පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-07-15

අවනඩුවක් .


විදුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර  දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා රස කර කර කැපිල්ල ගැන කියනවා .A to Z කලාප ටිකක් එක්ක.

මේක අවනඩුවක් .එහෙම හිතලා අපේ එකෙක් මානව හිමිකම් කඩකරලා කියලා අපේ ගමේ කොල්ලන්ගේ අධිකරණයේ නඩුවක් ගොනු කලා කියමුකෝ...

නඩුව විභාග කරන්න දිනයක් ස්ථානයක් නියම වුනා.

පැමිණිලි කාරයෝ විත්තිකාරයෝ තම තමන්ගේ හරක්  දිගේලි කරලා කමතේ අධිකරණයරැස්වුනා අපේ ගමේ නඩුකාරයා තමයි හරමානිස්. මිනිහා මාසෙකට දෙකකට වරක් උසාවි යනවමයි. එක්කෝ කා එක්ක හෝ දඹරයකට ගිහිල්ලා නැත්නම් ඔය කසිප්පු ටිකක් පෙරලා වගේ දේවල් වලට. හරමානිස් කියන්නේ “ඇස්පීරියන්ස්” ගන්න යනවා කියලා.

කමතේ නඩුකාරයා වුනාට පස්සේ පොරගේ නම මාරුවුනා. හරමානිස් දැන් “හර්මන්” හර්මන්ගේ වැඩ කිඩ දැක්කම මතක් වුනේ හුණුවටයේ අසඩක්. හර්මන් හොදට බීලා වෙරි මරගාතේ  කෝට් බෑය ගසා බසා දාලා වී හුලං කරන අට්ටාලෙට නැගලා.

පිරිසේ හිටපු බබානිස් තමයි මුඩ්ලියර්. මුඩ්ලියර් උනාට පස්සේ පොරගේ නම” බබ් ඹ් නිස්” වෙලා.මුඩ්ලියර් බබ් ඹ් නිස් කල් දාන නඩු මුලින්ම කැදවලා කල්දාලා අධිකරණයේ තදබදය අඩුකරගත්තා. පයෝරිටි ලිස්ට් එකෙන් අද විභාගෙට තියෙන නඩුවක් කැදෙව්වා. බොහෝම සැරට නඩු අංක 20220410 ........විත්තිය ඊ .ලෙක්ට්‍රි සිටි ..............පැමිණිල්ල  ජහමනගේ බඩිගිනිස්.

පිට කොන්ද බඩට ඇළුනු  ජහමනගේ  බඩගිනිස් පන්මල්ලකුත් කිහිල්ලේ ගන්න ගෙන පැමිණිල්ල පැත්තේ හිට ගන්නවා.

අධිකරණයට ගරු කටයුතු ලෙස නොහැසිරීම ගැන. මුඩ්ලියර්  බබ් -ඕ- නිස්ට මල පැනලා. මොකක්ද ? මේ මල්ල -තියෙනවා ඕක එලියෙන් තියලා  - එනවා. හ්ම් . මේක ඉරිදාපොල නෙමෙයි - මේක අධිකරනය. ගෙරවිලි වැලයි.

 ජහමනගේ  බඩගිනිස්  බයාදුව  දෙකට තුනට නැමිලා විධානය ඉටු කරලා හාන්දුරුවනේ කියලා මුමුන ගමන් විනිශ්චාශනයට බයාදු බැල්මක් හෙලනවා.

විත්තිය - ඊ .ලෙක්ට්‍රි සිටි ගරු ගාම්බීරව “ ස්වාමීනී  පෙනීසිටිනවා ස්වාමිනී”  . කියලා බැබලි බැබලි විත්තිය පැත්තෙන්  හිටගන්නවා .  විත්තිය දැකලා මුඩ්ලියර්  බබ් -ඕ- නිස් ගල් ගැහිලා . පැමිණිල්ල කියවන්නත් බැරිව ගොත ගහනවා.

ජහමනගේ  බඩගිනිස් ගල් ගැහිලා බලා ඉන්නවා. විත්තිකාර ඊ .ලෙක්ට්‍රි සිටි ගෙන්  නඩුකාර හර්මන් වෙනුවෙන් මුඩ්ලියර් අහනවා තමන් මේ චෝදනාවට වැරදි කරුද නිවරදි කරුද කියල?.

අනේ ස්වාමීණි මම මේ මොනවත් දන්නේ නෑ මගේ පුර්වගාමියා තමයි මේ  සැලසුම් කලේ - මම පත්තු කලා විතරයි ස්වාමිණි

කවුද පුර්ව ගාමියා ඔහු වහාම කැදවනු . අධිකරනයේ මහ කලබලයක් පොලිසියේ මහත්තුරු, පන්සලේ ඉදලා උස මහත්තෙක් ඇදගෙන එනවා මෙන්න මෙයා තමයි පුර්වගාමියා ස්වාමිණි.  තමුන් ද මේ අපරාධය කලේ පුර්වගාමියාගෙනුත්  ප්‍රශ්නේ අහනවා .

මම මුලින්ම කිව්වා මෙහෙම ගියෝත් මේ වැඩේ කරන්න වෙනවා කියලා. ඒත් ඇහුවේ නෑ. කාලා බිලා ජොලි කරනවා. ඉතිරි ටික සනුහරේට බෙදලා දෙනවා විතරයි. ඉතින් කොහොමද ජහමනගේ  බඩගිනිස්ට අපරාධයක් නොවන විදියට වැඩ කරන්නේ ?. ”

ඒත් මම මේ සංගදිය කරන්න කිසිසේත්ම අනුබල දුන්නෙත් නෑ කරන්න කිව්වෙත් නෑ. අන්න අරයාගෙන් තමයි අහන්න ඕන කියලා කමතේ ලියක මානලා තිබුන පින්තූරයක් පෙන්නුවා.

නඩුකාර හර්මන් ආපහු හැරිලා බැළුවා. හොදටම දාඩිය දාන්න පටන් ගත්තා . කුල්ලක් අරන් පවන් ගහන්න සුළු සේවකයෙකුට අණ කලා.

උසාවියේ අවධානය වෙනත් පැත්තකට යොමු කරලා මේ ගැන හොයලා බලන්න  ඉන්න හොදම කෙනා ‍හොයා ගෙන එන්න කියලා අණ කලා. තොරතුරු විමසා සාක්‍ෂියක් ගන්න.පින්තූරේ ඉන්න කෙනා ඔරවා ගෙන ඉන්නවා වගෙයි හර්මන්ට පේන්නේ.

පොලිසියේ මහත්තුරුන්ට මතක් වුනා වැල් ආරච්චි. හර්මන්ගේ නියෝගයට වැල් ආරච්චි කැදවා ගෙන ආවා. උන්නැහේට පැමිනිල්ල ගැන කරුනු පහදලා මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවා. නැතිවුනාම වැඩියෙන් අරන් දෙන්න ඕනි. එකත් කරන් අමාරු නිසා කපන්න පටන් ගත්තා. එතුමා උත්තර බැන්දා.

නඩුව යන හැටි හොදනෑ කියලා ජහමනගේ  බඩගිනිස්ට හිතෙනවා. ඒත්  ඉතින්  මෙනවා කරන්නද ?  දැන් ඔහේ අහගෙන ඉන්නවා. නඩුකාර හර්මන්ටත්  කැරකිල්ල වගෙයි .  වැඩිදුර විභාගෙ පැයකට කල්දාලා තව දෙකක් දාගෙන ආයෙත් නඩුව කැදෙව්වා.

විත්තිය වෙනුවෙන් කරුණු පැහැදිලි කරගන්න එක එක අය කැදෙව්වා. ආ අය තවත් එක්කෙනෙක් ගැන කියලා ඇග බේරා ගන්නවා.

ඔහොම යන කොට  නඩුකාර හර්මන්ට , ලක්‍ෂපාන පැත්තේ වැදගත් පහේ මහත්තෙක් මතක් වුනා . සාක්ෂියක් ගන්න එතුමාත් කැදෙව්වා. එතුමාගෙන් ඇහුවා කවුද මේ පත්තුවෙන මල ඉලව්ව හැදුවේ ?. කියලා.

. “තෝමස් අල්වා එඩිසන් කියලා මහත්තෙක් තමයි ඕක හැදුවේ”  කියලා ඒ මහත්තයා උත්තර බැන්දා.

අම්මෝ අදට ඇති කියලා   නඩුකාර හර්මන් ට හිතුනා   “ වහාම තෝමස් අල්වා එඩිසන්” ඊලග නඩුවාරෙට කැදවන්න අණ දීලා නඩුව කල්දැම්මා.

ජහමනගේ  බඩගිනිස් මල්ලත් අරගෙන නඩුකාර හර්මන්ගේ උසාවියෙන් යන්න ගියා “ඒකත් එහෙමයි එහෙනම්” කියලා.  හර්මන් තවත් දෙකක් දාගෙන හරක් ටිකත් දක්ක ගෙන ‍වැනී වැනී ගෙදර ගියා.

 


notes of imaginary

2022-07-13

නරිත් හිතන්න පටන් අරන් .

notes of imaginary

 

අපි ඉන්නේ ගිණි ගොඩක් උඩ.

මේක කොයිතැනකට ගිහින් නතර වෙයිද හිතා ගන්න බැහැ.

අදහස් දැක්වීමත් භයානක වෙන්න පුළුවන්.

මට පරණ කතාවක් මතක් වෙනවා.

මේක ඊෂොප්  කිව්ව කතාවක් කියලයි කියන්නේ.

ඊෂොප් ග්‍රීසියේ ක්‍රි.පු අටවන සියවසේ පමන ජීවත්වු

උපමා කතා කරුවෙක් ලෙසත් සැලකෙනවා.

කතාව දිග හරින්නම්.එක දිගටම අපි දකින්නේ බිහිසුනු දේවල්.

සමථයකට පත්වෙන්නේ නැති අරගලයක් සමග අපි නිදාගන්නවා .

අවදි වෙනවා.

එක් දිනක නරියෙක්

ගංවතුරකට අසුව ගැඹුරු දිය පහරකට අසුවෙනවා.

නරියාගේ ඇගේ වසා ලේ උරා බී

තරවුන සිටි කිනිතුල්ලන් පොකුරක්

සිරුරේ ජලයේ ගිලී නොමැති  උගේ පිටමතට එක් වෙනවා

නරියා වෑයමෙන්  ජලයෙන් ගොඩ වෙනවා.

මෙතනට පැමිනෙන ඉත්තෑවෙක්

නරියා ගෙන් විමසනවා

 “ යාළුවේ. මම කිනිතුල්ලන් පොකුර ගලවාදමන්නද ?” කියා.

එපා යාළුවා.

මේ කිනිතුල්ලන් රෑන මගේ ඇගේ ලේ උරා බී තර වෙලා ඉන්නේ.

මුන් ටික ගැලෙව්වොත්

තවත් කිනිතුල්ලන් රෑනක් මගේ ඇගට ගොඩවී

ලේ උරා බොන්න පටන් ගනීවී.

දැන් ඉන්න කිනිතුල්ලන් ලේ බී තරවී සිටින නිසා

උන් ලේ බොන්නේ අඩු වේගයකින්.                          

අළුතින් එන අය එන්නේ හාමතේ

උන් තරවෙන තෙක් වැඩි වේගයකින් ලේ බොන්න පටන් ගනීවී.

ඒ නිසා ඔය කිනිතුල්ලෝ ටික ඔහොමම හිටියාවේ.

ඉත්තෑවා එකත් ඇත්ත තමයි යාළුවා

කියලා නරියාගෙන් සමුගන්න හැදුවත්,

නරියා කිවුවා “ පොඩ්ඩක් ඉන්න යාළුවේ .

මගේ අදහස වෙනස් කලා “

මේ කිනිතුල්ලෝ ටික අයින් කරන්න මම ආයෙත් දියට බහින්නම්.

අළුත් කිනිතුල්ලෝ ටිකක් ඒවී . මාත් නැතිවෙලා යයි.

නරියා හිතන්න පටන් ගත්තා.