පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-06-14

සබරේ පහරදීමක්




සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යොෂ්ඨ උත්තමයින් හතර දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ගන්න සීමාවේ තියන්න පහර දීලා.

හේතුව සිසුවියකට නවක වදය දීම.

සීමාව ඉක්මවා නවක වදය දීමත් වැරදියි නේ ?.

පසුගිය වසර වල නවක වදය දීම හේතුවෙන් සිදුවුණු අභාග්‍ය සම්පන්න සිද්ධීන් කිහිපයක් පිලිබදව කනගාටුදායක ඉතිහාසයක් විශ්ව විද්‍යාලයට තියෙනවා.

ඒත් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි පරණ වුනත් වසරෙන් වසර එකතු වෙන ශිෂ්‍ය ප්‍රජාව අළුත්වෙනවා නේ !.

අනුරාධපුරෙ පදිංචි දියණියක සබරේට තේරීලා තිබුනා. ඈ සබරේට එන්න කොහොමවත් කැමති නැහැ. ඇයි කියලා අහපුවම හේතුව වුනේ සබරේ නවක වදය පිළිබදව තියෙන නරක ඉතිහාසය.

වධකාගාරයකට එන්න කවුද කැමති ?.

ඒ නවක වදය.

පහර දුන්න පිරිස කරලා තියෙන්නේ වැරදි වැඩක් . නීතියට පිටතින් කටයුතු කිරීම නරක පූර්වාදර්ශයක්.

ඒත් පීඩිත දැරියගේ පාර්ශවය ගැන හොයන්න බලන්න විශ්ව විද්‍යාල පරිශ්‍ර අධිරාජ්‍ය තුල නොයෙක් බලධාරීන් හිටියත් ඔවුන් නිෂ්ක්‍රීය නම් වෙන විකල්ප නැහැ.

මේ විදියට අනාගතයේදී නවක වදය නැතී කරන්න විකල්ප ක්‍රීයා මාර්ග ඇතිවුනොත් අපිට සබරේ සීමාවේ යුද්ධ පිටියක් ඇතිවනවා බලා ගෙන ඉන්න වෙයි.

නීතිය පාතාලවරුන් අතට යාම භායානකයි.

මම එහෙම කිව්වම

ගුරුවරයෙක්වු දිණුක දේශප්‍රිය මහතා කිව්වේ මෙහෙම අදහසක්.

“නීතිය වින්දිතයින්ට අවශ්‍ය ප්‍රමානයට වේගවත්ව සහ පලදායි විය යුතුයි. නැතිනම් ගහලා හිරේ යන එක හොදයි කියන ස්ථාවරය තහවුරු වෙනවා.

සාධාරණයක් ඉල්ලමින් විදවනවාට වඩා.“

විශ්ව විද්‍යාල පරිපාලනය තුල විනය නීතී තිබුනත් ඒවා ක්‍රීයාත්මකවිම මන්දගාමී බවයි එතුමාගේ අදහස.

සමනල වැව පොලිසිය තියෙන්නෙත් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල.

නවක වදය වැනි සම්ප්‍රදායික විශ්ව විද්‍යාල සංස්කෘතියකට එරෙහි වන්න විවි පරිපාලනයෙන් ඇනවුමක් නැත්නම් පොලිසියට වෙන්නේ බලාගෙන ඉන්න.

හිංසනයෙන් තොර වදයක් වන්නේ නම් එය යහපත් කටයුත්තක් ලෙසයි මීදුම දකින්නේ.

විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂක වරයෙකු වන පී.ජී. ආරියපාල මහතා දක්‍ෂ පරිපාලන නිලධාරියෙක්.

එතුමා “විශ්ව විද්‍යාල පාලකයන්ගේ දුර්වලතාවයක් ලෙස තමයි මෙහෙම වෙන්න හේතුව “ කියන්නේ පරිපාලන අත්දෑකීම් ඇති නිසා.

මටත් හිතෙන්නේ පරිපාලනය මන්දගාමී ස්වරූපයෙන් මෙවැනි සිද්ධීන් වලට ප්‍රතිචාර දක්වන්නේ කියලා.

එහෙම වුනාම වින්දිතයන් කළකිරෙන එක ස්වභාවිකයි. අවට පදිංචි කරුවන් වේ

නම් බාහිරෙන් ප්‍රතිචාර ලැබීමත් අනිවාර්යයි.

විශ්ව විද්‍යාලයට එන්නේ රටේම අධයාපනය ලබන දරුවනගෙන් බුද්ධිමත්ම කොටස.

අපි කියන්නේ විද්‍යාර්ථීන් කියලා. විද්‍යාර්ථීන් දැන් පාලනයට බැහැලා ඉන්න කාලයක් .

එවන් රට මෙහෙම දේවල් සිද්ධ වෙන එක නම් අභාග්‍යයක්.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-13

සාරධර්ම රකිමු.




පල්ලේගම හාමුදුරුවන්ගෙන් සලේට මාරුවුනා.

දැන් පෙන්වනවා  “ සලේ “.

අපි දවසින් දවස අසහනයට පත්වෙමින් ඉන්නවා.

කාර් එකක් ගන්න ලොකු හීනයක් තිබුනා.

ලක්ෂ 19 ට විට්ස් එකක් කොහොමත් 2015  ලක්ෂ විසිපහ හමාරකට ගත්ත වැගන් ආර්  එක අද ලක්ෂ අසූවයි කියනවා

දැන් හීනයක්ම විතරමයි.

පරණ එකේම යනවා.

පාලකයින් ගේ වැරැද්ද  ?. නැත්නම් කයියේ වැරද්ද ද හිතා ගන්න බැහැ.

දිට්වා ආවා.

හදිසි වුන පාර “එක ටකරමකටත් ලක්‍ෂ දහයක් ද කොහෙද දෙනවා කිව්වා.

කටට එන වචන ඔහේ දමලා ගහනවා.

ආයේ ඇදලා ගන්නත් බැහැනේ.

ජනතාව කෝචෙක් කරනවා.

අර හොරණ වියපත් දෙමව්පියන් නවාතැන් ගෙන රැක බලාගත්ත වැඩිහිටි නිවාසයක් මොකක්දෝ අහේතුවකට ගිණි ගත්තා. වැඩිහිටියෝ පිරිසක් ගින්නට බිලි ගත්තා.

පස්සේනේ මතක් වුනේ ප්‍රමිතිය හොයන්න..

එතකොට කාලේ ඉකුත් වෙලා.

ජනාධිපතිවරයා කියනවා වැඩිහිටි දෙමව්පියන් රැක බලාගන්නේ නැති දූ දරවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් අණපනත් හදනවා කියලා.

ඒකත් කඩදාසිය ලිපේ දැම්මා වගේ ප්‍රකාශයක් වෙයි ද කියලා හිතුන මම වටේපිටේ තොරතුරු හෙව්වා.

දැඩි ආගමික හැදියාවක් තියෙන අපේ රටේ ……

බෞද්ධ , කතෝලික වගේම වෙනත් ආගම් කියා දෙනවා වැඩිහිටියන්ට සලකන්න ඕනි කියලා පොඩිහිටියන් කාලේ ඉදන්ම.

ඒත පොඩිහිටියෝ උස් මහත් වෙලා වගකීම්දරන්න වෙන කොට වැඩිහිටියෝ බරක්..

ඒවගේ නීති ඕනවුන එක කම්පාවට හේතුවක් කියලයි මම හිතන්නේ.

දරුවන්ට දෙමව්පියන් රැක බලා ගන්න සදාචාරත්මක වගකීමක් තියෙනවා.


වයෝවෘධ දෙමව්පියන් අත්හැරදැමීම වැලක්විය යුතුයි. ඒත් එහෙම සිද්ධ වෙනවා.ඒකට හේතු කුඩුම්බය තුලින්ම ඇති වෙනවා. ආර්ථික ප්‍රශ්න , පවුලේ ප්‍රශ්න තමන්ගේ තරමට දෙමව්පියන් නොගැලපීම ඔය ගේ විවිධ කාරනා දෙමව්පියන් නොසලකා හැරීමට හේතු වෙනවා.


සිංගප්පූරවේ  තියෙනවා Maintenance of parents act .මෙම නීතිය මගින් දෙමව්පියන්ට තම වැඩිහිටි දරුවන්ගෙන් නඩත්තු ඉල්ලන්න අධිකරණ පිහිට පැතිය හැකියි.

මානව හිමිකම් සංවිධාන සහ නීති විශාරදයන්.එවැනි නීතිවලට ඉදිරිපත්කරන තර්ක අසරන වන වයෝවෘද්ධිකයන්ට හාණිකරයි. 

වයෝවෘද්ධ දෙමව්පියන් රක බලා ගැනීමට නීතිය මගින් බලපෑම් කිරීම වෑඩිහිටි පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිත තීරණ ගැණිමේ නිදහසට බලපෑම් ඇතිවිය හැකි බවට ඔවුන තර්ක කරනවා.

එක අතකින් එහි සත්‍යතාවයකුත් තියෙනවා.


සියළුම දෙමව්පියන් යහපත් දෙමව්පියන් නොවන බව පලකරන අදහස තුල 

ළමා වියේදී හිංසණය , අපයෝජණය, හෝ අතහැරදැමීම් සිදුකල දෙමව්පියන්ටත් එම නීති යටතේ වාසි ලැබිය හැකි බව, පෙන්වා දෙනවා.

සහර දරුවන් ආර්ථිකව දුර්වලව තම පවුල රකින්නන් එවැනි 

දරුවන්ගේ  ආර්ථික හැකියාව නොසලකා නීතිමය වගකීම් පැනවීම අසාධාරනයි කියලා හිතෙනවා.

නීති රීතිවලට වඩා සාරධර්ම රැකීම හොදයි කියලයි මට හිතෙන්නේ.



A day in the life 
ජීවිතයෙන් දවසක් .