පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-07-04

හිගා කෑම - ඉන්ධන.




 යකඩ මල්ලට හෙන ගසා ඇත. දැන් පුළුන් හොයා පලක් නැත.ආහාර , ඖෂධ නැත. මිනිසුන් කෙසේ හෝ ජීවත් වෙති. අපේ බඩ පලා කෑවේ මොනවාදැයි බලන්නේ නැත. එහෙත් බොහෝ දෙනාගේ බඩ පලා බැළුවොතින් කම්පා වෙන්න හේතු කාරනා දකින්න හැකිය.

ඉන්ධන මේ හැමට වඩා වැදගත් බව රට පුරා දකින උනන්දුව අනුව සිතා ගත හැක. ආණ්ඩුව ( ඇත්දැයි නොදනිමි) ඉන්ධන සෙවීමට ප්‍රමුඛතාවයක් දක්වන බවක් පෙනෙයි. මොළ හතානෝ මැදිහත්ව ඉන්දියාවෙන් තෙල් ගෙනාවේය. Indian credit line ‘කියා උජාරුවට මෙයට කියවිනි . දැන් ඒකත් වාෂ්ප වී ඉවරය.

අළුත්ම කතාව කෙලින්ම තෙල් සමාගම්  තෙල් ගෙනත් මෙරට ඉන්ධන පාරිභොගිකයන්ට බෙදා හැරීමය. එතකොට ඉන්ධන හිගය හමාරවී සෞභාග්‍යය උදාවන්නේය. මේ සමාගම් මෙරට පාරිභොගිකයන්ට තෙල් අළවි කරන්නේ රුපියල් වලින්ය. ලංකාවේ රුපියල් වලින් තෙල් ගෙනවිත් සමාගම් වින් තම මව් ආයතන පිහිවි විදේශයන්ට ගෙන යන්නේ ඩොලර් වලින්ය. නැත්නම් ඉන්දියානු රුපියල් වලින්ය. එහෙම ගෙනියන්න රුපියල් ඩොලර් කර ගැනීමට අපට විදේශිය විනිමය  තිබේද ?. නැත්නම් අපිට ඉන්ධන ගන්න වෙන්නේ ඩොලර් වලින්ද ? නැත්නම් ඉන්දියාණු රුපියල් වලින්ද ?.නැත්නම් සදාකාලිකවම අපට ඉන්ධන ගෙනවිත් දීමට සුභසාධක වැඩපිලිවෙලක් වත් අරඹයි ද ? මේවා “ මීදුමට “ ඇතිවි තිබෙන ප්‍රශ්ණයන්ය.

.Indian credit line මේ ණයට  ගෙනා ඉන්ධන ටික එවර වෙනතුරු ඊලට මොකක් කරන්නද ? කියා සැලසුමක් ඇති කරගත්තේ නැති නිසා දැන් ඉන්ධන  බින්දුවක් වත් නැත. ප්‍රවාහණය ටිකින් ටික නතර වෙන්න පටන් අරගෙන දැන් සම්පූර්ණයෙන් නතර වෙන්න ඔන්න මෙන්න වී ඇත. සියළුම පාසල් , කාර්යාල නිල වශයෙන් වසා දමනු ලැබීය. විනිමය පොඩ්ඩක් හෝ උපදන තේ රබර් වැනි කර්මාන්තද ඇන හිට ඇත  

මෙතරම් අර්බූද රැසක් ඇති රටේ පාර්ලිමේන්තුව ( ජුලි 04 ) අද රැස්වී කල කතා බහ විමසා බලන්න. පෞද්ගලික ප්‍රහාර වලින් එහාට මෙහාට කටින් ගහ ගනිමින් හූ කියමින් බාධා කරමින් කාලය ගත කිරීමය.ලස්සනට තිබූ ලිබියාව පාර්ලිමේන්තුව ගිනි තැබීමට තරම් පිරිහිමට ගත වුයේ සුළු කාලයකි. අපේ රටේද පාර්ලිමේන්තුවක් 225 සමග නඩත්තු කිරීමෙන් පලක් නැත්නම් එය තිබිය යුතු නැත. 








notes of imaginary

2022-07-01

හාමතේ අනතුරේ.



මවක් දරුවන්  දෙදෙනාත් සමග චන්ද්‍රිකා වැවට පනී. දියණිය මිය ගිහින්.

වාහනේ පෙරලිලා සිසුන් රෝහලේ

කෑම සොයා ගිය පියා සිහිසුන්ව වැටිලා

මේ ප්‍රවෘත්ති තුනම අද සමාජයේ බිදවැටීම කියා පාන ඛේදවාචක.

ආහාර මිළ ගනන් හතර පස් ගුණයකින් ඉහල ගිහින්. දෛනික ආදායම රුපියල් දාහක් වත් නැති, එලෙසවත්  දෛනිකව ආදයමක් නොලබන  දරු පවුලක් කෙලෙසද කන්න බොන්නේ. හාල් කිලෝවක් රුපියල් දෙසිය පනහක් හෝ ඊට ආසන්නව. පොල් ගෙඩියක්,එලවළු ටිකක් මිළදී ගත්තම රුපියල් දාහ වාෂ්ප වෙලා යනවා.

මිනිස්සු IMF යන්නද ? ලෝක බැංකුවට යන්න ද? රජයේ මහා පරිමාන ආර්ථික ව්‍යාපෘති වලට පෙර මෙවැනි ව්‍යාසන පිලිබදව අවධානය යොමු විය යුතුයි.

අසල්වාසීන්ට උනත් උදව් කරන්න හැකියාවක දැන් නැහැ. ඔවුනුත් මේ බෝට්ටුවේ.ඒ වුනත් සංවිධාත්මක වැඩ පිලිවෙලක් ඇති කරගත්තෝත් එයත් අපහසු නැහැ.

මවකට දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැතිව සිය දිවි නසා ගන්න හිතෙනවා නම් එය අසාධාරන තීන්දුවක්ද ?.

පියෙක් හාමතේ ඇද වැටෙනවා නම් එය රගපෑමක්ද ?.

 මෙවැනි ශෝකාන්ත වලක්වා ගැණීමට රජය වහා වැඩ පිලිවෙලක් ඇති කරගත යුතුයි. මෙවැනි පවුල් ගැන සොයා බලා උදව් උපකාර කිරීමට ග්‍රාම සේවක කොට්ඨාශයක සිටින නිකම් පඩි ලබන රජයේ නිළදාරින් ටික යොදා ගන්න පුළුවන් වෙයි. එවැනි අයට ක්‍ෂණිකව ආධාර සැපයීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩ පිලිවෙලක් සකස් කර ගත හැකියි.

ආගමික පූජ්‍ය පක්‍ෂයටද මේ අවස්ථාවේ තමන්ගේ අනුගාමිකයින් ගැන සොයා බලන්න සහය වන්න පුළුවන්. අපේ රටේ බහුතරය  බෞද්ධාගමිකයෝ. මේ සිදුවීම් දෙකටම පාදක වුන ප්‍රදේශ බෞද්ධ පරිසරයක්. පන්සල ලගට පීඩීතයන් , අසහනයට පත් දායකයින් එනවාට වඩා ඔවුන් ලගට පන්සල යනවා නම් කොයිතරම් අගේද ?.

තාමත් අපේ පන්සල් එතරම් දියුණු අධ්‍යාත්මයක් ඇති කරගෙන නැහැ. දේශපාලන වන්දනාවේ යන යතිවරුන් බහුලයි.දායක වන්දනාවේ යන්නෝ නැති තරම්.

පාලම් බෝක්කු හදලා දැන් වැඩක් නැහැ. මිනිසුන් ජීවත් කරවන්න වැඩ පිලිවෙලක් දැන් ඕන





notes of imaginary