පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-06-21

හත්දා මගුල්


හත්දා මගුල් කනවා කිව්වට
ඒ මඟුල් මොනවද කියලා හරියටම දැනන් හිටියෙ නැහැනෙ.
ඔන්න මේ ලිපියෙන් දැනගමු ඒ තොරතුරු .

1 - නැකත් භාර කරවීමේ මගුල,

මනාල පාර්ශ්වය විසින් මඟුල් තුලාව සඳහා නැකත් සෑදූ පසු ඒවා මනාලියගේ පාර්ශ්වයට ගෙන ගොස් භාර දීම උත්සවාකාරයෙන් සිදු කරයි එය පළමු දින මගුලය.




2 - මගුල් කීමේ මංගල්‍යය,

මංගලෝත්සවයට ආරාධනා කිරීම සඳහා දෙපාර්ශ්වයේ මාමාවරුන් ගේ නිවෙසට යන දෙපිරිස සඳහා එම මාමාවරුන්ගේ නිවස් වල ආහාරපාන සහිතව උත්සවාකාරයෙන් සූදානමක් කරයි.
එය දෙවැනි දින මගුලයි.

3 - තෑගි දෙන මගුල,

මනාල පාර්ශ්වය විසින් මඟුලට උවමනා යම් යම් දේ මනාලියගේ දෙමව්පියන්ට සහෝදරයන්ට සහ මනාලියට උත්සවාකාරයෙන් ගෙන ගොස් භාර දෙයි එය තෑගි දෙන මගුල නොහොත් කත් තියන මගුල ලෙස කියති.





4 - පෝරුවේ නඟින මගුල,

චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළ නීත්‍යානුකූලව විවාහය සිදුවී පෝරු මස්තකාරූඪ වන්නේ මෙම දිනයේදී..මනාලියගේ පාර්ශව වෙත මනාල පාර්ශ්වය පැමිණීම මෙහිදී සිදුවේ.

5 - මහා මගුල නැතහොත් මහ ගමන යෑම,

මනාලියට දිය යුතු තෑගිබෝග දෑවැදි සහිතව දීග විවාහයකදී මනාලියගේ පාර්ශවය මනාල නිවසට උත්සවාකාරයෙන් පැමිණේ.

6 - දංකුඩ ගෙන යාමේ මගුල,

දිනකට පසුව මනාලියගේ සමීප ඥාතීන් අතහැරුනු මගහැරුණු තෑගි බෝග රැගෙන මනාලයා සහ මනාලිය ජීවත්වන නිවසට ගොස් සතුටු සාමීචි කර පැමිණේ මෙම මඟුලට දෙමව්පියන් සම්බන්ධ නොවේ බොහෝවිට තරුණ සහෝදර- සහෝදරියන් යහළුවන් විසින් යයි .
අදටත් දකුණු පළාතේ ඇත.

7, ඉසි දිය මගුල,

ලිප ගිනි තියන මගුල මේ දෙකම හෝ එකක් භාවිතවේ.

මූලාශ්‍රය නම් ජනශ්‍රැතිය වේ...

අදටත් පැරණි ජෝතිෂ්‍යවේදීන් මේ සත් දින මගුල් සදහා නැකත් සාදවා දෙයි,මෙම සද් දිනයටම කිරිබත් සෑදීම කැවුම් සෑදීම පහතරට වෙරළ බඩ නම් මාළු ඇඹුල්තියල් කිරීම වැනි මංගල සම්මත යැයි කරුණු කරයි..

හෙළ සිරිතට අකුරටම දෙමාපියන් ඥාතීන් ගේ කැමැත්ත පිට ගෞරවාන්විතව මංගල්‍යය කරනවා කියන එක තමයි හත් දවසක් මගුල් කනව කියන්නෙ
.












A day in the life

2025-06-20

අදු - Eryngium femidom L.




• 
නම: අඳු

• විද්‍යාත්මක නම: Eryngium femidom L.

• පවුල: APIACEAE.

• සමාන පද: අඳු
• ඉංග්‍රීසි නම: Common Sweet Basil
• දෙමළ නම: අප්රකටය.
• සංස්කෘත නම: අජ්ජක, අර්ජක
• භාවිතා කළ හැකි කොටස් : සම්පූර්ණ පැළෑටිය ම
• උප විශේෂ: E. foetidum
• දෝෂ කර්ම: කඵ වාත ශාමකයි.
• ගුණ කර්ම:
රස - මධුර, කෂාය ගුණ - ලඝු, ස්නිග්ධ වීර්යය - උෂ්ණ විපාක - මධුර

• රසායනික ගුණ:
Tanin , Saponin, Caffeic acid, Flavonoids. කැල්සියම්, යකඩ, කැරොටින් සහ රයිබොෆ්ලැවින් අඩංගු වෙයි.


• චිකිත්සක භාවිතයන්:

අතීසාර, සර්ප දෂ්ඨ, ක්‍රිමි රෝග. පිළිස්සුම් තුවාල, කන් රෝග, උණ රෝග, අධික රුධිර පීඩනය, මල බද්ධය, ඇදුම, බඩේ රුදාව වැනි රෝගවලට මෙන්ම පනු රෝගවලට, සර්ප දෂ්ඨවලට පාචනය හා මැලේරියාව වැනි රෝගවලට භාවිතා කරයි. මීට අමතරව අපස්මාරයට, වමනයට, හිසරදයට, ආතරයිටීස් හා ගෝනුසු විෂට ද ඉතා හොඳ ඖෂධයකි. අඳුකොළ පැළෑටිය වේදනා නාශක ගුණයෙන් හා ආත්මය සංසුන් කරවන ගුණයෙන් ද යුත් දිව්‍යමය පැළෑටියකි.

• වෙනත් භාවිතයන්

: මදක් දුර්ගන්ධයක් සහිත නිසා සර්පයන් එලවීම සඳහා ලංකාවේ භාවිතා කරන මෙම ශාකය ඖෂධීය වටිනාකමක් සහිත ශාකයකි. ආහාරමය වටිනාකමක් පවති. අඳුකොළ නාගයින් අකමැති දෙයක් ලෙස අතීතයේ සිටම පැවත එන්නකි. ‘නයාට අඳුකොළ වැනිය’ යන කියමන පටබැදුනේ ද එනිසාය. නමුත් නාගයා අඳුකොළ උඩ දරන ගසා සිටිනු දැකිය හැක. නයා අකමැති වන්නේ අඳුකොළ පොඩි වූ විටය. අඳුකොළ පොඩි වූ විට එයින් නිකුත් වන සුවඳට නාගයින් අකමැතිය. එනිසා අඳුකොළ පොඩිකර නයි සිටින ස්ථානවලට දැමීමෙන් නයින් පලවා හැරිය හැක. නයි මුගටි සටනින් පසුව මුගටියා අඳුකොළ කා විස නසා ගන්නා බවද පුරාන පොත පතේ සඳහන් වේ.

• ව්‍යප්ත වී ඇති ප්‍රදේශ:

ලංකාව, ඉන්දියාව නේපාලය ඇතුළු බටහිර ඉන්දීය කොදෙව්හි, විශේෂයෙන් කැරිබියානු සහ කොරියාවේ බහුලව භාවිතා වේ

• වෙනත් භාවිතයන්:

උද්‍යාන අලංකරණයේදී, විදේශීය රටවල් වල ඉහළ ඉල්ලුමක් සහිත ශාකයක ලෙස දැක්විය හැක. කොළ සඳහා ඇමරිකා එක්සත් ජනපදයට විශාල ඉල්ලුමක් ඇති අතර විවිධ සුපිරි වෙළඳපොලවල පවා විකුණනු ලැබේ.

• වෙනත් රටවල භාවිතයන්: තායිලන්තය , මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල ඉතා ජනප්‍රිය වන අතර මෙම රටවල වෙසෙන ජනතාව එය සලාද, සුප් සහ වෙනත් මස් නිෂ්පාදනවල රසකාරකයක් ලෙස භාවිතා කරයි. මස් මාංශ සහ අනෙකුත් ආහාර රස ගැන්වීම සඳහා රසකාරකයක් ලෙස භාවිතා කරයි. එය චට්නි, මස් කෑම, සෝස්, කල් තබා ගැනීම සහ සුලු කෑම වල කුළුබඩුවක් ලෙසත් භාවිතා කරයි.

• වෙනත් විස්තර:

පඳුරු වශයෙන් සෑදෙන පැළෑටියකි. උස සෙ.මී. 20-80 ක් පමණ වේ. පත්‍රය ඉලිප්සාකාර වන අතර පත්‍ර දාරය දැති සහිත අක්‍රමවත් ය. පත්‍රයේ මැද නාරටිය පැහැදිලි ය. පත්‍ර නාරටියේ පැහැය අනුව ළා කොළ පැහැති හා දුඹුරු පැහැති වශයෙන් ප්‍රභේද දෙකකි. පත්‍රය සෙ.මී. 3-5 පමණ වේ. පත්‍ර තලය දිලිසෙන සුළු ය. පත්‍රයේ සගන්ධ තෙල් සහිත ග්‍රන්ථි වලින් යුක්ත වේ. පුෂ්ප මංජරියකි. සුදු පැහැති ය. ඵලය ස්ඵෝටකයකි. කුඩා ය. පොකුරක් ලෙස සැකසී ඇත.

• වෙනත් වගතුග: ලංකාවේ ජනප්‍රිය නැති උනත්, වියට්නාමයේ "කොත්තමල්ලි කොල" නැත්නම් "මෙක්සිකන් කොත්තමල්ලි" (Mexican Coriander) කොල කියන්නේ මේ අඳු කොල වලට කිව්වොත් ඔබ පුදුම වෙයි. ඇමරිකාවේ විශේෂයෙන් කැලිෆෝනියාවේ අවන්හල් වල කොත්තමල්ලි වෙනුවට ආදේශකයක් විදිහට මේ අඳු කොල භාවිතා කරන බවත් අන්තර්ජාලයේ සඳහන්. ඒ වගේම අපිට නොවටින මේ "අඳු කොල" වියට්නාමය විශාල වශයෙන් වගා කොට ඇමරිකාවට අපනයනය කර විශාල ආදායමක් උපයා ගන්නවා

• අඳු වලින් සාදන කෑම:

• අඳු කොල මිශ්‍ර ගොටුකොල සම්බෝලය

සිහින්ව ලියාගත් ගොටුකොල හා අඳු කොල වලට පොල්, ලියාගත් රතු ලූණු, අමුමිරිස්, තක්කාලි, පදමට ලුනු හා දෙහි ඇඹුල් යහමින් එකතු කර පොඩි නොවන සේ අතින් මිශ්‍ර කර කෑමට ගන්න. (අවශ්‍යය නම් උම්බලකඩ කුඩුද එකතු කර ගන්න පුලුවන්). නැවුම් කොල වර්ග කෑමට ගැනීමට ලං වෙලා හදා ගන්නවා නම් තමයි රස. ගොටුකොළ නැතුව උනත් මේ අඳු කොල ලූණු තක්කාලි දාලා සලාදයක් වගේ උනත් කන්න පුලුවන්.

මූලාශ්‍ර පොත පතින් සහ අන්තර්ජාලයෙන්.

උපුටා ගැනීමකි

ප.ලි .
හැකිනම් මෙහි වෛද්‍ය විද්‍යාත්මකව හෝ ආයුර්වේද ක්‍රමය අනුව මේ ගැන දන්න අයද මේ ගූණ ගැන ලියන්න. භාවිතයට ගන්න විට ඔබ දන්න අයගෙන් ද විමසා සිටින්න