතිරෝධී ඉදිකිරීම් ද්‍රව්‍ය වලින් භූගත අවකාශය හොඳින් පරිවරණය කර තිබෙනවා. මේ ගබඩා තුල ආහාර ද්‍රව්‍ය මෙන්ම අයිස් ද ගබඩා කර තිබූ බව සඳහන් වෙනවා.මේ යක්චාල් ඉදිකර තියෙන්නේ බොහෝවිට කාන්තාර තුලයි. කාන්තාර දේශගුණයේ අඩු ආර්ද්‍රතාවයෙන් ජලය වාෂ්පීකරණය ප්‍රවර්ධනය වීම ඊට හේතුවයි. ඒ වගේම හිරු බැස ගිය පසු වාතයේ සිසිලන වේගයත් අනෙක් ගොඩබිම් ප්‍රදේශ වලට වඩා කාන්තාරයේදී වේගවත් වෙනවා. ඉහළ උන්නතාංශ වල පිහිටා ඇති සමහර කාන්තාර ප්‍රදේශවල රාත්රියේදී උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටෙනවා.මේ වාෂ්පීකරණ සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වූයේ උල්පත් වලින් qanats නම් විශේෂ ජල මාර්ග හරහා ගෙන එන ජලය හරහා යි. මේ ජලය යක්චාල් අසලදී තටාක වලට එකතුවෙන අතර ශීත සෘතුවල රාත්‍රි කාලයේදී මේවා අයිස් බවට පත් වෙනවා. පර්සියානුවන් මේ අයිස් යක්චාල් තුල ගබඩා කරනවා. උණුසුම් කාලවලදී නම් අවට ඇති අයිස් කඳු වලින් අයිස් කඩා ගෙනවිත් තැන්පත් කරන්නත් ඔවුන් කටයුතු කරලා තියෙනවා.යක්චාල් ඉදිකරලා තියෙන්නේ "සරූජ්" නම් අද්විතීය ජල-ප්‍රතිරෝධී බදාමයකින් වන අතර එය වැලි, මැටි, බිත්තර සුදුමද, අලුහුණු, එළු ලොම් සහ අළු නිශ්චිත අනුපාතයකින් යොදාගෙන සකස් කරලා තියෙනවා. ඒ බදාමය තාප හුවමාරුවට ප්‍රතිරෝධී වෙනවා වගේම සම්පූර්ණයෙන්ම ජලයට ද ප්‍රතිරෝධී වෙනවා. මේ කේතු හැඩැති ව්‍යූහය සාමාන්‍යයෙන් මීටර 18ක් පමණ උසයි.මේ නිර්මාණය අතීත පර්සියානු ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටත්වය ලෝකයට කියාපානවා.අතීත මිනිසුන් ඔවුන්ගේ තාක්ෂණය තුල සොබාදහම ඉක්මවා නොයමින් සොබාදහමෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා අපිට හරි අපූරුවට පෙන්නලා දීලා තියෙනවා කියලා මේක දැක්කම හිතෙනවා නේද?
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>