පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-06-13

සාරධර්ම රකිමු.




පල්ලේගම හාමුදුරුවන්ගෙන් සලේට මාරුවුනා.

දැන් පෙන්වනවා  “ සලේ “.

අපි දවසින් දවස අසහනයට පත්වෙමින් ඉන්නවා.

කාර් එකක් ගන්න ලොකු හීනයක් තිබුනා.

ලක්ෂ 19 ට විට්ස් එකක් කොහොමත් 2015  ලක්ෂ විසිපහ හමාරකට ගත්ත වැගන් ආර්  එක අද ලක්ෂ අසූවයි කියනවා

දැන් හීනයක්ම විතරමයි.

පරණ එකේම යනවා.

පාලකයින් ගේ වැරැද්ද  ?. නැත්නම් කයියේ වැරද්ද ද හිතා ගන්න බැහැ.

දිට්වා ආවා.

හදිසි වුන පාර “එක ටකරමකටත් ලක්‍ෂ දහයක් ද කොහෙද දෙනවා කිව්වා.

කටට එන වචන ඔහේ දමලා ගහනවා.

ආයේ ඇදලා ගන්නත් බැහැනේ.

ජනතාව කෝචෙක් කරනවා.

අර හොරණ වියපත් දෙමව්පියන් නවාතැන් ගෙන රැක බලාගත්ත වැඩිහිටි නිවාසයක් මොකක්දෝ අහේතුවකට ගිණි ගත්තා. වැඩිහිටියෝ පිරිසක් ගින්නට බිලි ගත්තා.

පස්සේනේ මතක් වුනේ ප්‍රමිතිය හොයන්න..

එතකොට කාලේ ඉකුත් වෙලා.

ජනාධිපතිවරයා කියනවා වැඩිහිටි දෙමව්පියන් රැක බලාගන්නේ නැති දූ දරවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් අණපනත් හදනවා කියලා.

ඒකත් කඩදාසිය ලිපේ දැම්මා වගේ ප්‍රකාශයක් වෙයි ද කියලා හිතුන මම වටේපිටේ තොරතුරු හෙව්වා.

දැඩි ආගමික හැදියාවක් තියෙන අපේ රටේ ……

බෞද්ධ , කතෝලික වගේම වෙනත් ආගම් කියා දෙනවා වැඩිහිටියන්ට සලකන්න ඕනි කියලා පොඩිහිටියන් කාලේ ඉදන්ම.

ඒත පොඩිහිටියෝ උස් මහත් වෙලා වගකීම්දරන්න වෙන කොට වැඩිහිටියෝ බරක්..

ඒවගේ නීති ඕනවුන එක කම්පාවට හේතුවක් කියලයි මම හිතන්නේ.

දරුවන්ට දෙමව්පියන් රැක බලා ගන්න සදාචාරත්මක වගකීමක් තියෙනවා.


වයෝවෘධ දෙමව්පියන් අත්හැරදැමීම වැලක්විය යුතුයි. ඒත් එහෙම සිද්ධ වෙනවා.ඒකට හේතු කුඩුම්බය තුලින්ම ඇති වෙනවා. ආර්ථික ප්‍රශ්න , පවුලේ ප්‍රශ්න තමන්ගේ තරමට දෙමව්පියන් නොගැලපීම ඔය ගේ විවිධ කාරනා දෙමව්පියන් නොසලකා හැරීමට හේතු වෙනවා.


සිංගප්පූරවේ  තියෙනවා Maintenance of parents act .මෙම නීතිය මගින් දෙමව්පියන්ට තම වැඩිහිටි දරුවන්ගෙන් නඩත්තු ඉල්ලන්න අධිකරණ පිහිට පැතිය හැකියි.

මානව හිමිකම් සංවිධාන සහ නීති විශාරදයන්.එවැනි නීතිවලට ඉදිරිපත්කරන තර්ක අසරන වන වයෝවෘද්ධිකයන්ට හාණිකරයි. 

වයෝවෘද්ධ දෙමව්පියන් රක බලා ගැනීමට නීතිය මගින් බලපෑම් කිරීම වෑඩිහිටි පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිත තීරණ ගැණිමේ නිදහසට බලපෑම් ඇතිවිය හැකි බවට ඔවුන තර්ක කරනවා.

එක අතකින් එහි සත්‍යතාවයකුත් තියෙනවා.


සියළුම දෙමව්පියන් යහපත් දෙමව්පියන් නොවන බව පලකරන අදහස තුල 

ළමා වියේදී හිංසණය , අපයෝජණය, හෝ අතහැරදැමීම් සිදුකල දෙමව්පියන්ටත් එම නීති යටතේ වාසි ලැබිය හැකි බව, පෙන්වා දෙනවා.

සහර දරුවන් ආර්ථිකව දුර්වලව තම පවුල රකින්නන් එවැනි 

දරුවන්ගේ  ආර්ථික හැකියාව නොසලකා නීතිමය වගකීම් පැනවීම අසාධාරනයි කියලා හිතෙනවා.

නීති රීතිවලට වඩා සාරධර්ම රැකීම හොදයි කියලයි මට හිතෙන්නේ.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-11

දෙව් මවු තුරුලේ .......





දුරකථනයේ ජෙනි අක්කාගේ කඩහඩය.

වෙනදා කතා කරන්නේ පැට්රික් අයියාය. එහෙත් අද ?

මල්ලි , අයියා ගියා. 

පපුව රිදෙනවා කියලා කිව්වා ….ආයෙත් ඇහැරලා බැළුවේ නෑ.

පැට්රික් අයියා සුවදායක සිහිනයක් සමගින් අවසන් ගමන් යන්න ඇත.

මානවහිතවාදියෙක්වු අයියා පෙරලිකාරයෙක්ය. ඔහු අසාධාරණය ඉවසුවේ නැත.

මේ නොඉවසීම ඥාති සමුහයා අතහැර ජෙනි අක්කාත් සමග තනිවෙන්න තරම් දුර දිග ගියේය.

තමන් සතු දේපල විකුණා දමා අරමුදලක් ඇති කර ගෙන බැංකුවේ තැන්පත් කර එහි පොලිය ඔහුගේ ආදායම කරගත්තේය.

දූ දරුවන් නොසිටි මේ දෙපල වැඩිහිටි නිවාස නිවහන කරගත්තේය.

වරින් වර නවාතැන් වෙනස් කරමින් සිටි මේ දෙපල පසුගියදාක කිඹුලාපිටිය ප්‍රෙද්ශයේ නවාතැනකට මාරුවිය.

නිවෙස මැරුවී පැළපදියම්ව දෙවන දවසේ පට්රික් අයියා හදිසි හෘදයාබාදයෙකින් දෙව් මවු තුරුලේ සැනසීමට නික්ම ගිය බව මා ඇසුවේ ජෙනි අක්කාගේ බිදුණු කඩහඩිනි.

ජෙනි අක්කා තනිවිය.

ජෙනි අක්කාගේ කඩහඩ හැගීම්බරය.

 දශක හයක් පමන ගහට පොත්තමෙන් බැදී සිටි පැට්රික් අයියා නැති ජීවිතය ජෙනි අක්කාට මහත් බරක් වනු ඇත.

මල්ලි , අයියා ගැන මොනවත් ලියන්න. එය සිහිවටනයක් වේවි ජෙනි අක්කා කියන්නීය.

මම මගේ මතකය ඔස්සේ ඔහුත් සමග ……….

අම්පාර කොළඹ බස් එකේ කාර්ය මණ්ඩලය

විශ්‍රාම යන තුරු මහවැලි සංවර්ධණ මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකරු,

ජෙනි අක්කා සමග විවාහය.

දූ දරුවන් නොමැති දෙදෙනාගේ සෙනහස

බෙලිහුල්ඔයට නැවත පැමිණීම …….සහ සුවිසල් වත්කමක් බැංකුවේ තැන්පත් කර ඒ ආදායමෙන් විශ්‍රාම ජීවිතය සකස් කර ගැණිම 

බෙලිහුල්ඔයෙන් පිටත්ව යාම ………

මතකයේ හමුවු නවාතැන්ය. 

බෙලිහුල්ඔයෙන් පිටත්ව ගියපසු අවුරුදු ගනනාවක් අප හමුවුනේ නැත.තොරතුරක්ද තිබුනේ නැත.

එක් දිනක මුහුණු පොත පීරන විට පැට්රික් අයියා මතුවිය.

මම වහා ඇරයුමක් සටහන් කලෙමි. 

එවිටම පාහේ  අප යලිත්  අතීත සහෘදයන් බවට  යලිත් පත්වුනෙමු.

කාලය පනහේ දශකය දක්වා දිවයයි.

ඔහුගේ පියාත් මගේ පියාත් සමකාලීන මිත්‍රයෝ වු බැවින් බහ තොරන වයසේ සිටඅපි එකට වැඩුනොවිමු.

ඔහු මට ලොකු අයියා විය. 

මගේ පමනක් නොවේ එකල අප වටා ගොඩ නැගී තිබු මිත්‍ර සමාගමේ ලොකු අයියාද  ඔහු විය.

විසේ ඇති වියේ සාධාරනය සොයා ගිය අප වියපත් වන විට අපි අපේ ලෝකයේ තනි තනිව කදවුරු බැද ගත්තෝ බවට පත්විය .

අසූවිය එලිපත්තේ සිටදීද  අපි මෙන් නොවී  අසාධාරනය උදෙසා ඔහු සටන් කරන්නේ තරුන ජවයෙනි.

මම උපේක්ෂාවෙන් බලන විට ඔහු සටන් බිමේය.

ඔහුත් මමත් අතර  ඇති වෙනස් වු පරතෙර එය වුවද අපි සදාකාලික මිත්‍රයෝවමු. 

සහෘදයෝ වමු.

1970දී මගේ වයස අවුරුදු 22 කි.. 71 අවධිවීම ආස්වාදජනක වුවද අපේ කුටුම්භයන් තුල තිබු රැකවරණය ආශ්වාදජනක දේශපාලනයට ඇදී යාම අවහිර කරන ලදී. එදත් මගේ සහෘදයා අන්තවාදීව ධනවාදීයයි හදුන්වන කදවුරේ නියමුවෙකි. 

මම එහාට මෙහාට දෝලනයවු ගන්ධබ්බ අවස්ථාවේ පසුවු දේශපාලන කීටයෙකි.

අපි ආගමිකව මාවත් දෙකක ගමන් කලෙමු. 

මා පන්සල් යන විට ඔහු පල්ලියට ගියාය. 

මා මෙන් නොව  ඔහු පන්සලට  පල්ලියට එකවන්ව ලෙන්ගතුව කටයුතු කරමින් අපේ ගැමි සමාජය තුල ඔහු නායයෙකු බවට පත්වීනි.

අපි අපේ ග්‍රාමීය සමාජය තුල බින්න බැස තිබු ඒකාධිකාරී සමාජ ක්‍රියාකාරීන් හට එරෙහි බලවේගයක් ගොඩනැගුවෙමු. 

මෙම පීඩක සමාජය ඔවුන්ට ඉහලින් කිසිවෙකු. නොසිටිය යුතු යැයි යන මානසිකත්‍වයක් දැරු ගම්මුලෑදැනින්, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන් වැනි පිරිසකි. 

මේ නිසා අප ඔවුන්ගේ වෛරයට ද ඔවුන් අපගේ වෛරයටද භාජනය විනි.

මේ නිසා ඇතිවු ගැටුම් නිසා අප බොහෝ විට පීඩාවට පත්විමු.

අපේ නඩය 

අපි අවුරුදු උත්සව සංවිධාන කර පැවැත්වුයෙමු. 

වෙසක්, පොසොන් පොහොය උත්සවාකාරයෙන් සමැරුවෙමු. 

දෙසැම්බරයේ නත්තලත් දෙසැම්බර් 31 දා විසේකාර සැමරුමත් වසර ගනනාවක් පවත්වා ගෙන ගියෙමු .

මෙම ක්‍රියාකාරකම් අපගේ සමාජ පරතෙරය අවම කරගත්තෙමු. 

එදා පටන් ගත් සමාජ ව්‍යාපාරය වසර ගනනාවත් අප බාල සහෝදරයින් පවත්වා ගෙන ගියත් අද එය දියවි ගොස් ඇත.

1975 වසර වන විට ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමේ අපේ පරම අරමුන විනි.  1977 ධාර්මිෂ්ඨ සමාජය බිහිකිරීම උදෙසා විසේකාර කොල්ලන් කුරුට්ටන් නඩයක නඩේගුරාව ගමක් ගමක් ගානේ කදවුරු බදිමින් සපුරන ලද ඒ උවමනාව 1987 වන විට මට අප්‍රසන්න අත්දැකීමක්ව තිබු අතර මගේ සහෘදයා හැපෙමින් ගැටෙමින්  එහිම රැදී සිටියා යයි මම සිතමි.

2024 වන විට මගේ දේශපාලන කෝනයෙන් ඔහුු මගෙන්  බොහෝ ඈත්වී සිටින්නෙක් බවට පත්වී සිටියේය.

එහෙත් මා ඔහුගෙනුත් ඔහු මගෙනුත් ඈත්වුයේ නැත

නිතර නිතර කතා බහ කලත් දේශපාලන සංවාදයන්ට පැටලීම මම උවමනාවෙන්ම මග හැරීයේය.

මා  දැක්කේ පැට්රික් අයියා සමාජයෙන් සහ තම පවුලෙන් ලත් පීඩිත අත්දෑකීම් විසින් මුවහත් කර ,  එයට ගැලපෙන දේශපාලන සිතිවිලි සමග මං මුලාවට පත්වු බවක් ලෙසය.

බෙලිහුල්ඔයට අසීමිතව පෙම් කල පැට්රික් අයියා බෙලිහුල්ඔයෙන් වෙන්ව දශක තුනක් පමනවු කාලයේ නැවතත් බෙලිහුල්ඔයට පැමිණියේ නැත.

ඔහුගෙන් විමසුවිට ඒ තැන කතාකිරීමට උනන්දුවක් දැක්වුයේද නැත.

දෑඩි ආගම් භක්තිකයෙකුවු පැට්රික් අයියාට ආගම සැනසිල්ලකට හේතුවිය.

ප්‍රාර්ථණය කරනා පරිද්දෙන් මෝක්‍ෂ සුව අත්වෙන බව ඒකාන්තය.




A day in the life 
ජීවිතයෙන් දවසක් .