පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-15

අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා






අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා
නව සීයක් වැල් බානෙන් බැඳි පයියා
කරු දෙකකින් උසුලාගෙන යන පයියා
කොතැන දමා යා නොදැනේ කයි පයියා

බැලූ බැල්මට අසැබි කවියක් ලෙස පෙනී ගියද මෙය ඇසැබි කවියක් නොව බෞද්ධ ධර්ම කාරණා දේශනා කිරීමට ලියූ කවියකි.
මෙහි රචකයා අදින් වසර හත්සීයකට පමණ පෙර ජීවත් වූ හංස සන්දේශය රචනා කළ වීදාගම මෛත්‍රිය හිමියෝය.
උන්වහන්සේ විසින් රචිත කවි 162කින් යුත් දහම් ගැට මාලාව නම් කෘතියේ මේ කවිය ඇතුළත් වෙයි.
පයිය යනු වර්තමාන ව්‍යවහාරයේ අසභ්‍ය වචනයක් ලෙස සුලබව භාවිතා වන්නකි. අතීතයේද එය එසේ භාවිතා වූවාදැයි පැහැදිලි නැත.
කෙසේ වුවද අතීතයේ එය භාවිත වී ඇත්තේ පසුම්බිය, පැස, මල්ල යන අර්ථයෙන් වන අතර, ඇතැම් කෘතිවල මෙය පහිය යනුවෙන්ද සඳහන් වේ.
 
මේ කවිය දහම් ගැට කවියකි. එහි තේරුම මෙහි මතුපිටින් පෙනෙන අර්ථය වෙනුවට ඇතුළාන්තයේ සැඟවුණු වෙනත් අර්ථයක් ඇති බව සහ ඒ අර්ථය ධර්ම උපදේශයක් වන බවය.
ඒ අනුව මේ කවියේ පයිය යනුවෙන් අදහස් කරන්නේ මිනිස් ශරීරයයි.
අටසීයක් අස්ථි සන්ධි ආදියෙන් සැදුණ, නව සීයක් ලේ නහරවලින් බැඳුණු, පාද දෙකෙන් උසුලාගෙන යන මේ කුණු ශරීරය කොතැන කොයි මොහොතේ දමා යන්නට අපට සිදුවේදැයි කවුරුත් නොදන්නා බව මේ කවියෙන් අදහස් වේ.
සුපුරුදු ලෙස එහි ගැබ්ව ඇත්තේ ශරීරයේ අස්ථිර බව ගැන මෙනෙහි කරමින් ලෝකෝත්තර සුවය කරා මිනිසා යොමු කිරීමට අපේ පැරණි සාහිත්‍යකරුවා ගත් උත්සාහයයි.
මෙටාවෙන් ගත්තේ  - Next page 

A day in the life

2024-06-14

පොඩ්ඩිගේ කථාව - දහවෙනි දිගහැරුම



අපේ දෙමව්පියන් විවාහව ඇත්තේ යෝජනාවකින්. සිරිත් ලෙස කේන්දර ගලපා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර නැකතට නිවසට කැන්දන් ආ මනාලිය සහ මනාලයා ඊට කලින් මුණ ගැසී තිබුනේ දින දෙක තුනකි.

දශක තුනක් පමණ මේ දෙදෙනා සතුටින් සහයෝගයෙන් කාලය ගත කල අරුමය ඉතාමත් කෙටි කලකින් කුඩුම්බය බිද හැර නැවතත් දෙමාපිය සරණ පැතූ මට හිතනා විටත් නින්දා සහගතය. විවාහයට කලින් අවුරුදු පහක් හයක් ඇසුරේ සිටියත් මට සමීරවත් සමීරට මා වත් තේරුම් ගන්නට නොහැකිිවී තිබිනි.

අපට බොහෝ ගැටුම් ඇතිව තිබුනේ එකිනෙකා කිසිම අවස්ථාවක එකග නොවන නිසා යයි මට දැන් සිතා ගන්න හැකිය.

පියානන් මහත්සේ කෝප වන විට අම්මා බැලලියක මෙන් නිශ්ශබ්ද වුවාය.අම්මාටද පියා සමග මත ගැටුම ඇතිව කේන්ති යන අවස්ථා ඇති විට ඔහු පසු බසින්නේය. බොහෝ විට අම්මාගේ කේන්තිය පහව යනතුරු මග හැරීමත් සැහැල්ලුවට ගැනීමත් ඔහුගේ සිරිතය.

මා ලග සිටියොත් “ පොඩ්ඩියේ අම්මාට දෝං ගිහිල්ලා නේ “ යයි කිියමින් වත්ත පහලට පසු බසින්නේය.

ඉද හිට මුණ රතු කර ගෙන වැඩියෙන් ඇස්පිල්ලම් ගසමින් ගෙදරට ගොඩ වදින තාත්තා අප සමග වැඩියෙන් හිනා වෙන කතා කරන දවසක “ අද නම් සරුවෙලා “ යයි කීවා මිස අම්මා අරගලයට ගියේ නැත.ලොකු දෙයක් වුනත් සාමදානයෙන් විසදා ගැණිමට ඔවුන්ට හැකියාව තිබුනේය.

එහෙත් අප .............?.

වත්ත පහල ඇවිද ගෙට ගොඩවදින අම්මා මොනවදෝ කියනා හඩින් මගෙ දැහැන බිද වැටුනේය.

“අම්මේ .......?. මම අම්මා විමසුවෙමි.

මොකද ? සරුංගල් අරිනව ද ? විමසන්නේ යෙහෙලියක විලසින්ය.

මට ලැජ්ජා ද සිතිනි. මට වන් විපතේ බරක් දරන අම්මාට ඒ ගැන වගේ වගක් නැත.

මම හෙට මනුස්සයෙකුට එන්න කිව්වා වත්ත එලිපෙහෙලි කරලා දාන්න. හොදටම කැලේ වැවිලා .

පොල් ගෙඩියක්වත් ඇහිද ගන්න බැහැ.

එ්ක හොදයි අම්මේ , මාත් හිත හිතා හිටියේ ගේට්ටුව ගාවට යන කම් මල් ගස් ටිකක් හිටවන්න.

පියානන් සිටි අවදියේ පිලිවෙලට සිරියාවට තිබු ඉඩම දැන් අක්‍රමවත්ය.අම්මාට තියෙන කාර්ය කටයුතු සමග මේ සියල්ලම කිරීමට ඇයට විවේකය මදි තරම්ය.දැන් මගේ කාලයෙන් කොටසක් ඇයට උදව්වට වැය කල හැකිය.

කාලය නතර නොවී ගලා යාම .එක් තැන පල් නොවී තිබෙනවාට වඩා හොදය. දවස අළුත් වන විට ඒ දවසටත් වැඩ කටයුතු ගොඩ නැගී තිබීම මට සතුටට කරුනක් විය.

අම්මා ඇගපත දොවා ගෙන “ පෝඩ්ඩියේ තේ එකක් බොමු කීවේ තේ එක අතේ තියන ගමන්ය.හෙට ඉඩම සුද්ධ කර අවසන් වු විට මගේ මල් වගා යෝජනාව ඇරබීමට අම්මා අනුමැතිය පල කලාය.

මම එකගවුනෙමි. සමීර සමග නම් වෙනත් මතයක් ඇතිවී අරගලයක් ඇරබෙනු ඇත.

 

A day in the life