පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-05-26

..ගමන නොනිමෙයි ලෝකයේ මේ.....

ගමන නොනිමෙයි ලෝකයේ මේ.....





ගමන නොනිමෙයි ලෝකයේ මේ.....
පුරුදු ජීවන මං තලේ...
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ....//
වැටෙන මල් පෙති පා වුනාවේ,
සුළං රැළි ඔහෙ යන අතේ...
යලිත් ගහ කොළ පාළු නෑනේ,
රිකිලි නංවා ලියැලවේ....
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ..
කොහේද සීතල ජලාශයක රැළි,
ගැටී ගැටී එයි සුළං වැදී...
අපේම සිරුරේ අපේම දාදිය,
නිවී නිවී යයි සුළං වැදී...
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ..
ගලා බසී දිය පහර සෙමින්,
වැලි තලා සදා සමතලා බිමේ...
හැපී ගලක යළි සලා වැටුම් දී,
නඟා නඟා හඬ නඟා දිවේ...
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ..
ගායනය - නාරද දිසාසේකර
පද මාලා - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය - ආර්. මුත්තුසාමි

A day in the life

2024-05-25

ධානිගල -ඒලියන් රොක්,



ධානිගල නොහොත් ඒලියන් රොක්, 
කන්දෙගම 
පොලොන්නරුව.

මෙය මාදුරු ඔය මිටියාවතේ කන්දේගම ග්‍රාමයේ පිහිටා ඇත. අප විශ්වයේ පිහිටි විශ්මිත තැනක් බව කිවහොත් නිවැරදිය. හිතට නැගෙන අඳුරු බව (මා මේ ගැන දැන නොසිටි නොයෙකුත් හේතු හිතට එන නිසා ) මෙන්ම කියා නිමකල නොහැකි සතුට විශේෂිතය. මා සිතා හිටියේ ගිරිහඞු සෑය, රිටිගල, අරණ්කැලේ, අනුරාධපුර, පොලොන්නරුව, බුදුගල වැනි නෂ්ඨාවශේෂ ගැන සොයා බැලූපසු හිත සන්සුන් කර ගත හැකිවේය කියාය.
මෑතකදී මා අන්තර්ජාලය පරිහරණය කිරීමේදි මිනිසුන් විසින් හරි ගෝලාකාර වටරවුමක් ලෙස සකසා ඇත්තක් මෙන් ගල් පර්වතයක් නෙත ගැටිණි. මා මොහොතක් ඒ ගැන බලා වෙනත් රටක වියයුතු යයි අනුමාන කර ලියා තිබූදේ කියවීමට නොගියේය. එහෙත් අද පුරාවිද්‍යාවට සම්බන්ධ විදේශීය සඟරාවක් කියවමින් සිටින විට නැවතත් අර ගල්පර්වතය ඇස ගැටුනේය. නම ධානිගල නොහොත් ඒලියන් රොක් නමින් නම් කර තිබුණේය. නැවතත් මා හොඳින් කියවන විට ලංකාවේ බව දැනගත් පසු හුස්මගන්නත් අමතකවී ගියේය.






අප පැලියොලිතික් මානවයාගෙන් මීට අවුරුදු ලක්ෂ තුන හෝ ලක්ෂ පහකට පෙර සිට පැවැති එන්නන්ය. විජය යන හොර දෙටුවාගේ ලේ අපේ ඇගේ අනිවාර්‍යෙන් නොතිබිය යුතුය. මීට හේතු සාධක හමුවෙන්නේ මෙහි තිබෙන ගල් ලෙනකින්ය. එහි ඇඳ ඇති සංකේත විශ්මය ජනකය. ගල් පර්වත දෙකක් මැද අඩි දෙකක පරාශයක හිඳ මෙම නිමාණය කිරීම ඉතා අපහසුය. එහි එකිනෙක බැඳී ඇති සංකේත තිබීම විශ්මජනකය. මෙම නිර්මාණ අවුරුදු ලක්ෂ තුනකට එහාය. අවුරුදු ලක්ෂ තුනකටත් එහා ගිය සංකේත, අක්ෂර සහ රූප විශේෂ කර ඇත්තේ මෙහි ඇති ගල් දෙබොක්කාව අතරේ පිහිටි ගල් පර්වත දෙකක් තුලය. මානව පරිණාමවාදයේ විශේෂිත වූ ලක්ෂණයක් වනුයේ මෙසේ ගලක ඇඳ ඇති සංකේත එකිනෙකට සමානව ලෝකයේ යම් යම් ප්‍රදේශවල හමුවීමය. එයින් විද්‍යාමාන වනුයේ අප ජනයා විශේෂිත වූ ජන වර්ගයක් බවය. මේ පිලිබඳව පර්‍යේෂණ කර එය සනාථ කරගෙන ඇත්තේ ආචාර්‍ය අරවින්ද රවිභානු සුමනරත්නය. මහාචාර්‍ය රාජ් සෝමදේවයන් විසින් සනාථ කරනුයේ අප අවුරුදු දෙලක්ෂ පනස්දාහකට එහා සිට එන මිනිසුන් කියාය.
මා නැවතත් විස්තර සොයා බොහෝ දේ විමර්ශණය කලේය. එහි අවුරුදු දාහකට එහා ආශ්‍රම ලෙස ගත් ගල්ලෙන් කටාරම් සහිතව පිහිටා ඇත. හද කම්පාවනුයේ එහි විනාශකර දා ඇති සැතපෙන පිලිම වහන්සේ දැක්ක විටය.
අහිංසක ගම්මුන් විසින් ගෙනයන මතවාද, කටකතා හා ජනප්‍රවාද විශ්වාශයට ගත යුතුද නැද්ද යන්න අප තීරණය කල යුතුය. සෑමදාකම රාතියේ අහසේ පිහිටා තිබෙන එළිය එහෙ මෙහෙ විහිදී යන ආකාරය සෙව්හෙල ටීවී යූටියුබ් චැනලයහි සම්පත් (අයිටීඑන් ) මගින් පෙන්වා ඇත. එහි ලින්ක් එක පහත ඇත. එයනම් විශ්මය ජනකය. මා බුදුදහම අදහන අයෙකු ලෙස එය නිරීකෂණය කලේ දේවතා එළියක් ලෙසය. ඔබත් එම වීඩියෝ සහ මා මෙහි පෝස්ට් කර ඇති සඟරාවත් පරිහරණය කර ඔබම අපි කව්රුන්ද යන වග තීරණය කරන්න.

https://youtu.be/NIJuAtHEe7Q
තිලක් දිසානායක



A day in the life