පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-03-14

මීනගයා



“මීනගයා “ දුම්රිය ත් පුංචි බිළිදාත් පසු ගිය දිනවල මාධ්‍ය මාතෘකාව බවට පත්විය.

 මේ සිද්ධියට සදා චාරයක් නොමැති බවට අපට  හිතෙනු ඇත.සංවර නොවු මෙන්ම දැනුම්වත් නොවු තරුණ යුවලකගේ හැසීරීම බිළිදෙකුගේ ඉරණම බවට පත්ව තිබුනේය.

මාධ්‍යයට සදාචාරයක් තිබුනේම  නැත. අග මුල සියල්ල වමාරමින් ඡායාරූපත් සමග මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍යයත් විශාල ප්‍රචාරයක් ලබා දෙමින් සිටියේය. බණ්ඩාරවෙල පොලිසියත් මීට සගාමීව මාධ්‍ය සංදර්ශණයක් පැවත්වීය.

මෙම තරුණයා පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙකු වු අතර තරුණිය සුළු රැකියාවක් කරන්නියක වුවාය. දෙදෙනා අගනුවරදී හමුවුවත් තරුණිය පදිංචි නායබැද්දත් ,තරුණයා පදිංචි මීරිය බැද්දත් සමීප ප්‍ර දේශයන් දෙකකි.විශ්වාසය ගොඩනගා ගන්න මෙයත් හේතුවක් වෙන්නට ඇත.

නිදහසේ හමුවන තරුණ තරුණියන් ගේ හැසිරීම් රටාවන් පරාම්පරාවෙන් පරම්පරාවට වෙනස්ව ගොස් ඇති අතර. වෙළද ආර්ථිකය නොමදව ඒ සදහා යටිතල පහසුකම්ද සපයා  දී ඇත.අද විශ්ව විද්‍යාල සිසු සිසුවියන් මෙන්ම තරුණ වැඩිහිටි සිසු සිසුවියන්ද නිදහස සොයා යන්නෝ බවට පත්ව ඇත. මොවුන් දෙමව්පිය රැකවරණ සීමාවෙන් ඔබ්බට ගොස් හැසිරෙන අන්දම ඉතාමත් කණගාටුදායකය.

එවන් විටක මෙවන් අවාසනාවන්ත සිදුවීම් සිදුවිය  හැකි බැවින් වැඩිහිටියෝ ආරක්‍ෂාව සපයන අතරම ලිංගික අධ්‍යාපනයද ලබාදිය යුතුවේයැයි සිතෙන්නේය.

අපේ ආර්ථිකයද යහපැවත්මට බාධා කරන බව කිව යුතුය.

 


notes of imaginary

2023-03-13

ඛලීල් ජිබ්රාන්

 

“මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බියෙන් වෙව්ලන බව කියනු ලැබේ.

කඳු ශිඛරවල සිට,

වනාන්තර සහ ගම් මැදින්

යන දිගු වංගු මාවතේ සිට

ඇය ගමන් කළ මාවත දෙස ආපසු හැරී බලයි

ඇය ඉදිරියෙහි,

ඇය ඉතා විශාල සාගරයක් දකියි,

එයට ඇතුළු වීම

ඈ  සදහටම අතුරුදහන් වීමට

වඩා වැඩි දෙයක් නොපෙනේ.

නමුත් වෙනත් මාර්ගයක් නැත.

ගඟට ආපසු යා නොහැක.

කිසිවකුටත් ආපසු යා නොහැක.

ආපසු යාම පැවැත්ම තුළ කළ නොහැක්කකි.

ගංගාව සාගරයට ඇතුළු වීමේ අවදානම ගත යුතුය,

මන්ද බිය පහව යනු ඇත්තේ එවිටය,

ගංගාව සාගරයට අතුරුදහන් වීම නොව

සාගරය බවට පත්වීම බව ගංගාව දැන ගන්නේ එවිටය.“

- ඛලීල් ජිබ්රාන්

 

ඛලීල් ජිබ්රාන් ගැන මේ ලිපියෙන් කියවන්න.

https://drackey.blogspot.com/2014/01/blog-post.html


notes of imaginary