Tuesday, May 07, 2024

පොඩ්ඩිගේ කථාව - හතරවෙනි දිග හැරුම




 

පන්සලට යමින් අතර දොඩමළු වුනේ සේපාලි. මගේ නිහඩ බව හේතු වෙන්න ඇති.

අක්කේ , මම අහල තියෙනවා.

විවාහය ගැන නොයෙක් මත මේවා කියවලා මම හිත හිතා  ඉන්නවා.මොනවා කරන්නද කියලා.

අක්කගේ කතාව අහගෙන ඉන්න කොට මට හිතුනේ මනුෂ්‍ය සම්බන්ධතාවල ඉතාමත් සමීපවූුද ඉතාමත් අසීරුවුද සම්බන්ධතාවය විවාහය කියලයි.

අක්කා මාව තවත් බය කලා.

අවුරුදු ගානක් හදුනාගෙන ඉදලත් විවාහනේ කෙටි කාලයකදී සියළු මීහිරියාවන් මිරිගුවක් බවට පත්වෙලා.

වැඩිහිටියන් වෙත යෝජනාවක් ඇවිත් දවසක් දෙකක් දැකපු කෙනෙක් ඒක්ක ජීවිතය අරඹනවා කියන එක ............?.

නීතියේ දැක්මෙන් විවාහය කොන්ත්‍ර ා ත්තුවක් !.

අක්කා කොන්ත්රාත්තු කාලය අවසන් කරගෙන .............

සේපාලි කතා කරනවා ගිරවියක වගේ. පන්සලට තව දුරයි . මේකි තව මොනවා කියයිද ? මහ ගෑණියක් වගේ .

මම සේපාලිට ඉඩ දීලා අහගෙන යනවා.

මානසික වෛද්ය විද්‍යාවට අනුව නම් එය ලිංගික හා රාග ද්වේෂ හැගීම් පිළිබද රගමඩලක් .

පල්ලිය සලකන්නේ ශුද්ධවුු චාරිත්‍රයක්   විදියට.

මනෝ විද්‍යාවේදී  හැසිරීමේ සහ සකස්වීමේ ක්රියාවිතයක්

සැහැල්ලුවෙන් හිතන මට නම් මේක මර උගුලක්..........

අපි දෙදෙනාටම හිනා ගියේ  එකවර මය.

යම් තරමකින් අම්මාගේ තනියට සිල් නොගමින් සේපාලි සමග දවස ගෙවීම සැහැල්ලවක් හිතට කාන්දු  විය. අපි නොදැනුුවත්ම පන්සලට පැමිණ සිටියෙමු. අම්මලා සිල් පවාරනව ආපසු පිටත්වීමේ සුදානමක සිටියේය.

අපි දෙදෙනාද මල් පහන් පුදා අම්මලා සමග ආපසු ගමනට එක්වුනෙමු.

මට තවත් හිතන්න දේවල් ඉතිරි කර දෙමංසලේ දී සේපාලිත් ඇගේ මවත් සමුගත්තාය.

මම ආයේ එන්නම් අක්කේ ........

අසම්පුර්ණ පුද්ගලයින් දෙදෙනෙකු විසින් භාග්යය සදහා කරනු ලබන සටනකදී තම ශක්තීන් එකතු කර ගන්නා පියවරක් ලෙස ලින්ක් නම් මනෝ විද්යාඥයා විවාහය හදුන්වා තිබේ.

විවාහය තමන්ගේ කර්ම ණය ගෙවා ගැණීමටමටත් ඔවුනොවුුන්ට උපකාර කිරීමටත් ආත්මයේ නව ගුණ ඇති කර ගැණීමටත් අධ්‍යාත්මික අවබෝධය හා ශක්තිය දියුණු කර ගැණිමට ලබා දී  ඇති අවස්ථාවකි .

සේපාලි මට හිතන්න ඉඩ තබා ගියේ මතවාදයකි.

අපි ආදරය ගැන හිතුවේ කොයිතරම් බොළද විදියටද ? . මා විසිතුන්වියේදී  සමීර වරදවා තේරුම් ගෙන තිබිණි.

පරිගණක මෘදුකාංග සැකසීමේ ආයතනයක රැකියාව ඇරඹු මට හොද වැටුපක් ලැබිණි. අතමිට සරුවු මගේ ජීවිතය මට මගේ මොළය අහිමි කර දී තිබිණි  දැන් නැවතත් මගේ මොළය සොයා යා යුතුය.

ඇහරී ඇති වැට කඩොළු වලින් මම මිදිය යුතුය.

අද දවසේ සේපාලි විසින් මා නැවත පුනරුත්තාපනය කල බවක් හැගිණි.

නිවසට විත් අම්මා විවේක ගන්නවා විය හැක. මම රාත්‍රි අහර පිසමින් සිටින විට අම්මාද මුළුතැන් ගෙට පැමිණියාය.

මොනවද පොඩ්ඩියේ කරන්නේ ?.

අම්මේ කාල ඉමුුද ? මහන්සිත් ඇතිනේ.......

හ්ම්.............

කෑම කමින් අම්මාත් මාත් කල කතා බහ  කලෙමු  මට ගෙදර සිට මාර්ග ගත ක්‍රමයට මා සේවය කල ආයතන යේම  රෑකියාව කල හැකි බව සහ  හෙමින් සීරුවේ නීතීඥයෙකු හමුවී ඉදිරි කටයුතු සැලසුම් කර ගත යුතු බව අම්මාට පැවසුවෙමි   .

අම්මාගේ අණුකූලතාවය පලවිය.

සමීර ගැන අණුකම්පාවක්  ඇතිවූවත්  වෙන විකල්පයක් මා දුටුවේ නැත.

---හෙටත් හමුවෙමු - මීදුම.


A day in the life

Monday, May 06, 2024

පොඩ්ඩිගේ කථාව - තුන්වන දිගහැරුම.




පුදුම රස්නයක් නේ තියෙන්නේ...........අපි යමු අර අඹ ගහ යටටවත්  මම යෝජනා කලේය. ප්ලාස්ටික් පුටු දෙකක් රැගෙන අපි අඹ ගහ යට වාඩිවිමු. අඹ ගහ යට දැනුනේ යම්කිසි සිසිලකි.

ඔහේ ඈත බලා සිටි මට සේපාලි නංගී සිටිනවාදැයි නිනව්වක් තිබුනේ නැත. .........මොකද අක්කේ ගල් ගිල්ලා ද ? මම හදිස්සියේ අවදි වුවෙකූ සේ ඈ දෙස බැලීය. සේපාලි මගේ මතකය අවදි කරවා ගන්නා උත්සහායක සිටියේ නැත. යමක් කී වොත් අසා සිටියාය.

මා විවාහකව වෙනම  ගෙයක පදිංචියේ රැකියාවේ පහසුවටය.

මුල් කාලය බොහෝ සතුටින් සාමදානයෙන් ගෙවී ගියේය අපට ආර්ථික අපහසුතා ද නොවීය.

අම්මාට ද ගේ දොර නඩත්තූ කරමින් යමක් කමක් ඉතිරි කර ගැණීමට තරම් ආදායමක් තිබුනේය. එහෙයින් අම්මාට මා ගැනත් මට අම්මා ගැනත් ආර්ථිකය ගැන සොයා බැලීමට අවශ්යය නොවීය.

ඉද හිට අම්මා මගේ අවශ්යතාවයන් විමසීය.

මගේ නිහඩ ආවර්ජනයන් සේපාලිට පාළුවක් දැනෙන්න ඇත.

මොකක්ද අක්කේ කුරුළු කැදැල්ලට ඔච්චරම උන හානිය. ?? සේපාලි නිහෙ බව බිද දමා විමසීය.

නංගී ........

ටික දවසක් යන විට පුංචි පුංචි දේවලටත් සමීර මගෙත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. මුලින් ළුණු මදි නම් අද පොඩ්ඩක් ළුණු මදිකියන මනුුස්සයා පිගාන විසි කරන්න තරම් සැහැසිවුනා.

හැම තිස්සෙම මාව නුරුස්සන ගත්තා.

හවසට දෙන්නත් එක්ක වැඩ ඇරිලා එන ගමන මටට තනියෙන් එන්න වුනා. මුලදී ඔෆීස් එකේ වැඩක්. තව ටික කාලයක් යන කොට ඔෆීස් එකේ වැඩකට දුරක යන්න තියෙනවා..ඔය වගේ නිදහසට කියන කතා හොයලා බලන කොට මට කියලා තියෙන්නේ බොරු. හල බලන විට ඇතිවන ගැටුුම් සමහර දිනවල කෙළවර වුනේ සමීර ගෙදරින් ගිහින්.

කාලය මෙහෙම ගෙවුුුනා නංගී.

මම ඉවසුවා

දැන් දැන් නිවසේ කුලිය ජලබිල් විදුලි බිල් වැනි වියදම් ගෙවන්නේ මගේ පඩියෙන්. ආහාර ද්රව්ය සමහර දවසට සමීර ගෙනාවා.

මේ මොනවා උනත් එයාට ඉතිරියකුත් නැහැ.

මෙහෙම තවත් කාලයක් යන කොට ගෙදර එන එක තව තවත් අඩු වෙන්න පටන් ගත්තා.

එකම ඔෆීස් එකේ වැඩ කරපු සමීර වෙනත් රැකියා ස්ථානයක් සොයා ගත්තා.

මම අම්මාටත් නොකියා මේ දුක්ඛ දෝමනස්සයන් කාලයක් දරා ගත්තා.  

ටිකෙන් ටික මට තේරුනා නංගී , මේ ගමන යන්න බැරිවෙයි කියලා.

අවුරුදු පහක් පමන වෙලත් අපිට දරුවෝ හිටියේ නැහැ.

ඇයි අක්කට එහෙම වුනේ ? සේපාලිට ප්රශ්නයක් වුුනා.

මුල් කාලයේ තිබු සතුට සමීරගේ ටිකින් ටික වෙනස් වීම නිසා නැති වුනා. පසුවෙන්න පසුවෙන්න මගේ උනන්දුව බිදිලා ගියා නංගී.

දවසක අම්මා බලන්න මම ගෙදර ගිය වෙලාවක අම්මාට මේ සියල්ල වමැරුවා. අම්මා  කල්පනා කරමින් සිට පොඩ්ඩියේ උඹ මාර යුුද්දයක් නේ යැයි කීවා මිස එවේලේ හැගීමක් දැක්වුයේ නැහැ.

දවසක අම්මා මට කතා කලා.

පොඩ්ඩියේ ඔය රස්සාවෙන් අස්වෙලා ගෙදර වරෙන්

අවුරුදු පහක ආයුු කාලය ගෙවී ගියේ  පෙර ආත්මයේ කල පාප කර්මයක් ගෙවා දාන්න කියලා මට හිතෙනවා නංගී .......

ඔව් අක්කේ ආදරයක් උනත්   කරුමයක් ව පඩිසන් දෙන්න පුළුවන්. සේපාලි කිව්වා.

සිල් පවාරන කරන වෙලාවත් කිට්ටු වෙමින් තිබුනා . සිසිල දුන් අඹ සෙවනට සමු දුන්න අපි පන්සල් යන්න සුදානම් වුනා.

හිතටත් දැනුනේ පුුංචි සිසිලක් .

 

හෙටත් හමුවෙමු. - මීදුම.


A day in the life

Sunday, May 05, 2024

පොඩ්ඩිගේ කථාව - දෙවෙනි දිගහැරුම.




මම ද වත්ත පුරා ඇවිද ගෙට ගොඩ වෙනවිට අම්මා ගෙදර පැමිණ සිිටියාය. වත්තේ සිදුවු හදිය අම්මාට කී විට  

පොඩ්ඩි එහෙනම් ශිල්පයටත් අහුවුනා යයි ඔච්චම් කලා මිස සිද්ධිය  බැරෑරුම්ව හිතුවේ නැත.

ඒ අම්මාගේ ගති ස්වභාවය විය. කිසිවක් ඇයට බරපතල නැත.

කම්මැලිකම සෝම්බේරි කම ගතෙන් පහව ගොස් කිසියම් සහනයක් හිතට මෝදු වෙන්නේ අම්මාගේ සෙවනැල්ල නිසාය.

පොඩ්ඩියේ හෙට පෝය....

අම්මාගේ මේ සුදානම හෙට පෝයට පන්සල් ගොස් අටසිල් සමාදන්ව පන්සලේ සිල් පාවරන වන තුරු ගත කර ඒ්මටය.

අම්මේ මාත්  එන්නම් .

අනේ හොදයි නේ පොඩ්ඩියේ.

ඒත් අම්මේ මට සිල් ගන්නම් බැහැ. මම අම්මත් එක්ක එන්නම් ගිවිස ගත්තාය.

පසුදා පාන්දර අපි පන්සල් ගියෙමු.

අම්මාත් සමග ආගමික වතාවත් වලට සම්බන්ධව කාලය ගත කරනු වස් මම බෝධි මළුව අතු පතුගා පිරිසිදු කරන්නට පටන් ගත්තේය

එයත් මහත් පිනක් යයිි  මම පුංචි කාලයේ අසා තිබුනා මතකය.

 සේපාලි  නංගී ,  ඇයත්ඇගේ මවත් සමග පන්සල්      පැමිණ  මා සිිටිනු දැක මගේ  උදව්වට එක්විය.

අපි සතුටු සාමීචියෙන්  බෝමළුව පිරිසිදු කර ආපසු ගෙදර ගොස් සිල් පවාරන කරනා වෙලාවට පන්සල් ඒමූයි ගිවිසා ගෙන සේපාලිකා නංගී සමග අපේ ගෙදර ආවාය.

නිසසල බව කතාවටත් අතීතයට කිමිදෙන්න අවස්ථාවක්  ඇති  කර ඇත.

මම සේපාලි නංගී සමග තේ ඒකක් බොමින්  ආලින්දයේ වාඩිවිය. පුරුදු තැන ඉපනැල්ල පිරි වෙල්යාය  මනෝ පාරකට පිවිසෙන්න පෙරම .........

ඉතින් අක්කේ  ......

නෑ .....නංගී.

මම මොනවදෝ කියන්න උවමනාවක් ඇතැයි  ඇයට සිතෙන්නට ඇත.

මට  අපේ විවාහය ලියාපදිංචි කල දිනය සිහිපත් විය.

සමීර කඩවසම් තරුන පෙනූමෙන් යුක්ත විය. දිනක් මම ඔහුගෙන් වයස විමසු විට අවුරුදූ විසි අටයි කීවේය. ඒවකට මගේ වයස විසිතුනකි.  

විවාහ රෙජිස්ත්රාර් වරයා ජාතික හැදුනුම්පත රැගෙන වයස සටහන් කරන විට මාත් ඔහුත් අතර වයස පරතෙරය අවූරූදු දොළහක් බව මම ගණණය කර ගත්තාය.

පළමු බිද වැටීම සනිටුහන්  කර ගත්තේ ඒදාය.

සේපාලිට මේ කතාව කියන විට ,

ඉතින් අක්කා මොකද කලේ ?.

මොනවා කරන්නද කළබල කරන්න අවස්ථාවක් නෙමෙයි නේ . සෙනග මැද්දේ මම නිශ්ශබ්ද උනා.

ඇයි අක්කේ නැන්දා සොයා බැළුවේ නැද්ද ?

මේ සියළු ගැලපීම් වලට කිසිදු බාහිර පාර්ශවයක් සම්බන්ධ නැත.මා අම්මාට වාර්තා කල කරුනු සොයා බැලීම් ඈ පිලිගත්තීය.

මා සමීර උපරීමව විශ්වාස කලේය .

ආදරය අන්ධයි නංගී .

උත්සව කටයුතු අවසන්ව සියල්ලෝ විසිර යද්දී අපි දෙදෙනාද සැලසුම් කල පරිදි දවස සැමරීමට පිටත් වී ගියේය.

මේ වංචනික බව  මගෙන් පහව ගියේ් නැත. සුළු  ගැටුමක් ඇති වූවත් මැක්කාගේ කථාවේ මැක්කා අවසානයට සිටින්නාක් මෙන් වයස අවසානයට සිිිිටියේය.

ඇයි නංගී මම සෙනෙහස නිසා සමීරට කරන ලද පරිත්යාග කොයිතරම් ද ?

විවාහකයෙකු බව දැනගත්තාම නතර කල යුතුව තිබු සම්බන්ධය තවදුරටත් සුුරැකුනේ ඔහු කෙරේ තිබු විශ්වාසය සෙසෙහස නිසාය.....

ආදරයට සීමා මායිම් තිබුුනේ නැත. මොළයක් ද  නැත

සේපාලි බලා සිටියි . ඈ අවිවාහකය.

අනේ අක්කේ මට බයත් හිතෙනවා.....හරිම අපහසුවක් දැනෙනවා. අක්කා කර තියෙන පරිත්යාග වලට මෙහෙම වෙන  කොට .............

අපි මොනවා හරි කාලා ඉමු නංගී..දැන් දවල් වෙලා හොදටම. අද මට වඩා සේපාලි හෙම්බත්වී ඇතැයි සිතුන බැවින්  යෝජනා කලේය.

හ්ම් ....අක්කේ.

කියන්න බැරි බොහෝ  දේවල් ඒ් සුසුුම තුල තිබුුනේය.


 හෙටත් හමුවෙමු -මීදුම

 

 


A day in the life

Saturday, May 04, 2024

පොඩ්ඩිගේ කථාව - පලමුවෙනි දිගහැරුම.



වැස්ස නතර වී නැත.

මේ බක් මාසයයි. හවස් කාලයේ අහස ගූගුරුවමින් වහින වැස්ස හිතට ඇති කරන්නේ බියකරු සිතිවිලිය . ඔළුවේ සිට වසා ගෙන නිදාගන්න උත්සහා කලත් විදුලි  ඒලිය  නොදැක්කත්     ගිගුරුම් හඩින් නම් බේරිමටට මගක් නැත.බක් මහටයි මහ වැස්ස වහින්නේ - බක් මහටයි අපි දීගෙක යන්නේ ................කීවාක් මෙන් මීට අවුරුදු පහකට පෙර බක් මාසයක අපි දීග ගිය බව ගිගුරුම් හඩකින්ම මගේ කැළඹුන සිතට සිතිවිල්ලක් ඉපිද මියගියේය.

අම්මා.........

පොඩ්ඩි නිදි ද ? රෑට ඉදිආප්පයි කිරිහොදියි හැදූවා කාලම නිදා ගනින් . කරුනාව පිරි හඩ ඇසෙයි. මම එහෙ මෙහේ පෙරලෙමින් කම්මැලි කමින්

හා අම්මේ........යයි පවසමි.

මම කිරිහොද්දටත් ඉදි ආප්ප වලටත් පෙරේත බව අම්මා දනී.

මම විවාහව ගෙදරින් ගිය දාත් ආපසු ආ දවසත් අම්මා උපේක්ෂා වෙන් විද දරාගෙන සිය දරු සෙනෙහස දෝරේ ගලා ගිය අන්දම සිහිපත් වන විට මගේ  පපුව හෝස් ගාලා දැවී යයි.

එනවා අම්මේ ..............

එහෙන් මෙෙහන් ඉදි ආප්ප එක දෙකක් කා නැගිට යන විට

ඔහොමම පෙරලෙන්නේ නැතිව ඇදුම් මාරු කරගෙන නිදා ගනින් අම්මාගේ ඊලග විධාන ය මට ඇසිනි.

ඇදේ ඒහාට මෙහාට පෙරලමින් සිටි මට කොයි වෙලාවේ නින්ද ගියාදැයි නොදනිමි.

අම්මා පොඩ්ඩියේ ඊයේ රෑටත් කෑවේ නැහැ නේ ඒ් නිසා මම බත්ම ලිපේ තිබ්බා. ඔය මොනවා හරි කැමති දෙයක් හදපන්.

මට පවරා අද ලොකු අම්මලාගේ ගෙදර පැත්තේ ගිහින් එන්නත් ඕනි.

පුුර්ව දැනුම් දීමක් කලේය.

අම්මා ගිහින් එන්න. මම ඉන්නම්

අම්මා එකගතාවය පලකලේය.

දහයට පමන උදෑසන කටයුතු අවසන්ව පාළුව මකන්න  නවකථා  පොතකුත් රැගෙන ආලින්දයේ පුටුුවකට බරවුුුනාය.

දහසක් සිතිවිලි ඇවිද විත් මා විටක අදුරටත් අදුරෙන් ආලෝකයයටත් නැවත අදුරටත් පියමං කරවන්නට පටන් ගත්තේය.

අම්මා ලග පාතක සිටියා නම් තවමත් ඕක ඉවරවුනේ නැද්ද පොඩ්ඩියේ යයි නිසකයෙන්ම අසනු ඇත. අම්මා ලොකු අම්මලාගේ ගෙදර ගොසින් බැවින් නැගෙන බිදෙන රළ පෙල මත මට පාාවෙන්න බාධාවක් නැත.

අප එකම ආයතනයක සේවය කල අප හදුනාගත් අප පෙමින් බැදුණු සුන්දරවු  යෞවනය සිතුවම් පෙලක් මෙන් එකිනෙක සිහිපත්වන විට මහත් ව්යාසනයයකට පත්ව ඉන්නා මේ මොහොතේ උවද මිහිරියාවක කිමිදෙන්න හිතට ඉඩ දී මම වෙල්යාය දෙස බලා සිටියේ නිකමටය.


පැසුණු ගොයම බක් උලෙලට පෙර කපා අස්වැන්න ගොඩ ගත් බැවින් ඉපනැල්ල පමනක් වියලි දුඹුරු පැහැගැන්ව  මා දෙස බලා සිටින බව මට හැගී ගියේය.

දහවල බතට අම්මා ගෙදර නොඑනු ඇත. ලොකු අම්මා සමග ආ ගිය තොරතුරු බෙදා හදා ගන්නා විට  දවස ගෙවී යන බවට ඇයට  නිනව්වක් ඇති නොවනු ඇත.


පෙන බූබුලව  මතුව බිදී යන අතීත සිතිවිලි  පිලිවෙලක් නැතිව ඒහෙන් මෙන් මතූව විශ්ලේෂණය පෙරලා ගත් පොතට විවේකයක් ලබාදෙමින්ය. අප පෙමින් වෙලී දවස ගෙවුු එදවස එක් දිනක් ඔබේම මිතුරෙක් මට අසුුබ පණිවියක් දුන්නාය.

නංගී , ඔයාගේ යාළුවා කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්. හොයලා බලන්න .........

මම ඔබෙන් විමසු විට , ඔය ඉරිසියාවට කියන කතා යයි සැහැල්ලුු පිලිතුරකින් මගේ විශ්වාසය   ඇති කලේය.

කාලය ගෙවී ගියේය.

මම වැඩිහිටියන් හට කියා විවාහ වීම සදහා වටා පිටාව සකස් කර ගත්තේය.

විවාහය ලියා පදිංචියට දින කිිපයකට  පෙර දිනයක ඔහුුගේ අතීතය මා ඉදිරියේ වමාරා පෙර විවාහ සිටි බවත්, එම විවාහය අසාර්ථකවු බවත් කල අදෝනාවට මට සෙනෙහසක් දැඩි අනුකම්පාවක් ඇතිව සදා ඔහු හැර නොයන බව සපත කලාය. සැබවින්ම මම පෙරටත් වඩා ඔහුුට තවත් සමීප විය.

එහෙ මෙහෙ දුවන හිත බැද ගෙන එකතැනක රදවා ගන්න නොහැකිව හිස ඔසවා බලන මට දෙවට දිගේ විත්  අපේ   වත්තට යමෙක් ගොඩවුන බව දැක්කේය. ගෝණියක් වැනි දෙයක් ඔහු කිහිලි ගන්නා ගෙන සිටි බව ටිකින් ටික ගෙදරට ලංවන විට නිරීක්ෂණය විය..අම්මාත් නැති මේ වෙලාවේ මේ මොන කරදරයක් ද ?.

පුංචි නෝනා , මම මේ බෙහෙතක් හොයා ගෙන යන ගමන් මේ වත්තෙත් ඇත්ද බලන්න ආවා.

මගේ උපතින් ලැබුුන කරුනාව උතුරා ගියේය.

මට ඔහු ගැන නිනව්වක්ම තිබුනේ නැත. ගමේ  කෙනෙක් වෙන්න ඇති . සිතිවිල්ලක් පහල විය .

මොනවද ඔය බෙහෙත් ජාතිය ?

නෝනා පොටිච්ච වැල්  ටිකක්..

බලන්නකෝ තියනවා නම් එකතු කර ගන්න

ඔහුු වත්ත පහල කරක් ගසා ගේට්ටුව අසලට ගොස් ආපසු විත්

අනේ නෝනා පිංසිද්දවෙනවා .ටිකක් තිබිලා ගෝණියට ඔබා ගත්තා. මම යන්නම්

කියමින් පිටත්ව ගියේය.

 

ඉරත් අවරට යන්න තතමින් සිටියදී බිදුනූ දෑහන යලි පිබිදෙන්නට කලින් දහවල බඩ කට පුරවා ගන්නා අදහසක් ඇතිවිය.

බඩ ගින්නේ සිිටියොත් ,පොඩ්ඩියේ උඔ නොකා නොබී මොකද කලේ ? අම්මාට උත්තර බදින්න සිදුවනවාය.

 

ආදරය ප්රේමය නිසි ලෙස විග්රහවන්නේ එම සූදුුවෙන් පරාජයට පත්වු විටය. අප වටා සිටින සියල්ලන්ම සතුරන් ඊෂ්යාකාරයන්, බාදාකරන්නන් මෙන් පෙනෙන අතර ඔවුන් දෙන තොරතුරු උපදෙස් යහපත් අදහසකින්  දෙන්නක් ලෙස සිත පිලිගන්නේ නැත. තමන් වටා හදා ගන්නා ලෝකය හැර වෙනත් ලෝකයක් නැත. සියල්ල තමන්ට සාධාණීකරනය කර ගන්නා අතර , අනෙක් සියල්ල අසාධාරණය.

අම්මා සියළු වගකීම් මවෙතම පවරා සියල්ල හොයා බලා ඇයට වාර්තා කරන තොරතුරු පිලිගත්තාය. සොහොයුරු සෙහොයුුරන් නොමැති වීමේ පාාඩුුවද ,ආදරණිය පියානන් මේ අවධිය වන විට අපෙන් වියෝව සිටීමද මගේ ජීවිතයට බෙහෙවින් බලපෑවාය. මේ සියල්ලේ වාසිය ඔහුු මා මුලාකීරීමට පහසු වටා පිටාවක් සකස් කර තිබුනේය.

දොර ජනේල් වසා නිදා ගන්නට තරම් කුසීතබවක් හිතට නැගුනත් අම්මා දැන් එනු ඇතැයි සිතිවිල්ල නිසා වත්ත පහල ඇවිද යාමට සිතිවිය.

ඊයෙත් වැටුන පොල් අහුලා නොගත් බැවින් , පොල් අහුලා ගොඩට දමන අරමුණකින් ඇවිද යන මට එක පොල් ගෙඩියක් වත් හමුවුුනේ නැත. අම්මාටත් අද ඊයේ ඒ සදහා විවේකයක් තිබුනේ නැත.

වත්තට පැමිණියේ පොටිච්ච වැල්“  සොයා ආ ගැමියා පමනය.

ඔහුු මගෙන් අවසර ගෙනම ඔහුගේ කාර්ය  ඉටුකරගෙන තිබුුනේය. මම මෝඩ ගැමියෙකුගේ උගුලකට අසුවන්න තරම් ලද බොලද  වීම ගැන මා කෙරෙහිම කෝපයක් ඇතිවිය.

 තවත් කොටකින් හෙටත් හමුවෙමු - මීදුුම


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon