පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-05-19

පිල ගැන නොදන්නා කතා

දොට්ට පිලට යනවද? පිල ගැන නොදන්නා කතා!
"රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න"
මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑට වැසිකිළි යන්න ඕන උනොත් කියන එක උනාට, කවුරුහරි කල්පනා කළාද මොකක්ද මේ දොට්ට පිලට කියන්නෙ කියල!
දොරට පිලට - දොට්ට පිලට. මෙතන දොර කියන්නෙ ගෙදර තියෙන දොර නෙවෙයි! ගෙයින් පිට මිදුල කොටසට.
එතකොට පිල කියන්නෙ මොකක්ද?
පිල කියන්නෙ ගෙයක් හදනකොට පොළොව මට්ටමට වඩා උසට හදාගන්න බිමට. මේ වචනය හැදිල තියෙන්නෙ වේදිකාව යන තේරුම තියෙන පලකය යන වචනයෙන්.
අද වන විට පිල අපේ ගෙවල්වලින් ඈත් වුනත් තාම පිල් තියෙන තැන් තමයි මේ.
කඩයකට හදපු පිල- කඩපිල.
සල්( වෙළඳාමට) හදපු පිල - සල්පිල.
අපි දැන් බලමු ගෙයක තියෙන පිල් වර්ග ගැන. ලීවලින් හරි වෙනත් දේකින් හරි හදපු ගෘහභාණ්ඩ වැඩිපුර නොතිබුණු ඒ කාලෙ ඇඳ , පුටු, මේස ඔක්කොටම පාවිච්චි කළේ පිල තමයි.
1 ගෙපිල-
ගේ හදන්න පොළොව මට්ටමට වඩා උසට හදාගන්න කොටස. ගේක තියෙන අනිත් හැම පිලක්ම වගේ හදල තියෙන්නෙ මේ පිල උඩ.
2 වටපිල-
ගෙයි බිත්ති ශක්තිමත් කිරීමට, ගෙට පිට පැත්තෙන් බිත්තියට යාකර සකස් කරන පිල. මේකට දැන් කියන්නෙ කයියෝරුව/ කයිරුව කියල.
3 අගුපිල-
ගෙයින් එළියට වැටෙන වහලයේ කොනට යටවෙන බිම් කොටසත් පොළොවට වඩා තරමක් උසටයි තියෙන්නෙ . ඒක තමයි අගුපිල. අද කාලෙ නම් සිමෙන්තියෙන් තමයි මේක හදන්නෙ.
" අපේ පිරිමි පැල් යනවා කියලා
පැලට ගිහින් ගිනි බෝකර තියලා
එළිවෙනතුරු අගුපිල්වල ලැගලා
උදේට එයි පැල් රැක්කා කියලා "
පැල් රකිනවා කියල ගිහින් අගුපිල්වල ලගිනා සැමියන් ගැන, ගැමි ගැහැනු කිව්වෙ එහෙම.
එහෙම කෙනෙකුට වෙච්චි අකරතැබ්බයක් තමයි මේ කවියෙන් කියන්නෙ!
" අනේ දෙවියනේ මට වන් වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගෙදර ගිය කලට අඬ දබර බෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ සියෝයා "
පැල් රැක්ක නම් එතන තිබ්බ පැදුර හොරු ගෙනිච්චෙ කොහොමද?
හැබැයි හැම සැමියෙක්ම එහෙම නෑ. පිලේ පැදුර අරන් පැලට ගිය, ඒ විදියෙ සැමියෙක් මෙහෙමයි කිව්වෙ!
" පිලේ පැදුර අරගෙන හේනට යනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා"
4 දොර පිල-
ගේකට ඇතුළුවෙන තැන දොරකඩ. ගෙපිල තරමක් උසට හදන නිසා මේ ගෙපිලට නගින්න දොර ළඟ පඩියක් හදල තිබ්බ. ඒක තමයි දොරපිල.
5 උස් පිල/ කොට්ට පිල-
ගෙදර ඉස්තෝප්පුවෙ නිදාගන්න හදාගෙන තිබ්බෙ උස් පිල. ඒක බිත්තියටම යා කරල, පොළොව මට්ටමේ ඉඳල අඩි තුනක් විතර උසට අඩි තුන හතරක් පළලට හදපු ඇඳක් වගේ. ඒ උනාට ඇඳක වගේ කකුල් නෑ. කොට්ට පිල කිව්වෙත් මේකටමයි.
6 මිටි පිල-
උස් පිලට නගින්න පඩියක් වගේ දිගට හදල තිබ්බෙ මිටිපිල.
7 පිල් කඩ/ පිල් කොටේ-.
දොරෙන් එළියෙ තියෙන ඉස්තෝප්පුව වගේ කොටස තමයි පිල් කොටේ. පිල් කොටස කියන එකයි ඒකෙ තේරුම.
පිල් කඩක් කියන්නෙ ඕනම තැනක පොළොව උස්සා සකස් කළ කොටසකට.
8 පිල් තලව්ව-
පිල් තලාව කියන එකයි මේකෙ තේරුම. පොළොව උස්සල සමතලා කරපු තැනක්.
9 මඩුපිල-
පැරණි ගේක ඉදිරිපසින්, බිත්ති බැඳීමක් නැතුව ගෙපිලට උඩින් වහලය විතරක් හදල, මඩුවක් විදියට තියෙන කොටසට කිව්වෙ මඩුගේ කියල. ඒ මඩුගේ තියෙන පිල මඩුපිල. ඒකෙ තමයි හුගාක් වෙලාවට ගෙදරට එන අමුත්තන් වාඩිවෙන්නෙ!
10 හප්පා පිල/ කුදගහනා පිල-
කුස්සිය පැත්තෙ දොරෙන් එළියේ තියෙන මේ පිල් කොටස, ගෙදර අයට විතරක් වෙන් වුණු පිලයි. මෙතන කුදගහනව කියන්නෙ ඇණ තියාගෙන වාඩිවෙනවා කියන අරුතෙන්. ගෙදර ඇත්තො කුස්සියෙ උයල සප්පායම් වෙන පිල නිසා හප්පාපිල වුණා.
11 ලිප්පිල/බොකු පිල/ගිනි පිල -
ඇතැම් ගැමි ගේක ලිපත් වියතක් විතර උසට බැඳල හැදුව. ඒකට තමයි ලිප්පිල/බොකු පිල/ ගිනිපිල කියන්නෙ. ඒකෙ වලන් තියන්න කටවල් වගේ දෙකතුනක් ගෙබිමෙ මට්ටමට හදල ඒකට ලිප්කට කිව්ව
10 පිලිකන්න-
පිලේ කොන- පිල්කොන- පිලිකන්න. ඒ කියන්නෙ බිත්තියෙන් එළියෙ තියෙන අගුපිලේ අවසාන කොටස පිලිකන්න.


පිල ගැන දන්න කියන තවත් අය මේ සමූහයේ ඇති. ඒ අයගෙත් අදහස් බලාපොරොත්තු වෙමි.
සටහන Channa Witha මහතාගෙන් උපුටා ගැනීමකී
ස්තූතියී
A day in the life

2024-05-16

අපෙ හැඟුම්වලට | - වික්ටර් රත්නායක.



අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
 
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
 
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
හිර  කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
හිර  කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
 හදපානේ මද අදුරේ
අත් පටලා යමූ ආයේ
 හදපානේ මද අදුරේ

අත් පටලා යමූ ආයේ

 
පද ප්‍රේමකීර්ති අල්විස්ගේ . 
සංගීතය සහ ගායනය ආචාර්ය වික්ටර් රත්නායක යන්ගේ.
මට මතක හැටියට හැත්තෑව දශකයේ ගීතයක්. අපි එදා රසවින්දා වගේ අදත් රසවිදිනවා.

 පෙර කලෙක ආදරයෙන් බැඳී සිටි යුවලක් වෙන්ව ගොස් යලි හමූ වූ මොහොතක්.දැන්  කාලය ගෙවී ගිහින්.
දවසක අහම්බෙන් ඔවු නොවුන් මුණගැහෙනවා.
අගුලු ලා තිබූ හැඟුම් ලිහිලා යනවා.
අගුලු ලා තිබූ හැඟුම් වලට යම් සීමාවක් ඇතුව යලි ඉඩ දෙන්නට ඔවුන් තීරණය කරනවා. 
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ ඔබ හෙවනැල්ලෙන් මිදෙන්න......වර්තමානයේ ඈ විවාහකයි
මම මගේ හෙවනැල්ලෙන් මිදෙන්නම් .........මාත් දැන් විවාහකයි
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
යෝජනාවක්
 
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
යෝජනාවට දෙදෙනාම එකගවනවා
 
හදපාන ඔවුන් වෙනුවෙන් වෙන්වෙලා. - අවුදින් හෙමින් රහසින් මුමුනා
අත් පටලා යමූ අප ආයේ
හිර  කර හසරැල්ලෙන් බැදී
අපි හිනහෙමු සපුරා පැතුමෙන්
තාවකාලිකවු නවාතැනෙන් ඔවුන් පිටවෙලා  යනවා.
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
සමහර විට යලිත් හමු වෙන්නේ මතු ආත්මයේ වෙන්න පුළුවන්.