අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-11-22
බාලගිරි දෝෂය

11/22/2024 08:00:00 am

Shehan Madushan අපි හැමෝම මෙ බාලගිරි දෝෂය කියුවම යන්නෙ අපෙ සොඳුරු ලමා කාලයට දැන් මේ දෝෂය ගැන ගොඩක් සැලකිලිමත් නොවුනට ඉස්සර කාලෙනම් පුංචි අලු...

Read more »
2024-11-21
ධර්‍මචක්‍රය

11/21/2024 08:00:00 am

ප්‍රතිවේධ ධර්‍මචක්‍රය දේශනා ධර්‍මචක්‍රය යි ධර්‍මචක්‍ර දෙකකි. අතීත ලෝකයෙහි සතුරන් නසනු පිණිස පාවිච්චි කරන චක්‍රායුධ නම් ආයුධ විශේෂයක් තිබිණ. ...

Read more »
2024-11-20
පියයුරු පිළිකාවක් හැදෙන්න පුළුවන් කාටද?

11/20/2024 08:30:00 am

මේ අපි කාටත් තියෙන ප්‍රශ්නයක්. මේකට පිළිතුරු දෙන්න පුළුවන් පියයුරු පිළිකාවක් හැදෙන්න ප්‍රවණතාවයක් තියෙනවා ද නැද්ද කියලා විතරයි. යම් යම් දේ ප...

Read more »
2024-11-19
මම මගේ නෙවෙයිද ?.

11/19/2024 08:00:00 am
1

වැස්ස වහිනවා. පරිසරයත් සීතලයි. මට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සීතල දැනෙනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මම දුර්වල වෙලාද . මේ අනම් මනම්...

Read more »
2024-11-18
ශ්‍රී ලංකාව හැඳින්වූ ඉපැරැණි නාම  .

11/18/2024 08:00:00 am

- ---ගම්පොල ජනමාධ්‍යවේදියා. ලක්‌දිව වූ කලී ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉතා සුන්දර දිවයිනකි. යටත් පිරිසෙන් පුරා සියවස්‌ විසිපහක්‌ පම...

Read more »