පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-05-05

නවවන වගන්තිය අනතුරක.


කටුනායක ගුවන් තොටුපළේදී රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 නමක් අත්අඩංගුවට පත්වීම මෙරට බෞද්ධ ඉතිහාසයේ සිදු වූ අවාසනාවන්තම සහ ලජ්ජා සහගතම සිදුවීමක් බව නොරහසකි. එහෙත්, මෙම සිදුවීමේ කාලීන සැකසුම (Timing) සහ ඉන් අනතුරුව සමාජගත කෙරෙන මතවාද දෙස ගැඹුරින් බැලීමේදී පෙනී යන්නේ, මෙය හුදෙක් ජාවාරමක් නොව, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ඉලක්ක කර ගනිමින් දියත් වන මහා පරිමාණ කුමන්ත්‍රණයක තීරණාත්මක පියවරක් බවයි.

1) සූක්ෂ්ම "ඇම" සහ තරුණ භික්ෂු පරපුර බිලිගැනීම
මෙම ජාවාරම සඳහා තෝරාගෙන ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන, සමාජ මාධ්‍ය හරහා සක්‍රිය තරුණ භික්ෂූන් පිරිසකි. "නොමිලේ තායිලන්ත සංචාරයක්" යන ආකර්ෂණීය ඇම හරහා ඔවුන්ව පොළඹවා ගැනීමත්, සංචාරය අතරතුර ඔවුන්ව විනය විරෝධී ක්‍රියාවලට (ගිහි ඇඳුම, දුම්පානය) අදාල සාක්ෂි ලෙස රඳවා ගැනීමත් මගින් මෙම පිරිස කළු කලාපයකට (Blackmail zone) තල්ලු කර ඇත.
මෙහි ඇති භයානකම තත්ත්වය නම්, මීට පෙර භික්ෂූන් වහන්සේලා විදේශගත වීමේදී පැවති මහානායක හිමිවරුන්ගේ සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ නිර්දේශ ලබා ගැනීමේ නීතිය සූක්ෂ්ම ලෙස වර්තමාන ආණ්ඩුව ඉවත් කර තිබීමයි. මෙය ජාවාරම්කරුවන්ට මාවත විවෘත කිරීමක් නොවන්නේද?

2. "නරක දේශීය භික්ෂුව" සහ "හොඳ විදේශීය භික්ෂුව" - මනෝවිද්‍යාත්මක බෙදීම
කටුනායක සිදුවීමට සමාන්තරව මෙරට තුළ "සාම පාගමනක" යෙදෙන ඇමෙරිකානු භික්ෂූන් පිරිසක් පිළිබඳ පුවත් මැවේ. දේශීය භික්ෂුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හංවඩු ගසන අතරතුර, විදේශීය භික්ෂුව සරල, සිල්වත් උත්තමයෙකු ලෙස මාධ්‍ය සහ NGO හරහා "මාර්කට්" කරනු ලබයි.

මෙය ඉතා සැලසුම්සහගත Soft Power මෙහෙයුමකි. මෙහි අවසන් ඉලක්කය වන්නේ:-
දේශීය භික්ෂු පරපුර කෙරෙහි ඇති මහජන ගෞරවය විනාශ කිරීම.
භික්ෂුව සහ ගම අතර පවතින ඓතිහාසික බැඳීම බිඳ දැමීම.
"ලංකාවේ භික්ෂූන් නරක බැවින් ඔවුන්ට ව්‍යවස්ථාපිත රැකවරණයක් අවශ්‍ය නැත" යන මතය සාමාන්‍ය ජනතාවගේ උපවිඥානය තුළ තැන්පත් කිරීම.

3. 9 වන වගන්තිය අහෝසි කිරීමේ ව්‍යවස්ථාපිත උගුල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මගින් බුදුදහමට හිමිව ඇති "ප්‍රමුඛස්ථානය" සහ ශාසනය "ආරක්ෂා කර පෝෂණය කිරීමේ" රජයේ වගකීම නිරාගමික බලවේගවලට සහ විදේශීය උවමනාවන්ට විශාල බාධාවකි.
මෙම වගන්තිය අහෝසි කිරීමට නම් මහජන විරෝධයක් නොමැති විය යුතුය. භික්ෂූන් වහන්සේලා 22 නමක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වීම වැනි "කම්පන සහගත පුවත්" හරහා බෞද්ධ සමාජය තුළම කළකිරීමක් ඇති කර, "මේ වගේ අය ඉන්න ශාසනයක් මොකටද පෝෂණය කරන්නේ?" යන ප්‍රශ්නය සමාජගත කිරීම මෙහි ප්‍රධාන උපායමාර්ගයයි.

විශේෂයෙන් මතක් කිරීම:-
මා විසින් පසුගිය 22දා පල කරපු "අධ්‍යාත්මික වෙස් මුහුණට යටින් දිවෙන භූ-දේශපාලනික උගුල: "සාමයේ පාගමන" කා වෙනුවෙන්ද?
https://www.facebook.com/share/1GwzxLWBWY/ ලිපියෙහි අවසාන කොටසෙහි මා පැහැදිලිවම සදහන් කරනු ලැබුවා "එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම පාගමන පිළිබඳව අප අවධියෙන් සිටිය යුතුය" යන්න මොකද මේ කාලය තුළ රටේ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට අදාලව කුමන හෝ සිදුවීමක් රට තුල සිදුවිය හැකි නිසා.නමුත් ඒ ලිපිය කියවපු අති බහුතරය මට නිරාගමිකයා, ආණ්ඩු විරෝධියා, අවජාතකයා, බුද්ධාගම එරෙහි NGO කාරයා ආදී වූ අපහාස, අපහාස, මඩ, අවලාද වලින් සංග්‍රහ කරා."

4. පාස්කු ප්‍රහාරය සහ දේශපාලන කුමන්ත්‍රණයේ සෙවනැලි
පසුගිය කාලසීමාවේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීම පිළිබඳව පල්ලිය සහ සිවිල් සංවිධාන දැඩි බලපෑමක් එල්ල කරමින් සිටියදී, හදිසියේම භික්ෂූන් පිරිසක් මෙවැනි ජාවාරමකට හසුවීම සැක සහිතය. මෙය ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට හෝ භික්ෂු බලය දේශපාලනිකව හුදෙකලා කිරීමට කළ පාවාදීමක්ද යන සැකය බැහැර කළ නොහැක.
"භික්ෂුව යනු සිංහල බෞද්ධ පදනමේ මුරදේවතාවාය. එම මුරදේවතාවා අශීලාචාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස පෙන්වූ පසු, එම පදනම බිඳ දැමීම ඉතා පහසුය."

5. මහානායක හිමිවරුන්ගේ මැදිහත් වීමේ අවශ්‍යතාවය
අත්අඩංගුවට පත් වූ පිරිසට සිවිල් නීතිය යටතේ දැඩි දඬුවම් දිය යුතු අතරම, ඔවුන්ව වහාම ශාසනයෙන් නෙරපා හැරිය යුතුය (පාරාජිකාපත්තියට පත්වීම නිසා). එහෙත්, මෙම වැරැද්ද පලිහක් කරගෙන සමස්ත බෞද්ධ උරුමය විනාශ කිරීමට සැරසෙන විදේශීය බුද්ධි මෙහෙයුම් සහ නිරාගමික කුමන්ත්‍රණ පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතුය.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී මහානායක හිමිවරුන්ගේ අනුමැතිය අනිවාර්ය කිරීමේ නීති නැවත බලාත්මක කිරීමත්, භික්ෂූන් වහන්සේලාගේ විනය අධීක්ෂණය සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස් කිරීමත් රජය සතු 9 වන වගන්තියේ වගකීමක් ලෙස අප දකිමු.

සාරාංශය:
මෙම සිදුවීම අහම්බයක් නොවේ. එය දේශීය භික්ෂුව "අපරාධකරුවෙකු" කර, විදේශීය භික්ෂුව "සම්මතය" කර, අවසානයේ 9 වන වගන්තිය අහෝසි කර ලංකාව නිරාගමික කොලනියක් බවට පත් කිරීමේ "මහා කුමන්ත්‍රණයක" මුල් අදියරයි. බෞද්ධ ජනතාව අත්අඩංගුවට පත් වූ 22 දෙනා දෙස බලා හඬා වැලපෙන අතරතුර, ජාත්‍යන්තර බලවේග අපේ ව්‍යවස්ථාවට අත තබමින් සිටින බව අමතක නොකළ යුතුය.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-04

සුව පහසු නිවහනක්.




ලක්ෂ 200ක් විතර ණය වෙලා, අවුරුදු 20ක් ඒ ණය ගෙවන ගමන්, දහවල් කාලයේ ඒ කොන්ක්‍රීට් පෙට්ටිය ඇතුලේ රස්නයෙන් තැම්බෙන එකද ඇත්තටම "ලක්සරි" කියන්නේ?

අපි හැමෝම ඉන්නේ තනිකරම "සිමෙන්ති පිස්සුවක". ගඩොල්, වැලි, සිමෙන්ති මිල අහස උසට ගිය රටක, අපේ කකුල් යට තියෙන පසෙන් මාළිගාවක් හදන්න පුළුවන් කියලා කවුරුහරි කිව්වොත් ඔබ පිළිගන්නවාද?

නෑ, මම මේ කියන්නේ අර පරණ වැරහිච්ච මැටි ගෙවල් ගැන නෙවෙයි.

අද ලෝකයේ මිල අධිකම රිසෝට් සහ Eco-Luxury නිවාස හදන්නේ CSEB (Compressed Stabilized Earth Blocks) තාක්ෂණයෙන්. මේක දියුණු රටවල අතිශය ජනප්‍රිය වෙන්නේ හේතු දෙකක් නිසා. එකක් වියදම, අනිත් එක අසමසම සෞඛ්‍යමය වාසිය.

නමුත් ඇත්තම කතාව මේකයි...

සාමාන්‍ය සිමෙන්ති ගෙයක දවල්ට ඇතුලේ රස්නය සෙල්සියස් අංශක 32ක් වෙද්දී, නිවැරදිව හදපු මැටි නිවසක රස්නය අංශක 26-27 මට්ටමේ පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට AC එකක්, අඩුම ගානේ ෆෑන් එකක්වත් නැතුව සුවදායක නින්දක් ලබන්න පුළුවන් කියන එකයි.

මැටි ගෙදරක් ලක්සරි විදිහට හදන A to Z පාඩම මෙන්න:

1. පස පරීක්ෂාව: හැම පසක්ම හරි යන්නේ නැහැ. මැටි සහ වැලි නිවැරදි අනුපාතයට තියෙන "ලැටරයිට්" (Laterite) පස තමයි හොඳම.

2. ස්ථාවර කිරීම (Stabilization): පස් වලට 5% - 8% වගේ බොහොම පොඩි සිමෙන්ති ප්‍රමාණයක් හෝ හුණු (Lime) මිශ්‍ර කරලා මැෂින් එකකින් තද කරලා ගන්නා බ්ලොක් ගල්, සාමාන්‍ය ගඩොල් වලට වඩා ශක්තිමත්.

3. ප්ලාස්ටර් එක: මෙන්න මෙතනයි රහස තියෙන්නේ. මේ බිත්ති වලට සිමෙන්ති ගාන්නේ නැහැ. ඒ වෙනුවට සිහින් මැටි සහ හුණු මිශ්‍ර කරලා දෑතින්ම පොලිෂ් කරනවා (Burnishing).

4. Waterproofing: පස් බිත්ති වලට වතුර උරන එක නවත්තන්න ලින්සීඩ් ඔයිල් (Linseed oil) හෝ මී ඉටි භාවිතා කරලා කිරිගරුඬ වගේ දිලිසෙන ෆිනිෂ් එකක් ගන්න පුළුවන්.

ඔබට හිතෙන්න පුළුවන් මේක "ගොඩේ" වැඩක් කියලා. ඒත් Sri Lands අපි දකින විදිහට, නූතන ලෝකයේ ලොකුම සුඛෝපභෝගීත්වය තමයි ස්වභාවික පරිසරයත් එක්ක ගැලපිලා, කිසිම ණය බරක් නැතුව, නිදහසේ හුස්ම ගන්න පුළුවන් නිවසක් හිමි කරගන්න එක.

නිකමට හිතන්න, බිත්ති වලට වටිනා ප්ලාස්ටර් එකක් හෝ පේන්ට් එකක් ඕනේ නැති නිසා විතරක් ඔබේ වෝලින් (Walling) වියදමෙන් 20%ක් විතර ඉතුරු කරගන්න පුළුවන් මූල්‍යමය බුද්ධියක් ඔබට තියෙනවාද?

මෙන්න මේ ප්‍රායෝගික තාක්ෂණය අපේ රටේ මිනිස්සුන්ට පෙන්නන්න ඕන නිසා, අපි මේ ගැන සම්පූර්ණ වීඩියෝ මාලාවක් සහ හදන විදිහ පියවරෙන් පියවර Sri Lands YouTube Channel එකට එකතු කරනවා. මේක අකුරුවලින් කියවනවාට වඩා ඇස් දෙකෙන් දකිද්දී ඔබට තේරෙයි මේක කොයිතරම් Elite Level මොඩර්න් වැඩක්ද කියලා.

ඔබත් සල්ලි නාස්ති නොකර, බුද්ධිමත් විදිහට නිවසක් හදන්න හිතන කෙනෙක් නම්, මැටි ගැන තියෙන පරණ අදහස අයින් කරලා මේ අලුත් විදිහ ගැන මොකද හිතෙන්නේ? ඔබේ අදහස පහලින් කොටන්න.

#SriLands #EcoLuxury #MudHouse #SmartLiving #SriLankaConstruction #Sustainability #FinancialFreedom


ශ්‍රී ලෑන්ඩ්ස්.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-03

Male and Female .



"Male" සහ "Female" වචන දෙකේ නොදන්නා ඉතිහාසය
​අපි හැමෝම දන්න "Male" සහ "Female" කියන වචන දෙක දැක්කම අපිට හිතෙන්නේ "Male" කියන වචනයට ඉදිරියෙන් "Fe" කෑල්ලක් එකතු වෙලා "Female" හැදුණා කියලයි. හැබැයි භාෂා ඉතිහාසය (Etymology) පරීක්ෂා කරද්දී පෙනී යන්නේ මේ වචන දෙකේ උපත හා මාර්ග දෙකක් බවයි!
​මෙන්න ඒ අපූරු කතාව:
​1. "Male" වචනය ආ හැටි
​මෙය බිහිවෙන්නේ ලතින් භාෂාවේ "masculus" කියන වචනයෙන්. එහි අර්ථය "පිරිමි සත්වයා" යන්නයි. පසුව එය පැරණි ප්‍රංශ භාෂාවේ "masle" ලෙසත්, පසුව "mâle" ලෙසත් වෙනස් වෙමින් ඉංග්‍රීසි භාෂාවට "Male" ලෙස එකතු වුණා.
​2. "Female" වචනය ආ හැටි
​මෙය "Male" වචනයෙන් බිහිවූවක් නෙවෙයි. මෙහි මුල් ලතින් වචනය වන්නේ "femella" යන්නයි. එහි තේරුම "තරුණිය" හෝ "කුඩා ස්ත්‍රිය" යන්නයි. මෙය ඉංග්‍රීසි භාෂාවට ආවේ ප්‍රංශ භාෂාවේ "femelle" කියන වචනය හරහායි.
​3. වෙනස් වුණේ කොහොමද?
​14 වන සියවසේදී ඉංග්‍රීසි ලේඛකයන් "Male" සහ "Femelle" කියන වචන දෙක එකිනෙකට පටහැනි අර්ථ දෙන නිසා, ඒවායේ ලියන රටාව සමාන විය යුතුයි කියා තීරණය කළා. ඒ අනුව "Femelle" යන අක්ෂර වින්‍යාසය "Female" ලෙස වෙනස් කළා. පෙනුම සමාන වුණාට මේ වචන දෙකේ පරම්පරාවන් දෙකක්!
​Man සහ Woman වුණේ කොහොමද?
​පැරණි ඉංග්‍රීසි වල "Man" කියන්නේ පොදුවේ ඕනෑම මනුෂ්‍යයෙකුටයි.
​පිරිමියා හැඳින්වූයේ "Werman" (Werman = Man) ලෙසයි.
​කාන්තාව හැඳින්වූයේ "Wifman" (Wifman = Woman) ලෙසයි.
​පසුව "Werman" කියන වචනය නැතිවී ගොස් පිරිමියාට "Man" යන පොදු නාමය ඉතිරි වූ අතර, "Wifman" යන්න කාලයත් සමඟ "Woman" බවට පත් වුණා.
මේ වගේ අමුතු තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න!
#LanguageHistory #EnglishEtymology #MaleAndFemale #Facts #Linguistic #HistoryOfWords #NomadDiaries







A day in the life 
ජීවිතයෙන් දවසක් .