පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-05-02

හැමදාම මැයි දිනේ ඇත්නම්












රටම කම්බස් කරපූ
පක‍්ෂ වල ලකුණු
බස්රථවල අලවගෙන
කම්බා හොර මුහුණු
වේලක් කන්නට
දවසක් ම නැහුණු


රෙදි නැතිව කොළඹ යති
පිරිමී සහ ගැහැණු
ඊයේ පාන්දර දවස මගේ පටන් ගත්තේ ඔහොමයි.
ඇදේ ඉදන් ම ,අපේ ගමේ හැරවුම මාතර යන්න රොද බදින සද්දේ අහ ගෙන හිටියා.උද්යෝගය අපුරුයි
අලි පොහොට්ටුු ටෙලිපෝන් කොළඹ යන තදියමේ.
බස් ,පෝලිමේ හෝන් කරගෙන රේස් යනවා
එක එක පාටට කොඩි බැලුන් එල්ලා ගෙන.
මේවා බල බල මගේ විකාර හිතට චිකාගෝ , ගුණසිංහ මතක් වෙනවා.
ලංකාවේ නම් කම්කරු සුබ සාධනය ගැන මුලින්ම අවධානය තිබුනේ බණ්ඩාරනායක රජයට.ටී.බී. ඉලංගරත්න ..........ඔය වගේ නම් කිය වෙනවා.
දවස ගෙවෙනවා. අපේ සිරිපාල සර් ( සිරිපාල කහවත්තගේ ) ට පේනවා පාරේ තියෙන කලබලේ. ඇතිමලේ තියෙන්නේ වැල්ලවායේ . සිරිපාල සර් රත්නපුරේ. වැල්ලවාය ඉදන් කොළඹ යන බස් එකක් දකිනවා
මැයි දිනේට කොළඹ ගෙනාපු ඇති - මොළේ හරමානිස්

එක්ක එනකොට
උදේ බස්වල
ලැබුනා කෑමත්
අරක්කුත්
මෙහේ ආපසු
ඔහේ එක්කන්
ගියා දුන්නෑ
වතුර වත්
කතා ඇහුවා,
විසිල් කෙරුවා
ගැහුව මං තව
අත්පුඩිත්
මගේ ළඟ නෑ
රුපියලක් වත්,
ගෙනා උන් නෑ
දකින්නත්
දැන් කෙහොමද ආපහු යන්නේ ? .හර - මානිස්ලාගේ ඉරණම එහෙමයි.උදේ බස් එකට නග්ගා ගන්න තිබුන කරුනාව ආදරය හවස නැහැ. ඉර එලියෙන් අපි වගේ හර මානිස්ලා කවි ලියන්නේ ස්ටේජ් ඒකේ බැබලෙන තරූවලට.
අපේ ‍ නඩේ තව එක්කෙනෙක් රෝහිණි නංගී. සිරිපාල සර් තරම‍ෙ සැර නැතිවුුුනත් කියන දේවල් කනට යන්නේ හිත රිදවගෙන.
ඈ මැයි දිනේ සැබෑව දැක්කේ මෙහෙමයි.

සැබෑව
********************

සරෝජා මගෙ නංගි යේ
උඹ අඬන්නේ කුස ගින්දරේ
ටිකක් අල්ලා හිටින්කෝ තව
අප්ප ඒවී ගොම්මනේ .

කම්බි වැට පැනලා ගියෝතින්
පොලිස් මාමල සැර කරාවී
බලා හිටපං හැංගිලා වගෙ
උන් එකට පෙළපාලි යාවී .

නාට්ටාමිල හැමෝටම අද
පාට පාටින් කමිස දේවී.
හීන පැලවෙන බින්න දෙසමින්
බිංකුන්ඩො වගෙ උන් නටාවී .

පොතක් ගන්නට සොච්චමක් නැති
විළි වහන්නට යට ඇඳුම් නැති
සරෝජා උඹ පින්න මල වගෙ
හෙටක් ගැන අප්පා ට බය ඇති.

චිකන් කකුලක් එක්ක කාපං
බත් පාර්සලයක් ගෙනේවී
බෝදිසත්තයො වගේ මහතුන්
මොණර කොළ සතුටින් බෙදාවී.

තෙමෙන තැන් වහගන්න නම් ඔය
ඉටි කොලේකින් ඇහැක් වේවී
හැමදාම මැයි දිනේ ඇත්නම්
හැමදාම අපෙ බඩ පිරේවී .

වහලට නගිනකම් විතරයි ඉණිමග ඔන වෙන්නේ වහලට නැග්ගට පස්සේ ඉණිමග ඔන වෙන්නේ නැහැ.. බහින්න තුන් හිතකින්වත් හිතනන්නේ නැහැනේ..

අද පාන්දර මෙටාවට ගියාම සුරංග බණඩාරයන් හමූවූනා. ඒයා තව ටිකක් උපේක‍්ෂා සහගත වෙලා. කොයි දේත් අපිට මයි වගේ කියලා හිතනවා “ජනහමුවල අහුකොන්වල - අපේ නමත් රැදුනා -ඇතැම් තැනක අපේ සුසුම - සාදයකට හැරුනා....” කියලා හිත හදාගත්තත් හැමදාම හැම තැනම වෙන්නේ ඒ්කයි කියලා හිතෙනකොට හිත නම් බොහොම රිදෙනවා.

 මහ පාරේ ගිණි අවුවේ

 දහදිය වැසි මවනා

අපටම හිමි වූ දිනයත්
මහපාරෙම ගෙවුනා...
අද මැයි පළවෙනිදා බව
යකඩ කටින් ඇසුනා
එහි යනවිට සියළු කතා
අවසන් වී තිබුනා...
අපි වෙනුවෙන් එසවුණු කොඩි
දෙමංසලේ සැලුනා
අදට වඩා හෙට වැඩ
පැවරෙන බව මට පෙනුණා...
ජනහමුවල අහුකොන්වල
අපේ නමත් රැදුනා
ඇතැම් තැනක අපේ සුසුම
සාදයකට හැරුනා....
මහ පාරේ ගිණි අවුවේ
දහදිය වැසි මවනා
අපටම හිමි වූ දිනයත්
මහපාරෙම ගෙවුනා...

මේක වේදනාවක් නෙමෙයි. වෛරයක් කෝපයක් හිතේ දැල්වෙන ක්‍රියාදාමයක්. 71 ත් 81 -89 ත් පිපුරූවේ මේ වේදනාව. ඒක හිතන්නේ නැතිව බලය ගැන විතරක් හිතුවොත් ගෝඨාට වු දෙය අතලග විය හැකියි කියලා මට හිතෙනවා.මේ දවස් වල බොර්ඩ් ලෑලි හොයා ගෙන එවා අල්ලගෙන කවි ලියන අය ඉන්නවා.අපි රැවටෙයි . කියලා හිතගෙන.
මැයි දිනයත් ඉවරයි.

අපි කවි ලියමු හිරු එළියෙන් හදට..............


A day in the life

2024-05-01

අපේ මැයි දිනය.




ලංකාවේ පහළ වූ පළමුවැනි කම්කරු නායකයා ඇලේක්සැන්ඩර් ඒකනායක ගුණසිංහය. ඔහු දේශපාලන අරමුණු සහිත පුද්ගලයෙකි. එවකට මේ රටේ තිබූ සුදු ජාතික පාලනය සමග දේශපාලනය නොකර ස්වදේශික බහුජනතාවට හරියන දේශපාලන ක්ක්රමයක්් ඔහු සොයමින් සිටියේය. එකල මේ රටේ සමස්ත ශරම බළකායෙන් 99% ක්ම සෑදී තිබුණේ කම්කරුවන්ගෙන් සහ ගොවියන්ගෙනි. ඒ නිසා කම්කරුවන් සමග එකතුවීම යහපතැයි ඔහු කල්පනා කළේය.

සිය දේශපාලන අරමුණේ කොටසක් වශයෙන් ඔහු කම්කරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් සටන් කළේය. ඔහු සිවිල් නීතිද කැඩුවේය. ඒ නිසා ලංකාවේ බරිතාන්ය ආණ්ඩුව හැකි හැම විටම ඔහු දණ්ඩනයට යටත් කළේය. ගුණසිංහ මේ කට්ට කාගෙන ඉස්සරහටම ගියේය. තමා යටතේ කම්කරු බලය ඒකරාශී කරගැනීමට නම් ලංකාවේ සිටින සියලු කම්කරුවන් පක්ෂ භේද නොසලකා එක දේශපාලන කේන්ද්රයකට කැඳවිය යුතු බව ඔහු සිතුවේය. මෙය ගුණසිංහ විසින් අනුගනමය කළ හොඳම දේශපාලන ක්රමය විය හැකිය. ඒ අනුව චිකාගෝ නුවර මැයි දින සැමරුම ගුරුකොට ගනිමින් 1928 මැයි 1 දා ඔහු මැයි දින සැමරුමක් කැඳවීය.
එකල ලංකාවේ සිටි කම්කරු පන්තිය රා සහ කසිප්පු ගසන සූස්ති උරණ බීඩි බොන නාවර පෙරාගෙන සිටින පරිහානිගත කොට්ඨාසයකි. මේ පරිහානිය ඇතිවුණේ ලංකාවේ කම්කරු පන්තිය නිතරම නාගරිකය මුල්කරගෙන බිහිවූ නිසාය. එක්දහස් නවසිය ගණන්වල මේ රටේ නාගරික සංස්කෘතිය බෙහෙවින් කුජීත වූ සංස්කෘතියකි. එයට හේතුව අධිරාජ්යවාදී පීඩනය, මත් පැන්වල බලපෑම, සඵලභාවය වැනි කාරණා හේතුවෙන් මේ රටේ නාගරික කම්කරු පන්තියේ මනස කුපාඩිකරණය වී තිබීමය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් එදා සිටි කම්කරු පන්තියට අප දොස් නොනැඟිය යුතුය. එදා සිටි මිනිසුන් භුක්ති වින්දේත් ආපසු සමාජයට දුන්නේත් තමන් අත්විඳින අත්දැකීම් හා සමාන අත්දැකීම්ය. මෙකල කම්කරු පන්තිය 1800 ලන්ඩනයේ ජීවත්වූ බි්රතාන්ය නාගරික කම්කරු පන්තිය මෙන් නූගත් අය වූහ. ඔවුන් පත්තර කියවූයේ නැත. කියවීමට පත්තර ඔවුන්ට තිබුණේද නැත. පොත්වල තිබූ දේවල් ඔවුන්ට තේරුණේ නැත. ඒ නිසා ඔවුහු සිය විනෝදාංශ වශයෙන් මත්පැන් පානය කිරීම සහ රති කෙළියෙහි යෙදීම තෝරා ගත්හ.

අප මෙහිදී ලංකාවේ කම්කරු පන්තිය ලෙස හඳුන්වන්නේ පිරිමි ජනතාවය. කල මේ රටේ කම්කරු පාන්තික බහුතරය බිහිවී තිබුණේ පිරිමින්ගෙනි. එකල සිටි ජනයා තමන් සිටින තැනින් අඟලක් හෝ උඩට පැමිණිය යුතු බව කල්පනා කළේ නැත. එසේ කල්පනා කිරීමට අවශ්ය මානසික පරිසරයද ඔවුන්ට තිබුණේ නැත. කොටින්ම මනුෂ්යයන් වශයෙන් දියුණුව කරා යා යුතු බව ඔවුන් දැන සිටියේම නැත. ඇලේක්සැන්ඩර් ගුණසිංහ මේ නරුම, පාෂාන්ඩ පිරිමි පරජාව එක අරමුණකට තල්ලු කිරීම සඳහා මාරම පරිප්පුවක් කෑවේය.



ලංකාවේ පළමු මැයි දින රැස්වීම 1927 මැයි 1 දා පැවති බව අපි ඔබට කීවෙමු. 1933 දී පළමු වන මැයි දින රැළිය පැවැත්වීමට ඇලේක්සැන්ඩර් ගුණසිංහ ට හැකි විය. එනම් ඔහුට මේ රටේ කම්කරු පන්තිය මේච්චල් කරගැනීමට අවුරුදු 5 ක්ම ගතවිය. පළමුවන මැයි දින රැළියට පැමිණි අයගෙන් සෑහෙන පිරිසකට රතු කමිස ඇන්දවීමට ගුණසිංහට හැකි විය. . 1900 මුල් කාලයේ පවා ලංකාව ඉතා අන්ධකාර වැඩවසම් ගැමි  රාජ්යයකි. එකල මේ රට පාලනය කළෝ සුදු හැතිකරයත්, ‍  රභූ ජනතාව නමැති හැතිකරයත් ය. 

ර්ථසාධක අරමුදල් අයිතිය ලබා ගැනීම මේ සඳහා පීටර් කෙනමන් මහතා හා එම්. ජී. මෙන්ඩිස් මහතා සිදු කළ මෙහෙය අගය කළ යුතුයි. එමෙන්ම ටී. බී. ඉලංගරත්න මහතා කම්කරු ඇමැති ලෙස අර්ථ සාධක අරමුදල් අයිතිය පෞද්ගලික අංශයට ලබාදීමට ගත් තීරණය වැදගත් වේ.

රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වමේ වයාපාර විසින් ගෙන ගිය අරගලයක ප්රතිපලයයක් ලෙස 1956 දී අග්රාමාත්ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළේය. ඒ අනුව මැයි දිනය නිවාඩු දිනයක් කර හැටහයවෙනි සංවත්සරය මෙවර මැයි දිනයට යෙදෙන්නේය.


1987 හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මැයි දින පෙළපාළි හා රැස්වීම් පැවැත්වීම තහනම් කළේය. එදින ලංකා සම සමාජ පක්ෂය, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්රී ලංකා මහජන පක්ෂය ඇතුළු වමේ ව්යාපාරය සංවිධානය කළ මැයි පෙළපාළියට පොලිස් ප්රහාරයක් එල්ල විය.

කෙසේ වෙතත් අද මැයි දිනය කම්කරු පන්තියේ අවශ්යතා මත නොපවත්වන අතර එක් එක් දේශපාලන පක්ෂවල පටු දේශපාලන අවශ්යතා සඳහා මැයි දිනය යොදා ගනී. නිල්පාට, කොළ පාට, කහ පාට විවිධ වර්ණ යොදා ගනිමින් කම්කරු පන්තියේ අරමුණු අපේක්ෂා හා ඉල්ලීම්වලට පටහැනිව පත්වන මැයි සැණකෙළිවලින් වෙන් වී කම්කරු පන්තියේ වර්තමාන හා අනාගත අරමුණු සඳහා මැයි දිනය යොදා ගැනීම ගැන වැඩ කරන ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂවල හා සංවිධානවල වගකීම වෙයි.

අප්රේල් 30

දිවයින කතුවැකියෙන්



A day in the life