පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-01-14

තෛපොංගල් .





ජනවාරි 14 තෛපොංගල් දිනයයි.

ශ්‍රී ලංකා රජය විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශිත  හිණ්දුන් විසින් සමරනු ලබන ආගමික උත්සවයකි.

මෙදින ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල වලට, එනම් ආන්දර් ප්‍රදේශවල, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශ, කර්නටකා, කේරල , ඔරිසා, මහරාෂ්ත්රම, නේපාලය, පන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවාඩු දිනයක් වේ.

අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.

තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්රෙයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම 'උත්තරායන' නමින් හදුන්වයි. ධර්ම ශාස්ත්‍රරවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.

තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්රමනය ආරම්භවීම සනිටුහන් කරයි.

අස්වැන්න නෙ‍‍ලන අවස්තාවේ දී සමරනු ලබන මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තූති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු වීමට උපකාර කළ වර්ශාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලැබේ. 

අලුත් ඇදුමෙන් සැරසී සිටින අයුරු දැකගත හැකි අතර මෙය ගවයන් සතු ජනතාවට බෙහෙවින් වැදගත් උත්සවයක් වේ.

පොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා ලෝවැසි සියළු දමිළ ජාතිකයින් විසින් සමරනු ලැබේ. දමිළ ජතිකයින් වෙසෙන වෙනත් රටවල්, එනම් ශ්‍රී ලංකාව , මැලේසියාව,මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සින්ගප්පූරුව යන රටවල් ද මෙම උත්සවය සමරනු ලබයි. 

 උත්සවය අවම වශයෙන් අවුරුදු 1000ක් පමණවත් ඉපැරණි අතර මෙම උත්සවය් අවුරුදු 2000කටත් ඉහත පටන් පැවත එන්නක් බව සමහරුන්ගේ විශ්වාසයයි. දමිළ ජනතාව පොංගල් උත්සවය හදුන්වනු ලබනුයේ 'තමිලර් තිරුනාල්' යනුවෙනි ('දමිළ ජනතාවගේ උත්සවය' යන තේරුමයි ). මෙම උත්සවයේ මුලාරම්භය සිදුවුයේ තමිල් නාඩුවේය. 'තායි පිරන්ඩල් වාලි පිරක්කුම්' -  මෙහි තේරුම වනුයේ "තායි මාසයේ උපත නව මහගු අවස්ථා සදහා මග පාදනු ඇත" යන්නයි. 

තෛපොංගල් උත්සවය යෙදෙන්නේ  ජනවාරි 12-15 දක්වා අතර කාලයේ දිනකය. මෙම වර්ෂයේ උත්සවය සදහා ජනවාරි 14 යෙදී තිබේ.(ග්රෙපගොරියන් කැලැන්ඩරයට අනුව ). තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිළ මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් - ජනවාරි ) දින සතරක් පුරාවට , තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි - පෙබරවාරි ) සමරනු ලබයි.

උත්සවයේ පලමු දින, එනම් 'භෝඝි' ලෙස හදුන්වයි.

 මෙදින ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරනි වස්ත්‍ර හා රෙදිපිළි පිලිස්සීමෙන් පැරනි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිලිගැනීම ද සමරනු ලබයි. ~පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්‍රධාන දිනා වන අතර මෙදින වැටෙනුයේ "තායි" නම් වු දෙමළ මාසයේ පළමු වන දිනේදීය (ජනවාරි 14- 15). සර්කාරෙයි හෝ වීටු පොංගල් යනුවෙන්ද හදුන්වන ලබන මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගැනීමෙනි. මෙලෙස පිසගත් ආහාරය පසුව දුඹුරු සීනි, කජු හා වියලි මිදි යොදා ගනිමින් අලංකාර කර ගනු ලැබේ.~පොංගල් යන නාමය ලැබී ඇත්තේ ඉහත සදහන් කරන ලද උතුරා යාමේ චාරිත්රය මුල් කොටගෙන. මෙම බත් මිශ්රබණය උතුරා භාජනයෙන් පිටතට හැලී යාමේදී චාරිත්රරයක් වශයෙන් දමිළ ජනතාව "පොංගාලෝ පොංගාල්" යනුවෙන් ශබ්දව කෑගසමින්, "සන්ගු" යන සංගීත භාන්ඩයද වාදනය කරනු ලබයි. මේ චරිත්රංය අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වනුයේ නව වසර සෞභාග්ය මත් වසරක් බවට පත් කර ගැනීමයි.

පසුව මෙලෙස පිසගත් බත් මිශ්‍රණයේ පලමු කොටස හිරු උදාවත් සමගම ස්වභාවධර්මයාට පුදනු ලැබේ. මෙම පිදීමෙන් ඔවුන් තමන්ට මෙතෙක් ලබා දුන් සෞභාග්යුයට හිරුට හා ස්වභාවධර්මයාට තුති පුදන අතර ඉතිරි කොටස නිවැසියන් සමග බෙදාගනු ලැබේ. තවද මෙම දිනයේ දී නෑගම් යෑම හා එකිනෙකා සමග සුබ පැතුම් හුවමාරු කර ගැනීම ද දැකිය හැක. විශේෂයෙන් මෙම උත්සව කාලයේ දී නොයෙකුත් වර්ගයේ ආහාර හා රස කැවිලි වර්ග සාදන අතර වඩේ, මුරුක්කු, පායාස්ම් වැනි ආහාර විශේෂ තැනක් ගනී.

තුන්වැනි දිනය, එනම් මාට්ටු පොංගල් යනුවෙන් හදුන්වන මෙදින විශේෂයෙන් වෙන්වී ඇත්තේ ගවයන්ට තුති පිදීම සදහාය. ගවයන් ගොවිතැනේ දී ගොවියන්ට ලබා දෙන මහගු සේවය අගය කිරීම මෙහි පරමර්ථය වේ. මෙදින ගවයන් අලංකාර ලෙස මල් මාලා, තීන්ත හා සීනු යොදා ගනිමින් සරසන අතර සමහරු රත්රරන් හා තඹ කොපු යොදා ගනිමින්ගවයන්ගේ අං සැරසීමද කරනු ලබයි. මේ දිනයේදී ගවයන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ ලබාදෙන අතර විශේෂ ආහාර හා රස කැවිලි වර්ගද දෙනු ලැබේ. අතැම් ප්‍රදේශ වල විශේෂයෙන් ගම්බදව "ජල්ලිකාට්ටු" හෙවත් මී හරකුන් හීලෑ කිරීමේ තරග මෙම දිනයේ විශේෂ තැනක් ගනී.

අවසාන දිනයේදී, කානුම් පොංගල් ලෙස හදුන්වන මෙදින (කානුම් යනු 'නැරඹීමට' යන අර්ථය ඇතිව ) ජනතාව තම නෑදෑ හිතමිතුරන් බැලීමට යාම සිදුවේ. නාගරික ප්‍රදේශවල මෙම දිනයේදී ජනතාව තම පවුලේ සාමාජිකයින් සමග මුහුදු වෙරලට සහ සතුටු උද්‍යාන වලට යමින් පොංගල් උත්සවය සැමරීම දැකිය හැක. මෙම කාලයේදී "කෝළම්" ලෙස හැදින්වෙන විශේෂ සැරසිලි යොදා ගනිමින් ගෙමිදුල් අලංකාර ලෙස සැරසීමද දැකිය හැක. අස්වැන්න නෙළා ගැනීමට කළ උපකාරයට තම නෑදෑ හිතමිතුරන්ට ස්තූති කිරීමද මෙදිනට වෙන්වී ඇත. මුල් කාලයේදී මෙම උත්සවය ගොවි ජනයාට පමණක් සීමා වුවද අද මෙය ජාති, ආගම්, කුළ භේද වලින් තොරව සියලුම දමිළ ජනයාගේ ජාතික උත්සවයක් බවට පත්ව ඇත. මෙම උත්සවය ගම්බද ප්ර දෙශ වලද නාගරිකව මෙන්ම සුප්රසිද්ධ උත්සවයකි.

පොංගල් උත්සවය දින 3-4ක් පුරා දිවෙන අතර, මෙම දිනයන් ජතික නිවාඩු දිනයන් ලෙසද රජය විසින් ප්‍රකාශ කර ඇත. 

තෛපොංගල් උත්සවය තමිල්නාඩුවේ සමරන උත්සව අතරින් අතිවිශේෂ ස්ථානයක් ගනී.

  • විකිපීඩියා.




A day in the life

2025-01-13

දුරුතු පෝය .




බෞද්ධ ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සිදුවීම් සිදු වී ඇත්තේ පොහොය දිනයන් මුල් කොට ගෙනය.  එම නිසා පොහොය දිනය බෞද්ධයන්ට බෙහෙවින් වැදගත් වේ. අපට පමණක් නොව ලොව සිටින සියලුම බෞද්ධයන්ට පොහොය දිනය අතිශයින්ම වැදගත්ය.

දුරුතු පොහොය (ජනවාරි පොහොය) වර්ෂයේ මුල්ම මාසය මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වන්නේ බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ වන නිසාය. මහියංගණයෙහි පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර අරගලයක් හට ගෙන තිබිණි.

බුදුන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඇමතීමට උත්සාහ දැරුව ද තමන්ගේ පරිසරයට පැමිණි අමුත්තා කරදරයක් යයි සිතූ යක්ෂයෝ අවි අමෝරා ගෙන බුදුන් වහන්සේට එරෙහිව නැඟී සිටියහ. යක්ෂයින් දමනයට නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතූ බුදුන් වහන්සේ වර්ෂාව, අකුණු සහ මහා මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසුව ඔවුන්ගේ බිය පහ කළ අතර පසුව යක්ෂයෝ ගිරි දිවයිනට පලා ගියහ. එහි පැමිණ සිටි සුමන (සමන්) නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදු හිමියන් කෙස් මිටක් දී ඇති අතර සුමන දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්තූපයක් කර වූ අතර මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍ය එම ස්තූපයයි.

කැලණි පෙරහර පැවැත්වෙන්නේ දුරුතු මාසයේදීය.




දුරුතු පොහොය දින සිදු වූ අනෙකුත් වැදගත් සිදුවීම්...

බුදුන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමේ මුල් පියවර තබන ලද්දේ ද දුරුතු පොහෝ දිනකදීය. ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමිනි.

තමා විසින් දහම් දේශනා කොට අරහත් භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ ඒ නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේ ද දුරුතු මාසයේදීය.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද මෙම පොහොය දිනයේය.
දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොයයි. මේ පොහොය ඉතාම වැදගත් වන්නේ සියලු පොහොයන්ට වස්තු විෂය වන පරිසරය සැකසීම අනුවය.

වසරක් ගෙවී තවත් වසරක් උදා වන මේ මොහොතේ පසුගිය වසරේ ලත් අත්දැකීම් සම්බන්ධව අවලෝකනය කොට නව වසරට ඒ අත්දැකීම් කොතරම් දුරට බලපාන්නේ ද යන්න සම්බන්ධව මෙනෙහි කළ යුතු හොඳම කඩඉමකි.

එමෙන්ම දුරුතු පොහොය වඩාත් වැදගත් වන්නේ අප සම්මා සම්බුදු තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දුකේ වෙළී - පැටලී සිටින සියලු සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවා ගැනීමට ප්‍රථම පියවර තබන ලද්දේ ද දුරුතු පෝයදාය.

බුදු බව ලබා නව මසකින් පසු උරුවෙල් දනව් පියසෙහි තුන්බෑ ජටිල‍යන් වන උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කරවන ලද්දේ දුරුතු පෝදා බැවිනි.

මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.

බුදුරජුන්ගේ කේශ ධාතු නිදන් කිරීම මත දෙවියකු විසින් ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේත් මහියංගණ දාගැබයි.

දුරුතු පෝදා අපට ලැබුණු අති උත්තම දායාදයකි. අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමා‍ජයේ පෙර නොවූ විරූ පෙරළියක් උදා විය.

මානව සමාජය විවිධ ආකල්පවල එල්බ ගෙන සිටි හෙයින් නිසි මාර්ගය නැත්නම් විමුක්ති මාර්ගය කුමක්ද යන්න සොයා ගැනීමට නොහැකිව මංමුළා වූ පිරිසක් බවට පත්ව සිටියහ.

මිනිසා ගස්වලට වන්දනය කළේය. තවත් පිරිසක් ගල්වලට වැඳුම් පිදුම් කළහ. ඇතැමෙක් හිරුට වන්දනය කළහ. තවත් සමහරෙක් සඳුට වැඳුම් පිදුම් කළහ. සමහරු අනංගයාට වැඳුම් පිදුම් කළහ. අනංගයා යනු ආදරයට අධිපතියාය. ආදරයට අධිපති අනංගයාට වැඳුම් පිදුම් කළ හොත් තමන්ට විමුක්ති මාර්ගය ලැබේ යැයි සිතූහ.

සමහරු නාගයා සංකේතයක් කොට ගෙන වන්දනය කළහ. රාගයෙන් කෙරෙන්නේ තමන්ගේ ඇලීම් - ගැලීම් තවත් පෝෂණය කිරීමකි. ඇලීම් ප්‍රහීණ කළ යුතුව තිබියදී තවදුරටත් එහි එල්බ ගන්නේ නම් සිදු වන්නේ සසරේ දිගුවීම පමණි. අපට අවශ්‍ය වන්නේ සංසාරය කෙටි කර ගැනීමය. නාගයාට වන්දනය කිරීමෙන් හැඟී යන්නේ එය කෙටි කර ගැනීම නොව තව තවත් එයට එල්බ ගැනීමකි. නාග වන්දනය එදා කොතරම් ජනප්‍රිය වීද යත් රජවරුන්ගේ නමේ අගට නාග යන පදය යෙදෙන්නට පුරුදු වූහ.

චෞරනාග, මහානාග, වීරනාග, ඉල නාග ආදී නම් එයට හොඳම නිදසුන්ය.

මෙවන් පරිසරයක සිටි ජනකායට බුදුවරුන් ලක්දිවට වැඩම කළ එම අඳුරු වලාකුළු පටලයෙන් නැති නම් භව කඩතුරාවෙන් වැසුණු ජනකාය යහමඟට ගන්නට දැරූ තැතද ඉතා ප්‍රශංසනීයයි.

ඉන් අනතුරුව උගත් පරපුරක් බිහි වී මහ කැලෑව එළිපෙහෙළි වී ගල් ලෙන්වලට වී සඟරුවන දහම් පොත් ලියන්නට පෙලඹුණේ ද මේ දුරුතු පුන් පොහෝදාය.

බුද්ධිමත් කැටයම් ශිල්පියා මේ මඟින් කළේත් බුදු මහිමය කියාපෑමය. අදත් එම කැටයම්වලින් ජීවමාන වන්නේ බුදු ගුණයි. බුද්ධ චරිතයයි. බුද්ධ ධර්මයයි. මේ දක්වා පැමිණි ගමන් මඟට ප්‍රවේශයක් වූයේ දුරුතු පොහොයයි.



A day in the life