ඉස්සර පිපුණු එරබඳු මල් දැන් ගමේ කොතනකවත් දකින්න නැත. ඉස්සර අවුරුදු සමයට අඹ අත්තක , කොස් අත්තක බැඳපු ඔන්චිලා, දැන් දැන් ගෙවතු වල බැඳෙන්නේ නැත. බොහොමයක් වෙලාවට කොවුල් හඬ ඇහෙන්නෙත් රෑපවාහිණිය ඇතුලෙන් පමණි. එදා පැවැති ජන ක්රීඩා දැන් අවුරුදු උළෙලකදිවත් දකින්නේ නැත. ඒවත් දැන් නවීකරණය වෙලා. සමහර වෙලාවට අසභ්ය වෙලා. සංකර වෙලා. සමහරු ඒ අස්සේ වෙන වෙන ඇරියස් කවර් කර ගන්නවා.අද දවස වෙනකොට විශේෂයෙන් ම අවුරුදු කියලා දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ කුඩා දරුවන් නිසාත්. වැඩිහිටියන් අමාරුවෙන් රකින පිළිවෙත්, යුතුකම් ටික නිසාත්. හැර වෙන දෙයකින් නොවේ. නමුත් 2000 අවුරුද්දෙන් පසු ඉපදුණ දරුවන් මේ සම්ප්රදායික හා පාරම්පරික දෙයින් , වේගයෙන් දුරස් වෙමින් ඉන්නවා. එය දරුවන් වෙතම පවරා විවේචනය කල යුත්තක් නොවේ. වැඩිහිටියන්ද බලධරයන්ද එකට එක්ව වගකිව යුතු දෙයකි. මෙය නම් රටේ, ජාතියේ, පරිහානියේ සලකුණකි.අපේ රටේ රූපවාහිණි නාලිකා ටික උත්සහ කරමින් ඉන්නවා රට තොට නොමැති අවුරුදු සිරියක් අයාසයක් ගෙන මවන්න. ඒත් ඒව තුලිනුත් ඒක එහෙමම වෙනවද කියලා, හිතා ගන්න බෑ.. හැබැයි එහෙම දෙයකුත් නොතිබුනානම්, මෙහෙමවත් අවුරුද්දක් දකින්න, අහන්න ලැබෙන එකක් නෑ.අපේ රටේ සමහර රෑපවාහිණි නාලිකා හිතනවා ඔය අලුත් නළු නිළියෝ ටික පාට පාටින් අන්දවලා ගෙනාවම, රටම අසාවෙන් බලා ඉන්නව කියලා. එතකොට රටේම අවුරුදු සිරිය මැවෙනව කියලා. කිරි ඉතිරෙනවා කියලා. ඒක මෝඩ සිතුවිල්ලක්. එතැන ජනප්රිය සංස්කෘතිය හඹා යෑමක් හැර , සමාජ යුතුකමක් , වගකීමක් කියා දෙයක් නැත.ඉස්සර එක ටෙලි නාට්ටියක් විකාශය වුනේ සතියට වතාවයි. තිබුනේ චැනල් දෙකයි තුනයි. ඒ කාලේ නළුවෙක් හෝ නිළියක් දකින එකයි, අද දකින එකයි, එක සමාන නෑ. අනිවාර්යයෙන් දෙකක්. නිතර දකින නිසම සමහර නළු නිළියෝ දැක්කම කිසිම හැගීමක්, ගෞරවයක් දැනෙන්නේ නෑ..එහෙම සතියේ දවස් හතේම, චැනල් අට දහයක දකින නළු නිළියෝ අවුරුද්දටත් වැනල් හය හතක දකින කොට මටනම් අප්පිරියයි. එක චැනල් එකක දේවල් දැකලා ඇති වෙනකොට, අපි අනිකට මාරු කරනවා.ඒකෙත් එයාම දකින කොට කනා ( වාසනා ) මුට්ටියට ගහනවා වගේ, රෑප පෙට්ටියට ගහන්න හිතෙනවා. ඒක කරන්න බැරි නිසා කරන්නේ, රෑපවාහිණිය වහලා දාන එක.මෙහෙම ගියාම බොහෝ මිනිසුන් ( දැනටත් වෙලා වගේ ) රූපවාහිණී බලන එක අත් හරියි. තත්වය තේරුම් අරගෙන එක නළුවෙක් එක නිළියක් , එක චැනල් එකකට විතරක් ගෙන්න ගන්නවනම්, ලොකු දෙයක්. එතකොට මේක තව ටිකක් දුරට අල්ලලා හිටී. ඇත්තටම නළුවෝ නිළියෝ හැර , ගායක ගායිකාවෝ හැර වෙන ගේන්න කෙනෙක් ඇත්තෙම නැද්ද ? අනේ මන්දා. මම දැකලා නෑ ඔය එක රූපවාහිනී අවුරුදු උත්සවයකටවත්, එක සාකච්ඡාවකටවත් කලාකරුවෙක්, කලාවට සම්බන්ධ වෙන කෙනෙක් හැර, වෙන මනුස්සයෙක් ව ගේනව.තම පවුල් සංස්ථාවවත් රැක ගන්න බැරිවුන මිනිස්සු, තාමත් දෙතුන් පාර ජීවිතේ අත්හදා බලන මිනිස්සු, රෑප වාහිණිය ඇතුළට ඇවිත් පවුල ගැන, හැඳියාව ගැන , පත පොත බලලා අහුල ගත්ත කතන්දර කියනකොට ඇත්තටම අප්පිරියයි.
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>