Monday, May 13, 2024

පොඩ්ඩිගේ කතාව - හත්වෙනි දිගහැරුම.


මාසයක් ගත වෙන්න ඇත්තේ තව දවස් කිහිපයකි. සමීරගෙන් කිසිදු පිළිතුරක්  ප්රතිචාරයක් නොලැබිනි. කාර්යාලයේ හිතවතුන්ගෙන් තොරතුරු විමසූවත් හෝඩුවාවක් නොලැැබිනි.

දිනක සමීර  දැන් සේවය කරන ආයතනයේ පිරිස් පාලන අංශයට මම කතා කලෙමි. ඔහු සේවයට පැමිනෙන බව තහවුරු කර ගතිමි.

මගේ අරමුණු වෙනස් බැවින් එතනින් ඔබ්බට ඔහු ගැන සෙවීම නිස්පල බව මගේ හිත කියයි.

මට තවදුරටත්  ගෙවල් කුලී ගෙවමින් ගෙදර වසා තැබිය නොහැකි බැවින් මා තීරණයක් ගත යුතුවේ.

මම සමීරගේ පියාට කතා කලෙමි. සිදුව ඇති දේ නොවලහා පැවසුවෙමි. ඔහුගේ ප්රතිචාරයන් හරිම උදාසීන විනි.

අනේ මොනව කරන්න ද ? මම ළමයෝ ඔහු මගෙන් විමසයි..

ඇත්තටම ඔවුන් මොනවා කරන්නද  ? අප විසින්ම ඇති කර ගත්  දේ අප විසින්ම විසදා ගත යුතුය.

අම්මාට මේ තොරතුරු කී විට බඩු බාහිරාදිය අස් පස් කරගෙන ගෙනත් මෙහෙ ගෙනත් දමමු. ඒ ළමයට ඕන වෙලාවක එයා බඩු අරන් යන්න කියමු යයි පැවසිනි.

දන්නා කෙනෙක්  ගෙන් උපදෙස් ගමු යයි මම අම්මාට යෝජනා  කලෙමු.

පසු දිනක නීති  උපදේශිකාවක් මුන ගැසී තොරතුරු පැවසු විට ලගම  ඇති පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර සමීර ගෙන්වා ගැණිමට හැකි දැයි බලා බඩු බාහිරාදිය ගෙන යාම සුදුුසු බව ඇගේ අදහස විනි.

එහෙත් එවැනි කටයුත්තකට යාම සුදුසු නැතැයි මගේ සිත කියන්න විනි.

අම්මා විමසු විට , අම්මා සමීරගේ තාත්තට යලි කතා කරන ලෙස කීවේය.

මම ඔහුට කතා කලෙමි. විස්තර කී විට එහෙනම් එ්දාට මමවත් එන්නම්. යයි කීවා මිස සමීර සම්බන්ධ කර ගැණීමට උනන්දුවක් නොවිනි.

මගේ අවශ්යතාවය ගෙය නිදහස් කර ගැනීම බැවින් මම ඔහුට එකගවිමි.

කෙලෙස හෝ එයත් සාමකාමි ලෙස අවසන් විය.  මම නිදහස් වුනෙමි.

සමීර කිසිදා මා හමුනොවනු ඇත් ද ?

මගේ සිත මගෙන් අසයි.  මගේ යටි සිත සමීර ආපසු එනු ඇතැයි සිතන්නේ ද ?.සංසාර ගනු දෙනුව අවසන් වීද ?

විවාහය සංකල්පනාවක් බවට පත්්වෙමින් මම දවසේ වැඩ කටයුතු වලට හුරුවෙමින් සිටියෙමි. ඉද හිට කල්පනා ලෝකයේ කිමිදුනේ නැතැයි නොකියමි.කාර්යාලීය සම්බන්ධතා මාර්ගස්තව කර ගෙන ගිය අතර සති දෙකකට වරක් කාර්යාලයට ගියෙමි.

මේ හැම ගමනකදීම අම්මා පොඩ්ඩියේ පරිස්සමින් ගිහින් වරෙන් යයි අනිවාර්යෙන් කියනු ලබන්නෙකිි

මෙසේ කාලය ගෙවී යද්දී ජීවිතය ඒකකාකාරීවිනි. අම්මා උයා පිහා දෙයි . මම උදේ නවයට පරිගණකය ලග හවස පහ  හය වනතුරු ගත කරමි.

ද වසක සේපාලි කිවු කතාවක් මට සිහිපත් වේ .....යම් සමාජයක ජීවත් වන විට අපි ට කැමති  හැම දෙයක්ම ඒයාකාරයෙන් සිදු වන්නේ නැත.හැම කෙනෙක්ම අපි සතුටු වෙන අන්දමින් කටයුතු කරාවි යැයි සිතන්නටත් බැහැ අඩු තරමින් පවුලේ අයවත් එහෙම කැප වීමක් දිගින් දිගටම කරාවිද ?.

සමීරට සිටියේ මා පමනක්ම නොවන බව මට සිතිනි.

මිතූරන් ට අමතරව විශේෂිත කිසිවෙක් මා හා විවාහයෙන් පසුවත්  සිටියේ ද ? යන්න මට සිතෙන්න වන්නේ මා හා අඩදබර වැඩිවු පසුය. ඒහෙත් ඒ් ගැන සොයා බලන්න උනන්දු නොවී මගෙ හිත රවටා ගනිමින් කල් බැලුවේය

පොඩි පොඩි දෙවල් මනසට දිනෙන් දින ඒකතුවී මගේ මනස සමීර කෙරෙහි දවසින් දවස බිදෙන්නට විය.

 



ඉතිරිය හෙට - මීදුම.



A day in the life

Sunday, May 12, 2024

සාජහන් නුඹ ආදරේ ගැන දන්න ලබ්බක් !



නුඹේ අග බිසව වුවට - තවත් බිසවුන් හයක් සිටියා
මගේ අයිතිය තනිව විදිමින් - අනිත් අයවත් බදා ගත්තා...
එක පෝලිමට දරුවො වදලම - වැහිරී වැහිරී ගියත් පෙරදා
දාහතර වෙනි සැරෙටත් තව - දරු ගැබක් මගේ කුසට දුන්නා...
දරා ගන්නට කොහෙද හයියක් - තවත් විදවනු නොහැකි හින්දා
දාහතර වෙනි දරුවා එක්කම - ඉතින් මම ඇස් පියා ගත්තා...
මරණ මංචකයේ දිගාවී - හඩන විට ඔබ දුකත් හිතුනා
ආයෙමත් අග බිසව තනතුර - කාටවත් දෙන්නැහැයි කිව්වා...
මුළු ලෝකයම පුදුම කරමින් - මගේ නමට ටජ්මහල නිමවා
කදුළු වේලෙන්නටත් කලියෙන් - මගෙම නංගීව සහේ ගත්තා..
හිතත් තලමින් ගතත් තලමින් - දුක් දුන්නු හැටි මැවී පෙනුනා
ලොව්ට රහසින් ටජ්මහල යට - මගේ කදුලැලි හුගක් තිබුනා..
ලග ඉන්නකම් දස වද දිදී - මැරිලා ගියහම කදුලු හලනා
සාජහන්ලට රැවටිච්ච - මුම්ටාස්ලා හැමතැනම සිටිනා..
සාජහන් නුඹ ආදරේ ගැන
දන්න ලබ්බක් නැහැයි හිතුනා...
උපුටා ගැනීම
Batta page
කවිය අනිශා ජයකොඩි ගෙ..




A day in the life

Saturday, May 11, 2024

මොනවද මේ දහදුරා වැඩ ?




මොනවද මේ දහදුරා වැඩ ?

දන්නවා ඇතිනේ ලංකාවේ වංශ බෙදීමක් තියෙනවා කියලා . ඔය පත්තරේ මංගල කිංකිනි කොලේ තියෙන්නේ බොදු ගොවි , බොදු කරා , බොදු දුරාව කියලා . මම ගජමන් නෝනාගේ වරිගේ සනුහරේ ගැන හොයනකොට තමා මේ දහදුරා වැඩ ගැන දැනගත්තේ .
ගජමන් නෝනත් දුරාව කියන වංශයට අයත් කෙනෙක් . දුරාව වංශයට ඒ කාලේ අයිති පිරිස් රජවාසලට ඉටු කරපු සේවාවල් දහයක් තිබුණා . ඉතින් ඒ සේවාවල් දහය තමා දහදුරා වැඩ කියලා කියන්නේ . ඔන්න බලන්න දහදුරා වැඩ .
01. අන්නානි
02. බන්නානි
03. ඒනාදී
04. මගුල්
05. සිද්දත්තු
06. විද්දත්තු
07. අලිබද්දු
08. බලිබද්දු
09. පට්ටී
10. පොරවකාර
අන්නානි ..............
දණ්ඩනායක සහ අධිකරණ නායක කියන තනතුරු තමයි මේ පෙළපතේ අයට තිබිලා තියෙන්නේ .
බන්නානි .............
අලි ඇතුන් පාලනය කරන ගජනායක නිළමේ තනතුරු හෙබෙව්වේ මේ පෙළපතේ අය .
ඒනානි ..............
නැවු හා නාවික කටයුතු ගැන පරිපාලනය කරේ මේ පෙළපතට අයත් අය .
මගුල් ..............
රාජ්‍ය සේවයට ඒ කියන්නේ රජමාලිගාවේ නොයෙක් සේවාවල් ඉටුකළේ මේ පෙළපතේ අය .
සිද්දත්තු .............
වෙදකම් කරන වෙදදුරන් අයත් උනේ මේ පෙළපතට .
වීද්දත්තු .............
ඉගැන්වීම් කටයුතු කරපු ඒ කියන්නේ ගුරු වෘත්තීය ඉටු කලේ මේ පෙළපතේ අය .
අලිබද්දු ............
ග්‍රාමසේවක වගේ ඉස්සර තිබ්බ නිලයේ කටයුතු කලේ මේ නිළයේ අය . ඒ වගේම අලින් ඇල්ලීම හා ගාල් කිරීමටත් මේ අය ඉදිරිපත් උනා .
බලිබද්දු ............
දේවාලවල දෙවියන්ට ආවතේව කරන අය අයත් වෙන්නේ මේ පෙළපතට .
පට්ටි ...............
ගොපළු රැකියාව කරේ මේ පෙළපතට අයත් පිරිස . හරක් අයිති අයත් ඉඳලා තියෙනවා මේ පෙළපතේ .
පොරවකාර ............
රජතුමාගේ රාජකීය හමුදාවේ පොරව අරගෙන සටන් කරේ මේ පෙළපතේ අය .
ඔන්න ඔහොමයි දහදුරා වැඩ සිද්ද උනේ .

 සටහන :- දර්ශන ධර්මවර්ධන

A day in the life

Friday, May 10, 2024

පොඩ්ඩිගේ කථාව - හයවෙනි දිග හැරුම








දැන් දැන් ජීවිතය  දවසට හුරු වෙමින් ගලා යාමට පටන් ගෙන තිබේ .

අප නිවස ඇති පෙදෙස අඛන්ඩ ජාල පහසුකම් තිබුන බැවින් මට මාර්ග ගතව රැකියාව සුරක්ෂිතව පවත්වා ගැණිමට බාදා නොකලේය.මා නිසා අම්මාගේ දිනචරියාව වෙනස් වූයේද නැත.

අප්පච්චි සිටිය දී   අම්මා නිවසේ සැහැල්ළුවෙන් කාලය ගත කලාය.අප්පච්චි වියෝවීමෙන් පසු   වතුපිටිවලත්  කුඹුරු වලත්  කල කටයුතූ කාර්ය භාරය එලෙසම පවත්වා ගෙන යාමට ඈ පූරුදුව සිටියාය. අප විවාහයෙන්සි   පසු  කිවිටෙකත් ඈ  මට ආපසු නිවසට එන්නැයි කීවේ නැත. මගේ නිදහසත් කවදා හෝ අප කුඩුම්බය ආපසු ඒ වියැයි බලාාපොරොත්තුවක් ඇගේ යටි හිත තුල තිබුුනා විය හැක.

සමීර ගැන පහන් අදහසක්  එකල තිබුන බැවින් අප කුඩුම්බය පිළිබදව ලොකු විශ්වාසයක් ඈට තිබෙන්න ඇත.

ආත්තම්මා කෙනෙනකුව  මුණු පුරුමිණිපිරියන් ගේ සිහින රාජ්යයක රැජිනක වන්නට ඈ සිහින මැව්වාය. සමීරත් මමත් අතර නොපෑහෙන තැන් ඇතිවු විටවත් මම කිසිදා අම්මා සමග සාකච්චා කිරිමට පෙළඹුනේ නැත.

මම ම කර ගත් දේවල් මම ම විසදා ගත යුතුවිය.

සමිර සමග සාමයෙන් සමාදානයෙන් ආදරයෙන් සිටි කාලය ජීවිතයේ සුපසන් කාලයක් විය. අපි දෙදෙනා එක්ව සැදු සරුංගල් අහසේ පා කර හැරියත් , ආපසු එක් කර ගත නොහැකිව අහසේ ඈතින් ඈතට පාවෙන්නේය.

මා දරුවෙකු බලාපොරොත්තුවූ වත් සමීරට සැලසුමක් ඇති බව පෙන්වා එය කල් දැමීය..........අපට තවමත් ගෙයක් දොරක් හදා ගන්නට බැරිවුනානේඑක් හේතුවක් විය.මම  , අප පවුලේ දේවල් හිමි වන්නේ මට බැවින් එවැනි බාදකයක් ඇති කර ගන්නට අවශ්ය නැතැයි ඒ හැම විටම පෙන්වා  දුන්නත් ඒ අදහස ප්‍රතිපල විරහිත විය.

දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ගම තුල නැති බැවින් නගරය ආශ්‍රීතව නිවසක් හදාගැණීමේ පලදායිතාවය  සමීරට වැදගත් විය.

අපට ලැබෙන වැටුපෙන් මේ ව්‍යාපෘතිය සිහිනයක් වන බව සමීරට පැහැදිලි කරදෙන්නට මට කිසිදා නොහැකිවිය.

ඒ සමග මගේ දරු සිහිනයද ටිකින් ටික වියකෙන්නට විය.

ගිගුරුම් හඩින් මගේ කල්පනා ලෝකය අවුල් වියවුල් ගියේය.

පොාඩ්ඩියේ ඔය විදුලි උපකරණවලින් ඈත් වුනොත් හොදයි නේද ?. වහින්නත් ඉස්සෙල්ලා විදුලි කොටනවා .

ඒ අම්මාගේ පෙර සුදානම පල කලාය .

බක් මාසයේ අවසාන සති දෙක ගිගුම් දෙමින් වැස්ස  වසින්නේය. අප්පච්චි මේ වැස්සට ප්‍රිය කලාය. වැස්සෙන් පසු කාලය ගහ කොළ - කොළපාට ගැන්වී අමුතු පනක් ඉපදෙන්නේය. කුඹුරු සරුවෙන්නේ මේ වැස්සෙන්ය . අප්පච්චි විද්‍යාත්මක සාධක විග්‍රහ නොකලත් විදුලි කොටමින් වහින මේ වැස්සට මනාපය. දිනක අකුණු ගහමින් වහින වැස්සෙන් පොළවට නයිට්රජන් එකතු වෙන හැටි පහදා දුන් විට පොඩ්ඩිත් ඉගණගෙන තියෙන දේවල් යයි සතුටෙන් කීවේය.

ඒ් දේවල් ඉගණ ගත්තත් පොඩ්ඩි ජීවිතය ගැන අප්පච්චි තරම් ඉගන ගෙන නොතිබුන බව සිහිවීය.

 සමීරත් මාත් අතර බැදියාව බිද ගියේ මගේ වරදක් හෝ වරදවල් කිහිපයක් නිසාදැයි මම කාලය විග්‍රහ කරමින් විශ්ලේෂණයක යෙදෙමින් සිතිිවිලි අතර කිමිදෙනවිට මා විත්තිකාරියවු සාධක මට හමු නොවීය.

යමෙක් යම් යම් දේවල් වසන් කරමින් සිටින්නේ නම් ඔහුට ජීවත් වන්න සිදුවන්නේ මවා ගත් කෘතිම වටා පිටාවකය. තමන් තමන් කෙරෙහිම  සැක සංකා ඇති කරගන්නේය. සමීරටත් සිදුවුනේ මෙවැන්නක් ද ?.

මම විවාහ වු  යවුවන වයසේ මා ගත කලේ හැගීම් වලට මුල් තැන දෙමින් මිස බුද්ධියට මුල් තැන දෙමින් නොවන බව පසක් වෙන්නේ දැන් දැන්ය. අම්මා දැක්වු ලිහිල් බව මට ඉණිමගක්විය.අම්මා අප්පච්චිගේ වියෝවත් . තම එකම දරුවාට ආරක්ෂකයෙකු සිටීම සුුදුසුයයි සිතන්න ඇත .

අප්පච්චි සිටියා නම් මෙවැනි ව්‍යාසනයක ආරම්භයකට මට මුහුණදෙන්න සිදු නොවනු ඇත. අම්මා මෙන් මටම වගකීම් පවරමින් සිටින්නේ නැතිව අප්පච්චි සියළු වගකීම් තම භාරයට ගන්නා බැවින් මට සිදුවන්නේ ඔහුගේ තීරණයට නතුවීමය.

අප්පච්චි  සිටියා නම් පලමු වන වටයෙන්ම මේ සම්බන්ධය නතර වෙනවාය. සමීර පෙර විවාහකයෙකුව සිටි බව මම අම්මාට දිගටම වසන් කලේය.

එහි ප්‍රතිපලයන් දැන් මම විදිමින් සිටින්නෙමි.

-------නැවතත්  හමුවෙමු - මීදුම 

A day in the life

Thursday, May 09, 2024

ඔබ මා සමඟ අතිනත ගන්නා... -


https://youtu.be/lOqGE1IgS4U?si=vHttOYqQZvfd9cN4
සුගැයුම   අචාර්ය අමරදේව

Wednesday, May 08, 2024

පොඩ්ඩිගේ කථාව - පස්වෙනි දිග හැරුම

සමීර  හමුවීම නිශ්පල කටයුත්තක් යයි මම තීන්දු කර ගෙන සිටියේද යන්න මටද ප්‍රශ්නයකි.

විටක ඔහු ගැන සිතිවිලි වලින්  හිත නැවත නැවතත් පිරෙන්නට පටන් ගනී. අපි අවුුුුරුදු පහක් පමණ විවාහකවද  අවුරුදු දෙක තුනක් දැන හදුුනා ගමින් ගෙවු කාලය කෙසේ එක්වර අමතක කරන්නද ?.

 සමීර හමුවි කතාකරන්න ගියහොත් සියල්ල ආපසු හැරී නැවතත් නතරවුන තැනටම එයිදැයි සිතිවිල්ලක් ද හිත තුල දැල්විනි.

මම තවමත් අප සිටි නිවසට කුලී ගෙවමින් සිටිමි . අප දෙදෙනා පරිහරනය කරන ලද බඩු භාණ්ඩ එලෙසමය.

මා නැවත ගෙදර පැමිනෙන්නේ නම් මේ සියල්ල එකලස් කලයුතුය.

වලාකුලක් වුනා නම් -  කුරුල්ලෙක්   හිතනවිට වලාකුළ සිතුවේ මම කුරුල්ලෙක් වනවා නම්  කොයිතරම් හොදද යන්නයි . මම වළාකුලකුත් නොවෙමි - කුරුල්ලෙකුත් නොවෙමි. එහාටත් මෙහාටත් කැරකී යන  සුලි  සුළගක් වී ඇතිවා සේ හැම පැත්තටම කැරකෙන්න පටන් ගෙන තිබේ.

අවසානයේදී මම සමීරට කතා කරන්න තීරණය කලෙමි.

අම්මාගේ අදහස වුයේ දුරකතන ඇමතුමකින් සම්බන්ධ විය යුතු බවයි.

මම කතා කලෙමි.

පිලිතුරක් නැත.

මම නැවත දෙතුන් වරක් කතා කලෙමි.

පිලිතුරක් නැත.

අවසානයේදී ඔහුගේ මිතුරෙකු හරහා පණිවිඩයක් තබා මා අමතන ලෙස ඉල්ලීමක් කලාය.

කාලය ගෙවී ගියේය. සමීරට මට කතා කරන්න උනන්දුවක් ඇතිව තිබුනේ නැත.

මට නිවස නඩත්තු කිරීමේ වියදම්ද දිගින් දිගට දරා ගැණීමද ගැටළුවකි.

දිනක් අම්මා සමග ගොස් නිවෙස් හිමියා හමුවී තවත් එක් මාසයක් සදහා මුදල්ද ගෙවා මා අත තිබු යතුරද ඔහුට දුන්නෙමි .සමීර ආවොත් ඔහුට එය දෙන ලෙස පවසා ආපසු ආවෙමු..

 ඉක්මනින් මා අමතන ලෙසත් නැත්නම් ගෙදර ඇති බඩු භාණ්ඩ වලින් ඔහුට කැමති ඕනෑම දෙයක් රැගෙන යන ලෙසත් ඉල්ලීමක් කර ,.

ගෙයි යතුර ගෙහිමියා භාරයේ ඇති බව සදහන් කර ඔහුගේ කාර්යාල ලිපිනයට ලිපියක් යොමු කලෙමි.

දැන්නම් මට පාවෙන සිතක් ඇත්තේම නැත. ගෙදර යමක් ඉතිරිව තිබුනොත් ඒවා අස්පස් කර ගෙහිමියාට බාර දීම මගේ අරමුණ බවට පත්විය.

ගැහැණු සිතකට මෙතරම් හයියක්. පන්නරයක් ලැබුනේ පීඩාවත් පීඩනයත් නිසාවෙනි. සේපාලි මට ශක්තිය ලබා දීම පිහිටක් විනි. අම්මා මගේ සවිය බවට පත්වී තිබිනි.

ගුවනේ පා ආ ආචාර්ය අමරදේවයන් ගායනාව මට සිසිලක් ගෙන එන්න විනි.

ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස
 
වෑ දිය නිල්ල සුදු  නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බදින කිරලා හඩා වැටෙටයි
නොකියු රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවද තවමත් මගේ සිතට දැනෙයි
 
ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස - 
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස


හෙටත් හමුවෙමු - මීදුම.


A day in the life

Leadership and Teamwork

Tuesday, May 07, 2024

පොඩ්ඩිගේ කථාව - හතරවෙනි දිග හැරුම




 

පන්සලට යමින් අතර දොඩමළු වුනේ සේපාලි. මගේ නිහඩ බව හේතු වෙන්න ඇති.

අක්කේ , මම අහල තියෙනවා.

විවාහය ගැන නොයෙක් මත මේවා කියවලා මම හිත හිතා  ඉන්නවා.මොනවා කරන්නද කියලා.

අක්කගේ කතාව අහගෙන ඉන්න කොට මට හිතුනේ මනුෂ්‍ය සම්බන්ධතාවල ඉතාමත් සමීපවූුද ඉතාමත් අසීරුවුද සම්බන්ධතාවය විවාහය කියලයි.

අක්කා මාව තවත් බය කලා.

අවුරුදු ගානක් හදුනාගෙන ඉදලත් විවාහනේ කෙටි කාලයකදී සියළු මීහිරියාවන් මිරිගුවක් බවට පත්වෙලා.

වැඩිහිටියන් වෙත යෝජනාවක් ඇවිත් දවසක් දෙකක් දැකපු කෙනෙක් ඒක්ක ජීවිතය අරඹනවා කියන එක ............?.

නීතියේ දැක්මෙන් විවාහය කොන්ත්‍ර ා ත්තුවක් !.

අක්කා කොන්ත්රාත්තු කාලය අවසන් කරගෙන .............

සේපාලි කතා කරනවා ගිරවියක වගේ. පන්සලට තව දුරයි . මේකි තව මොනවා කියයිද ? මහ ගෑණියක් වගේ .

මම සේපාලිට ඉඩ දීලා අහගෙන යනවා.

මානසික වෛද්ය විද්‍යාවට අනුව නම් එය ලිංගික හා රාග ද්වේෂ හැගීම් පිළිබද රගමඩලක් .

පල්ලිය සලකන්නේ ශුද්ධවුු චාරිත්‍රයක්   විදියට.

මනෝ විද්‍යාවේදී  හැසිරීමේ සහ සකස්වීමේ ක්රියාවිතයක්

සැහැල්ලුවෙන් හිතන මට නම් මේක මර උගුලක්..........

අපි දෙදෙනාටම හිනා ගියේ  එකවර මය.

යම් තරමකින් අම්මාගේ තනියට සිල් නොගමින් සේපාලි සමග දවස ගෙවීම සැහැල්ලවක් හිතට කාන්දු  විය. අපි නොදැනුුවත්ම පන්සලට පැමිණ සිටියෙමු. අම්මලා සිල් පවාරනව ආපසු පිටත්වීමේ සුදානමක සිටියේය.

අපි දෙදෙනාද මල් පහන් පුදා අම්මලා සමග ආපසු ගමනට එක්වුනෙමු.

මට තවත් හිතන්න දේවල් ඉතිරි කර දෙමංසලේ දී සේපාලිත් ඇගේ මවත් සමුගත්තාය.

මම ආයේ එන්නම් අක්කේ ........

අසම්පුර්ණ පුද්ගලයින් දෙදෙනෙකු විසින් භාග්යය සදහා කරනු ලබන සටනකදී තම ශක්තීන් එකතු කර ගන්නා පියවරක් ලෙස ලින්ක් නම් මනෝ විද්යාඥයා විවාහය හදුන්වා තිබේ.

විවාහය තමන්ගේ කර්ම ණය ගෙවා ගැණීමටමටත් ඔවුනොවුුන්ට උපකාර කිරීමටත් ආත්මයේ නව ගුණ ඇති කර ගැණීමටත් අධ්‍යාත්මික අවබෝධය හා ශක්තිය දියුණු කර ගැණිමට ලබා දී  ඇති අවස්ථාවකි .

සේපාලි මට හිතන්න ඉඩ තබා ගියේ මතවාදයකි.

අපි ආදරය ගැන හිතුවේ කොයිතරම් බොළද විදියටද ? . මා විසිතුන්වියේදී  සමීර වරදවා තේරුම් ගෙන තිබිණි.

පරිගණක මෘදුකාංග සැකසීමේ ආයතනයක රැකියාව ඇරඹු මට හොද වැටුපක් ලැබිණි. අතමිට සරුවු මගේ ජීවිතය මට මගේ මොළය අහිමි කර දී තිබිණි  දැන් නැවතත් මගේ මොළය සොයා යා යුතුය.

ඇහරී ඇති වැට කඩොළු වලින් මම මිදිය යුතුය.

අද දවසේ සේපාලි විසින් මා නැවත පුනරුත්තාපනය කල බවක් හැගිණි.

නිවසට විත් අම්මා විවේක ගන්නවා විය හැක. මම රාත්‍රි අහර පිසමින් සිටින විට අම්මාද මුළුතැන් ගෙට පැමිණියාය.

මොනවද පොඩ්ඩියේ කරන්නේ ?.

අම්මේ කාල ඉමුුද ? මහන්සිත් ඇතිනේ.......

හ්ම්.............

කෑම කමින් අම්මාත් මාත් කල කතා බහ  කලෙමු  මට ගෙදර සිට මාර්ග ගත ක්‍රමයට මා සේවය කල ආයතන යේම  රෑකියාව කල හැකි බව සහ  හෙමින් සීරුවේ නීතීඥයෙකු හමුවී ඉදිරි කටයුතු සැලසුම් කර ගත යුතු බව අම්මාට පැවසුවෙමි   .

අම්මාගේ අණුකූලතාවය පලවිය.

සමීර ගැන අණුකම්පාවක්  ඇතිවූවත්  වෙන විකල්පයක් මා දුටුවේ නැත.

---හෙටත් හමුවෙමු - මීදුම.


A day in the life

Monday, May 06, 2024

පොඩ්ඩිගේ කථාව - තුන්වන දිගහැරුම.




පුදුම රස්නයක් නේ තියෙන්නේ...........අපි යමු අර අඹ ගහ යටටවත්  මම යෝජනා කලේය. ප්ලාස්ටික් පුටු දෙකක් රැගෙන අපි අඹ ගහ යට වාඩිවිමු. අඹ ගහ යට දැනුනේ යම්කිසි සිසිලකි.

ඔහේ ඈත බලා සිටි මට සේපාලි නංගී සිටිනවාදැයි නිනව්වක් තිබුනේ නැත. .........මොකද අක්කේ ගල් ගිල්ලා ද ? මම හදිස්සියේ අවදි වුවෙකූ සේ ඈ දෙස බැලීය. සේපාලි මගේ මතකය අවදි කරවා ගන්නා උත්සහායක සිටියේ නැත. යමක් කී වොත් අසා සිටියාය.

මා විවාහකව වෙනම  ගෙයක පදිංචියේ රැකියාවේ පහසුවටය.

මුල් කාලය බොහෝ සතුටින් සාමදානයෙන් ගෙවී ගියේය අපට ආර්ථික අපහසුතා ද නොවීය.

අම්මාට ද ගේ දොර නඩත්තූ කරමින් යමක් කමක් ඉතිරි කර ගැණීමට තරම් ආදායමක් තිබුනේය. එහෙයින් අම්මාට මා ගැනත් මට අම්මා ගැනත් ආර්ථිකය ගැන සොයා බැලීමට අවශ්යය නොවීය.

ඉද හිට අම්මා මගේ අවශ්යතාවයන් විමසීය.

මගේ නිහඩ ආවර්ජනයන් සේපාලිට පාළුවක් දැනෙන්න ඇත.

මොකක්ද අක්කේ කුරුළු කැදැල්ලට ඔච්චරම උන හානිය. ?? සේපාලි නිහෙ බව බිද දමා විමසීය.

නංගී ........

ටික දවසක් යන විට පුංචි පුංචි දේවලටත් සමීර මගෙත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. මුලින් ළුණු මදි නම් අද පොඩ්ඩක් ළුණු මදිකියන මනුුස්සයා පිගාන විසි කරන්න තරම් සැහැසිවුනා.

හැම තිස්සෙම මාව නුරුස්සන ගත්තා.

හවසට දෙන්නත් එක්ක වැඩ ඇරිලා එන ගමන මටට තනියෙන් එන්න වුනා. මුලදී ඔෆීස් එකේ වැඩක්. තව ටික කාලයක් යන කොට ඔෆීස් එකේ වැඩකට දුරක යන්න තියෙනවා..ඔය වගේ නිදහසට කියන කතා හොයලා බලන කොට මට කියලා තියෙන්නේ බොරු. හල බලන විට ඇතිවන ගැටුුම් සමහර දිනවල කෙළවර වුනේ සමීර ගෙදරින් ගිහින්.

කාලය මෙහෙම ගෙවුුුනා නංගී.

මම ඉවසුවා

දැන් දැන් නිවසේ කුලිය ජලබිල් විදුලි බිල් වැනි වියදම් ගෙවන්නේ මගේ පඩියෙන්. ආහාර ද්රව්ය සමහර දවසට සමීර ගෙනාවා.

මේ මොනවා උනත් එයාට ඉතිරියකුත් නැහැ.

මෙහෙම තවත් කාලයක් යන කොට ගෙදර එන එක තව තවත් අඩු වෙන්න පටන් ගත්තා.

එකම ඔෆීස් එකේ වැඩ කරපු සමීර වෙනත් රැකියා ස්ථානයක් සොයා ගත්තා.

මම අම්මාටත් නොකියා මේ දුක්ඛ දෝමනස්සයන් කාලයක් දරා ගත්තා.  

ටිකෙන් ටික මට තේරුනා නංගී , මේ ගමන යන්න බැරිවෙයි කියලා.

අවුරුදු පහක් පමන වෙලත් අපිට දරුවෝ හිටියේ නැහැ.

ඇයි අක්කට එහෙම වුනේ ? සේපාලිට ප්රශ්නයක් වුුනා.

මුල් කාලයේ තිබු සතුට සමීරගේ ටිකින් ටික වෙනස් වීම නිසා නැති වුනා. පසුවෙන්න පසුවෙන්න මගේ උනන්දුව බිදිලා ගියා නංගී.

දවසක අම්මා බලන්න මම ගෙදර ගිය වෙලාවක අම්මාට මේ සියල්ල වමැරුවා. අම්මා  කල්පනා කරමින් සිට පොඩ්ඩියේ උඹ මාර යුුද්දයක් නේ යැයි කීවා මිස එවේලේ හැගීමක් දැක්වුයේ නැහැ.

දවසක අම්මා මට කතා කලා.

පොඩ්ඩියේ ඔය රස්සාවෙන් අස්වෙලා ගෙදර වරෙන්

අවුරුදු පහක ආයුු කාලය ගෙවී ගියේ  පෙර ආත්මයේ කල පාප කර්මයක් ගෙවා දාන්න කියලා මට හිතෙනවා නංගී .......

ඔව් අක්කේ ආදරයක් උනත්   කරුමයක් ව පඩිසන් දෙන්න පුළුවන්. සේපාලි කිව්වා.

සිල් පවාරන කරන වෙලාවත් කිට්ටු වෙමින් තිබුනා . සිසිල දුන් අඹ සෙවනට සමු දුන්න අපි පන්සල් යන්න සුදානම් වුනා.

හිතටත් දැනුනේ පුුංචි සිසිලක් .

 

හෙටත් හමුවෙමු. - මීදුම.


A day in the life

Sunday, May 05, 2024

පොඩ්ඩිගේ කථාව - දෙවෙනි දිගහැරුම.




මම ද වත්ත පුරා ඇවිද ගෙට ගොඩ වෙනවිට අම්මා ගෙදර පැමිණ සිිටියාය. වත්තේ සිදුවු හදිය අම්මාට කී විට  

පොඩ්ඩි එහෙනම් ශිල්පයටත් අහුවුනා යයි ඔච්චම් කලා මිස සිද්ධිය  බැරෑරුම්ව හිතුවේ නැත.

ඒ අම්මාගේ ගති ස්වභාවය විය. කිසිවක් ඇයට බරපතල නැත.

කම්මැලිකම සෝම්බේරි කම ගතෙන් පහව ගොස් කිසියම් සහනයක් හිතට මෝදු වෙන්නේ අම්මාගේ සෙවනැල්ල නිසාය.

පොඩ්ඩියේ හෙට පෝය....

අම්මාගේ මේ සුදානම හෙට පෝයට පන්සල් ගොස් අටසිල් සමාදන්ව පන්සලේ සිල් පාවරන වන තුරු ගත කර ඒ්මටය.

අම්මේ මාත්  එන්නම් .

අනේ හොදයි නේ පොඩ්ඩියේ.

ඒත් අම්මේ මට සිල් ගන්නම් බැහැ. මම අම්මත් එක්ක එන්නම් ගිවිස ගත්තාය.

පසුදා පාන්දර අපි පන්සල් ගියෙමු.

අම්මාත් සමග ආගමික වතාවත් වලට සම්බන්ධව කාලය ගත කරනු වස් මම බෝධි මළුව අතු පතුගා පිරිසිදු කරන්නට පටන් ගත්තේය

එයත් මහත් පිනක් යයිි  මම පුංචි කාලයේ අසා තිබුනා මතකය.

 සේපාලි  නංගී ,  ඇයත්ඇගේ මවත් සමග පන්සල්      පැමිණ  මා සිිටිනු දැක මගේ  උදව්වට එක්විය.

අපි සතුටු සාමීචියෙන්  බෝමළුව පිරිසිදු කර ආපසු ගෙදර ගොස් සිල් පවාරන කරනා වෙලාවට පන්සල් ඒමූයි ගිවිසා ගෙන සේපාලිකා නංගී සමග අපේ ගෙදර ආවාය.

නිසසල බව කතාවටත් අතීතයට කිමිදෙන්න අවස්ථාවක්  ඇති  කර ඇත.

මම සේපාලි නංගී සමග තේ ඒකක් බොමින්  ආලින්දයේ වාඩිවිය. පුරුදු තැන ඉපනැල්ල පිරි වෙල්යාය  මනෝ පාරකට පිවිසෙන්න පෙරම .........

ඉතින් අක්කේ  ......

නෑ .....නංගී.

මම මොනවදෝ කියන්න උවමනාවක් ඇතැයි  ඇයට සිතෙන්නට ඇත.

මට  අපේ විවාහය ලියාපදිංචි කල දිනය සිහිපත් විය.

සමීර කඩවසම් තරුන පෙනූමෙන් යුක්ත විය. දිනක් මම ඔහුගෙන් වයස විමසු විට අවුරුදූ විසි අටයි කීවේය. ඒවකට මගේ වයස විසිතුනකි.  

විවාහ රෙජිස්ත්රාර් වරයා ජාතික හැදුනුම්පත රැගෙන වයස සටහන් කරන විට මාත් ඔහුත් අතර වයස පරතෙරය අවූරූදු දොළහක් බව මම ගණණය කර ගත්තාය.

පළමු බිද වැටීම සනිටුහන්  කර ගත්තේ ඒදාය.

සේපාලිට මේ කතාව කියන විට ,

ඉතින් අක්කා මොකද කලේ ?.

මොනවා කරන්නද කළබල කරන්න අවස්ථාවක් නෙමෙයි නේ . සෙනග මැද්දේ මම නිශ්ශබ්ද උනා.

ඇයි අක්කේ නැන්දා සොයා බැළුවේ නැද්ද ?

මේ සියළු ගැලපීම් වලට කිසිදු බාහිර පාර්ශවයක් සම්බන්ධ නැත.මා අම්මාට වාර්තා කල කරුනු සොයා බැලීම් ඈ පිලිගත්තීය.

මා සමීර උපරීමව විශ්වාස කලේය .

ආදරය අන්ධයි නංගී .

උත්සව කටයුතු අවසන්ව සියල්ලෝ විසිර යද්දී අපි දෙදෙනාද සැලසුම් කල පරිදි දවස සැමරීමට පිටත් වී ගියේය.

මේ වංචනික බව  මගෙන් පහව ගියේ් නැත. සුළු  ගැටුමක් ඇති වූවත් මැක්කාගේ කථාවේ මැක්කා අවසානයට සිටින්නාක් මෙන් වයස අවසානයට සිිිිටියේය.

ඇයි නංගී මම සෙනෙහස නිසා සමීරට කරන ලද පරිත්යාග කොයිතරම් ද ?

විවාහකයෙකු බව දැනගත්තාම නතර කල යුතුව තිබු සම්බන්ධය තවදුරටත් සුුරැකුනේ ඔහු කෙරේ තිබු විශ්වාසය සෙසෙහස නිසාය.....

ආදරයට සීමා මායිම් තිබුුනේ නැත. මොළයක් ද  නැත

සේපාලි බලා සිටියි . ඈ අවිවාහකය.

අනේ අක්කේ මට බයත් හිතෙනවා.....හරිම අපහසුවක් දැනෙනවා. අක්කා කර තියෙන පරිත්යාග වලට මෙහෙම වෙන  කොට .............

අපි මොනවා හරි කාලා ඉමු නංගී..දැන් දවල් වෙලා හොදටම. අද මට වඩා සේපාලි හෙම්බත්වී ඇතැයි සිතුන බැවින්  යෝජනා කලේය.

හ්ම් ....අක්කේ.

කියන්න බැරි බොහෝ  දේවල් ඒ් සුසුුම තුල තිබුුනේය.


 හෙටත් හමුවෙමු -මීදුම

 

 


A day in the life