පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-02-10

ගිතෙල් වල ගුණ.




කෙනෙකු ගිතෙල් ආහාරයට ගන්නා වග ඇසීමෙන් පවා ඔහු බුද්ධිමත් ධර්මිකයකු ය යන හැඟීමක් ඉබේම ඇති වේ. එසේ වන්නේ සිහි නුවණ, ශුක්‍ර, ඕජස්, බල වර්ණ, දෘෂ්ඨි ශක්ති වර්ධක ගුණ වැඩි වශයෙන් ගිතෙල තුළ ඇති නිසා යි. "ඍණං කෘත්වා ඝෘතඃ පිබේ" "ණය වී හෝ ගිතෙල් කන්න" යනුවෙන් ඉපැරණි ඉන්දියානු දර්ශන වේදියෙකු වූ චාර්වාක ද පවසා ඇත්තේ ගිතෙල් තුළ එපමණකටම ගුණයන් ඇති හෙයිනි.
අපට ගිතෙල් බත්, දුන්තෙල් බත් කෑමට ලැබෙන්නේ කලාතුරකිනි. පායාසත් (කිරිබතක්) එසේ ය. ඉන්දියානු බමුණන් ගේ දවස දෙවේලේ පරිභෝජනයට මේවා ඇතුලත් වේ. සිංහලයන් ද කිරි, දී කිරි, මෝරු, වෙඬරු, ගිතෙල් හොඳ හැටි කෑවේ අනුරාධපුර ආර්‍යශිෂ්ඨාචාරය පැවති සමයේ යි. ගුණැති ආහාර අනුභවයේ අගය අදටත් රජරටෙහි නෂ්ඨාවශේෂ දැකීමෙන් සිතාගත හැකි ය. එදා කිරි ගිතෙල් වල පැවතුන ගුණය අදත් එසේම ය. ඇති එකම වෙනස සපයා ගැනීමට අපහසු වීම සහ සාමාන්‍ය ජනයාට එහි අගය නොතේරීමයි. ජාතියේ අවාසනාවකට තවමත් සාමාන්‍ය ජනයා තුළ සැලකිය යුතු මට්ටමේ කැමැත්තක් දැනුමක් මෙම ගිතෙල් පරිභෝජනය කිරීමෙහි නොපවතී. එකල අපට තිබූ කායික ශක්තියත්, බුද්ධි බලයත් නැවත සුළුවෙන් හෝ වඩා ගැනීමට අවශ්‍ය නම් ගිතෙල් මුසු බත ස්වල්පයක් හෝ ගැනීම ඉතා ගුණදායක ය.
"අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 05.41ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක්ද පිළියෙලකර ගැනීම මැනවි."
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ එන ආහාර පිසීමේ නැකතට ඉහත පරිදි ගිතෙල් මුසු කිරිබතක් සෑදීම අනිවාර්‍ය කෙරුනත් සැබවින්ම එය ද එපරිද්දෙන් සකසා ගන්නේ කීයෙන් කී දෙනාද? සමහරවිට පුද්ගලයෙකුට අවුරුද්දටම ගිතෙල් කෑමට ලැබෙන එකම එක අවස්ථාව එයවිය හැකියි.
හෙළ වෙදකමෙහි සහ ආයුර්වේද වෙදකමෙහි එන සමහර සංයෝග ඖෂධ සංස්කරණයට ගිතෙල් නැතිවම බැරි ‍ය. ගිතෙල් වල ගුණ ආයුර්වේදයේ චරක සූත්‍රස්තාන වල සඳහන් වන්නේ මෙපරිද්දෙනි.
ඍතඃ පිත්තානිල හරං - රස ශුක්‍රෝජසා හිතම්
නිර්වාපනම් මෘදුකරං - ස්වර වර්ණො ප්‍රසාදනම්
ගිතෙල් මගින් පිත් දෝෂ සමනය කරන අතර රස ශුක්‍ර ඕජස් යන ධාතු පෝෂණය කරයි. එමෙන්ම ශරීරය පැහැපත් කරමින් ප්‍රසාදයට පත් කරනවා සේම ස්වර ප්‍රසාදය ද (කටහඬ මිහිරි කිරීම) ඇති කරයි.
හෙළ වෙදකමෙහි ගිතෙල් වල ගුණ සඳහන් කිරීමට මෙවැනි රසබර හරවත් කවි පේළි ද භාවිතා කර ඇත.
වැල්පෙනෙල ශාකා
ගිතෙලින් බැද කා
අඹුවන් නොතකන එකා
සියක් අඹුවන් තකා
ගිතෙල් සහ දුන්තෙල් එළගවයාගෙන් සහ මී ගවයාගෙන් ලබාගන්නා කිරි වලින් සකසන තෙල් වර්ග වෙයි. එළදෙනගෙන් ගන්නා කිරි වලින් හදන බටර් උණු කර එහි ඇති ජලවාෂ්ප, කිරි ප්‍රෝටීන ඉවත් කිරීමෙන් පසු එහි ඉතිරිවන තෙල් කොටස ගිතෙල් නම් වෙයි. මෙම ගිතෙල් කහ පැහැයක් ගනී. දුන්තෙල් ලබා ගැනීමට මීකිරි භාවිතා කරයි. එම දුන්තෙල් සුදු පැහැති වේ.
ගිතෙල් වල ගුණ
==================
. ගිතෙල් අපේ ශරීරයට බොහෝ ගුණදායකයි. ගැස්ට්‍රයිටිස් තියෙන අයට තමන්ගේ ආහාර වලට එළඟිතෙල්/ගිතෙල් ටිකක් එකතු කරගැනීමෙන් බඩට ලොකු සහනයක් ලබාගන්න පුළුවන්.
. පොල්තෙල් වලින් ආහාර පිසිනවිට එය 170 °C ක උෂ්ණත්වයට වඩා ‍රත් වූ විට එම තෙල් පිළිස්සුනත් එළඟිතෙල් වලට 250 °C ක තරම් ඉහළ උෂ්ණත්වයක් දක්වා ආහාර පිසගත හැකියි.
. එළඟිතෙල් වල බහුල ලෙස විටමින් A,D,E,K2 අඩංගු වෙයි.
. මෙහි බිඔටොනික් ඇසිඩ් (Biotonic acid) වලින් පොහොසත් නිසා බඩවැල් වල පවතින විෂ තත්වයන් නැසීමටත් එහි සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමටත් ඉතා ගුණදායක වේ.
. බඩ දැවිල්ල නැතිකරන අතර ආහාර දිරවීමේ ගැටළු ඇති අයට ද ගුණදායක වෙයි.
. මෙහි ලිනොලෙයික් ඇසිඩ් (Linoleic acid) අඩංගු නිසා කොලෙස්ටරෝල් වලටද ගුණදායකයි. එම නිසා හෘදයාබාධ වලට ද ගුණදායක වෙයි.
. කිරි වලට ආසාත්මිකතා දක්වන අයට වුව ද කිසිදු ගැටළුවකින් තොරව එළඟිතෙල් පරිභෝජනය කළ හැකියි.
. මලබද්ධයට ද ගුණදායකයි.
. ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
. විටමින් E අඩංගු නිසා සමෙහි පවතින විවිධ ගැටළු නැතිකළ හැකියි.
. වියළි සමක් පවතින අයට, තොල් පැලෙන අයට, වියළි හිසකෙස් ඇති අයට සහ පිළිස්සීම් වල ට එළඟිතෙල් ආලේපකළ හැකියි.
. අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට, ශරීරයේ හෝමෝන සමබර කිරීමට, පිත දෝෂ සමනයට, කටහඬ මිහිරි වීමට, සම පැහැපත් වීමට, විශාදයට ඉතා ගුණදායකයි.
. ඖෂධ සඳහා භාවිතා කරනුයේ පරණ වූ එළඟිතෙල් වේ. එළඟිතෙල් පරණ වෙන්න පරණ වෙන්න එහි ඇති ඖෂධීය වටිනාකම ද ඉහළ යයි.
සැකසුම :- හෙළ අරණ
මූලාශ්‍ර ග්‍රන්ථ :- චරක සංහිතාව, භෝජන සංග්‍රහය - ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි
මූලාශ්‍ර වීඩියෝ :- අපේ අම්මා youtube නාළිකාව
මූලාශ්‍ර වෙබ් පිටුව :- විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
........................................................................

____________
~ උපුටා ගැනීමකි.
A day in the life

2025-02-09

පඬුවස් නුවර බේගල්









ඩිලාන් ප්‍රගීත් - සොදුරු ඉසඹුව. ( මුණු පොතෙන් ) 

බේගල්කාරයන් කොතෙකුත් සිටිතත්, සත්‍ය සිද්ධි හැටියට ඒ හැම දෙනා ම කියන බොරු රසවත් නැත. රසවත් වන්නේ නිර්මාණාත්මක බේගල්ය. දක්ෂිණ ලංකාවේ කොග්ගල ගමේ බේගල් නයිදේ නමින් ප්රසිද්ධව සිටිය පුද්ගලයා සත්‍ය සිද්ධි හැටියට කියූ ප්‍රලාප අඩංගු කර මාර්ටින් වික්‍රමසිංහ මහා ලේඛකයා බේගල් නමින් පොතක් කළේ ඒවායෙහි නිර්මාණාත්මක ගුණයක් රසයත් සැලැකිල්ලට ගැනීමෙන් බවට සැක නැත.
කොග්ගල ගමේ බේගල් නයිදේ හා ඔහුගේ බේගල් පිළිබඳ මතක මතු වී මගේ පෑන් තුඩ දක්වා ගලා ආවේ පඬුවස් නුවර බේගල් නයිදේ යි. හැඳින්විය යුතු තරමට නිර්මාණ ශක්තියෙන් පොහොසත් දෙමටව ජෝන් මාමාගේ කතා අසන්නට ලැබීමෙනි. මොහු පඬුවස් නුවර නාරම්මල - හෙට්ටිපොළ පාරේ දෙමටව නමැති ගමේ ජීවත් වුණෙකි. 1980 හරිය වන තෙක් ඔහු ජීවන් වුණු බව සැලැකේ.

ඔහු ගැනත්, ඔහුගේ කතාත් මා දැන ගත්තේ දෙමටව ගමට යාබද ගමක් වන මායාකඩවර ගමේ දොන් සිරිසේන දිසානායක මිතුරාගෙනි. මේ මිතුරාට දෙමටව ජෝන් මාමාගේ බේගල් දා හතරක් මතක තිබී මට කියා දුන්නේ ය. මේ කතා වල සමහර තැන් දෙමටව ජෝන් මාමාගේ ම සුවිශේෂ භාෂණයෙනි. තම ළමා වියේ දී, කළු වන් තරබාරු මහල්ලක ව සිටිය දෙමටව ජෝන් මාමා කියූ කතා බොහෝ දුරට ඒ සැටියෙන් මා සිරිසේන දිසානායක මිතුරා මා සමඟ කියා සිටියේය.

ගුවන් යානයක් වූ ගොයම් මිටියකින් දෙමටව ජෝන් මාමා අනුරාධපුර වන්දනාවේ ගිය හැටි කියන කතාව මේ කතා දාතරෙන් එකක්.

"ඉස්කෝලෙ මහත්තයටයි මේ ළමයින්ටයි මේ මා කියන්නේ ඇත්තටම වෙච්ච එකක්."ජෝන් මාමා අනුරාධපුරයට අහසින් යැවුණු කතාව ඇරඹුවේ එසේය. ඉස්කෝලෙමහත්තයා එවෙලේ එතැන සිටිය පාඨශාලාචාර්ය කළුබණ්ඩා අමරසිංහ මහතාය.

ජෝන් මාමා සෙසු බොහෝ කතා වලින් කියන දේවල් මෙන්ම මේ කතාවෙන් කියැවෙන දේද සිදු වූයේ ඔහු දෙමටව ගමේ බින්න බැහැපු තරුණ සැමියකු කාලයේය. කුඹුරු වැඩකට ගිය ගමනක දීය. වැඩට ගියේ මහවැව පාවුල රාලගේ වෙලටය. පැවරුණු කාර්යය වූයේ වෙලේ සිට පන්සල් වන්නේ කමතට ගොයම් කොළ මිටි ඔසවාගෙන ගොස් දැමීමය. හතර දෙනකු අමාරුවෙන් ඔසවා හිස මත තබන ගොයම් කොළ මිටියක් තනියෙම ඔසවාගෙන යන්නට ශක්තිය ජෝන් මාමාට තිබිණි.ඒ තරම් බර, ඒ තරම් විශාල ගොයම් මිටිය හිසේ තබාගෙන ගියේ අනුරාධපුරය ගැන සිත සිතාය. 
අටමස්ථාන වන්දනාවේ යෑමට ආශාව තිබුණු බැවිනි.වැව් පැත්තෙන් හමන සුළගේ වේගය, අටමස්ථාන කල්පනාව නිසා, ජෝන් මාමාට මුල දී තේරුණේ නැත. තේරුණේ සුළභ කුණාටුවක් වී ‍ගොයම් මිටිය අහසට ගසාගෙන යන්නට එසැවෙන විටය. ගොයම් මිටිය ගසාගෙන යෑමට හැරිය නොහැකිය. ඒ නිසා ජෝන් මාමා කළේ ගොයම් මිටියේ ලණු දෙ පට තදින් අල්වා ගැනීමය. 
එත්, සිදු වූයේ කුමක්ද? ජෝන් මාමා ද එල්වාගෙන ගොයම් මිටිය අහසට යෑම ය! අහසේ ඉහළට ඉහළට යෑම ය!

වලාකුළු වලිනුත් ඉහළට ගියාට පසු පොළොව පෙනුණේන් නැත. ඉතින් ඇස් ඇරගෙන සිටීමෙන් පලක් නැති නිසා ජෝන් මාමා ඇස් පියාගත්තේය. වෙහෙස දැඩි නිසා නින්ද යනවා වාගෙන් විය.

මෙන්න ! ජෝන් මාමාට හීනෙන් වාගේ දැනුණේ ගොයම් මිටිය පහළට පහළට තතව පහළට බහිනවා වාගේය! ඇස්බලන විට නැබෑවය ! හෙමින් සීරුවේ පහළට ආ ගොයම් මිටිය සමඟ තමා සේන්දු වූයේ බිමට මය! ගොයම් මිටිය බිම දමා බලන විට මේ කෙහේ ද! අනුරාධපුරයේ ඉසුරුමුණිය විහාර භූමියය!

විශාල පිරිසක් එහෙන් මෙහෙන් ඇවිත් ජෝන් මාමා වට කරගන්නට වැඩි වේලාවක් ගත වුණේ නැත.ඉසුරුමුණියේ ලොකු හාමුදුරුවෝත් ඒ තැනට වැඩියහ.අහස් ගමන් විස්තරය ආසා දැනගත් ලොකු හමුදුරුවෝ දායකයන් මගින් ජෝන් මාමාට සරමකුත් බැනියමකුත් ලැබෙන්නට සැලැස්වූහ. ජෝන් මාමා මෙ තෙක් සිටියේ ගොයම් අදින්නට ගසාගත් අමුඩයෙන් බැවිනි.

සරමෙන් බැනියමෙන් සැරැසෙන්නට පෙර,කිසා වැවෙන් නෑම සඳහා ජෝන් මාමා ගියේලොකු හමුදුරුවන් යෙදැවූ මහ පෙන්වන්නන්  කීප දෙනෙකු සමඟ ම. නාගෙන පැමිණි ජෝන් මාමාට කෑමබීම ද එ දා දවස විවේකයෙන් සිටින ලෙසට උපදෙස් ද ලැබුණේය.පසුදා සිට ඔහු දවස් ගත කළේ අටමස්ථානය හිතේ හැටියට වන්දනාමාන කරගනිමිනි. කොච්චර දවස් ගත වුණා දැයිජෝන් මාමාට තේරුණේ නැත. ආපසු ගමට යා යුතු බව මතක් වී ඒ සඳහා සැරසෙන විට ගමන් වියදම වශයෙන් ලොකු හාමුදුරුවෝ රුපියල් දහයක් දුන්හ. ඒ කාලයේ දහය සුළුමුදලක් නොවෙයි.

ජෝන් මාමා, අහස් ගමන් කතාව අවසන් කළේ මෙසේය.ළමයිනේ මට ඉතින් ගෙදර එන්න කොව්වරදවස් ගත වුණා ද දන්නවාද ? මං ගෙදර එනකොට මගේ හත් දොනේ දානෙන් දීල මේව මේ බොරු කතා හෙම නෙමේ.
සිරිලාල් කොඩිකාර
(දෙසතිය 1999 මැයි 15-30කලාපයෙන් උපුටා ගන්නා ලදී)

රිවිරැස පිටුව වෙනුවෙන් A.Herath විසින් පළකරන ලදී.






A day in the life