පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-07-01

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ.




ඔය පිස්තෝල දීපු කතා, ගිනි තියපු කතා සිදුවෙනකොට එක්කෝ අපි පොඩි ළමයි, එක්කෝ අපි නූපන් අය.
ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය ගැන (1948-2022) කියවගන්න තියෙන මූලාශ්‍ර ගොඩක් එක එක්කෙනාගේ දෘෂ්ටිකෝණ වලින් බලලා ලියපු ඒවා මිසක්, මධ්‍යස්ථ ඒවාම නෙමෙයි. ඒ නිසා අලුත් පරපුර බොහෝ අය දිහා බලන්නේ වෛරයෙන්. ඒක ඉතා නරක තත්වයක්.
ඒත් 2001දී පත්වුණු පාර්ලිමේන්තුවෙන් පස්සේ එවකට උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකු (දැන් ඉන්න බයි/ජෙබයි වගේ) වුණු එක්තරා පුද්ගලයෙකුගේ වීර කතා වලින් තමයි මම ගාමිණී ලොකුගේ ගැන අහගත්තේ. එතකොට පොඩි ළමයෙකු වුණත් මම තේරුම් ගත්තා ඒ මනුස්සයා නම් ඒ තරම් හොඳ මිනිහෙකු වෙන්න බැරි බව. ඒත් පාක්ෂිකයාට ඔහු වීරයෙක්.
එවකට නිදහස් පක්ෂය මූලික සන්ධානයේ හිතවාදීන් මේ මනුස්සයාට ඇඟිල්ල දිගුකරමින් කිව්වේ, "අහවලා මැරුවේ මූ ය, අහවල් මැර වැඩේ කළේ මූ ය", වගේ කතා. 2007 වර්ෂය ආවා. එතකොට මම යෞවනයෙක්.
ඔන්න ගාමිණී ලොකුගේ බල්ටියක් ගහලා මහින්ද රාජපක්ෂ ළඟට පැන්නා. ඊටපස්සෙ මොකද වුණේ? අර නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ (බැන බැන හිටපු) අයට ගාමිණී ලොකුගේ ආණ්ඩුවට ආපු එක මාර හයියක් වුණා. "මෙහෙම උනුත් ඉන්න ඕන, නැත්නම් ගම කන්ට්‍රෝල් නෑ", කියපු අයත් හිටියා. පිළියන්දල, කැස්බෑව, හොරණ පාතාලේ තද වුණා. කට්ටිය රස්සා ඉල්ලන්න ලියුම් අරගෙන ලොකුගේලගෙ ඔෆිස් ඉස්සරහ කැඹිරුවා. අපි එහෙම කළේ නෑ. අපේ ආඩම්බරය ඒක.
ඒත් එහෙම හිටපු නිසා අපි බැනුම් ඇහුවා. පොඩි පුතාලගේ අරගල වලට කලින්, 2007/08 ඉඳලා දූෂණයට භීෂණයට විරුද්ධව හිටගත්තු මම වගේ පොඩි කොල්ලන්ට නිදහස් සන්ධානේ පාක්ෂිකයන්ගෙන් "දේශද්‍රෝහීන්" කියලා අහගන්න වුණා.
ඊළඟට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවො ටිකෙන් ටික ගාමිණී ලොකුගේ කරපු වැරදි හෙළිකරන්න පටන් ගත්තා. වීරයා කරපු අයම ලොකුගේව ද්‍රෝහියා කළා. ඒත් ලොකුගේ වැටුණේ නෑ. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකම් දරන ගමන්ම ඔහුගේ දේශපාලන ගමන ඉස්සරහට ගියා. සන්ධානය ඔහුව රැක්කා. අපි දිගටම බැනුම් ඇහුවා.
අද 2025 ජුනි. ගාමිණී ලොකුගේ අන්තරා වෙලා. ඉස්සර ලොකුගේව රැකපු දෙපාර්ශවයටම දැන් ගාමිණී ලොකුගේව පේන්න බැරිවෙලා. ඔහුගේ දූෂණ, වැරදි ගැන බරටම කතාවෙනවා. ඔහුගේ මරණයට විහිළු කරනවා. සතුටු වෙනවා.
මරණයක් අයිති වෙන්නේ සොබාදහමට. මම කිසිම මරණයකදී කිරිබත් කෑවේ නෑ. මම කිසිවෙකුගේ මරණයට හිනාවෙන්නේ නෑ. ඒක ලෝක සාරධර්ම වලට පටහැනියි. ඒත් ලොකුගේගේ කාර්යාලය ඉස්සරහ ලියුම් අරගෙන හිටගෙන හිටපු දෙමව්පියන්ගේ දරුවන් මියගිය ලොකුගේට හිනාවෙනවා.
මේක ඇතුළේ ලොකු පණිවිඩයක් තියෙනවා. 
දේශපාලකයන් ගැන නෙමෙයි, අපේ රටේ මිනිස්සු ගැන.
- අසංක හදිරම්පෑල.

A day in the life

2025-06-30

මී තෙල්





නීරෝගී දිවිපෙවෙතක් හිමිකරගෙන ආයුෂ වැඩිකරගැනීමට ඔබත් කැමතිද?

එසේනම් අද අප ඔබට ගෙන එන්නේ අද අපේ රටේ අපට හමුවන පරිසර හිතකාමි ශාක අතර මුල් තැනක් ලබාගන්නා දේශීය ආහාර රටාවත්,දේශීය වෙදකමත් කෘෂිකර්මාන්තයත් සමග අපූරු බැදියාවක් ඇති ජාතියේ පොහොර ගස,විශ්ව සර්ව රෝග නාශකය ලෙස හදුන්වන පංචාංගයම ප්‍රයෝජනයට ගත හැකි මී ගසෙන් ලබාගන්නා මී තෙල් පිලිබදවයි.

ප්‍රථමයෙන්ම මී ගස පිලිබදව සැලකුවහොත් මී ගසේ කොල, පොතු, ගෙඩි,මුල්,මල් ආදී පංචාංගයම ප්‍රයොජනවත් ශාකයක් වන අතර එකල රජ සමයේ මී ගසක් කැපූ පුද්ගලයෙකුට හිමිවූ දඩුවම වන්නේ මරනයයි.ඒ තරම්ම වටිනාකමක් එකල මෙම මහගු ශාකයට ලැබිණ.

අතීතයේ පටන් ගොවියා මෙය තම ගොවිතැන් කටයුතුවල සගයෙකු ලෙස සැලකූ අතර පළිිබෝධ පාලනය සදහාද යොදාගන්නා ලදී.මීට අමතරව කොල දිරපත්වීමෙන් පසට එකතුවීමෙන් පස ඉතාසරවත් වේ.දහවල් කාලයේ මෙන්ම රාත්‍රි කාලයටද ඔක්සිජන් පිටකරන මෙම ශාකය දිව්‍යමය ගුන ඇති සොබදහමේ අපූරු නිර්මාණයකි.

මී ගසේ ඇති ප්‍රයොජනවලින් බිදක්:-

*මීතෙල් ආයුර්වේදයට අනුව එන පස්තෙල් වලින් එකක් වන අතර කැඩුම් බිදුම් වෙදකම් සදහා බහුලව යොදාගනී.
*මීතෙල් යොදා ආහාර පිසීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගත හැක.
*බඩ වේලිමට මීතෙල් මහගු ඔසුවකි.
*ශරීරයේ ස්නායු ශක්තිමත් කර ප්‍රකුර්තිමත් කරයි.
*අර්ශස් රෝගය සදහා මීතෙල් වලින් පිසූ ආහාර ඉතාගුණදායී වේ.
*සමේ ඇති දද කුශ්ට සදහාද මී තෙල් ආලේප කරයි.
*ඇගපතේ වේදනාවක් ඇති විට මී තෙල් ආලේප කිරීමෙන් ඉතා ඉක්මනින් සහනය ලැබේ.
*සන්ධි වල ඇතිවන වේදනාවන් කැක්කුම් සදහා මීතෙල් ලෝහ හැන්දකට ගෙන මදක් රත්කර ආලේපයෙන් සන්ධි වේදනාව සමනයවේ.
*නිවසේ කරදරකාරී මීයන් පලවාහැරීමට නැකතක් බලා මී පොතු නිවසේ ඒ ඒ ස්ථාන වලින් තැබීමෙන් මියන් පලවාහැරිය හැකි බව ගැමි මතයයි.
*සෙම ගතියක් ඇතිවිට මී පොතු කුඩුකර කෝපිමෙන් පානය කල හැක. නැතහොත් කිරි සමග මිශ්‍ර කර පානය කල හැක.
*විදුරුමස් දියවීම, මුඛයෙන් ලේ ගැලීම, මුඛදුර්ගන්ධය, සෙම්ප්රතිශ්යාව වැනි රෝග සඳහා මී මැස්සන් ගුණදායකවේ. දිනපතා එකම කසායකින් මුඛය සේදීමෙන් මෙම සියලු රෝග සුව කර ගත හැකිය.
*මී මැස්සන් කුඩු කර සමට ආසාත්මිකතාවයක් ඇති ස්ථානවල ආලේප කරන්න.
*ගැහැණු රින්ගේ පයිර් ප්රජනන පද්ධතිය මී පැණි ආශ්රිත රෝග සඳහා භාවිතා කළ හැකිය. මී පැණි මල් තම්බා මිරිකා මී පැණි සාදා ගත හැකිය.
*තම්බන ලද සරම්ප සහ පානය ආමාශය ආශ් රිත රෝග සුව වේ.
*හෘද රෝග ඇති හෝ නැති ඕනෑම කෙනෙකුට කසාය ලෙස මී පැණි තම්බා පානය කිරීම හොඳය.
*ගොවිබිම් මී ගස්වල පලතුරු කන්න එන වවුලන් කුඹුරු වලට වැටෙන නිසා කුඹුරු කඩා වැටෙනවා. 
මෙම පැටවුන් ගිනි පෙට්ටියක ප්‍රමානය යූරියා කිලෝ ග්රෑම් 3 ක් අඩංගු වේ.

දේශීය ගෘහණියන් මී මැස්සන්ගෙන් මී පැණි ගෙන භාජනයක තම්බා සාස්පාන් එකකට වත් කරන්න.
පැණි තෙල් වල:-

* ඔලෙයික් අම්ලය 45%
* සිට් රියෝන් අම්ලය 18% කි
* ලිනෝලියන් 14% ක් බව පර්යේෂණ වලින් තහවුරු වේ.
දැන් සෘජුව හා වක්‍්‍රව අපි පොල්තෙල් භාවිතා කරන විට ඔබට මී තෙල් භාවිතා කළ හැකිය.
වර්තමානයේ, සමහර බටර් සහ මාගරින් නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා මී පැණි තෙල් භාවිතා කරයි.

මී ගහක් මේක කියවනවා දැකලා තියෙනවද? 
අපි ඉන්නේ ෆාමසියකින් පැණි තෙල් කුප්පියක් ගන්න තැනට. මෙයට හේතුව මෙම වටිනා ශාක අප විසින්ම විනාශ කර ඇති බැවිනි.
එවැනි පැළයක් සිටුවිය හැකි නම් එය අපට හොඳ පිටුවහලක් වනු ඇත. එසේ නම්
ඔබ අද මී ගසක් රෝපණය කර අනාගත ජාතියට ඔබේ වටිනාකම ලබා දීමට වග බලා ගන්න. එවිට ඔබත් පූර්ණ මිනිසෙකු බවට පත්වනු ඇත.

උපුටා ගැනීම 
ජීවිතේ දවසක්