පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-23

පොසොන් පෝයයි දන්සැලයි.








 

පොසොන් පෝය ට අනුරාධපුරය කේන්ද්‍රකරගෙන වන්දනා මාන කරන්න බැතිමතුන් බොහෝම දෙනෙක් යනවා. මිහින්තලේ වන්දනාමාන කිරීමත් එම ගමනේ තවත් ජනප්‍රිය වන්දනාන්තයක්.බැතිමතුන් උදෙසා අනුරාධපුරයත් , අනුරාධපුරයට යොමුවන මාර්ගවලත් දන්සැල් පැවත්වීම කලක ජනප්‍රිය පුන්‍ය කටයුත්තක්.

දැන් දැන් එය රට පුරා ව්‍යාප්ත වෙලා.

නගර ගම් නියම් ගම් වල දන්සැල්.
බත්,රොටී,නුඩ්ලස් ,මඤ්ඤොක්කා වැනි මුලික ආහාරත් සිසිල් පැන් උණු පැන් සුප් ආදි විවිධ ආහාර පාන දැන්සැල් හැම තැනම.
සම්ප්‍රදායිකව වන්දනාවේ යන උදවියට දුන්න දන්සැල් පරිභොජනයට වර්තමානයේ එක් වෙන්නේ අසල්වාසී ජනතාව. ඔවුන්ට දන්සැලෙන් ආහාර ගැනීම විනෝදයට කාරනාවක්.
දන්සැල් දෙන්න පුළුවන් අයත් එන්නේ දන්සැලෙන් ආහාර ගන්න.
මේ වැඩේ හොද පැත්තකුත් තියෙනවා.මෙම කටයුත්ත සාමුහික ප්‍රයත්නයක්. සමගියෙන් සාමදානයෙන් සහයෝගිත්වයෙන් මෙයට දායක වන පිරිස දිහා බලපුවම සතුටු හිතෙනවා.
පිල් බෙදිලා වාද විවාද කරගන්න අය එක වැඩ බිමක.
දවස පු රාම විනෝද ගමනක යෙදෙමින් නොමිලේ ආහාර පානත් ලැබෙන මේ දන්සැල් ව්‍යපෘතිය එවන්නන්ට මිළ කල නොහැකි ලාභයක්.
මේ වැඩෙත් හරියට සමෘද්ධිය , අස්වැසුම , වගේ සමාජ සහණාදාර ගන්නවා වගේ වැඩක්. සුදුස්සොත් ගන්නවා . නුසුදුස්සොත් ගන්නවා.
මේ සල්ලි එකතු කරලා නැති බැරි කෙනෙකුට ගෙයක් හදා ගන්න , නැතිනම් වෙනත් පවතින දෙයක් කරලා දුන්නොත් නරකද කියලා කෙනෙක් අහහන්න පුළුවන්.
දන්සැලක් පැවත්වීමෙන් ලැබෙන විනෝදය සතුට වගේ ආනිසංස ඒ් වගේ දේකින් ලැබෙන්නේ නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්.
එ්කත් ඇත්ත.
දන්සැල් , තොරණ , භක්ති ගීත සංදර්ශණ , වන්දනාවේ යන ජනතාව දිහා දේශපාලකයෝ නම් බලන්නේ තවත් විදියකට.
ජනාධිපතිතුමාට අනුව නම් රට බංකොලොත් භාාවයෙන් මිදිලා ජනතාවගේ අතේ මිටේ මුදල් ගැවසෙනවා වැඩි වෙලා.
ඒකයි මෙච්චර සෙනග නිදහසේ වීදී බැහැලා තියෙන්නේ. ජනතාවගේ එකමුතුවෙන් දාන ශාලා ඇතිවෙලා තියෙන්නේ !!!.
විපක්ෂයට මේවා පේන්නේ නැහැ. හැල්මේ දුවන්නේ......ඊලග නායකයා වෙන්න.
අපි පෝය ගනන් කර කර ඉමු . සුඛිත මුදිත වෙන්න.



A day in the life

2024-06-22

පොසොන් පෝය.





ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූ අතර නව බෞද්ධ ප‍්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ අධ්‍යාත්මික විප්ලවයක් ද සිදු විණ.
ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ පොසොන් පොහෝ දිනකය.
අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය.
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදීය.
ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප‍්‍රථම වරට සවනක් ඝන බුදුරැුස් විහිදීම, ලක්දිව ප‍්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදු ඇති ඓතිහාසික සිදුවීම් .

 day in the life