පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-12-20

සාගර පලන්සුරිය







ආචාර්ය සාගර පලන්සූරිය සාහිත්‍යවේදියාණන් 1908-03-31 උපත ලබා  රට ජාතිය ආගම ප්‍රධානව අපේ භාෂා සාහිත්‍යයේ ක්ෂේත්‍රයෙහි පුළුල් මෙහෙවර උදෙසා ඇප කැප වී සිට 1961 ජුනි 22 දින දිවි කතරෙන් එතෙරවිය.

කේයස්, කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි, ආචාර්ය සාගර පලන්සූරිය, හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර පලන්සූරිය, අටකලන්කෝරළේ ප්‍රාඥයා, හද්දා පිටිසර ගැමියා, කවියා, ලේඛකයා, පුවත්පත් කලාවේදියා, ගුරුවරයා, කම්කරු නායකයා, දේශපාලනඥයෙකු නොවූ පොදු ජන නායකයා ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය.

පීබී.කියන පරිද්දෙන් කේයස් ස්වකීය කෙටි ජීවිත කාලය සම්පූර්ණයෙන්ම ගතකළේ රට උදෙසාය. අනුන් උදෙසාය. උපතත්, මරණයත් අතරදී නැවත නැවතත් උපන් පුද්ගලයෙකි. අන් අය දවසින් දවස මරණය වෙත ළඟාවෙද්දී කේයස් තම ජීවිතයේදී ගෙවී ගිය හැම මොහොතක්ම රටේ යහපත පිණිස යොදවමින් ජීවත් වූයේය.'

'කේයස් මියගියේ 1961 ජුනි 22 වැනිදාය. ඔහුගේ මළසිරුර දහසක් දෙනාගේ හදවත් දැවෙමින් දැවී ගිය ද ඔහු මළ බව විශ්වාස කිරීමට අපහසු වන්නේ සිය ජීවිතය අප අතර රඳවා ගිය නිසාය. කේයස් වැනි විවිධ වාසනා ශක්තීන් ඇති විවිධ කාර්යයන්ට සාර්ථකව අත ගැසිය හැකි පුද්ගලයන් ඕනෑම රටක බිහිවන්නේ කලාතුරකිනි. එවැනි වාසනා ශක්තීන් ඇති පුද්ගලයන් හට එදත් අදත් කවදත් ඉඩකඩ නැති, ඔබ හා මා උපන් රටෙහිම බව හැඟීමෙන් අපට ඇතිවන්නේ බලවත් දුකකි.'

'කේයස් උපන් රටේ ඔහුගේ අතපය දිගුකිරීමට, ඔහුගේ නියම පෞරුෂත්වය පෙන්වීමට ඉඩකඩ මදවීම පුදුමයක් නොවේ. ඔහු ඉපදිය යුතුව තිබුණේ අවුරුදු දහස් ගණනකට පෙර දඹදිවය. නැතහොත් සොක්‍රටීස්, ඇරිස්ටෝටල් ආදීන්ගේ ජන්ම භූමිය වූ ග්‍රීසියේය. කොන්පියුසියස් උපන් ගුප්ත චීනයේය. පුදුමය නම් අතපය දිගහැරීමට ඉඩකඩ නැති රටක දුප්පත් පවුලක ඉපදුණු මෙවැනි කෙසඟ සිරුරක් සහිත පුද්ගලයෙක් සිය කෙටි ජීවිත කාලය තුළදී ලද සීමිත අවසරයෙන් නිසි සේ ප්‍රයෝජන ගෙන රටට හා සාහිත්‍යයට සදා වටිනාකම් ඇති සේවයක් කිරීමය.' මෙසේ පවසන්නේ විමලරත්න කුමාරගමයන්ය.

කේයස් ගැන ලියන විට සුදෝ සුදුවෙන් පටන් ගත යුතු යැයි සිතමි.

'සුදෝ සුදුවෙ' කවි අපේ වැඩිහිටි පරපුරට අදත් කටපාඩම්ය. සඳැස් කවිය අළලා නිබන්ධනයක් විශේෂාංගයක් රටට, ගමට, ජනතාවට බෙහෙවින් සමීප විද්වත් දේශනයක් ආරම්භ කරන කල්හි සුදෝසුදු වේ හරබර, රසබර කවියක්, වැකියක් මුල්කර ගැනීම එදත් අදත් කවදත් අපි දුටුවෙමු. ඇසුවෙමු. වින්දනය ‍කළෙමු.

1956 මහා මැතිවරණයේ හොරණ දේශපාලන අසුන තරග කරන්නට සුදෝ සුදු ලියූ සාගර පලන්සූරිය කවියා මහජන එක්සත් පෙරමුණෙන් පිලිප් ගුණවර්ධනගේ අනුගාමිකයෙක් ව ඉදිරිපත් වෙනවා යැයි ඇසූ මොහොතේ හොරණ ප්‍රදේශයේ ගම්බද නිවෙස්වල හැන්ඳෑ පාළුව මකන පැයේදී කේයස්ගේ කවි සංකල්පනා රයිගම්පුරය පුරා ගමේ , වමේ සුහදයන්ගේ දෙසවන් ඔස්සේ පැතිරී ඉතිරී ගියේය.

එකල ජනකවි ගැමියන්ගේ ගැමි ජීවිත අළලා හරබරව සකස් විණි. හොරණ ප්‍රදේශයේ කිහිප තැනක කවි සන්ධ්‍යා පැවැත්විණි. වෙල් අද්දර පිල්ලෑවෙන් සුළං රොටු බදාගත් මිහිර ගම රට පුරා මහත් සෙනෙහසින් පාවී යමින් පවතිද්දී අපි සාගරගේ කවි මිමුණුවෙමු. එකල හොරණ හැම ගමකම කවියෝ සිටියහ. කවි මඩු පැවැත්විණි. සාගර පලන්සූරිය කවියා පෙරටු කරගෙන අල්විස් පෙරේරා, මුනිදාස වික්‍රමනායකගේ වාහනයෙන් ඡන්ද ප්‍රචාරය කරන්නටත් පෙර සාගරගේ කවි රැස් හොරණ පුරවරය පුරා පැතිරී ඉතිරී ගොස්ය.

ඇත්තෙන්ම ඒ කාලයේ ගොඩ මඩ දෙකම සරු සාරය පලබරය. අද මෙන් හැම තැනම පිරි සුපිරි කඩෙසාප්පු නැත. කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවරය. අපි සාගර ගැමි දරුවා සොයා සබරගමුවේ ඈතම ඈත අටකලන් කෝරලේ නිවිතිගල ප්‍රදේශයේ ඈත ඉසවුවට යමු.

අහසින් වැටෙන වැහි බිඳු පහළටම වැටේ
අඳුරේ නමුත් සුළඟට අතු රිකිලි නැටේ
(දේදුන්න - විසිවුණු තරු)

වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ
ගොම මැටි නොගෑ බිම පොඩි වළවල් හෑරේ
කටු මැටි බිත්තියේ පොළවට බර තීරේ
(පිටිසර සිරියාව)

අපි කණ උන්දෑගේ ගෙපැල පසුකර ගමන් ‍කළෙමු. අතරමඟදී සිමියොන් බාස් උන්නැහැ දුටුවෙමු. යක්ගහලේ දොළත් පසුකළෙමු. නිවසක කම්මැළි වී වැනෙයි පොල්තෙල් පහනෙ සිල. ඒ මල්හාමිගේ නිවස බව යන්තමින් හැඳින ගතිමි. අපි තවමත් අපේ කවියාගේ වත ගොත නොදනිමු.

පැරණි සීතාවක යුගෙහිදී රාජසිහ දෙවි නිරිඳු හාමී
නළල් පට කඩු බැන්ද වැදගත් පරපුරක දිනු ගොරොක හාමී
පියාණන් විය, මවය හේනක ආරච්චිලගෙ යසෝහාමී
අපේ කවියා පලන්සූරිය මොහොට්ටාලගෙ අප්පුහාමී

අප්පුහාමිගෙ පියා විසුවේ එදා ගම්බද රජ කෙනෙකු මෙනි
සබරගමුවේ බොහෝ පෙදෙසක ඔහුගෙ බලතල පැතිර පැවතුනි
මහන්තත්වය රකින්නට ගොස් පවුල අයසට වැටෙන විලසිනි
තමන් සතුවූ ඉඩම් අක්කර දහස් ගණනක් නොමිලයේ දුනි

සිය ඉඩම්වල මැණික් ලද විට රටේ මහතුන් ළඟට ගෙන්නා
තෑගි බව පෙන්වමින් ඒවා නොමිලයේ උන් අතට දුන්නා
ඔහු මියෙන විට ඉසුරු පිරිහී ගෙයත් ඉඩමත් මිසෙක ඉන්නා
අඹුදරුන්හට කිසිත් නොතිබුණි ඔවුහු තනිවු විපත ගෙන්නා

තමන් සැමියා මැරුණු පසු ලද නොයෙක් දුක් කම්කටොලු අස්සේ
ගෙයත් ඉඩමත් අහිමි වී ගොස් සතුරු කරදර විපත ඔස්සේ
දිනක් කඳුළින් දෙනෙත තෙත් වී අකුණු පුපුරා හැළෙන වැස්සේ
කිවිඳුගේ මව කුඩා දරුවන් සමඟ සුසුමින් දොරට බැස්සේ

කේයස් - පී. බී. අල්විස් පෙරේරා - පී: 74-75 පළමුවන මුද්‍රණය, 1961 අගෝස්තු
දරුවෝ මවත් සමඟ මාමා ළඟ නතර වූහ. අයියා - අප්පුහාමි මාදම්පේ පාසලට ගියේය. මල්ලී ඩිංගිරි බොහෝ දිනවල පාසල් ගියේ නැත. වල් වැදුනේය. යහගහලේ දොළ ඔවුනට සොඳුරු තැනක් විය.
දවසක උසස් කවියකු වන මෙම කොලුවා
සෝදා දෙපා සිපගෙන මේ ඇළ ගැලුවා (සාගර පි. 79)‍‍

අයියා වරායායේ පන්සලේ රැඳුණේය.
ඩිංගිරි ආපසු ගමට යන්නට හැරුණේය. 
අතරමඟදී හමුවූ ඇත්ඔය පැණතිස්ස හිමි ඩිංගිරි පැවිදිකර ගත්තේය.
 එතැනින් වැඩිදුර ඉගෙනුම සඳහා කලල්ඇල්ලේ පේමානන්ද පොඩි හාමුදුරුවෝ බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමිපාණන්ගේ සෙවණට පිවිසියේය. 
එතැනින් පේමානන්ද හිමියන්ගේ ඉදිරි ගමන් මඟ සැකසිණි. 
මෙහිදී ස්වදේශීය මිත්‍රයා පුවත්පතේ කර්තෘ ජී. ඩබ්. වික්‍රමාරච්චි, සිංහල ජාතිය පුවත්පතේ කර්තෘ පියදාස සිරිසේන, ශ්‍රී ධර්ම ශ්‍රී සඟරාවේ කතුවර පී. කේ. ඩබ්ලිව්. සිරිවර්ධන, කවි කිරුළ සඟරාවේ කර්තෘ කේ. වී. ඩී. අදිකාරම් වියතුන්ගේ සබඳකම් ඔස්සේ පේමානන්ද හිමියන්ගේ සහජ දක්ෂතා ඔප්නැංවිණි. 
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, තල්පාවිල ශීලවංස, වල්පොල රාහුල හිමිවරුන් පොඩි හාමුදුරුවන්ගේ කවීත්වය ඔස්සේ සබඳතා ගොඩනැඟුණි. 
හදිසියේ උපැවිදි වූ පේමානන්ද හිමි නැවත කෙටි කාලයකින් කලල්ඇල්ලේ ආනන්ද සාගර නමින් යළිත් පැවිදි ජීවිතයට පිවිසියේය. 
එකල ද ගුරු හිමිපාණන් වූයේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රය නාහිමිපාණන්ය.

මෙකල වන විට කලල්ඇල්ලේ ආනන්ද සාගර කේයස් නමින් පුවත්පත් කවි සඟරා රාශියක මුදුන්පෙත්තෙහි රැඳුණු බව සුවිශේෂව සටහන් කරමු. දේදුන්න, මීවදය, අඹවනය, බෙලිවනය කවි සඟරාවන්හි කාව්‍ය නිර්මාණ රාශියක් පළවිය.

මේ අනාගත කවියා, ලේඛකයා, පුවත්පත් කලාවේදියාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් පහළ වූ වකවානුවයි.
1931 නොවැම්බර් මාසයේ ආනන්ද සාගර හිමි වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ඇතුළත් වූහ. මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ සමීප ඇසුර ලද සාගර හිමි ඒ මං පෙත් ඔස්සේ නිර්මාණ ශක්තිය පුළුල් කර ගත්හ.
1937දී සාගර හිමිපාණෝ දිවයිනට ආපසු වැඩම කළහ. 
පෙරදිග පුරා ශිල්ප ශාස්ත්‍ර ලෝකය පැතිර වූ කොළඹ ආනන්ද විදුහලේ ආචාර්යවරයෙකු වශයෙන් අතිශය දුර ගමනකට පියවර තැබූහ.

හතළිහේ දශකයේ  කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන ලාංකීය නිදහස් අරගලයේ ප්‍රදීපාගාරය විය. විද්‍යාලංකාර පිරිවෙන්හි වැඩ විසූ බඹරැන්දේ සිරිසීවලී, යක්කඩුවේ ප්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති බඳු ශ්‍රේෂ්ඨ විශිෂ්ට යතිවරුන්ගේ ගමන් මඟට පිවිසි සාගර හිමි ඒ පියමං ලකුණු ඔස්සේ නව මාවතකට පිවිසියහ.
විද්‍යාලංකාර පරිශ්‍රයේ නිදහස් පරිසරය නිදහස් මතධාරීන්ගේ ගිහි පැවිදි උතුමන්ගේ විද්වතුන්ගේ සමාගමය සාගර හිමිපාණන්ට නොඅඩුව ලැබුණි. 
ජන හද බැඳගත් සුදෝ සුදු කාව්‍ය නිර්මාණය එළිදුටුවේ මෙම පරිසරය තුළිනි. කැලණි විත්ති, ගමේ ඇත්තා, මල්හාමි, ගොවි පෙරමුණ, විසිවුණු තරු කාව්‍ය පොත් ගණනාවක්ම පළවිණි. සාහිත්‍ය ග්‍රන්ථ රාශියක් ද පළ කෙරිණි. සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ රාශියක්ම සංස්කරණයෙන් පළ කළහ. සම්භාව්‍ය කෘති රාශියක්ම අනුවාද කළහ.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ මේ ජනතා අරගලයට සාගර හිමිපාණන් ද පෙරමුණ ගත්හ. 1946 මහා වැඩවර්ජනයට සහාය දැක්වූ අතර, ගෝල්ෆේස්හි පැවැත්වූ ජයග්‍රාහී ජනරැලියේදී චතුර දේශනයක් ද පැවැත්වූහ. මෙසමයෙහි කුරුණෑගල මලියදේව විදුහලේ ගුරු වෘත්තියෙහි නිරත විය. භික්ෂූන්ට දේශපාලනය අකැප යැයි රටේ පාලක පක්ෂයෙන් එල්ල වූ බරපතළ චෝදනාවත් සමඟ විද්‍යාලංකාර ප්‍රකාශනයක් ද එළිදැක්විණි. භික්ෂුව හා දේශපාලනය හා විනය නමින් යක්කඩුවේ ප්‍රඥාරාම හිමිපාණෝ 'කාලය' පුවත්ප‍ෙත් ලිපි පෙළක්ම පළ කළහ. ගුරු, ගොවි, කම්කරුවන් ප්‍රධාන ප්‍රගතිශීලී බලවේගයට ශක්තියක් වෙමින් සාගර හිමිපාණෝ උපැවිදි වූහ. 
'සූරිය' නමින් ලංකාදීප පුවත්පතට ලිපි පෙළක්ම පළ කළහ. පසුව ලංකාදීප කර්තෘ මණ්ඩලයට ද එක්විය.
1948දී සාගර පලන්සූරිය යාපනයේ 'යාපන විද්‍යාලයට' අනුයුක්ත විය. ජැෆ්නා කොලීජියෙහි සේවය කරමින් ඔහු ඉතා කෙටි කලකින් යාපනය සමාජය සමඟ මිත්‍ර සබඳතා ගොඩනඟා ගත්තේ සිය සමාජ දර්ශනයට ශක්තියක් ලබා දෙමිනි. ඒ අතර 1948 නොවැම්බර් 26 වැනිදා ග්ලැඩිස් චන්ද්‍රා මෙනවිය සමඟ විවාහ වූයේය.
යාපන විද්‍යාලයේ විදුහල්පතිව සිටි කේ. එස්. එස්. සෙල්ලයියා මහතා සාගරගෙන් ගෞරවනීය ඉල්ලීමක් කළේය. සිංහල භාෂාව, සිංහල සාහිත්‍යය, පාලි භාෂාව සහ බෞද්ධ දර්ශනය ද්‍රවිඩ ශිෂ්‍යයින්ට ඉගැන්වීම ඉතා සාර්ථක විය. විවේක කාලය තුළ ගිරා සංදේශය සහ ධම්මපදය ඉංග්‍රීසියට පරිවර්තනය කළේය.
 මෙසමයෙහි සාගර මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයෙහි සේවය කළේය.

1956 මහා මැතිවරණ සටන ආරම්භ වූ කාල පරාසයයි. එවකට සාගර පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයට එක්ව සිටියේය. පිලිප් සහ සාගර අතර දැඩි සබඳකමක් තිබුණි. මහජන එක්සත් පෙරමුණෙන් හොරණට ඉතා ගැළපෙන අපේක්ෂකයෙකු සොයන අවධියයි. සාගර පලන්සූරිය ඡන්දයට ඉදිරිපත් වූයේ හිටපු මුදල් ඇමැති ඇම්. ඩී. එච්. ජයවර්ධනයන් සමඟය. මුළු රට පුරා ඇම්. ඩී. එච්. සාගර ඡන්ද සටනට හිමිවූයේ ප්‍රමුඛස්ථානයකි. සාගර වැඩි ඡන්ද 11,750ක් ලබා විජයග්‍රහණය කළේය. මැති සබය තුළ සාහිත්‍ය භාෂාව සංස්කෘතිය සම්බන්ධ සාකච්ඡාවලදී සාගරගේ නියෝජනය සුවිශේෂී විය. උගුරේ ආබාධයක් නිසා සාගර මැතිසබයට නොගියේය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි පර්යේෂණ අංශයේ රැකියාවක් ලැබුණි. මෙහිදී බලවත් ලෙස රෝග පීඩාවට පත් සාගර 1961 ජුනි 22දා සවස් වරුවේ ජීවිතයෙන් සමුගත්තේය.

 බන්ධුල ආර්. ගුලවත්ත මහතාගේ ලිපියක්  සංස්කරණයෙන්.

2021 ජුලි 23 දිණමිණ.

පිටිසර සිරියාව | සාගර පලංසූරිය

වහලේ සිදුරු අතරින් වැහිබිඳු බේරේ
ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ
කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ
මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ
නිල මැසි රොදින් යටවුණු කැතකුණු කසළ
කෝඳුරු කරල් ඇත එල්ලුණ ගෙයි වහල
මේ ගෙට තිබෙන කමතක් වැනි පොඩි මිදුල
තණ කොළ උඩින් මතුවුණු තුත්තිරි අකුල
කකුලක් බිඳුණ බංකුව, වැල් කැඩුණු ඇඳ
මේ මුළු ගෙටම ඇති ලී බඩු දෙකය හොඳ
මෝවිට ලිහුණු මාගල ලණු පොටක බැඳ
එල්ලා තිබේ ගෙයි යට ලීයකට ඇඳ
ගේ හරියටම නොකැඩුණු බඳුනක් නැත්තේ
කළගෙඩියේ පැලැස්තර හත අට ඇත්තේ
කුස්සිය කියන ගව මඩුවේ ලිප මත්තේ
කසායක් දෙකක් මොන දවසෙ ද නැත්තේ
දැළිකුණු වැකුණු ඇයගේ වැරහැලි රෙද්ද
ලිපකට දැමූවිට අයියෝ ඇවිලෙද්ද
සැප යනු ඇයට මොන තරමේ බොරුවක්ද
ඇගෙ දුක අපායකවත් ඇත්තට ඇද්ද
හාමත නිසා ලේ මස් ඇඟපතට නැතී
වැහැරී ගිය දුබල ඒ ඇත්තියට හතී
දෙනෙතේ නිතර පාහේ දුක් කඳුළු ඇතී
දුප්පත් කම පෙනේ ඇගෙ සියොළඟම එතී

-සාගර පලන්සූරිය.





A day in the life

2024-12-17

මරිය මග්දලේනා'






'
මරිය මග්දලේනා ශුද්ධවූ බයිබලය තුළ තවත් කැපී පෙනුණු චරිතයක් විය. එහෙත් ශුද්ධවූ බයිබලයේ පවා ඇයගේ සම්පූර්ණ වතගොත සඳහන් වී තිබුණේ නැත.
ඊශ්රායලයේ, මග්දලා නුවර, ඇය උපත ලැබූ බවත්, තුර්කියේ සෙලන් නගරයේදී ඇය මියගිය බවත්, ඇයට බෙන්, හා ඩේවිස් යනුවෙන් සහෝදරයන් දෙදෙනෙක් සිටි බවත් ඇය ගැන කල ගවේශනයේදී සොයා ගත හැක. මග්දලා නුවර එකළ ප්රසිද්ධ වී තිබුණේ ධීවර කර්මාන්තය ටය. ඇය ගේ පියා සයිරස් නම් තැනැත්තෙක් වූ අතර,මවගේ නම එයුචරින් විය. ඔවුන් වත් පොහොසත් කම් වලින් සැපිරූ ධනවත් පවුලක් විය.
මරියා ට මග්දලේනා කියා නමක් තිබුණේ නැත. ඇය මග්දලා නුවර වෙසෙන නිසා එකී නගරයේ නම ඇයගේ නමට කෙළවරින් එකතු වී මරිය මග්දලේනා කියා බෞතීස්ම වී ඇත .
වත් පොහොසත් කම් ඇති පවුලක ස්ත්රියක් අනාචාරයේ හැසිරීමට ප්රධනතම හේතුව වුයේ, රාගාධීක බව පාලනය කිරීමට ඇති අකමැත්තය. එයට ඇයගේ අසාමාන්ය වූ සුරූපි බවත්, හැඩ කාර සිරුරත් හේතු විය. ඇත්තෙන්ම මරිය මග්දලේනා වෛශ්යාවක් වූයේ නැත. ඇය තම අනාචරයෙන් මුදල් ඉපයූවේ නැත. ඇය උපතින්ම ධනවත් තරුණියක් නිසා, ඇය ජීවිතය සෙල්ලමකට ගෙන, ඇති තරම් විනෝද විය. ඇයට ප්රිය මනාප මිනිසුන් සමඟ යහන් ගත විය. එහී ගානක් මිම්මක් නැත. මේ හෙයින් නගර වාසින් ඇයව සැලකූයේ පව්කාර ස්ත්රියක් ලෙසටය.
ඇය ශුද්ධවූ බයිබලයේ කැපී පෙනෙන චරිතයක් වනුයේ ඇයට ක්රිස්තුස් වහන්සේ මුණ ගැසුණු පසුව ය. ඇයගේ සීමා රහිත නොමනා හැසිරීම තව දුරටත් ඉවසා ගත නොහැකි වු නගර වාසින් ඇයට ගල් ගසා මරා දැමීම සඳහා ඇය පසු පස එළවා එන නිසා ඇය දිව ගොස් නැවතුනේ ක්රිස්තුස් වහන්සේ ගේ පා මුලය.
ක්රිස්තුස් වහන්සේ එම සිදුවීම තේරුම් ගෙන, ඇය පසු පස දිව ආ නගර වාසින් ට කීවේ, පළමු ගල ඇයට ගැසිය යුත්තේ කිසිදු වරදක් නොකෙරූ අයෙක් කියාය. ඇය පසු පස ගල් අතේ තබාගෙන දිව ආ නගර වාසින් අතර, ඇය සමඟ යහන් ගත වූවන්ද සිටියහ. ක්රිස්තුස් වහන්සේ, නිවැරදි කරුට මුල් ගල ගැසීමට කිව් පසු, ඔවුන් සියල්ලම ගල් බිම දමා ආපසු හැරී ගියහ.
එතැන් පටන් ඇය ක්රිස්තුස් වහන්සේ ගැන පැහැදී, එතුමන් පැහැදිලි කරන ධර්මය අවබෝධ කර ගෙන , එතුමන්ගේ අනුගාමිකයෙක් ලෙස එතුමා පසු පස ගියාය.
මරිය මග්දලේනා වැනි අනුරාගීක ස්ත්රියක් ,එවකට තාරුණ්යයේ පසුවන ක්රිස්තුස් වැනි කෙනෙක් වෙනුවෙන් තමා එතෙක් ගෙන ගිය පව්කාර ජීවිතය අත්හැර එතුමා පසු පස යෑම ගැන කෝණ කීපයකින් බැලිය හැක. ඇය සත්ය වශයෙන්ම තම ජීවිතය ගැන කළ කිරුනාද, නොඑසේ නම් තරුණ ක්රිස්තුස් ලඟ ගැවසීමට ප්රිය වුනාද ,එසේත් නැති නම්, ක්රිස්තුස් විසින් තමන්ගෙ ජිවිතය රැක දුන් නිසා, ඊට කෘතඥතාවය පළ කිරීම නිසා එතුමා සමඟ සිටියාද කියා කො⁣තැනකවත් සඳහන් නොවීය. මරියා මග්දලේනා ද, තම ජීවිතයේ සිදු වූ කිසිදු සිදුවීමක් කුමන අයුරකින් හෝ සඳහන් කර තිබුණේ නැත. එහෙයින්, මේ සිදුවීම තුළ වූ විවිධ පැති කඩ, එකල, ඒවා ලේඛන ගත කළ අයගේ උපකල්පනයන් යැයි සිතිය හැක.
තරුණ වියේ පසුවූ ක්රිස්තුස් වහන්සේ ත්, අතීශයින්ම රූමත් අනුරාගීක ස්ත්රියක් වූ මරිය මග්දලේනා අතර, අනුගාමීත්වය ට වඩා එහායින් ගිය සබඳ කමක් තිබූ බවක් ඇතැම් ලේඛනයන් හී සඳහන් වී තිබුණි. ක්රිස්තුස් වහන්සේ වූවද මෙලොවට පැමිණියේ මනුෂ්යයෙකු ලෙසය. එහෙයින් තාරුණ්යයේ පසුවූ ක්රිස්තුස් තුල මනුෂ්ය හැඟීම්, දැනීම්, ඇති නොවෙනවා නොව. මෙය තහවරු කිරීම වස් බයිබලයේ කිසිදු තැනක සඳහන් නොවුනද, ඉන් පිට ලියූ විකල්ප ලේඛනයන් හී, ක්රිස්තුස් හා මරිය මග්දලේනා ගැන ලියවුණේ ඔවුනත⁣රේ ගැඹුරු සබඳතාවයක් ඇතිවූ බවක්ය. ඇතැම් තැන්වල මරිය මග්දලේනා ක්රිස්තුස් වහන්සේගේ බිරිඳ ලෙස ද හුවා දක්වා තිබුණි. නමුත් ඒවා සනාථ කිරීමට නිවැරදී කරුණු ඉදිරිපත් කර තිබුණේ නැත.
ක්රිස්තුස් වහන්සේ ගැන නිර්මාණය වූ දැවැන්ත සිනමා කෘති තුළින් ද, ක්රිස්තුස් හා මරිය මග්දලේනා ගේ සමීප සම්බන්ධය ගැන ⁣නොපෙන්නුවද, එක් දහස් නමසිය හැත්තෑ දශකය තුළ ඇමරිකානු තරුණ නිර්මාණ ශිල්පින් පිරිසක් විසින් නිපදවූ සංගීතමය රොක් ඔපේරා චිත්රපටයක් වූ 'ජීසස් ක්රයිස්ට් සුපර් ස්ටාර්' චිත්රපටයේ නම් ක්රිස්තුස් වහන්සේ හා මරිය මග්දලේනා අතර සමීප සබඳ කමක් තිබූ බවක් මෙන්ම ඔවුන් එකට ජීවත් වූ බවක් පෙන්වා තිබුණි.
මරිය මග්දලේනා ක්රිස්තුස් වහන්සේ හා එක්වීමෙන් එතුමන් හා අපෝස්තුළු වරුන් එක්ව පිහිටුවා ගත් ශුද්ධවූ සභාව, සඳහා ආර්ථීක හා මුල්යමය සහයෝගය දීමට මරිය මග්දලේනාට හැකි වී තිබුණි. බයිබලයේ සඳහන් වී ඇති පරිදි ක්රිස්තුස් වහන්සේ හා එක්වුනු අපෝස්තුළු වරුන්, එසේ එක්වූයේ තමන් කරමින් සිටි රැකියාවන් අත් හැර දමාය. වරක් දෙවරක් ක්රිස්තුස් වහන්සේ තම ප්රාතිහාර්ය තුළින් කෑම දුන්නද, එසේ දිගටම එය සිදුවූයේ නැත. එහෙයින් ඔවුනොවුන්ගේ මූලික අවශ්යතාවය න් ඉෂ්ඨ කරගැන්මට මුදල් අවශ්යය විය. ජෝශප් වැනි වඩුවෙකුගේ පුත්රයෙකු වූ ක්රිස්තුස් ටත් ඒ හැටි මුදලක් තිබුණේ නැත. තම ජීවිකාව සඳහා ක්රිස්තුස් වහන්සේ වෘත්තිය ක් කළ බවක් ශුද්ධවූ බයිබලයේ සඳහන් වෙන්නේ නැත. විටින් විට තම පියා වූ ජෝශප් ගෙ වඩු මඩුවේ ඔහුට අත් උදව් දුන් බව සඳහන් වූවද, ක්රිස්තුස් වහන්සේ අත යහමින් මුදල් ගැවසුණු බවක් නොපෙනුනි. එසේ මුදල් ගැවසෙන්නට ක්රමයක්ද නොතිබුණු. මරිය මග්දලේනා ක්රිස්තුස් වහන්සේටත්, එතුමන් හරහා එතුමන්ගේ ගෝලයන්ටත් මුදල් මය උපකාර කළ බවක් සපත වන්නෙ මෙතැනදී ය.
ක්රිස්තුස් වහන්සේ ගේ මව් තුමිය සමඟ දැඩි සම්බන්ධ තාවයක් මරිය මග්දලේනා ඇති කර ගෙන තිබුණි. එතුමිය ඇයට සලකා ඇත්තේ තම ලේලිය ලෙස යැයි ඇතැම් ලේඛන වල සනිටහන් වී තිබුණි. එහී සත්යතාවය කොතෙක්දයත් නොදනී මුත්, මරිය මග්දලේනා බොහෝ අවස්ථාවල සිටියේ මරිය තුමිය සමඟ මය. ක්රිස්තුස් වහන්සේ කුරුසියේ මිය යන අවස්ථාවේ දීත් කුරුසිය පාමුල මරිය තුමිය සමඟ සිටියේ මරිය මග්දලේනාය. එතැන තවත් ස්ත්රියක් සිට ඇත. ශුද්ධවූ මාර්ක් ලියූ සුවිශේෂ යේ සඳහන් වන්නෙ ඒ ස්ත්රිය සැලෝමි බවය.
ක්රිස්තුස් වහන්සේ කුරුසියේ මිය ගිය බවටත්,එතුමාගේ නිසල සිරුර ගල්ලෙනක තැන්පත් කර ගල්ලෙන් දොර විශාල ගලකින් ආවරණය කෙරු බවට, ඇසින් දුටු ප්රබලම සාක්ෂිය වූයේ මරිය මග්දලේනාය. සාමාන්යයෙන් කුරුසියේ ඇණ ගසන බොහෝ වැරදි කරුවන් කුරුසියේ සිටිද්දීම උකුස්සන් විසින් කා දමනු ලැබේ. ⁣නොඑසේ නම් කුරුසියේ දීම මිය ගිය පසු එය බිමට බා ගත් සැනින් එතනට එන දඩ බල්ලන්ට එකී මිනී ආහාරයක් වනු ඇත. ක්රිස්තුස් වහන්සේගේ නිසල සිරුරට එවන් කිසිඳු දෙයක් සිදු නොවූ බව මරිය මග්දලේනා සාක්ෂි වූ බවක් ද ශු මාර්ක් විසින් ලියා තිබුණි.
එලෙසම දින තුනකට පසු ක්රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී, ගල්දොර හරස් කර, තිබූ ගල ඉවත් කර, ගල්ලෙනෙන් නික්ම ගොස් ඇති බවක්ද, සපත කරනුයේද මරිය මග්දලේනා ය. ඒ, ඇය තුන්වන දිනයේ ක්රිස්තුස් වහන්සේ සිටිනවාදැයි කියා එතුමා තැන්පත් කෙරූ ගල්ලෙනට පැමිණ පසුවය.
ක්රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු දින හතලිහක පමණ කාලයක් අජීවීව, හා සජීවීව අපෝස්තුළු වරුන් විටින් විට සම්බන්ධ විය. එතුමා මරිය මග්දලේනා හමුවේ ද කීප විටක් පෙනී සිට ඇත. එලෙසම එතුමාගේ අහස් නැගීම ද, මරිය මග්දලේනා විසින් තම සියැසින් දුටු බව සඳහන් වී ඇත. මේ කරුණු සෘජුවම ශුද්ධවූ මාර්ක්, ශුද්ධවූ ලූක් හෝ ශුද්ධවූ මතායෙස් ගේ සුවිශේෂයන් හී සඳහන් නොවූව ද, තිදෙනාගේම ලේඛන වල මෙයට සමාන සිදුවීම් වෙනත් කෝණ වලින් ලියා තිබුණි.
ක්රිස්තුස් වහන්සේ ගේ අහස් නැගීමෙන් පසු මරිය මග්දලේනා දිගටම මරිය තුමිය සමඟ සිටියාය. ඒ අතරේදී ද ඇය ක්රිස්තුස් වහන්සේ ගේ පණිවිඩය පේදුරු සමඟ එකතු වී ජනතාව අතරට රැගෙන ගියාය.
පසු කලෙක ඇය පේදුරු සමඟ එකට ජීවත් වූ බවක්ද ඇතැම් ලේඛන වල ඉඟි දී තිබුණි. කෙසේ වෙතත්, ඇය අවසන් කාලයේදී වාසය කර ඇත්තේ තුර්කියේ සෙලන් නගරයේය. ඒ කා සමඟ ද කියා සඳහන් වී නැත. නමුත් ඇය මිය ගොස් ඇත්තේ සෙලන් නගරයේදී මය.
1946 දී මැක්සිකොවේ 'මරිය මග්දලේනා' නමින් ඇයගේ පුරාවෘත්තිය ගැන චිත්රපටයක් නිර්මාණය කළ අතර, 1954 දී ආජන්ටිනා සිනමා කරුවන්ද, එම නමින්ම චිත්රපටය ක් නිපදවිය. 'මේරි මග්දලේනා' නම් තවත් චිත්රපටයක්ද, ඇමරිකානු වන් ගේ අතින් 2018 දී නිර්මාණය වූ අතර, ඇමරිකාවේම 2019 දී මරිය මග්දලේනාගේ කථාව ඇතුලත් රුපවාහිනි කථා මාලාවක් නිපදවිය. ඒ හැම නිර්මාණයන් තුළ, ඇයගේ කථාව එකී අධ්යක්ෂක වරුන් ගේ දෘෂ්ටියන්ට අනුව නිර්මාණය වූ අතර, ඒවා එකිනෙකට පරස්පර විය. ඒවා තුළින් ඇයගේ සැබෑ තතු හෙළිවූවාදැයි නම් සැක සහිතය.
පසු කලෙක කතෝලික සභාවට වුවද ප්රශ්නයක් වී තිබුණේ පව්කාර ස්ත්රියක් ව සිටි මරිය මග්දලේනා ව ශුද්ධවන්ත ස්ත්රියක් කරන්නේ කෙසේද කියාය.
-ශෝන් මැක්ස්මස් දිසානායක-
day in the life