පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-06-19

සිරිලාල් කොඩිකාරයන්.








දියවැලක් ඔස්සේ ගසා ගෙන ආ රංචාගොඩ ළමයා

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා 97 වසරක දිවිසැරිය 2021නොවැම්බර් 19දා අවසන් කළේය. සම්ප්‍රදායේ ගැලී නොසිට ඉන් බැහැර මාධ්‍ය කලාවක් හඳුන්වා දීමට පුරෝගාමී වූ ඔහු බය නැති පත්තරකාරයෙක් විය. යොවුන් වියේ සිටම “ඇත්ත” පුවත්පත කියවීමට අප පෙළඹුණේ මෙරට දේශපාලන කරළියේ යථා ස්වභාවය දෙස උපහාසාත්මකව බලා ලියවුණු එම පුවත්පතේ කතුවරයා වූ බී.ඒ. සිරිවර්ධනයන්ගේ කතුවැකිය නිසාය. ඇත්ත පුවත්පතේ අප මුලින්ම බැලුවේ යූනූස්ගේ කාටුනයයි. ඉන්පසු “රංචාගොඩ ළමයා”ගේ කවි පන්තියයි. ගැදි පැදි දෙකම මුසු වූ බස් ආරකින් ලියවුණු එම කොලම වදින තැනට වදින්නට ලියවුණක් විය. පසුකාලයේ එම පුවත්පතේම “කෝසල සිහින” නමින් තවත් කොලමක් විය. එය එවක සිටි එක්තරා රාජ්‍ය නායකයකුගේ ක්‍රියා කලාපය අරභයා ලියවුණක් විය. රංචාගොඩ ළමයාත්, කෝසල සිහිනත් ලියුවේ ලාල් මහත්තයා ලෙස අප හැඳින්වූ සිරිලාල් කොඩිකාරයන්ය.

සිරිලාල් කොඩිකාර 1924 අගෝස්තු 27 වැනිදා උපත ලැබුවේ තලාතුඔයදීය. ඔහුගේ පියා වඩුකාර්මිකයකු වූ අතර මව ගෘහණියක වූවාය. ළමා වියේ මවගේ අභාවයත් සමඟ ඔහුගේ පාසල් ගමන ඇණහිටියේය. පසුව ඔහු පිරිවෙන් ඇසුරින් තම අධ්‍යාපනය ගොඩනංවා ගත්තේය. ඔහුගේ හඳහන බැලූ කොග්ගල පඤ්ඤාරතන හිමියෝ ඔහු තම පන්සලේ නවතාගෙන සංස්කෘත හා වෙදකම ඉගැන්නූහ.

ඔහු සාහිත්‍යයට බෙහෙවින් ඇලුම් කළේය. එම ඇල්ම හේතුවෙන් කොග්ගල හිමියන්ගෙන් කවි පබැඳුම් කලාවද උගත්තේය. කවි ලියූ ඔහු වැලිගම කවි මඩුවල කවි කියන්නටද ගියේය. ඔහු තුළ වාමාශික හැඟීම් පුබුදු වූයේ ධර්මසිරි කාරියවසම් නමැති මිතුරකුගේ ඇසුර නිසාය. ධර්මසිරි ඔහුට වාමාංශික දේශපාලනය ගැන කියා දුන්නේය. ඔහු කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූයේ මේ කාලයේය. 1947දී ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගයට පෙනී සිටි සිරිලාල් කොඩිකාරට මුද්‍රණ වැඩ ඉගෙන ගන්නැයි පැවසූ කොග්ගල හාමුදුරුවෝ කොළඹ මාලිගාකන්දේ චන්ද්‍රසේන පොත් සාප්පුවේ සහ මුද්‍රණාලයේ වැඩ ඉගෙනීමට එහි යැව්වේය.

මුද්‍රණාලයේ වැඩ ඉගෙන ගන්නා අතරම ඔහු පුවත්පත්වලට කවි ලිව්වේය. ඔහුගේ සාහිත්‍ය දිවියේ ආරම්භය සනිටුහන් වූයේ “නව ලෝකය” සඟරාවට ලියූ කවි පෙළත් සමඟිනි. 1948 දී සිංහල ජාතිය පුවත්පතට සම්බන්ධ වූ සිරිලාල් කොඩිකාර පත්තර කලාවේ හැම දෙයක්ම කළේය. අකුරු ඇමිණුවේත්, සෝදුපත් බැලුවේත්, කොපි ලිව්වේත් කොඩිකාරය. එතැන් සිට දිවි ගමන අවසන් වන තෙක්ම ලියවිල්ල නැවැත්වූයේ නැත. වෙදකම යම් තරමකට හදාරා තිබුණද ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගය සමත් වූ පසු යළි ආයුර්වේදය හදාරන්නට ඔහුට සිත් දුන්නේ නැත. එහෙයින් පුවත්පත් කලාව තම ආත්ම ප්‍රකාශනය බවට පත්කර ගත්තේය.

1954 වසරේ “සිංහල ජාතිය” පුවත්පත වැසී ගියේය. ඔහුගේ ඊළඟ නැවතුම වූයේ දවස කන්තෝරුවය. එහි වාර්තාකරුවකු ලෙස ඔහුට රැකියාවක් ලැබිණි. දවස පුවත්පතට ප්‍රවෘත්ති පමණක් නොව ලිපි හා කවිද ලිව්වේය. ඔහුගේ දක්ෂතා හඳුනාගත් ඩී.බී. ධනපාල මහතා ඔහු කර්තෘ මණ්ඩලයට බඳවා ගත්තේය. එවක පැවැති දේශපාලන හැලහැප්පීම් නිසා ඔහු දවස පුවත්පතින් ඉවත් විය. ඒ 1964 වසරයි. එච්.ජී.එස්. රත්නවීර “ඇත්ත” පුවත්පත ආරම්භ කළේ මේ කාලයේය. සිරිලාල් කොඩිකාර ඇත්තට එක්වූ මුල්ම සාමාජිකයන් සිව්දෙනාගෙන් අයෙක් විය. ජාඩියට මූඩිය සේ ඇත්තට සිරිලාල් ද සිරිලාල්ට ඇත්තද ගැලපුණේය. ඔහුගේ කවි කලාවට බෙහෙවින් බලපෑවේ රංචාගොඩ ළමයාගේ මෙම කවි බස් වහරය.

“මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මා දීලා ඉලව්වේ
දෙමට පොතු කකා කටහම යන්නාවේ
හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ....”

එහෙයින් ඇය අනුගමනය කරමින් “රංචාගොඩ ළමයා” නමින් කාලීන දේශපාලන වාතාරවරණය දෙස උපහාසාත්මක ඇසින් ලියන්නට පටන් ගත්තේය. එළිසමයෙන් බැහැර වූ එම කවි සම්ප්‍රදාය පොදු ජනයා ආදරයෙන් වැළඳගත්හ. 1970 දසකයේ ගැසට් මගින් ආහාර මිල වැඩි කරන්නට එවක පැවැති ආණ්ඩුව කටයුතු කරද්දී සිරිලාල් කොඩිකාර ‘ගැටස් සංදේශය’ නමින් පද්‍ය විශේෂාංගයක් ආරම්භ කළේය.


සිංහල ලේඛක සංගමය පිහිටුවීමේ පුරෝගාමියකු වූයේද සිරිලාල් කොඩිකාරය. ඒ පිළිබඳ යෝජනාව කේ. ජයතිලක මහතා මුලින්ම සාකච්ඡා කළේ සිරිලාල් කොඩිකාර හා ඇම්.ඩී.ඇන්. ඔස්ටින් යන දෙපළ සමඟය. සිංහල ලේඛක සංගමයේ ලේකම්වරයා වූයේද සිරිලාල් කොඩිකාරය. මරදානේ ජයන්ත වීරසේකර මාවතට එම නම වැටුණේද සිරිලාල් කොඩිකාරගේ උනන්දුව නිසාය. ඒ පිළිබඳව ඔහු විසින් රචිත සිය චරිතාපදානය වන “දියවැලක් ඔස්සේ” කෘතියේ සඳහන්ය. අද මරදානේ ජයන්ත වීරසේකර මාවත ලෙසින් හැඳින්වෙන මාවත එදා හැඳින්වූයේ ඩ්‍රිබර්ග් ඇවනියු ලෙසිනි. සිංහල ලේඛක සංගමයේ රැස්වීමකදී මේ නම වෙනස් කොට අභාවප්‍රාප්ත ලේඛකයෙකුගේ නමක් යෙදිය යුතු යැයි සිරිලාල් කොඩිකාර යෝජනා කළේය. යෝජනාව ස්ථිර විය. එවක කොළඹ නගරාධිපතිවරයා වූයේ වී.ඒ. සුගතදාස මහතාය. ඔහුට මෙම යෝජනාව ඉදිරිපත් කළ විට ඔහු ඇසුවේ “කවුද ජයන්ත වීරසේකර කියන්නේ” කියාය. “ජයන්ත වීරසේකර මහත්තය තමයි ඩඩ්ලි සේනානායක මහත්තයටත් සිංහල උගන්නල තියෙන්නේ. ප්‍රසිද්ධ ලේඛකයෙක්.” සිරිලාල් නගරාධිපතිවරයාට කීවේය. අවසානයේ ඩ්‍රිබර්ග් ඇවනියු ජයන්ත වීරසේකර මාවත විය.


ඇත්ත පුවත්පත වැසීගිය පසු නිවෙසට වී සිටි කාලයේ ඔහු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවට අපූරු ලිපිපෙළක් ලිවීය. රසවිඳුනාව නමින් පළ වූ එම ලිපි පෙළ ශ්‍රී ලංකාවේ දේශපාලන බල අරගලයේ අතීතය පිළිබඳ විමසා බැලීමකි. ස්වභාෂා සටන, ජනහඬ, ජාතිය, හෙට වැනි පුවත්පත්වලටද ඔහුගේ දායකත්වය හිමිවිය. හෙට පත්තරයට බයිලා විශේෂාංගයක් ලිව්වේද, විසිතුර පුවත්පතට නාට්‍ය කලාව පිළිබඳ විශේෂාංගයක් ලිව්වේද, ටිකිරි පුවත්පතට චීන ජනකතා සිංහලෙන් ලිව්වේද, ජාතිය පුවත්පතට “කෝසල රජුගේ අලුත් සිහින” විශේෂාංගය ලිව්වේද ඔහුය. පසුව එම විශේෂාංගය “කෝසල සිහින” නමින් ඇත්ත පුවත්පතට ආවේය. ඇත්තේ පළවූ “හත් හවුල් කයි මඩුව”ද ඔහුගේ විශේෂාංගයකි. පුවත්පතට පමණක් නොව ඔහු ගුවන් විදුලියටද නාට්‍ය පිටපත් රචනා කළේය. සමගි පෙරමුණු රජය සමයේ ගුවන් විදුලියේ නාට්‍ය අංශය බාරව සිටියේ සුගතපාල ද සිල්වාය. ඔහුගේ ඉල්ලීම අනුව සිරිලාල් කොඩිකාර ගුවන් විදුලි නාට්‍ය රචනා කළේය. එහෙත් ගුවන් විදුලියට පත්ව ආ එක්තරා දේශපාලනික චරිතයක බලපෑමෙන් නාට්‍ය ලිවීම නතර විය.


ඔහු මුලින්ම ලියු කෘතිය වූයේ “දුම්”ය. වැලිගම යන්ත්‍රාලයේ මුද්‍රණය කෙරුණු එම කෘතියේ අකුරු ඇමිණුවේද සිරිලාල්ය. ඇතුළු පිටු මුද්‍රණය කළද එහි පිටකවරය මුද්‍රණය කර ගත නොහැකි වූ බැවින් පොත එළියට ආවේ නැත. පසුව කොළඹ මාලිගාකන්ද පාරේ මුද්‍රණාලයකින් ඔහුට කවි පොතක් ලියන්නට ඇරියුමක් ලැබිණි. ඔහු කවි පොතක් ලියාගෙන ගොස් මුද්‍රණාල හිමිකරුට දුන්නේය. එහෙත් එය මුදලාලිට හරියන වර්ගයේ කවි පොතක් නොවීය. එහෙයින් කවිපොත මුද්‍රණය වූයේ නැත. ඉන් පසු නොබැසි සිරිලාල් කොඩිකාර එම කවි පොත තමාම මුද්‍රණය කළේය. 1960 දී ඔහුගේ පළමු කෘතිය ලෙස පළවූ එම කාව්‍ය සංග්‍රහය “නො නෙළු මල” විය.

මගේ සාක්කිය, කියමි සිහිකර, මහාවංස වීමංසන, දියවැලක් ඔස්සේ, ගහෙන් වැටුණු ගැහැනිය සහ තවත් අය, විශ්වය තුළ විශ්ව, මා දුටු කෝසල සිහිනය, ලෙයින් ලියූ කවි, රඟදෙන බයිලා, ටයර් සෑය ළඟ, මානස විල, කනේරු මල්, බකවත, කැලිස්ටාගෙ සවාරිය, වෙසඟනකගෙ ප්‍රේමය, නොරටුන්ගේ අන්තඃපුරය, නයිල් ගඟේ කෙස් ගහ වැනි ගද්‍ය හා පද්‍ය ඔහුගේ කෘතීන් අතර වේ. ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ ‘මානස විල’ ඔපෙරාවට පාදක වූයේද ඔහුගේ රචනයකි. ඔහුගේ නිර්මාණ කිහිපයකට‍ පිට කවර නිර්මාණය කරන්නට මට අවස්ථාව ලැබිණි.

ඔහු තෙවරක් සෝවියට් රුසියාවට ගොස් තිබේ. ඒ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සමිති සාමාජිකයෙක් ලෙසත්. පාක්ෂිකයකු ලෙස හා ලේඛකයකු ලෙසත්ය. ජාතික ඇඳුම ඇන්ද චාම්, සරල දිවියක් ගෙවූ සිරිලාල් කොඩිකාර සැහැල්ලුවෙන් ජීවත් වූවෙක් විය. මධුවිතටද බෙහෙවින් ඇළුම් කළේය. රාවය පුවත්පතේ විමලනාත් වීරරත්න සම්මුඛ සාකච්ඡාවකදී වරක් ඔහුගෙන් මෙලෙස ඇසුවේය.

“රුසියාවට ගිය අවස්ථාවල රුසියානු තරැණියන්ට හිත ගියේ නැද්ද? ”
“නැත්තෙ මොකෝ. හිත ගියා. ඒත් ඉතිං වොඩ්කාවලට ඊටත් වඩා මගෙ හිත ගියානෙ.” ඒ ඔහුගේ පිළිතුර විය.

ඇත්ත පුවත්පත ජනතාව අතරට ගෙන ගිය අය අතර සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක්ම වූහ. බී.ඒ. සිරිවර්ධන, යූනූස් සහ සිරිලාල් කොඩිකාර ඔවුන් අතරින් ප්‍රධානය. ලාල් මහත්තයාගේ සමුගැනීමත් සමඟ ඇත්තේ පැරණි ඇත්තන් සියල්ලන්ම වාගේ දැයෙන් සමුගෙන අවසන්ය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ගෙ වියමනකි. මුනු පොතෙන්.

A day in the life

2025-06-18

කැපවීම අගයන්න..




අපේ අම්මට මේ ලඟදි ඉඳල අමුතු ලෙඩක් හැදිලා ,
දැන් අවුරුදු හැටකටත් කිට්ටුයි ,

මෙන්න මේන් එක පාරටම මිනිහෙක් හොයන් ,ඒ මිනිහත් එක්ක තනියම ජීවත් වෙන්න යන්න හදනවා ,මම තමයි එයාට ඉන්න එකම ළමයා ,මමත් බැඳලා මටත් අවුරුදු එක හමාරක බබෙක් ඉන්නවා ,අපි දෙන්නම ඔෆිස් ගියාම ළමයා බලන්නෙ අම්මා ,මෙච්චර කල් මේ ළමයා බලාගෙන ගෙදර වැඩ කරන් පාඩුවේ හිටියා ,මේ ලඟදි ඉඳල තමයි මේ වෙනස ,අනේ මිස් මේ අපේ අම්මට උපදෙසක් දෙන්නකෝ ??

ඒ අම්මා 

මගෙ මහත්තයා මැරෙනකොට මට වයස විසි නමයයි ,දුවට අවුරුදු දෙකයි ,එදා ඉඳන් මගෙ මුළු ජීවිතේම වුනෙ මගෙ දුව ,රස්සාවත් කරගෙන දරුවා ලොකු කරලා විශ්ව විද්‍යාලේ යනකම් උගන්නලා බලද්දී දන්නෙම නැතුව මන් වයසට ගිහින් ,

ඒ කාලෙ මට කසාදයක් ගැන හිතන්න වෙලාවකවත් වුවමනාවක්වත් තිබ්බෙ නැහැ ,කොහොමහරි දුව හොඳට ඉගන ගත්තා ලොකු රස්සාවක් කරනවා ,දැන් දුව බැඳලා ..එයාල බොහොම සතුටෙන් ඉන්නවා ..
ඔය අතරෙ ගිය අවුරුද්දේ මන් දඹදිව වන්දනාවෙ ගියා ,ඒ යද්දී තමයි එයාව මට හම්බුනේ ,එයත් නෝනා මැරුණ මනුස්සයෙක් ..
එයාගෙ පුතා ඉන්නෙ එංගලන්තේ ,ඒ දරුවත් මේක දන්නවා .

මට මගෙ ජීවිතේ අවුරුදු විසි පහක් හන්ගන් හිටපු මගෙ කථා ඔහේ කියව කියව ඉන්න ,ජීවිතේ ගැන කථා කරන්න හමබුනේ ඒ මනුස්සයා එක්ක ,
ඒක මට පුදුම සහනයක් ,මට ජීවත් වෙන්න පුංචි හරි ආසාවක් ආවෙ ඒ නිසා ..
ඒ මනුස්සයත් තනියෙන් ඉන්න කෙනෙක් ,
ඉතින් මට හිතුනා අන්තිම කාලෙ හරි මන් ළඟ කියව කියව ඉන්න කෙනෙක් වත් හිටියොත් හොඳයි කියලා ,

මම එපා කියද්දීම ඒ මනුස්සයා කෙලින්ම ගෙදරටම ඇවිත් අපේ දුව එක්කම මේ ගැන කථා කලා ,
ඒ දවසෙ ඉඳල දුව හොඳටම වෙනස් වුනා ,
මාව ඇහැට පේන්න බැරි තරමටම එපා වෙලා බනිනවා මට පිස්සු කියලා ,
සමහර විට මට පිස්සු ඇති ,බැඳලා අවුරුදු තුනෙන් මහත්තයා මැරිලා ජීවිතේම තනියම හිටපු ගෑනියෙකුට මැරෙන්න ඔන්න මෙන්න කියලා හරි පොඩ්ඩක් ජීවත් වෙන්න හිතෙන එක පිස්සූ වැඩක් වෙන්න ඇති මිස් , 
මන් මුළු ජීවිතේම කළේ දරුවගෙ ගෞරවය රැකපු එක ,හැබැයි දැන් මන් මුළු ලෝකෙටම වඩා වැරදි කරාපු ගෑනියෙක් ගානට වැටිලා ..

මම වැරදි ඇති මිස් ,අනේ දුවට කියන්න මට සමාව දෙන්න කියලා !!!
ඒ අම්මා එහෙම කිව්වා ..
ඒ කිව්ව ටික ඇතුලෙ නොකිව්ව බොහෝ දේ තිබුනා

රහස්‍යභාවය රැකෙන විදිහට එහෙ මෙහෙ කරලා මේ කථාව ඔයාට ලියන්නෙ අන්න ඒ නිසා ..
මම නිතරම දරුවන්ගෙ පැත්තෙ හිටගන්න කෙනෙක් ,
හැබැයි මෙතන කථාව වෙනස් ..

යාවත්කාලීන වෙලා කන්න බොන්න දීලා උගන්වලා නිසි වයසේදී දෙමව්පියෝ දරුවන්ව අත ඇරලා දරුවන්ගෙ ජීවිත නිදහස් කරන්න ඕනෙ වගේම ඕකෙ අනිත් පැත්තත් එහෙම්මම වෙන්න ඕනෙ නේද ?
ඒ කියන්නෙ දරුවො දෙමව්පියෝ ගැන හිතන විදිහත් අද කාලෙට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕනෙ ,යාවත්කාලීන වෙන්න ඕනෙ කියන එක !

ගෙදරින් කාලා ඉගනගෙන රස්සාවල් කරලා බැඳලා තමන්ට ඕනෙ නිසා ළමයි හදලා ඊට පස්සෙ තමන්ගෙ වයසක අම්මා තාත්තා තමන්ගෙ ළමයින්වත් ලොකු කරන්න ඕනෙ කියල හිතනවනම් ඒක අමානුශිකයි , තමන් හදපු දරුවො තමන් බලාගෙන වැඩිහිටි දෙමව්පියන්ව එයාලගෙ නිදහසේ ඒ කාලය ගත කරන්න දෙන්න ඕනෙ
කැමැත්තෙන්ම හරි දරුවන්ට බැහැ කියන්න බැරි කමට හරි වයසක අම්මලා මුණුබුරෝ ලොකු කරනවා ඇති ,හැබැයි ඒ මිනිස්සුන්ට වයසට ගිහින් හරි නිදහසක් දෙන එක තමයි දරුවන්ගෙ යුතුකම ,

ඒ වගේම ගෑනියෙක්ට මිනිහෙක් ඕනෙ ලිංගිකව සතුටු වෙන්න විතරමයි ,ගෑනියෙක් මිනිහෙක් අතර තියෙන්න පුළුවන් ලිංගික සම්බන්ධකම් විතරමයි කියල හිතනවනම් ඒකත් හෙනම ප්‍රාථමිකයි .
වයසට ගියාම මිනිස්සුන්ට කසාදයක් බඳින එක වැරද්දක් කියල හිතන එක ,වයසකින් පස්සේ මිනිස්සුන්ට බැඳීම් ඇති වෙන්න බැහැ කියල උපකල්පනය කරන එක ඊටත් වඩා ගෝත්‍රිකයි .
අනික ,වයස ගියා කියන්නෙ මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම් සම්පුර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එක නෙමෙයි ,

ඔයාට අම්මා තාත්තා උනාට ඒ මිනිස්සුන්ටත් වෙනම ජීවිතයක් තියනවා ,ඒ ජීවිතේ ඇතුලෙ අම්මා තාත්තා කියන චරිත වගේම තව තව චරිත තියනවා ,ආසාවල් තියනවා ,බැඳීම් තියනවා ,වගේම ඔයාලට වගේම ජීවිතේ අත අරුණු මග අරුණු හීන එහෙමත් තියෙන්න පුළුවන් ..
සමහර මිනිස්සු ජීවිතේම දුක විතරක්ම විඳිනවා
සැපක් සැනසීමක් දකින්නේවත් නැතුව වයසට යනවා
මැරෙන්න මොහොතකට කලින් හරි එහෙම මිනිහෙක්ගෙ ජීවිතේකටත් තමන් ආස සතුට විඳින්න අයිතියක් තියනවා ..
ඒ මිනිස්සු දෙමව්පියෝ උනා කියල ඒ අයිතිය සම්පුර්ණයෙන් අහිමි කරවීම මානුෂීය නැහැ ..

ඒක ලෝක ලැජ්ජාවක් කියල හිතෙනවනම් ඒ ලැජ්ජා කරන්න හදන මිනිස්සුන්ට උත්තර දීලා ඒ වෙනුවෙන් පෙනී ඉඳල තමන්ගෙ මිනිස්සුන්ගෙ ගෞරවය රකින එක තමයී නියම මනුස්ස කම ,
ඒක තමයි තමන්ගෙ කම ..


අනික මිනිස්සු ලැජ්ජා වෙන්නෙ ඕනෙ බය වෙන්න ඕනෙ වැරදි වැඩ කරන්න මිසක් ,සැනසීමෙන් ඉන්න නෙමෙයි ..
මිනිස්සු වයසට යනවා කියන්නෙ හැඟීම් මැරෙනවා කියන එක නෙමෙයි ..
ඔයා ඒ දුව නොවී ඒ අම්මා වෙලා එක සැරයක් හිතලා බලන්න ,
ඒ ගැහැණිය ආපු පාරෙ නිකමට ටික දුරක් හිතින් ඇවිදලා බලන්න ..
එතකොට තේරෙයි ..

 

අනිශා ජයකොඩි
Anisha Jayakody
(Psychological counsellor )

A day in the life