මඩුවන්වෙල පරපුරේ නින්දගමක් ලෙස පැවති කොළොන්න කෝරලයේ පිහිටා ඇති පනාමුරේ ග්‍රාමය මේ ඓතිහාසික සංසිද්ධිය සිදු වූ ස්ථානයයි. කඳු, බෑවුම්, මිටියාවත්, ඇළ දොළින් සපිරි මේ ප්‍රදේශය එකල අතිශයින් රමණීය වනාන්තරයක් විය. වන සතුන්ගේ නින්දගමක් වූ පනාමුරය හා ඒ අවට ප්‍රදේශ එකල වඩාත් ප්රකටව තිබුණේ අලි ඇතුන් බහුල ප්‍රදේශයක් ලෙසිනි. 1912 දී සිදුකළ අලි ගණනයට අනුව එහි අලි ඇතුන් 2300 ක් පමණ වාසය කළ බව සඳහන්ව තිබුණි. මඩුවන්වෙල පරපුර මේ සියල්ලම තමන්ට අයත් බූදලයක් ලෙසින් සැලකූහ.සිය නින්දගමෙහි ජීවත් වූ අලි සම්පත අල්ලා විකිණීමෙන් ඔවුන් වරින් වර විශාල ආදායමක් ලැබූ බව ඉතිහාස කතාවන්හි සඳහන් වේ. ඔවුහු අවුරුදු පහකට වරක්වත් අලිගාල් පැවැත්වීම හෙවත් අලි ඇල්ලීම සිදු කළහ. 1912 දී මඩුවන්වෙල රටේ මහත්තයා එවැනි ඇත් ගාලක් පැවැත්වූ බව සඳහන් වේ. රජයේ අවසරයක් නොමැතිව වුවද ඇත් ගාලක් බැඳ අලි ඇල්ලීමේ බලය තිබූ එකම පුද්ගලයා වූයේ මඩුවන්වෙල රටේ මහත්තයාටය. අක්කර 64 ක භූමි ප්‍රදේශයක් පුරා එම ඇත්ගාල පවත්වා ගෙන ගිය බව සඳහන්ය.පනහේ දශකය වන විට මඩුවන්වෙල පරපුරේ ජීවමාන උරුමකරවා වූයේ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු ඒ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කතානායක ධුරයද දරමින් සිටියේය. අලි අල්ලමින් විශාල ආදායමක් උපයාගත් පරපුරක අයෙකු වශයෙන් ෆ්‍රැන්සිස් මොලමුරේද ඇත්ගාලක් පවත්වා ගෙන යාමට උත්සාහ දැරීය.ඔහු සතුව අලි ඇල්ලීමේ මන්තර තිබූ බවටත් එකල බොහෝ දෙනකු අතර ප්‍රචලිතව තිබුණි. වනාන්තරය මැද ස්වභාවිකව පිහිටා තිබූ දිය බුබුලක් ආශි‍්‍රතව ඔහු මෙම ඇත්ගාල ඉදිකරවන ලදී. මේ දිය බුබුලෙහි දිය කිසිදා නොසිඳෙන බවට විශ්වාසයක් එදා මෙන්ම අදද ජනතාව අතර පවතී.අලිගාල ඉඳිකොට තිබුණේ අක්කර හතරක පමණ භූමි ප්‍රදේශයක් වටකොටය. සුවිශාල බුරුත කඳන්වලින් අලි ගාල වටකොට තිබුණි. සද්දන්තයන් දියට බසිනා මාර්ගය සමීපව ඉදිකොට තිබුණු දොරටුවෙන් අලින් කොටුව තුළට පැන්නීම සිදුකර ඇත. ඉන්පසු කඩුල්ල සවිමත්ව බැඳ දමා ඇත. මෙතරම් සුවිශාල අලි වැටක් ඉදිකිරීමේ කාර්යය සිදුකර ඇත්තේ එම නින්දගමෙහි ජීවත් වූ ජනතාව විසිනි.අලි ඇතුන් ගාල තුළට කොටු කරන අන්දම නැරඹීම පිණිස එකල සුවිශාල ජනකායක් පැමිණි බවද සඳහන් වේ. ඔවුන් මේ සඳහා ප්‍රවේශ පත්‍රයක් ද මිලදී ගත යුතු විය. එය නැරඹීම පිණිස සුවිශේෂි නැරඹුම් මැදිරියක් ද ඉදිකොට තිබුණි. ප්‍රැන්සිස් මොලමුරේ විසින් පවත්වන ලද අලිගාල නැරඹීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ඉංගි්රසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි, හමුදාපති රෝස් මෙන්ම කීර්තිමත් ඉංගි්රසි ලේඛක දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද සහභාගි වී ඇත.අලි ඇල්ලීමේ කාර්යයේ යෙදී සිටින පුද්ගලයන් හඳුන්වනුයේ ‘පනිත්තිලයන්’ නමිනි. ‘පනිත්තිලයන්’ සියලු දෙනාද මේ කාර්යය සඳහා එක්වී ඇත.වල් අලි කොටුකර බැඳ තැබීම සඳහා හීලෑ අලි 14 දෙනකු යොදාගෙන ඇත. ඔවුන් වෙනුවෙන් ඇත් ගොවුවෝ දෙදෙනෙක් ද ඊට සහභාගි වූහ. දින කිහිපයක පරිශ්‍රමයකින් පසු ඔවුන්ට වල් අලි 26 දෙනකු ගස් බැඳීමට හැකි විය. එහෙත් මේ අතර සිටි එක් සද්දන්තයෙකු කෙසේවත් මෙල්ල කළ නොහැකි විය. අඩි 9 ක් පමණ උසකින් යුතු වූ මේ සද්දන්තයාට වයස අවුරුදු 25 ක් තරම් විය. ඇතුන් ඇල්ලීමට නම් දැරූ අය පමණක් නොව අලි මන්තර දත් අයද දැරූ පරිශ්රමය වතුරේ ගියේය.ඒ කිසිවක් ඉදිරියේ මේ සද්දන්තයාගේ ඔද තෙද සිඳි නොගියේය. පැමිණි වද හිංසා දුක් ගැහැට හමුවේ තව තවත් දරුණු වූ ඌ හීලෑ අලි ඇතුන්ගේ පස්සා ගාත් බිම ඇදෙන්නට පහර දුන්නේය. ගස් බඳින ලද තම රැහේ එවුන් බේරා ගැනීමට එම ගස්වැල් වලට පහරපිට පහර දුන්නේය.අලි ගාලේ අයිතිකාරයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේට ද මේ සද්දන්තයා සුවිශාල ප්‍රශ්නයක් විය. වියරුවෙන් සිය රැහේ එවුන් වෙනුවෙන් මෙල්ල නොවී සටන් වදින මේ ඇතාට වරක් පිටව යන්නට ගාලේ දොර ඇර තැබුවේය. එහෙත් සිය පරපුරේ අනිත් එවුන් ගස් බැඳ තිබියදී බියගුල්ලකු මෙන් පලා යන්නට ඌ කිසිසේත්ම කැමැති නොවීය. තව තවත් රෞද්‍රව සටනට ආවා මිස පලායාමක් ඌට නොවීය.පනාමුරේ මේ ඇත් රාජාගේ වික්‍රමය පිළිබඳ ඒ වනවිට දස දෙස ප්‍රචලිත වන්නට විය. ඇතාගේ වික්‍රමය අභියස අසරණ වූ ෆ්‍රැන්සිස් මොලමුරේ ගේ අවසාන තීන්දුව වූයේ මේ සද්දන්තයා මරා දැමීමයි.රත්නපුරේ පොලීසියේ නිලධාරීන් හයදෙනෙකු ඒ සඳහා පැමිණියද එක වෙඩි පහරින් මේ සද්දන්තයා බිම හෙළීමට බැරි බව ඔවුහු ප්‍රකාශ කළහ. පසුව ඒ සඳහා කැඳවන ලද්දේ දිවයිනේ නම් දැරූ ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයාය. ඔහු නාවික හමුදාවේ සේවය කළ නාවික කොමදෝරු සෑම් කදිර්ගාමර් නම් විය.හරියටම ඒ 1950 වසරේ අගෝස්තු මස 09 වැනිදාය. සිය වර්ගයා වෙනුවෙන් දිවි ඇති තෙක් සටන් කරමියි සිතා ඇත් රජු වෙඩික්කරු ඉදිරියට දූවිලි අවුස්සමින් දිව ආවේය. රයිෆලයෙන් නිකුත් වූ වෙඩි උණ්ඩය ඇත් රජුගේ වම් ඇසට ඉහළින් සිරුරට කිඳා බැස්සේය. චිත්‍රපට දසුනක් සේ මෙය නැරඹු සියලු දෙනාගේ දෙනෙත් තෙත් කරවමින් සද්දන්තයා සිය උපන් භූමිය සිප ගත්තේය.එදා මෙදා තුර පුරා වසර 62 ක් තිස්සේ අපේ මතකයේ මේ සද්දන්තයා ගැන කුඩා මතකයක් විය. ඒ මතකය යළි යළිත් අලුත් කළේ මේ ගීතයයි.
කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ
...සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
සුබ ආරංචියක්......
අපි කට ඇරගෙන බලා හිටියා මොකක්ද මේ සුබ ආරංචිය කියලා. ණය ප්‍රතිව්‍යුහ ගත කරගන්න පුළුවන් වෙලා. ඒකයි මේ සුබ ආරංචිය.
වැල් පාලමේ කතාවත් නිතර නිතර කියවෙනවා. මට නම් අසඩක් හොද පදමට දා ගත්ත වෙලාවට. ඒතකොට දෙන තීන්දුත් නියමයි.
වානිජ ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ඩොලර් බිලියන 12.5ක් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම් කර ( ISB) ණය ප්‍රතිව්‍යුහගතකරනය කරමින් සිටියද 2022 ණය සහ පොලිය නොගෙවීම නිසා එය ඩොලර්් බිලියන 18 දක්වා වැඩිවී ඇත. 2022 අප්‍රේල් සිට ණය ගෙවීම නතර කිිරීම නිසා ද්වි පාර්ශවීය සහ වානිජ නය ඩොලර් බිලියන 6.6 ක් එකතු වී ඇත. ප්‍රතිව්‍යුහගතකරනය කල යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 29 ක් වන අතර එයන් ඩොලර් බිලියන 11 ක්ද්වි පාර්ශවික ණය වන අතර ඉන් ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ප්‍රතිව්‍යුහගතකරනය කර ඇත්තේ ඩොලර් බිලියන 10 කි.2028 දක්වා ණය මුදල් නොගෙවුවද වසරකට ඩොලර් මිලියන 500ක් පොලී වශයෙන් ණය හිමි රටවලට ගෙවිය යුතුය.
මෙන්න මේකයි සුුබ ආරංචිය.
මේ සුබ ආරංචිය සජබෙට ඇහුනේ ආණ්ඩු පැත්තට ඇහුුන විදියට නෙමෙයි. ණය ද්වි පාර්ශවික ,බහු පාර්ශවීය සහ සෙසු කණ්ඩායම් වලින් ගත් ණය තියෙනවා. ඔය ඔක්කොම මේකට එකග වෙලා නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජය අසාර්ථකයි කියලා සජබෙ කියන්නේ අපි කලා නම් ඔයිට වඩා හොදට කරනවා ! එයාලගේ මතය. ණය ගෙවීම කල් ගැණිම , ණය වලින් කොටසක් කපා හැරීම. ගැන කියන්නේ අපි කලා නම් ඔයිට වඩා කාලයක් ගන්නවා - ඔයිට වඩා ඉහල ප්‍රතිශතයකින් ණය කපා හැරීමට කටයුතු කරනවා කියලා.
දැන් වෙලා තියෙන්නේ 2028 වෙනකම් සහන කාලයකුයි 10 % ක ණය කපා හැරීමකුයි රජය ලබා ගෙන තියෙන්නේ
ඒකත් අපි කලා නම් ඔයිට වඩා හොදින් කරනවා වගේ කතාවක්.
කවුරු කලත් කර ගන්න පුළුවන් ඔය ටික තමයි කියලා අපිට නම් තේරේනවා. සුබ ආරංචියක් කියන ගමන් දේශීය ණය ගැන නම් කතා කලේම නැහැ.
ජනාධිපතිතුමා නිතරම හුණුවටයේ කථාව ගැන කියනවා. හුණුවටයේ කතාවේ පූරක මෙහෙම කියනවා
බෙදු එම නීතිය
දිගු නොවු කෙටි කාලය
ඒ රට ස්වර්ණමය යුගයක්ම වු බව
දනන් තුඩ තුඩ තවත් පැවසෙයි
හුණු වටය පිලිබද ඇසු මෙ පුවත
සබේ වියතුනි , පැවසු ලෙස
දන පුරානේ තබා ගනු මැන
සිතෙහි මේවදන
දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතුම කියන ලෙස
මෙලෙද ලැබිය යුතු මවු ගුණයය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
රියදුරු මනාව
ලැබිය යුතු වු සේම අස්රිය
මුදු ගුණයය ඇති අය
දරුවන් දිනිය යතු වෙය
ගොවි දන මනාවු
දිනිය යුුතු සේම ගම් බිම්.
අවසානයේ අසඩක් ගැන කියන්නේ මෙහෙමයි.
විදා අත් තල දෙන
නොදෙන දේ රැගෙන හෝ නොමරැගෙන
පොදවේ නිදානයකින් රැගෙන දෙන මෙන්
යුක්ති ධර්මය සැමට බෙදු එදා
පිටවුු විනිසුරු ඒ යළිත් නැත
කිසි දිනෙක දුටුවේ මෙදා වනතුරු
ඔහුගේ අණ ගුණ
දනන් තුඩ තුඩ තවද කියවේ.