පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-06-07

අලින්ගෙ වෘෂණ කෝෂ



අද සමාජයේ බහුතරයක් මිනිස්සු වැරදියට අවබෝධ කරගත්ත දෙයක් තමා අලින්ගෙ වෘෂණ කෝෂ තියෙන්නෙ ඔලුවේ බව.....
මේක ගැන සාමාන්‍ය මිනිස්සු විතරයි නෙවෙයි ගුරුවරු පවා නොදැනුවත්කම නිසා ළමයින්ට මේ වැරදි දේවල් උගන්වලා අලි ගැන වැරදි දේවල් සමාජයේ බෙදාහැරිලා තියෙනවා...

හොඳින් අලියෙක් නිරීක්ෂණය කරොත් පේනවා අපිට අනිත් සත්තුනගෙ වගේ වෘෂණ කෝෂයක් අලින්ගේ එලියට පේන්න නැහැ...කොටින්ම කියනවනන් එයාගෙ ලිංගයත් සක්‍රිය උන අවස්ථාවක ඇරෙන්න නිකන් එලියෙ තියෙන්නෙ නැහැ...
ඒකට හේතුව අලි වගේ විශාල සත්තුන්ගෙ ඒ ශරීරාංග එලියට නිරාවරණය වෙලා තිබ්බොත් ඒවට අනතුරු වෙන්න ඉඩ වැඩී...
අලින්ගේ වෘෂණ කෝෂ අලින්ගේ ඔලුවේ තියෙනවා කියන කතාව ගොඩක්ම ප්‍රචාරය උනේ ආසියානු අලි ගැන..
ආසියානු අලින්ගේ හිස්කබලේ තියෙන මුදුන් දෙක තමා මේකට හේතුව...අපිට අපේ ලංකාවේ ඉන්න අලියෙක්ගෙ ඔලුව දිහා බැලුවොත් බලන්න පුලුවන් එයාගෙ ඔලුවේ මුදුනෙ මොල්ලි දෙකක් වගේ දෙකට බෙදිලා තියෙනවා...අප්‍රිකානු අලින්ගෙනම් එහෙම නෑ එයාලගෙ ඔලුව රවුම් හැඩතියි...
ඔන්න ඔය ආසියානු අලින්ගෙ මං කියපු මුදුන් දෙක නිසා ගොඩක් දෙනා හිතන් ඉන්නේ වෘෂණ කෝෂ තියෙන්නෙ එතැන කියලා....
එහෙම හිතුවොත් ඉතිං ගැහැනු අලින්ගෙත් වෘෂණ කෝෂ පිහිටන්න එපෙයි නේද....එයාලගෙත් හිස්මුදුනේ ඔන්න ඔය මුදුන් දෙක තියෙනවානෙ..
ඒ ඔලුවෙ තියෙන මුදුන් දෙක ආසියානු අලින්ගේ හිස්කබලේ හැඩය මිසක් ඒ වගේ තැනක වෘෂණ යුගලයක් පිහිටන්නේ නැහැ...ඒ තියෙන්නේ ආසියානු අලින්ගේ තියෙන හිස්කබලේ ලක්ෂණයක් මිස වෘෂණ කෝෂ පිහිටීමක් නෙවෙයි...
හරි අපි දැන් මාතෘකාවට එමුකො..
සරලවම කිව්වොත් අලියාගේ වෘෂණ කෝෂ පිහිටල තියෙන්නේ ශිෂ්ණයට ( ලිංගයට ) ඉහළින් ශරීරය ඇතුළේ...
ඒ කිව්වේ අලියාගේ ඇඟ ඇතුලේ තමයි මේ වෘෂණ කෝෂය තියෙන්නේ...
ඒත් එක්කම මිනිසුන්ට එන තව ප්‍රශ්නයක් තමයි අලි මද කිපෙන කාලෙට කම්මුලෙන් ස්‍රාවය වෙන්නෙ ශුක්‍ර තරලයද කියන එක...
වෘෂණ කෝෂ ඔලුවෙ තියෙනවා කියන කතාවත් එක්කම ගොඩක් අය මේකත් ඒ එක්ක පටලගන්න දෙයක්..ඒත් ඒකත් වැරදි කතාවක්...
ඇත්තම කාරණාව,
මද කිපෙන කාලෙදි අලින්ගෙ කම්මුල් වල තියෙන මද ග්‍රන්තියෙන් ස්‍රාවය වෙන්නෙ හෝමෝන ස්‍රාවයක් විතරයි...
ඔන්න මෙතෙක් කියපු ටිකේ පුංචි සාරාංශයකුත් දාන්නම්කෝ...
වෘෂණ කෝෂ පිහිටීම:
අලින්ගේ වෘෂණ කෝෂ ශරීරයට ඇතුළත වකුගඩු අසළ පිහිටා ඇත. එය අනික් සත්තුන්ගේ වගේ බාහිරයෙන් දැකිය නොහැකී.
මද කිපීමේදී ස්‍රාවය:
මෙම කාලයේදී කම්මුල් වලින් පිටවෙන ද්‍රවය ශුක්‍ර තරල නොවෙයි. එය හෝමෝන සහ ෆෙරමෝන මිශ්‍රණයකි.
වැරදි මතවාද:
"වෘෂණ කෝෂ ඔලුවේ" යන විශ්වාසය සම්පූර්ණයෙන්ම වැරදියි. මේ වැරදි අවබෝධය ඇතිවෙන්නේ ආසියානු අලින්ගේ හිසෙහි ඇති මුදුන් දෙක නිසාය.
මේ ලක්ෂණය ආසියානු ගැහැණු අලින්ටද පවතින බැවින්, එය වෘෂණ කෝෂ පිහිටීමක් නොවන බව තවදුරටත් හොඳින් පැහැදිලියි.
එහෙනම් ඉතින් මේ කිව්ව කාරණා එක්ක බලද්දි මට හිතෙනවා ඔයාලට මේ ගැන නිවැරදි අවබෝධයක් ඇවිල්ලා ඇති කියලා...
අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුවල දුවන්නෙ වැරදි මතවාද...
ඒකට හේතු ඉතින් හරිහැටියට මිනිස්සුන්ට මේ සත්තු ගැන කියාදෙන්න මාර්ග නැති එක සහ මිනිස්සුන්ගෙ උනන්දුව නැතිකම....
මේ පෝස්ට් එක කියවපු ඔයාලා මේ ලිපිය අනිවාරෙන්ම ශෙයා කරන්න.මොකද මේ මං කියපු විස්තරේ නොදන්න ගොඩාක් දෙනා ඉන්නවා අර වගේ වැරදි මතවාද පිළිගනිපු....
ඒ වගේම මේ ලිපිය ආයෙ කොතැනක හෝ පලකරනවානම් ඒකට අපෙන් කිසිම තහනමක් නෑ හැබැයි අපේ පේජ් එකේ නම මෙන්ෂන් කරලා වැදගත් විදිහට නැවත අප්ලෝඩ් කරන්න...
මොකද මේ කරුණු හොයන්න යන මහන්සිය දන්නෙ ලියන කෙනා විතරයි.....
මේ ලිපියත් එක්කම සම්බන්ද වෙච්ච කාරණාවක් වෙන මදකිපීම සහ ආසියානු අප්‍රිකානු අලින්ගේ වෙනස්කම් ගැන මම කලින් හදපු පෝස්ට් වල ලින්ක් පහලින් දාන්නම්...

මදකිපීම - https://www.facebook.com/share/p/16RnEVwWuf/
ආසියානු අප්‍රිකානු අලින්ගෙ වෙනස්කම් -
https://www.facebook.com/share/p/1EQK8MuNFE/
ස්තූතියි

A day in the life

2025-06-06

වික්ටෝරියාවේ වීරයෝ


වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ?

ඒ 1984 වර්ෂයයි.

වික්ටෝරියාවේ දොරටු සෑදුවේ ස්වයංක්‍රීයව විවෘත වෙන විදියට..
ජලාශයට වතුර පිරෙමින් පවතී.. කෙමෙන් ජලය පිරෙන අතර ජල මට්ටම ඉහළ යමින් පවතී.
දොරටුව විවෘත විය යුතු වුවත් තවමත් නැත.
වැඩි ජලකඳ කෙසේ හෝ දොරටුව මතින් යැවිය යුතුය..
දොරටුව තියෙන්නේ පතුළේමයි.. ඒ කියන්නේ අඩි 400 ක් ජලය යට..
එපමණ ගැඹුරකට යාම ඉතාමත්ම අසීරු කරුණකි.ව්‍යාපෘතිය භාර සුද්දා කිසිවක් කරකියා ගත නොහැකිව සිටින අතරේ වගකීම බාර ගත්තේ ලංකාවේ සුවි⁣ශේෂි කිමිදුම්කරුවන් දෙදෙනෙකු වෙන ගාල්ලේ බද්දේගම ආරියශීල වික්‍රමනායක හා රුවන් වික්‍රමනායකය.
මෙය ජීවිතය හා මරණය අතර සටනක් බව ඔවුන් දැන සිටියහ.
මීට පෙර එතරම් ගැඹුරක් කිමිදී ද නැත.
ජලය ගැඹුරට යාමේදී අඩි 33ක් ගැඹුරට යද්දී රාත්තල් 14කින් පීඩනය වැඩිවේ..
නිකමට හිතන්න අඩි 5, 6 තියෙන පිහිණුම් තටාකයක යටම තැන දැනෙන පීඩනය..
අඩි 400 ක් යට .... හිතාගන්නවත් පුළුවන් ද ?
ඉතාම නිරෝගී කෙනෙකුට ඇර ඒ වගේ පීඩනයක් ගැන හිතන්නවත් බෑ.
එතරම් ගැඹුරකදී මොළයට අධික පීඩනයක් ඇතිවීම නිසා මානසික ව්‍යාකූල තත්ත්වයන්ද ඇතිවිය හැක.
පතුලේ සිටිය හැක්කේ උපරිම විනාඩි හතකි.එනම් විනාඩි හත තුල නිමකළ යුතුවේ.
විනාඩි හත නිමවූ පසු පැය එකහමාරක දී මතුපිටට පැමිණිය යුතුය. ඊට අඩු කාලයකින් පැමිණිය නොහැක.එසේ කලින් පැමිණියහොත් නයිට්‍රජන් වායුව වැඩිවී ශරීරයෙන් රුධිරය ගලන තත්ත්වයක්ද ඇතිවිය හැක.
කිමිදුම්කරුවන් දිය යට යද්දී ලණුවක් රැගෙන යයි.ලණුවේ අනෙක් කොන භාරදෙන්නේ ඉතාම විශ්වාසදායි කෙනෙක්ටය..ආරියශීල මේ සඳහා තෝරාගත්තේ තම මළණුවන්ය.මොකද ජීවිතය සමහර විට මේ ලණුවේ කොන අල්ලගෙන සිටින කෙනා මත තීරණය වීමට ඉඩ කඩ තිබෙන නිසා..
තමා දිය යට ප්‍රකෘති තත්ත්වයේ සිටින බවට සංඥා ලබාදෙන්නේ මේ ලණුව මඟිනි.
ආරියශීල රුවන්ට මෙසේ කීවේය..
" මල්ලී මම පතුළට ගියාම වෙනම සංඥාවක් දෙන්නම්. දෙපාරක් ලණුව ගස්සලා සංඥාවක් දුන්නොත් මාව උඩට ඇදලා ගන්න.
ලණුවෙන් සංඥා දෙන එක නතර වුනොත් ඔයා මාව හොයාගෙන පතුළට එන්න එපා. එහෙම වුනොත් මට වෙන අන්තරාවම ඔයාටත් වෙයි.එහෙම සංඥා නතර වුනොත් ඔයාමාව අමතක කරලා ආපහු යන්න."
මේ ටික කියද්දී සහෝදරයෙකුට දැනෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.
ඉතින් ඔන්න ආරියශීල කිමිදෙන්න පටන් ගත්තා.. මලයත් ගියා.. මලය අඩි 300 සීමාවේ නතර වුනා.ලණුව අරගෙන ආරියශීල යටටම ගියා.
ලණුවෙන් සංඥා ලැබෙන නිසා "අයියණ්ඩි නිරුපද්‍රිතයි " යන්න මලයාගේ ඔළුවේ තිබුනා.
ආරියශීල යටට ගිහින් බැලුවේ ගහක් සිරවී ඇතිද යන්නයි.නමුත් අඩි 400 ක් යට අන්ධකාරය නිසා කිසිවක් පැහැදිලි නැත.
පීඩනයද දරාගත නොහැක. ඒ දිනවල කිමිදුම් ඇඳුම්ද බර වැඩි නිසා අපහසුතා රැසකි.
තවද ලණුවද ඉතා තදින් ගැට ගසා තිබුනි.
පීඩනය අධිකව දැනී ඔළුව පිපිරෙයි යන හැඟීමද ආරියශීලට ලැබී ඇත.
එම අපහසුතා මැද පළමුවර කිසිවක් කරගත නොහැකිවිය.
මෙලෙස තුන්වරක් ආරියශීල ට කිමිදෙන්නට සිදුව ඇත.
දෙවන වර යනවිට සැලස්මකට අනුව කටයුතු කරන ලදි.එනම් කොක්කක් ඇති යකඩ වයර් එකක් දොර විවෘත කිරීම සඳහා සුදුසු බව තේරුම් ගන්නා ලදාි.
එහෙත් පතුලේදී යකඩ වයර් එක අල්ලා ගැනීමට නොහැකි විය.
එලෙස දෙවතාවක්ම ආපසු පැමිණි ආරියශීල ට සුද්දන්ගෙන් පැසසුමක් නම් ලැබුනේ නැත.
" නුඹ 400 පතුළට ගිහින් නෑ. මඟට ගිහින් ඇවිල්ලා තියෙන්නේ "
එවන් අප්‍රසාදයන් මැද තෙවන වරද උත්සාහ කරන ලදි.එවර කම්බි වයර් එක පහළට දැමීමට සුද්දන් වෙනුවට අපේම අය යොදා ගෙන තිබුනේ.
ඒ පාර හරියට කරලා දොර ඇරලා ආවම සුද්දෝ " ගියේ නෑ මඟටයි ගියේ " කියලා කරපු චෝදනා පුස්සක් බවට පත්වුනා.
කීයෙන් කී දෙනාද මේ වගේ අපේ ගමේ ඉපදිලා වීරකම් කරපු චරිත ගැන දන්නේ...
මේ තොරතුරුත් කාලයේ යටවෙලා..
අගය කිරීම කෙසේ වෙතත් මෙවන් සිද්ධීන් වූ බවට වත් දැන සිටීම වටී.
අඩි 400 ක් යට කිසිදා නොගියපු ගැඹුරක ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු මේ අයිය මලෝ දෙදෙනාට අපගේ උපහාරය පුදකරමු .... !

(ලංකාදීප පුවත්පතට සංජීවිකා සමරතුංග සැපයූ සටහනක් ඇසුරිණි )
ස්තූතියි මුල් හිමිකරුට
උපුටා ගැනීමකි

day in the life