Saturday, September 09, 2023
අයියෝ සිරිසේන.
Friday, September 08, 2023
"මා...දැන් මහළු...වියේ"...!
Thursday, September 07, 2023
බෙල්ලේ පහල මොලය තියෙන අය.
මෙල්බර්න් වල
ජීවත්වන සහෝදරයෙක් මුණු පොතේ බිත්තියේ මේ පෝස්ට්
එක අලවලා තිබුනා.
බෙල්ලෙන් පහල මොලය තියෙන අය තාමත් NPP එකට විරුද්ධයි කියලා
එයා පාච්චල් කරනවා. මම නිරීක‍්ෂණය කරපු කාරනයක් තමයි සියළු
සහෝදරවරු තම දේශපාලන අදහසට ප්‍රතිවිරුද්ධ අය පහත් කර සැලකිල්ල. අපහාස කිරීම. මට හිතෙන්නේ
එය පක්‍ෂ ප්‍රගතියට බාධාවක් කියලා.
ඒ බව කියා දෙන්න
ගිහිල්ලා ඇතිවුන කතා බහක් මම මෙහි පල කරනවා. සමහරවිට මගෙත් බෙල්ලෙන් පහල ඔළුව තියෙනවා
කියලා නිගමනය වේවි.
තවත් දවසක මගේ අසල්වාසියෙක් මට අවවාද කලා.
මෙවන්ම දේශපාලන සංවාදයකදී. එතුමා උපාධිධාරී
ගුරුවරයෙක්. එතුමා කරුණු කාරනා කිහිපයක් මට කියාදීලා බුද්ධිමත්ව හිතන්න කියලා NPP එකේ ආර්ථික න්‍යාය මට
එවලා තිබුනා. එය හොද ප්‍රවනතාවයක්.මගේ යම් අනවබෝධයන් දුරලා ගන්න එය හොද මගක් වුනා. ඒත් මට හිතුනා මම ගැන එතුමා හිතුවේ එතුමා තරම් මාබුද්ධිමතෙක් නෙවෙයි කියලා.
පලාත් පාලන ඡන්දෙට
නාමයෝජනා දීලා පක්‍ෂ ප්‍රචාරක කටයුතු සදහා පැමිණි නියෝජිතයෝ පිරිසක් අපේ නිවසට
ආවා. ඉන් වැඩි දෙනෙක්ගේ සමාජ අධ්‍යයනය ගුරුවරියකවු මගේ බිරිය සමග වාදයක
පැටලිලා. මට හිතුනේ මෙවන් බුද්ධිමත්
කණ්ඩායමකට සවන් දෙන්න උපදෙස් දෙන්න කියා දුන්නේ නැත්තේ ඇයි කියලා. වර්තමාන දේශපාලන
බහුභූතයොත් කරන්නේ ජනතාවට කන් නොදීම. තමන් ලග තියෙන දේ බෙදා දීලා එයින්පල නෙලා ගන්නත් දක්‍ෂ වෙන්න ඕනි.
මම මුණු පොතෙන් අප අතර වු
සංවාදය පල කරන්නම්.
Melbourne වල ඉන්න අනෙක් අය ඔහොම කියන්නේ නැ මල්ලී. ඔය වගේ අපවාද කරන කොට බෙල්ලේ පාළුවට ඔළුව තියෙන අය තව තවත් විරසක වෙනවා. බහුතරයක් ඉන්නේ බෙල්ලේ පාළුවට ඹළුව තියෙන අය.
ඔහු
මෙල්බර්න් ඉන්න ගොඩක් අය NPP ආන්ඩුවකින් ලංකාව හරි මගකට ගනියි කියල විශ්වාස කරනවා. දැක්ක නේද අනුර ආව දවසෙ එකතුවුන සෙනග?
දැක්කා. තොරතුරුත් ඇහුවා.
මට තොරතුරු කියන්නේ මල්ලිගේ කෝනයෙන් නම් බෙල්ලේ පහල මොලය තියෙන අය.
මම අදහස් කලේ NPP එක තවමත් බහුතරයක් වු ඡන්ද දායක ජනතාවට අපහාසවන ආකාරයට ආමන්ත්‍රණය කිරීම සම්බන්වයි. එසේ කිරීමෙන් විශ්වාශය දිනා ගන්න බැහැ. *******************
මල්ලී ඉන්නේ Melbourne වල. ලෝකයේ දියුණු රටවල පවා ආර්ථිකය සෙලවිලා තියෙන මොහොතක්.අපේ කතාවක් තියෙනවා නේද කූරපහියට හෙන ගහපුවම හුණු කිල්ලෝටේ ට මොන කතාද ? කියලා . අපේ රටත් අත්විදින්නේ ඒ වගේ වින්නැහියක්.
මෙවැනි ආර්ථික අර්බුදයකට 1970 -1977 කාලෙදිත් අත්වින්දා. ඒ කාලය රෝහණ විජේවීර තම කැරල්ල අත්හදා බැළුවා. අදත් සිදුවන්නේ එයයි. වාසනාවකටද කොහේද මල්ලිගේ විද්වතුන් රනිල්ට UNDERGROUNDS ස්වරූපයේ සහයෝගයක් දෙනවා.
ඒකට රනිල් ප්‍රතිඋපකාර කරනවා. ඊලගට එන්නේ ජනාධිපතිවරණය. බෙල්ලට උඩින් මොලය තියෙන අය 12% - 15% පගුවක් දැනටමත් වෙන් කරගෙන තියෙන්නේ . දැනට ඉතිරි 60% කට පමණ පංගුකාරයෝ ගොඩයි. රනිල්වත් එක්ක.ඔය කන්ඩායම් වලින් රනිල්ට එකතුවෙන කන්ඩායම් වැඩියි. සුළුජාතිකයන්ගේ ඡන්ද 75% ක් විතර රනිල්ට ලැබෙනවා. එවිට මොකක්ද ප්‍රතිපලය ?.රනිල් දිනනවා. මේ මම හිතන විදිය. මල්ලිලා අනියමින් රනිල්ට සහයෝගය දක්වනවා.
මල්ලි බෙල්ලෙන් උඩ තියෙන කොටස REFRESH කර ගන්න.
ඔහු.
ලෝකෙම මුහුනදුන් දරුනු වසංගතයක් නිසා අපේරට කිල්ලෝටයක් වෙලා අසල්වැසි රටවල්වලින්පවා හිගමන් යදිමින් ඉන්න තත්ත්වයට පත්වෙලාතියෙන්නෙ ඇයි කියල හිතල බැලුවොත් එකම හේතුව කිසිම විනයක්, කලමනාකරනයක්, සමාජ සාධාරනත්වයක් නැති අන්තනෝමතික තග් පාලනය කියල තේරුම්යනව. මැතිවරනයකින් රනිල්ල දිනුවත් රාජපක්ෂල දිනුවත් සජිත්ල හෝ සිරිසේන්ල දිනුවත් කිසිම වෙනසක් වෙන්න්නෙ නෑ
මම
වෙනසක් වෙන්නේ නැහැ. ඇත්ත.
එය නොවෙයි මම ලියුවේ වර්තමාන දේශපාලන හැසීරීමයි. අපේ කැමැත්තට වඩා රටේ දේශපාලනය ඇමරිකාව ඉන්දියාව හරහා මෙහෙවනවා. චීනය ,එක පිලක. අරගලයේ මුල් තිබුනේ අමරිකානු තනාපති කාර්යාලයේ.දැන් සිදුවෙන ආර්ථික වෙනස් කම් අධ්‍යයනය කලත් අනාගත පාලනය ගැන හිතා ගත්ත හැකියි.
කිසි ලෙසකත් අස්ථාවරව ආයෝජනයන් සිදුවෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පසුබිමි සකස් වෙනවා. අපිට හිතට එකගව මේවාට දායක වෙන්න බැහැ.
ඔහු.
රටක් උනත් පුද්ගලයෙක් උනත් ගෙවාගන්න බැරි ප්රමානයකයට ලෝකෙට නයවුනාම කියන කියනදේ කරන්න වෙනවා. අපේ අසල්වැසි රටවල් එක එකාගෙ පදේට මෙහෙම නටනවද?
Tuesday, September 05, 2023
Monday, September 04, 2023
වස විෂ කන අපි.
Anusha Rathnayake මුහුණු පොතේ පල කල ලිපියකි.r
Sunday, September 03, 2023
මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා
ගොම ගෑ පොළොවෙ,පන් පැදුරේ නිදපු මටතුන්වේලටම අල දෙල් කොස් කාපු මටසරමක් කමිසයක් විතරක් තිබුනු මටදුක ගැන කියන්නට අටුවා ටීක මොටඉස්කෝලෙන් දීපු ඇදිහැස කිරිබීලාලන්දේ කැළේ තිබු හැම කොල ගෙඩි කාලාමං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලාදුක බඩගින්න නැති බැරිකම තුරුළු කරන්සෙනෙහස ආදරය වින්දෙත් කඳුළු පෙරන්අග හිගකම් නොසැලකිළි කම් ඕනැතරන්දුක ගැන දනිමි මම "මහභාරතය" තරන්පොත පත පෑන පැන්සල නැති හින්දාමගුරුවරු තැලුව දොස්කීවා හැමදාමපොත් නෑ කියල ඇඬුවත් මම හැම රෑමරුපියල් පහක් නෑ මුළු ගේ සන්තකෙමඅයියල අක්කලා පාසල් ගමන නොයාවත්තේ දළු නෙළන්නට,පතලෙකට ගියාඅත දුන් නිසා ඒ අය අඩුවක් නොතියාසරසවි වරම් ලැබ මම ඉහළටම ගියාඅතු ඉති රළු වෙලා,නටු අග කටු සදලානුඹෙ කඳුළිනුයි මම පිපුනේ මලක් වෙලාකළ යුතු යුතුකමක් ඇත මට පැවරීලාමම මියැදෙන්නෙ ඒ යුතුකම ඉටුකරලාමේ රට දමා පිට රටකට නොයන්නෙමීදුටු හැම තැනම වරදට එරෙහි වන්නෙමීහෙට උපදින උන්ට ලස්සන රටක් හිමීකරදී මිසක මම නම් මිය නොයන්නෙමී
Saturday, September 02, 2023
කුකුලන් ඉණ්දියාවෙන් ආනයනය කරමු.
පසුගිය දිනවල බිත්තර හිගයක් පැවතිනි. ඉන්දියවෙන් බිත්තර ආනයනය කෙරිනි. බිත්තර හිගය පහව ගියේය.
බිත්තර මෙරට
අවශ්‍යතාවයට මෙරටදී නිෂ්පාදනය කර ගත හැකිව තිබියදී ඉන්දියාවෙන් ආනයනය කරල ලදී. එය
වෙළද ඇමතිතුමාගේ වැඩක් වුවද සත්ව පාලනය.සංවර්ධණය කෘෂිකර්ම ඇමතිතුමාගේ වැඩකි..
නිෂ්පාදනයට අතහිත දීම නිසියාකාරයෙන් නොසිදුවීම නිසා බිත්තර ආනයනය කිරීමට සිදුවිනි. වරද ඇත්තේ නිෂ්පාදයා අතද
නැත්නම් වෙලෙන්දා අතද යන්න විමසා බැලිය යුත්තකි.
ඒ බිත්තර
ගැනය. දැන් කුකුල් මස් ආනයනය කිරිමට වෙළද ඇමතිවරයා සුදානම් වෙයි. අපිට නිෂ්පාදන
ආර්ථිකයක් නැත. අපේ ආර්ථිකය පාලනයෙන් තොරව විවෘතය. නැවෙන් ගෙනත් බඩට දාගන්නා
සුව පහසු ආර්ථිකයක මානසිකත්වයෙන් අපි
ජීවත්වමු.
කුකුල් මස්
නිෂ්පාදනය සදහා වැය වන කාලය උපරීම දින
හතලිස් පහකි. බිත්තර නිෂ්පාදනය සදහා මාස හයකි. යටිතල පහසුකම් , ආහාර ද්‍රව්‍ය ,
ඹෟෂධ සදහා පහසු මිළ ගනන් ඇත්නම් නිෂ්පාදන පිරිවැය අඩුවේ . කුකුල් ගොවීන්ට අවශ්‍ය මුලධනය
සපයා ගැනීමට රාජ්‍ය බැකු හෝ රජයේ මැදිහත් වීම ඇත්නම් ගොවීන් නිෂ්පාදනය සදහා යොමු
වනු ඇති.
වර්තමානයේ
සිදුව ඇත්තේ ගොවීන් අධෛර්මත් කිරීමයි. එසේ සිදු කරමින් ඉන්දියාණු ගොවීන් පොහොසත්
කිරීමයි. අනියම් ලෙස ඉණ්දියාව පොහොසත්
කිරීමයි. බිත්තර ආනයනය කිරීම සදහා යොදවන ඩොලර් කුකල් ගොවිපලවලට අවශ්‍ය පහසුකම් ,
ආහාර ද්‍රව්‍ය , ඹෟෂධ සදහා යොදවන්න කෟෂිකර්ම දෙපාර්මේන්තුවත් වෙළද අමාත්‍යාංශයටත් කැබිනට්
මණ්ඩලය තුල විසදා ගැණීමට බුද්ධිය පහල නොවේ.
Thursday, August 31, 2023
මූට නමක් තියාපියෝ.
ජාතීන් අතර සංහිදියාව නැති බව අපේ දියුණුව ඇණ හිටීමට එක් හේතුවකි. දේශපාලකයෝ තම පැවැත්ම උදෙසා බෙදී සිටීම ප්‍රවර්ධණය කරයි. බෙදී සිටින තාක් ඔවුන්ගේ පැවැත්ම ස්ථාවරවන බව ඔවුන් දනී.
ත්‍රීකුණාමලය සංවර්ධණ කමිටුවට නොයා මුලින්ම මුස්ලිම් හිණ්දු සහ වෙනත් ආගමිකයන් සමග සාකච්ඡා කර සංහිදියාවෙන් මේ ගැටළුව විසදා නොගැණීම බෞද්ධයින් සහ හිමිව
Tuesday, August 29, 2023
රේගු නීතී පොත යාවත්කාලීන විය යුතුයි.
Sunday, August 27, 2023
යෙව්ගනි ප්‍රිෙගාෂින් ගේ ඉරණම
පසුගිය ජූනි මාසයේදී රුසියානු හමුදාවට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් දියත් කළ වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනි ප්රිගොෂින් ගුවන් අනතුරකින් මියගිය බව බදාදා (23) වාර්තා විය. ගුවන් සමාගම උපුටා දක්වමින් රුසියාවේ සිවිල් ගුවන් සේවා ඒජන්සිය වාර්තා කළේ ප්රිගොෂින් යානයේ සිටි බවයි. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සිට ගමන් ගත් ප්රිගොෂින් රැගත් පෞද්ගලික ගුවන් යානය මොස්කව් නගරයට උතුරින් කඩා වැටී තිබුණි. අනතුරින් යානයේ ගමන්ගත් පුද්ගලයින් දස දෙනාම මියගොස් ඇති බව වාර්තා වෙයි. මියගියවුන් අතර වැග්නර් බිහි වූ දා සිට ප්රිගොෂින්ගේ විශ්වාසවන්ත ලුතිනන්වරයකු වූ උට්කින් ඩිමිත්රි සහ ප්රිගොෂින්ගේ ජ්යෙෂ්ඨ සහායක වැලරි චෙකලෝව් ද වූහ.
වැග්නර් කැරැල්ල දියත් කළ දා සිටම ප්රිගොෂින්ගේ ඉරණම පිළිබඳව උපකල්පන මතුවිය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැරැල්ල “ද්රෝහිකමක්” සහ “පිටුපසින් පිහියෙන් ඇනීමක්” ලෙස හෙළා දුටු අතර එයට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ප්රකාශ කළේය. කෙසේ නමුත් රුසියානු හිතවාදී බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ මැදිහත් වීමෙන් පුටින් හා ප්රිගොෂින් අතර සමථයක් ඇති වුවත් රුසියානු නායකයාගේ හා හමුදා නායකයන්ගේ උදහස සමනය වූවාදැයි සැක සහිතය. තහවුරු කළ තොරතුරු ඉතා අල්ප වුවත් යානය කඩා වැටීමට සලස්වා හෝ වෙඩි තබා බිම හෙළා ඇති බවට සැක සංකා මතුව ඇත. බොහෝ දෙනෙකුට අනුව එය ඝාතනයකි.
ප්රිගොෂින් යනු කවරෙකු වුවත් ඔහුගේ පෞද්ගලික හමුදාව යුක්රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකර ඇති බව පෙනෙන්නට තිබේ. ඊට අමතරව රුසියානු නායකයාගේ උපාය මාර්ගික ක්රියාකාරකම් වෙනුවෙන් රුසියාවෙන් පරිබාහිරව විශේෂයෙන් අප්රිකානු මහාද්වීපය තුළ ඔහු තම ක්රියාන්විතයන් සිදුකර ඇති බව හෙළි වී තිබේ. ඔහු තම බලසම්පන්න නායකයා සමග කේවල් කිරීම දක්වා පැමිණෙන්නේ එකී මිලිටරි කැරිස්මාවේ අනුහසිනි.
ප්රිගොෂින් යනු වෘත්තීය හමුදා සෙබළෙකු නොව ව්යාපාරිකයෙකි. ඔහු සොරකමක් සම්බන්ධයෙන් වසර නවයක් සිරගතව සිටි බව වාර්තා වෙයි. ඉන් පසුව මිල අධික අවන්හල් ජාලයක හිමිකරු වූ අතර එයින් එක් අවන්හලක් ජනාධිපතිවරයාගේ ප්රියතම අවන්හලක් බවට පත්විය. පුටින් මහතාගේ රාජ්යතාන්ත්රික සාද සඳහා බොහෝ විට මෙම අවන්හල තෝරා ගැනුණි. මෙකී සාද ඔස්සේම පුටින් හා ප්රිගොෂින් අතර දැඩි මිත්රත්වයක් ඇති වූ අතර ප්රිගොෂින්ගේ ව්යාපාර ජාලය රුසියාව තුළ ව්යාප්ත කිරීමට මෙකී සම්බන්ධය හේතු විය.
දෙදෙනා අතර මිත්රත්වය කෙතරම් දුරදිග ගියාදැයි කිවහොත් ප්රිගොෂින් හට ක්රෙම්ලිනයට ආහාර සැපයීමේ කොන්ත්රාත්තුව භාර විය. ලොව වඩාත්ම ජීවිත තර්ජනයක් සහිත නායකයෙකුට ආහාර සැපයීම එකී නායකයාගේ අතිශයින් විශ්වාසවන්තයකුට පමණක් ලැබෙන භාරදූර වගකීමකි. ඒ නිසාම ප්රිගොෂින්ව හැඳින්වූයේ පුටින්ගේ කෝකියා යන අන්වර්ථ නාමයෙනි.
යුක්රේනය තුළ රුසියානු හමුදා ක්රියාකාරකම් පසුබසිද්දී ප්රිගොෂින් ඉස්මතු විය. ඔහු රුසියානු සෙබළුන්ට ධෛර්ය සපයන්නකු ලෙස ඉදිරියට ගියේය. විශේෂයෙන් රුසියානු බන්ධනාගාරවල සිටි සිරකරුවන් දහස් ගණනක් තම පෞද්ගලික හමුදාවට බඳවා ගෙන ඔවුන් සමග යුද බිමට ගියේය. නැගෙනහිර යුක්රේනයේ බක්මුට් නගරය අල්ලා ගැනීම සඳහා ක්රියාත්මක වූ දරුණු ගැටුමේදී වැග්නර් සෙබළු විශාල වශයෙන් මිය ගියහ. යුද බිමට අවශ්ය සැපයුම් ප්රමාද කිරීම පිළිබඳව ප්රිගොෂින් රුසියානු හමුදා ප්රධානීන්ට චෝදනා කළේය. තම සෙබළුන් යුද බිමේ මරු වැළඳ ගනිද්දී මොස්කව් හමුදා නායකයන් කාර්යාල තුළට වී බළල් තඩියන් මෙන් නිදා සිටින බව වරක් ප්රකාශ කළේය. ප්රිගොෂින් දිගු කලක් තිස්සේ රුසියානු හමුදා ප්රධානීන් සමග ආරවුලක පැටලී සිටි නමුත් පසුව එය කැරැල්ලක් බවට පත්වූයේ රුසියානු හමුදාව වැග්නර් සෙබළුන් ඔවුන්ගේ අණසක යටතට ගැනීමට උත්සාහ කළ බැවිනි.
රුසියානු හමුදාව විසින් තමන්ගේ වැග්නර් හමුදා සෙබළුන් ඝාතනය කළ බවට 2023 ජුනි 23 වන දින ප්රිගොෂින් චෝදනා කළේය. ඔහුගේ සන්නද්ධ කැරැල්ල දියත් වූයේ ඉන් පසුවයි. වැග්නර් සෙබළු යුක්රේනයෙන් ඉවත් වී රුසියාවේ රොස්ටොව් – ඕ – ඩොන් නගරය අල්ලා ගත්හ. පසුව වැග්නර් හමුදා පෙළක් මොස්කව් දෙසට ගමන් කරන්නට විය.
ප්රිගොෂින්ගේ උපකල්පනය වූයේ රජයේ හමුදාවේ බොහෝ පිරිසක් තමන්ට පක්ෂපාතී වනු ඇති බවයි. එසේ නොවුණත් නිත්ය හමුදාවන්ගේ ප්රතිප්රහාර එල්ල වීමට පෙර අගනුවරට ළඟා වීමට ඔහු උත්සාහ කළේය. ඔහුගේ විරෝධය එක එල්ලේම ජනාධිපති පුටින්ට එල්ල නොවූවත් යුද්ධයට හමුදා නායකත්වය සපයන ආරක්ෂක අමාත්ය සර්ජි ෂොයිගු සහ සන්නද්ධ හමුදා ප්රධානී වැලරි ජෙරසිමොව් ඉවත් කිරීමට කටයුතු කරන මෙන් ඔහු තමන්ට හිතවත් පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය.
රුසියානු හමුදා නායකයන් විසින් යුක්රේනයේ අනවශ්ය යුද්ධයක් දියත් කළ බවට වූ ප්රිගොෂින්ගේ ප්රකාශය බැරෑරුම් සහගත විය. යුක්රේනය නේටෝ හමුදා සමග එක්ව රුසියාවට එරෙහිව ප්රහාරයක් දියත් කිරීමට උත්සාහ දරන බවට මවා පාමින් රුසියානු ආරක්ෂක බලධාරීන් විසින් ජනාධිපතිවරයා හා ජනතාව රැවටූ බව ප්රිගොෂින් ප්රකාශ කළේය.
ප්රිගොෂින්ගේ කැරැල්ල පෞද්ගලිකව රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව සිදු නොවූවක් බව ප්රකාශයට පත්ව ඇතත් ජනාධිපතිවරයාගේ අණසක යටතේ පවතින රුසියානු රාජ්යයට එරෙහිව සිදු වූවක් බව බැහැර කළ නොහැක.
යෙව්ගිනි ප්රිගොෂින් සැලකුනේ රුසියානු ජනාධිපතිවරයාට අතිශයින් හිතවත් ඔහුගේ සමීපතමයකු වශයෙනි. ලෝක ඉතිහාසය තුළ එවැනි අයකු විසින් මෙහෙයවනු ලබන සන්නද්ධ කැරැල්ලක් බොහෝ විට නිමා වී ඇත්තේ ලේ වැගිරුණු ගැටුමකිනි. කැරැල්ල ආරම්භ වී පැය 24 කින් නිමාවට පත්විය. කෙසේ වෙතත් යුද්ධය ක්රියාත්මකව පවතින භූමි ප්රදේශ හරහා ගමන් කරද්දී ප්රිගොෂින්ගේ හමුදාවට කිසිදු ආකාරයේ ජනතා විරෝධයක් එල්ල නොවීම කැපී පෙනෙන සිදුවීමකි. බොහෝ සාමාන්ය වැසියන් ප්රිගොෂින් යනු සැබෑ දේශප්රේමියකු ලෙස හඳුන්වා ඔහුව වැළඳ ගන්නා ආකාරය වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ. තමන්ගේ මොස්කව් ගමන රුසියානු නායකයාට නොහොත් රුසියානු රාජ්යයට එරෙහිව කරන හමුදා කුමන්ත්රණයක් නොව යුක්තිය උදෙසා පාගමනක් ලෙස වූ ඔහුගේ හැඳින්වීම පැහැදිලි නැතත් ප්රිගොෂින් තමන් පිළිබඳව අධිතක්සේරුවකින් සිටි බව පෙනෙන්නට තිබේ.
වැග්නර් කණ්ඩායම හා ඇති කර ගත් සමථය තාවකාලික හා කෘතිම මුහුණුවරක් ගෙන තිබූ බව බැලූ බැල්මටම නිරීක්ෂණය විය. මූලික විරසකය ඇති වූයේ ප්රිගොෂින් හා රුසියානු හමුදා නායකයන් අතර බව පෙනෙන්නට තිබුණත් රුසියානු නායකයාගේ බල පරාක්රමයට එයින් ඇති වූ හානිය සුළුපටු නොවේ.
ප්රිගොෂින්ගේ ප්රකාශයන් හමුවේ රුසියානු රහස් හා ආරක්ෂක උපායමාර්ග බාහිරට හෙළිවීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය විය.
ප්රිගොෂින් හා සම්බන්ධකම් පැවැත්වූවායැයි යන සැකය මත රුසියානු ගුවන් හමුදාපතිවරයා ද ධුරයෙන් නෙරපා හැරි බව මීට පෙර වාර්තා විය. ප්රිගොෂින්ට පක්ෂපාත කණ්ඩායම් හමුදාව තුළ තවදුරටත් සිටින බවට ඇති සැකය බැහැර කළ නොහැක. තමන්ට සෘජුවම අභියෝග කළ මිනිසකු වුවද ජනාධිපතිවරයාට තම අතීත හිතවතා එක වරම ඉවත් කිරීමට නොහැකි බොහෝ හේතු තිබුණි. යුක්රේනයේ යුද්ධය සඳහා රුසියාවට වැග්නර් කණ්ඩායම අවශ්ය විය. නීත්යානුකූල හමුදාවකට කළ නොහැකි සමහර ක්රියාකාරකම් සඳහා වැග්නර් කණ්ඩායම ප්රොක්සි හමුදාවක් ලෙස යොදවා ඇති බවටත් ඔවුන්ට අවශ්ය අරමුදල් හා නියෝග සියල්ල රුසියානු රජය මඟින් ලබාදෙන බවටත් කාලයක් තිස්සේ චෝදනා එල්ල විය.
කැරැල්ලෙන් පසු ප්රිගොෂින් ජීවත් වූ සෑම මොහොතක්ම පුටින්ට අභියෝගයකි. ඔහුගේ කැරැල්ල නිසා සතුරන්ට අමතර ධෛර්යයක් ඇති වූ බව ජනාධිපතිවරයා තක්සේරු කළා වන්නටත් පුළුවන. දැන් වැග්නර් නායකයා තම පෞද්ගලික ගුවන් යානය සමඟම ඉවත්ව ගොස් ඇත. ප්රිගොෂින්ගේ මරණය හදිසි අනතුරක්ද නැත්නම් සැලසුම් කළ ඝාතනයක් ද යන්න තව බොහෝ කලක් තිස්සේ වාද විවාදයන්ට භාජනය වනු ඇත. කෙසේ නමුත් පසුගිය දා සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ජනාධිපති පුටින් පැවසුවේ නායකයකුට යම් පුද්ගලයකු වෙනුවෙන් සමාව දීමට හැකි නමුත් සියල්ලට සමාව දිය නොහැකි බවයි. “සමාව දිය නොහැක්කේ කුමකටද?” යි විමසූ විට පුටින්ගේ පිළිතුර වූයේ “පාවාදීම” යන්නයි.
ශානක ලියනගම
වියමනක් කිරීමට තොරතුරු රැස් කරමින් සිටියදී ශානක ලියනගම විසින් මුණුපොතේ පලකර තිබු ☝☝ ලිපියද කියවුවෙමි. ඔහුට ස්තුතියි.
PM පුවත් විසින් පහත සදහන් කොටස්ද පරිවර්තනයෙන් පලකරමි.
යෙව්ගනි ප්‍රිගොෂින් Yevgeny Prigozhin
රුසියානු කුලී හේවායෙකු ලෙස සේවය කලේය.
රුසියාවේ ගුවන් සේවා ඒජන්සිය වන Rosaviatsia පැවසුවේ ජූනි මාසයේදී අක්‍රීය කරන ලද කැරැල්ලකට නායකත්වය දුන් , යෙව්ගනි ප්‍රිගොෂින්
බිම හෙ ළන ලද ගුවන් යානයේ සිටි පුද්ගලයින් 10 දෙනාගෙන් කෙනෙකු බවයි. එය මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් සිටියදී ට්වර් කලාපයේ කුෂෙන්කිනෝ ගම්මානය අසලදී කඩා වැටී ඇති බව රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසයි.
යෙව්ගනි ප්‍රිගොෂින් ගේ යානය අවසන්
තත්පර 30 වන තෙක් කිසිදු ගැටළුවක් පෙන්නුම් කළේ නැත
බදාදා ඔහුගේ මරණය දක්වා වැග්නර් කුලී හේවා ප්‍රධානී
යෙව්ගනි ප්‍රිගොෂින් රැගෙන ගිය බවට විශ්වාස කෙරෙන Legacy 600
විධායක ජෙට් යානය,
එහි අවසන් තත්පර 30 තුළ ශීඝ්‍රයෙන් පහත වැටෙන තුරු කිසිදු ගැටලුවක සලකුණක් නොපෙන්වූ බව පියාසැරි
ලුහුබැඳීමේ දත්ත අනාවරණය කළ
අපට සැක සහිත ප්‍රශ්නාවලියක් ඇත.
3:19 ට. GMT,
ගුවන් යානය "හදිසි පහළට සිරස් අතට" සාදන ලදී Flightradar24 හි Ian
Petchenik. තත්ත්පර 30ක් වැනි කෙටි කාලයකදී යානය අඩි 28,000ක උසින් අඩි 8,000කට වඩා පහළට කඩා වැටී ඇත.
" මොකද සිදුවුනේ,ඉක්මනින් සිදු විය,"පෙට්චෙනික් Petchenikපැවසීය.
"ඔවුන් කුමක් සිදු වූවත් පසුව (ගුවන් යානය සමඟ) පොර බදමින් සිටින්නට
ඇත" පෙට්චෙනික් පැවසීය.
නමුත් එය නාටකාකාර ලෙස පහත වැටීමට පෙර, “මෙම ගුවන් යානයේ යම් දෝෂයක් ඇති බවට කිසිදු ඇඟවීමක්” නොතිබුණි. වීඩියෝවෙන් පෙන්නුම් කළේ යානය එහි නාසය කෙළින්ම පහළට කර ඇති අතර පිටුපසින් දුමාරයක් හෝ වාෂ්පයක් සමඟ වේගයෙන් බැස යන ආකාරයයි.
සිදු වූ දේ තීරණය කිරීම සඳහා රුසියානු විමර්ශකයින් අපරාධ
පරීක්ෂණයක් ආරම්භ කළහ.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, සමහර නම් නොකළ මූලාශ්‍ර රුසියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඔවුන් විශ්වාස කරන්නේ යානය බිම සිට ගුවනට එල්ල කරන මිසයිල එකකින් හෝ වැඩි ගණනකින් වෙඩි තබා ඇති
බවයි.
බ්‍රසීලියානු ගුවන් යානා නිර්මාපකයෙකු වන Embraer SA (EMBR3.SA) පැවසුවේ 13 දෙනෙකුට පමණ අසුන් ගත හැකි යානයට මෑත වසරවලදී කිසිදු සේවාවක් හෝ සහායක්ල බා නොදුන් බවයි.
සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියාවට
එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර සම්බාධකවලට අනුකූලව කටයුතු කර ඇති බවයි. මෙම සුඛෝපභෝගී
ජෙට් යානය Flightradar24 හි RA-02795 ලියාපදිංචිය සහිතව හඳුනාගෙන ඇති අතර,
කැරැල්ලෙන් පසු යෙව්ගනි ප්‍රිගොෂින් බෙලරුස් වෙත රැගෙන
ගිය ගුවන් යානයට සමාන බව මේ සම්බන්ධයෙන් දන්නා කර්මාන්ත මූලාශ්‍රයක් පවසයි.
ඔන්ලයින් ෆ්ලයිට් ට්රැකර් Flightradar24 අවසන් වරට ගුවන් යානයේ පිහිටීම 3:11 ට වාර්තා කළේය. කඩා වැටීමට පෙර. ප්‍රදේශයේ තදබදය හෝ මැදිහත්වීම් තවදුරටත්
ස්ථාන දත්ත රැස් කිරීම මන්දගාමී විය.
v අනෙකුත් දත්ත මිනිත්තු නවයක් පුරා පැවතුනි. Flightradar24
දත්ත පැවසුවේ ජෙට් යානය එහි අවසන් විනාශකාරී කඩාවැටීමට තත්පර 30කට පෙර අඩි දහස් ගණනක නැඟීම් සහ බැසීම් මාලාවක් සම්පූර්ණයෙන් සිදු කළ බවයි.
Flightradar24 ජෙට් යානය පිළිබඳ එහි අවසන් දත්ත සවස 3:20 ට ලැබුණි.
මුලාශ්‍රය
SyndiGate
Media Inc. (Syndigate.info)