මවක්
දරුවන් දෙදෙනාත් සමග චන්ද්‍රිකා වැවට පනී.
දියණිය මිය ගිහින්.
වාහනේ
පෙරලිලා සිසුන් රෝහලේ
කෑම
සොයා ගිය පියා සිහිසුන්ව වැටිලා
මේ
ප්රවෘත්ති තුනම අද සමාජයේ බිදවැටීම කියා පාන ඛේදවාචක.
ආහාර
මිළ ගනන් හතර පස් ගුණයකින් ඉහල ගිහින්. දෛනික ආදායම රුපියල් දාහක් වත් නැති, එලෙසවත් දෛනිකව ආදයමක් නොලබන දරු පවුලක් කෙලෙසද කන්න බොන්නේ. හාල් කිලෝවක්
රුපියල් දෙසිය පනහක් හෝ ඊට ආසන්නව. පොල් ගෙඩියක්,එලවළු ටිකක් මිළදී ගත්තම රුපියල්
දාහ වාෂ්ප වෙලා යනවා.
මිනිස්සු
IMF යන්නද ? ලෝක
බැංකුවට යන්න ද? රජයේ මහා පරිමාන ආර්ථික ව්‍යාපෘති වලට පෙර මෙවැනි ව්‍යාසන පිලිබදව
අවධානය යොමු විය යුතුයි.
අසල්වාසීන්ට උනත් උදව් කරන්න හැකියාවක දැන් නැහැ. ඔවුනුත් මේ බෝට්ටුවේ.ඒ වුනත් සංවිධාත්මක වැඩ පිලිවෙලක් ඇති කරගත්තෝත් එයත් අපහසු නැහැ.
මවකට
දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැතිව සිය දිවි නසා ගන්න හිතෙනවා නම් එය අසාධාරන
තීන්දුවක්ද ?.
පියෙක්
හාමතේ ඇද වැටෙනවා නම් එය රගපෑමක්ද ?.
මෙවැනි ශෝකාන්ත වලක්වා ගැණීමට රජය වහා වැඩ පිලිවෙලක් ඇති කරගත යුතුයි. මෙවැනි පවුල් ගැන සොයා බලා උදව් උපකාර කිරීමට ග්‍රාම සේවක කොට්ඨාශයක සිටින නිකම් පඩි ලබන රජයේ නිළදාරින් ටික යොදා ගන්න පුළුවන් වෙයි. එවැනි අයට ක්ෂණිකව ආධාර සැපයීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩ පිලිවෙලක් සකස් කර ගත හැකියි.
ආගමික
පූජ්‍ය පක්ෂයටද මේ අවස්ථාවේ තමන්ගේ අනුගාමිකයින් ගැන සොයා බලන්න සහය වන්න
පුළුවන්. අපේ රටේ බහුතරය බෞද්ධාගමිකයෝ. මේ
සිදුවීම් දෙකටම පාදක වුන ප්‍රදේශ බෞද්ධ පරිසරයක්. පන්සල ලගට පීඩීතයන් , අසහනයට පත්
දායකයින් එනවාට වඩා ඔවුන් ලගට පන්සල යනවා නම් කොයිතරම් අගේද ?.
තාමත්
අපේ පන්සල් එතරම් දියුණු අධ්‍යාත්මයක් ඇති කරගෙන නැහැ. දේශපාලන වන්දනාවේ යන
යතිවරුන් බහුලයි.දායක වන්දනාවේ යන්නෝ නැති තරම්.