පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-01-12

කෝට්ටේ රජමැදුරේ ප්‍රේම කතාවක්



කෝට්ටේ රාජධානිය පිහිට වූ හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1412-1467) කෝට්ටේ මෙන්ම ශ්‍රී ලංකාවේද රජ කළ ශ්‍රේෂ්ඨම රජවරුන් කීප දෙනාගෙන් එක් අයෙකි. අවසාන වරට මුළු ශ්‍රී ලංකාවම එක්සේසත් කළේ මේ රජතුමාය. මුළු ලංකාවම එක්සත් කර පිටරටවල් සමඟ යුද්ධ තුනක් කර ජය ලබා අවුරුදු 55 දිගු කාලයක් ඔහු රටේ සාමයෙන් රජ කළේය. එමෙන්ම ඔහු කල රටේ විශාල ආගමික, සංස්කෘතික, සාහිත්‍ය ප්‍රබෝධයක් මතු විය. පැරැණි ශිලා ලිපි අතර කුඩා අකුරින් ලියා තිබී මහාචාර්ය පරණවිතාන කිය වූ හයවැනි පරාක්‍රමබාහු රජුගේ වංශාවලි සටහන් වලින් හයවැනි පරාක්‍රමබාහු රජු හා ඒ පරපුරේ යටගියාව දැන වංශකතාවල නොඑන වටිනා සත්‍ය තොරතුරු එළිවෙයි. මේ ඒ තොරතුරුවලින් හෙළිවෙන හයවැනි පරාක්‍රමබාහු රජුගේ එකම දියණිය වූ ලෝකනාථ හා බෑනා වූ සුන්දර පාණ්ඩ්‍ය කුමරු ගැන එක් අනුවේදනීය කතාවකි.
ඒ වන විට අද මැලේසියාව ලෙස මුස්ලිම් බලය පැතිර ඇති රට එද‌ා බෞද්ධ බලය වූ සිංහල රජ පරපුරුවලට නෑදෑකම් ඇති මලය රාජ්‍යය නමින් ප්‍රකට විය. තරුණ වයස වන විට හයවැනි පරාක්‍රමබාහු කුමරු හැදුණේ වැඩුණේ ඈත පෙරදිග මලය රාජ්‍යයේදීය. 1410 චීන ආධාර ඇතිව ලංකාවට අවුත් ඔහු රජ විය. ඒ වන විට රට මැද තිබූ දැදිගම රාජ්‍යයේ ඪකූර රජුගේ දූ වූ ස්වර්ණමාණික්‍යා හෙවත් රන්මැණිකා කුමරිය හයවැනි පැරකුම්බා රජුගේ අගබිසව විය. රාජාවලිය වංශකතාවේ කීරවැල්ලේ කුමරිය ලෙස හඳුන්වන්නේ මේ ස්වර්ණාමාණික්‍යා බිසවයි. හයවැනි පරාක්‍රමබාහු රජුට ද‌ාව ස්වර්ණාමාණික්‍ය බිසවට පළමුව ලැබුණේ ‘පුරන්දර’ නම් පුත් කුමරෙකි. එහෙත් පුරන්දර කුමරු කුඩා කලම අකාලයේ මළේය.
ස්වර්ණාමාණික්‍යාට දෙවනුව ලැබුණේ දූ කුමරියකි. අපේ වංශකතා හා සාහිත්‍ය ග්‍රන්ථවලට මේ කුමරිය නම් තුනකින් හඳුන්වයි. (ශ්‍රී රාහුල හිමි ලිවූ පරෙවි සන්දේශයේ ඇය ‘චන්ද්‍රාවතී’ ලෙස එයි. රාහුල හිමි ලිවූ සැළලිහිණි සන්දේශයේ ‘උලකුඩ’ දේවිය ලෙස දක්වයි. සීතාවක කල ලියැවුණු ‘අලකේශ්වර යුද්ධය’ වංශකතාවේ ඇය ලෝකානාථ හා උලකුඩය දේවී යන නම් දෙකින්ම දක්වයි.) රජුගේ මේ එකම දූ කුමරිය චන්ද්‍රාවතී ලෝකනාථා උඩකුඩය දේවී යන නම් තුනෙන්ම හඳුන්වා ඇත. මේ කුමරිය තරුණ වියට පත් කල විවාහ කර දීමට සුදුසු කුමරෙකු සොයා දීම අතිශය දුෂ්කර කරුණක් විය. හේතුව මේ වන විට ලංකාවේ රජකම සඳහා පාණ්ඩ්‍ය හා සවුළු (මැලේ හෙවත් ජා) රජ පරපුර අතර පැවැති උග්‍ර ගැටුමයි. එත් පරපුරක කුමරෙකුට ඈ පාවා දුන්නොත් අනෙක් පරපුර හා ඔවුන්ගේ විශාල අනුගාමික පිරිස එයට විරුද්ධ වන බැවිනි. මේ අනුව හයවැනි පරාක්‍රමබාහු රජු තම දියණිය සඳහා පාණ්ඩ්‍ය හා සවුළු යන රාජ පරම්පරා දෙකටම අයිති රජ කුමරෙකු තම දියණිය පාවා දීමට සෙවීමට විය. ඒ මගින් පාණ්ඩ්‍ය හා සවුළු යන රජ පරම්පරා දෙකේ ගැටුම නතර වන බව රජු කල්පනා කළේය.
කලක් යන විට පැරකුම්බා රජුට රජ පරම්පරා දෙකටම සම්බන්ධ රජ කුමරෙකු ගැන තොරතුරු හමු විය. ඒ අම්බලන්තොට රාජධානියේ සුන්දර පාණ්ඩ්‍ය කුමරුය. (සැළලිහිණි සන්දේශයේ ‘නන්නුරුතනයාර්’ ලෙස දැක්වූයේ ඔහුය.) හයවෙනි පැරකුම්බා රජුගේ දූ වූ චන්ද්‍රාවතී කුමරිය දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු ඇයට කැමැති වී ඇය විවාහ කර දීමට එකඟ විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු චන්ද්‍ර‌ාවතී සමඟ ප්‍රේමයෙන් බැඳී විවාහ තීන්දුවට ආවේය. මේ අතරතුර හදිසියේ ඔහුට ඈත පෙරදිග මලය රාජ්‍යයට යාමට සිදුවිය. හේතුව ලංකාව හා මලය රාජ්‍යය රජ පරපුර අතර නිරන්තර සම්බන්ධතා තිබීමයි.
සුන්දර පාණ්ඩ්‍ය කුමරු මලය රටට ගොස් කලක් ගතවනතුරු මලය රාජ්‍යයේ රජුගේ දුව වූ සුන්දරී කුමරි ඔහුට හමුවිය. පාණ්ඩ්‍ය කුමරුට ලංකාවේ චන්ද්‍රාවතී කුමරිය අමතක විය. ඔහු මලය රට රජුගේ දුව සුන්දරී කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙලී එහි ජීවත් විය. කෝට්ටේ හයවෙනි පරාක්‍රමබාහු රජුට මේ සිද්ධිය සැල වී රජු බෙහෙවින් කලබල විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු ලංකාවට ආවේ නැත. ඉන්පසු කෝට්ටේ රජු අම්බලන්තොට විසූ සුන්දර පාණ්ඩ්‍ය කුමරුගේ පියා වූ මහින්ද කුමරුට හසුනක් යැවීය. එය ද නිෂ්පල විය. දැන් චන්ද්‍රාවතී කුමරිය වියෝගයෙන් තැවෙයි.
ලංකාවේ රාජ පරම්පරා දෙකටම සම්බන්ධ චන්ද්‍රාවතී කුමරියට විවාහ පොරොන්දු දී දැන් ඒ අමතක කර මලය රටට වී සිටින තම අණට අකීකරුව මලය රටේ රජුගේ දූ හා ප්‍රේමයෙන් වෙලී සිටීම නිසා කෝට්ටේ රජුට සුන්දර පාණ්ඩ්‍යගේ ක්‍රියාකලාපය මදිපුංචිකමක් විය. හයවැනි පරාක්‍රමබාහු රජු මලය රටට යාමට හමුද‌ාවක් හා නැව් සමූහයක් සූද‌ානම් කළේය. නාවුක හමුද‌ාව සමග හයවැනි පරාක්‍රමබාහු රජු තම එකම දූ කුමරිය ද කැටුව මලය රටට යාමට සූද‌ානම් විය.
සැතපුම් දහස් ගණනක් ඈත සැඩ කුණාටු සහිත දරුණු මුහුදේ දිගුකලක් නැව් හමුද‌ාවක් සමඟ යාම ඉතා අන්තරාද‌ායක කාර්යයක් විය. රජු සමග සියුමැලි රාජකුමරිය ද රැගෙන යාමට ඔහුට අවශ්‍ය විය. (මෙහිදී හයවෙනි පැරකුම්බා රජු ළඟ කුඩාකල සිටම පුතෙකු ලෙස හැදුණු වැඩුණු මේ වන විට තොටගමුවේ ශ්‍රී රාහුල නමින් පැවිදිව සිටි හිමි පැරකුම්බා රජු හා දූ කුමරිය යන දීර්ඝ මුහුදු ගමනේදී මුහුදට අධිපති උපුල්වන් හෙවත් වරුණ දෙවිඳුගේ පිහිට පතා පරෙවි සන්දේශය ලිවීය. චන්ද්‍රාවතී කුමරියට සුදුසු සැමියෙකු සොයා දෙන ලෙස පරෙවියා උපුල්වන් දෙවිඳුගෙන් අයදියි.)
නැව් හමුද‌ාව සමග මලය රටට ගිය කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු සටන් වැද මලය රට රජු පරාජය කළේය. සිංහල රජු ජයග්‍රාහීව මලය රටට ඇතුළු විය. චන්ද්‍රාවතී කුමරිය දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු යළිත් ඇය හා ආදරයෙන් බැඳුණේය. මේ අතරතුර මලය රට රජුගේ දූ වූ සුන්දරී එරට වෙනත් රජ කුමරෙකුට විවාහ කර දෙන ලදී. මලය රට විජයග්‍රහණය කළ කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු චන්ද්‍රාවතී කුමරිය සුන්දර පාණ්ඩ්‍ය කුමරු නාවික හමුද‌ා කැටුව ලංකාව බලා පිටත් විය.
රූමත් සියුමැලි දූ කුමරිය සමඟ මලය රටට ගොස් මලය රජු පරදවා විජයග්‍රාහීව ආපසු ලංකාවට ආ කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු මහත් උත්සවයක් මැද ඉතා ශුභ හෝරාවකින් ක්‍රි.ව. 1448 අප්‍රේල් 10 බද‌ාද‌ා උදෑසන 6.45 අනුරාධපුර රුවන්වැලිසෑ මළුවේදී සුන්දර පාණ්ඩ්‍ය කුමරු හා ලෝකනාථා කුමරිය අතර විවාහය සිදුකළ බව ශිලා ලිපි පාඨවල එයි.


-නෙතු කවුළුව-
උපුටා ගැනීම වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන මහතාගේ ලිපියකිනි

A day in  life

2025-01-11

ගැටඹේ බෝධිය .





මහනුවර සිට කොළඹට විහිදෙන ප්රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප්රකට ගැටඹේ රාජෝපවනාරාමයේ පඬුරු දමන බෝධිය පාර අද්දර පිහිටා ඇත. මේ බෝධිය පිළිබඳ රසවත් කතා පුවතක් මෙහි දැක්වෙයි. මහනුවර සිට ගැටඹේ බෝධිය තෙක් දුර කිලෝමීටර පහක් පමණ වෙයි. මේ බෝධිය මහනුවර නිර්මාණය වූ කරත්ත සීපදවල වර්ණනා වනුයේ එදා සිය ගණනක් වූ කෝපි කොළඹට රැගෙන ගිය ගැල් රෑට නවාතැන් ගත් තිප්පලක් වශයෙනි. මේ බෝධිය සිට කිලෝ මීටර් භාගයක් පමණ දුරින් පේරාදෙණිය පොලිසිය අසලින් ඇතුළට ගිය විට එදා තුන් සිංහලයේ ම පයින් ගමන් බිමන් ගිය අය නැවැතී විවේක ගෙන සීතල දිය නා ගිමන් හළ ප්රකට මධ්යස්ථානයක් වූ හාල් මැහි කඳුර නම් හන්තාන කන්දෙන් පොළව යටින් මතු වී බුබුළු දමමින් උඩට ආ සීතල ජල උල්පත විය. පියා හා අමනාප ව කොත්මලේට පලාගිය ගැමුණු කුමරු දිවා ආහාරය ගෙන විවේක ගත්තේ ද හාල් මැහි කඳුරේදී ය. 1947 ගංවතුරෙන් මුළු ප්රදේශය ම වර්ෂා ජලයෙන් යට වෙද්දී ගැටඹේ බෝධිය අවට බිම ගංවතුරට යට නොවී ඉතිරි වීම සමඟ ගැටඹේ බෝධියේ හාස්කම් පැතිරී යාමට විය. වර්තමාන දියුණුවට අඩිතාලම වැටුණේ මේ හාස්කම සමඟ ය.
පේරාදෙණිය රාජෝපවනාරාම පඬුරු දමන බෝධිය පිළිබඳ රසවත් කතා පුවත දැන් විමසා බලමු. උඩරට දෙවන රාජසිංහ රජු (1636 / 1687) රජ කරන විට දිගූද මේලෝ කැස්ට්රෝ නමැති පෘතුගීසි සෙන්පතියා යටතේ පෘතුගීසි වරු උඩරට විශාල යුද හමුදාවක් රැගෙන විත් වට කළහ.
පරංගි හමුදාව කඳවුරු බැඳගත්තේ මහවැලි ගඟ අද්දර ගැටඹේ තොට අසලයි. පෘතුගීසීන් උඩරටට ඇතුළුවන විට මහනුවර අත හැර කඳුකරයට පළා ගිය රජු ටිකෙන් ටික නගරයට ළංවෙමින් ගරිල්ලා ක්රමයට සතුරා වටලන්නට විය. දැඩි වර්ෂාව සමඟ මහවැලි ගඟ උතුරා යාමට විය. ගැටඹේ බෝධිය අසල මෑතක් වනතුරු ගඟ හරහට ස්වභාවික ගල් බැම්මක් සේ විහිදී ගිය හරස් ගල්තලාවක් විය. ඉන් ගඟේ ජලය ගලායාම සිදුවූයේ ඉතා සෙමිනි. එය ගඟේ ස්වාභාවික බාධකයක් විය.
වර්ෂාව සමඟ ම රෝගාබාධ මතු වන්නට විය. පෘතුගීසීන්ගේ යුද කඳවුරේ ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් සියල්ල වර්ෂාවට තෙමී තෙත බරිත විය. පසුදා උදෑසන හිරු රැස් වැටෙන විට තෙමුණු වෙඩි බෙහෙත් ගෝනි බිම එළා සුදු වැලි ඇති ගංඉවුරේ දමා වේලන්නට විය. ගැටඹේ තොට යාව පිහිටි ගන්නෝරු කන්ද හෙවත් දිවි දොස් කන්ද එදා උඩවත්ත කැලේ - හන්තාන – බහිරව කන්ද සමඟ එක ම කැළෑ යායක් ලෙස පැතිර තිබූ දැවැන්ත කැළෑවක් විය. දිවි දොස් කන්ද මුදුනට නැඟගත් සිංහල සෙනෙවියෝ ගැටඹේ ගංඉවුරේ පෘතුගීසීන් තෙත් වූ වෙඩි බෙහෙත් ගෝනි මත එලා වේලනු දුටුවාහ. මේ බව ඊයක බැඳි රහස් තල්පතක් මඟින් රජු වෙත දැනුම් දී ඇත. රාජ නියෝගය වූයේ ඒ වෙඩි බෙහෙත් විනාශ කිරීමයි. දිවි දොස් කන්ද මුදුනේ සිට ඊතලවල බැඳි ගිණි ඇවිල වූ කරුංකා ගෙඩි බැඳ වෙඩි බෙහෙත් වෙත දුනුවලින් ඊතල කීපයක් එක්වර ම පතිත විය. වේලමින් තිබූ වෙඩි බෙහෙත් මහ හඬ නඟා පුපුරා එක ම ගිණි ජාලාවක් බවට පත් විය. ඒ සමඟ ම සැඟවී සිටි සිංහලයෝ තුවක්කු හෙලි දුනු ඊ කඩු රැගෙන පරංගීන් වෙත කඩා පැන්නාහ. අඩ හෝරාවක් ම පැවැති ගන්නෝරු සටනින් පරංගි හමුදාව සමූල ඝාතනය වූ අතර පරංගි ලෙයින් ගැටඹේ තොටේ සුදු වැල්ල රතුපාට විය. මාරාන්තික කඩු පහර කෑ දිගූද මේලෝ කැස්ට්රෝ තම පුතා දෙවන රාජසිංහ රජුට බාර දී අවසන් හුස්ම හෙලුවේය.
1638 ගන්නෝරු සටනින් ලැබූ ජය දෙවන රාජසිංහ රජුගේ රාජ සභාවේ සිටි කවීන් නවදෙනා මෙන්ම ප්රශස්ති හා හටන් කාව්ය කරුවන්ගේ ජය සමරු ප්රශස්ති කවිවලට වස්තු බීජ විය. ශ්රී නාමේ – පවන – රාජසිංහ රාජෝත්තමයා එවැනි ප්රශස්ති කාව්ය කීපයකි.
ගන්නෝරු සටනේ එය සිහිවීමට දෙවන රාජසිංහ රජු තම සහෝදර විජයපාල කුමරු ලවා ජය සමරු බෝධි අංකුර තුනක් සිටුවීය. ගැටඹේ රාජෝපවනාරාමයේ ඇති පඬුරු දමන බෝධිය එසේ රාජසිංහ රජුගේ නියමය පිට විජයපාල කුමරු 1638 රෝපණය කරවූවකි. එය දැනට අවුරුදු 375කට වඩා පැරැණිය. අතු පතර විහිදී ගිය දැවැන්ත ශාඛා පහක් පමණ එහි ඇත. බෝධි පූජාවලට මේ ස්ථානය නම ගිය ස්ථානයකි.
දෙවන ජය සමරු බෝධිය මීට මඳක් නුදුරින් මහනුවර ඇසළ පෙරහර දියකපන තොටුපල අසල පිහිටා ඇත. එය ගඟ අද්දර ම සරු පසක පිහිටි බැවින් මුලවට අඩි හතළිහක් පමණ යුතු හොඳින් ශාඛා පත්ර විහිදී ගිය වෘක්ෂයකි. ඇසළ පෙරහරේ දිය කපන දා මේ දිය කැපුම් බෝධිය අසල දහස් ගණනක් බැතිමත්හු මහ රෑ ගඟට පැන දිය කැපූ පසු නාති. මේ දිය කැපුම් බෝධියේ අතු හා පත්ර හරස් අතට විහිදීම විශේෂයකි. මේ අසළ අලුතින් දිය කැපුම් තොට රක්වංග විහාරය ඇරැඹී ඇත. මේ බිම්කඩ මහනුවර විෂ්ණු දේවාලයට අයිතිය.
තුන්වන ජය සමරු බෝධි අංකුරය එදා පේරාදෙණිය මල්වත්තේ සිටුවා ඇත. සරුවට වැඩී තිබූ මේ බෝධිය 1820 ඉංග්රීසින් පේරාදෙණි මල්වත්ත නැවත සකස් කිරීමේදී කපා දමා ඇත. ගැටඹේ බෝධිය දකින විට 1638 ගන්නෝරු සටන හා සිංහලයන් එහිදී ලැබූ අතිවිශිෂ්ට ජය එක්වර සිහියට නැඟෙයි.










A day in the life