
ජීවිතය……..
අලුතින් කියවමු.
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
ජීවිතය……..
අලුතින් කියවමු.
94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලා...
අපේ රටේ විපක්ෂය
හැම දේටම විපක්ෂයි.කටුක විවේචන ඉදිරිපත් කරනවා. පොලොවේ පැලකරගන්න බැරි දේවල් ගැන
කතා කරනවා. යහපත් දේ යහපත් ලෙසත් අයහපත් දේ අයපත් දේ අයපහත් ලෙස දකින්නත් යහපත්
ලෙස කටයතු කරන්න මග පෙන්වන්නත් කැමති නැහැ.
ආණ්ඩු පක්ෂයත්
ඊට දෙවෙනි නැහැ. ඔවුන් සියල්ල දත් පණ්ඩිතයන් ලෙසයි කටයුතු කරන්නේ විකල්ප මත පිලිකෙව්
කරනවා.ඇහුම්කන් දෙන්නේ නැහැ. මර්ධණයෙන් තර්ජනයෙන් පාලනය කර ගන්න උත්සහා කරනව මිසක්
නිවරදි වෙන්න කැමති නැහැ.
මමත් බෞද්ධයෙක්. වන්දනාව දෙවනුවත් ධර්මාවබෝදය කරගනු පිණිස උත්සහා දරන බෞද්ධයෙක්. කෙටියෙන්ම බුදුන් සහ දහම් සරණ යන තෙරුවනක් නැති බෞද්ධයෙක්.
මෙලෙස මුලින්ම සටහන්
කරන්න අදහස් කලේ බෞද්ධාගම විවේචණය වන අදහසක් පල කිරීම පාපකර්මයක් නිසා.
විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා විහාරස්ථාණයට සපයන ලද විදුලිය වෙනුවෙන් ඉදිරිපත් වු ලක්ෂ හතලිස් එක් හාරසියයක මුදලක විදුලි බිල් පතට මුදල් නොගෙවීම නිසා විදුලිය විසංධි කරලා. ඊයේ මිහින්තලාව අදුරේ. පන්දම් එළියෙන් මිහින්තලාව නගින විදේශික කණ්ඩායමක් ප්රවෘත්ති අතර දැක්කා . විගණනය නොවන විහාරස්ථානයේ ආදායම කොතෙක් ද කියා අපි දන්නේ නැහැ. මෙම විදුලි බිල ඉන් සොච්චමක් වෙන්නත් ඇති.
එක් එක් ප්රචාරාත්මක
දේශපාලන - ඥයින්ට මේ ප්‍රවෘත්තිය රස මසවුලක්. ඔවුන්ගේ විග්රහ තුල ජාතිහිතෛෂී
භාවයත් බෞද්ධාගමට හිතැති බවත් සමග ඔවුන්ගේ අභිලාෂය දොරේ ගලනවා.
හොරුන් කල දේ
නැවත නැවතත් කල යුතු නැහැ. හොරකම් කරන්න ඉඩ දිය යුතුත් නැහැ.නාස්තිය දුෂණය
පිටුදැකිය යුතුයි. එමෙන්ම පාලනය විය යුතුයි. රනිල්ගේ පාලනය තුල මේ කටයුත්ත පාලනයට
පත්ව ඇත්දැයි තාමත් පැහැදිලි නැහැ.ඔහුගේ කාර්ය මණ්ඩල මුහුණු දැක්කම මේ ගැන අවබෝධයකට පැමිණිය හැකියි. සමහර සිද්ධීන් පාලනය කරන අයුරු සාධරන අපක්ෂපාති ස්වරුපයක් නැහැ.
උඩවළවේ
ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු වලට ජලය නැහැ. ගොවිතැන් පාළුවෙනවා. ගොවීන්ගේ ආර්ථිකය
අවදානමේ. ඔවුන් සත්යග්රහ කරනවා. ගොවි සමිති නායකයින් නිරීක්ෂණ චාරිකා වල යෙදෙන
ගමන් ගොවීන්ගේ දුෂ්කරතාවය විකුණනවා. ආණ්ඩුව එක එක බහු බූත අතහරිනවා. විපක්ෂ
නායකයින් දෙවියන්ට කියලා ආණ්ඩුවට ශාප කරනවා.
සමනල වැව ජලාශයෙන් උඩවළව ජලාශයට ජලය නිකුත් කලොත් මේ ගැටළුව විසදන්න පුළුවන් ගොවීන් කියනවා. විදුලි බලධාරීන් කියන්නේ එසේ ජලය නිකුත් කලොත් දින නවයකින් - දකුණට පැය දෙකක් විදුලිය කපන්න සිදුවෙන බවයි.
සමනල වැව ජලාශයට ජලය සපයන ජල පෝශක ප්‍රෙද්ශයට පසුගිය ජනවාරි සිට ප්‍රමානවත් වැසි ලැබුනේ නැහැ. අප්‍රේල් වැස්සත් වෙනදාට වඩා අඩක්වත් තිබුනේ නැහැ. 2012 අවුරුද්දේ මේ වගේ කාලගුණයක් මේ ප්‍රෙද්ශයට තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ තමයි මෙවගේ තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. සෑම වර්ෂයකම මැයි සිට සැප්තැම්බර් දක්වා වියළි කාලගුණයක් මේ ප්‍ර දේශයට පවතිනවා. වැසි බලාපොරොත් වන්න බැහැ. ඒ පසුගිය මාස කිහිපයේ තත්වය. සැප්තැම්බර - දෙසැම්බර් කාලයෙත් මාර්තු -මැයි අතර කාලයෙත් නිසි පරිදි වැස්සොත් සමනල වැව උතුරනවා. සමනල වැව නිර්මාණය කරලා තියෙන්නේ මෝසම් දෙකෙන්ම ජලය වැවට ලැබෙන භුමි ප්‍රෙද්ශයක.
මේ පල කලේ සමනල වැව ලග ඉන්න මීදුමට තියෙන අත්දැකීම්.
අපේ රටේ ගොවි
ජන, කෘෂිකර්ම දෙපාර්තමේන්තු තියෙනවා. කාලගුණ දෙපාර්තමේන්තුවක් තියෙනවා.කෘෂිකර්ම
නිෂ්පාදන පරීක්ෂණ කියලා නිළදාරි පිරිසක් ඉන්නවා. ගොවිජන කොමසාරිස්ලා
ඉන්නවා.ගොවිජන ප්‍රාෙද්ශීය නිලධාරීන් කියලා කොටසක් ඉන්නවා. මේ හැම එකකටම රාජ්‍ය ඇමතිලා
ඇමතිලා ඉන්නවා
ඒත් ගොවිතැන්
ආරම්භ කළ යුතු කාලයක් - අස්වනු නෙලා ගත යුතු කාලයත් පිළිබදව පුරෝකථනය කර සැලසුම්
කරන්න මොළයක් ( යාන්ත්‍රණයක් ) නැහැ.මු ළ සිට යන්යෙ නැතිව අග ඉදන් මුලට එන්න හදනවා.
වේදිකාවේ
බේගල් අතහරින නරි රැළක් විතරක් ශිල්ප දක්වනවා.
JR අඇදිරි නීතිය
දාගෙන රජිව් සමග ගිවිසුමකට එළඹවුනා. මේ ගිවිසුම අනුව 13 ව්‍යවස්ථාව උපත ලැබුවා.
සුදු අලියෙක් වු පරිපාලනයක් ලෙස කාලයක් පලාත් සභා ක්‍රියාත්මක වුනා. මේ කාලයේ තේරීපත්වු සහ බලය ලබා ගන්න බලාපොරොත්තුව සිටින දේශපාලනඥයින්ට පලාත් සභාව කප්රුකක්වුනා . මේ ආයතනය සක්‍රීය කර ගන්න අවශ්‍යතාවය තියෙන්නේ ඔවුන්ට. ජනතාවට එවැනි අවශ්‍යතාවනේ නැහැ. පලාත් ,දිස්ත්‍රික් ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලන නිලධාරීන් හරහා පලාත් සභාවෙන් විය යුතු කාර්ය වෙනවා.
වෙනස කතා සාප්පුවක් නැති එක විතරයි.
දකුනේදී කුල
වාදයට සැලකීම එතරම් ඉහල සාධකයක් නොවුවත් උතුරේදී කුලවාදය කතාබහට ලක්වන මාතෘකාවක්.
ප්රභාකරන් සහ ඔහුගේ අරගලය කියවීමේදී පීඩිත කුලවල ජනතා අවධිවීමක් ප්‍රබල ලෙස
සාකච්ඡා වන්නක්.
නැවතත් ඉහල යයි සැලකෙන කුලවලට උතුරේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවය ප්‍රභාකරන්ගෙන් මිදීගිය රික්තය තුල ඇති කරගන්න අවශ්‍ය බිම සකස්ව තියෙනවා. දකුනේ සිටිය ජාතිකවාදීන්ගෙන් මේ අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි බව තේරුම් ගත් මොවුන් විසින් කුමන්ත්‍රණකාරීව ගෝඨාභය පාලනයෙන් ඉවත් කලා. එයට යොදා ගත්තේ ගෝඨා බලයට ගෙනා කොටස්මයි.
ඔවුන් විස යයි සිතුදේ විසෙන්ම නසා දැම්මා.
අරගල භුමියේ
සිටියේ රටේ ජීවයයි.ඔවුන් හැදු හැට නව ලක්ෂය
ඔවුන් විසින්ම විනාශ කලා.අරගල භූමියේ සිටි තරුන ජීවය ගෝඨා ගිය පසු සිදුවන්නේ
කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබු බවක් පලවුනේ නැහැ. නමුත් අරගලයේ මොළය කාලයක සිට
පියවරෙන් පියවර තමන්ට අවශ්‍ය නායකත්වය ජනාධිපති පුටුව ලගට ගෙනවිත් තිබුනා. රනිල්
ජනාධිපති වුනා. ගෝල්පේස් අරගලය වාෂ්ප වෙන්න ගියේ දින කිහිපයයි.
අද ගෝඨාගේ පාලනය බැහැරවීම ගැන කම්පා වෙනවා.
රනිල්ට ජනවරමක් නැහැ. ඔහුට ඇත්තේ 69 ලක්ෂය විසින් ගෝඨාට දුන් ජනවරමයි. එය
පෞද්ගලික බුදලයක් නොවෙයි. ඔහු පවත්වාගෙන යායුත්තේත් නඩත්තු කල යුත්තේත් එම
ජනවරමයි.
එම ජනවරම බලාපොරොත්තු වන්නේ වෙන අනම් මනම් කිරීම නොව ගෝඨා අසමත්වු ආර්ථික කළමනාකරනය යථාවත් කිරීමයි.එය පැත්තක තබා රණිල් බලයට පත්කිරීමට කුමන්ත්‍රණය කල පිරිසගේ අභිමාර්ථ ඉටු කිරීම නෙවෙයි.
69 ලක්ෂය නියෝජනය කල ගෝඨාභය හට නිසි ලෙස ආර්ථිකය කළමනාකරනය කරගන්න බැරිවුනා. ඔහුට සේවය කල කේවට්ට ආර්ථික උපදේශකයන් නිසි මගපෙන්වීමක් කලේ නැහැ. ගෝඨාගේ පාලනය කාලය .තුල විදේශීය ණය ගත්තේ නැහැ. නැත්නම් ණය ගන්න බැරිවුනා. ඒ තරම් ණය උගුලේ රට හිරවෙලා තිබුනා. අපි ණය උනේ හොරා කෑම නිසයි කියන සංකල්පයට මීදුම එකග නැහැ. හොරා කෑමත් එක් සාධකයක් වුනත් එයම හේතුව නෙමෙයි.
මෙවන් ආර්ථික අර්බුදයකට සිරිමාවෝ මැතිණියගේ 1970 රජය මුහුණ පෑවා. එවකට මුදල් ඇමති ආචාර්ය එන් . එම් පෙරේරා. ඔවුන්ගේ ප්රයත්නය වුනේ දේශීය නිෂ්පාදන මත රැදීමට උත්සහා දැරීමයි.
ආහාර හිගයක් ඇතිවුනා. රෙදිපිලි නැතිවුනා. ඖෂධ හිගවුනා එවකට පැවති රජය දේශීය නිෂ්පාදනයට අතහිත දුන්නා. ඒකට මුහුන දුන්න ජනතාව රජයත් සමග අරගලයකට යොමු වුනේ නැහැ. ගොවියෝ වගා කලා. රතුළුණු , මිරිස් සීනි වෙනුවට අතුරු නිෂ්පාදන රට තුල බහුල වුනා.සිමෙන්ති,යකඩ කඩදාසි, පොහොර ,රෙදිපිලි . උපාලි පියට් වැනි වාහන අපේ රටේ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා. උසස් ප්‍රමිතියෙන් තොරවුනත් බලාපොරොත්තු තැබිය හැකි උසස් තත්වයක් එම නිෂ්පාදන තුල තිබුනා. උතුරේ ගොවීන්ගේ අතමිට සරුවුනා. ඔවුන් සිරිමාවෝ රජයට දැක්වුයේ කැමැත්තක්.
1977 න් පසු JR ගේ ආර්ථික රටාව දේශීය නිෂ්පාදන අඩපන කරමින් වෙළද ආර්ථිකයට රට යොමු කලා. අපේ රට තුල විවිධ ප්‍ර දේශ විවිධ නිෂ්පාදන රටාවකටයි පැවතියේ. ධීවර ජනතාව වෙරළබඩ ජීවත්වු අතර ගොවි ජනතාව රට අභ්‍යන්තරයේ ජීවත් වුවා. මොවුන්ගේ අභිලාශයන් ජීවත්වු ප්‍ර දේශයන් අනුව වෙනස් වුනා .ඔවුන් සංවර්ධණය කලයුත්තේ ඒ අනුව උවත් අද වන විට උඩින් ගෙනවිත් අතහරින ලද සංවර්ධණයක් තමයි කරන්න උත්සහා දරා තියෙන්නේ. එය ව්‍යාප්ත කර ගන්න බැරිව අතරමං වෙලා. අසාර්ථක වෙලා.
ගෝඨාට බොහෝ විරෝධතා ආවා .ඔහුගේ වැඩ පිලිවෙලවල් වලට ජනතා සහෝගය ලැබුනේ නැහැ. මේ 1970 නෙමෙයි ;2022 කාලයට අනුරුපව කාරිය හැඩ ගස්සවා ගත යුතුයැයි හිතුවේ නැහැ.