වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද
විහගුන් පෙම් ගී ගැවුවට - ගී කියන්නේ උන් විතරද
මට නුබ විතරක් උනාට - නුබට ඉන්නේ මං විතරද
රෝස පතක කවි ලියුවේ - සුවද දි දී තියා ගන්න
මේ විදියට ගී ගැයුවේ - ඉන්න තැනකදී ඇහෙන්න
මේ විදියට ගී ගැයුවේ - ඉන්න තැනකදී ඇහෙන්න
රෑ අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද
මට නුබ විතරක් උනාට - නුබට ඉන්නේ මං විතරද
උස අත්තක මලක් වුනේ - ගව් ගනනක් උඩින් ඉන්න
අවසානේ උරුම වුනේ මල් පොකුරක එකක් වෙන්න