පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-07-03

අපේ කඳුලුත් චෙම්මිනි මිනී වලේ දරුවා වෙනුවෙන් බාර ගන්න..




“චෙම්මිනී සමුහ මිනී වලේ දරුවාට වැටෙන  කඳුලු..”
ගෝනගලදී, 
බක්මිටියාවේදී,
බක්කිඇල්ලේදී,
මහකෝන්ගස්කඩදී,
ගෝමරන්කඩවලදී,
මහරඹේකුලමදී,
බෝගමුයායේදි,
දෙටුවැවදී,
සිංහපුරදී,
බොරවැවදී,
දම්මින්නදී,
වාන්ඇලදී,
බණ්ඩාරදූවේදී,
පේරවැල්තලාවේදී,
හලඹවැවදී,
ඇතිමලේදී,
නියදැල්ලේදී,
වැලිගහකණ්ඩියේදී,
ලාහුගලදී,
අරන්තලාවේදී,
කෝන්වැවදී,
ජනකපුරදී,
කල්ලරාවේදී,
මංගලගමදී,
පානමදී,
ඉඟිනියාගලදී,
වැලිකන්දේදී,
කැබිතිගොල්ලෑවේදී,
කිරිමැටියේදී,
මහගොඩයායේදී,
ඔක්කම්පිටියේදී,
⁣ඩොලර්ෆාම්වලදී,
කෙන්ට්ෆාම්වලදී,
කෝකිලායිවලදී,
විල්පත්තු සිංහල ගම්මානයේදී,
දෙහිවත්තේදී,
නාමල්වත්තේදී,
සේරුනුවරදී,
මහදිවුල්වැවදී,
අඬන්කුලමේදී,
විල්ගම්වෙහෙරේදී,
මොල්ලිපොතානේදී,
වඩිගවැවදී,
දමන ගම්මානයේදී,
කඩවත්මාඩුවේදී,
ගොඩපොත්තේදී,
තරාවී ගම්මානයේදී,
සාගරපුරදී,
ගන්තලාවේදී,
ඇල්ල කන්තලේ සිංහල ගම්මානයේදී,
දේවාලගොඩැල්ලේදී,
මොරවැවදී,
ගල්මිටියාවේදී,
කිවුල්කඩේදී,
දීඝවාපියේදී,
පාඩුකුලමේදී,
වේවැල්කැටියේදී,
මීගස්වැවදී,
එදාවැටුනුවැවදී,
අම්පාර 16 කොලනියේදී,
තව බොහෝ තැන්වලදී,
කපාකොටා,වෙඩි තබා,කැබලි කර, චප්ප කර,පොලොවේ ගසා මරා දැමූ සිය ගනන් සිංහල දරුපැටවුන් වෙනුවෙන් වැටෙන්න උවමනා නෑ..එහෙම කඳුලක් කවදාකවත් වැටිලත් නෑ..මින් මතු වැටෙන්න උවමනාවකුත් නෑ..සිංහලයන් වෙනුවෙන් එහෙම අනුකම්පාවක්  ඉතිහාසයෙන් ලැබිලා නෑ..
අපි නිහඬවම ඒ සිංහල දරු පැටවුන් සහ මවුවරුන් පෝලිමට වලදැමුවා..දැන් උන් නිහඬවම මහපොලොවට පස් වෙලා ඇති..උන් වලදාපු තැන් කාටවත් මතක නැතිවත් ඇති..කිසිම අවශේෂයක් ඉතිරි නොකර මැකිලාම ගිහින් ඇති..
අපේ කඳුලුත් චෙම්මිනි මිනී වලේ දරුවා වෙනුවෙන් බාර ගන්න..

 

-මාලින්ද ඩයස්-
A day in the life

2025-07-02

සෙම්මිනි අවාසනාව


මෙම වියමන උතුරේ දරුවෙකු විසින් මට “ අංකල් බලන්නකෝ” යන ඇමුනුමත් සමග යොමු කර තිබිනි.
“ දකුනෙත් 88 - 89 සිදුවුනේ මෙයමයි.” මම පැවසුවෙමි.
යුද්ධය මට නම් අර්ථ ගන්වන්නේ මුහුණට මුහුණ ලා සටන් කරන්නකි.
දැන් යුද්ධය වෙනස් වෙලාය.
සතුරා කවුදෑයි හදුනා ගන්නේ විවිධ නිර්නායකයන් මතය.
මේ පරීක්ෂණ අසරණ මිනිසුන්ගේ ජීවිත අවසන් කරන්නේ අවාසනාත්මක අයුරින්ය.
උතුරේ දකුණට ඇති විරසක බව කෙසේ සමනය වන්නේ දැයි පහත උදෘතයත් සමග හිතන්න.
මට නම් ඇත්තේ මහත් කල කිරීමක්ය.
දෙපාර්ශයම විනාශ කර ඇත්තේ ජීවිතයන්ය…………..