යාපහුව - දළදා මාලිගයට පිවිසුම
අනුරාධපුරයෙන් පොළොන්නරුවටත්, එතැනින් දඹදෙනියටත් මාරු වූ අගනුවර ඊට පසු පිහිටවූයේ යාපහුවෙයි. මේ පර්වතය මුලින්ම රටේ අගනුවර බවට පත්කර ගත්තේ පළමුවැනි බුවනෙකබාහු (1272-1284) රජු යි. මුලින්ම දඹදෙණියේ රජ වූ ඔහු වැඩි ආරක්ෂාව පතා යාපහුවට රාජධානිය අරන් යනවා. දළදා වහන්සේ අවුරුදු 11ක් යාපහුවේ වැඩ හිඳි බවත් වංශකතාවල සඳහන් වෙනවා.
හුණු ගල් පොකුණ - කල්තොට
හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්‍රිත්වයකි. එනම් ආග්නේය පාෂාණ (Igneous Rocks), අවසාධිත පාෂාණ (Sendimentary Rocks) සහ විපරීත පාෂාණ (Metamorphic Rocks) වේ.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2012-06-12
සෙනසුරුටත් බට කොළ
ඉතින් කොහොමද පහු ගිය සතිය ?.
එයා මට කියනවා , බැරිවෙන
කාලෙට තමයි හොද කාලේ එන්න ඕනි. එතකොටයි ජීවිතයෙන් කොන් වෙන් නේ නැතිව
තනිවෙන් නේත් නැතිව ජීවිතය යහපත්
විදියට විදින්න පුළුවන් වෙන් නේ කියලා. මිත්‍රයා උදාහරණ ගේන් න පටන් ගත්තා “ ගෝල්ඩන් කී “ සභාපතිට වෙලා තියෙන
දේත් වැඩි පොලී ගන්න ආයෝජනය කරපු ගණුදෙනු කාරයින්ට වෙලා තියෙන දේත් පෙන්නල.
2012-06-11
මේ හැටි දුර පියමං කරලා
2012-06-05
දියණියනි , ජූනි මස 5 වැනිදා
2012 ජූනි මස 5 වැනිදා
ආදරණිය සුදු,
ආදරණිය ලොකු
2012-05-31
දියණියනි, - මැයි 31 දා.
31.05.2012
ආදරණිය සුදු,
thank loku. මට ලැබුන sms පණිවිඩයේ තිබුනා. මගේ විච්චූරනේට සුදු පිළිතුරු එව්වේ එහෙමයි.
ඒත් මම කියාගෙන එන කතන්දරය සුදුට කියන්න හිතුනා. එක විවාහයක් සිද්ධවුනේ මෙහෙමයි. පාසල් කාලයේ ඉදන් දැන ඇදිනගෙන ආදරවන්තයෝ වෙලා හිටියා. දෙන්නම උසස් පෙල උසස් විදියටම සමත් වෙලා ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලය හමාර කරලා විවාහ වුනා. දෙන්නගේ කේන්දර ගැලපෙන්නේ නෑ කියලා දෙපාර්ශවයේම වැඩිහිටියෝ විවාහයට කැමැත්ත දුන්නේ නෑ. ඒත් මේ ආදරවන්තයෝ දෙන්නාට විවාහ වෙන්නම ඔන වුන නිසා දෙමව්පියෝ කැමැත්ත දුන්නා.
එක දරුවෙකුත් ලැබිලා දරුවට මාස හත අටක් වයසේදී දෙන්නා දෙපලකට වුනා. මාත් මේ දෙමවිපියන්ගේ උවමනාවට මේ දෙන්නත් එක්ක කතා කලා . දෙන්න වෙන වෙනම කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දරුවා ලැබුනට පස්සේ එයා මට ආදරේ නෑ කියලා. මේ දෙන්නා ප්‍රාර්ථනා කරන ආදරේ මෙකක්ද කියලා මට තේරුම් ගන්න බැහැ. මේ දෙන්න සමථයකට පත්කරන්න ගත්ත සියළු උත්සහායන් ව්‍යාවර්ථ වෙලා අද වන විට වෙන්වන්න අධිකරණයේ පිහිට පතා ගෙන වැඩ කටයුතු කෙරෙනවා.
මේ වරද කේන්දරේද ?. අනවබෝධයද ?.
අනිත් යුවල ටියුෂන් ක්ලාස් එකේදි හමුවෙලා .එක බස් එකේ ගමන් ගිහින් දෙවෙනි වර උසස් පෙල ලියා ගත්තා විතරයි කසාද බැන්දා. කඩුල්ලි මේ මනාල මහත්තයා ගේ අම්මගෙන් විවාහ උත්සවය දවසේ ඇහුවා ප්‍රශ්ණයක්. “නංගා ඔයා පුතා බෝනික්කෙක් ඉල්ලලා අඩන කොට බෝණික්කෙක් අරන් දුන්නා වගෙයි නේද ? “ කියලා කඩුල්ලීගේ ප්‍රශ්ණයට උත්තරය අවුරුදු එකහමාරක් විතර යන කොට ලැබුණා. මේ දෙන්නගේ ගෙදර ප්‍රශණ පත්‍රයට උත්තර ලියන්න බැරිව මාස හත අටක දරුවෙක් සමග දැන් දෙන්න දෙපලේ !.
සුදුලාගේ වගේ තරුණ වයසේ අය මග දෙපස තියෙන අන්ධකාරේ දකින්නේ නැහැ. ඈතින් පෙනෙන මිරිගුවේ ආලෝකය විතරයි දකින්නේ. විවාහයට පෙර දැන අදුනා ගෙන ඉන්න ඔනී කියන මතය තරුණ වයසේ දරුවන් නිවරදිව අදුරා ගන්න පටන් ගන්‍නේ විවාහයෙන් පස් සේ කියලයි ඉස්‍සෙල්ලා කියාපු සිද්ධි දෙකෙන්ම මට හිතෙන් නේ.
දැන දරන අදුනා ගන්න ආදරේ කලත් විවාහයේ ප්‍රශ්නත් සමගයි දෙන්නා අදුනා ගන්න පටන් ගන්‍නේ.. එතනදී වගකීම් බෙදා ගන්න ගන්නා උත්සහායේදී වගකීම් වලින් බැහැර වෙන කොට ගැටුම් ඇතිවෙනවා. බැදීමක් වගකීමක් නැතිව කොයිතරම් දැන ඇදිනගත්තත් වැඩක් තියෙනවද ?. යෝජිත විවාහ ගැන තර්ක විතර්ක කරන තරුණ වයසේ දරුවන් මම කැමති දැන අදුනා ගත් අයෙක් සමග විවාහ වෙන්නයි කියලා තර්ක කරනවා.
අධ්‍යාපනයම දැණිමයයි හිතන්නත් බැහැ. විභාග සහතික කොයිතරම් තිබුනත් ප්‍රායෝගික නැත්නම් වැඩක් තියෙනවද ?. වැඩිහිටියෝ තම ජීවිතයෙන් අත්දැකීම් එක්රැස්කර ගත් අය. වැඩිහිටියන් සිතන්නේ ඒ අත්දැකීම් මූලාශ්‍රකර ගෙන. ඉතින් එයාලට ඇහුම්කම් දීමත් වැදගත්වනවා.
අපි ලබන සතියේ ආයේ හමුවෙමු. පොසොන් පෝයත් ලගයි. සිල් ගන්න අදහසක් එහෙම නැද්ද. ලොකු නම් සිල් සමාදන් වෙන අදහසින් ඉන්නේ.
තෙරුවන් සරනයි.
ආදරණිය ලොකු
2012-05-25
2012-05-14
අසිරිමත් හෙලබිමක්
දියණියනි , - මැයි 14.
| ||||
සුදුයි මායි කාල දෙකක ජීවත්වෙන්නේ. .ඉතින් අවුරුදු හතලිහකට වඩා ඉස්සරත් අදත් සමාන කරන්න බැහැ. අහසයි පොලොවයි වගේ. මම සුදුලාගේ ලෝකේ ජීවත් වෙන්න දගලනවා. අපේ කාලයේ අයත් එක්ක සුදුලා වෙනුවෙන් පාලමක් හදන්න උත්සහා කරනවා. ඒක හරි අමාරු වැඩක් සුදු.
අපි උපදින දවසත් අපි මැරෙන දවසත් හැරෙන්න, අපි ඉපදුන වෙලාවේ ඉදන් දරුමුණුපුරන්ගේ ඉදුල් කට ගාන දවසත් දරු මුණුපුරන්ගේ විවිධ කටයුතු වලදීත් තීන්දු තීරණ ගන්න එයාලට මැදිහත් වෙන්න පුළුවන් නම් අඩුතරමේ අපේ අම්මලා තාත්තලාගෙන් එයාලගේ අදහස් විමසනවා නම් ඒක එයාලඅපිට දක්වපු සෙනෙහසට ආදරයට අපි කරන උපහාරයක් වෙනවා.
ඒත් අද එවැනි සමාජයක් තියෙනවද කියලා හිතා ගන්න බැහැ.විවිධවු හේතු නිසා ඒ සමාජ සම්බන්‍ධතාවයන් බිදිලා ගිහින්.
අපිට අපේ ජීවන මංසන්දිවලදී යායුතු මග තෝරා ගන්න අයිතියක් නැද්ද ? දූදරුවන්ගේ ප්‍රශ්ණයයි. එහෙම නේද ?.
මේ විවාහ දෙකම සිද්ධවුනේ එකිනෙකා කාලයක් අදුරගෙන ..මේ විවාහ දෙකේම පොදු සාධකයක් තිබුනා. මේ විවාහ දෙකටම දෙමව්පිය කැමැත්ත ලැබුනේ මේ දෙයුවල මෙව්පිය දෙපාර්ශවයට කරන ලද දැඩි බලපෑම මත.
මම ඔබට මේ කතාව කියන්නම්. ඊලග දවසේ.
මට හිතුනා අද ඉදන් මේ ලිපි ඔයාට මීදුම හරහා එවන්න. ඔයා කියවලා මාත් එක්ක කතා කරනව නේද ඔයාගේ අදහස්.
![]() |
| ආදරණිය ලොකු . |
.jpg)



.jpg)



















