Monday, August 08, 2011
Wednesday, August 03, 2011
සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මාතර දිස්ත්‍රික්කයේ කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්තරය ඒක් පසකින්ද තවත් පෙසකින් රක්වාන කදු වැටිය ද, ඒමෙන්ම මොරවක් කොරළයේ කදුකර ප්‍රදේශ රැසකින්ද වට වු ගැටබරුව රජමහා විහාරය මනස්කාන්ත කදු ගැටයක නිර්මාණය වු පරිසරය විචිත්‍රවත් කල අපූරු නිර්මාණයකි.
මේ වීඩියෝවට ඇතුලත් වන්නේ ගැටබරුව රජමහා විහාරයට පියමන් කරන සැදැහැවතුන්ගේ නෙත් ගැටෙන දර්ශණ පෙලකි.
දෙණියාය ගැටබරුව දේවාලයේ
සිට
ඈත පෙනෙන දර්ශණ
මෙම ගීතයට ඇතුලත්ය.
Tuesday, August 02, 2011
ඔබ එන්න ඇවිත් යන්න එන්න
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සද සේම - මට රූසිරි බෝමා
සන්සුන් ගමනේ- රෑ සිරි බෝමා
ආදරේ නොකියා - ඉන්නේ කෝමා
මගේ රන්කදට - මං ආදරේයි.
මගේ රන්කදට - මං ආදරේයි.
ඔබ නොදැක - බැරුවා
ඔබ නැතිව - බැරුවා
ඔබ නොදැක - බැරුවා
ඔබ නැතිව - බැරුවා
මග - සොය සොයා
මුව සර සරසා - සත්තකයි මං ඔබ එතැයි සිතුවා
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න
මම පෙරුම් පිරුවා - ඔබ එතැයි සිතුවා
මම පෙරුම් පිරුවා - ඔබ එතැයි සිතුවා
මග බල බලා නෙකු දව දවා
රත්තරන් මග බලා සිටියා
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න
එන්න - ඔබ ඇවිත් යන්න එන්න
එන්න - ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න
Thursday, July 28, 2011
Monday, July 25, 2011
රැජින මමයි -අපේ රාජ්ජේ
ලෙස්ටර් ගේ සංදේශය චිත්‍රපටියට ඇතුලත්වු මේ ගීතය සමග පෙන්වන කදුයායයේ දර්ශන කරුනාරත්න දිවුල්ගනේ ගයන "සමනලවැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා බසී" ගීතයත් සමග
Saturday, July 23, 2011
ලෙස්ටර්ගේ සංදේශය
![]() |
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් |
![]() |
ලෙස්ටර් සහ විලියම් බ්ලෙක් |
![]() |
ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග |
එකල රුපියල් 15000/= වැය කොට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවෙකු ලවා ඉදිකල ප්‍රදේශයේ නිවාස ඉදිකරීම් සදහා යොදා ගත් කබොක් විශේෂයක්වු ගලින් (කුඩුගල් ලෙස හදුන්වයි. ) සුවිසල් ඉදිකිරීමක්වු පෘතුගීසී බලකොටුව ඉදිකර තිබිණි. එම බිමේ දර්ශණ පසුතල සදහා බලකොටුවට පිවිසීමට මාර්ග පද්ධතියක් සහ ඉදිරිපස වෙළදපලක් වැනි තාවකාලික ඉදිකිරීම්ද තිබුනා මීදුමට මතකය. ලංකාවේ පෘතුගීසි යටත් විජිත විරෝධී අරගලය නිරූපිත සංදේශය චිත්‍රපටය හෙළ සිනමාවේ මුල් යුගයේ දැවැන්ත ම නිර්මානය මෙම සිනමා පටයයි. සුනිල් ශාන්ත ගේ මධුර ගී තනු සදහා ආර්. මුත්තුසාමි පසුබිම් සංගීතයෙන් ද දායක වූ සංදේශයේ 'කටේ කිරි සුව යන්නට පවා බැරි වුණා', 'රැජින මමයි අපේ රාජ්ජේ', 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' වැනි ගීත රචනා කළේ අරිසෙන් අහුබුදු ය. මේ ගීත අදත් කණට මිහිරිය.
තිරනාටකය කේ.ඒ ඩබ්ලිව්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම හා ලෙස්ටර් ය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ විලියම් බ්ලේක් ය. සුමිත්‍රා පීරිස් එහි සහාය අධ්යක්ෂවරියක වූවා ය. ආරියසේන වීරක්කොඩි සංදේශය චිත්‍රපටයේ කලා අධ්යක්ෂවරයා වූයේ ය. සංදේශය රූපගත කෙරුණේ බෙලිහුල්ඔය තානායමට මඳක් ඔබ්බෙන් පිහිටි එළිමහන් බිමක ය. මාස 14ක් තිස්සේ ශිල්පීන් 123කගේ සහභාගිත්වයෙන් දළ සේයා පට අඩි 120,000ක් භාවිතා කළ සංදේශයට එදා කේ. ගුණරත්නම්ගේ සිනමාස් සමාගම රු. ලක්ෂ පහක් ආයෝජනය කළේ ය
සංදේශය ලංකාවේ මුලින් ම වාරණය වූ චිත්‍රපට අතරට ද එක් වේ. එය රැඟුම් පාලක මණ්ඩලය විසින් වාරණය කරන ලද්දේ සාමාන්‍ය මිනිසුන් එහි භික්ෂු චරිත නිරූපණය කළ නිසා බව කියැවේ. පසුව මෙම වාරණය ඉවත් වුණේ මාපලගම විපුලසාර හිමියන්ගේ මැදිහත් වීමෙන් බව ද වාර්තා වේ. සංදේශය මුල් වරට තිරගත කර 1960 වසරේදීය.එවකට වයස අවුරුදු දොලහක දහතුනක කුඩා පාසල් සිසුවකු වු මීදුම ලෙස්ටර් ඡේම්ස් පීරිස්ගේ සංදේශය නමු වු දැවන්ත නිර්මාණය බැලීමට සැතපුම් 36 ක් ගෙවා රත්නපුර නගරයේ පිහිටා තිබු “ලක්‍ෂිමී “ සිනමා ශාලාවට ගියා ය. එකල දිනපතා පත්‍රවල බදාදා පලවු චිත්‍රපටි විචාර නොවරදාවාම කියවන මීදුම සංදේශය ඔසවා තැබු උස බිෂ්පාසන පරිසරයේ ජීවත්වු මීදුමටද ආඩම්බරයක් විය. එහෙත් සංදේශය විඳින්නට තරම් මීදුම ඒ වන විට මුහුකුරා ගොස් නො තිබිණි. පසුකලක මේ චිත්‍රපටිය නැවත බැලීමේ දැඩි උවමනාවක් මීදුමට ඇති වුනත් තවමත් එයට අවස්ථාව නම් උදා වුනේ නැත..
පුංචි අපිට මේ චිත්‍රපටියට රංගන දායකත්වය දැරූ ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ, වින්සන්ට් වාස් ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් නිතර දෙවේලේ මග තොටේදී හමුවිය. එකල බැහර පාසලක උගත් මීදුමට මිතුරන් හා දෛනිකව බෙදා ගන්න සංදේශය පිළිබද බොහෝ මාතෘකා ඇතිවී තිබින. සංදේශයේ ප්‍රධාන චරිතයවු ආනන්ද ජයරත්න පරයා ගාමිණී ෆොන්සේකා රසික රසිකාවියන් අතර ජනප්‍රිය වීමට ඉවහල් වූ මුල් කාලීන චිත්‍රපටයක්ද විය.

පෘතුගීසි කාරයා
පසුතලය - බලකොටුව තුල
පසුතලය - බෙලිහුල්ඔය ඉදිකර තිබු බලකොටුව ඉදිරිපිට වෙළද නගරය.
වර්තමාන" පර්ල් ටුවරිස්ට් ඉන් ' සංචාරක හෝටලයට යාබද ඉඩම
කටේ කිරි සුවද යන්නට පවා බැරිවුනා.
පසුතලය - වර්තමාන සබරගමුව විශ්ව විද්‍යාලය හරහා දිවෙන කුඹල්ගම මාර්තය
පසුතලය - වර්තමාන සබරගමුව විශ්ව විද්‍යාලය හරහා දිවෙන කුඹල්ගම මාර්තය
වර්තමාන 156 කි.මි අසල බිම් භාගය
Monday, July 18, 2011
නියගය සමග සවන් දෙන්න.
මේ සමනලවැව අද දර්ශණ කිහිපයක්.
සමනල වැව පුරවන්න ගලා බසින්නේ
වළවේ ගගයි බෙලිහුල්ඔයයි.
මැයි මාසේ ඉදන් ඇති වියලි කාලගුණික තත්වය නිසා
මේ ගංගා දෙකම හිදිලා.
සැප්තැම්බර් දක්වා මේ තත්වය මේ කලාපයට බලපානවා.
වැස්ස ගැන හිතන්නවත් වෙන්නේ සැප්තැම්බර් මාසේ.
ඉතින් රටේ අනෙක් ජලාශවලටත්
මේකම වුනොත්
අපිට හොරෙන් හොරෙන් කපන විදුලිය
ප්‍රකාශයට පත් කරලා
කපන්නම සිද්ධවෙයි.

Subscribe to:
Posts (Atom)