පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-12-09

නස්රුදීන් - බඹරු දැක්කම අකුලගන්න මල්






ස්රුදීන් ට රජමාලිගාවෙන් පණිවිඩයක්. 
වහාම එන්න කියලා. 
නස්රුදීනුත් රජ දැක්මට සුදුසු විදියට ලක ලෑස්තිවෙලා තම බූරු වාහනෙන් මාලිගාවට යන්න පිටත්වුනා. 
රජවරු ඇසුරු කිරීම දෑලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් යන ගමන් සිතිවිල්ලකට වැටුන නස්රුදීන් හිතුවා. 
අද මොන අල කලංචියක්ද මන් දන්නේ නෑ ?. 
නස්රුදීන්ගේ බුද්ධිමත් බව නිසාම අවුරුදු තිහ හතලියක් මේ වැඩේ කරන්නේ ඒ දණ්ඩේ යන න්‍යායෙන්. 
වෙන කෙනෙක් නම් එක්කෝ එල්ලුම් ගහේ ! නැත්නම් හිර ගෙදර.
කල්පනාව නිම වුනේ රජමාලිගාවේ මිදුලට ඇවිත්. 
නස්රුදීන්ගේ  බුරුවාහනේ රජගෙදර වාහන නැවතුමේ ගාල් කරලා රජ ගෙදර ආලින්දයට ආවා. 
ඇවිත් රජතුමාට පණිවිඩයක් ඇරියා තමන් ගේ සම්ප්‍රාප්තිය කියලා. 
රජතුමා බැහැ දකින්න අවස්ථාවත් අරන් ආපු පණිවිඩ කාරයා සියළු ආරක්‍ෂක විධි විධාන ඉටු කරලා 
නස්රුදීන්ට VVIP කාඩ් එකත් දුන්නා. 
නස්රුදීන් කැදවා ගෙන ගියා මාලිගාව ඇතුලතට.
 සේවකයා  විසින් දෙගිඩියාවෙන් කල්පනාවක වැටී ඉන්න රජතුමා අභියසට නස්රුදීන් ඇරළුවා.
“පස්වාන් දහසකට බුදුවන දේවයන් වහන්ස – 
ඔබතුමාට දීඝායුෂ ප්‍රාර්ථනා කරන මේ ගැත්තා නස්රුදීන්. 
පිට කහන තරමට ජීවිතේ ගොඩ කියලා හිතුන නස්රුදීන් අවධාණය ලබා ගන්නත් එක්ක හඩින් කිව්වා.
රජතුමාට පවුලේ ලොකු ප්‍රශ්ණයක් !.
රජතුමා – "
මම තමන් කැදවුවේ මගේ වැඩිමහල් කුමාරයා ගැන උපදේශයක් ගන්න." 
එතකොට තමයි නසුරුදීන්ගේ ඇගට ටිකක්  ඉනුවේ.
"වදාරන්න වදාරන්න දේවයන් වහන්ස….. "
නසුරුදීන් යටහත් පහත්වුනා.
බලනවා නස්රුදීන් මගේ වැඩිමහල් කුමාරයා යුද්ධෙට දක්‍ෂයා. 
දේශ දීපංකරේ ගිහින් රට රාජ්‍ය කීයක් යටත් කරගත්ත සේනාධිපතියෙක්ද ?.
එසේය! එසේය !! දේවයන් වහන්ස . නස්රුදීන් කතාව සම්පුර්න කලා .
ඒත් බලමුකෝ මේ දවස්වල කිසිම ගතියක් මුනේ නෑ. 
මූණ එල්ලා වැටිලා .
මොනවා ඇහුවත් බකමූනා වගේ හ්ම් හ්ම් කියනවා විතරයි.
ඇස් දෙකේ කදුළු පුරවා ගත්තා ගමන් . 
යෝධයෙක් වගේ වැඩිලා තිබුන ශරීරේ වැහැරිලා ගිහින්.
හරියට යුද්ධයකින් පරාද වුනා වගේ.

නස්රුදීන්ට කතා කරන්න ඉඩක් නෑ රජතුමා කියවගෙන කියවා ගෙන යනවා. බළු ගැත්තෝ වුන අපිට වගේම රජතුමාටත් ප්‍රශ්න නස්රුදීන් තනියෙන් හිතනවා.
දේවයන් වහන්ස ඔබ වහන්සේ මේ ගැන මහ වෙදනාට සැල කලේ නැද්ද ? 
කරුණු කාරනා තෝරා බේරා ගන්න ඔනි නිසා රජතුමාට බැගැපත්ව නසුරුදීන් අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කලා
සැලකලා සැලකලා…..
ඒත් සුවයක් නෑ. 
නොරිස්සුමෙන් රජතුමා උත්තර දුන්නා.

නිහඩ තාවයකින් පස්සේ 
 “දේවයන් වහන්ස මට රාජකුමාරයා බැහැ දකින්න අවසර ද ?.” 
කියලා නස්රුදීන් ඇහුවා.
හ්ම් …..
රජතුමා අවසර දුන්නා.
රාජකුමාරයා මුණ ගැසුන නස්රුදීන් මනෝචිකිත්සකයෙක් වෙලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. අන්තිමට කුමාරයාගේ රෝග නිධානය සොයා ගත්තා.
දේශ දීපංකරේ ගිහින් රට රාජ්‍ය ජයගත්ත තේජවන්ත සේනාධිපතිය සිත් ගත්ත කුමාරිකාවක දිනා ගන්න ගිහින් වැඩේ වැරදිලා !.
නස්‌රුදීන් කල්පනාවට වැටුණා. 
මෙතරම් තේජවන්ත පෙනුමක්‌ තියෙන හැඩි දැඩි කාය ශක්‌තියෙන් පිරි සේනාපතියකුට හිත නොයන්න නම් කුමරිය මොන වගෙ කෙනෙක් වෙන්න ඕනිද ?.
ඕකත් වැඩක්ද කුමාරයාණනි මම ඔය වැඩේ කරලා දෙන්නම් 
කියලා කුමාරයා සනසාපු නස්රුදීන් රජතුමා මුණගැහුණා .
“පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස ,



බඹරු දැක්කම අකුලගන්න මල් – සමනලයෝ දැක්කම විකසිත වෙනවා.
රජතුමාට තවත් උත්තරයක් හොයන්න ප්‍රශ්ණයක් ඇති කරලා තියලා මාලිගාවෙන් පිටවෙන්න හිතාගෙන තම බුරුවාහනේට නගින්න නස්රුදීන් මිදුලට ආවා.
පසු විපරම.
කුමාරයා දැන් සමනලයෙක් වෙලා.
A day in the life

2024-12-08

පිරිතෙන් ලැබෙන අනුසස්.








පිරිත් දේශනාවන්ගෙන් ලැබෙන ප්රතිඵල පිළිබඳව විමසා බැලීමේ දී මිළින්ද ප්රශ්නය නම් කෘතියෙහි ඇතුළත් මිළින්ද රජතුමා හා නාගසේන හිමියන් අතර ඇතිවූ දෙබස ඉතා ප්රයෝජනවත් වේ. මිළින්ද රජතුමා නාගසේන හිමියන්ගෙන්,
අහසෙහි හෝ, සමුද්රයෙහි හෝ, පර්වතයක් තුළ හෝ මරණයෙන් ගැලවී සිටීමට ස්ථානයක් නොමැති බව බුදුරදුන් දේශනා කර ඇත. එහෙත් පිරිත් ධර්මය ශ්රවණය කිරීමෙන් පුද්ගලයාගේ ආයුෂ වැඩි වන්නේ හෝ රෝග සමනය වන්නේ යැයි ප්රකාශ කරන්නේ කුමක් නිසාදැයි ප්රශ්න කළේ ය.
ඒ වෙලාවේ දී නාගසේන හිමියන් උදාහරණයකින් පැහැදිලි කරන්නේ මහරජතුමනි, යම් සේ වියළී ගියා වූ තෙත සිඳී ගියා වූ ජීවිතේන්ද්රිය වැළකුනා වූ මළා වූ වෘක්ෂයකට කළ සියයකින් ජලය වත්කළත් තෙත බවක් හෝ පත්රවල අලුත් බවක් හෝ නොවන්නේ ය. එමෙන් ම පිරිත් කිරීමෙන් ද ඇතමෙකුට ප්රතිඵල අත්නොවන්නේ ය. රජතුමනි, මුළු පෘථිවියෙහි ම යම් ඖෂධ ,බෙහෙත් වර්ග ඇත් ද එම සියලුම බෙහෙත්වලින් ප්රතිකාර කළ ද, ඇතමෙකුගේ ජීවිත සුරැකෙන්නේ නැත.
මිළින්ද රජතුමා නාගසේන හිමියන්ට ප්රකාශ කරන්නේ ආයුෂ අවසන් කෙනාට පිරිත් කීමෙන් ජීවත් වීමේ අවස්ථාව වැඩි නොවන්නේ නම්, ආයුෂ ඇතිකෙනාට ජීවත්වීමට අවස්ථාව තවදුරටත් තිබෙන නිසා පිරිත් කීම ප්රයෝජන රහිත ක්රියාවක් බවයි. රජතුමනි, කිසියම් ගොවිතැනකින් අස්වනු නෙළා ගැනීමට නම් එම ගොවිතැනට සුදුසු අවස්ථාවෙහි දී ජලය ලබා දීම් ආදි කාර්යයන් ඉටු කළ යුතු ය. ගොවිතැනට සුදුසු අවස්ථාවේ දී ජලය ලබා නොදුන හොත් ගොවිතැන නිසරු වෙනවා පමණක් නොව වියළී විනාශයට ද පත් වේ. නමුත් ජලය ලබාදුනහොත් ගොවිතැන සරු තත්ත්වයට පත් වේ. එමෙන් ම ආයුෂ කොපමණ තිබුණත් යමෙකුට අවශ්‍ය
වෙලාවේ දී බෙහෙත් ප්රතිකාර කරන්නේ නැත්නම්, පිරිත් ධර්මයෙන් අවශ්ය ආශිර්වාදය ලබාදෙන්නේ නැත්නම් කායිකව හා මානසිකව සුවසේ යහපත්ව ජීවත් වීමට නොහැකි වේ. ඒ නිසා පිරිත් දේශනා කිරීම නිරර්ථක යැයි පැවසිය නොහැකි බවයි.
එක් රාක්ෂයෙක් සිටියේ ය. හේ මනා වූ රූපශ්රී ඇති තරුණ කුමාරිකාවක් අල්ලා ගෙන භාර්යාව කොට ගත්තේ ය. ඇය ආරක්ෂා කරමින් කරඬුවක ලා ගිල, කුසෙහි දමාගෙන ඇවිදින්නේ ය. ද. ඔහු ද විලට බැස නා ගොඩට පැමිණ කරඬුව ගිල බඩලා ගෙන දිවැස් ඇති තාපසයෙකුට ගොස් වැන්දේ ය. විල් තෙර දී කුමාරිකාව අහසින් යන විද්යාධරයකු දැක අත වනා ගෙන්වා ගෙන කරඬුවට වැඳ පිළි පෙරවාගෙන උන්හ. එකල රාක්ෂයාගේ මුඛයෙන් කරඬුව සමඟ කුසට ඇතුලු විය. ඔවුන් දුටු තාපසතුමා නුඹලා තුන්දෙනා කොහේ යන්නේ දැ යි විචාළේ ය. තාපසතුමා උන්මත්තකව දොඩවන්නේ යැයි දානව රාක්ෂයා සිතුවේ ය. නුඹ කුසෙහි කරඬුවක් ඇත. එම කරඬුවේ කාන්තාවක් හා විද්යාධරයෙකු වසන්නේ යැයි කීහ. නුඹේ ආරක්ෂාවට යමක් කර ගන්නැයි පැවසුවේ ය. විද්යාධරයා තමාගේ බඩ කඩුවෙන් කපතැයි බිය වූ යක්ෂයා කරඬුව වමනය කොට කරඬුවෙහි වායුෂ්යපුත්ර විද්යාධරයා හා තම බිරිඳ හා සිටිනු දුටුවේ ය. මරණ බයෙන් බියපත් වූ රාක්ෂයා ස්ත්රිය මිනිස් වාසයට යවා සැපසේ ජීවත් විය. මහරජ ඔබ විසින් මේ කතාව අසා ඇත්දැයි විචාළේ ය. අසා ඇතැයි විද්යාධර තෙමේ තමන් උගත් මන්ත්ර බලයෙන් ග්රහණයෙන් මිදුණේ ය. මෙසේ ඔහුට ග්රහණයෙන් මිදීමට අවස්ථාව සැලසුණේ ඔහු උගත් මන්ත්රයෙන් ලබාගත් සහය හේතුකොටගෙන ය. අනතුරුව මිළින්ද රජතුමා නාගසේන හිමියන්ගෙන් විමසන්නේ සියලු දෙනාටම පිරිතෙන් ආරක්ෂා වීමට පුළුවන්ද යනුවෙනි. නාගසේන හිමියන් උත්තර දෙන්නේ මහරජතුමනි, ඇතැම් කෙනෙක් ආරක්ෂා කරන්නේ ය. ඇතැම් කෙනෙක් ආරක්ෂා නොකරන්නේ ය. නැවත මිළින්ද රජතුමා විමසන්නේ සියල්ලන්ටම සාධාරණව පිරිතෙන් ආරක්ෂාව නොවන්නේ නේද යනුවෙනි. නාගසේන හිමියන් උත්තර දෙන්නේ මහරජතුමනි, භෝජනය සියලු දෙනාගේ ම ජීවිත ආරක්ෂා කරන්නේ ද යනුවෙනි. රජතුමා සමහර කෙනෙකුගේ ජීවිත ආරක්ෂා කරන බවත්, සමහර කෙනෙකුගේ ජීවිත ආරක්ෂා නොකරන බවත් පැවසී ය. නාගසේන හිමියන් රජතුමාගෙන් විමසන්නේ එසේ වන්නේ කුමක් නිසා ද යනුවෙනි. රජතුමා පිළිතුරු දෙන්නේ බොහෝ අනුභව කොට අජීර්ණව අතීසාරයෙන් පෙළෙන්නකුට ජීවිතය අහිමි වේ. එමෙන් ම බොහෝ කොට කෑමෙන්, භෝජනය ජීවිත නසන්නේය යනුවෙනි.
නාගසේන හිමියන් පවසන්නේ රජතුමනි, එමෙන් ම පිරිතෙන් ජීවිතය ආරක්ෂා කර ගත නොහැකි කාණ්ඩ තුනක් සිටී. එනම් නියත අකුසල කර්මයක් පල දීමට ඇති කෙනා, රාගාධි වූ ක්ලේශ්වරණයෙන් යුක්ත කෙනා සහ ආයුෂ ගෙවී අවසන් වූ මරණාසන්න පුද්ගලයා ය.
ඉහත දක්වා ඇති අයට පිරිතෙන් ආශිර්වාද ලැබිය නොහැකි ය.
පූජ්යපාද බුස්දුල්ලේ සිරිධම්ම හිමි.
A day in the life