පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-05-11

මොනවද මේ දහදුරා වැඩ ?





මොනවද මේ දහදුරා වැඩ ?


දන්නවා ඇතිනේ ලංකාවේ වංශ බෙදීමක් තියෙනවා කියලා . 
ඔය පත්තරේ මංගල කිංකිනි කොලේ තියෙන්නේ බොදු ගොවි , බොදු කරා , බොදු දුරාව කියලා . 
මම ගජමන් නෝනාගේ වරිගේ සනුහරේ ගැන හොයනකොට තමා මේ දහදුරා වැඩ ගැන දැනගත්තේ. 
ගජමන් නෝනත් දුරාව කියන වංශයට අයත් කෙනෙක් . දුරාව වංශයට ඒ කාලේ අයිති පිරිස් රජවාසලට ඉටු කරපු සේවාවල් දහයක් තිබුණා . ඉතින් ඒ සේවාවල් දහය තමා දහදුරා වැඩ කියලා කියන්නේ . 

ඔන්න බලන්න දහදුරා වැඩ .
01. අන්නානි
02. බන්නානි
03. ඒනාදී
04. මගුල්
05. සිද්දත්තු
06. විද්දත්තු
07. අලිබද්දු
08. බලිබද්දු
09. පට්ටී
10. පොරවකාර

අන්නානි ..............
දණ්ඩනායක සහ අධිකරණ නායක කියන තනතුරු තමයි මේ පෙළපතේ අයට තිබිලා තියෙන්නේ .

බන්නානි .............
අලි ඇතුන් පාලනය කරන ගජනායක නිළමේ තනතුරු හෙබෙව්වේ මේ පෙළපතේ අය.

ඒනානි ..............
නැවු හා නාවික කටයුතු ගැන පරිපාලනය කරේ මේ පෙළපතට අයත් අය.

මගුල් ..............
රාජ්‍ය සේවයට ඒ කියන්නේ රජමාලිගාවේ නොයෙක් සේවාවල් ඉටුකළේ මේ පෙළපතේ අය.

සිද්දත්තු .............
වෙදකම් කරන වෙදදුරන් අයත් උනේ මේ පෙළපතට.

වීද්දත්තු .............
ඉගැන්වීම් කටයුතු කරපු ඒ කියන්නේ ගුරු වෘත්තීය ඉටු කලේ මේ පෙළපතේ අය.

අලිබද්දු ............
ග්‍රාමසේවක වගේ ඉස්සර තිබ්බ නිලයේ කටයුතු කලේ මේ නිළයේ අය . ඒ වගේම අලින් ඇල්ලීම හා ගාල් කිරීමටත් මේ අය ඉදිරිපත් උනා.

බලිබද්දු ............
දේවාලවල දෙවියන්ට ආවතේව කරන අය අයත් වෙන්නේ මේ පෙළපතට.

පට්ටි ...............
ගොපළු රැකියාව කරේ මේ පෙළපතට අයත් පිරිස . හරක් අයිති අයත් ඉඳලා තියෙනවා මේ පෙළපතේ.

පොරවකාර ............
රජතුමාගේ රාජකීය හමුදාවේ පොරව අරගෙන සටන් කරේ මේ පෙළපතේ අය .
ඔන්න ඔහොමයි දහදුරා වැඩ සිද්ද උනේ .

සටහන :- දර්ශන ධර්මවර්ධන
A day in the life

2024-05-10

පොඩ්ඩිගේ කථාව - හයවෙනි දිග හැරුම








දැන් දැන් ජීවිතය  දවසට හුරු වෙමින් ගලා යාමට පටන් ගෙන තිබේ .

අප නිවස ඇති පෙදෙස අඛන්ඩ ජාල පහසුකම් තිබුන බැවින් මට මාර්ග ගතව රැකියාව සුරක්ෂිතව පවත්වා ගැණිමට බාදා නොකලේය.මා නිසා අම්මාගේ දිනචරියාව වෙනස් වූයේද නැත.

අප්පච්චි සිටිය දී   අම්මා නිවසේ සැහැල්ළුවෙන් කාලය ගත කලාය.අප්පච්චි වියෝවීමෙන් පසු   වතුපිටිවලත්  කුඹුරු වලත්  කල කටයුතූ කාර්ය භාරය එලෙසම පවත්වා ගෙන යාමට ඈ පූරුදුව සිටියාය. අප විවාහයෙන්සි   පසු  කිවිටෙකත් ඈ  මට ආපසු නිවසට එන්නැයි කීවේ නැත. මගේ නිදහසත් කවදා හෝ අප කුඩුම්බය ආපසු ඒ වියැයි බලාාපොරොත්තුවක් ඇගේ යටි හිත තුල තිබුුනා විය හැක.

සමීර ගැන පහන් අදහසක්  එකල තිබුන බැවින් අප කුඩුම්බය පිළිබදව ලොකු විශ්වාසයක් ඈට තිබෙන්න ඇත.

ආත්තම්මා කෙනෙනකුව  මුණු පුරුමිණිපිරියන් ගේ සිහින රාජ්යයක රැජිනක වන්නට ඈ සිහින මැව්වාය. සමීරත් මමත් අතර නොපෑහෙන තැන් ඇතිවු විටවත් මම කිසිදා අම්මා සමග සාකච්චා කිරිමට පෙළඹුනේ නැත.

මම ම කර ගත් දේවල් මම ම විසදා ගත යුතුවිය.

සමිර සමග සාමයෙන් සමාදානයෙන් ආදරයෙන් සිටි කාලය ජීවිතයේ සුපසන් කාලයක් විය. අපි දෙදෙනා එක්ව සැදු සරුංගල් අහසේ පා කර හැරියත් , ආපසු එක් කර ගත නොහැකිව අහසේ ඈතින් ඈතට පාවෙන්නේය.

මා දරුවෙකු බලාපොරොත්තුවූ වත් සමීරට සැලසුමක් ඇති බව පෙන්වා එය කල් දැමීය..........අපට තවමත් ගෙයක් දොරක් හදා ගන්නට බැරිවුනානේඑක් හේතුවක් විය.මම  , අප පවුලේ දේවල් හිමි වන්නේ මට බැවින් එවැනි බාදකයක් ඇති කර ගන්නට අවශ්ය නැතැයි ඒ හැම විටම පෙන්වා  දුන්නත් ඒ අදහස ප්‍රතිපල විරහිත විය.

දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ගම තුල නැති බැවින් නගරය ආශ්‍රීතව නිවසක් හදාගැණීමේ පලදායිතාවය  සමීරට වැදගත් විය.

අපට ලැබෙන වැටුපෙන් මේ ව්‍යාපෘතිය සිහිනයක් වන බව සමීරට පැහැදිලි කරදෙන්නට මට කිසිදා නොහැකිවිය.

ඒ සමග මගේ දරු සිහිනයද ටිකින් ටික වියකෙන්නට විය.

ගිගුරුම් හඩින් මගේ කල්පනා ලෝකය අවුල් වියවුල් ගියේය.

පොාඩ්ඩියේ ඔය විදුලි උපකරණවලින් ඈත් වුනොත් හොදයි නේද ?. වහින්නත් ඉස්සෙල්ලා විදුලි කොටනවා .

ඒ අම්මාගේ පෙර සුදානම පල කලාය .

බක් මාසයේ අවසාන සති දෙක ගිගුම් දෙමින් වැස්ස  වසින්නේය. අප්පච්චි මේ වැස්සට ප්‍රිය කලාය. වැස්සෙන් පසු කාලය ගහ කොළ - කොළපාට ගැන්වී අමුතු පනක් ඉපදෙන්නේය. කුඹුරු සරුවෙන්නේ මේ වැස්සෙන්ය . අප්පච්චි විද්‍යාත්මක සාධක විග්‍රහ නොකලත් විදුලි කොටමින් වහින මේ වැස්සට මනාපය. දිනක අකුණු ගහමින් වහින වැස්සෙන් පොළවට නයිට්රජන් එකතු වෙන හැටි පහදා දුන් විට පොඩ්ඩිත් ඉගණගෙන තියෙන දේවල් යයි සතුටෙන් කීවේය.

ඒ් දේවල් ඉගණ ගත්තත් පොඩ්ඩි ජීවිතය ගැන අප්පච්චි තරම් ඉගන ගෙන නොතිබුන බව සිහිවීය.

 සමීරත් මාත් අතර බැදියාව බිද ගියේ මගේ වරදක් හෝ වරදවල් කිහිපයක් නිසාදැයි මම කාලය විග්‍රහ කරමින් විශ්ලේෂණයක යෙදෙමින් සිතිිවිලි අතර කිමිදෙනවිට මා විත්තිකාරියවු සාධක මට හමු නොවීය.

යමෙක් යම් යම් දේවල් වසන් කරමින් සිටින්නේ නම් ඔහුට ජීවත් වන්න සිදුවන්නේ මවා ගත් කෘතිම වටා පිටාවකය. තමන් තමන් කෙරෙහිම  සැක සංකා ඇති කරගන්නේය. සමීරටත් සිදුවුනේ මෙවැන්නක් ද ?.

මම විවාහ වු  යවුවන වයසේ මා ගත කලේ හැගීම් වලට මුල් තැන දෙමින් මිස බුද්ධියට මුල් තැන දෙමින් නොවන බව පසක් වෙන්නේ දැන් දැන්ය. අම්මා දැක්වු ලිහිල් බව මට ඉණිමගක්විය.අම්මා අප්පච්චිගේ වියෝවත් . තම එකම දරුවාට ආරක්ෂකයෙකු සිටීම සුුදුසුයයි සිතන්න ඇත .

අප්පච්චි සිටියා නම් මෙවැනි ව්‍යාසනයක ආරම්භයකට මට මුහුණදෙන්න සිදු නොවනු ඇත. අම්මා මෙන් මටම වගකීම් පවරමින් සිටින්නේ නැතිව අප්පච්චි සියළු වගකීම් තම භාරයට ගන්නා බැවින් මට සිදුවන්නේ ඔහුගේ තීරණයට නතුවීමය.

අප්පච්චි  සිටියා නම් පලමු වන වටයෙන්ම මේ සම්බන්ධය නතර වෙනවාය. සමීර පෙර විවාහකයෙකුව සිටි බව මම අම්මාට දිගටම වසන් කලේය.

එහි ප්‍රතිපලයන් දැන් මම විදිමින් සිටින්නෙමි.

-------නැවතත්  හමුවෙමු - මීදුම 

A day in the life