පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-06-29

දුරකතනයේ සිග්නල්







1. ඔබේ දුරකතනයේ පෙන්වන සිග්නල් බාර් (signal bars) දළ අදහසක් ලබා දුන්නත්, එය නිවැරදිම මිනුමක් නෙමෙයි. වඩාත් නිවැරදි මිනුමක් තමයි dBm (decibel-milliwatts) අගය. මෙය සෘණ අගයක් වන අතර, -50 dBm යනු ඉතා හොඳ සංඥාවක් වන අතර, -120 dBm යනු ඉතා දුර්වල සංඥාවක් (සම්පූර්ණයෙන්ම සංඥා නැති තරම්) වේ.
ඇන්ඩ්‍රොයිඩ් (Android)
දුරකථන සඳහා
Settings (සැකසීම්) වෙත යන්න.
About Phone (දුරකථනය ගැන) හෝ About Device (උපාංගය ගැන) තෝරන්න.Status (තත්ත්වය) හෝ SIM status (සිම් තත්ත්වය) තෝරන්න.
Signal Strength (සංඥා ශක්තිය) හෝ Cellular Signal Strength (ජංගම සංඥා ශක්තිය) යටතේ ඔබට dBm අගය දැකගත හැකියි. (සමහර දුරකථන මාදිලිවල මෙය සොයා ගැනීම තරමක් වෙනස් විය හැකියි. ඔබට "Field Test Mode" යෙදුමක් හෝ විශේෂ කේතයක් අවශ්‍ය විය හැකියි.)
අයිෆෝන් (iPhone) සඳහා
දුරකථන යෙදුම විවෘත කරන්න.
*3001#12345#* අංකය අමතන්න.
මෙමගින් "Field Test Mode" විවෘත වේ. මෙහිදී ඔබට Rsrp (Reference Signal Received Power), Rssi (Received Signal Strength Indicator) වැනි අගයන් දැකගත හැකියි. මේවා dBm අගයන් වන අතර, සංඥා ශක්තිය පෙන්නුම් කරයි.
ඔබේ නිවසේ විවිධ ස්ථානවල මෙම dBm අගය පරීක්ෂා කිරීමෙන් හොඳම සංඥා ලැබෙන ස්ථානය හඳුනාගත හැකියි.
**************
2. ජාල ක්‍රියාකරුගේ ආවරණ සිතියම් පරීක්ෂා කරන්න (Network Coverage Maps)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන් වන Dialog, Mobitel, Hutch වැනි ආයතන ඔවුන්ගේ වෙබ් අඩවිවල ආවරණ සිතියම් (coverage maps) සපයයි.
ඔබේ ජාල ක්‍රියාකරුගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
"Coverage Map" හෝ "Network Coverage" වැනි කොටසක් සොයන්න.
ඔබේ නිවසේ ලිපිනය හෝ ප්‍රදේශය ඇතුළත් කර ඔබේ ප්‍රදේශයේ සංඥා ආවරණයේ තත්ත්වය (2G, 3G, 4G/LTE, 5G) පරීක්ෂා කරන්න.
මෙම සිතියම් මගින් ඔබේ ප්‍රදේශයට ඇති ආවරණය පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකියි.
********************
3. වෙනත් ජාල ක්‍රියාකරුවන්ගේ SIMපත් පරීක්ෂා කරන්න
ඔබට දැනට භාවිතා කරන ජාලයේ සංඥා දුර්වල නම්, වෙනත් ජාල ක්‍රියාකරුවන්ගේ SIMපත් භාවිත කර සංඥා තත්ත්වය පරීක්ෂා කිරීම හොඳම ක්‍රමයකි.
මිතුරන්ගෙන් හෝ ඥාතීන්ගෙන් වෙනත් ජාලවල SIMපත් ලබාගෙන ඔබේ දුරකථනයට දමා බලන්න.
එක් එක් SIMපත දමා ඔබේ නිවසේ විවිධ ස්ථානවල dBm අගයන් පරීක්ෂා කරන්න.
මෙමගින් ඔබේ නිවසට වඩාත් හොඳින් ක්‍රියා කරන ජාලය කුමක්දැයි හඳුනාගත හැකියි.
********************
4. නිවසේ විවිධ ස්ථානවල පරීක්ෂා කිරීම
 ජනේල අසල: ජනේල අසල සංඥා බොහෝ විට හොඳයි.
පිටත: නිවසෙන් පිටත පරීක්ෂා කරන්න. ඇතුළතට වඩා පිටත හොඳ සංඥාවක් තිබිය හැකියි.
උස ස්ථාන: නිවසේ ඉහළ මහල්වල හෝ උසින් වැඩි ස්ථානවල සංඥා හොඳ විය හැකියි.
බාධා (Obstacles) අවම ස්ථාන: ඝන බිත්ති, ලෝහ වහලවල්, ගස් වැල්, හෝ වෙනත් ගොඩනැගිලි වලින් ඈත්ව සංඥා වඩා හොඳ විය හැකියි.
*********************
5. දුරකථනයේ තත්ත්වය පරීක්ෂා කරන්න
දුරකථනයේ හානි: ඔබේ දුරකථනයේ ඇන්ටෙනාවට හෝ අභ්‍යන්තර සංරචකවලට හානි වී ඇත්නම් සංඥා දුර්වල විය හැකියි.
මෘදුකාංග යාවත්කාලීන කිරීම්: ඔබේ දුරකථනයේ මෘදුකාංගය (firmware) යාවත්කාලීන කිරීමෙන් ඇතැම් සංඥා ගැටලු නිරාකරණය විය හැකියි.
***********************
6. Wi-Fi ඇමතුම් (VoWiFi/Wi-Fi Calling) භාවිත කිරීම
ඔබේ නිවසේ දුරකථන සංඥා දුර්වල වුවත් හොඳ Wi-Fi අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබේ නම්, ඔබේ ජාල ක්‍රියාකරු Wi-Fi ඇමතුම් සේවාව සපයන්නේ නම්, එය භාවිත කළ හැකියි.
මෙය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර, ඔබේ දුරකථනය Wi-Fi හරහා ඇමතුම් සහ කෙටි පණිවිඩ යවයි.
මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබේ නිවසට ලැබෙන හොඳම දුරකථන සංඥා තත්ත්වය කුමක්දැයි ඔබට නිවැරදිව හඳුනා ගත හැක.


A day in the life

2025-06-28

තිබ්බටු




මුත‍්‍රා ගල් දිය කරන, 
රුධිරය පිරිසිදු කරන තිබ්බටු . 
 
වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට මටද අවස්ථාවක් ලැබුණි. ඔවුන්ගෙන් මෙම තිබ්බටු මාළුව සකසා ගන්නා ආකාරය දැනගත් පසු වැටහුණේ මෙම හේන් හොද්දේ සියලූ ආකාර රස ගුණ තිබූ බවය. 
 
එම තිබ්බටු මාළුව සකසා තිබුණේ මේ ආකාරයෙනි. තිබ්බටු කහ ලූණු මිශ‍්‍රකර තම්බාගෙන තිබුණේ හාල්මැස්සන් අහුරක්ද දමාය. හොඳින් තැම්බුණ පසු එය වෙන භාජනයකට අස්කර එයට පොල් තෙල් ටිකක් දමා රත්කර රතුඵෑණු කොච්චි හා කොච්චි කොළද පොල් සමඟ මිශ‍්‍ර කර පොල් වතුර දමා හොඳින් පොඩි කර තිබුණි. තුනපහ ස්වල්පයක්ද දමා කලින් තම්බා ගත් තිබ්බටු හා හාල්මැස්සන් මිශ‍්‍රණය සමඟ නැවත ලිප තබා හැන්දෙන් පොඩි කර තිබුණි. මෙය මා ජීවිතයේ ගත් ආහාර අතර අමතක නොවන ආහාරයක් වූ බව වසර 20කටත් වඩා ගතවී තිබුණද මගේ මතකයෙන් ඈත්වී නැත. 
 
අපගේ මාතෘකාව වන තිබ්බටු කන්ඨකාරිකුලය යන solanaceae ටය. තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Solanum Indicum Linn යනුවෙනි. මෙම ගසේ ගෙඩි වලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස භාවිතා කරයි. අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම්ය. සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලය. වාතය හා සෙම සමනය කරන ගුණ පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගනී. 
 
ආහාර පරිපාචන ක‍්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් පණුවන් නැසේ. ආහාර රුචිය ඇතිකරයි. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය අඩු අයටද, ග‍්‍රහණී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුය. හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇත. රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ ඉදිමුම නැති කරයි. 
 
නරක්වූ කුපිත වූ සෙම ඉවත් කිරීමේ ගුණය ඇති අතර ස්වාස රෝග අවස්ථා වලදී හුස්ම ගැනීම පහසු කරවයි. කැස්ස ප‍්‍රතිශ්‍යාව, ස්වර භේද හෙවත් උගුර බැරැන්ඩිය ඇතිවිටද හික්කා රෝගින්ටද ආහාර පිණිස ගැනිම සුදුසුය.
මුත‍්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය. 
එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය. 
යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි. වාජීකරණ ගුණය ඇති නිසා තරුණ වියේ සිට නිතර ආහාරයට ගැනීමෙන් කාම ශක්තිය වැඩි වෙයි. 
 
ඇට චූර්ණය නස්‍ය කිරීමට වෛද්‍යවරු භාවිතා කරයි. කාමලා රෝගයටද, ග‍්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත‍්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම,තිබ්බටු ගෙඩි ඉස්ම, අමුකහ ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, කිතුල් හකුරු, කිතුල්පැණි හා මිශ‍්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත. 
 
මේ ආදී ඖෂධමය හා ආහාරමය ගුණ පිරි තිබ්බටු ග‍්‍රෑම් 250ක මිල ගැන බැලීමේදී පවා වගාකිරීමෙන් ආර්ථිකමය වටිනාකමක්ද වැඩි ශාකයකි 
 
උපුටා පලකලෙමි 
ස්තුතියි -- K.K ශ්‍රියානි මහත්මියට 

A day in the life