ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2026-06-14

සබරේ පහරදීමක්




සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යොෂ්ඨ උත්තමයින් හතර දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ගන්න සීමාවේ තියන්න පහර දීලා.

හේතුව සිසුවියකට නවක වදය දීම.

සීමාව ඉක්මවා නවක වදය දීමත් වැරදියි නේ ?.

පසුගිය වසර වල නවක වදය දීම හේතුවෙන් සිදුවුණු අභාග්‍ය සම්පන්න සිද්ධීන් කිහිපයක් පිලිබදව කනගාටුදායක ඉතිහාසයක් විශ්ව විද්‍යාලයට තියෙනවා.

ඒත් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි පරණ වුනත් වසරෙන් වසර එකතු වෙන ශිෂ්‍ය ප්‍රජාව අළුත්වෙනවා නේ !.

අනුරාධපුරෙ පදිංචි දියණියක සබරේට තේරීලා තිබුනා. ඈ සබරේට එන්න කොහොමවත් කැමති නැහැ. ඇයි කියලා අහපුවම හේතුව වුනේ සබරේ නවක වදය පිළිබදව තියෙන නරක ඉතිහාසය.

වධකාගාරයකට එන්න කවුද කැමති ?.

ඒ නවක වදය.

පහර දුන්න පිරිස කරලා තියෙන්නේ වැරදි වැඩක් . නීතියට පිටතින් කටයුතු කිරීම නරක පූර්වාදර්ශයක්.

ඒත් පීඩිත දැරියගේ පාර්ශවය ගැන හොයන්න බලන්න විශ්ව විද්‍යාල පරිශ්‍ර අධිරාජ්‍ය තුල නොයෙක් බලධාරීන් හිටියත් ඔවුන් නිෂ්ක්‍රීය නම් වෙන විකල්ප නැහැ.

මේ විදියට අනාගතයේදී නවක වදය නැතී කරන්න විකල්ප ක්‍රීයා මාර්ග ඇතිවුනොත් අපිට සබරේ සීමාවේ යුද්ධ පිටියක් ඇතිවනවා බලා ගෙන ඉන්න වෙයි.

නීතිය පාතාලවරුන් අතට යාම භායානකයි.

මම එහෙම කිව්වම

ගුරුවරයෙක්වු දිණුක දේශප්‍රිය මහතා කිව්වේ මෙහෙම අදහසක්.

“නීතිය වින්දිතයින්ට අවශ්‍ය ප්‍රමානයට වේගවත්ව සහ පලදායි විය යුතුයි. නැතිනම් ගහලා හිරේ යන එක හොදයි කියන ස්ථාවරය තහවුරු වෙනවා.

සාධාරණයක් ඉල්ලමින් විදවනවාට වඩා.“

විශ්ව විද්‍යාල පරිපාලනය තුල විනය නීතී තිබුනත් ඒවා ක්‍රීයාත්මකවිම මන්දගාමී බවයි එතුමාගේ අදහස.

සමනල වැව පොලිසිය තියෙන්නෙත් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල.

නවක වදය වැනි සම්ප්‍රදායික විශ්ව විද්‍යාල සංස්කෘතියකට එරෙහි වන්න විවි පරිපාලනයෙන් ඇනවුමක් නැත්නම් පොලිසියට වෙන්නේ බලාගෙන ඉන්න.

හිංසනයෙන් තොර වදයක් වන්නේ නම් එය යහපත් කටයුත්තක් ලෙසයි මීදුම දකින්නේ.

විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂක වරයෙකු වන පී.ජී. ආරියපාල මහතා දක්‍ෂ පරිපාලන නිලධාරියෙක්.

එතුමා “විශ්ව විද්‍යාල පාලකයන්ගේ දුර්වලතාවයක් ලෙස තමයි මෙහෙම වෙන්න හේතුව “ කියන්නේ පරිපාලන අත්දෑකීම් ඇති නිසා.

මටත් හිතෙන්නේ පරිපාලනය මන්දගාමී ස්වරූපයෙන් මෙවැනි සිද්ධීන් වලට ප්‍රතිචාර දක්වන්නේ කියලා.

එහෙම වුනාම වින්දිතයන් කළකිරෙන එක ස්වභාවිකයි. අවට පදිංචි කරුවන් වේ

නම් බාහිරෙන් ප්‍රතිචාර ලැබීමත් අනිවාර්යයි.

විශ්ව විද්‍යාලයට එන්නේ රටේම අධයාපනය ලබන දරුවනගෙන් බුද්ධිමත්ම කොටස.

අපි කියන්නේ විද්‍යාර්ථීන් කියලා. විද්‍යාර්ථීන් දැන් පාලනයට බැහැලා ඉන්න කාලයක් .

එවන් රට මෙහෙම දේවල් සිද්ධ වෙන එක නම් අභාග්‍යයක්.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-13

සාරධර්ම රකිමු.




පල්ලේගම හාමුදුරුවන්ගෙන් සලේට මාරුවුනා.

දැන් පෙන්වනවා  “ සලේ “.

අපි දවසින් දවස අසහනයට පත්වෙමින් ඉන්නවා.

කාර් එකක් ගන්න ලොකු හීනයක් තිබුනා.

ලක්ෂ 19 ට විට්ස් එකක් කොහොමත් 2015  ලක්ෂ විසිපහ හමාරකට ගත්ත වැගන් ආර්  එක අද ලක්ෂ අසූවයි කියනවා

දැන් හීනයක්ම විතරමයි.

පරණ එකේම යනවා.

පාලකයින් ගේ වැරැද්ද  ?. නැත්නම් කයියේ වැරද්ද ද හිතා ගන්න බැහැ.

දිට්වා ආවා.

හදිසි වුන පාර “එක ටකරමකටත් ලක්‍ෂ දහයක් ද කොහෙද දෙනවා කිව්වා.

කටට එන වචන ඔහේ දමලා ගහනවා.

ආයේ ඇදලා ගන්නත් බැහැනේ.

ජනතාව කෝචෙක් කරනවා.

අර හොරණ වියපත් දෙමව්පියන් නවාතැන් ගෙන රැක බලාගත්ත වැඩිහිටි නිවාසයක් මොකක්දෝ අහේතුවකට ගිණි ගත්තා. වැඩිහිටියෝ පිරිසක් ගින්නට බිලි ගත්තා.

පස්සේනේ මතක් වුනේ ප්‍රමිතිය හොයන්න..

එතකොට කාලේ ඉකුත් වෙලා.

ජනාධිපතිවරයා කියනවා වැඩිහිටි දෙමව්පියන් රැක බලාගන්නේ නැති දූ දරවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් අණපනත් හදනවා කියලා.

ඒකත් කඩදාසිය ලිපේ දැම්මා වගේ ප්‍රකාශයක් වෙයි ද කියලා හිතුන මම වටේපිටේ තොරතුරු හෙව්වා.

දැඩි ආගමික හැදියාවක් තියෙන අපේ රටේ ……

බෞද්ධ , කතෝලික වගේම වෙනත් ආගම් කියා දෙනවා වැඩිහිටියන්ට සලකන්න ඕනි කියලා පොඩිහිටියන් කාලේ ඉදන්ම.

ඒත පොඩිහිටියෝ උස් මහත් වෙලා වගකීම්දරන්න වෙන කොට වැඩිහිටියෝ බරක්..

ඒවගේ නීති ඕනවුන එක කම්පාවට හේතුවක් කියලයි මම හිතන්නේ.

දරුවන්ට දෙමව්පියන් රැක බලා ගන්න සදාචාරත්මක වගකීමක් තියෙනවා.


වයෝවෘධ දෙමව්පියන් අත්හැරදැමීම වැලක්විය යුතුයි. ඒත් එහෙම සිද්ධ වෙනවා.ඒකට හේතු කුඩුම්බය තුලින්ම ඇති වෙනවා. ආර්ථික ප්‍රශ්න , පවුලේ ප්‍රශ්න තමන්ගේ තරමට දෙමව්පියන් නොගැලපීම ඔය ගේ විවිධ කාරනා දෙමව්පියන් නොසලකා හැරීමට හේතු වෙනවා.


සිංගප්පූරවේ  තියෙනවා Maintenance of parents act .මෙම නීතිය මගින් දෙමව්පියන්ට තම වැඩිහිටි දරුවන්ගෙන් නඩත්තු ඉල්ලන්න අධිකරණ පිහිට පැතිය හැකියි.

මානව හිමිකම් සංවිධාන සහ නීති විශාරදයන්.එවැනි නීතිවලට ඉදිරිපත්කරන තර්ක අසරන වන වයෝවෘද්ධිකයන්ට හාණිකරයි. 

වයෝවෘද්ධ දෙමව්පියන් රක බලා ගැනීමට නීතිය මගින් බලපෑම් කිරීම වෑඩිහිටි පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිත තීරණ ගැණිමේ නිදහසට බලපෑම් ඇතිවිය හැකි බවට ඔවුන තර්ක කරනවා.

එක අතකින් එහි සත්‍යතාවයකුත් තියෙනවා.


සියළුම දෙමව්පියන් යහපත් දෙමව්පියන් නොවන බව පලකරන අදහස තුල 

ළමා වියේදී හිංසණය , අපයෝජණය, හෝ අතහැරදැමීම් සිදුකල දෙමව්පියන්ටත් එම නීති යටතේ වාසි ලැබිය හැකි බව, පෙන්වා දෙනවා.

සහර දරුවන් ආර්ථිකව දුර්වලව තම පවුල රකින්නන් එවැනි 

දරුවන්ගේ  ආර්ථික හැකියාව නොසලකා නීතිමය වගකීම් පැනවීම අසාධාරනයි කියලා හිතෙනවා.

නීති රීතිවලට වඩා සාරධර්ම රැකීම හොදයි කියලයි මට හිතෙන්නේ.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-11

දෙව් මවු තුරුලේ .......





දුරකථනයේ ජෙනි අක්කාගේ කඩහඩය.

වෙනදා කතා කරන්නේ පැට්රික් අයියාය. එහෙත් අද ?

මල්ලි , අයියා ගියා. 

පපුව රිදෙනවා කියලා කිව්වා ….ආයෙත් ඇහැරලා බැළුවේ නෑ.

පැට්රික් අයියා සුවදායක සිහිනයක් සමගින් අවසන් ගමන් යන්න ඇත.

මානවහිතවාදියෙක්වු අයියා පෙරලිකාරයෙක්ය. ඔහු අසාධාරණය ඉවසුවේ නැත.

මේ නොඉවසීම ඥාති සමුහයා අතහැර ජෙනි අක්කාත් සමග තනිවෙන්න තරම් දුර දිග ගියේය.

තමන් සතු දේපල විකුණා දමා අරමුදලක් ඇති කර ගෙන බැංකුවේ තැන්පත් කර එහි පොලිය ඔහුගේ ආදායම කරගත්තේය.

දූ දරුවන් නොසිටි මේ දෙපල වැඩිහිටි නිවාස නිවහන කරගත්තේය.

වරින් වර නවාතැන් වෙනස් කරමින් සිටි මේ දෙපල පසුගියදාක කිඹුලාපිටිය ප්‍රෙද්ශයේ නවාතැනකට මාරුවිය.

නිවෙස මැරුවී පැළපදියම්ව දෙවන දවසේ පට්රික් අයියා හදිසි හෘදයාබාදයෙකින් දෙව් මවු තුරුලේ සැනසීමට නික්ම ගිය බව මා ඇසුවේ ජෙනි අක්කාගේ බිදුණු කඩහඩිනි.

ජෙනි අක්කා තනිවිය.

ජෙනි අක්කාගේ කඩහඩ හැගීම්බරය.

 දශක හයක් පමන ගහට පොත්තමෙන් බැදී සිටි පැට්රික් අයියා නැති ජීවිතය ජෙනි අක්කාට මහත් බරක් වනු ඇත.

මල්ලි , අයියා ගැන මොනවත් ලියන්න. එය සිහිවටනයක් වේවි ජෙනි අක්කා කියන්නීය.

මම මගේ මතකය ඔස්සේ ඔහුත් සමග ……….

අම්පාර කොළඹ බස් එකේ කාර්ය මණ්ඩලය

විශ්‍රාම යන තුරු මහවැලි සංවර්ධණ මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකරු,

ජෙනි අක්කා සමග විවාහය.

දූ දරුවන් නොමැති දෙදෙනාගේ සෙනහස

බෙලිහුල්ඔයට නැවත පැමිණීම …….සහ සුවිසල් වත්කමක් බැංකුවේ තැන්පත් කර ඒ ආදායමෙන් විශ්‍රාම ජීවිතය සකස් කර ගැණිම 

බෙලිහුල්ඔයෙන් පිටත්ව යාම ………

මතකයේ හමුවු නවාතැන්ය. 

බෙලිහුල්ඔයෙන් පිටත්ව ගියපසු අවුරුදු ගනනාවක් අප හමුවුනේ නැත.තොරතුරක්ද තිබුනේ නැත.

එක් දිනක මුහුණු පොත පීරන විට පැට්රික් අයියා මතුවිය.

මම වහා ඇරයුමක් සටහන් කලෙමි. 

එවිටම පාහේ  අප යලිත්  අතීත සහෘදයන් බවට  යලිත් පත්වුනෙමු.

කාලය පනහේ දශකය දක්වා දිවයයි.

ඔහුගේ පියාත් මගේ පියාත් සමකාලීන මිත්‍රයෝ වු බැවින් බහ තොරන වයසේ සිටඅපි එකට වැඩුනොවිමු.

ඔහු මට ලොකු අයියා විය. 

මගේ පමනක් නොවේ එකල අප වටා ගොඩ නැගී තිබු මිත්‍ර සමාගමේ ලොකු අයියාද  ඔහු විය.

විසේ ඇති වියේ සාධාරනය සොයා ගිය අප වියපත් වන විට අපි අපේ ලෝකයේ තනි තනිව කදවුරු බැද ගත්තෝ බවට පත්විය .

අසූවිය එලිපත්තේ සිටදීද  අපි මෙන් නොවී  අසාධාරනය උදෙසා ඔහු සටන් කරන්නේ තරුන ජවයෙනි.

මම උපේක්ෂාවෙන් බලන විට ඔහු සටන් බිමේය.

ඔහුත් මමත් අතර  ඇති වෙනස් වු පරතෙර එය වුවද අපි සදාකාලික මිත්‍රයෝවමු. 

සහෘදයෝ වමු.

1970දී මගේ වයස අවුරුදු 22 කි.. 71 අවධිවීම ආස්වාදජනක වුවද අපේ කුටුම්භයන් තුල තිබු රැකවරණය ආශ්වාදජනක දේශපාලනයට ඇදී යාම අවහිර කරන ලදී. එදත් මගේ සහෘදයා අන්තවාදීව ධනවාදීයයි හදුන්වන කදවුරේ නියමුවෙකි. 

මම එහාට මෙහාට දෝලනයවු ගන්ධබ්බ අවස්ථාවේ පසුවු දේශපාලන කීටයෙකි.

අපි ආගමිකව මාවත් දෙකක ගමන් කලෙමු. 

මා පන්සල් යන විට ඔහු පල්ලියට ගියාය. 

මා මෙන් නොව  ඔහු පන්සලට  පල්ලියට එකවන්ව ලෙන්ගතුව කටයුතු කරමින් අපේ ගැමි සමාජය තුල ඔහු නායයෙකු බවට පත්වීනි.

අපි අපේ ග්‍රාමීය සමාජය තුල බින්න බැස තිබු ඒකාධිකාරී සමාජ ක්‍රියාකාරීන් හට එරෙහි බලවේගයක් ගොඩනැගුවෙමු. 

මෙම පීඩක සමාජය ඔවුන්ට ඉහලින් කිසිවෙකු. නොසිටිය යුතු යැයි යන මානසිකත්‍වයක් දැරු ගම්මුලෑදැනින්, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන් වැනි පිරිසකි. 

මේ නිසා අප ඔවුන්ගේ වෛරයට ද ඔවුන් අපගේ වෛරයටද භාජනය විනි.

මේ නිසා ඇතිවු ගැටුම් නිසා අප බොහෝ විට පීඩාවට පත්විමු.

අපේ නඩය 

අපි අවුරුදු උත්සව සංවිධාන කර පැවැත්වුයෙමු. 

වෙසක්, පොසොන් පොහොය උත්සවාකාරයෙන් සමැරුවෙමු. 

දෙසැම්බරයේ නත්තලත් දෙසැම්බර් 31 දා විසේකාර සැමරුමත් වසර ගනනාවක් පවත්වා ගෙන ගියෙමු .

මෙම ක්‍රියාකාරකම් අපගේ සමාජ පරතෙරය අවම කරගත්තෙමු. 

එදා පටන් ගත් සමාජ ව්‍යාපාරය වසර ගනනාවත් අප බාල සහෝදරයින් පවත්වා ගෙන ගියත් අද එය දියවි ගොස් ඇත.

1975 වසර වන විට ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමේ අපේ පරම අරමුන විනි.  1977 ධාර්මිෂ්ඨ සමාජය බිහිකිරීම උදෙසා විසේකාර කොල්ලන් කුරුට්ටන් නඩයක නඩේගුරාව ගමක් ගමක් ගානේ කදවුරු බදිමින් සපුරන ලද ඒ උවමනාව 1987 වන විට මට අප්‍රසන්න අත්දැකීමක්ව තිබු අතර මගේ සහෘදයා හැපෙමින් ගැටෙමින්  එහිම රැදී සිටියා යයි මම සිතමි.

2024 වන විට මගේ දේශපාලන කෝනයෙන් ඔහුු මගෙන්  බොහෝ ඈත්වී සිටින්නෙක් බවට පත්වී සිටියේය.

එහෙත් මා ඔහුගෙනුත් ඔහු මගෙනුත් ඈත්වුයේ නැත

නිතර නිතර කතා බහ කලත් දේශපාලන සංවාදයන්ට පැටලීම මම උවමනාවෙන්ම මග හැරීයේය.

මා  දැක්කේ පැට්රික් අයියා සමාජයෙන් සහ තම පවුලෙන් ලත් පීඩිත අත්දෑකීම් විසින් මුවහත් කර ,  එයට ගැලපෙන දේශපාලන සිතිවිලි සමග මං මුලාවට පත්වු බවක් ලෙසය.

බෙලිහුල්ඔයට අසීමිතව පෙම් කල පැට්රික් අයියා බෙලිහුල්ඔයෙන් වෙන්ව දශක තුනක් පමනවු කාලයේ නැවතත් බෙලිහුල්ඔයට පැමිණියේ නැත.

ඔහුගෙන් විමසුවිට ඒ තැන කතාකිරීමට උනන්දුවක් දැක්වුයේද නැත.

දෑඩි ආගම් භක්තිකයෙකුවු පැට්රික් අයියාට ආගම සැනසිල්ලකට හේතුවිය.

ප්‍රාර්ථණය කරනා පරිද්දෙන් මෝක්‍ෂ සුව අත්වෙන බව ඒකාන්තය.




A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-08

හිත් මඩල .



කලා වැව හිදෙනවා

ආයෙමත් පිරෙනවා

මගේ හිත බිදෙනවා

ආයෙමත් හැදෙනවා


“හිත බිදෙනවා  - ආයෙමත් හැදෙනවා“ ජීවිත කාලෙටම මෙහෙම වෙනවා.

ළදරු වියෙත් අම්මගේ උණුසුම බඩගින්න  හිත බිදෙන්න හේතු වෙනවා

කාලෙන් කාලෙට හේතු  වෙනස් වෙනවා

හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා. කුසල සම්පන්න ශීලයෙන් ඇති පල මොනවද කියලා.

බුදුහාමුදුරුවේ කියනවා.. පසුතැවිලි නොවීම කියලා ..

ආනනද් හාමුදුරුවන්ට තව තවත් පැහැදිලි කරගන්න ඕන.

පසුතැවිලි නොවීම කියන්නේ ?.

පසුතැවිල නොවීමේ ප්‍රෙබා්ධමත් විය හැකිනේ !

ප්‍ර බෝධමත් වීම ?.

ප්‍රීතිය ඇති කරන්න හේතුවක් නේ

ප්‍රීතිය  ?

ආනන්ද හාමුදුරුවෝ ආයෙත් ප්‍රශ්න කරනවා.

ප්‍රීතිය නිසා සන්සිදීම ඇති වෙනවනේ ආනන්ද ය බුදුහාමුදුරුවෝ කියනවා.

සන්සිදීම කියන්නේ ?

ආනන්ද හාමුදුරුවෝ තවත් පැහැදිලි කරගැනීමේ අරමුනින් අහනවා.

ආනන්දය සන්සිදීමෙන්“ සැපය“ ඇත්වෙනවා නොවැ බුදුහාමුදුරුවෝ කියනවා

“සැපය“ නිසා “සිත එකග කිරීමට“ හේතුවෙනවා !.

තවත් පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ

“සිත එකග කිරීම “ තරුණ විදර්ශනාවට “ හේතු වන බවත් 

එය ‘‘ බලවත් විදර්ශනාවට මාර්ගය ( නිබ්බදා විරාගං) පෙන්වන බව පවසන බුදුන් වහන්සේ 

“නිබ්බදා විරාගං - විමුක්ති ඤාණ දස්සනතාය “ ( KNOWLEDGE AND VISION OF LIBERATION  )

බලවත් විදර්ශනාව අරහත් ඵලය හා ප්‍රත්‍ය වේක්‍ෂා ඥාණය ප්‍රෙය්ජනය කොට ආනිශංස ලැබෙන බව ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා.


කලා වැව හිදෙනවා

ආයෙමත් පිරෙනවා

මගේ හිත බිදෙනවා

ආයෙමත් හැදෙනවා


සිදුණු වැව් පතුලේ

කටු කොහොල් පෙනෙනවා

බිදුණ හිත් මඩලේ 

සෝ සුසුම් දැනෙනවා.


පිරුණු වැව් ජලයේ

සුදු නෙළුම් සරනවා

හැදුන හිත් මඩලේ

පෙම් සුවද දැනෙනවා.





A day in the life ජීවිතයෙන් දවසක් .

2026-06-06

ආපසු හැරෙන් !.



මීදුමත් අළුත් වෙන්න එපාය.

ඔන්න අද ඉදන් මගේ කතා විතරයි.

කතාවලට මාතෘකා නම් ඕන තරම් මතු වේවි.

බෙල්ල විතරක් තියෙද්දී ඔළුව නැති කර ගන්න වෙන කතා කියන්නත් වෙයි.

කමක් නැහැ.

ඔන්න ඔහේ ලියමු.

පහුගිය කාලෙම හිත එක තැනක තියා ගන්න බැරිව .

කියවලා වැදගත් යයි හිතුන කතා  දැම්මා.

ඒවට ප්‍රතිචාර දක්වන්න සහෘදයෝ මනාප වෙලා තිබුනේ නෑ.

ඒත් ඇවිල්ලා බලලා ගිය කට්ටිය හිටියා.

මාසෙකට 10000 කට 

ආසන්න පිරිසක් ආවා ගියා.

මේ ඕපාදූපත් එක්ක ආර වෙනස් කරලා බලමු.

දැන් කාලේ පොත්කියවන අය අඩුයි.

ටෙලියක් දෙකක් බලලා හවස් කාලේ ගෙවා දාන අයත් ඉන්නවා.

යාන්තම් “ දෙවෙනි ගමන“ ඉවර වුනා.

එයාලා හැමදාමත් 8.30 ට තිරය මත දිගඇරියත් , ප්‍රේක්ෂකයා දෙවෙනිගමන අත්හැරලා ගොඩක් කල්.

පහුගියි කාලේ ලස්සන ටෙලි කතා කිහිපයක් තිබුනා.

කූඹියෝ , කලපුවට ආපු දොස්තර …….පස්සේ මේ දවස් වල “ නටත් අයෙක් සුරා මතින් “ ආයෙත් රූපවාහිණි තිරය ලගට අපි අරන් ගිය කතා.

මාධ්‍ය ආයාතන හිතන්නේ සරුංගල් කතා වලින් ටෙලි කාලය පුරවපුව හරි කියලනම් ටෙලි විකාශණ වලටත් දෙයියන්ගේ පිහිටම තමයි.

හරි ටිකක් හර බර ඇතිව අපි හමුවෙමු.

නැත්නම් මීදුමටත් ටෙලියන්ට වෙච්ච සන්තෑසියම වෙයි.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-05

ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව.




"ඔයාට අර ගාල්ලේ ළමයා එක්ක සම්බන්ධයක් තියෙනවද? ඔයාලා දෙන්නා බෝ ගහ ගාවට වෙලා කතා කර කර ඉන්නව මිනිස්සු දැකලා මගෙන් ඇහුවා.." තාත්තා දවසක් මගෙන් ඔය කතාව අහලා මාව හොඳටම හිනැස්සුවා. ඒත් තාත්තානම් මගේ දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන් වගේ. කුතුහලය සංසිඳවන්න එපැයි.
"සම්බන්ධයක් තියෙනව.. එයා මගේ යාළුවනේ.. වෙන අමුතු සම්බන්ධයක් තියෙනවානම් මං ඒක ඔයාට තමයි මුලින්ම කියන්නේ කියලා ඔයා දන්නවනේ.."
"මට යාලුකම් තේරුම් ගන්න පුළුවනි. ඒත් මේ ගමේ ඉන්න සමහර එවුන්ට මේවා තේරෙන්නේ නෑ. මගෙන් ඇහුවා බඳින්න ඉන්න කෙල්ලද කියලා" තාත්‍තා දැන් ආපිට එහෙම කියලා හිනා වෙන්න ගත්තා. එතැනින් ඒ කතාව අහවර වුණා. ආයේ අපි කවදාවත්ම ඒ ගැන කතා කළේ නෑ. ආයේ ඒ කතාව ඇදිලා ආවේ, අවුරුදු ගානකට පස්සේයි.

"අර ගාල්ලේ ළමයා දැන් එන්නේ නෑ නේද?" තාත්තා හදිසි යමක් මතක් වුණා මගෙන් අහපුවාම වෙනදා වගේ මට හිනාවක් ගියේ නෑ.
"එයා කසාද බැන්දානේ තාත්තේ.." එතැනින් පස්සේ තාත්තා ඒක ගැන ඇහුවේ නෑ. අපි ඒ ගැන කතා කළේත් නෑ.

ඔය ගාල්ලේ ළමයා තමයි, මගේ ජීවිතයේ ඉඳපු හොඳම යාළුවා. ඉස්සර අපි පැය දෙක තුනක් දවසකට කතා කරනව. මනුස්සයෙක්ට තව මනුස්සයෙක් එක්ක එච්චර කතා කරන්න දේවල් මොනවද තියෙන්නේ කියලා අද හිතුනත් අපිට සෑහෙන්න ප්‍රශ්න ඒ දවස් වල තිබුණා.
ආක්ටික් වල පෝලර් බියර්ලා වඳ වෙච්ච එක ගැන, න්‍යෂ්ටික බෝම්බය හදන්න අයිස්ටයින් වගේ මනුස්සයෙක් වක්‍රව දායක වෙච්ච විදිය ගැන, මහත්මා ගාන්ධි ඇත්තටම අවිහිංසාවාදියෙක් ද, අඛණ්ඩ භාරතයක් වෙනුවෙන් ධර්මාශෝක ෆිලෝසොපි හරහා දේශපාලන බලය ව්‍යාප්ත කළේ කොහොමද, ඇත්තටම ලෝකයට මාක්ස්වාදය වැඩ කරයිද, නූතන ලිබරල් ප්‍රතිපත්ති වලින් ලෝකය දුවන විදිය ගැන, සාත්‍රේගේ සාංදෘෂ්ටිකවාදයට අනුව මිනිස් ජීවිතය ගොඩ නගන්නේ කොහොමද, මනෝ විශ්ලේෂණ වාදය එක්ක සම්බන්ධකම් වල නියම තත්ත්වය මොන වගේද, ලංකාවේ ආහාර සංස්කෘතිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට අන්‍යයතා ගොඩ නගාගෙන ඉන්නේ කොහොමද, මිනිස්සු ආදරය කරනව කියලා කරන ලබ්බ ඇත්තක් ද, හදිසි මරණ පරීක්ෂණයකදි මනුස්සයෙක්ව විච්ඡේදනය කරලා රහස් හොයන්නේ කොහොමද,
වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න වගේම කතා කරන්න අපිට තිබුණා.

නිවාඩුවක් ලැබුණ හැටියේ එයා මෙහේ දුවගෙන ආව. මං එයාට අපි ජීවත් වෙන ලෝකය පෙන්නුවා. මං ගාල්ලට ගියාම එයා මට දකුණ කියන වෙනම රට පෙන්නුවා. මුහුදු වතුර එක්ක මුහුදු කෑම මං විඳ ගත්තා. මාටින් වික්‍රමසිංහ හොයාගෙන ගියා.
හොඳ අරක්කු වීදුරුවක රහ මොකක්ද කියලා අපි බැලුවා. අපි කෑ ගහලා කියපු සිංදු තිබුණා. අපි අත් අල්ලගෙන නටපු වෙලාවල් තිබුණා. අපි මහා හයියෙන් හිනා වෙච්ච තැන් ඕනෑවටත් වැඩියෙන් අපිට තිබුණා. රෑ පාන්දර වෙනකං හඳ එළිය යට බියර් වීදුරුවක් තොල ගාමින් අපිට නින්දක් නැතුව කතා කරන්න දේවල් තිබුණා.
මං දැන් අවුරුදු ගානකින් කතා කරලා නෑ. කතා කරනවා කියන්නේ මිනිස්සු එක්ක තියෙන සාමාන්‍යය සන්නිවේදනය නෙමෙයි. කතා කරනවා කියන්නේ ඊට වඩා වැඩි දෙයක් ! අපේ ආත්මය වෙන කෙනෙක් ! අපි අපේ ආත්මය එළියෙන් තියන්නේ තෝරාගත්තු ආත්මයක් ළඟදි විතරයි. ප්‍රහර්ෂයක් තියෙන, පිළිගන්න, විනිශ්චය නොකරන ආත්මයන් ළඟදි අපි අපිව එළියෙන් තියෙනව.

ඕනම මිනිහෙකුට තමන්ගේ ගුහාවෙන් එළියට ඒමේ උවමනාව තියෙනව. මිනිස්සු ඒකට විවිධ වූ විධික්‍රම පාවිච්චි කරනව. සමහර අය සෙක්ස් වලදි කරනව. සමහර අය ආදරේදි කරනව. සමහර අය රස්සාවේදි කරනව. සමහර අය විනෝදාංශ ඇතුළේ කරනව. ඒත් කවුරුත්ම තමන්ගේ ආත්මය පරිපූර්ණව ගුහාවෙන් එළියට ගන්නේ නෑ.
එහෙම අවස්ථාවක් ලැබෙන්නේ යාලුකමකදි විතරයි. ඒත් එවැනි යාළුකමක් තුළදීත් අල්පයක් වූ යාලුකමක් ගාවදි විතරක් ඒකට ඉඩ ලැබෙනව.

මං එදායින් පස්සේ කතා කලේම නෑ. මං දැන් කරන්නේ මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්නව විතරයි. මිනිස්සු එයාලගේ ආත්මයන් මගේ ඉස්සරහා තියලා යනව. මං ගුහාවේ ඉඳගෙන ඒ මිනිස්සුන්ගේ ආත්මයන් දිහා බලාගෙන ඉන්නව. මං මගේ ආත්මය එදායින් පස්සේ කොතැනකදීවත් එළියට දැම්මේ නෑ.

යාළුකම කියන්නේ බලාපොරොත්තුවකින් තොරව පරිත්‍යාගය මත සිද්ධ වෙන සමාජ බන්ධනයක් ! ආදරය කියන්නේ බලාපොරොත්තුව සහිතව ගොඩ නැගෙන දෙයක් ! ආදරයට වඩා යාලුකම හැම වෙලාවකම පරම පූජණීයයි කියලා මං හිතනව. මොකද හොඳ යාළුකම් මිස හොඳ ආදරයන් මට මුණ ගැහුණේ නෑ.

ගොඩක් වෙලාවට කෙල්ලෝ මට කිව්වේ, ඔයාව නැති වුණොත් මං ලේසියෙන් අත ඇරලා ඉන්නේ නෑ, මං ලෝකේ අනිත් පැත්ත හරවලා හරි ඔයාව ගන්නව කියලයි. ඒත් උන් මාව ලේසියෙන්ම අත ඇරලා දැම්මා.

ඒත් බලාපොරොත්තුවකින් තොරව ගොඩ නැගුණ හොඳ යාළුවෙක් මාව අල්ලා ගත්තේත් නෑ. මාව අතෑරියෙත් නෑ. මට නිදහසේ පවතින්න ඉඩ දුන්නා. මගේ ආත්මය ගුහාවෙන් එළියට ගත්‍තා.

ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව. මගේ ආත්මය ගුහාවෙන් එළියට අරගෙන පෙන්වන්න එකෙක්ව හොයනව. 
A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-04

ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන්ගේ ජාත්‍යන්තර දිනය




අද ජුනි හතර වෙනිදා. 

**ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන්ගේ ජාත්‍යන්තර දිනය (International Day of Innocent Children Victims of Aggression)** සෑම වසරකම **ජූනි 4 වනදා** ලෝකවාසී ජනතාව සමරනු ලබයි.


මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට හේතු වූ ඓතිහාසික පසුබිම සහ කරුණු පහත පරිදි සාරාංශ කළ හැකිය:


### 1. ඓතිහාසික පසුබිම: 1982 ලෙබනන් යුද්ධය


1982 වසරේදී ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීමත් සමඟ දරුණු සන්නද්ධ ගැටුමක් ඇති විය. මෙම යුද්ධය හේතුවෙන් පලස්තීන සහ ලෙබනන ජාතික අහිංසක සිවිල් වැසියන් විශාල පිරිසක් පීඩාවට පත් වූ අතර, ඒ අතරින් දහස් සංඛ්‍යාත කුඩා දරුවන් මිය යාම, තුවාල ලැබීම සහ අනාථ වීම සිදු විය.


### 2. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම


යුද්ධයෙන් දරුවන්ට සිදු වූ මෙම දරුණු විනාශය පිළිබඳව එවකට ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයකට පත් විය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 1982 අගෝස්තු 19 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UN General Assembly) විසින් පලස්තීන ගැටලුව පිළිබඳ හදිසි විශේෂ සැසියක් කැඳවන ලදී.


එහිදී ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී ක්‍රියාවන් නිසා පලස්තීන සහ ලෙබනන දරුවන් විශාල සංඛ්‍යාවක් ගොදුරු වීම පිළිබඳව දැඩි සංවේගය සහ කනගාටුව පළ කරමින් **ES-7/8** නමැති විශේෂ යෝජනාවක් සම්මත කර ගන්නා ලදී. එම යෝජනාවට අනුව, සෑම වසරකම ජූනි 4 වනදා "ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන්ගේ ජාත්‍යන්තර දිනය" ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.


### මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණු:


* **දරුවන්ගේ වේදනාව හඳුනා ගැනීම:** ලොව පුරා සන්නද්ධ ගැටුම්, යුද්ධ සහ විවිධ ආක්‍රමණ නිසා ශාරීරික, මානසික මෙන්ම רגිවේදනීය (emotional) පීඩාවන්ට හා අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ දුක සහ වේදනාව ලෝකයට මතක් කර දීම.

* **ළමා අයිතිවාසිකම් සුරැකීම:** දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු කැපවීම නැවත තහවුරු කිරීම.

* **ගෝලීය දැනුවත්භාවය:** යුද පරිසරයන්හි වෙසෙන දරුවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය, පැහැරගැනීම්, ලිංගික හිංසන සහ අධ්‍යාපන/සෞඛ්‍ය අයිතීන් අහිමි වීම් වළක්වා ගැනීමට ලෝක නායකයන්ගේ අවධානය යොමු කිරීම.


> **කෙටියෙන් කිවහොත්:** 1982 ලෙබනන් යුද්ධයේදී පලස්තීන සහ ලෙබනන දරුවන්ට විඳින්නට සිදු වූ ඛේදවාචකය මුල් කරගෙන, සමස්ත ලෝකයේම යුද්ධයෙන් පීඩා විඳින දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම දිනය නම් කරන ලදී.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-03

මිනිස්සුන්ව අදුරගන්නේ කොහොම ද ? .




මිනිස්සුන්ව අඳුර ගන්න එක ලේසි නෑනේ,
හැබැයි මේ කියන දේවල් ටික ටිකක්,
ඔළුවට ගත්තොත් කාගේ කාගේත් ඇතුළාන්තය, ලේසියෙන්ම කියවගන්න පුළුවන් වේවි.
01....
ඊර්ෂ්‍යාකාරයෝ හැමතිස්සෙම,
රිංගන්නේ යටින්.
කෙනෙක් දිනනකොට දියුණු වෙනකොට, ඇත්තටම සතුටු වෙන්න මු#න්ට බෑ.
උඩින් හිනා වුණාට,
ඕක මොකක්ද අනේ ගාලා,
අනුන්ගේ ජයග්‍රහණ,
බාල කරන්නමයි බලන්නේ.
ඒ තමන්ගේ හිතේ තියෙන,
කුහකකම වහගන්න.
02....
කපටියෝ කතා කරන්නේ මීපැණි වගේ.
හැමතිස්සෙම ඔයාව,
ඕනවට වඩා වර්ණනාව කරන,
වන්දනාමාන කරන අය ගැන,
පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න.
මොකද හැම,
පැනි කතාවක් පිටිපස්සෙම අවංකකමක් නෑ.
ඒ නිසා චාටුවට රැවටෙන්නේ නැතුව, මිනිස්සුන්ගේ හැසිරීම් දිහා බලන්න.
03....
නියම ගතිගුණ තියෙන මිනිස්සු,
වැඩ කරන්නේ සද්ද නැතුව.
කාට හරි උදව්වක් කරලා ඒක ලෝකෙටම,
ඩෝල ගහලා පේන්නන්න මු#න් යන්නේ නෑ.
ඇත්තටම හොඳ හිත් තියෙන මිනිස්සු,
කාටවත් නොදැනෙන්න,
නිහඬවම උදව් කරලා අයින් වෙනවා.
04....
ඇත්තම වීරයෝ තමන්ගේ බය පිළිගන්නවා.
හිත හයිය මිනිස්සු කියන්නේ,
කිසිම බයක් දැනෙන්නේ නැති,
රොබෝලා නෙවෙයි.
බය දැනෙද්දිත්,
ඒ බයට මූණ දීලා ඉස්සරහටම,
යන එකයි නියම වීරකම.
05....
හිතේ සතුටක් නැති උ#න් හැමතිස්සෙම,
කරන්නේ අනුන්ට ඇඟිල්ල දික් කරන එක.
තමන්ගේ ජීවිතේ අසාර්ථක,
කිසිම සැනසීමක් නැති මිනිස්සුන්ට තියෙන, ලොකුම අමාරුව අනුන්ගේ වැරදි හොයන එක.
උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ,
අනුන්ට දොස් කිය කියා ඉන්න එක විතරයි.
06....
වටිනා මිනිස්සු කතා කරන්නේ
අලුත් අදහස් ගැන.
පරිණත මොළයක් තියෙන මිනිස්සු,
කතා කරන්නේ තමන්ගේ දියුණුව,
අලුත් දේවල් සහ වටිනා අදහස් ගැන විතරයි.
උ#න් කවදාවත්,
හන්දියක් හන්දියක් ගානේ ගිහින්,
අනුන්ගේ පවුල් ජීවිත ගැන,
ඕපදූප හොයන්නේ නෑ.
07....
දුර්වල මිනිස්සු හැමතිස්සෙම බලන්නේ,
පලිහක් කරගන්න කෙනෙක්ව.
තමන් අතින් වැරැද්දක් වුණාම,
ඒක පිළිගන්න මු#න්ට පපුවක් නෑ.
ඒ වෙනුවට කරන්නේ,
මේ#කා නිසා තමයි ඕක වුණේ කියලා,
වෙන කෙනෙක් පිට වරද පටවලා,
ඇඟ බේරගන්න එක.
08....
ශක්තිමත් මිනිස්සුන්ට පුළුවන් සමාව දෙන්න.
ඒ අය සමාව දෙන්නේ,
තමන් බයගුල්ලෝ නිසා නෙවෙයි.
තමන්ගේ හිතේ තියෙන සාමය සහ සැනසීම, අනුන්ගේ වැරදි නිසා පලිගැනීමේ ක්‍රෝධයකින්, නාස්ති කරගන්න අකමැති නිසයි.
09....
මෝ#ඩයෝ හිතාගෙන ඉන්නේ,
උ#න් ඔක්කොම දන්නවා කියලා.
දැනුම අඩු, මොළය පා#දඩ මිනිස්සුන්ගේ,
ලොකුම ලෙඩේ තමයි,
තමන් තරම් වැඩ්ඩෙක් තවත් නෑ,
කියලා හිතන එක.
හැම දේටම පණ්ඩිත කතා කියන්න,
උන් දුවගෙන එනවා.
10....
බුද්ධිමත් අය දන්නවා,
නිහඬව ඉන්න ඕන වෙලාව.
හැම දේටම කට දාන්න යන්නේ නෑ.
සමහර වෙලාවට දහසක් වචන වලට වඩා, නිහඬව ඉන්න එකෙන් ලොකු,
බුද්ධිමත්කමක් පේනවා කියලා උ#න් දන්නවා.
11....
හො#රු හැම තිස්සෙම දෙන්නේ පොරොන්දු.
විශ්වාසවන්තකමක් නැති මිනිස්සු කරන්නේ, ලොකු ලොකු ටෝක්ස් දෙන එක.
මං ඒක කරලා දෙන්නම්,
මේක කරලා දෙන්නම් කියලා,
අහස උසට පොරොන්දු දීලා,
ලේසියෙන්ම මිනිස්සුන්ව රවට්ටනවා.
12....
සතුටින් ඉන්න මිනිස්සු,
අනුන්ගේ ජීවිත වලට හොට දාන්නේ නෑ.
තමන්ගේ පාඩුවේ,
තමන්ගේ සතුටු ලෝකයක් හදාගෙන ඉන්න අය, කවදාවත් අනුන් කරන කියන,
දේවල් පස්සේ එළවන්නේ නෑ.
උ#න් උ#න්ගේ ගමන නිදහසේ යනවා.
13....
ආත්ම විශ්වාසයක් නැති උ#න්,
හැමතිස්සෙම බලන්නේ අනුන්ගේ සහතික.
තමන් ගැන තමන්ටම ෂුවර් නැති වුණාම,
මං හොඳයි නේද..?,
මං කරපු දේ ලස්සනයි නේද..? කියලා හැමෝගෙන්ම අහ අහ වැඳ වැටෙනවා.
උ#න්ට අනුන්ගේ ප්‍රශංසාව නැතුව,
ජීවත් වෙන්න බෑ.
14....
පරිණත මිනිස්සු ප්‍රශ්න වලදී,
කලබල වෙන්නේ නෑ.
ඕනෑම කෙනෙක්ට ජීවිතේ,
ලේසි කාලෙදි හොඳට ඉන්න පුළුවන්.
හැබැයි නියම මනුස්සකම සහ,
පෞරුෂය පේන්නේ,
ප්‍රශ්න වැලක් පිටින් කඩාගෙන වැටෙද්දිත්,
ඒවට නොසැලී මූණ දෙන විදිහෙන්.
15....
අවංක මිනිස්සු හැමදාම එක වගේ.
කවුරු බලන් හිටියත් නැතත්,
උ#න්ගේ වැඩ සහ කතාව එකම විදිහයි.
මිනිස්සු ඉස්සරහා,
රඟපාන නාට්‍ය උ#න් ගාව නෑ.
16....
උපක්‍රමශීලී මිනිස්සු හැමතිස්සෙම කරන්නේ, ඔයාව වංකගිරියක අතරමං කරන එක.
උ#න් කතා කරන්නේ,
ඔයාගේ ඔළුව අවුල් වෙන විදිහට.
තමන්ගේ වැරදි වහගන්න කතා මාරු කරලා, අන්තිමට වැරැද්ද කලේ ඔයාමයි කියලා,
ඔයාටම හිතෙන තැනට වැඩ සිද්ධ කරනවා.
17....
නුවණක්කාරයෝ කතා කරනවට වඩා,
අහන් ඉන්නවා.
වැඩිය කතා නොකර,
වටපිටාව දිහා බලාගෙන ඉන්න කෙනා තමයි, මිනිස්සුන්ව හොඳටම කියවන්නේ.
මොකද කතා කරනවට වඩා අහන් ඉන්නකොට, සත්‍යය ලේසියෙන්ම අහුවෙනවා.
18....
හොඳ මිනිස්සු ළඟ ඉන්නකොට,
හිතට මාර නිදහසක් දැනෙනවා.
ඒ වගේ අය ළඟ ඉන්නකොට බයක්, සැකයක්, රඟපෑමක් ඕන වෙන්නේ නෑ.
හරිම ගෞරවනීය, සරල, ආරක්ෂිත හැඟීමක්, විතරයි දැනෙන්නේ.
#අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ,
කාලයත් එක්ක හැම මනුස්සයෙක්ම තමන්,
කවුද කියලා ඔප්පු කරලා පෙන්වනවා.
ඒ නිසා මිනිස්සුන්ගේ රටාවන් දිහා බලන්න.
උ#න් දිගටම එක වගේ,
ඉන්නවද කියලා බලන්න.
කිසිම වාසියක් නැති වෙලාවට උන් අනිත් අයට, සලකන විදිහ දිහා බලන්න.
කෙනෙකුගේ නියම ගතිගුණය තියෙන්නේ,
කටින් කියවන වචන වල නෙවෙයි...
එයා දිනපතාම සද්ද නැතුව,
කරන ක්‍රියාවන් ඇතුළේ.

A day in the life 
ජීවිතයෙන් දවසක් .