පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-12

සිංහ කොඩියේ සිංහයාණෙනි !










 

සිංහ කොඩියේ සිංහයාණෙනි
ඉහළ අහසේ සුළං පහරින්
නැළවි නැළවී ලෙළෙන රුව දැක
වස් කවියකින් කපා පුහුලක්
අතට දෙමි කසයක් .
පිටුවහල් කර සිංහලේ රජු
ගතු කියා සුද්දන්ට කත් ඇද
අදත් උන් උන් මරා ගන්නා
නිවටයින් ගෙල තදින් මිරිකා
කස පහර දීපන්.
හිරවෙලා ඔය කොඩිය ඇතුලේ
වගතුවක් නෑ ගමට පලයන්
කැලෑ වනසන එවුන් සොයලා
කස පහර දීපන් .
එකම සීමා මායිමක් තුළ
ජාති කුල ගොත් වලට බෙදමින්
පාට පාටින් කොඩිය හැඩකළ
ජාතකේ වරදවා ගත් අය
වන්නාවෙ දිය කෙළින රඟ බල
එවන් ඉස් ගෙඩියන්ට වැරගෙන
කස පහර දීපන්.
කඩුව නුඹගේ කොස් කොටන්ටද
කිරුළ කටුගෙයි දමා ඇතිකොට ..
යල මහට අටු කොටු පුරන්නට
දියවරෙන් විදුළිය තනන්නට ..
උපන් හපනුන් සිහසුනට ගෙන
කඩුව උන් අත තබාපන්.
රෝ.සි.



A day in the life

2024-06-11

දකුණේ ඈයෝ




දකුණේ ඈයෝ ගැන කියද්දි එවුංගෙ කෑම ගැන නොකියාම බැරිය. දකුණේ බොහොමයක් එවුං රතු හාලේ බත්වලට වැඩි ප්‍රියක් දකවන අතර ඒ බත්පතට එකතු වන තවත් අඩුම කුඩුම රාසියකි.
බල මාළු මිරිසට හිංදා පොල් සමග කෑමට එකතු කර ගැනීම බළපිටිය, කොස්ගොඩ, තෙල්වත්ත, රත්ගම, බූස්ස, තොටගමුව ආදි ගම්වල එවුංගෙ සිරිතකි.
වම්බටු තෙළට සහ කිරට දෙවිදියකට හදන අතර පිට පළාත්වල මෑ කරල් දකුණේ ඇතැම් ප්‍රදේශවල ලීම කරල් බවට පත් වී වෑංජන ලෙස සාදයි.
මුහුදුබඩ පත්තුවේ පෙරකල යහමින් ජාඩි තිබුණද දැන් දැන් ජාඩි සොයා ගැනීම තරමක් අපහසුය.
ජාඩි හොද්දක් සමග කොස් තම්බා කෑම දකුණේ එවුංගෙ සිරිතකි. ජාඩි දැමීමෙන් එම හට්ටියේ මාළු ලේ සහ ලුණු මිශ්‍ර වීමෙන් හැදෙන ලුනිජ්ජ හොඳින් රත්කර පොල් මටුල්ලකින් පෙරා වීදුරු බෝතලයකට දමා එයට නයි කොච්චි කරල් කිහිපයක් දමා රසකාරකයක් ලෙස භාවිත කරයි. විශේෂයෙන්ම කළටි පොල්වලින් හදන පොල් මැල්ලුමට ලුනිජ්ජ ස්වල්පයක් එකතු කිරීමෙන් එහි රසය දෙගුණ තෙගුණ වේ.
මී කිරි සමග රතු බත්, ජූල් කිරි සමග රතුබත් දකුණට අනන්‍ය වූ කෑම වර්ග වේ.
මාළු ඇඹුල් තියල්, සිංහල අච්චාරුව, වට්ටක්කා වෑංජනය දකුණේ එවුංගෙම්ම කන්නට ඕනෑය. හාල් ටිකක් කබළක බැද යහමින් අබ සහ අනිකුත් පහේ වර්ග සමග කොටා වට්ටක්කා වෑංජනයට එකතු කිරීමෙන් දකුණේ රසය ස්මතු කර ගත හැක.
දෙල් කාලයට ඉදුණු හෝ හොඳින් පැසුණු දෙල් තම්බා බළ මාළු සහ පොල් සමඟ ආහාරයට ගැනීමද දකුණේ එවුංගෙ සිරිතකි. දෙල් මැල්ලුම, දෙල් බැදුම, පැනි දෙල්, අටු දෙල් ආදි බොහෝ දේවල් දෙල් සීසන් එකේ දකුණේ කෑ හැකිය.
දී කිරි පොල් ඇත්තේද දකුණු පළාතේ පමණක් වන අතර ඩොංගා පළතුරද බහුළව දැකිය හැක්කේ දකුණු පළාතේ වීම විශේෂත්වයකි.
දකුණේ එවුං උදේ කෑමට එකතු කර ගන්නා තවත් සුපිරි කෑමකි පොල් බත්. හුණුසාල් වලින් සාදා ගන්නා බතට කළටි පොල් එකතු කර සදා ගන්නා පොල්බත් කන්නට හදන ලුණුමිරිසද විශේෂය. හාල්මැස්සන්ගෙ ඔළු කබලෙ බැද නයි මිරිස් සහ බිළිං එකතු කර සාදා ගන්නා ඒ ලුණුමිරිස සමග පොල් බත් හට්ටියක් කෑ හැකිය.
දකුණේ එවුං බිලිං තීරු ලෙස කපා අව්වේ හොඳින් වේලා ගෙන කල් තබා ගන්නේ කරවල බැඳුමකට ජාඩි හොද්දකට එකතු කර ගැනීමටය.
වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්වන විට ආහාර මෙන්ම භාෂා විලාසයද යම් යම් වෙනස්කම්වලට බඳුන් වීමද අපූරුය.
"ඉස්ම" යන්න කෑවා, ඉස්ම යන්න දුන්නා යනු "අම්බානක" යන වචනයට සමානව ඉස්ම යන වචනය යොදාගනී. "අඹනවා" යනවා දුවනවා යන අදහස දෙන අතර "ඕකා අඹෝලා දාපං" කියන්නෙ එළවලා දාපං කියන අදහසිනි.
පොලොත්ත කියන්නෙ පොල් කටුවට වන අතර දණහිසට දණපොලොත්ද, ලුණු පොල්කටුවට ලුණු පොලොත්තද කියා හම්බන්තොට සමහර එව්වෝ කියනවා අසා ඇත්තෙමි.
දිගටම ලිව්වාහම ආතල් එකක් නැති නිසා ඉතිරිවා පස්සට ලියමි. 
කෝ බලන්න මේ කියපු කෑම කාල තියෙන දකුණේ ඈයෝ.... 
ගාල්ලෙ මයිනා

Galle Memes

 මීදුම මේ වගේය. 
දකුනේ එවුවන්ට බෙන්තරගගෙන් එහා කිව්වත් නම්බුය. මම නම් හයිබ්‍රිඩ්ය. තාත්තා දකුනේය. අම්මා සබරගමුවේය . මම ඉපදුනෙත් සබරගමුවේය. ඒත් ගම කොහේද කියලා ඇහුවොත් තාත්තාගේ ගම අහංගම මතක් වෙන්නේය.ඒ යටිහිත කියන්න උත්සහ ගන්නේ දකුනේ කියන්නය.
මේ  වියමන මෙටාවේ දැක්ක දිනුක දේශප්‍රිය මෙහෙම කියනවා.

“අපි බෙලිහුල් ඔය උනාට අපේ තාත්තා ගේ තාත්තා හක්මනය....අම්මා දෙනිපිටියේ නුග රුක අසලින් ඇති පාරේ මහ වත්තේය... අම්මාගේ තාත්තා ගන්දරය....අම්මා අහංගමය...තාත්තා ගේ අම්මා අත් අගට රේන්ද ඇල්ලු අත්දිග හැට්ටයට චීත්ත ඇන්දාය...දකුනේ මිනිස්සුන්ට අම්මාගේ හෝ තාත්තාගේ අම්මා ආත්තම්මාය...අපේ ආත්තම්මාගේ විලාසිතාවට හැට්ට චීත්ත ඇන්දේ බළන්ගොඩ නගරයේ විසූ පූජ්‍ය දාස සර්ගේ නැන්දම්මාය...බලමාලු ,,,කට්ට සම්බෝල සමග පොල් දැනුදු අපේගෙදර පිසේ...ජාඩි,,,ලුනිජ්ජ ,,,අපේ අම්මා තවම සාදන්නීය...තාත්තා ජීවත් සිටි කාලයේ ගෙදරට ගේන බඩු බිල් "කි" වලින් ඉවර විය...එනම් සීනී කිලෝ එකකි,,,පොල් දහයකි,,,,මිරිස් පන්සීයකි වශයෙනි.. අපි සබරගමුවේ ආරයට ඉදිරියේ සිටින කෙනා අමතන්නේ "ඔයා" යනුවෙනි....නමුත් "තද" වුවිට ඔයා ඉබේම "ඔහේ" වන්නේය...මෙහේ මිනිස්සුන්ට එය දිරවන්නේම නැති වචනයකි...එහේ මිනිස්සු නගරය අර්ථ ගන්වන්නේ "කඩේ" කියාය.. අපේ සීයා හිටි සමයේ මං බොහෝ අමාරුවෙන් ,,,රනිල් වික්‍රමසිංහ ට චන්දේ දීමට පොරොන්දු කරවාගෙන,,,ත්‍රී වීලරයක්ද හයර් කරගෙන අනදමෙත්ගම ප්‍රපා ශාලාවට එක්ක ගියෙමි...මේ වයසක මනුස්සයාගෙන් නිළධාරීන් ඇහුවේ ප්න්දය කාටද කියාය.. ඔහු කීවේ බෙලිඅත්ත කඩේ මහින්ද මහත්තයාට කියාය...අපේ ගෙදර සිටි සීයා පොඩි මාමට බාරදී මම බස් එහෙක නැගී ගෙදර ආවෙමි....අපි තවමත් එහෙම ලේසියෙන් අසාධාරණය හමුවේ නැවෙන්නේ නැත... අපේ තාත්තා නිතර කියූ පරිදි "අම්මා දෙනවා කීවොත් ,,තාත්තා ගස් බැද හෝ එසේ කිරීමට පසුබට නොවෙමු.. මේ නිසා නිතර නිතර තොප්පි වැටිමද අඩු නැත...ඕනෑම ජරමරයක් වූ තැනක නම ඇත ..
.
A day in the life