පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-01-03

ගොඩ හොද්ද







පහුගිය දවසක මේ ගොඩ හොද්ද ගැන කෙනෙක් අහල තිබිල මතක්වුණා ඉස්සර කාපු ගොඩ හොදි ගැන.

" ඔය ගොඩ හොද්දක්වත් ඉක්මනට හදල ගනින් යෝදියේ! " කෑම පරක්කු වෙනව නම්, ඉක්මනින්ම උයාගන්න පුලුවන් දේ තමයි ගොඩ හොද්ද.
මේකට ගොඩ හොද්ද කියන්නෙ, ලිපේ තියන්නෙ නැතුව අමුවෙන්ම කෑමට ගන්න නිසා. බත්, දියබත්, පිට්ටු , තලප වගේ දෙයක් එක්ක ආහාරයට ගන්නව. 
පාන් එක්ක නම් කාල නැතිනිසා, ඒ ගැන කියන්න දන්නෙ නෑ.
සමහර උඩරැටියන් මෙයට නිරිහොද්ද කියාත් කියනව. තවත් සමහර ප්‍ර දේශවල දියබත් කියලත් කියනවා.

මේක හදන ක්‍රම කීපයක්ම තියෙනව. වඩාත් ප්‍රචලිත ක්‍රමය තමයි අපි දිය බත් හදන විදිය.

දියබත් හදන විදිය.
1 පොල්කිරි සමග හදන ගොඩ හොද්ද:
අවශ්‍ය ද්‍රව්‍ය:
-පොල් කිරි අවශ්‍ය පමණ( ඉන්න අයට කෑමට හොද්දකට සෑහෙන පමණ.)
⁃ වියලි මිරිස් කරල් කීපයක්.
⁃ රතුලූනු ගෙඩි කීපයක්.
⁃ දෙහි ගෙඩියක්.
⁃ උම්බලකඩ ස්වල්පයක්.
⁃ අවශ්‍ය පමණ ලුණු
⁃ කරපිංචා ඉත්තක්
වියලි මිරිස් කරල් ටික හා කරපිංචා ඉත්ත ගින්නට අල්ලා හෝ කබලක දමා හෝ තරමක් කළු පැහැයට එනතුරු බැදගන්න.
ඉන් අනතුරුව, රතුලූනු ගෙඩි හා උම්බලකඩ සිහින්ව ලියා, පොල්කිරි සමග මුසු කර ගන්න.
බැදගත් මිරිස් කරල් ටික, කැබලි වනසේ අතින් පොඩිකර, පොල්කිරිවලට දා ගන්න. දෙහි හා ලුණු කැමති පරිදි දමා කෑමට ගන්න.
උම්බලකඩ නොමැතිව වුවද සකසාගත හැකියි.
ඇතැම් අය වියලි මිරිස් වෙනුවට, අමුමිරිස් සිහින්ව ලියා දමා මෙය සකසා ගන්නා අතර, වඩා රසවත් ක්‍ර්‍රමය වන්නේ වියලි මිරිස් දමා සෑදීමයි.
දියබත් සමග- රාත්‍රීයට ඉතිරිවෙන බත්වලින් සකසන දියබත්වලට මේවා වෙනමම නොදමා , එකටම දමාද සකසනු ලැබේ.
2 ක්‍රමය:
මේ ගොඩ හොද්ද මට කෑමට ලැබුණේ හම්බන්තොට ප්‍රදේශයේදීයි.
එය සකස් කිරීමට අවශ්‍ය වන්නේ රතුලූනු ගෙඩි ටිකක් හා මැටි නෑඹිලියක් පමණි.
රතුලූනු සුද්දකර, සෝදාගත් මැටි නෑඹිලියක ඇති දාරවල අතුල්ලා උරච්චි කළ යුතුයි. එසේ උරච්චි කරගත් තලපයට සුලු ප්‍රමාණයක් ජලය එකතු කොට, අවශ්‍ය පමණට ලුණු යොදා බත්, පිට්ටු , තලප සමග ආහාරයට ගනු ලැබේ. මැටි නෑඹිලියේ දාරවල හැර වෙනත් තැන්වල උරච්චි කර නියම රසය නොලැබෙන බව පැවසේ!
මා සිතුවේ පොල් සොයාගැනීමට අපහසු නිසා සකසන්නක් බව වුවත්, එසේ නොවන බව පසුව දැනගැනීමට හැකි විය.

ඇග සිසිල් කරන ආහාරයක් ලෙස දියබත් සලකනවා. බඩේ දැවිල්ලට හිස් බඩ බොන එක සුවට හේතුවක් වෙනවා.
ඡායාරූපය
Thusantha Wickramanayake
✍ Channa Withana
A day in the life

2025-01-01

සුබ අලුත් අවුරුද්දක්.





2025 ත් උදාවුනා කියමුකෝ.
රටේ නම් උත්තර නැති ප්‍රශ්න වැලයි.
වර්තමාන පාලනය උත්තර සපයයි කියලා හිතාගෙන ඉන්නේ. එක එක්කෙනා නම් නොයෙක් කතා කියනවා. 
පාලනයට එන කාටත් තියෙන ප්‍රශ්න.
තුනක් තියෙන කොට පෙනුනා වගේ නෙමෙයි.
ගොඩක් තියෙන කොට පෙනෙන්නේ. දැන් දැන් පරණ සෙට් එකට පෙනුනා වගෙයි මේ සෙට් එකටත් පේන්නේ.
අපි ඕවා බුද්ධියෙන් හිතන්න ඕන. ඉන්ධන පිරවුම් පොලක් ගාවදී මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නයකට උත්තර බදින කාන්තාවක් කියනවා " අපි රැවටුනා නොවේ කල්පනා නොකර කල වැඩේ " කියලා.
කියන තරම් ලේසි නෑ කරන කොට.
ආදරේ කරන කොට දාහක් සිහින දකිනවා. විවාහ වෙලා පහුවෙනිදා ඉදන්ම දැකපු සිහින වලට අරුත් හොයන කොට තමයි ඥාණය පහලවෙන්නේ.
ජීවිතේ හැටි ඔහොම තමයි.
අපි දුෂනය පිටු දකිනවා කියනවා. වංචාව පිටු දකිනවා කියනවා දේශපාලන අත පෙවීම් කරන්නේ නැහැ කියනවා.නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා කියනවා.
අනේ මන්දා මේවා කෙහොම නිර්වචනය කරනවද කියලා.
හාල් මෝල්ලු පාලනය කර ගන්න බැරිවුනා. ඒත් මිළ නම් පාලනය කලා. වෙළදපලේ හාල් නැහැ. කුම්බලා මාලු කෑවම දුක විදින්න ඕනි. වියදම් කලා නම් පියවා ගන්නත් ඉඩ දෙන්න ඕනි.
තියරිය ඒකයි. අපි රජයට අමතරව මුදලාලිලාටත් බදු ගෙවනවා.
බලමු 2025 දිවත් හරි පීල්ලට වැටෙයි ද කියලා.
ළමයි ඉපදුන හැටියේ ඇවිදින්නේ නැහැ කියලනේ කියන්නේ.
බඩු මිළ වැඩිවෙන කොට පොඩි පොඩි පීඩන එන කොට එහෙම කියනවා.
යම් යම් ප්‍රතිලාබ දකින කොට ඒ ළමයි දුවනවා.
අපි ඉතින් රුවටෙන්න ඕනි.
නැත්නම් බයියෝ වෙනවා. බත් කන හරක් වෙනවා. අවජාතකයෝ වෙනවා.තණකොල එවන්නම් කියනවා.
ඊයේ පෙරේදා මම දැක්කා මේ කට්ටියත් එක්ක බැහැ . කාඩර්වරු ඒ ඒ තැන්වල ස්ථාන ගත කරන්න ඕනි කියලා මාධ්‍යයක කවුදෝ කියලා තිබුනා. ඒකෙන් හැගෙන්නේ කන්ඩායම් දෙකක් ඉන්නවා කියලා.
කාඩර්වරුන් හරියට කරනවා නම් එයාලත් ස්ථාන ගත කරලා හරි " මේ සිහිනෙන් අප මුදවන්න " 2025 දී වත් උත්සහා කලොත් "වෙරි ගුඩ් " නේ.
සුබ අලුත් අවුරුද්දක් ඔබ සැමටත් මටත්.




A day in the life