Wednesday, November 20, 2024

පියයුරු පිළිකාවක් හැදෙන්න පුළුවන් කාටද?




මේ අපි කාටත් තියෙන ප්රශ්නයක්. මේකට පිළිතුරු දෙන්න පුළුවන් පියයුරු පිළිකාවක් හැදෙන්න ප්රවණතාවයක් තියෙනවා ද නැද්ද කියලා විතරයි. යම් යම් දේ පියයුරු පිළිකාවක් හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩි කරනවා. ඉතින් මොනවාද මේ දේවල්? මෙන්න මේ සතියේ පියයුරු පිළිකා සම්බන්ධයෙන් මම ඔබට දෙන තුන් වන ලැයිස්තුව. (ඔබත් මමත් ඇතුළු සෑම අම්මා කෙනෙක්ම පාහේ ලැයිස්තු වලට කැමතියි නේ

‼️මතක තියාගන්න පිරිමි අයටත් පියයුරු පිළිකා ඇතිවන නිසා මේ සමහර කරුණු ඔහුටත් අදාළයි.
✅ ඔබ නියමිත බරේ ඉන්නවාද? ඊට වඩා වැඩියි නම් එය අවදානම වැඩි කරන සධකයක්.
✅ සතියට දින කිහිපයවත් ව්යායාම වල යෙදෙනවාද? Active නැති වීම අවදානම වැඩි කරන්නක්.
✅ සමබල ආහාර වේලක් ඔබ ලබා ගන්නවා ද? මේ ගැන මීට කලින් "පාට පහයි. නීරෝගී ජීවිතයයි" ලිපියේ විස්තර කලා.
✅ ඔබ හොඳ නින්දක් ලබා ගන්නවා ද? "නිදි වරණ අම්මා" ලිපියේ හේතු ඉදිරිපත් කල නිසා ආයෙත් විස්තර කලේ නැහැ නැවත.
✅ දීර්ඝ කාලීනව ගන්නා හෝමෝන ප්රතිකාර
දැන් කලබල වෙන්න එපා උපත් පාලන පෙති නිසා. හෙමින් සැරේ කියවන්න.
ඩිම්බ කෝෂ සාමාන්යයෙන් කාන්තාවන්ගේ හෝමෝන ප්රමාණය සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරනවා. ඉතින් ඩිම්බ කෝෂ ඉවත් කල කෙනෙකුට හෝ ආර්තවාභාවය (menopause) වුණු කෙනෙකුට වෛද්ය උපදෙස් මත hormone replacement therapy නැතිනම් හෝමෝන පිටතින් ලබා දෙනවා. මෙසේ දීර්ඝ කාලීනව ලබා ගන්නා හෝමෝන (ර්ස්ට්රජන් සහ ප්රොජෙස්ටරෝන්) යන හෝමෝන පියයුරු පිළිකාවක් ඇති වීමේ ප්රවණතාවය වැඩි කරනවා.
පෙති ලෙස ලබා ගන්නා හෝමෝන හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්න ලබා ගන්නා පෙති වගේම වසරක් හෝ ඊට වඩා කාලයක් පුරාවට ලබා ගන්නා ඇතැම් උපත් පාලන පෙති පිළිකා ඇති කිරීමේ ප්රවණතාවය වැඩි කරනවා.
* ඒ නිසා හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්න ලබා ගන්නා පෙති ජිවිතයට එක වරකට වඩා ගන්න එපා. ලුපය වැනි විධිමත් උපත් පාලන ක්රමයකට යොමු වන්න.
* කෙටි කාලයකට (මාස කිහිපයකට) ලබා ගන්නා පෙති හැර උපත් පාලනය ලබා ගන්න පෙති ගැන ඔබේ VOG හා කතා කරන්න. වෙනත් ක්රමයක් copper loop එක හෝ හෝමෝන ලූපය ඒ වෙනුවට ගන්න බලන්න.
දැන් කියන්න යන්නේ ලයිස්තුවේ අපිට වෙනස් කරන්න බැරි ටික.
❤️ වයසට යාම.
❤️ පවුලේ අනෙක් කෙනෙකුට (අම්මාගේ හෝ තාත්තාගේ පැත්තෙන්) පියයුරු හෝ ඩිම්බ කෝෂ ආශ්රිත පිළිකා ඇති වී තිබීම.
❤️ ලිම්ෆෝමා වගේ දෙයකට මිට පෙර පපුව ප්රදේශයට Radiation Therapy ලබා ගෙන තිබීම.
❤️ Dense Breasts
කලින් ලිපියේ කිව්වා පියයුරු වල සම්බන්ධක පටක ගැන. මීට අමතරව මේද අම්ල පටකත් තියෙනවා. සම්බන්ධක පටක ප්රමාණය වැඩි වෙන්න පියයුරු පිළිකා ඇති වීමේ ප්රවණතාවය වැඩි කරනවා. රුපය බලන්න. එක රුපයක් සම්බන්ධක පටක වැඩි සහ අනෙක මේද අම්ල පටක වැඩි උදාහරණ දෙකක්. නමුත් මේ උදාහරණ දෙකම සාමාන්යයයි. නිරෝගියි.
❤️ ජානමය වශයෙන් එන ගැටළු.
මේ ජානමය ගැටළු බොහෝ විට පවුලේ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. මේ නිසයි සමහර විට අම්මා තරුණ කාලයේ පියයුරු පිළිකාවකට ගොදුරු වුනා නම් පවුලේ දරුවන් (ගැහැණු සහ පිරිමි) මේ ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. මේ සඳහා BRCA 1 සහ BRCA 2 ලෙස හඳුන්වන ජාන දෙකේ වෙනස්කම් බොහෝ විට මුල් වෙනවා. නමුත් මේ දෙකට අමතරව වෙනත් ජන වල බලපෑම් ඇති බව මතක තියාගන්න.
සමහර විට පවුලේ ඉතිහාසය එක්ක, මේ ජන වල වෙනස්කම් තියෙන යට අවුරුදු 25ට කලින් දරුවෙක් හදන්න, පියයුරු ඉවත් කරන්න වගේ පියයුරු පිළිකා වලක්වා ගන්න අවශ්යය වන උපදෙස් ලැබෙනවා.
‼️තේරුම් ගන්න ‼️මතක තබා ගන්න‼️ ලැයිස්තුවේ ඇති දේවල් පියයුරු පිළිකාවක් ඇති වෙන්න ඇති ඉඩ කඩ වැඩි කරනවා පමණයි. මේ ලයිස්තුවේ ඇති දේවල් එක්ක පියයුරු පිළිකාවක් හැදුනේ නැති අය ඉන්නවා වගේම මේ ලයිස්තුවේ තියෙන එක දෙයක්වත් තමන්ට නැති වුණත් පියයුරු පිළිකාව හැදුනු අය ඉන්නවා. ඒ නිසා මේ සතිය පුරා ගෙන ආ අනෙක් ලිපි කියවන්න. ස්වයං පරීක්ෂාව අනිවාර්යයෙන් පුරුද්දක් ලෙස කරන්න.
‼️ මේකේ මුල් කරුණු කිහිපය ඔබට වෙනසක් ඇති කරන්න පුළුවන් දේවල්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.
Sanoji Samarakkodi
A day in the life

Tuesday, November 19, 2024

මම මගේ නෙවෙයිද ?.






වැස්ස වහිනවා. පරිසරයත් සීතලයි.

මට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සීතල දැනෙනවා.

ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මම දුර්වල වෙලාද .

මේ අනම් මනම් හිතෙන්න පටන් ගත්තේ දැන් කාලෙක ඉදන්.

මාස කීපයකට ඉස්සෙල්ලා මහා මැතිවරණ උණුසුම පටන් ගත්තා 

අවුරුදු පහෙන් හතරෙන් හයෙන් හතෙන් ආපු මැතිවරණ වලදී  1965 වගේ ඉදන් එහාට දුවනවා.

මෙහාට දුවනවා. 

මේ පාර ලොකු මාමාට . ලොකු තාත්තට . ලොකු අයියට බැහැ . ගෙදරට වෙලා ඉන්න අපි බලා ගන්නම්

ඔන්න ඔය වගේ ප්‍රතිචාර තමයි හමුවුනේ.

දුර බැහැරක මළ ගෙදරක් අහන්න ලැබෙනවා.

ගිහින් එන්නම ඕනි.

තාත්තා යන්න එපා. තාත්තට යන්න බැහැ.

කවුද එහේ තාත්තා බලා ගන්නේ ?.

වැඩි ප්‍රශ්ණ මට නෑ.

අහගෙන පහු බහින්නයි වෙන්නේ

මම නිශ්ශබ්ද වෙනවා.

මළ ගෙදර ඇත්තන්ට පණිවිඩයක් තියෙනවා.

මටත් ඒ ප්‍රතිචාරය ලැබුනට කමක් නෑ කියලා මම හිතනවා.

ඉන්න අයට කරදරයක් නෑ නේ.

නාන්න උණුවතුර.

උදේ හවස විටමින් A, D,E.B12 , තවත් multi vitamine.

බෙහෙත් වට්ටෝරුව  පලකලොත් මම ෆාමසියක් කියලා කියාවි.

ඇත්තටම මම මගේ නෙවෙයිද ?. 


A day in the life

Monday, November 18, 2024

ශ්‍රී ලංකාව හැඳින්වූ ඉපැරැණි නාම .






----ගම්පොල ජනමාධ්‍යවේදියා.

ලක්‌දිව වූ කලී ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉතා සුන්දර දිවයිනකි. යටත් පිරිසෙන් පුරා සියවස්‌ විසිපහක්‌ පමණ (එනම් වසර 2500 ක්‌ පමණ) වූ එම කාලපරිච්ඡේදය තුළ ලොව විවිධ ජාතීන් විසින් විවිධ භාෂාවලින් ලක්‌දිව හැඳින්වූ විවිධ නාම බොහොමයකි.
ලක්‌දිව හැඳින්වූ විවිධ නාම මෙසේය.
*ආමු ද්විප,
*ඉන්දියන් සාගරයේ
මුතුඇටය
*ඉළංගෙයි
*ඉළංදු
*ඉළනාර
*ඊළ
*ඊළාම් (මෙය දමිල භාෂාවෙන් ලක්‌දිව හැඳින්වූ නාමයයි)
*ඕජදීප
*කසිගෝ
*කේට්‌ ලංකා
*කෙයිලෝන්
*චල (අරාබි භාෂාවෙන්)
* චිංකලෙයි (දෙමළ භාෂාවෙන්)
*තනසරිම්
*තපරවාන්
*තපර්බාන්
*තම්බපණ්‌ණී
*තම්බපණ්‌ණී ද්විප
*තම්තබින්
*තඹපැන් ද්විප
*තැප්රොබේන් (ග්රීක -රෝම භාෂාවලින්)
*තාර්සිස්‌
*තාමුදීප්
*තිලක (රුහුණු පිහිටි මායා බෙදීම මුල්කොට ගෙන භාවිත විය)
*ත්රි සිංහලය (ඉහත බෙදීම හා බැඳේ)
*තේහු හොයිගෝ (බුරුම භාෂාවෙන්)
*දසඛණ්‌ඩි රාජ්
*දිල්මුන්
*දශෂිර
*පුර
*පරවාන් ද්වීප
*පලාංකොට්‌
*පළේසිමන්ද්
*පාඕ - චූ (චීන භාෂාවෙන්)
*ජැසිරාත් - අල් යකුත් (අරාබි භාෂාවෙන්)
*ජම්බු ද්වීප (පාලි භාෂාවෙන්)
*මණ්‌ඩ ද්වීප
*මණ්‌ඩු ද්වීප
*රත්න ද්වීප (ලක්‌දිව මැණික්‌ ලොව ප්රකට බැවින්
*රත්නදීප
*රාවණපුර
*රාවණද්වීප
*රාක්ෂ ද්විප
*රාක්ෂපුර
*රකියුෂ්
*රුවන්දීප
*ලංකා (හෙල භාෂාවෙන්)
*ලංකා ද්වීප
*ළක
*ලක්‌දිව
*වරදීප
*ෂිති ක්‌වෝ (චීන භාෂාවෙන්)
*ශ්රී ලංකා (වර්ෂ 1972 ජනරජ ව්යවස්‌ථාවෙන් ඉක්‌බිතිව)
*සග සස්‌දිව්
*සයිලන්තු (මලයාලම් භාෂාවෙන්)
*සලීස්‌
*සළිකේ
*සාලයික්‌
*සින්දු
*සිමන්ඩා
*සීමන්ඩාදු
*සිරිලක (හෙළ භාෂාවෙන්)
*සිසිල
*සිහලද්විප
*සිලිදිව්
*සිලෝන් (ඉංග්රිසි භාෂාවෙන්)
*සිංගල් දිව්
*සංගලම් (දමිළ භාෂාවෙන්)
*සිංහලය
*සිංහලද්විප
*සිලන්
*සිහලදිව්
*සිහලාන් ද්විප
*සිහොලේ (පාලි භාෂාවෙන්)
* සිගෝ (බුරුම භාෂාවෙන්)
* සිලාන් (අරාබි භාෂාවෙන්)
*සුපර් චාන් (තායි භාෂාවෙන්)
*සෙයිලාන් (පෘතුගීසි භාෂාවෙන්)
*සෙයිලාන් දීවන්
*සෙරන්දිබ් (අරාබි භාෂාවෙන්)
*සෙන්කියා (චීන භාෂාවෙන්)
*හෙලන්දු
*හෙල ද්විප
*හෙල දෙරණ
*හෙළය
*හේලීකේ,
*පලෛයිසිමන්ඩා
*පරවාන් ද්විප
*පෙරදිග ලෝකයේ ධාන්යාගාරය
A day in the life

Sunday, November 17, 2024

මාදුරුඔය ජාතික වනෝද්‍යානය







Sunethra Kumari

මාදුරුඔය ජාතික වනෝද්යානය ශ්රී ලංකාවේ ජාතික වනෝද්යානයක් වන අතර එය මහවැලි සංවර්ධන ව්යාපෘතිය යටතේ ස්ථාපිත කර ඇති අතර මාදුරුඔය ජලාශයේ ජල පෝෂකයක් ලෙසද ක්රියා කරයි. වනෝද්යානය 1983 නොවැම්බර් 9 වන දින නම් කරන ලදී. වන සතුන් සඳහා, විශේෂයෙන් අලි ඇතුන් සඳහා අභයභූමියක් සැපයීම සහ ජලාශ පහක ක්ෂණික ජල පෝෂක ප්රදේශ ආරක්ෂා කිරීම උද්යානයේ වැදගත්කම වේ. වැදි ජනයාගේ ප්රජාවක් වන ශ්රී ලංකාවේ ආදිවාසී ජනවාර්ගික කණ්ඩායම ජීවත් වන්නේ හේනානිගල උද්යාන මායිම තුළය. උද්යානය කොළඹ සිට කිලෝමීටර් 288 (සැතපුම් 179) ඊසාන දෙසින් පිහිටා ඇත.
මාදුරු ඔයේ පැරණි කැඩී ගිය පස් බැම්ම මත ඉපැරණි සොරොව්වක් 1980 ගණන්වල සොයා ගන්නා ලදී. ගල් පුවරු සහ ගඩොල්වලින් සෑදූ සොරොව්ව අඩි 30 (මීටර් 9.1) පමණ උස, අඩි 30 (මීටර් 9.1) පළල සහ අඩි 219 ( මීටර් 67) දිග. ඉහළ සොරොව්ව අදියර දෙකකින් ඉදිකර ඇති අතර ඉන් පළමුවැන්න ක්රි.පූ. පහළ සොරොව්ව ඊට වඩා පැරණි බව විශ්වාස කෙරේ.
Maduru Oya National Park is a national park of Sri Lanka, established under the Mahaweli development project and also acts as a catchment of the Maduru Oya Reservoir. The park was designated on 9 November 1983.Providing a sanctuary to wildlife, especially for elephants and protecting the immediate catchments of five reservoirs are the importance of the park. A community of Vedda people, the indigenous ethnic group of Sri Lanka lives within the park boundary in Henanigala.The park is situated 288 kilometres (179 mi) north-east of Colombo.
An ancient sluice on the old ruptured earthen bund of the Maduru Oya was discovered in the 1980s.The sluice made up of stone slabs and bricks, is about 30 feet (9.1 m) high, 30 feet (9.1 m) wide and 219 feet (67 m) long. The upper sluice was built in two phases, the first of which dates to before the 6th century BC. The lower sluice is believed to be older than that.
















A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon