පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-10-04

GSP + Generalized System of preferences


අද ‍බොහෝ දෙනාගේ මතෘකාව බවට පත්ව ඇති GSP + බදු සහනය ගැන සටහනක් මීදුම වියමන් කරන්නට අදහස් කලේ එය අද කාලීන ප්‍රවෘත්තියක් වී ඇති බැවිනි. බොහෝ විද්වතුන් මේ සම්බන්ධයෙන් නොයෙක් මතවාද පලකරමින් සිටිති. දේශපාලන වේදිකාවේ ආණ්ඩුව විපක්ෂයටත් - විපක්ෂ ය ආණ්ඩුවටත් මල්ටි බැරල් ප්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා මේ මාතෘකාව අපට නම් විහිළුවකි. රටකට ආදරේ ඇති පිරිසක්වේ නම් බලය අල්ලා ගැණිමේ ව්‍යාපෘති මැතිවරණ වලට පමනක් සීමා කර මැතිවරණයෙන් පසු රටට හිතකරව සේවය කිරීම සිදුකල යුතුවේ. අපේ රටේ ආණ්ඩුවත් විපක්ෂයත් හැසිරෙන්නේ ජම්ම වෛරක්කාරයෝ පිරිසක් ලෙසිනි.

මේ දෙපිරිසම නඩත්තු වන්නේ දියළුනු කැටයෙන් පවා අය කරගන්නා බදු මුදල් වලිනි.තීරු බදු රහිත දීමනා, මාදිවලින් නේවාසික පහසුකම් දුරකතන, ගමන්,සංග්‍රහ ආදී කී නොකී දීමනා ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයට පමනක්ම නොවේ. විපක්ෂයටත් ලැබේ.වෙනසක් ඇත්නම් සොච්චමක් විය හැකියි. අපේ රටේ මේ දෙපක්ෂයේ ආර්ථික පරතෙරය ඇති කිරීමට පමනක් නිර්මාණය කරගත් අළුත් මාවත ආණ්ඩු පක්ෂය සියල්ලම ඇමතිවරු බවට පත් කිරීමෙන් සිදුකරගෙන තිබේ. මෙම පුර්වාදර්ශයද 1977 දී ධාර්මිෂ්ඨර් විසින් මේ රටට ලබා දුන්නකි.

මිදුම පාරෙන් පිට පැන්නා යයි සිතුවා විය හැකියි. ඒත් අපට වී ඇති දේශපාලන වින්නැහිය සෑම කරුණටම පාදක වී ඇති බව අමතක කර ගත හැකි කරුණක් නොවේ. GSP + කතාව ඇරඹෙන්නේ සුනාමියත් සමගිනි. ආසියාතික රටවලට සුනාමියෙන් ඇතිවු විපතින් ආර්ථිකයද සුනාමියක් බවට පත්වු විට ඒ ඒ රටවල නිෂ්පාදිත භාණ්ඩ 7200 ක් යුරෝපා සංගමයේ රටවල්වලට මිළදී ගන්නා විට තීරු බදු සහ රේගු බදු අය නොකර ගැණිමෙන් සහනයක් ලබා දීමට තීරණය කෙරිණි. මෙම සහනය ඇගළුම් ඇතුළු අපේ කර්මාන්ත වලට යුරෝපා සංගමයේ වෙළද පල තුල යම් ස්ථාවරයක් ගොඩනංවා ගැණිමට හේතු වන්නට ඇත. එමෙන්ම මෙම සහනයෙන් ප්‍රයෝජන ගැණිමට විදේශිය ආයෝජකයෝද යම් යම් කර්මාන්ත ඇරඹීම නිසා අපේ රෑකියා නියුක්තියන්ගේ ප්‍රමාණයද ඉහල ගියාය. අප මෙම සහනය දැන් අවුරුදු හතරක් පමණ භුක්ති විද ඇත්තෙමු.
දැන් ඇතිවී ඇති අනතුරෙන් යුරෝපා වෙළදපලේ අපේ භාණ්ඩවල මිළ ඉහළයාම නිසා එම රටවල පාරිභෝගිකයෝ අප අත්හැර වෙනත් රටවල නිෂ්පාදන කෙරෙහි අවධාණය යොමුවුවහොත් අවසානයේ අපගේ රැකියා නියුක්තියෝ පාරට බසින්නට සිදුවන්නේය. මෙම අනතුර මුව විටට ආ බවක් පෙනෙන්ට ඇති බව දැක දෙගොල්ලෝම අසරන රැකියා නියුක්තියන් ගේ මළමිනී මතින් බලය ලබා ගැණිමේ සහ බලය රැක ගැණිමේ පාපකාරී සිතුවිල්ලක සිටිමින් සිටින බව විද්‍යාමාන කරන බවක් මිස පිලියම් හෝ සැලසුම් ගැන අවබෝධයක් ඇති බවක් නම් නොදක්වන බව මීදුමට සිතේ.

ආණ්ඩුව සහ අදහස් දක්වන විද්වත්තු GSP + සදාකාලිකව ලැබෙන සහනයක් නොව තාවකාලික බදු සහනයක් බව පවසයි. අපිද එය පිළිගත යුතුවමු. යම් රටක් හෝ රටවල් සමුහයක් සදාකාලිකවම තම රටේ බදු ආදායම පිනට දෙන්න කෙසේවත් කැමතිවන්නේ නැත.එසේ නොදෙනුද ඇත. සුනාමිය ගෙවී අවුරුදු පහකි. යුද්ධය ඊට අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ පැවත්වෙමින් තිබියදීද අපේ රටේ ඇගළුම් ඇතුළු වෙනත් නිෂ්පාදන අපනයනය වෙළද පලට යොමු කරමින් සිටියේය. සුනාමියෙන් ලැබුන GSP + සහනය අමතර සහයෝගයකි. ඒ සහනය තුලින් අපේ රටේ නිෂ්පාදන සදහා විදේශීය පාරිභෝගිකයන් තුළ නමක් ඇතිවුවාටද සැකයක්ද නැත. එය අමතරව ලැබු ප්‍රතිලාභයකි.

මිදුමට ඇති ප්‍රශ්නය මෙය නොවේ අපේ රටේ එක් එක් විෂය භාර ඇමතිවරු රොත්තක් සිටී. විදේශිය, විදේශිය වෙළදාම, වෙළද ප්‍රවර්ධණ , කර්මාන්ත, ආදී මෙම විෂය පථයන්ට ආදාල ඇමතිවරු අඩුම තරමේ විස්සක්වත් ගැන ගත හැකිවීම සිම්පල් කාරනාවකි.මෙම ඇමති රොත්ත බුරුත්තට ඇති කාර්ය මණ්ඩලය , උපදේශකයෝ කොයිතරම් ඇත්ද ?. මේ මිනිසුන් අවුරුදු පහක් තිස්සේ GSP + සදාකාලිකවම අපට ලැබෙන බව සිතාගෙන ජොලි කල බවක් පේනවා හැරෙන්නට විකල්ප විසදුම් ගැන සැලසුම් ඇතිකලේ නැත. ලෝකයේ ඇත්තේ යුරෝපා වෙළද පොලක් පමනක් නොවේ. වෙනත් වෙළද පලවල් පසුගිය අවුරුදු හතරේ සොයාගන්නට තබා හිතන්නටවත් මේ මිනිසුන් පෙළඹී ඇතිද?.අපේ රට නියෝජනය කරමින් විදේශීය රටවල නිත්‍ය නියෝජිතයින් ,කොමසාරිස්වරුන් , තානාපතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන් ඒ ඒ රටවල සිට නිදිවදින්නේද ?. ඔවුන් ගේ කාර්ය භාරයට විදේශීය වෙළදපල අපනයන සදහා අප රටට සකස් කර දීමට සැලසුම් ඇති කිරීමවත් ඇතුලත්වන්නේ නැද්ද ?.

නහය තෙක්ම ගිලෙන තෙක් සිට ‘අපිව එවරයි කියා මර ලතෝනි දෙන්නන්” සහ ‘උඹට මරු වැඩේ උනේ ඕකත් කාලා මැරියන්” කියන අයගේ බයිලා සංවාදය හැරෙන්නට දේශප්‍රේමය නම් මේ මිනිසුන් ගේ අහලකින්වත් ගෑවිලා නැත.

2009-09-28

ඌරු කොටුව සහ බූරුපිටිය.



පුවත් පත් සියල්ලම කියවන පාඨකයෝ නොමැති නිසාත් පලවන සියල්ල ඇස නොගැටෙන නිසාත් 27 දා දිවයින ඉරිදා සංග්‍රහයේ කරු පරනවිතානගේ සංහිතාව කොලමේ කොටස් කිහිපයක් එලෙසම පලකරමි.ඒ අතරට මීදුමද ඌණපූරණයක්ද කරයි. කාලීන අවශ්යනතාවයක්වු මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අද කතාවට පමනක් සීමාවු මාතෘකාවකි. මැතිවරණයක් මුව විට ඊලග මැතිවරණයෙදි වෙනස් කරඤ්ඤං කියන බාලගිරි දෝෂය ලග තබාගෙන මනාප ක්‍රමය ප්‍රධාන පක්ෂ සියල්ලම කැමැත්තෙන් වැළද ගෙන සිටිනු ලැබේ.මනාප ලබා ගැනිමට වියපැහැදම් කරන සල්ලි කන්දරාව පාර්ලිම්න්තු සහ පලාත් සභා ප්‍රදේශීය සභා ධුර කාලයකදී කිසිසේත් පියවාගන්න බැරි බව වටහා ගෙනත් වියදම් කරනුයේ වියදම පියවා ගත හැකි දූෂිත මාර්ග විවරව තිබෙනා බැවිනි.

පරනවිතානගේ ඌරු කොටුවට පිවිසෙමු . “ එක් ඌරෙක් තවත් ඌරෙකුට අල හාරා දෙන්නේ නැත.” යනුවෙන් ඉංග්රී සි කියමනක් තිබේ.මේ කියමන වර්තමාන මනාප පොර දේශපාලනයට කදිමට ගැලපේ. මනාප තරගයේදී කිසිවෙක් අනෙකාට උදව් කරන්නේ නැත. .....................මේ අර්ථයෙන් ගත් කල දේශපාලනය මුළුමනින්ම ඌරුපිටියක් බවට පත්ව ඇත.මනාප දේශපාලනයට බසින සියළු මිනිසුන්ට ඌරන් වීමට බල කෙරී ඇත.එසේ නැතහොත් බලය නැමති අලය හාරාගැණිමට හැකිවන්නේ නැත.මේ හෑරිල්ලට බැස්ස කල දරුණු දේශපාලන සූදුවක් කිරීමට සිදුවේ.එම සූදුවේදී ප්‍රතිපත්ති මනුෂ්‍යහත්වය අවංකත්වය,ගුණධර්ම, සාරධර්ම, සතය යන සියල්ලම විකිණීමට උකස් කිරීමට සහ සූදුපිටියේ උකස් තැබීමට සිදුවේ.................................ඒ අර්ථයෙන් ගත් කල වර්තමාන දේශපාලනය මුළුමනින්ම ඌරුපිටියක් හා බල දේශපාලන සූදුවක් කෙලිනා බුරුපිටියක් බවට පත්ව තිබේ.”

කරු පරනවිතාන හිතනා අයුරින්ම අපේ පරමාධිපත්‍ය අලවි කරන මැතිවරණ ඌරු කොටු සහ බූරුපිටි බවට පත්ව තිබේ. ජේ.ආර්ගේ ධාර්මිෂ්ඨ ව්‍යවස්ථාවෙන් නිර්මාණය කල මේ තත්වයට පක්ෂ විපක්ෂ ඌරෝද බුරුවා ගසන්නෝද බොහෝ කැමැත්තෝය. මේ නරා වලෙන් ජනතාව මුදන්නට කතා කරන්නෝ හැර ක්‍රියා කරන්නෝ නම් නැත. පරණවිතානයන්ද නායකකාරකාදීන්ට හුළු එලි අල්ලා රත්නපුරය නම් ඌරු කොටුවේ ‍ජරාව නාගෙන බුරුවා කෙලින්නට ස්වේච්ඡාවෙන් පැමිණ ඇති බව පවසයි. එසේ පැමිණියේ පුරවැසි දේශපාලන ගමනක් සබරගමුවේ රත්නපුරයෙන් අරඹනා ලෙස නායකයා උපදෙස් දුන් නිසා බවද පවසයි. දොහොත් මුදුන් දී සාධුකාර දිය යුතුව ඇතත් මේ ගමනටම පැමිණි රත්නපුර ඌරු කොටුවේ සහ බූරු පිටියේ සිටින අයියලා අක්කලා ,මල්ලිලා නංගිලා,දුවලා පුතාලාද , මචංලා ද කියා තමන්ම හදුන්වා ගත් පිරිසද පැමිණියේ ඔය කතාවම කියා ගෙන බැවින් එසේ නොකර අසා සිටිනු ලැබේ. අර මම කලින් කී කට්ටිය දැන් “සර්ලා සහ අප්පොලා,මැණිකේලා, මැඩම්ලා’වී ඇති බැවින් අළුතින් එන මානව හිතවාදීන්ට යම් ඉඩක් නිර්මාණය කර ගත හැකිවේයැයි පරණවිතාන සිතන බවකි . දැන් ඡන්දදායකයෝත් “පරණවිතාන ලා ” මෙන් කපටි සූත්තර කාරයෝ වී ඇති බැවින් කලබලවන්නට හේතුවවක් ඇතිනොවේ.

පරනවිතාන දිවයින සංහිතාවට කියනා අයුරින් පරාක්‍රම කොඩිතුවක්කු මෙසේ කියයි. “...................මුලින් ලොකු මිනිසුන් ලගට නොව නායකයින් වැඩිය හම්බ වෙන්නේ නැති සුළු මිනිසුන් ලගට යන්න. ඔවුන් සමග කතාකල හැකි , ඔවුන්ට තේරෙන භාෂාවක් හදා ගන්න. ඒ සංවාදය ඇතුලේ අලුත් දේශපාලන ස්වර මාලාවක් මතුවේවි.එය මහා ගීතයක්සේ පසුව රටටම ඇසේවී.” – (ධම්ම දිසානායක පරණවිතානට මෙසේ කියයි. ) “නුඔ නිර්ප්‍රභූ පොඩි මිනිසුන් ළගට පයින්ම පළයං ඊට පස්සේ ඒ මිනිස්සුත් එක්ක තවත් ඇවිදපං ” මේ මා මිත්‍ර ධම්ම දිසානායක මට දුන් උපදේශයයි. මෑතකදී ගුවන් අනතුරකින් මියගිය ජනප්‍රිය ඉන්දියාණු නායකයෙකුගේ උදාහරණයක් මට ගෙනහැර පෑවේය........................ඒ උපදේශය හරියට වැඩ කරන්නේ දැයි මම දෙතුන් පොළක පරීක්ෂා කර බැළුවෙමි.මා තෝරා ගත්තේ රත්නපුරයේ ඉතාම දුප්පත් මිනිසුන් වෙසෙන වතුකරයෙන් මැදිව දුප්පත් සිංහල දෙමළ මිනිසුන් වෙසෙනා ගම්මාන කිහිපයකි................... ”වැඩේ හරියන බව කරු පරණවිතානට තේරෙයි.

පරාක්‍රම කොඩිතුවක්කු පතින් පොතින් ලිපි ලේඛන දේශණ තුලින් සමාජවාදී චින්තනයෙන් අප හදුනති. ඔහු තම හිතවතාට මග පෙන්වන්නේ නිර්ධන ගම්බද සුළු තේ සහ වි, එලවළු ගොවියන් , තේ ඉඩම්වල කුළි වැඩ කරනා කම්කරුවන් වැනි පංතිකයන් මුලා කරගෙන වැඩේ පටන් ගත යුතු බවයි .පරණවිතානද අත්හදා බලයි .ඹහුගේ දිනපොතේ දිනයන් වෙන්වෙමින් පිටු පි‍රේ. උපදේශ සාර්ථක බව පවසයි. පරාක්‍රම කොඩිතුවක්කු , ධම්ම දිසානායකත් යා යුතු පාර පෙන්වන්නේ මේ අසරනයින් මුලා කරගන උඹටත් පොරක් විය හැකි බවට ඉගියක් දෙමිනි. එක අතකින් මේ දෙන්නා අසරන මිනිසුන් බිල්ලට යොමු කරන්නේ කවියෙකු කලාකාරයෙකුට ඇති සංවේදිතාවය අමතක කර මස්කඩ මුදලාලියෙකුට මසට ගවයෙකු පෙන්නන ගොරහැඩි බ්‍රොකරයෙකු පරිද්දෙනි.මේ අත්හදා බැලීමම කල අය රත්නපුරේ ඕනෑ තරම් සිටිති. ජනතාව ‘අපි නම් ඕවාට රැවටෙයි.’ යයි මූනට නොකියුවත් කියනා බව බලයෙන් හා දූෂණයෙන් අන්ධවුවෝ නොදනිති.

සංහිතාව පුද්ගල උදාහරණද කිහිපයක් දක්වයි. මෙතෙක් රත්නපුර දේශපාලනයේ රැදී සිටින අය මානව හිතවාදි තියරිය පැත්තක තියා ඌරු කොටුවේ මඩ නා ගෙන බුරුවා ගසිමින් සිටිති. එසේ නැතිව තියරිය පමනක් ක්‍රියාත්මක කරමින් සිටියෝ සද මෙන් බැස ගොස් මානව හිතවාදීව නිවෙස්වල වැජඹෙති. ඒ පුද්ගල උදාහරණ අතර සිටින සමහරු මානව හිතවාදීව පෙරමුනේ මානව හිතවාදී බව නොමැති නිසා දැන් දැන් අලියාගෙන් ඡන්දය ඉල්ලති.‍එසේ හෙයින් පරණවිතානද පරණ අරක්කු අළුත් බෝතලයක දමා රත්නපුර දිස්ත්‍රික්කයේ හුදී ජනයාට බොන්න දෙන්න සුදානම් වන්නේ මේ සියල්ල අධ්‍යයන කරමින් බව මිදුමට සිතේ.

සංහිතාව තුලින් කිසිදු දිනක ඌරු කොටුව සහ බූරුපිටිය විනාශ කර ජනතාහිතවාදී මැතිවරණ ක්‍රමයකට මග පෙන්වු අදහසක් පල නොකල පරණවිතාන, මේ නරාවලේ ජරාව කන්න කොතරම් කාලයක් කාලගෝල ,දික්තල ලබන්නට කැඹුරුවා මෙන් රජගෙදරට කඹුරන්න ඇත්ද යන්න මීදුම නිකමට හිතයි. කල යුත්තේ මනාප චන්ද ක්‍රමය නම් ජරාවේ තවතවත් ගිලෙමින් දග ලන්න නොව ඉන් ජනතාව මුදවා ගන්න කතිකාවක් ඇතිකර ක්‍රියාත්මක තලයට පත් කිරීමයි .මානවහිතවාදී වන්නේ එවිට මිස, මානව හිතවාදී ලේබලයක් අලවාගෙන පජරෝ මොන්ටේරෝ, සිහිනතුල ජරාව කන්නට ඌරෙකු වීමෙන් නම් නොවේ. ජරාව කා සන්තෘප්තියට පත්වුවන්ම බලයට පත් කිරීමෙන් එක් යහපතක් සිදුවේ. උන් බඩ ගින්නේ ඉන්නා එවුන් තරමටම කෑදර ලෙස කෑම නොකන බැවින් කන ප්‍රමාණය පොඩ්ඩක් හෝ අඩුවේ.